බැලුවා පත්තරේ අම්මා තාත්තා
තෝරා බැලුවේ නම් ලොකු තාත්තා
කරකාරයට මා සරණට දෙන්න සිතා
ජයට මගුල් මම හිටියේ නොකර කතා ..
පෝරුවේ නගින්නට මගේ හිත බය වුවා
අෂ්ඨක වලට සිහිසුන් නොවියන් පැතුවා
නටපු නාඩගම් දන්නේ නැහැ කපුවා
මනමාලයා නම් සන්තෝසෙන් නැටුවා ..
දිනය අහවරේ රථයට ගොඩ වූවා
පැයකින් දෙකින් අපි හෝටලයට ආවා
මටනම් හුරුයි මේ පඩිපෙළ ගාවා
මනමාලයා ළග විලියෙන් බර වූවා ..
රති රග කෙලිය මට හොදටම මහන්සිය
වෙරිමත නිසා ඔහු තරමක් බිහිසුණුය
පතිවත බලා සතුටින් හිනැහුනෙ ඔහුය
මටනම් හිනා මේ මගේ තුන්වෙනි වරය ..
දිනයක එකල මගෙ හිරිමල් වයස නිසා
පෙම්බස් වලට තැන දුන්නේ නොකර මුසා
කරකාරයට මා ගෙනයමි කියනු අසා
පතිවත පුදා රැකගත්තේ සෙනෙහෙ නිසා ..
ඔහු රට ගියාමයි ආවේ නැහැ මේ පැත්තේ
වසරක් ගත උනත් නැහැ දුරකතනෙට ගත්තේ
අම්මල හොයපු මනමාලයා ගල්මත්තේ
මටනම් දුකයි පොර නැහැ සිද්දිය දත්තේ ..
සිටියේ දින දෙකයි රෝහලේ නේවාසිකව
දසදහසයි ගියේ දොස්තර ගාස්තුව
කන්‍යාපටලේ හැදුවේ පෙර තිබු ලෙසව
කන්‍යාවිය මමයි පතිවත අද පිදුව ..
පද ගැලපුම -අමිල අධිකාරම්
පසුගිය දිනෙක මා කියවූ අපූරු කවියක් මෙලෙස ඔබ හා බෙදාහදා ගන්නට සිතුණි. මෙය වර්තමානයේ සිදුවන සත්‍ය සිදුවීමක් පිළිබදව කවියා දුටු ආකාරය හොදින් නිරූපණය වන්නක් යැයි මට සිතේ.
එසේම මෙය කිසිවෙකුටත් සිදුකළ පුද්ගල අපහාසයක් නොවන බැව් කාරුණිකව සලකන්න.
මෙක බුකියේ දි කියෙව්වා වගේ මතකයි ,අපුරු පැදි ටිකක්
ReplyDeleteඔව් ඔව් අමිල අදිකාරම් කියන නම ලිංක් කරල තියෙන්නෙ කැමති කෙනෙක්ට එයාගෙ ප්‍රොෆයිල් එකට ඇඩ් වෙන්න...
Deleteඅපූරුයි කියන්නෙ පට්ට
මේ කවිය අපිට අරං ආවට උඹට ස්තූතියි මචං. ඇත්තෙන්ම විශිෂ්ඨයි. සැත්කමකින් මෙය නැවත සැකසිය හැකිබව මෑතකදි මාත් කියෙව්වා. ඒ පුවත නිමිත්තෙන් වගෙයි මේ නිර්මාණය හැදිල තියෙන්නෙ.
ReplyDelete\\පැයකින් දෙකින් අපි හෝටලයට ආවාමටනම් හුරුයි මේ පඩිපෙළ ගාවා මනමාලයා ළග විලියෙන් බර වූවා ..//
සුපර්බ්!!
මේ දවස් වල මොනවද බං කරන්න බැරි නේහ්...
Deleteහිකිස්...
මටත් මේක දැක්ක ගමන්ම හිතුනෙ සුපර්බ් කියලතමයි මනෝ..
හුඟක් රටවල කන්‍යාවියක් වීම නොසුදුසුකමක් කියලයි සැලෙකෙන්නේ. එතකොට ඔය සර්ජරි එකට ඉල්ලුමක් තියෙන්නේ අපේ වගේ රටවල විතරක් වෙන්නැති.
ReplyDeleteඇයි ඉන්දියාව වගේ රටවල්...
Deleteඅරාබිකරය ගැන නං දන්නෙ නෑ...
ඊයේ පෙරේදා මෙහේ ටීවී ප්‍රෝග්‍රැම් එකක් ගියා වර්ජින් කෙනෙක් ලෙස විවාහය වන තෙක් ඉන්න එක ගැන. ගෑණු තමයි සහභාගිවුනේ. බඳින දවස වෙනකම් එහෙම ඉන්නවා කියන එක ලැජ්ජාවක් සහ අඩු සුදුසුකමක් හැටියට තමයි ඒ ඔක්කොම කියන්නේ. ඒ එක්කම කියනවා කන්‍යාභාවයෙන් මිදෙන දවස සොඳුරු දවසක් ලෙස මතකයිලු. අළුත් පරම්පරාවට කියනවා...ඒ දවස බීමතින් විනාශ කරගන්න දවසක් නොකර ..උපරිම සුවය සහ රසාස්වාදය විඳින්න කියලා. මේ සාකච්ඡාවට ආවේ දැණ උගත් අය මෙන්ම එක් එක් ස්ථරවල අය. මම පෞද්ගලිකව කන්‍යාභාවය ගැන හිතන්නේ විහිළුවක් හැටියට.
Deleteමටත් වෙලාවකට හිතෙනව ඔය විදියට..
Deleteහැම වෙලාවෙම හිතෙනව කියල ඇයි කෙප්ප කියන්න ඕන...
ඒත් සමහර කෙල්ලො දකිනකොට හිතෙනව එහෙම ඉන්නෙක අවුල කියලඅනේ මංද
මං ඇතුලෙත් ඉන්නව ගෝත්‍රික යෙක්
හපොයි දැන් එහෙමත් කොරනවද ? තාක්ශනේ දියුණුව .පට්ට පට පට .
ReplyDeleteතාක්ෂණය සෑහෙන්න දියුණුයි නෙව...
Deleteදැං කෙල්ලන්ට ඉස්සර වගේ බයිසිකල් පැද්දා ඩාන්සිං කරා කිය කිය ඉන්න ඕන නෑ නෙව... හිහි
මොන අපහාසයක්ද බං.?? නියමයි.
ReplyDeleteතමන් කසාඳ බැදලා මුලු ජීවිත කාලෙම එකට ජීවිතේ ගෙවන්න හදන ගෑණි ගැන මුළු විස්වාසෙම ලේ බිංදු කිහිපයක් මත තියන අපේ රටේ මේවා නොවෙනවා නම් තමා පුදුමෙ.!!
ඒත් තාම ඒ වගේ ගෝත්‍රික මතවාද තියෙන අය සහ එයිට වඩා අම්බාලෙට ආතල් ගත්ත ඒත් තමන් බදින එකීගෙ කන්‍යයභාවය බලාපොරොත්තු වෙන උං ඉන්නවනෙ
Deleteඔය ඇම්ම ඔක්කොටම වඩා තියෙන්නෙ නැන්දම්මටනෙ බං. තම්න්ගෙ කොල්ලයි බැන්ද ලේලියි එකට නිදාගත්ත සුදු රෙද්ද ආයෙ බලන්න ඉල්ලන්න එක මොන විලිලැජ්ජ නැති වැඩක්ද බං. චැහ්! ඔන්න අපේ උතුම සභ්‍යත්වය, මහ ලොකු සංස්කෘතිය. මේව තමයි නියම ගෝත්‍රික සිරිත් විරිත්.
Deleteමෙහෙ නං දැං ඕක නැති වේගන යන දෙයක්.. කෝමත් සුදු රෙද්ද බලන්නෙම නෑ...
Deleteඒත් සමහර පැති වල නං ඔය චාරිත්තර වාරිත්තර ගැන ලොකුවටම හිතනව කියල මං අහල තියේ
පිරිමි රටේ තියෙන ලර්නර්ස් වලින් පුරුදුවෙලා පුරුදුවෙලා ගෑණු ගන්නකොට ගෑනියක් එහෙම කරන එකේ ඇති වැරැද්ද මොකද්ද.මම නං කැමතියි අපි සාධාරණව හිතන්න එපැයි.අපි කරනකොට හොඳ නං උන් කරන එකේ ඇති වැරැද්ද මොකද්ද මං අහන්නෙ.
ReplyDeleteඒත් හැලපෙ සමහර ඈයන්ට ඕක දිරවන්නෙ නෑ නෙව..
Deleteඑයාලට ඕනෙම මලෙන් උපන් මල් පත්තිනි දේවියක්
හයිමෙනොප්ලාස්ටි සැත්කම:
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Hymenorrhaphy
හිහික්...
Deleteඔය තියෙන්නෙ විකිපීඩියා පේජ් එකම...
හැක්
අමුතුම තාලයේ කවියක් !!!
ReplyDeleteඅමුතු කවියද නැත්තං සිදුවීමද
Deleteකව්රු ලීවත් ඇත්ත තත්වයක් මහේෂ්.........
ReplyDeleteඒකනෙ කුරුටු.
Deleteඅපේ සමහරක් ගෙ ගෝත්‍රික මානසිකත්වය තමා ඉතිං
ස්තූතියි උඹට මේක අපි එක්ක බෙදාගත්තට..
ReplyDeleteහොද දෙයක් හමුබුණාම අනිත් අයත් එක්ක බෙදාගන්නෙක හොද පුරුද්දක් නෙව...
Deleteවෙල්කම් සනා
දැන් එහෙනම් ගන්න කලින් අහන්න වෙනවා පතිවත බරෑන්ඩ් නිව්ද , රිකන්ඩිෂන්ද කියලා
ReplyDeleteහිහි...
Deleteඔව් ඔව්...
නැතිව නං කරන්න අමාරු වෙයි...
හැක් හැක්
හොදයිනේ.. මොනව උනත් ලේ බිංදුවක් වැටුන් නෑ කියල ඉදිරි ජීවිතේ අවුල් කරගන්නවට වැඩිය.. කොච්චර හොදද.
ReplyDeleteජ ය වේ වා!!!
ඒකත් ඇත්ත මොකද හණමිටි කරේ ගහන් ඉන්න නැන්දම්මල එක්ක කෙළගෙන ජීවත් වෙනවට වඩා ඒක හොදයි තමා...
Deleteහැක් හැක්
සහතික ඇත්ත මචෝ...
ReplyDeleteඅද කලේ ගොඩක් කෙල්ලන්ට ඔක තමා වෙන්නේ.
සමහරවිට කැමැත්තෙන් නැත්තන් අකමැත්තෙන්......
උඹ හරි මචෝ සමහරුත් එක්ක දීග යද්දි එහෙම නොවුනොත් අවුල් යනවනෙව
Deleteකිසිම අපහසයක් නෑ උපහාසය නියෙමට අකුරැ කර ඇත
ReplyDeleteඑල ද බ්‍රා
ස්තූතියි මෙන්ඩො...
Deleteඅමිලය කියන්නෙ පට්ට පොරක්
මාත් දැක්ක ලඟදි ඔය සීන් එක පත්තරේක..දැන් එහෙමත් පුළුවන් ලු නේ බන්..ඒකත් ඉතින් ඉල්ලුමේ හැටියට සැපයුම සිස්ටම් එකට හැදිච්ච බිස්නස් එකක් තමයි මං හිතන්නේ..:D
ReplyDeleteහිහික්..
Deleteඔව් ඔව්.. එහෙම වෙන්නත් පුළුවං...
හැක්
අපූරුයි.............මේක අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි අයියා...................
ReplyDeleteහොද දෙයක් අනික් අයත් එක්ක බෙදාගත්තම සතුටක් දැනෙනව නෙව...
Deleteවෙල්කම් මලේ
මතකද පොඩි මෑන්ගෙ සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවි ?
ReplyDeleteහුටා... ඒක අහල නෑනෙ ශෂි... කියන්නකො අපිටත් දැනගන්න
Deleteපඳුරු තලා රිසිසේ
ReplyDeleteකන්‍යාවියක් පතුවාද මෝඩයා
පදුරු තලා රිසිසේ
Deleteපැතුවේ තවත් එවැනිම
පදුරු තැලූ එකියකි
හැක් හැක්
ඕවා ඉතින් එක එක්කෙනාගේ මතයන් අනුව තමයි..
ReplyDeleteහ්ම්...
Deleteඒත් සමහරුත් එක්ක බෑ නෙව
කවිය සමාජකලිනයි ......වරදක් නැ.... ඇත්ත වෙන්න ඇති...
ReplyDeleteකන්‍යා භාවය හදන එක ඇත්ත සමහර විට මේම සිද්ධියකුත් වෙලා ඇති
Deleteහිහි
චූ එකරෙ....පෙයාර් කරේ.....
ReplyDeleteහෙක් හෙක්...
Deleteපට්ට ඈ
සමාජය එන්න එන්න පරිහානියට යනවද මන්දා... උපහාසය නම් රස කරල ලියල මල්ලි... :-)
ReplyDeleteඅමිලයට තමා ගෞරව නම්බු නාම යන්න ඕන
Deleteමෙ ටොපික් එකෙ කතාවක් හරි වෙන මොකක් හරි කියෙවුව මතකයක් තියෙනව.කොහොම වුනත් නියමයි.ඔයගැන ගොඩක් කතා වුනෙ තන්ගල්ලෙ සිද්ධියෙදි සුද්දිට ඔය සර්ජරි එක කරල එකි වර්ගින් කියල සභාපතියව බෙරගන්න හදනව කියල කතාවක්ගිය නිසා.
ReplyDeleteඅනේ මංද..සුද්දියෙක්ට ඒ වගේ දෙයක් කරන්න හිතන එක ගොං කමක් මොකද උංගෙ බොක්ස් බ්ලාස්ට් වෙන්නෙ අපේ උං හීනෙං චූ කරනකොට නෙව
Deleteපිරිමින්ගේත් ඔහොම එකක් බලන්න තිබ්බනම් තමයි වැඩේ වෙන්නේ
ReplyDeleteතියේ තියේ ඒත් හුගක් අය දන්නෙ නෑ
Deleteමරු කවිය...
ReplyDeleteහෙක් හෙක්
Deleteඒකනෙ
කවිය නං ඇත්තට ම වෙන සීන් එකක් තම යි.. පුද්ගලික ව මම නම් කන්‍යාභාවය කියන එක සලකන්නෙ නැහැ, මොක ද එක ම එක මොහොතක වැරැද්දක් නිසා ඒක නැති වෙන්නට ඉඩ තියෙන නිසා. ඒ වැරැද්ද නැවැත නැවැත සිදු වන්නෙ නැත් නම් තවත් ඒ ගැන කතා කරන එක අවහ්‍ය නෑ මම හිතන්නෙ...
ReplyDeleteපට්ට කවිය...
ලැම්බ ව සාදරයෙන් පිළිගන්නව අවන්හලට...
Deleteලැම්බ හරි ලැම්බො එක මොහොතක් හන්ද ජීවිතයක්ම නැති නාස්ති වෙනව කියන්නෙ හරි අපරාදයක්...
ස්තූතියි අගය කිරීමට...
ආයෙත් මෙහෙ එන්න
ඔය කතාව මාත් අහලා තියනවා. එක අතකට වරද්දකුත් නෑ කියලා හිතෙනවා.
ReplyDeleteඔව් අපේ සම හරක් හන්ද ජීවිතයක් විනාස වෙනවට වඩා හොදයි නෙව
Deleteපට්ට කවිය.. ඇත්ත කතාව
ReplyDeleteහිහි ඔව් නෙ..
Deleteස්තූතියි මචො