බෝලෙට
බෑට්(????) එකෙන් පත බෑ කළ එය ගසක රැදුණු විට හෝ ඇළට වැඩී පහලට ගසාගෙන යන විටක හෝ
යළි බෝලය පිටියට රැගෙන එන තෙක් ලකුණු සදහා කකුල් කඩා ගෙන දිවූ දිවිල්ල පාසලේදී
සිදුනොවීය. නමුත් ඊට වඩා වෙනස් නීති රීති හා වෙනස් ආකාර ක්‍රීඩා රටාවක් අප පාසලේ
අනුගමනය කලෙමු. පාසල් විවේක වේලාවන් සීමිත
බැවින් පිල් බෙදී ක්‍රීඩා කරන්නට තරම්
හැකියාවක් අපට නොලැබුණි. එහෙත් එසේ නොකළා කියන්නටද අපට නොහැකිය.
ගමේ ක්‍රිකට් ගැන මෙතනින් කියවන්න
අප පාසලේ(මෙතැන් සිට ඉස්කෝලෙ) ක්‍රීඩා පිටිය ඉතා කුඩා වූවක් විය. පාසලට සාපේක්ෂව සසදන කළ පිට්ටනිය හුණ්ඩුවක් මෙන් කාට හෝ පෙනී ගිය හැක. මගේ මතකයට අනුව 2002 හෝ 2003 වසරේ කුරුණෑගල අධ්‍යාපන කාර්යාලයට අනුව කුරුණෑගල අධ්‍යාපන කොට්ඨාශයේ වඩාත් විශාලතම පාසල වූයේ අප පාසලයි. ගුරුවර ගුරුවරියන් 200 ට ආසන්න ගණනක්ද ශීෂ්‍ය නායකයන් ඒ ප්‍රමාණයටම සිටි එකම පාසල එය බව එක්තරා රැස්වීමකට පැමිණි අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙක් කීවා මට හොදටම මතකය. එකළ පාසලේ ළමුන් හාරදහසකට(4000) ආසන්න ප්‍රමාණයක් අප පාසලේ ඉගනුම ලැබීය. (බොහෝ දුරට 3500-4000 අතර ශීෂ්‍ය ප්‍රමාණයක්) එවන් වූ ධාරිතාවක් ඇති පාසලකට හුණ්ඩුවක් වන් පිට්ටනියකින් ඇති වැඩක්ම නැත. එහෙත් හැකි අයුරින් එහි අප ක්‍රීඩා කල බව මතක් වන විටත් හිතට දැනෙන්නේ ආඩම්බරය(ලැජ්ජාව??) මුසු ප්‍රීතියකි. පාසලේ ගේට්ටුවෙන් ඇතුළු වී පාසල ඇතුළ භූමිය දෙස බැලූ කළ පාසලේ මුළු භූමි ප්‍රමාණය කොහෙත්ම ඇසට හසු නොවෙන තාලේ පාසලකට මෙවන් දුර්වලතාවක් ඇත්තෙන්ම ලැජ්ජාවට කාරණයකි. මේ හේතුවෙන්ම අපට පහසුවෙන් ජය ගැනීමට තිබූ බොහෝ තරග අවස්ථාවන්හි ජය අප අතින් ගිලිහී ගියේ ඇස් පනාපිටමය.
අප පිට්ටනිය
වෘත්තාකාර හෝ හතරැස් හෝ නොවීය. පාසල් ප්‍රධාන දොරටුවට මුහුණ ලා තිබූ බටහිර අන්තය
ඉලිප්සාරාර හැඩයකිනුත් එහි අනෙක් අන්තය එනම් නැගෙනහිර අන්තය බාලාංශ පංති
ගොඩනැගිල්ලක් නිසා හතරැස් හැඩයකටත් පිහිටියේය. ක්‍රිකට් ක්‍රිඩා කරනවා නම් යෝග්‍යම
ස්තානය වූයේ මෙම නැගෙනහිර අන්තයයි. එහෙත් එම ස්ථානයේ ක්‍රීඩා කිරීමට අපට සෑහෙන
කාලයක් බලා සිටින්නට සිදුවිය. හේතුව වූයේ නිතරම එම ස්ථානයේ ආධිපත්‍ය හිමිවූයේ ඉහළ
පංති වලට වීම නිසාය. එහෙත් ඒ සදහා බලා සිටින්නට උවමනාවක් අපට නොවීය. එබැවින් හැකි සෑම
ලෙසම හොද ස්ථානයක් තෝරා ක්‍රීඩා කරන්නට අප පෙළඹුණෙමු. අප ලෙසින්ම ක්‍රිකට් උණ තිබූ
කණ්ඩායම් දහයක් වත් ඒ කුඩා ඉඩේ ක්‍රීඩා කරන්නට ඇත. අපට තිබූ එකම ගැටළුව වූයේ එක්
කණ්ඩායමක බෝලයක් නිසා අනෙක් අයට ඇතිවන අපහසුතාව පමණකි. එහෙත් පිට්ටනියේ දිග පළල
ගැන මනා වැටහීමක් තිබූ අප විටෙක සාමදානවද විටෙක ආක්‍රමණශීලීවද ක්‍රීඩාවේ නිරත
වුණෙමු.
බොහෝ විට අප ක්‍රීඩා
කළේ ස්ථාන පිළිවෙලට තනි තනිවය. මුල්ම වටයේදී පමණක් ස්ථාන තෝරා දීම සිදුකරනු ලබයි.
එය සිදුකරන්නේද අපේම ආකාරයටය. මුලින්ම එක් අයෙක් පිට්ටනියේ පැත්තකට ගොස් බැට්
එකෙන් ආවරණය කරගෙන ඉන්නා සාමාජිකයන් ගණනට එකේ සිට ඉලක්කම් අඳියි. එසේ සටහන්
තබන්නේ අංක පිළිවෙලට නොවේ. අනතුරුව ඒ අංක වල සිට එළියට එන සේ යම් තරමක දිගු ඉරි
අදිනු ලබයි. අංක අන් අයට නොපෙනෙන සේ බැට් එකෙන් වසාගෙන අනික් සාමාජිකයන්ට තමන්
කැමති අංකයක් තෝරා ගන්නට ඉඩ දෙයි. එක් එක් කෙනාගේ වාසනාව මත ඔවුන්ට හිමිවන අංකයට
අනුව ඒ අංකයට හිමි ස්ථානයේ ඔවුන් ක්‍රීඩා කළ යුතුය. ස්ථාන තෝරා බේරා දෙන්නට ඉදිරිපත්
වූ කෙනාට ලැබෙන්නේ අන් අය විසින් ස්පර්ශ නොකරන ලද අංකයයි. ඒ අනුව තමන්ට ලැබෙන
අංකයට අනුව එක් අයෙකුට ඕවර දෙකකට මුහුණ දීමට අවස්ථාව ලැබේ. දැවී නොගියහොත් පමණක් ඕවර
දෙකම ක්‍රිඩා කිරීමට බාධාවක් නොවේ. එලෙස ක්‍රීඩා කර වැඩිම ලකුණු ලබාගන්නා ඊළග
වටයේදී පළමු ස්ථානයට ක්‍රීඩා කරයි. එවිට ගැටළු නැත. වලි ගෝරි නැත. නමුත් වටයක්
අවසන් වනතෙක් ඒ දවස තුල ඉතිරි අයට ක්‍රිඩා කරන්නට අවස්ථාව සැලසීම අනිවාර්ය වේ.
ඉහත දැක්වූ
ස්ථාන තෝරා දීමට තවත් ක්‍රමයක් ඇත. ඒ කොළ ඇල්ලීමයි. එනම් එක් අයක් ගොස් වැටහිර හෝ
අන්දර ගසකින් කඩා ගන්නා කිනිති කීපයක එක් දඩුවක එක කොළයක් ඉතිරිවන්නට, අනෙකේ දෙකක්
ඉතිරිවන ලෙස අනෙකේ තුනක් ඉතිරි වල ලෙස මෙසේ ඉන්නා පිරිසට අනුව කිනිත්තේ කොළ ඉතිරි
කර අනේක්වා ඉවත් කර කොළ ඇති පැත්ත අතින් වසා නැටි ටික අනෙක් අයට අල්ලා ගැනීමට
සලස්වයි. එහිදී තමන්ට ලැබෙන කිනිත්තේ ඇති කොළ ගණනට හිමි ස්ථානයේ ක්‍රීඩා කරයි.
මෙසේ ක්‍රිඩා
කරන විට අප ගැටළුවකට මුහුණ දුන්නෙමු. ඒ ලොකු අය්යලා(???) විසින් අප බෝල පැහැර
ගැනීමට ලක්වීමයි. උන්ගේ පන්දුවට අතුරු
ආන්තරාවක් සිදුවූ විට පිටියේ ක්‍රීඩා කරන වෙනත් කණ්ඩායමක පන්දුවක් ඩැහැගැනීමට
ඔවූහු සමත්ය. එයට පන්දුව ඔවුන් දෙසට යාම පමණක් ප්‍රමාණවත්ය. නැවත එය නොලැබේ. මීට
අපට තිබූ එකම විසදුම වූයේ ප්ලාස්ටික් බෝලයි. එහෙත් දැඩි පෘස්ඨයක් තිබූ ඒවා අතේ තදින් වැදුණ
විට ඉමහත් වේදනාවක් හටගනී. නමුත් එකම විකල්පය වූයේ එයයි. පෙප්සි(PEPSI) යනුවෙන් කැටයම් කර තිබූ එම බෝල සාමාන්‍ය ටෙනිස්
බෝලයක් තරම් බරය. නමුත් බම්ප්(පොලාපැනීම) දුර්වලය. වේගවත් පහරකට ලක්වූ විට උඩ පන්දුවක්
නොව පොළව දිගේ ඇදී එන පන්දුවක් වුව රැක ගැනීම දුෂ්කරය. එහෙත් අපේ බෝල කිසිවෙකු
විසින් හෝ පැහැර ගැනීමට ලක් නොවුණි. පාසලට පෙප්සි බෝල වසංගතය ගෙන ගියේ අපය.
අවසානයේ ටෙනිස් හෝ ටිං(???) බෝල වලට වඩා ඒවා සිසුන් අතර ඉමහත් ජනප්‍රිය විය.
ගමේ ක්‍රීඩාවේ
මෙන් මෙහිත් නීති තිබුණි. පිට්ටනියේ එක් අන්තයක් (දකුණ) තිබුණේ ජල සම්පත් මණ්ඩලයට
යන පාරට මුහුණලාය. පාරෙන් එහා පුද්ගලික වත්තකි(අම්බ කැලයකි). පාරෙන් එහාට පන්දුව
යොමු වීනම් ඒ ක්‍රීඩකයා දැවීගිය ක්‍රීඩකයෙකි. එමෙන්ම පන්දුව නැවත පිටියට ගෙන
ආයුත්තේද ඔහුය. කැලයට බෝලය ගිය විට නැවත සෙවීම දුෂ්කරය. එසේම වත්තට පැන කාගේ හෝ
අත්තඩංගුවට පත්වූවොත් විනාසය. පශ්චාත් බාගයට පත්තු බදින්නටම ගුටි ලැබේ. නිකං නොවේ
දාර වේවැලකිනි. එකවරක් මහේෂ් කොලුවාද ප්‍රින්ස් (:O) මහතාගේ වේවැල පුපුරන්නටම
ගුටි කා ඇත:D . ඒ වගේ
සබ්බුවක් ලැබීම පොඩි වීර (:o :D :P) මානසිකත්වයක් ඇති
කරන්නකි. පස්ස කොයි තරං රිදුම් දුන්නද නොදැනුනා සේ සිටීම:D පන්තියේ අනෙක් වුන්ගේ
පිළිගැනීමට ලක්වන මහත්පල මහානිසංස ලැබෙන ක්‍රියාවක්ය :v නැතහොත් එසේ සැලකුවෙමු.
අප බොහෝ විට
ක්‍රීඩා කලේ පෙර කියූ ප්‍රාථමික අංශය දෙසට මුහුණ ලාය. හය හතර සීමාව වූයේ මේ ප්‍රාථමික අංශ ගොඩනැගිල්ලයි. මේ කියන
ගොඩනැගිල්ලට පිටුපසින් වන්නට තිබුනේ
කොස්ගසකි. මේ කොස්ගසේ ගෑවෙන්නට හෝ වහලයේ නොවැදී ගොඩනැගිල්ලෙන් එහාට විසිවන පන්දුව
යෝධ හයකි. සෙල්ලං නැත මේ කියන යෝධ හයට ලකුණු දොළහක් ලැබේ :D :D කාගේ හෝ කරුමයකට යෝධ
හතරේ පහරවල් නම් තිබුණේ නැත. :P :P
පිට්ටනියේ
උතුරු අන්තයේ තිබුණේ කර්තකොළම්බන් ගස් කීපයකි. අපට පෙර සිටි ජ්‍යේෂ්ඨ සිසුවන්
විසින් රෝපණය කරන ලද්දා වූ ඒවා අප පාසලට ඇතුලත් වන කාලයේ හොදින් ඵල දරණ ගස් වී තිබුණි.
කෙතරම් වේගවත් පහරකට වුව මේ ගස් සීමාවෙන්
එහාට පන්දුවක් යන්නේ නම් ඒ කලාතුරකිනි. අතුපතර වල වැදී බිමට වැටේ. ඩූඩ් අය්යාගේ
:o ගස් කැච් පාසලේ
වලංගු වූ නිසා මේ ගස් හේතුවෙන් බොහෝ දෙනෙක් දැවීයාමට ලක්විය. මේ අඹ ගස් ගැන අම්බ
කතා තිබුණද මතක් වූ කාලයක ඒවා පසුව ලියන්නෙමි. :D
විකට්ටුව ලෙස භාවිතා කලේ බොහෝ විට ගල් ගෙඩි දෙකකි. ඇහේ මට්ටමට යම් තරමක් දුරින් තබා ගන්නා ගල් ගෙඩි මැදින් පන්දුව ගිය විට ක්‍රීඩකයා දැවීයයි. මෙසේ පන්දුවට පහර දෙන අන්තයට ගල් කැට දෙකක්ද අනෙක් පසට ඊට වඩා ලොකු ප්‍රමාණයක ගලක්ද භාවිතා විය. සමහරවෙලාවට කැඩුණ ඩෙස් එක්ක ලෑල්ලක්ද විකට්ටුව ලෙස භාවිතා කලෙමු.
මෙකල අනන්තවත්
විකාර සහගත හාස්‍යජනක සිදුවීම් සිදු වුවද ඒවා මෙතන සටහන් කිරීම අවැසි නැතැයි
සිතමි. එහෙත් ඉන් එකක් පමණක් ඔබ හමුවේ තැබීමට බලාපොරොත්තු වන්නේ අප හා සිටි
ඇම්ඩන්ලාගේ චරිත ගැන යම් අවබෝධයක් ලබාදිමටය. උපාලි යනු අප හා සිටි අප මිතුරෙකි.
නමුත් මිත්‍ර ප්‍රතිරූපකයෙකි(දැන් හිතෙන විදියට) නගරබද පාසලක් වුවද අප පාසලට
පැමිණි හැමෝටම යහමින් මුදල් නොතිබුණි. අප පන්තියෙන්ම බෝලයක් සහ බැට් එකක් තිබුණේ
උපාලියාට ය. එබැවින් ඔහු නිතරගයෙන් සෑම ක්‍රිකට් තරග වටයකම එක විය. යම් දිනවල මගේ
හැදුණුම් කම මත අපට වඩා වසරකින් ඉහල පංතියක සිසුවන් කිහිප දෙනෙකුද ක්‍රීඩා කිරීමට පැමිණේ. ඔවුනටද බෝල බැට් නොතිබින. එබැවින් අපහට මෙන්ම
ඔවුන්ටද උපාලිගේ මාන්දමික ක්‍රියා කලාපය ඉවසීමට සිදුවිය. ඉදහිට දිනෙක උපාලි පළමු
ඕවරයේදීම දැවී ගියවිට කුමක් හෝ හේතුවක් කියා තරගය නවත්වා යළි ක්‍රීඩා කරමු යැයි
කියයි. L එවිට තරගය යළි මුල
සිටම ඇරඹේ. එක් දිනෙක ඔහු එක දිගට මේ ක්‍රියාව කීප වරක් සිදු කළේය. >:( අර වැඩිමල් සිසුන්ට සිදුවන්නේ කුමක්දැයි
වැටහීමක් තිබුණි. එක දිගටම මේ ලෙස ආත්මාර්ථකාමී ලෙස හැසිරීම නිසා උපාලි හා උරණ
වූ අර සිසුන් කිහිප දෙනා එකතු වී වටකොට
උපාලිට හොදහැටි තඩිබාන්නට විය. අපේ උංද කීප දෙනෙක් අතරින් පතර පැන හිතේ හැටියට
උපාලිට සංග්‍රහ කරනු(උපාලි පන්තියේ දඩබ්බර මැර චරිතයක් වූ අතර අපේ වයසේ අනෙක් උන්ට
වඩා ශක්ති සම්පන්න විය. බොහෝ විට අනෙක් සිසුනට හිරිහැර කරන ඔහුට බොහෝ දෙනෙක් හිත
යටින් අකමැති වූ අතර ඔහුගේ ශක්තිය හමුවේ පසුබා ගියහ) දුටුවද හිටි තැනම ගල් ගැසී
සිදුවන දේ බලා සිටි මට තරගය නිරුත්සාහකවම නැරඹීම විනා වෙන කරන්නට දෙයක් ඉතුරුව
නොතිබුණි. :D :D :D ඔහුගේ කමිසයේ දූවිලි
ගැවි පොඩිවී තිබින. තොල්පට පිපිරීම නිසා කටෙන් ලේ ගලමින් තිබිණ. අර සිසුන් කීප
දෙනා ඔහුව අතහැරි විට ඔහුගේ තිබූ විහිළුකාර ස්වභාවය (මෑන් ඒ වගේ මූණ දෙල් කරන්
ඉන්නව මං දැක්කෙම එදාද කොහෙද) නිසා මට සිනාව නවතාගන්නට නොහැකිවුණි. කෙසේ හෝ ඊට වරදකරු වූයේ මා ය. හේතුව ඔවුන් මා
මිතුරන් වීමය. ඒ සිද්ධියෙන් පසු මා හා දැඩි සේ උරණව සිටි ඔහු මට පහර දෙන්නට පසු
බෑවේ මගේ වැඩිමල් මිතුරන් නිසාය. (නැත්තං කටුස්ස වගේ ඉන්න මට හොද හැටි සබ්බුව
හම්බෙන්න තිබ්බ)
අම්මෝ ගල් බෝලනේ ගහල මගේ තොලත් පලාගත්තා දවසක්..
ReplyDeleteමොකක් ???? ගල් බෝතලේ ගහල !
Deleteලිම්ට් ගහන්න දේශා.. ලිම්ට් ගහන්න..
දේශක..
Deleteවැදුණාම නං චූ බර හැදෙනව... ඒත් ඇයි ඒවට ගල් බෝල කීවෙ...
මං හිතන්නෙ විදානෙ හරි වගේ...
වෙරි වෙච්ච කොමෙන්ටුවක් තියෙන්නෙ..
හැක්
මම මේ කල්පනා කළේ ක්‍රිකට් මෙච්චර ජනප්‍රිය කාලෙක අපි ඉස්කෝලෙ එල්ලෙ ගැහුවෙ මොකද කියල.... එක්කෙනෙක්වත් ක්‍රිකට් ගහමු කිවුවෙ නෑනෙ..
ReplyDeleteබොලාගේ පිට්ටනිය ලොකු ඇති..
Delete@සිඳු, මම නම් හිතේ හැටියට එල්ලේ ගහලා නෑ. නමුත් පොඩි කාලේ ගහලා තියෙනවා. ඇත්තම කිව්වොත් එල්ලේ තමයි අපේ ජාතික ක්‍රීඩාව වෙන්න තිබ්බේ. ඒක සෑහෙන්න baseball වලට සමානයි. ඒ සමානකම කොහෙන් ලැබුනද කියලා මම දන්නේ නෑ. නමුත් හොයලා බලන්න වටිනවා. එල්ලේ වලයි baseball වලයි දෙකේම පාවිච්චි වෙන රවුම් බැට් එක, රවුමට දිවීම, කට්ටි සහ bases වල සමාන කම වගේ කරුණු බැලුවාම මේ දෙකම ලඟම නෑදෑයෝ බව හිතන්න පුලුවන්.
Deleteඇත්තෙන්ම මට නම් baseball සහ එල්ලේ ක්‍රීඩා දෙකම ක්‍රිකට් වලට වඩා ප්‍රාණවත් ක්‍රීඩාවල්.
@මහේෂ්: අපි ඉස්සර ඉස්කෝලේ ගෙනිච්චෙ පොඩි සූට්කේස් එකක්. ඕක ස්කූල් වෑන් එක එනකල් උස අතර හරවලා ඉඳගෙන ඉන්න වගේම. ක්‍රිකට් ගහනකොට විකට් එකට පාවිච්චි කරන්නත් පුලුවන් බහු කාර්ය මෙවලමක්. ඊට පස්සෙ නයි මලු, අඩීඩාස් ස්පෝර්ට්ස් බෑග් වගේ ඒවා පාවිච්චි කලා.
හිතලා බලාපං එච්චර ලොකු විකට් එකකටත් ගහගන්න බැරුව යනවා කිව්වාම.
@සිදු...
Deleteඑක එක අයගෙ මනාපය නෙව...
සමහර විට විදානෙ කියන කතාව හින්ද වෙන්නතු පුලුවං...
හිහි
හෙන්රි අය්ය
Deleteබේස්බෝල් මං හිතන්නෙ අපේ එල්ලෙ වලිං කොපි කරල වෙන්න ඕන...
එහෙම හිතෙන්නෙ නැද්ද..
අනේ මංද මාත් ඔය දෙකේ මාර සමාන කමක් දැකල තියෙනව...
ක්‍රිකට් වලට වඩා පොඩි ලල් එකක් ඒ දෙකේම තියේ නං තමා...
හිහි
ඩුඩ්. උඹල වගේ රාවණා ගැන විස්වාසය නොතියන උන් කියාවි.. එල්ලේ ආවේ ඇමරිකාවේ වල්ලේ එල්ලිලයි කියල.. හැක්..
Delete:O දේශක තුමාට සුවර්ය ඒ වගේ වෙයි කියල...
Deleteඅනේ මම නං ඔන්න අදහසක් විතරයි පොකාස කොලේ ඈ
අපිටත් නැගලා ගියේ එල්ලේ තමා. කෙල්ලෝ කැමති එල්ලේ වලට වෙන්න ඇති.
Deleteකෙල්ලො නං එල්ලෙ ගහන්න මනාපයි කයනෙක මාත් දැකල තියෙනව..
Deleteඇයි කියල නං දන්නෙ නැ
සිදු අක්කේ අපි ක්‍රිකට් ගැහැව්වා හැබැයි ප්‍රින්සිපල්ට හොරෙන්....ග්‍රවුන්ඩ් එකේම තමා හැබැයි.....6වසර පැත්තේ,ගෘහ විජ්ජා කාමරය ලග,හොස්ටල් එක ලග,ගේට් එකයි ආට්ස් පන්තී තියෙන තැන ප්‍රින්සිපල් එනවද බලන්න ඔත්තුකාරියෝ තියලා
Deleteඇයි අය්යෝ ඒ තරං අවුලක්...
Deleteකෙල්ලන්ට කිරිකට් තහනම් නෑ නෙව...
මොකේ ඒ
සමහර දවස් වලට කඩදාසි ගුලිකරල ඉටි කොලේක ඔතලා ගෝනි නූල්වලින් ගැටගහල සෙල්ලං කරා.. ..
ReplyDeleteඅනේ උපාලිගෙන් තවටිකක් මූට වැදුනනං....
සොඳුරු ස්මරණයක් මහේෂ්
ජ ය වේව!!!
උපාලිය මට එක පාරක් නිල් වෙන්න නෙළුව නං තමා...
Deleteඒත් ඒකට පස්සෙ මාත් වාඩුව ගත්ත.
හිහි
අනේ එච්චර කැටයං දැම්මෙ නෑ..
එක්සයිස් පොතක් බැට් එකට ඇරගෙන කොල ගුලියක් ගුලි කරල නං බෝල ගැහුව
හිහි...
ස්තූතියි විදානෙ...
ජයවේවා
ඔය වගේ මතක තමා ජීවිතය සුන්දර කරන්නේ....
ReplyDeleteඑ්කනේ...
Deleteකුරුටු ට නැද්ද
අඩේ!! ස්මරණ කලින් කොටස මට මඟ හැරිලා. හිටින් ඉස්සෙල්ලාම ඒක කියවන් ඉන්න.
ReplyDeleteකෑ ගහන් නැතුව කියවල වර
Deleteප්‍රියා උඹ තාම කියවනවද මචෝ...
Deleteඒ විදානෙ මේ ප්‍රියා තාම කියවනවද කොහෙද...
හූ ඈ..
උඹේ මේ ස්මරණ කියවන්නෙ ලියන රටාව භාෂාව රස නිසා බන් එත් පොස්ටු දැන් නම් මග හැරෙයි වගේ උඹ පොස්ටු හෝ ගලා දානවා නේ ,අවංකවම පත්තර පිටුවක් වෙන් වෙන්න ඕන ලිවිල්ලක් මේ සිරා ...කතාව පොඩ්ඩක් රළු කරපන් කෝ ඉස්සෙල්ලා රබර් පොල් ගැන වගේ ක්‍රිකට්.....සුන්දරයි මතක
ReplyDeleteකතාව පොඩ්ඩක් රළු කරපන් කෝ ඉස්සෙල්ලා///
Deleteඅනේ මේක නං තේරුනේ නෑ...
රළු කරන්න කීවෙ මොන වගේද...
ඒ තරං හොදයි කියල හිතනවද...
අනේ මංද දොඹේ... මට නං මේ වගේ රාමුවකට කොටුවෙලා ලියනෙක හරි අමාරුයි... මාර ට්‍රයි එකක් දෙනව මේක ගලපන්න...මගෙ තියෙන්නෙ ස්වභාවික හිතුවක්කාර ශෛලයක් හන්ද මේ ක්‍රමය හරි අමාරුයි...
ස්තූතියි අගය කරනවට
මාව දිරිගන්වනවට...
ජයවේවා
අපි නම් ඉස්කෝලෙදි කලේම කුණු මාළු ගහනව කියන සෙල්ලමක්.. මොකද අපිට ඉස්කෝලෙ පිට්ටනියක් තිබුණෙ නැහැ. අපේ ඉස්කෝලෙ ප්‍රාථමික අංශය වෙන තැනක තිබුණෙ. ඒක බස් හෝල්ට් එකක් විතර දුර. ඉතින් බස් යන පාරෙ යන්න වෙන නිසා අපිට පිට්ටනිය තිබුණ ප්‍රාථමික එකට යන්න අවසර නැහැ. කොහොම වුනත් ගෙදර ආවම නම් කලේම වොලිබෝල් ගහන එකයි එල්ලෙ ගහන එකයි තමා. සුන්දර මතක.
ReplyDeleteඅපිත් ක්‍රිකට් ගැහුවෙ නිකං කූඩු වෙලා වගේ අක්කෙ...
Deleteකුණු මාළු ගහනව කියන්නෙ මොකද්ද අනේ...
ඇත්තටම දන්නැති හන්ද ඇහුව්වෙ
ඉරි අල්ලන කෝස් එක අපිත් ඔය විදියටම කලා මචෝ. ඒ වගේම කොළ අල්ලන එකත්. බොහෝ විට ගිණිසීරිය කොල තමයි. විකට් එකත් අර කිව්ව විදියමයි. පහේ පංතියට විතර එනකල් අඩි දෙකක පරතරයෙන් තියපු ගඩොල් බාග දෙක අපෙත් විකට් එක උනා. ඊළඟට ලයිට් කණු, ඉස්කෝල පුටු, ලෑලි වගේ දේවල් තම්යි භාවිතා උනේ. මේ ගැනනම් හිතට එන අත්දැකීම් ලියන්න ගියොත් පෝස්ට් එකක්ම ලියවෙනව මේ කමෙන්ට් එකේ. ඉරි අල්ලපුවම එක වෙන එකා ඉස්සෙල්ලාම බැට් කරනවා. අන්තිමයට තම්යි ෆස්ට් ඕවරේ හම්බෙන්නෙ. තුන්වෙනිය තමයි විකට් කීපර්...යකෝ... ආයෙත් ඒ විදියට මැච් එකක් ගහන්න හිතෙනවා!!
ReplyDeleteමෙහෙ පොඩි උං නං තාම ඒ විදියට ක්‍රිකට් ගහනව මචෝ...
Deleteඅපිටත් ඉදල හිටල ගහන්න ඕන නං චෑන්ස් තියේ...
ඒත් මං දැං ක්‍රිකට් සෙල්ලං කරන්නෙ නැති හන්ද ඉදල හිටලවොලිබෝලෙකට තට්ටුවක් දානව විතරයි...
උබේ මේක කියවල මටත් දැන් කිරිකොට් ගැන ලියන්න හිතෙනවා.. හිටහන්කෝ..
ReplyDeleteලියන්න ලියන්න...
Deleteඅපි බලං ඉන්නව කියවන්න
බොල මං හිතුවෙ අර කොන්දොස්තරගෙ කතාවෙ අනිත් එක දායි කියල.. :( :( >_<
ReplyDeleteඒක බ්‍රහස්පතින්දට...
Deleteඋඹ දන්නවනෙ සදුදට අනිවා දාන්නෙ ස්මරණ කියල
අනේ අම්මෝ පෙප්සි බොලද මතක් කරන්න එපා, පුස්තකාලේ ජනෙල් වීදුරු බිඳලා කාපු ගුටි වලට වඩා රිදිනවා ඕකෙන් සම්බෝල කැඩුවම, :D
ReplyDeleteහිහි...
Deleteඅපි කිරිකොට් ගහපු තැන තිබ්බෙ දැල් කම්බි වලින් ආවරණය කරපු ගොඩනැගිල්ලක් ගුටි නං කන්න වුනේ නෑ ඒ හන්ද..
ඒත් පීරියඩ් කට් කරල පිස්සු නටල හම්බානක් කාල තියේ..
හිහි
ඔබ මෙය කදිමෙට ලියලනේ. ක්‍රිකට් ගැහුවෙ නැතත් පුංචිකාලෙ පුංචි ඉඩකඩත් සෙල්ලම් පිටියක් කරගත් අපූරුව මතක් උනා.
ReplyDeleteඇත්තට අපි හුගක් දෙනෙක්ට ඒ අත්දැකිම තියෙනව නේද...
Deleteමොකද අපිට කියල මහ විසාල ඉඩකඩක් ලැබුණෙ නෑ නෙව...
සාචරයෙන් පිළිගන්නව අවන් හලට...
ස්තූතියි අදහස් බෙදාහදාගන්නවට
ඉස්කෝලේ පන්තිය ඇතුලෙදි වැඩිපුර කරපු එකක් තමයි වන් බම්ප් ගැහිල්ල . ඔය ක්‍රිකට් විස්තරේ කිය්වනකොටනම් අතීතෙට යනවා නිකම්ම . මහේෂ් ගේ ලිවීමේ රටාව ටිකක් වෙනස් කරලා වගේ දැනෙනවා . මට විතරක් දැනෙන එකක්ද මන්දා
ReplyDeleteමේකයි ඉවාන් අය්යෙ...
Deleteපොඩි ඉඩක ලොකු විස්තරයක් ලියන්න ඕනනෙ.. ලිපිය දික් කරාම කියව්නන කට්ටිය කම්මැලි වෙනව. එහෙම නොකර කොටස් කඩල දිගටඇද්දම චුයිංගම් වගේ වෙලා කට්ටියට එපා වෙනව..
ලියන්න තියෙන දේ සංක්ෂිප්ත කරල ලියද්දි පොඩි පොඩි ගැටළු එනව..
දැනට ඉවසා වදාරන්න
ඊළග කොටසෙ එහෙම මේ නුහුරු ගතිය හරියයි...
වන් බම්ප් වලට වඩා බුක් ක්‍රිකට් ජනප්‍රිය වුණානෙ
හැබෑට මොකද අප්පා අච්චර ලොකු ඉස්කෝලෙකට හුන්ඩුවක් වගේ පිට්ටනියක් තියෙන්නේ? තාමත් එහෙමද? එතකොට නිවාසාන්තර ක්‍රීඩා එහෙම තිබුනේ නැද්ද?
ReplyDeleteනිවාසාන්තර ක්‍රීඩා තිබ්බ... හැබැයි මම ඉන්න කාලෙටම දෙපාරයි තිබ්බෙ...
Deleteඒ කියන්නෙ අවඅරුදු 13 කටම දෙපාරයි...
ඒ දෙපාරම පොල්ගහවෙල මහජන ක්‍රිඩාංගනේ තමා..
සයුරි අක්ක විස්වාස කරන්නෙ නැතිවෙයි... ඉස්කෝලෙ ගාව ඉදල පිට්ටනියට අඩුමගානෙ කිලේ මීටර් එක හමාරක් වත් තියේ. 1 වසරෙ ඉදං 3 වසරට එනකං ළමයි නැතිව අනිත් උං දෙන්න දෙන්න පෝලිං කරල තමා පල්ලහාට ගන්නෙ පේළියෙ මුල පිට්ටනියට ඇතුල් වෙනකොටත් ඉස්කෝලෙ ඇතුලෙ තව ළමයි ඉන්නව... පෝළම දිගයි ඒ තරං... ශිෂ්‍ය නායකයො විතරක් මදි හන්ද උසස් පෙළ සෙට් එකත් ගන්නව ළමයි කන්ට්‍රෝල් කරන්න කොහොම සෙනගක් ඉන්න ඕනද...
පිට්ටනියක් ගන්න ආයෙ ඉඩක් නෑ...
ඉස්කෝලෙ ඉස්සරහින් කොළඹ නුවර පාර පිටිපස්සෙන් හෙණ කන්දක්...
ඉස්කෝලෙ හදල තියෙන්නෙ කදු බෑවුමේ...
එක පැත්තකින් පෞද්ගලික ඉඩමක් තියේ... ඒත් ඒ කයි ඉස්කෝලයි අතර ජල සම්පාදන මණ්ඩලේටයි ගමකටයි යන පාරක් තියේ...
ක්‍රිකට් ගැන මටත් ලියන්න දෙයක් ඇත./.......ලියමි මතු දිනක
ReplyDeleteඅනිවා ලියන්න...
Deleteලියනකං බලා ඉන්නව කියවන්න..
ඒත් නොලියන එකයි ගැටළුව
පිට්ටනියක සෙල්ලම් කරනවාට වඩා හවස රබර් වත්තක, වෙලක සෙල්ලම් කරන එකේ පුදුම ආශ්වාදයක් තියෙනවා මහේෂ්. ඔබේ අත්දැකීම් මේ ලිපියේ අපූරැවට ගෙනඑනවා. http://awanhala.blogspot.com/2014/08/10.html
ReplyDeleteජයවේවා!
ස්තූතියි විසිටර් වී...
Deleteඔබටත් අතීතය මතක් වෙන්න සේ සටහන හේතුවුනා කියනෙක සතුටක් මට...
ස්තූතියි මේ පැත්තෙ ආවට ජයවේවා