වෙඩි බේත් සැර
හුළග
මල් වෙඩි
පැරදෙන හැඩයි
ඇස් නිලංකාරයි
බක්මහ අකුණු
විරසකයි....
දුඹුරු පාටයි
පිදුරු පාටයි
නිලක් නෑ
පෙනෙන නෙත් අස
මිරිගුවට ඇස්
ගිනි දවයි
ඒ මැදින් රුපු
ඇස් රවයි
විරසකයි මහී
අම්මත්......
ඉමක් නොපෙනෙන
රෑ දිවා
රතු කහ ගිනි
එළි ඉගිල්ලෙයි
හතර වට ගොර
බිරම් නද දෙයි
මහ පොළව ගිනි
දවයි
මිතුරු සද
මිහි සිප ගනියි
සොයුරු පෙම හදවත
දවයි
එකා පිට වැටි
එකා උඩ හිද
මරණයක් මැද
ජීවිතේ පියාඹයි
සොයුරු සහසක්
රුහිරු බිදු මත
රතුම රතු පොපි
මල් පිපෙයි.......
ලොකු කතාවක් ,,නියමයි ..ඇත්තටම ..
ReplyDeleteඅසාධාරණයක් මගෙ අතිං උනා දෝ කියලහිතෙනව. මට පුළුවං තරං හොදට මම ලිව්ව. ස්තුතියි සහෝදර තුමා මේ පැත්තෙ ආවට. ස්තුතියි අගය කිරීමට
Deleteඅමිහිරිම කවිය ලිවුව ඔවුන් තමයි අපේ ජීවිත මිහිරි කලේ.. ලස්සනයි කවිය..
ReplyDeleteඇත්ත දිනේෂ් සහෝ ඒත් අපේ හුගක් ඈයන්ට ඕක අමතක එකනෙ වැඩේ කියන්නෙ
Deleteආයිමත් යුද්ධයක් ආවොත් තමයි මේ විරුවොන්ගෙ අගේ ලංකාවෙ ඉන්න උන්ට ආයිමත් දැනෙන්නෙ.ඒ කාලේ රණ විරුවො.දැං කාලේ ඒවා ගැන කතාවක්වත් නෑ
ReplyDeleteඑකෙන්ම එකග වෙනව මම. මොකද අපේ අන්ට තියන්නෙ හැමදේම අමතක කරල දාන මහ වහුටු ගතියක්
Deleteබොහොම අගේට ලියන්න සාර්ථක උත්සාහයක් අරන් තියෙනවා.. ජය වේවා
ReplyDeleteබොහොමත්ම ස්තුතියි දේශක තුමා
Deleteහෑ ... ලංකාවේ යුද්ධයක් තිබුනද ? රණවිරුවෝ කියල කට්ටියකුත් හිටියද ?
ReplyDeleteඅනේ මට මතක නෑ .................
යසිත් ටත් දුමින්ද උන්නැහෙගෙ ලෙඩේ එහෙම බෝවීගන එන ගතියක් නෑනෙ නේද...
ReplyDelete