කියන්නට දේවල්
නම් එමට ඇත. නමුත් පැවසිය යුතුයි කියා
සියල්ලම කියන්නට යාමෙන් කියවන්නන්ට ලියා ඇති දේ එපා විය හැක. එහෙත් පසුගිය
සතියේ අදහස් සදහා ඉඩදී මා බලාපොරොත්තු වූ
තරම් යහපතක් නුවූවත් කිහිප දෙනෙකුට යම්
තරමක මතකය අවදි වී තිබිණ. එබැවින් යම් සතුටක් මා එමගින් ලැබූ බව නොකියාම බැරිය.
එහෙත් බයිසිකල් රිම්, ටයර්, පොල්පිති ගොන්නුන් ට වඩා යමක් මා බලාපොරොත්තු වූ බව
නම් නොකියාම බැරිය. එබැවින් එදා ඇතිවූ හිඩැස
මකන්නට ඒ සටහන මදක් දීර්ඝ කිරීමට
සිතුවෙමි.
ඉන් පසුව ඇත්තේ උණ වෙඩිල්ල පදම් කිරීමය. එය බැරෑරුම් කාරියක් නොවේ නමුත් ආරක්ෂිතව සිදු
නොකරන්නේ නම් උණ වෙඩිල්ල පදම් වී ගෙන එන විට ස්වයංක්‍රීයව එය පත්තු වී මූණ වුවද පිළිස්සී යා හැක. පෙරදී සකස් කරගත්
සිදුරෙන් ලාම්පුතෙල් අවශ්‍ය පමණට දමා උණ බම්බුවට
යටින් හුළු අත්තක් අල්ලා එහි ගින්දර උණ
බම්බුවට හොදින් වැදීමට සැලැස්වීමෙන් මෙය සාර්තකව සිදුකරගත හැක. හොදින් පදම් වි ගෙන
එන විට එය ස්වයංක්‍රීයව ම පත්තු වේ. මුලින්ම බොහ්... බොහ්...ගාමින් පදම් වන්නට ගන්නා
උණ වෙඩිල්ල අනතුරුව රතිඤ්ඥා පුපුරන ශබ්දයෙන් පත්තු වෙන්නට පටන් ගනී...එවිට හුළු අත්ත ඉවත දමා කලින් සකස් කගත් පුවක් කූර
යොදාගෙන උණ වෙඩිල්ලට ගිනි තැබීම සිදුකල යුතුය. උණ බටයේ කැකැරෙමින් පවතින
ලාම්පුතෙලේම පොගවා පිටත දල්වාගෙන ඇති කුප්පි ලාම්පුවකින් දල්වා ගන්නා එය ගිනි සිදුරට ලං කල වහාම අති මහත්
හඩක් නංවමින් වෙඩිල්ල පත්තු වේ. වෙඩිල්ල පත්තු කල විට උණ බම්බුව ඇතුලේ ඉතුරු වන
දුම ඉවත් කළ යුත්තේ කටින් පිඹීමෙන් පමණි. එසේ
නොකල හොත් ඇතුලේ ඇති වාතයට ඉන් පිට
වීමට අවස්ථාවක් නොලැබේ. උණ බම්බුව ඇතුලේ දුම හිරවීම නිසා ගිනි සිදුරෙන් වෙඩිල්ල
පිට පැනීම, ඒ හාම ලාම්පුතෙල් විසීවීම, වැනි අතුරු ප්‍රශ්න රැසක් ඇතිවේ.
මෙහිදී කිව යුත්තක් ඇත. වෙඩිල්ලක් පත්තු කර දුම් පිඹිමමට
යාම අනතුරු දායක බව බොහෝ දෙනා කියති. එසේ
අනතුරුදායක වන්නේ වෙඩිල්ල හොදින් පදව් වී නැති විට පමිණි. හොදින් පදම් වූ වෙඩිල්ල
හොදින් රත් විය යුතුය. ඇතුලේ ගිනි දැල් වේ නම් ඊට ප්‍රධානම හේතුව වෙඩිල්ල පදම්
නොවීමය. නැතහොත් උණ බම්බුවේ තෙල් අවසාන වීමට ළං වීමය. එවන් අවස්තාවක දුම් පිමීමට
යාම සැබැවින්ම අනතුරු දායකය. එවිට ස්වයංක්‍රීයව
උණ වෙඩිල්ල පත්තු විය හැකි බැවිනි. එබැවින් අවස්ථාව හදුනාගෙන ඒ සදහා කළ යුතු නිසි
පිළිවෙත අනුගමනය කිරීමෙන් අනතුරු අවම කරගත හැකි බව මගේ අදහසයි.
උණ වෙඩි
සම්බන්ධව මට බොහෝ අත්දැකීම් ඇත. ඒ මා රැකියාවට සම්බන්ධ වීමෙන් පසු නිවෙසට
පැමිණෙන්නට නොහැකි වූ අවස්ථාවන් හි හැර අන් සෑම අවුරුද්දකම උණ වෙඩිල්ල සෑදීම නිසා
වන්නට ඇත. අවසාන වරට උණ වෙඩිල්ලක් පත්තු කලේ පහුගිය අළුත් අවුරුද්දටය. (මං තාම
පැටිය එකා නෙව) මේ අවුරුද්දට නිවසේ රැදෙන්නට නොහැකිවීම නිසා උණ වෙඩිල්ලක් හදන්නට ද නොහැකි විය.
මා පළමුවෙන්
උණ වෙඩිල්ලක් හැදූ අයුරු මට හොදින්ම මතකය. එහෙත් ඒ පළමු එක නිසාදෝ මා මහත් වූ
මෝඩකම් රාශියක් කර තිබිණ. එතරම් හොදින් මේරූ උණ ගසක් තෝරා නොගෙන ලස්සන උණ ගසක්
තෝරා ගැනීම,. එහි නිසි දිග පිළිබද සැළකිළිමත් නොවීම, .එසේම උණ බම්බුව වෙලා
නොතිබීම. මේ ආකාර හේතු නිසා පදම් කර විනාඩි පහක් වත් යන්නට පෙර උණ වෙඩිල්ල පුපුරා
ගියේය. මගේ වාසනාවකට ලාම්පුතෙල් ඇගට නොවැටුණ අතර කිසිවෙකුටත් හානියක් නොවීය. එහෙත්
ඊට මදක් නුදුරින් තිබූ රෙදි වැලේ රෙදි කිහිපයක් ගිණිගත්තා හොදින්ම මතකය. ඒ මගේ
පළමු උණ වෙඩි අත්දැකීමය. එසේම එතරම් බිය නොවූ අවස්තාවක් මගේ මතකයේ ද නැත. වෙන
වෙලාවක නම් මෙවන් හිතුවක්කාර වැඩකට ගුටි ලැබීම නොවැලැක්විය හැකි වුවත් එදා කිසියම්
හෝ හේතුවකට මට ගුටි කන්නට නොවුන බව මතකය.
සමහර විට මා ඕනෑවටත් වඩි බියවී සිටින්නට ඇත. කෙසේ හෝ තාත්තා කිසිත් නොකිව් බව නම්
මතකය. ඒ හේතුව හන්දා හෝ වෙනත් හේතුවක් නිසා බොහෝවිට අපේ මතකය මෙවන් සිදුවීම්
සම්බන්ධව බොහෝ කෙටි එකක් වීම නිසා වියහැක . පසුදින වඩා හොද උණ ගසක් තෝරා මගේ ප්‍රථම
අති සාර්තක උණ වෙඩිල්ල නිර්මාණය කලේය.
එසේම පසුගිය අවුරුද්දේ මා සැදූ උණ වෙඩිල්ලටත් සිදු වූයේ පළමු එකටම සිදුවූ
සන්තෑසියමය. එය හොද තත්වයේ උණ කදක් විය. නමුත් වැඩි වෙලා යන්නට ප්‍රථම එය පුපුරා
ගියේය. එහෙත් හොදින් වෙලා තිබීම නිසා කිසිදු
හානියක් නෙවීය. නමුත් ඒ අවුරුද්දට උණ වෙඩිලි හැදීමක් ආයේ සිදු නොවිණ. එහෙත් අධික ශබ්දයක් තිබූ එය පුපුරා ගියහේතුව අපේ
පියාණෝ දන්නේ නම්....
මෙන්න මට හම්බවුණා කව්රු හරි දාපු වීඩියෝවක්... ඒ තරං දෙයක් නැතත් මේ වෙලාවට මේක හරි වටිනව..
ඔව් එහෙම පුපුරල යන්න පරම පවිත්‍ර
හේතුව තමා පෙට්‍රල්
ප.ලි ----අදින් මේ සටහන අවසන් කරන්නට සිතා සිටියෙමි. එහෙත් ඕනැවට වඩා පල් හෑලි දොඩන්නට යාම නිසා ලිපිය දික් විය. ඒ ගැන සමාවන්න. එහෙත් තවත් කොටසක් ලියන්නට සිදුවේ යැයි සිතෙයි.
උණ බට තුවක්කු නම් හැදුවා මතකයි....
ReplyDeleteඋණ වෙඩිලි නම් කවදාවත් පත්තු කරලා නෑ ...අපේ අයියාවත් කරනවා දැකලා නෑ ...
ලී කොටයකට ඇණයක් ගහලා ගිණිකුරකින් බෙහෙත් ටික අරගෙන දාල සද්දෙට පත්තු කරනවා නම් මතකයි අපේ අයියා .. කොහොම කරාද දන් නෑ ..ගිනිකුරු ඉවර කරහම මාත් නිකං ගුටි කෑවා :D
සුන්දර අතීතෙකට ගියා පෝස්ටුව කියෝලා...
රෙහානිව සාදරයෙන් පිලිගන්නව අවන්හලට...
Deleteස්තූතියි මෙහෙ ආවට...
ඔයා ඔය කියන්නෙ කැප්‍රෝල් තුවක්කුවෙ සිස්ටම් එක...
අපිත් ඕම කලා...මොකද හැමදාම කැප්‍රෝල් තුවක්කු හොයාගන්න නෑනෙ...ගේන ඒව කැඩුනාම කැප්‍රෝල් ඉවර වුණාම ගිණිකූරු තමා පිහිටට එන්නෙ...
ඔය උණ වෙඩිල්ලේ පිටිපස්සේ හිලෙන් පිම්බින්නත් ඕන නේද? ඔය වෙලාවට පිපුරුවනම් එහෙම සුම්මා තමා
ReplyDeleteඔය උණ වෙඩිල්ලේ පිටිපස්සේ හිලෙන් පිම්බින්නත් ඕන නේද? ඔය වෙලාවට පිපුරුවනම් එහෙම සුම්මා තමා
ReplyDeleteඒ වෙලාවට උණ වෙඩිල්ල පත්තු වෙන්නෙ ඇතුලෙ ගින්දර තිබ්බොත් විතරයි...
Deleteඒත් හොදට ඕන කෙනෙක්ට තේරෙනව ඇතුලෙ ගින්දර තියේනං...
එහෙම පිපිරුව නං මූනක් පංචිකාවත්තෙන් තමා හොයන්න වෙන්නෙ
ඉහේ කේස් ගානෙ උණ වෙඩි ගහල ඇති නමුත් කවදාවත් පුපුරලා නැහැ.අපි නං බුමිතෙල් දාලයි පත්තු කලේ මොකද පැට්‍රෝල් බොහොම බයානකයි සහ හොයාගන්නට අමාරු නිසා.ලඟකදී කියන්නෙ අවුරුදු විස්ස විසිපහකට මෙහා උණවෙඩිල්ලක් දැකල නෑ.
ReplyDeleteපෙට්‍රල් දාන්නෙ මූඩියක් දෙකක් විතර... එතකොට කණ පැලෙන්න සද්දයි...
Deleteහිහි...
ඔන්න ඔහොම පුපුරලා යයි කියලා තමයි අම්මලා තාත්තලා ඕකට බය. ඔය වැඩේ කරගෙන තියෙන්නේ.
ReplyDeleteඋඹට මතකද බීරංගේ?
බීරංගයක් දැකල තියේ...
Deleteගහන්න හම්බවෙලා නැ...
අම්මල හැම දේටම බය වෙනව නෙව...
හිහි
මටත් හොඳ මතකයක් තියෙනවා ඔය වෙඩි ගැන. හැලපේ කිව්වා වගේ අපිත් භූමිතෙල් තමයි ගත්තේ. පෙට්‍රල් ගැන කතාවුනේම නැහැ. මොකද මුළු ගමටම තිබුනේ එක කාර් එකයි සීයලාගේ ගමේ. අවුරුදු හතලිහකින් විතර පස්සේ තමයි වීඩියෝ ක්ලිප් එකකින් හරි මෙහෙම දැක්කේ.
ReplyDeleteඅවුරුදු හතලිහකින් විතර කීව...
Deleteහම්බෝ....
මේ මනුස්සය පට්ටනාකියෙක් නෙව
උණ වෙඩිල්ලක් හදලම නෑ බං මාත්.. දැන් ඉතින් ආයේ හදනවත් බොරු තමයි..
ReplyDeleteඇයි අප්ප ලංකාවට ආවාම ට්‍රයි එකක් දෙමුකො
Deleteමාත් හදලා නෑ බං ඕක නම්. :(
ReplyDeleteඅය්යෝ......... :(
Deleteහරිම අගෙයි ලිපිය නම් මහේෂ්........................
ReplyDeleteඋණ වෙඩිල්ල හදලා තියෙනවා. කොයි තරම් ආස ද කියනවානම් ගිය අවුරුද්දෙත් අවුරුදු මාසේ අපි කට්ටිය ම හැදුවා උණ වෙඩිල්ලක්.. අපේ මගපෙන්වන්නා වුණේ කුරුටු ගෑ පවුරේ ම කුරුටු ගාන වීරසිංහයන්. ඉතුරු කුරුටු පවුරේ බහුතරයක් මේකේ සාමාජිකයින් වුණා. අපි දවල් මේක හදන්න පටන්ගත්තාට හදලා ඉවර වෙද්දි රෑ වුණා. ඉතින් භූමි තෙල් දාගෙන එළි වෙනකල් පිඹ පිඹ වෙඩි තියන්න පටන් ගත්තා. රෑ මැද හරිය වෙත්දි අපි හැමෝට ම වගේ කලන්තේ. ඒ තරම් දුම වැදිලා අපිට භූමි තෙල් ශරීරගත වෙලා. ඉතින් බෝතල් තුනක් විතර භූමි තෙල් බීලා ගමට ම ඇහෙන්න වෙඩි තිව්වා. කොයි තරම් මහන්සි වුණත් ඉතින් ඒක කරා කියලා මතක් වෙත්දි ආයෙත් ආයෙත් සතුටක් තමයි දැනෙන්නේ...................
ඒක නං මතක් වෙදිද් සතුටක් තමා...
Deleteඅනික කීප දෙනෙක් එක්ක රෑ දෙගොඩ හරිය වෙනකං ඩෙඩි තියන්න..
හම්මේ
හෙට උදේම අදහසක් දාන්නම් මචෝ..
ReplyDeleteඅනේ මචෝ,කලින් ලිපියෙන් උණ වෙඩි ගැන අහන්නත් හිතිල ආයෙ බෑ හිතුනා. ඒත් උඹ අද ඒ ගැනම දාපු එකනම් නියමයි. මං කවදාවත් මේ වැඩේ කරලනම් නෑ. ඒත් පුදුම ආසයි. එන අවුරුද්දෙ ට්‍රයි කලානම් හොඳයි. මං හිතුවෙ උණ වෙඩි දානකොටත් බටේ ඇතුලට බූමිතෙල් පොඟවපු රෙදි පාන්කඩ හිරකරනවා කියලයි. ඒ කියන්නෙ උණ වෙඩිල්ලෙ කටින් උණ්ඩයක් වගේ මොකුත් පිටවෙන්නෙ නැත්ද?
Deleteස්මරණ නවත්වන්න, ලියල ඉවරකරන්න ඉක්මන් වැඩියි දැන්ම. මේක මෙන්න මේ කොටස් ගානෙන් ඉවරකරනවා කියල හිතන්නෙ නැතිව මේ "ස්මරණ දිගටම ලියාගෙන යන්න අතරින් පතර අනිත් පෝස්ට් එක්කම මේක ලියාගෙන යන්න කියන එකයි මගේ නම් යෝජනාව.
උණ්ඩයක් නං තිබ්බැකි...
Deleteපොල්කට්ටක්... සැමන් ටින්එකක් ඉස්සරහට තිබ්බම වෙඩිල්ල පුපුරනකොට බඹ දෙකක් විතර ඉස්සරහට විසිවෙනව...
හිහි
මමත් හදලා නම් නෑ . ඒත් පත්තු කරලා තියෙනවා .
ReplyDeleteහදන්න ඕන එකක් :) :) :)
ඊළග අවුරුද්දට වත් හදමු එහෙනං
Deleteහිහි
:) :) :)
ආස හිතෙනවා... මේ වගේ අද්දැකීම් අපට නෑ නේ....
ReplyDeleteඇයි අනේඒ...
Deleteඑහෙම කියන්න එපා..
දහසක චෑන්ස් එකක් එයි... :)
සැහ්..උණ වෙඩිලි පත්තු කරල නෑ බං.. වීඩීයො එක බලද්දි නං නිකං කිචි කිචි වගේ..හදන්නමයි හිත..
ReplyDeleteහද හද එකක් කම්මැලි නැතිව
Deleteඋන වෙඩි නම් හදලම නැහැ
ReplyDeleteහය්යෝ...
Deletemamanam paththu karala naha una wedi. ammala thaththalawath okanam promote karanne naha bayanaka nisa wenna athi...
ReplyDeleteඒ තරං භයානක නෑ සයුරි අක්කෙ... ඒත් හුගක් අම්මල නං බයයි තමා...
Deleteමම නම් ඔය උනවෙඩි කෙස් එක කරල නැ.එත් සින්හල අවුරුද්දට පෙන්නප්ටෙලියක් බැලුව මතකයි ඔය උනවෙඩි පුපුරල ලමයෙක් තුවාල වෙන සීන් එකක්.ඇත්තටම එකෙන් තමයි උනවෙඩි දැක්කෙ.
ReplyDeleteඒ වගේ ඒව පෙන්නන්න හොද නැ..
Deleteමොකද එතකොට කට්ටිය බොරුවට බයවෙනව..
උණ වෙඩි දැකල තිබුනෙ ටීවි එකෙන් විතරයි.මේක කියෙවුවහම ඇත්තටම ඒ අත්දැකීම ලබන්න හිතෙනව. මහේෂ්ගෙ ලිපි වලින් මතකයන් අලුත් වෙනව නොදන්න ගොඩක් දේවල් ගැන ඉගෙන ගන්නව දැනගන්නව.
ReplyDeleteයමක් දැන ඉගෙන ගන්න ලැබේ නම් සතුටක්
Deleteඅපි නම් උන බම්බුව තැනින් තැන වෙලනවා පුපුරා යෑම වලක්වන්න
ReplyDeleteඔව් ඒකතමාආරක්ෂාවට ගන්න තියෙන හොදම ක්‍රියාමාර්ගය
Deleteමම නම් උණ් වෙඩිලි පත්තු කලා.. ආයෙම දවසක පත්තු කරන්නත් ආසයි..
ReplyDeleteඊළග අවුරුද්දෙ පත්තු කරමු
Deleteඔන්න තවත් නියම වැඩක්!
ReplyDeleteඅම්මේ ඔය උණ වෙඩිලි අපේ අය්යත් හැදුව.... ඌ කොහොමත් ඔව්ව කරන්නේ හරිම සීරුවට, මාරුවට.. සටනට සැරසෙන ගරිල්ලා පොරක් වගේ. අනේ ඉතින් ඔය ගරිල්ලා කාරයට පන්දම් අල්ලන්න තමයි මටයි අක්කටයි වෙන්නේ. අපේ ලඳ බොළඳ අක්ක පොඩ්ඩ ඇත්තම් ඌය්ය කරගන්න හින්ද බර වැඩ කරන්න වෙන්නේ මට!
'අරක ගෙනවකෝ....'
'මේක අල්ලගන්නවකෝ...'
'මොකද ඕයි කැදයෙක් වගේ.... හය්යෙන් අල්ලගන්නවකෝ.... '
'තව උස්සනවා හලෝ.... කොහෙද දොඩම් ගෙඩි දෙකක්වත් නැතිකොට... ඇඟිලි දෙකෙන් ඉස්සිලා හලෝ...'
ඔන්න ඔය වගේ හිත උනන්දුවෙන් කුල්මත් කරවන දේවල් අහගෙන තමයි මම ඕවට පන්දම් ඇල්ලුවේ. ඒ මොකවත් හින්ද නෙවෙයි, ඔය වැඩේ ජොලිය හින්දම මිසක්... මෙලෝ යකෙක් ඉවසනවද මේ සොඳුරු තෙපුල්?
මමත් භූමිතෙල් ගඳ ගගහ, මිනිහ උණ වෙඩිල්ල පත්තු කරනකොට භූමිතෙල් බෝතලේ අල්ලාගෙන ඉඳල තියෙනවා... හැබැයි ඉතින් ඕක පත්තු වෙනකල් බඩ දනවා... පුපුරයි කියල බයේ අය්යාගේ කලිසමේ පිටිපස්සේ සාක්කුවේ අගින් අල්ලාගෙන ඉන්නේ.. මට මතකයි ඩ්‍රාමා එකක් ගියා ඔහොම උන වෙඩිල්ලක් පත්තු කරන්න ගිහින් දරුණුවට තුවාලවෙන කොල්ලෙක් ගැන.... හි.. හි...
හිහි...
Deleteඅපේ නංගිත් ඕ වගේ කට්ටක් තමා කෑවෙ... හම්මේ එයාට එකක් පත්තු කරන්න තිබ් ආසාවටම කිසිම කංකෙදිරියක් නැතිව කියන ඔක්කම කරනව නෙව.. ඒ දවස් ටිකට මං තරං ලොක්කෙක් නෑ..
හෙක් හෙක්
සේමප්‍රතිශ්‍යාව නිසා කල්මර මර ඉදලා අවන්හලට ගොඩ උනේ දැන්. හැට පැන්නත් මාත් අතීතයට ගෙයාමට අවහන්හල සමත්වෙලා. උණ වෙඩිපත්තු කරන එක ඒ කාලෙ නවත්තන්නෙ අවුරුදු පහුවෙලා වැඩිහිටියන් ගෙන් ගුටිත් කාලයි. අපට ඒ කලේ රතිඤ්ඤ වලටත් වඩා උණ වෙඩි වැදගත් උනාද මන්ද භූමිතෙල් ඉවර වෙච්ච දවසක නව නිපැයුමක් කරන්න ගිහින් කරපු පණ්ඩිත කමකින් මට්ටටු උනාට පස්සෙ උණ වෙඩි හදන එක පවා කාලෙකට නවතන්න උන හටි දැනුත් කල්පනාවට එන මිහිරි මතකයක්. තව කවුරුවත් අත්හදා බලයිද හිතෙන නිසා වැඩේ කියන්න බයයි.! වයසක මාවත් ආයෙත් කොලුගැටයෙක් කරන්න අවන්හල සමත්වුන එක ගැන මටත් හිරම සතුටුයි
ReplyDeleteගුණසිංහ මහත්මයා මෙයින් සතුටක් වින්ද කියල හිතෙද්දිත් මට හරිම සතුටුයි...
Deleteණ වෙඩිපත්තු කරන එක ඒ කාලෙ නවත්තන්නෙ අවුරුදු පහුවෙලා වැඩිහිටියන් ගෙන් ගුටිත් කාලයි///
මං හිතන්නෙ ම්ක අපි වගේ ඔක්කටම පොදු වුණ දෙයක්..
හිහි...
ස්තූතියි මේ අහ ගොඩ වෙනවට...
ජයවේවා