Friday, August 8, 2014

කන්‍යාවිය මමයි රීකන්ඩිෂන් කළ

බැලුවා පත්තරේ අම්මා තාත්තා
  තෝරා බැලුවේ නම් ලොකු තාත්තා 
කරකාරයට මා සරණට දෙන්න සිතා 
ජයට මගුල් මම හිටියේ නොකර කතා ..

පෝරුවේ නගින්නට මගේ හිත බය වුවා
අෂ්ඨක වලට සිහිසුන් නොවියන් පැතුවා 
නටපු නාඩගම් දන්නේ නැහැ කපුවා
මනමාලයා නම් සන්තෝසෙන් නැටුවා ..

දිනය අහවරේ රථයට ගොඩ වූවා
පැයකින් දෙකින් අපි හෝටලයට ආවා
මටනම් හුරුයි මේ පඩිපෙළ ගාවා 
මනමාලයා ළග විලියෙන් බර වූවා ..

රති රග කෙලිය මට හොදටම මහන්සිය
වෙරිමත නිසා ඔහු තරමක් බිහිසුණුය
පතිවත බලා සතුටින් හිනැහුනෙ ඔහුය 
මටනම් හිනා මේ මගේ තුන්වෙනි වරය ..

දිනයක එකල මගෙ හිරිමල් වයස නිසා 
පෙම්බස් වලට තැන දුන්නේ නොකර මුසා
කරකාරයට මා ගෙනයමි කියනු අසා
පතිවත පුදා රැකගත්තේ සෙනෙහෙ නිසා ..

ඔහු රට ගියාමයි ආවේ නැහැ මේ පැත්තේ 
වසරක් ගත උනත් නැහැ දුරකතනෙට ගත්තේ 
අම්මල හොයපු මනමාලයා ගල්මත්තේ 
මටනම් දුකයි පොර නැහැ සිද්දිය දත්තේ ..

සිටියේ දින දෙකයි රෝහලේ නේවාසිකව 
දසදහසයි ගියේ දොස්තර ගාස්තුව 
කන්‍යාපටලේ හැදුවේ පෙර තිබු ලෙසව 
කන්‍යාවිය මමයි පතිවත අද පිදුව ..


පද ගැලපුම -අමිල අධිකාරම් 


පසුගිය දිනෙක මා  කියවූ අපූරු කවියක් මෙලෙස ඔබ හා බෙදාහදා ගන්නට සිතුණි. මෙය වර්තමානයේ සිදුවන සත්‍ය සිදුවීමක් පිළිබදව කවියා දුටු ආකාරය හොදින් නිරූපණය වන්නක් යැයි මට සිතේ.
එසේම මෙය කිසිවෙකුටත් සිදුකළ පුද්ගල අපහාසයක් නොවන බැව් කාරුණිකව සලකන්න.

60 comments:

  1. මෙක බුකියේ දි කියෙව්වා වගේ මතකයි ,අපුරු පැදි ටිකක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අමිල අදිකාරම් කියන නම ලිංක් කරල තියෙන්නෙ කැමති කෙනෙක්ට එයාගෙ ප්‍රොෆයිල් එකට ඇඩ් වෙන්න...
      අපූරුයි කියන්නෙ පට්ට

      Delete
  2. මේ කවිය අපිට අරං ආවට උඹට ස්තූතියි මචං. ඇත්තෙන්ම විශිෂ්ඨයි. සැත්කමකින් මෙය නැවත සැකසිය හැකිබව මෑතකදි මාත් කියෙව්වා. ඒ පුවත නිමිත්තෙන් වගෙයි මේ නිර්මාණය හැදිල තියෙන්නෙ.

    \\පැයකින් දෙකින් අපි හෝටලයට ආවාමටනම් හුරුයි මේ පඩිපෙළ ගාවා මනමාලයා ළග විලියෙන් බර වූවා ..//

    සුපර්බ්!!

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල මොනවද බං කරන්න බැරි නේහ්...
      හිකිස්...
      මටත් මේක දැක්ක ගමන්ම හිතුනෙ සුපර්බ් කියලතමයි මනෝ..

      Delete
  3. හුඟක් රටවල කන්‍යාවියක් වීම නොසුදුසුකමක් කියලයි සැලෙකෙන්නේ. එතකොට ඔය සර්ජරි එකට ඉල්ලුමක් තියෙන්නේ අපේ වගේ රටවල විතරක් වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. ඇයි ඉන්දියාව වගේ රටවල්...
      අරාබිකරය ගැන නං දන්නෙ නෑ...

      Delete
    2. ඊයේ පෙරේදා මෙහේ ටීවී ප්‍රෝග්‍රැම් එකක් ගියා වර්ජින් කෙනෙක් ලෙස විවාහය වන තෙක් ඉන්න එක ගැන. ගෑණු තමයි සහභාගිවුනේ. බඳින දවස වෙනකම් එහෙම ඉන්නවා කියන එක ලැජ්ජාවක් සහ අඩු සුදුසුකමක් හැටියට තමයි ඒ ඔක්කොම කියන්නේ. ඒ එක්කම කියනවා කන්‍යාභාවයෙන් මිදෙන දවස සොඳුරු දවසක් ලෙස මතකයිලු. අළුත් පරම්පරාවට කියනවා...ඒ දවස බීමතින් විනාශ කරගන්න දවසක් නොකර ..උපරිම සුවය සහ රසාස්වාදය විඳින්න කියලා. මේ සාකච්ඡාවට ආවේ දැණ උගත් අය මෙන්ම එක් එක් ස්ථරවල අය. මම පෞද්ගලිකව කන්‍යාභාවය ගැන හිතන්නේ විහිළුවක් හැටියට.

      Delete
    3. මටත් වෙලාවකට හිතෙනව ඔය විදියට..
      හැම වෙලාවෙම හිතෙනව කියල ඇයි කෙප්ප කියන්න ඕන...
      ඒත් සමහර කෙල්ලො දකිනකොට හිතෙනව එහෙම ඉන්නෙක අවුල කියලඅනේ මංද
      මං ඇතුලෙත් ඉන්නව ගෝත්‍රික යෙක්

      Delete
  4. හපොයි දැන් එහෙමත් කොරනවද ? තාක්ශනේ දියුණුව .පට්ට පට පට .

    ReplyDelete
    Replies
    1. තාක්ෂණය සෑහෙන්න දියුණුයි නෙව...
      දැං කෙල්ලන්ට ඉස්සර වගේ බයිසිකල් පැද්දා ඩාන්සිං කරා කිය කිය ඉන්න ඕන නෑ නෙව... හිහි

      Delete
  5. මොන අපහාසයක්ද බං.?? නියමයි.

    තමන් කසාඳ බැදලා මුලු ජීවිත කාලෙම එකට ජීවිතේ ගෙවන්න හදන ගෑණි ගැන මුළු විස්වාසෙම ලේ බිංදු කිහිපයක් මත තියන අපේ රටේ මේවා නොවෙනවා නම් තමා පුදුමෙ.!!

    ReplyDelete
    Replies
    1. ඒත් තාම ඒ වගේ ගෝත්‍රික මතවාද තියෙන අය සහ එයිට වඩා අම්බාලෙට ආතල් ගත්ත ඒත් තමන් බදින එකීගෙ කන්‍යයභාවය බලාපොරොත්තු වෙන උං ඉන්නවනෙ

      Delete
    2. ඔය ඇම්ම ඔක්කොටම වඩා තියෙන්නෙ නැන්දම්මටනෙ බං. තම්න්ගෙ කොල්ලයි බැන්ද ලේලියි එකට නිදාගත්ත සුදු රෙද්ද ආයෙ බලන්න ඉල්ලන්න එක මොන විලිලැජ්ජ නැති වැඩක්ද බං. චැහ්! ඔන්න අපේ උතුම සභ්‍යත්වය, මහ ලොකු සංස්කෘතිය. මේව තමයි නියම ගෝත්‍රික සිරිත් විරිත්.

      Delete
    3. මෙහෙ නං දැං ඕක නැති වේගන යන දෙයක්.. කෝමත් සුදු රෙද්ද බලන්නෙම නෑ...
      ඒත් සමහර පැති වල නං ඔය චාරිත්තර වාරිත්තර ගැන ලොකුවටම හිතනව කියල මං අහල තියේ

      Delete
  6. පිරිමි රටේ තියෙන ලර්නර්ස් වලින් පුරුදුවෙලා පුරුදුවෙලා ගෑණු ගන්නකොට ගෑනියක් එහෙම කරන එකේ ඇති වැරැද්ද මොකද්ද.මම නං කැමතියි අපි සාධාරණව හිතන්න එපැයි.අපි කරනකොට හොඳ නං උන් කරන එකේ ඇති වැරැද්ද මොකද්ද මං අහන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒත් හැලපෙ සමහර ඈයන්ට ඕක දිරවන්නෙ නෑ නෙව..
      එයාලට ඕනෙම මලෙන් උපන් මල් පත්තිනි දේවියක්

      Delete
  7. හයිමෙනොප්ලාස්ටි සැත්කම:

    http://en.wikipedia.org/wiki/Hymenorrhaphy

    ReplyDelete
    Replies
    1. හිහික්...
      ඔය තියෙන්නෙ විකිපීඩියා පේජ් එකම...
      හැක්

      Delete
  8. අමුතුම තාලයේ කවියක් !!!

    ReplyDelete
    Replies
    1. අමුතු කවියද නැත්තං සිදුවීමද

      Delete
  9. කව්රු ලීවත් ඇත්ත තත්වයක් මහේෂ්.........

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කුරුටු.
      අපේ සමහරක් ගෙ ගෝත්‍රික මානසිකත්වය තමා ඉතිං

      Delete
  10. ස්තූතියි උඹට මේක අපි එක්ක බෙදාගත්තට..

    ReplyDelete
    Replies
    1. හොද දෙයක් හමුබුණාම අනිත් අයත් එක්ක බෙදාගන්නෙක හොද පුරුද්දක් නෙව...
      වෙල්කම් සනා

      Delete
  11. දැන් එහෙනම් ගන්න කලින් අහන්න වෙනවා පතිවත බරෑන්ඩ් නිව්ද , රිකන්ඩිෂන්ද කියලා

    ReplyDelete
    Replies
    1. හිහි...
      ඔව් ඔව්...
      නැතිව නං කරන්න අමාරු වෙයි...
      හැක් හැක්

      Delete
  12. හොදයිනේ.. මොනව උනත් ලේ බිංදුවක් වැටුන් නෑ කියල ඉදිරි ජීවිතේ අවුල් කරගන්නවට වැඩිය.. කොච්චර හොදද.

    ජ ය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත මොකද හණමිටි කරේ ගහන් ඉන්න නැන්දම්මල එක්ක කෙළගෙන ජීවත් වෙනවට වඩා ඒක හොදයි තමා...
      හැක් හැක්

      Delete
  13. සහතික ඇත්ත මචෝ...
    අද කලේ ගොඩක් කෙල්ලන්ට ඔක තමා වෙන්නේ.
    සමහරවිට කැමැත්තෙන් නැත්තන් අකමැත්තෙන්......

    ReplyDelete
    Replies
    1. උඹ හරි මචෝ සමහරුත් එක්ක දීග යද්දි එහෙම නොවුනොත් අවුල් යනවනෙව

      Delete
  14. කිසිම අපහසයක් නෑ උපහාසය නියෙමට අකුරැ කර ඇත
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙන්ඩො...
      අමිලය කියන්නෙ පට්ට පොරක්

      Delete
  15. මාත් දැක්ක ලඟදි ඔය සීන් එක පත්තරේක..දැන් එහෙමත් පුළුවන් ලු නේ බන්..ඒකත් ඉතින් ඉල්ලුමේ හැටියට සැපයුම සිස්ටම් එකට හැදිච්ච බිස්නස් එකක් තමයි මං හිතන්නේ..:D

    ReplyDelete
    Replies
    1. හිහික්..
      ඔව් ඔව්.. එහෙම වෙන්නත් පුළුවං...
      හැක්

      Delete
  16. අපූරුයි.............මේක අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි අයියා...................

    ReplyDelete
    Replies
    1. හොද දෙයක් අනික් අයත් එක්ක බෙදාගත්තම සතුටක් දැනෙනව නෙව...
      වෙල්කම් මලේ

      Delete
  17. මතකද පොඩි මෑන්ගෙ සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවි ?

    ReplyDelete
    Replies
    1. හුටා... ඒක අහල නෑනෙ ශෂි... කියන්නකො අපිටත් දැනගන්න

      Delete
  18. පඳුරු තලා රිසිසේ
    කන්‍යාවියක් පතුවාද මෝඩයා

    ReplyDelete
    Replies
    1. පදුරු තලා රිසිසේ
      පැතුවේ තවත් එවැනිම
      පදුරු තැලූ එකියකි
      හැක් හැක්

      Delete
  19. ඕවා ඉතින් එක එක්කෙනාගේ මතයන් අනුව තමයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්...
      ඒත් සමහරුත් එක්ක බෑ නෙව

      Delete
  20. කවිය සමාජකලිනයි ......වරදක් නැ.... ඇත්ත වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. කන්‍යා භාවය හදන එක ඇත්ත සමහර විට මේම සිද්ධියකුත් වෙලා ඇති
      හිහි

      Delete
  21. චූ එකරෙ....පෙයාර් කරේ.....

    ReplyDelete
  22. සමාජය එන්න එන්න පරිහානියට යනවද මන්දා... උපහාසය නම් රස කරල ලියල මල්ලි... :-)

    ReplyDelete
    Replies
    1. අමිලයට තමා ගෞරව නම්බු නාම යන්න ඕන

      Delete
  23. මෙ ටොපික් එකෙ කතාවක් හරි වෙන මොකක් හරි කියෙවුව මතකයක් තියෙනව.කොහොම වුනත් නියමයි.ඔයගැන ගොඩක් කතා වුනෙ තන්ගල්ලෙ සිද්ධියෙදි සුද්දිට ඔය සර්ජරි එක කරල එකි වර්ගින් කියල සභාපතියව බෙරගන්න හදනව කියල කතාවක්ගිය නිසා.

    ReplyDelete
    Replies
    1. අනේ මංද..සුද්දියෙක්ට ඒ වගේ දෙයක් කරන්න හිතන එක ගොං කමක් මොකද උංගෙ බොක්ස් බ්ලාස්ට් වෙන්නෙ අපේ උං හීනෙං චූ කරනකොට නෙව

      Delete
  24. පිරිමින්ගේත් ඔහොම එකක් බලන්න තිබ්බනම් තමයි වැඩේ වෙන්නේ

    ReplyDelete
    Replies
    1. තියේ තියේ ඒත් හුගක් අය දන්නෙ නෑ

      Delete
  25. කවිය නං ඇත්තට ම වෙන සීන් එකක් තම යි.. පුද්ගලික ව මම නම් කන්‍යාභාවය කියන එක සලකන්නෙ නැහැ, මොක ද එක ම එක මොහොතක වැරැද්දක් නිසා ඒක නැති වෙන්නට ඉඩ තියෙන නිසා. ඒ වැරැද්ද නැවැත නැවැත සිදු වන්නෙ නැත් නම් තවත් ඒ ගැන කතා කරන එක අවහ්‍ය නෑ මම හිතන්නෙ...
    පට්ට කවිය...

    ReplyDelete
    Replies
    1. ලැම්බ ව සාදරයෙන් පිළිගන්නව අවන්හලට...
      ලැම්බ හරි ලැම්බො එක මොහොතක් හන්ද ජීවිතයක්ම නැති නාස්ති වෙනව කියන්නෙ හරි අපරාදයක්...
      ස්තූතියි අගය කිරීමට...
      ආයෙත් මෙහෙ එන්න

      Delete
  26. ඔය කතාව මාත් අහලා තියනවා. එක අතකට වරද්දකුත් නෑ කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් අපේ සම හරක් හන්ද ජීවිතයක් විනාස වෙනවට වඩා හොදයි නෙව

      Delete
  27. පට්ට කවිය.. ඇත්ත කතාව

    ReplyDelete
    Replies
    1. හිහි ඔව් නෙ..
      ස්තූතියි මචො

      Delete