රඹෑව..
ගෝනගම්පිටිය... මගුලයි... වේ බිල ඒ රෙද්ද හදන්නත් එපැයි... මොකාද දන්නෑ කොන්දොස්තර
කම ලේසී කියපු පෙරේතය..
හය.. විස්ස..
කීයද විසි හයයි... හතලිස් පහයි.......................................එකසිය අසූ
අටයි .......................................... හයසිය පනහයි.... මේ කීයද....
පනස් හතද.. තිස්හතද... මොන මගුලක් ලියලද මංද... ඉදකිං ඒක හරියට ලියාගන්න බෑනෙ...
තිස්සත වෙන්නැ....
******************
මල්ලි....
චන්දරේ
අය්ය....
චෙකර්ල ඉන්නව
.... උඹ වේ බිල හැදුවනේද...
ඔව්...
එහෙනං හරි...
බසය නවතනවාත්
සමගම වේගයෙන් පඩි නැග ආ එකෙක් ඔහු අතේ වූ ටිකට් පොත උදුරාගත්තේය.
කට්ටියම
ටිකට්, සීසන් ටිකට් අතට ගන්න...
කෝ ඔය
මහත්තය...
ආ..ම්ම්...
ආ මෙන්න
ගන්න...
කෝ....
ම්ම්........
අය්සෙ
කන්ඩක්ටර්.... මෙහෙ එනව.....
මහත්තය...
පරීක්ෂක
තැන මුහුණට නගාගත් මරුමුස් බැල්මෙන්
යුතුවම කොන්දොස්තර තැනගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා බැල්මක් හෙළුවේය.
තමුසෙ අළුත් එකෙක් නේද..??
ඔව් මහත්තය...
ආපු ගමන්ම හොරකං
කරන්නයි වංචා කරන්නයි පටං ගත්තද...
ඇ...ඇ..ඇ..යි
මහත්තය.. මං..මං එහෙම මොනවත් කරේ නෑ..
නෑ කියන්නෙ
කොහොමද ඕයි....
මේ බලනව...
තමුසෙ මේ ටිකට් එක කඩල තියෙන්නෙ පනස් හතට ඒත් පොතේ තියෙන්නෙ තිස් හත...
පස්සෙ
වෙනස් කරල...
ස..ස.ර් ඒක
පැහැදිලි නැති හන්ද මම හිතුව ඒක තිස් එහත වෙන්න ඇති කියල... ඒකයි ඒක තිස්හත කලේ...
තමුසෙ හිතුව..
හිතුව නං ඇති... හිතුව.. හිතුවලු.. හුහ්.. දැං මෙහෙම වංචා කරනව නං පස්සට කොහොම
කරයිද...
සිල්ව
මහත්තය.....
ඇයි
නිහාල්....
මේ බලන්නකො...
මේ ගඳයගෙ කතාව
විතරක්... වංචා කරල තව සුදන වෙන්නත් හදනව...
කෝ...ම්ම්...
තමුසෙ අළුතෙන්
නේද ආවෙ...
ඔව් මහත්තය...
මොකද මූ කරල
තියෙන්නෙ...
මේහ්...
ආ....... තොපි
තොපි තමා පස්සට ගඩ්ඩො වෙන්නෙ.. දැංමම මේහෙම නං පස්සට කොහොමද...
නිහාල්...
මහත්තය...
මූ ගැන රිපෝට්
කරනව...
අනේ අනේ...
අනේ... සර් ඒක වැරදීමක්... මං තාම අළුත් සර් අනේ... මොකවත් කරන්න එපා... මීට පස්සෙ
මං හරියට ගාණ ලියන්නං... අනේ අනේ එපා සර්...
ඔහුට හැඩෙන්නට
ආසන්නය. ඒ මදිවාට කට කොණකින් ඔහු දෙස
සමච්චලයට මගීන්ය. සමහරෙක් අනුකම්පා සහගතව ඔහු දෙස බලති. ඇතමෙක් හොද වැඩේ ඕකට
කියන්නාක් මෙන්ය... චන්දරේ අය්යා කීවා හරිය. මුංට අහුවෙන එකෙක්වත් බේරෙන්නේ නැත.
හුහ්....
එපා.. එපා නෙමෙයි.. මුං පාඩමක් ඉගෙන ගන්නෙ නෑ නැත්තං... අනික් උං වත් මූට වෙන දේ
බලල හැදෙන්නෙ නැතෑ...
රකුස් වෙස්
ගත් පරික්ෂක තැන ඔහුට අනුකම්පාවක් දක්වන්නට අකමැතිවා සේය. ඔහුට දැං ඇසෙන්නේ
ගොරබිරම් රකුස් හඩකි. පෙනෙන්නේ තමන්ව ගිල ගන්නට බලා සිටිනා යක්ෂයන් දෙදෙනෙකි. උංගේ
මුහුණු විරූපිය. බිහිසුණුය. යමපල්ලන් දෙදෙනෙකු මෙනි. ගොදුරක් ඩැහැගන්නට ලොබින්
ඉන්නා අමනුස්සයන් රැළක් තමන් වට කොට ගෙනය. උන්ගේ එකම ආසාව තමන්ගේ අසරණකමය. එය අහර
කොටගන්නට, ඉන් සිය අමනුස්ස මනස් කුස් පුරවාගන්නට උං බලා හිදිති.
හ්ම්... හරි
තමුසෙ හවස මාව
හම්බවෙනව... ස්ටෑන්ඩ් එකේ සීසන් කවුන්ටරේ ළගදි. හැබැයි තමුසෙ පොල්ලක් තියල මාරු
වුණොත් තමුසෙට වැඩ වරදි කියල මතක තියාගන්නව...
ඔහුට ළංවී
පහත් හඩින් කොදුරා..
තමුසෙට
තේරුණානෙ......
නිහාල්...
මේකව මතක තියාගන්නව... වංගු දාන්න හැදුවොත් ... තේරුණානෙ... කරන්න ඕන දේ...
චන්දරේ...........
ඉස්සරහින් අපිව දාන්න...
**************
මේසය මත තබා
තිබුණ කහට පුරවා තිබූ වීදුරු බදුන ඔහු අතින් කරකවමින් සිටියේය. එය අනිච්චානුගතවම
සිදුවන ක්‍රියාවක් විනා සිතා මතා සිදු නොකරන්නක් බව චන්දරේ සිය පළපුරුද්දෙන් දැන සිටියේය. පුටුවේ ඇන්දට
බරදී සිටි ඔහුගේ වමත පුටුවන් පහතට වැටෙන සේ එල්ලී තිබින. තේ කෝප්පය දෙස බලා සිටියද
හිත ඇත්තේ වෙනතක බව ඔහුගේ දෑස සාක්ෂි දුනි.
මං හොරකං
කරන්න හිතුවෙ නෑ චන්දරේ අය්ය...
හදිසියේම ඔහු
විසින් නිහැඩියාව බින්දේ ය. හිත අතගා සැනසිය යුතු අවස්තාවක් වුවද පළපුරුද්ද අනුව එය මෙහිදී යෝග්‍ය නොවන බව
චන්දරේ දැන සිටියේය. තමන් හිසට තම අතමය සෙවණැල්ල යන පිරුළ චන්දරේ ප්‍රායෝගිකවම අත්
විදි පුද්ගලයෙකි. ඔහු ඔහුටම උදව් කර ගතයුතුය යන මතයේ චන්දරේ එල්බ සිටියේය. ඔහු අවස්ථාවන් ඉගෙන ගනිමින් සිටියේය. නැතහොත්
ඊට අත්පොත් තබා තිබිණ. එබැවින් පසෙකට වී
වන්නක් බලා සිටීම යෝග්‍ය යැයි චන්දරේ ට සිතුණි..
හැම මනුස්සයටම
අත්දැකීම් තියෙන්න ඕන මලේ... නැත්තං ඒකෙ රහ අපි දැන ගන්නෙ නෑ.. රහක් දන්නෙ නැති
මනුස්සයට ජීවිතේ බේරුම් කරගන්න බැරි වෙනව.. දැං කල්පනා කරනෙක නවත්තපං... හවසට උංව
හම්බවෙලා බලපං.. කීයක් හරි වැඩි පුර සාක්කුවෙ දාං පලයං...
උඹ ළග සල්ලි
තියේද....
ඔහු හිස
වැනුවේය.
මං
සෙනරත්තයියගෙන් තුන්දාහක් ඉල්ල ගත්ත පඩිය හම්බුණ දවසක දෙන්නං කියල.
හ්ම්... උඹ
ගාව කීයක් තියේද ඇහුවොත් අඩුවෙන් කියපං.. නැත්තං උඹට ගෙදර යන්න වෙන්නෙ නෑ..
හ්ම්...
චන්දරේ අය්ය යන්නද...
ඔව්.... තව පෑ
බාගෙකින් ටර්න් එක... අනුරය ඇවිල්ලත් ඇති..
*********************
ආ...හ්... උඹ
මේ කොහෙ යන්නද... බෑග් එක්කුත් එල්ලන්...
ගෙදර යන්න
මහත්තය.. වැඩටඇවිල්ලත් මාස එකාමාරකට වැඩියි නෙ...
හහ්... එහෙනං
සල්ලිත් හොදට ඇති...
අනේ නෑ මහත්තය
අපිට තාම පඩි නෑ... සමාර විට ලබන සතියෙ දෙයි කියල විශාක නෝන කීව...
හ්ම්... කොහෙද
ගෙවල්...
හිඟුරක්ගොඩ...
කව්ද පවුලෙ
ඉන්නෙ...
අම්මයි
තාත්තයි නංගිලයි...
හ්ම්.. තාත්ත
රස්සාවක් කරනවද...
ඔව්
වඩුවැඩ....
තමුසෙට
බැයිද...
පුළුවං සර්...
ඒත් හැමදාම වැඩ නෑනෙ... නැත්තං කොළඹ යන්න ඕන...
තමුසෙලට තමා
කාලකණ්නි කියන්නෙ ඕයි... අච්චර හොද කරුමාන්තයක් දාල එක එකා ළග පච වෙන්න ආව... අනික
ඇවිත් මාස දෙකක් වත් ගියාද බලනව දාගත්ත ලෙඩේ... වෙන එකෙට්ට එහෙම අහුවුණා නං තමුසෙව
රිපොට් කරල රස්සාවටත් කෙළවල... ඈ....
ඔහු නිහඬවම අසා
සිටියේය. කියන්නට දහසක් දේ හිතේ තෙරපුණත් කට වසා සිටීම යෝග්‍ය යැයි ඔහුට සිතුණි.
හ්ම් හ්ම්...
තමුසෙට යන්නත් පරක්කු වෙනවනෙ... අපි හය දෙනෙක් ඉන්නව... හ්ම්හ්... තමුසෙ ගාව කීයක්
තියෙනවද...
තුන්දා...
වචනය මගදීම
ගිලගත්තත් පමා වැඩි බව ඔහුට තේරුණි...
--ෂික් විතරක්
මං වගේ එකෙක්... චන්දරේ අය්ය අච්චර කියල ත් බැරි වුණානෙ කට පියං ඉන්න...—
හ්ම්...
තුන්දාහ දෙනව එහෙනං... තුන්දාහයි කීවට තමුසෙ ගාව ඊට වඩා ඇති... මං දන්නැද්ද... උඹල
ලෝක අංකූරො...
ඔහුට කෙඳිරි ගෑවිණ ..
නමුත් කරන්නට දෙයක් නැත .. වරද තමා සතුය... ඔහු රුපියල් තුන්දහස පර්ස් එකෙන් ඇද
පරික්ෂක වරයාගේ අත තැබීය.. මුදල අතේ ස්පර්ශ වන්නටත් පෙරම අනෙකාගේ කෙඳිරියට සරිලන
සිනාවකින් පරික්ෂක ගේ මුව පිරුණි...
හ්ම්... ආයෙ
මේ වරද කරල අහු වෙන්නෙපා... තමුසෙ අද මොකක් කරත් ඒක මෙතනින් ඉවරයි.. හැබැයි ආයෙ
මරිසිය දාල අහුවුණොත් බේරගන්න එකෙක් නැතිවෙයි... තේරුණාද..
හ්ම්හ්...
යනව...
*********************
හෙලෝ...
චන්දරේ
අය්ය...
ඇයි....
මේ... මේ.....
හරි හරි තෙපර
බාන්න දෙයක් නෑ... මම දන්නව තමුසෙ කතා කරද්දිම.. කීයක් ඕනද .....
-ඉවරයි-
මේවා කියවද්දී අපිට අපි ගැනම ලැජ්ජයි... එකාට එකක් නැති කරන්න අහින්සකයෙක්ට වල කපන්න බලන් ඉන්න සමාජයක්.
ReplyDeleteමම එක :D
Deleteඒ ඉතිං අපේ උරුමය නෙ බං...
Deleteහිහි..
එක වුණාට තෑගිනං නෑ පුතේ..
හෙක්..
ස්තූතියි ඈ
මරු... ඒකා මහ මෝඩයෙක් නේ බං.. චන්දරේ එක්ක දවස් දෙකක් වත් බස් එකේ ගියාද මන්දා..
ReplyDeleteඒකෙන අාධුනිකයා කියල නම තිබ්බෙ...
Deleteහෙක් හෙක්
චන්දරෙත් එක්ක ගිය පළවෙනි පාර
මෙහේ කොන්දොස්තරලා නෑ ....අපි ටිකට් අරන් අපිම පන්ච් කරන්න ඕනා බස් එකේ හයික්කරලා තියෙන මැෂිමෙන්...ලංකාවේ බොහෝ ඈයෝ යන්නේ නම් හොරෙන්...ටික්කෝ පැනලා අල්ල ගත්තොත් ලංකාවේ මුදලින් 7000ක් විතර දඩ...මාසෙකට බස් එකේ යන්න පුලුවන් සීසන් ගාස්තූ.....
ReplyDelete".මොනා නැතත් මහා තැනේ ඉදන් පොඩි තැනට එනකම් දුගී මනුස්සයා පීඩා විදින එක නම් ලෙසටම වෙනවා
ලංකාවේ මුදලින් 7000ක් විතර දඩ...මාසෙකට බස් එකේ යන්න පුලුවන් සීසන් ගාස්තූ//
Deleteඑහෙම බලපුවාම ශානු අක්ක ලංකාවෙ හැම දෙය්ම මිළ වැඩී කියන උංට වනන්න ඕන... මෙහෙ සීසන් එකක් උපරිම දාහට අඩුයි...
හිහි....
මොනා නැතත් මහා තැනේ ඉදන් පොඩි තැනට එනකම් දුගී මනුස්සයා පීඩා විදින එක නම් ලෙසටම වෙනවා///
මේක නං අපේ රටවල් වල තියෙන හෙණයක්...
සැක් ඇ
මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ, හැබැයි කට බොරු කිව්වත් දිව බොරු කියන නාලුනේ, එහෙම වෙලා ඔය කෙලොගෙන තියෙන්නේ. මේ ඇත්තට මොකක්ද ඔය වේ බිල කියන්නේ, දැන් නැති නිසයි අහන්නේ.
ReplyDeleteආදුනිකයි නෙව සොමියො ඒකනෙ කට වරද්ද ගත්තෙ...
Deleteවේ බිල කියන්නෙ මචෝ,
ඔයා දැකල තියෙනවද එක පාරක් බස් එක ගමන් වාරයක් නිම කරනකොට කොන්දොස්තර අර පොතේ තියෙන ගණන් එකතු කරල පොඩි පොඩි කොටු තියෙන කොලේක ලියනව.අන්න ඒකට තමා වේ බිල කියන්නෙ
තැන්කු තැන්කු
Deleteවෙල්කම්...
Deleteහිහි
සිද්ධිය අන්තිම සවුත්තුයි
ReplyDeleteලියවිල්ල අන්තිම ඉහලයි
උපේක්ෂාත් එක්ක එකඟයි.
Deleteඕක සාමාණය දෙයක් අලුත් උංට...
Deleteස්තූතියි උපේක්ෂා...
ස්තූතියි හැලපේ
මමත් උපේක්ෂා එක්ක එකඟයි
Deleteහාකො...
Deleteස්තූතියි ඈ
එදිනෙදා මඟ තොටේ අපිට මේ වගේ කතා කීයක් නම් මඟ ඇරෙනවා ඇත්ද.
ReplyDeleteමඟ දිගට ජීවිතේ ඇහිඳින මේ වගේ අහිංසකයන්ගෙ හෙට දවස ගැන කතාකරල වැඩක් නෑ, ලිඳට වැටුණු මිනිහා අන්තිමේ ඒ ලිං කටින්මයි ගොඩ එන්න හදන්නෙ. වෙන විකල්පයක් එවුන්ට නෑ. ඉතින් මේ ජරා ජීර්ණ වෙච්ච සමාජෙ තවත් කුණු වෙවී ඕජස් ගලනෙක තමයි වෙන්නෙ.
අපි දැනගන්න ඕන අපි වත් ඒම නොවී ඉන්න...
Deleteනැද්ද මං අහන්නෙ...
ස්තූතියි මනෝ
ගියපාර මම කොන්දොස්තරලා ගැන කිව්ව එකේ අනිත් එක මට දැන් අහන්න වෙන්නේ. ඇත්තටම ටික්කෝ අතරේ ඔය වගේ ගඳයෝ ඉන්නවද?
ReplyDeleteටික්කෝ අතරේ තමයි හොඳම ගඳයෝ ඉන්නේ
Deleteහෙන්රි අය්යට ඔය උත්තරේ හම්බෙලා තියෙන්නෙ...
Deleteමේකනෙ කොන්දො සමහරක් උං කෝම හරි රෝල ගහල වැඩි පුර කීයක් හරි හොයාගන්නව... ටික්කන්ට ඒ වගේ චාන්ස් අඩු යි නෙව.. ඉතිං මේ වගේ අවස්ථාවක් ආවහම උංට මල් ...
ආයෙ දෙනව සබ්බුව හොදි නැතිවම..
නැද්ද ඉවාන් අය්ය
අනේ මන්ද අප්ප! උනුත් පවු අපිත් පවු
ReplyDeleteදෙගොල්ලොම එකයි බං...
Deleteමිටි තැනින් නෙව වතුර ගලන්නම
අඩේ කොන්දොස්තරලා බාප්පලටත් ජරාව දෙන්න ඕනෙද බං...මම හිතාන උන්නෙ කප්පං කාරයින්ට විතරයි ජරාවෙ දෙන්නෙ කියලා....බස් කෙරුවාවෙන් පාඩුයි පාඩුයි කියලා හැමදාම ගැමුණු ගොයියා කෑ ගහන එක අැත්තයි වගේ එහෙනං....
ReplyDeleteගැමුනු ගොයියලට පාඩු ෙවන්ෙනඋංගෙම කොන්දො හන්ද..
Deleteප්‍රයිවෙටි කොන්දො ගසන සීටීබී ගසන්නෙ නෑ...
ඒත් ටික්කො ඒ වගේ...
හැටි තමා සිරා අය්යෙ
කොන්දොස්තර මහත්වරුන්ගේ මැසිම අලුත් කරල දැම්ම නං ඉවරයි. මේ තාක්ෂනේ දියුනු කාලෙ පරණ පොත් පත් එක්ක හැප්පෙන එක මොඩ කමක්..
ReplyDeleteදුර ගමන් සීටීබි වලට නං දීල තියේ...
Deleteඒත් ඒව දුන්නහම කිසි රෙකෝඩ් එකක් නැති හන්ද ගසා කැම වැඩියි අමිල...
ඒකත් ප්‍රශ්නයක් නෙව
මෝඬකම හන්දා ඒකා දෙපාරක්ම අමාරුවේ.. එක අතකට ඉතින් නූඟත් කම එක්ක එහෙම දේවල් වෙන එකත් පුදුමයක් නෙමෙයි.. අනික ඇත්තටම අවංක මිනිහට බොරුවක් කරද්දී පැටලෙනවත් එක්කනේ..
ReplyDeleteකතාව මරු බං.
ආධුනිකයෙක් නෙව දිනේෂ් අය්යෙ ඒකනෙ ඔක්කම පුරස්න...
Deleteවැඩි හොදත් හොද නෑ කියනව අහල තියේද
ස්තූතියි ඈ
රස්සාවෙ රැග් සීසන් එක...
ReplyDeleteටිකක් විතර...
Deleteහිහි
පහත් තැනින් යයි ගලා ජලේ වේගයෙනි ... ලියවිල්ල සුපිරිම සුපිරි
ReplyDeleteලෝක ස්වභාවය නෙව...
Deleteස්තූතියි ඉවාන් අය්ය
ගොඩක් තැන් වල ඔය වගේ සත්තු ඉන්නවා බං. අහිංසකයො ටික තැලෙන එක විතරයි වෙන්නෙ!
ReplyDeleteකතාව නම් එළ මචෝ!!
ඒක තමා එක එකාගෙ පොර මානසිකත්වය බං...
Deleteබැරි වෙලා හරි අරූ අර ටික්කන්ට විරුද්ධ වුණා නං අට රස්සාවත් නෑ ගෙදරත් නැ...
හිරේ තමා...
ස්තූතියි ප්‍රියෝ...
ඇයි යකූ දැං ලියන්නැත්තෙ
ටික්කෝ/ බාප්පලා ගැන කතා කරලා වැඩක් නෑ. ඉස්කෝලේ යන කාලේ ස්කුල් බස් එකේ කෝන්දොස්තර අංකල්ට පාට් එකක් දාලා 4 දෙනෙකුට දුන්නා දුවන්න.
ReplyDeleteලියවිල්ල නම් එල ද බ්‍රා.
ඔයාලට ගැහුවද මෙන්ඩො නැත්තං ඔයාල ගැහුවද..
Deleteහෙක් හෙක්..
ස්තූතියි මෙන්ඩිසෝ....
මෙන්න මම කැමතිම අාමන්ත්‍රනය
Deleteමෙන්ඩා
අපෙත් ඉන්නව බුවෙක්...
Deleteපොරටත් කියන්නෙ මෙන්ඩ කියල...
ඔන්න එහෙනං නම රෙජිස්ටර් ඇ
මෙව සහසුද්දෙන්ම අමුලික ඇත්ත.හැබැයි තුන්දාහෙන් ගොඩයන්නෙ නැ.දැන් අඩුම 10ක්
ReplyDeleteමේ පළවෙනි පාර හන්ද තුන්දාහෙන් ගොඩ ගියා...
Deleteහිහි
මම හිතන්නේ මම ජීවිතේට ටික්කෙක් දැකල නෑ. කොච්චර බස් වල ගිහින් තිබුනත්.
ReplyDeleteහපොයි...
Deleteසරුංගල් සීන් එකේ අනික...
ලංකාවෙ නෙවීද අනෙී.......
හිහි....
අපි නොදකින පැති කොච්චර තියෙනවද .... ලියලා තියෙන රටාව නම් සුපිරියි..
ReplyDeleteදැක්කත් අහක බලනව නෙව...
Deleteඒ අපේ හැටියක්...
රොම්බ නන්රි තුසානි
අනේ අපොයි කොන්දොස්තරලත් විදින දුකක්.කතාවනම් නියමයි ...
ReplyDeleteහැම කෙනෙක්ම අඩුවෙන් වැඩියෙන්...
Deleteස්තූතියි ළිහිනියො
පව් අසරණයා..... ආයි සැරයක් වැරදිලාවත් අහු උනොත් ඉවරයි වගේ
ReplyDeleteහිහි...
Deleteවැරදිලවත් අහුනොවේවා කියල ප්‍රාර්තනා කරමු
අනුකම්පාව ලැබිය යුතු නමුත් වැඩියෙන්ම ද්වේෂයට ලක්වන වෘත්තියක්.
ReplyDeleteඅපි බලන විදිය අනුව නේද ඒක වෙනස් වෙන්නෙ විසිටර් වී...
Deleteඅපි හොද විදියට බලනව නං එහෙම පෙන්නෙ නෑ නෙව...
ස්තූතියි අදහස් පළ කලාට
ෂැහ්..කියවන්න පහු වුනා නෙ..
ReplyDeleteකතාව සුපිරියි..
පහු වුණත් කියෙව්ව නෙව...
Deleteස්තූතියි මචෝ