Wednesday, January 8, 2014

අමිහිරිම කව



කළු අළු දුම් කැරළි
වෙඩි බේත් සැර හුළග
මල් වෙඩි පැරදෙන හැඩයි
ඇස් නිලංකාරයි
බක්මහ අකුණු විරසකයි....
දුඹුරු පාටයි පිදුරු පාටයි
නිලක් නෑ පෙනෙන නෙත් අස
මිරිගුවට ඇස් ගිනි දවයි
ඒ මැදින් රුපු ඇස් රවයි
විරසකයි මහී අම්මත්......
ඉමක් නොපෙනෙන රෑ දිවා
රතු කහ ගිනි එළි ඉගිල්ලෙයි
හතර වට ගොර බිරම් නද දෙයි
මහ පොළව ගිනි දවයි
මිතුරු සද මිහි සිප ගනියි
සොයුරු පෙම හදවත දවයි
එකා පිට වැටි එකා උඩ හිද
මරණයක් මැද ජීවිතේ පියාඹයි
සොයුරු සහසක් රුහිරු බිදු මත
රතුම රතු පොපි මල් පිපෙයි.......



10 comments:

  1. ලොකු කතාවක් ,,නියමයි ..ඇත්තටම ..

    ReplyDelete
    Replies
    1. අසාධාරණයක් මගෙ අතිං උනා දෝ කියලහිතෙනව. මට පුළුවං තරං හොදට මම ලිව්ව. ස්තුතියි සහෝදර තුමා මේ පැත්තෙ ආවට. ස්තුතියි අගය කිරීමට

      Delete
  2. අමිහිරිම කවිය ලිවුව ඔවුන් තමයි අපේ ජීවිත මිහිරි කලේ.. ලස්සනයි කවිය..

    ReplyDelete
    Replies
    1. ඇත්ත දිනේෂ් සහෝ ඒත් අපේ හුගක් ඈයන්ට ඕක අමතක එකනෙ වැඩේ කියන්නෙ

      Delete
  3. ආයිමත් යුද්ධයක් ආවොත් තමයි මේ විරුවොන්ගෙ අගේ ලංකාවෙ ඉන්න උන්ට ආයිමත් දැනෙන්නෙ.ඒ කාලේ රණ විරුවො.දැං කාලේ ඒවා ගැන කතාවක්වත් නෑ

    ReplyDelete
    Replies
    1. එකෙන්ම එකග වෙනව මම. මොකද අපේ අන්ට තියන්නෙ හැමදේම අමතක කරල දාන මහ වහුටු ගතියක්

      Delete
  4. බොහොම අගේට ලියන්න සාර්ථක උත්සාහයක් අරන් තියෙනවා.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි දේශක තුමා

      Delete
  5. හෑ ... ලංකාවේ යුද්ධයක් තිබුනද ? රණවිරුවෝ කියල කට්ටියකුත් හිටියද ?



    අනේ මට මතක නෑ .................

    ReplyDelete
  6. යසිත් ටත් දුමින්ද උන්නැහෙගෙ ලෙඩේ එහෙම බෝවීගන එන ගතියක් නෑනෙ නේද...

    ReplyDelete