Thursday, August 21, 2014

ආධුනිකයා.

වෙලාව හරි... යං නේද  චන්දරේ අය්ය...

හ්ම් යමං... ටිකට් ටික හරිද...

ඔව්... නැගල ඉන්න හැම කෙනාටම ටිකට් කැඩුව...

අද උඹ ගෙදර යනවද...??

ඔව් චන්දරේ අය්ය.. මාස එකාමාරක් විතරැති නෙ. තාම ගෙදර යන්න බැරිවුණා... අම්මත් ඇහුව ඇවිල්ල යන්න එන්න බැයිද කියල....

හ්ම්...
පරිස්සමෙන් වැඩ කරපං.. උඹ තාම අළුත් එකා නෙව.. අරුංට අහුවුනොත් උඹ කම්බස්... අළුත් එකෙක් අහුවුණා කියන්නෙ උංට හතර මහ නිධානෙ පහල වුණා වගෙ තමයි... පුළුවං තරං පරිස්සං වෙයං... උං උඹව මොකේකට හරි පැටලෙව්වොත් ආයෙ මට වත් බේරගන්න බැරිවෙනව... තේරුණානෙ..??

චන්දරේ බසය බස් නැවතුම් පලෙන් පිටතට ගන්නා ගමන් සිය සගයාට දැනමුතුකමක් දුන්නේය. සිනාවක් පා එය පිළිගත් ඔහු බසයේ පසුපස දොර වෙත ඇදුණි. වැඩි වේලාවක් නොගොස්  බසය පූනෑව මංසන්ධිය පසුකර නාවික හමුදා කදවුර නැවතුම්පලේ නවත්වයි. වව්නියා සිට පූනෑවට මහලොකු වෙලාවක් නොයන බව ඔහු ගණන් සාදා තිබිණ.. එතැන් සිට මැදවච්චිය නගරය පසු වෙන තෙක් කාර්ය බහුල විය හැකි බව චන්දරේ කීවා ඔහුට මතකය.

පරිස්සමෙන් කොල්ලො නේවි ආමි කියල වැඩි වෙනසක් නෑ... හොද උං ඉන්නෙ ටිකයි... අනිත් උං ඔක්කම අංකූරො.. හිනා වෙන්න නං එපා බැරි වෙලාවත්... අනික ගානට මිම්මට සල්ලි බේරපං... අතිං පාඩු කරං ගාණ අඩුවෙං ගත්තත් එක රුපියලක් වැඩිපුරගන්න එපා... උඹ පැය බාගයක් විතර උඩ ඉදියි... ආයෙ බේරෙනව බොරු...

චන්දරේ අය්යා අනුරාධපුර නැවතුමෙන් බසය එළියට ගනිද්දී කිවු වචන කීපය දැන් කට පාඩම්ය. බියක් නැත්තේ නොවේ.. එහෙත් බැදගත් බෙරේ ගැසිය යුතුමය.

පූනැව මංසන්ධිය.....
නාවික හමුදා කදවුර නැවතුම...

මේ මොන මගුලක්ද මංද.. මුංගෙන් සල්ලි ගන්න තියෙන අමාරුවක්...

එය කාටවත් ඇහෙන්නට කීවා නොව තමන්නටම කියාගත්තක් පමණි.. කාට හෝ ඇසුණා නම් කොන්දොස්තර කම නවත්තා දොස්තර කෙනෙක් ළග නවතින්න වන බව කව්රුවත් පැහැදිලි කරන්නට 
අවැසි නැත..

මැදවච්චිය ...

කොහෙත් එහෙම්ම තමා... අළුත් එකෙක් කියල දැනගත්තම අරින්නමයි හදන්නෙ... හිනා වුණා නං එච්චරයි... පුළුවං නං ජොකත් ගලවං යාවි..

ඔය ඉස්සරහ මහත්තය සල්ලි ගන්න...

කෝ... කොහාටද...

අනුරාධපුරේ...

පනස් හතයි...

ඒක මාර මගුලක් නෙව... මං ගිය පාර වැඩට එද්දි පනස් දෙකයි.. කාගෙද මල්ලි.. උඹේ.. ගානද පනස්  හත...

නෑ මහත්තය ආණ්ඩුවෙ... ඇයි මහත්තයො ඔබතුමා පහුගිය දවස් ටිකේ නිදාගෙනද හිටියෙ... ඩීසල් ගණන් ගියා දන්නෙ නැද්ද...???

මොනවද  හු** තෝ කියන්නෙ... අපි කුඹුරු හාන උං කියල හිතුවද...

ඒක නම්බුයි...  හිතුවා මිස එවදන් පිට නොකළේය..

ඒයි  දිසා අතෑරල දාපන් යකෝ... ඌ කරන්නෙත්   රස්සාවක්නෙ... උඹේ ටිකට් එකේ ගාණ ලියල තියේනෙ.. කට වහගෙන හිටුකො...

බලකො සමරෙ මේ පො**  කැ**  කට විතරක්... පුක දිගේ අරිනව ආර්පීජී  එකක්... දැනගං ප**  මේ දිසා කියන්නෙ කව්ද කියල...

ඒ.. ඒ දිසා... මේකෙ මිනිස්සු ඉන්නව... ඔය ඇති...ඈ...

                                                                 ***************

ඇයි මල්ලි කැදද උදේට බීවෙ...???

මොකෝ මල්ලි ඉබ්බගෙ පරම්පරාවෙද...??

“මොනවද හු** කරන්නෙ..???

අපෝ අය්යෙ  කොස්සැට ගනං කරනව ද..???

ඒයි කොන්ද.... හූ....

තමුසෙට දැං සල්ලි දුන්න නේද... මේක දිගේ යන යන පාරට සල්ලි දික් කරන්න ඕනද...???

තමුසෙට මොකක් හරි අමාරුවක් වත් තියේද ඇගේම ඇතිල්ලෙන්නෙ...???

මූ නං ගෑණු පෙරේතයෙද්ද කොහෙද....

ඇයි තමුසෙගෙ ගෑණි  තමුසෙට ඊයෙ දුන්නෙ නැද්ද ...???

                                                                    ****************

කාලකණ්ණි කම..
කෙල තැම්බක් දොරෙන් එළියට පා කරමින් ඔහු සිතුවේය.
මරාගෙන මැරෙන්න හිතෙනව.. තූ විතරක්.. මේවටත් රස්සා කියල කියන්න පුළුවන්ද..?? කාලකණ්නි කම වෙන මොකද්ද... මොකා මොක කීවත් ඉවසං ඉන්න ඕන...

                                                                   ******************

රඹෑව.. ගෝනගම්පිටිය... මගුලයි... වේ බිල ඒ රෙද්ද හදන්නත් එපැයි... මොකාද දන්නෑ කොන්දොස්තර කම ලේසී කියපු පෙරේතය..


හය.. විස්ස.. කීයද විසි හයයි... හතලිස් පහයි.......................................එකසිය අසූ අටයි .......................................... හයසිය පනහයි.... මේ කීයද.... පනස් හතද.. තිස්හතද... මොන මගුලක් ලියලද මංද... ඉදකිං ඒක හරියට ලියාගන්න බෑනෙ... තිස්සත වෙන්නැ.... 
                                     
                                            *********************


මතු සම්බන්ධයි....

61 comments:

  1. ඇත්ත තිත්තයි....
    මටත් මේ මිනිස්සු විඳින්නේ පුදුම දුකක් කියල හිතෙනවා. අපිත් ඉතින් මල පන්නගෙනමනේ ඉන්නේ... අපිට නම් බැහැල ගියාම ඒක එතනින් ඉවරයි. අපි වගේ කීදෙනෙක් කොන්දොස්තරට හම්බෙනවද?

    පොලිස් රස්සාව ඇරුණුකොට, ඊළඟට අමාරුම රස්සාව!

    ReplyDelete
    Replies
    1. මාත් වෙලාවකට කොන්දල එක්ක මළ පන්න ගන්නව තමා..
      ඒත් මේක ඇහුවමමට මාර අප්සට් ගියා...
      දැං හිතෙයි මේ මොකද්ද කියන්නෙ කියල
      මේක ඇත්ත සිදුවීමකින් ප්‍රතිනිර්මාණය කරපු කතාවක්.

      Delete
  2. මුළු කතාවේම සාරංශය අන්තිම චේදයේ තියනවා.

    ----- නුගත්කම් -------

    ReplyDelete
    Replies
    1. අපේ කතා නායකයගෙද නැත්තං බසයේ මගීන්ගෙද..

      Delete
  3. ලෝකේ හිගාකෑම ඇර අනෙක් හැම රස්සාවක් ම අමාරුයි බං.....


    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්...
      ස්තූතියි විදානෙ

      Delete
    2. හිඟාකෑම ? ඔයා හිතන්නේ ලේසි කෙලියක් කියලද? හොඳම නළුවා/ නිළිය, ලොකුම පචයා/පචී , හොඳම කටහඬ, හොඳම වේෂනිරුපනය වගේ සම්මානනීය රංගනයක් ඉදිරිපත් කරන්න ඕනේ.. ඔක්කොම එකට.... මට නම් හිතෙන්නේ අමාරුම රස්සාව කියල. නැත්තම් ඔතරම් සල්ලි කන්දරාවක් හම්බකරලත් හරියට අඳින්නවත් වෙලාවක් නැති එක... සමහර වෙලාවට එයාලට සල්ලි දෙන්න අපි අපේ පර්ස් එක හුරලා හොයන්න ඕනේ... කෝ කොහෙද සල්ලි තියෙන්නේ ගානට නේ. හික්

      Delete
    3. අම්මේ...
      මේ මනුස්සය හිතල තියෙන දුරක්...
      හැබැයි මොනව වුණත් කතාව නං ඇත්ත...
      සමහර විට ඒ තරං හොද වේෂ නිරූපණ ශිල්පියො හොලිවුඩ් වලත් නැතිව ඇති..
      හිහි

      Delete
  4. ඇත්ත තමයි මහේෂ්,මේ අය ගැන අපි දන්නෙ කොච්චර ටිකද.සැරයක් ඉවාන් ඩ්‍රයිවර්ල ගැන ලියල තිබුණා.

    ReplyDelete
    Replies
    1. අනේ මංද හැලපෙ අපි හැම දේම උඩිං පල්ලෙන් අතගානව විතරයි...
      ඒකට එබිල බැලුවාම පිස්සු තදවෙනව..

      Delete
  5. නොදකින පැත්තක්..
    දැනුණු කතාවක්..

    ReplyDelete
  6. මේක නම් ගොඩක් වටින ලිපියක්. අපි නොදකින පැත්තක්. පව්.

    ReplyDelete
    Replies
    1. ඊලග කොටහත් බලල ඉන්නකො...
      හිහි

      Delete
  7. මෙහෙම දේවල් කොච්චරනම් වෙනව ඇත්ද..?

    ReplyDelete
    Replies
    1. වෙනව මචෝ.. වෙනව..ඒත් අපි සංවේදී නෑ නේද

      Delete
  8. අප්ප කොන්දොනම් විදින්නෙ මාඅර දුකක්.දවසෙම හිටගෙන.කැගහල,උදෙ 4 විතර ඉදන් රැ 9 විතර වෙනකන් වැඩකරවුනුත් ඉන්නව.පවු

    ReplyDelete
    Replies
    1. නවය දහය වෙනකං ඉන්නෙ ප්‍රයිවෙට් කොන්දොනෙ..
      මේක සීටීඉී ස්ටෝරියක්...
      මුං සමහර දවස් වලට ගෙදර යද්දි දොළහ විතර වෙනව ආවෙ උදේ හතරට වැඩ...
      එපා නොවෙයිද

      Delete
  9. පිටින් පේන්න තියෙන දේට වඩා ඇතුලාන්තය හුඟක් වෙනස්... හිතන්න යමක් ඉතිරි කරපු සටහනක්..

    ReplyDelete
    Replies
    1. ඊළග කොටසත් බලල හිතෙන දෙයක් එකතු කරන්නකො තුෂානි...
      ස්තූතියි

      Delete
  10. කොහෙද මන්ද මේ වගේ ලියලා තිබුනා එකක්. කතාවක් නෙවෙයි කොන්දොස්තර රස්සාව ගැන ලිපියක්. ඒකෙ කියලා තිබුනා ඉතුරු රුපියල ඕනිනම් මනුස්සයෙක් වගේ හිනා වෙලා බස් ටිකක් එක ඉල්ලන්න කියලා.
    හැමෝටම නොහිතෙන පැත්තක්.... මතු සම්බන්ධයි නොවැ.. ඉතුරු ටිකත් වැඩි කල් නොයා සම්බන්ධ කරමු.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ඊළග බ්‍රහස්පතින්දට දානව....
      ඒ ලිපියෙ ලිංක් එක නැද්ද.

      Delete
  11. කොන්දොස්තරවරු ගැන අපි නොදකින පැත්තක්...

    ReplyDelete
    Replies
    1. නෑ..
      දකින ඒත් සංවේදී නොවෙන පැත්තක්

      Delete
  12. මරු කතාවක් බං.. ලියපංකො එහෙනම් ඉතිරියත්..

    ReplyDelete
    Replies
    1. ඊළග බ්‍රහස්පතින්ද ලියනව මචෝ..
      ස්තූතියි අගය කළාට

      Delete
  13. කොන්දොස්තර කමත් හැමෝටම කරන්න බැරි වැඩක්...

    ReplyDelete
    Replies
    1. අප්පේ හා...
      අපි එහෙම ගියොත් මරා ගන්නව
      හිහි

      Delete
  14. අනෙකාගේ වෘත්තියට ගෞරව කරන්න දන්න එවුන් ඉන්න රටක් නෙවෙයි ලංකාව. කතාව උපරිමයි. ඊළඟ කොටස කියවන්න පෙරේතකමින් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මනො...
      ඊළග කොටහ ඉක්මණටම දානව...
      ඉවසන්ටකො...
      ස්තූතියි අගය කලාට

      Delete
  15. ඔහොම අසරණ කොන්දෙක් හිටිය ඉස්සර මං ගිය බස් එකකත්..... දැන්නං පේන්න නෑ!

    ReplyDelete
    Replies
    1. ඇය් බුවාට මක්කෙයි වුනේ...

      Delete
  16. බලන් ගියාම හැමෝම වගේ තමන්ගෙ රාජකාරිය කරන්නෙ පීඩනයකින්,,!!!!

    ReplyDelete
    Replies
    1. ඔව් නෙව...
      නැත්තං ඒක රස්සාවක් වෙන්නෙත් නෑනෙ..
      නැද්ද ප්‍රියා මචෝ

      Delete
  17. හම්ම්ම්.... කොයි රස්සාවත් ලේසි නෑ.. මම ඊයේ වේටර් කෙනෙක්ව මරන් කන්න හැදුවා.. දැන් නම් පව් කියලා හිතෙනවා.. මිනිහත් වැඩ කරලා කරලා ඒපා වෙලා ඉන්න අැත්තේ.....

    ReplyDelete
    Replies
    1. හුගක් දේවල් අපි කලිං හිතන්නෙ නෑ බණ්ඩො...
      හැමදාම පරක්කුයි....
      එහෙම නැත්තං අපි තකන්නෙ නෑ...
      ස්තූතියි අවන්හලට ගොඩවැදුණට

      Delete
  18. කොන්දොස්තොරලා ගැන නං කතා කරලා වැඩක් නෑ..
    ඉතුරු කොටසත් ඉක්මනටම ලියමුකෝ බලන්ඩ !

    ReplyDelete
    Replies
    1. ඇයි අපිප ඒ...
      ඒ මනුස්සයො ගැනත් සානුකම්පිත විදියට බලන්න ඕන කියලයි මම නං කියන්නෙ...
      ඊළග කොටසත් ඉක්මණටම දානව

      Delete
  19. කොන්දොස්තරලාට වඩා ගමන් කරන මගියෝ අන්ඩයෝ නිසා තමයි ඔවුන් ඒ විදිය වෙලා තියෙන්නේ. නැතිනම් අපි වගේ අයටත් කොන්දොස්තර කම කරන්න පුළුවන්. බලන්න ඕන අහිංසක කෙනෙක් පොලීසියට ගියාම පොලිස්කාරයා වෙලා එකම විදියට වැඩ කරනවා. ඒ වගේම තමයි කොන්දොස්තර සංස්කෘතියත්. හැබැයි මම කලින් කියලා තියෙනවා මගීන් අතේ මාරු කාසි තියෙනවනම් මේ ගැටලුවෙන් භාගයක් නැති වෙනවා. ඔවුන් ඉල්ලන්නේ නැති දේමයි. දැන් නම් ඒකට විසඳුමක් විදියට ට්‍රැවල් පාස් එක ඇවිත්. මම දැක්කා කිහිප දෙනෙක් භාවිතා කරනවත්. මටත් ගන්න ඕනේ කියලා හිතුනා. සිංගප්පූරුවේ බස් වල කොන්දොස්තරලා නෑ. හැබැයි මිනිස්සු නොගෙවා යන්නෙත් නෑ. මෙහෙ එහෙම දෙයක් කරන්න හැදුවොත් බස් ගැමුණු පරල වෙන්න හදයි. කාලෙකට කලින් මම මෙන්න මෙහෙම එකක් ලිව්වා.
    බස් කොන්දොස්තරලාට පාඩමක් උගන්වමුද

    ReplyDelete
    Replies
    1. අපේ අය පුලුවං තරං අණ්ඩ වෙන්නනනෙ හදන්නෙ...
      අර සිංගප්පුරු වෙ වගේමෙහෙ කොරන්නෙ කොහොමද බලන්න..
      අපේ උං සීටීබී වලත් ටිකට් නැතිව යනකොට...
      අර පොලිස් කාර කතාව නං සහතික ඇත්ත..
      මේකයි වෙන්නෙ සුදීක අය්ය
      උංගෙ සමාජ විංඥාණය අලුත් වැඩියා කර්න කව්රුවත් හිතන්නෙ නැ..
      හිතං ඉන්නෙ පොලිස් තරං හොද ලොක්කො නෑ කියල..
      ඒ විදියටම මනස හදා ගන්නව...
      වැඩක් නෑ මේ ගැන කතා කරල..
      ඇයි දැං ලියන්නෙ නැත්තෙ ඔයා

      Delete
  20. මිනිස්සුන්ගේ ජීවිතවල පෙන පැත්තෙන් විතරක් බලලා තීන්දු තීරණ ගන්නේ නැතුව ,මෙහම බලන්න පුරුදු වුනානම් හැමෝම .. ලෝකේ ලස්සනයි මහේෂ්

    ReplyDelete
    Replies
    1. බල්නෙ දකින්නෙ නැතිව නෙවී ඉවාන් අයය ඒපේන පැත්ත ගැන සුහදව හිතන්න කැමති නැති එක..
      එහෙම හිතෙද්දිත් හරි කණගාටුවක් දැනෙනව

      Delete
  21. මළ පෙරේතයො වගේ කොන්දොස්තරලත් ඉන්නවා...හැබැයි මනුස්සකම දන්න සිරාම මිනිස්සුත් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. හ්ම්...ඒක ඇත්ත මචෝ...
      අපි කොන්දලත් එක්ක තරහ ගන්නෙත් සමහර කොන්නොත් එක්ක පිටේ ලිට් වෙන්නෙත් ඒ හන්ද නෙව

      Delete
  22. නිතර දකින මිනිසුන්ගේ නොදුටු පැත්තක්.අාධුනිකයෙක් වීමත් මහා කරුමයක් වෙලාවකට

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඒත් ඒ කාලෙ හරියට ඉගෙන ගත්තෙ නැත්තං විනාසයි...
      ඊට පස්සෙ ගම කනව නෙව

      Delete
  23. මේක මේ රූට් එකට ආවේනික ප්‍රශ්ණයක් වෙන්නැති. මම දන්න කොන්දලා නම් ඔහොම කට්ටක් කන්නෙත් නෑ. ඔහොම කතා අහන්නෙත් ඈ. හුඟක් වෙලාවට ජරා කතා කියන්නේ කොන්දලා.

    දැන් උඹලා මාව කන්න හදන්නෙපා කරුණු නොදැන කියවනවා කියලා. මම වාහනේ වැඩවලට ගරාජ් එකට ගියාම හම්බවෙන කොන්දලා සෙට් එකක්ම ඉන්නවා. උන්ගේ කතන්දර අහගෙන, ඒවට සහභාගි වෙලා හෙම ලබා ගත්ත දැනුම් සම්භාරයක් තියෙනවා බස් ජීවිතේ ගැන.

    තව මගේ හොඳම යාලුවට බස් තිබුනා ඉස්සර. එක කොන්දෙක් හොයලා දුන්නෙත් මම.

    ReplyDelete
    Replies
    1. මූ තාම ට්‍රේන් වෙන එකෙක් හෙන්රි අය්යෙ...
      අතිශයෝක්ති කීමක් නෑ...
      කතාව ගලාගෙන යන්න පොඩ්ඩක් වෙනස් කලා එච්චරයි...
      හුඟක් වෙලාවට ජරා කතා කියන්නේ කොන්දලා. ///
      ඒක නං ඇත්ත ඈ...
      ඒකනෙ අපිට කොන්දලව පෙන්නන්න බැරි තත්තෙ ඉන්නෙ...
      ඒත් හොද වුණුත් ඉන්නව...
      කොන්දල කියන්නෙ සමාජ දැනුම් සාගර

      Delete
  24. සමාජය නොදකින් චරිතයක...නොපෙනෙන පැතිකඩක් නිරාවරණය කරන ලිපියක්. අගය කරනවා මේ සිතුවිල්ල ඔබේ. මමත් පාසල් යන කාලයේ කොන්දොස්තරලා එක්ක බොහෝ වෙලාවට කලබල කරගෙන තියෙනවා. ඒ උනත් ජීවිතය ගැන පළල් දැනුමක් ලැබුනට පස්සෙ ඒ අයගෙ රැකියාවේ තිබෙන කටුක බව, තේරුම් ගත්තට පස්සෙ මට රුපියලක් දෙකක් ඉතිරිය අඩු උනත් ඉවසා විදදරා ගත්තා.

    ReplyDelete
    Replies
    1. මම නං සිරා අය්යෙ පුලුවං තරං මාරු සල්ලි අරං නගින්නෙ.. මොකද ඒක ඒ අයට වගේම අපිටත් සෑහෙන්න පහසුවක්..
      එතකොට ප්‍රශ්නත් නෑ නෙව

      Delete
  25. ඒ මිනිස්සුත් කරන්නෙ අපි වගේම රස්සාවක්...සේරම වැඩ කරලා මාසෙ අන්තිමට හරියටම පඩිය ලැබුණෙ නැත්නම් අපිට යන කේන්තිය...ඉතින් දවස තිස්සෙම කෑ ගහමින් හෙම්බත් වෙලා රුපියල දෙකට ලැජ්ජ වෙවී බැනුම් අහන මේ රැකියාව ගැන ඔබේ අවධානය යොමු වීම බෙහෙවින් අගය කරනවා...අපේ ලංකාවෙ මිනිස්සු මීට වැඩිය ආකල්ප අතින් සහ හැසිරීම් අතින් පොහොසත් නම් බස් කොන්දොස්තරට මේ තරම් කෑ ගහන්න ඕන වෙන්නෙ නෑ ඉස්සරහට පස්සට කිය කිය...අපේ එවුන් හරියට ඉන්නවනම් මේ ජන කොට්ඨාසයත් නිකම්ම හැදෙයි...මේ මිනිස්සුන්ව කොන් කරන්න හොඳ නෑ....සමාජයක සැබෑ දියුණුව කියන්නේ ආකල්ප දියුණුව...හැබැයි මේවා එක රැයින් කරන්න බෑ...දිගු කාලීන ක්‍රියාවලියක්...අනිවාර්යයෙන්ම පුළුවන්...ඉවසීම අත්‍යවශ්‍යයි...ඔය දියුණු රටවල් ඕන තරම් තියෙන්නෙ ලංකාව එහෙම නැතුවට...වටිනා කතාවක් මහේෂ්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු...
      ඔබේ වචන පෙළට මම ඉත සිතින්ම එකග වෙනව...

      Delete
  26. මං ඉස්කෝලෙ යන කාලෙ සීසන් නැති වෙලාවට බැලුවෙම හොරෙන් යන්න. වයස අවුරුදු දහයක් දොලහක් වගේ කාලෙ... ඒ සල්ලි නොදි ගිහින් ඉතුරු කරගන්න ඒවයින් අයිස් පැකට් උරනව. ඉතින් අපිට දෑහට පේන්න බැරි කොන්දෙක් ලංගම බස් එකක ඉදියා. ඒකට අපි කියන්නෙ තට්ටයා කියල. ඒ කෙනාට තට්ටෙ තියෙනව.. මහ නපුරු මුහුණක් තියෙන්නෙ...අපි නැග්ග ගමන් ටිකට් ගන්න කියල කෑගහනව.
    ඒත් අපි ලොකු වෙන්න ලොකු වෙන්න බොහෝ දේ තේරුණා. ඇත්තටම දැනෙන ලිපියක් මල්ලි..

    ReplyDelete
    Replies
    1. මාත් සීසන් එක අමතක වුණ දවබස් වල හොරෙන් ගිහින් තියෙනව...
      ඇං ඒව මතක් වෙද්දි පොඩි ලැජ්ජාවක් නැත්තෙම නෑ...
      ඒත් ඒ වගේ වැඩ කලේ නෑ කියන්නත් මොකද්ද වගේ...
      ඒ අත්දැකීම හැම කෙනාටම නෑනෙ දිනිති අක්ක... නේහ්..
      නොදන්න කාලෙ නොදැනුවත්ව වැරදි කලාට දැං අපි අතින් වෙන්නෙ නෑ නෙව...
      ඒ අතිං පොඩි සතුටක් දැනෙනව...
      ස්තූතියි දිනිති අක්ක

      Delete
  27. ඇත්ත කතාව.. ඉතුරු ටිකත් දාපන් මචෝ..

    ReplyDelete
    Replies
    1. අනිවා ඉක්මණටම දානව...
      ස්තූතියි සිතුම්

      Delete
  28. ඉතුරු ටිකත් දැම්මාම බලමු ..කියන්න දේවල් තියෙනවා ..ඊලඟ එකෙදී

    ReplyDelete
    Replies
    1. ඊළග එකේදි කතාව සම්පූර්ණ වෙනස් වෙනව...
      වෙනව කියන්නෙ මං බලාපොරොත්තු වුණ විදියටම මං කතාව ඉවර කරල තියෙන්නෙ..
      ඒත් මට පොඩි සැකයක් තියේ...
      මොකද කට්ටිය ඉදිරිපත් කරල තියෙන අදහස් එක්ක බලද්දි ඊලග කොටසෙන් එයාල බලාපොරොත්තු නොවෙන දෙයක් එන හංද ඒක කොහොම බාරගනීද කියන එක ගැන

      Delete
  29. නොදැනෙන නොහිතන පැතිකඩක්, තවත් එක ජීවිකාවක්, මිනිස්සුන්ට මිනිස්සුන්ගේ රහ දන්නේනේ එකක් එක විදියට, එකනේ ඉතින් කියන්නේ තලු මරා ඌවම බයිටට ගන්නවා කියලා. මිනිස්සු ඉතින් උන්මනේ.

    ReplyDelete
    Replies
    1. පට්ට කනේට් එක ඒක නං සොමී...
      සිරාම කතාව ඈ....
      මිනිස්සු මිනිස්සුමයි...
      ඇත්ත...
      ඒත් වෙලාවකට නොමිනිස් ගතිත් පෙන්නනව...
      ස්තූතියි සොමී

      Delete