අටෝරාසියක් වූ
සද්ද බද්දයෝ ගොළුවී ගොස්ය. ඒ වෙනුවට එතැන ගන්නට ගෙම්බන් රැහැයියන් පොරකනු ඇසෙයි.
කලා පුරන්නට පෙරුම් පුරන අටවක සඳ ඈත අහසේ
ලැගුම් ගෙන අදුරු අළු සුදු කළු වලාවන් කපා සිය කසාවන් ආලෝක සළුවෙන් මිහිතලය
පිරිමදින්නට තැත් දරයි. ඉදහිට තැනක තරු කැකුළකි... තරුවකි... දෙකකි.. ඒ හැරෙන්නට
ආකාසයම පාළුය. මළානික සඳ සළුව විටින්
විට කළු වලාකුලකට පරදින තාලයට ගෙම්බන්ගේ හඩ වඩා උස්වද පහත්වද ඇසෙයි. රැහැයි නද හා එක් වූ විට එහිත් ඇත්තේ
තාලයක්යැයි හිත කියයි.
‘’මේ වගේ හීතල හඳ හෙවණ යට හඳ පින්න මූණ
හීතල කරනකං ඉන්න හිතෙනව හැමදාම......’’
නුඹ මුමුණයි.
නුඹේ කවි වදන් මට නොතේරේ... නැත්නම් නුඹේ කවි හිත මට නොතේරේ.. මම හූමිටි තබමි. අහස
මා දෙස බලමින් සිනා නගයි...
මොකද අනේ...?
ඇයි...?
බස්සෙක්
වගේ...
නුඹට
දෙන්නට පිළිතුරක් නොදත් මම සිනා නගමි.
මුදු උණුහුමට ගුලිවෙන ළදැරියක් සේ නුඹ මපපුතුරට ගුලිවෙයි.. ඇස් නෝක්කාඩු කම්
පායි..
ඇස් පාරන
කදුළකට ඉඩ නොදී මම නෙත් වසා තදකර විවර කරමි.. සැබෑය ඒ නුඹ හා ගෙව් සොදුරු
හෝරාවන්ය. නිරන්තරයෙන් හිත පාරනා සොදුරු හෝරාවන්ය.
හූම්..... හිත
මොහොතකට නතර විණි.. හොදින් කන් දිහා අසා සිටියෙමි. හූම්... අමුත්තකි.. සැබෑය.. බස්සාගේ
හූම් හඩට පිළිතුරු බදින්නට, හුම්..හූම්...
ගාමින් පිළිතුරු බදින්නට බස්සියක් නැතිවා සේය... බස්සියක් නැති බස්සෙක් තනිව හූම්
අඩ නගයි... නොදන්නා ඉමක් සිටින බස්සියකට ආරාධනා කරයි...
මතකය යළිත්
හිත විතැන් කරවයි. මටත් නොදැනී අතීතයේ එක් දවසකට තට්ටු කරයි. පපු කොණක් කීරි
ගස්සවමින් මතක පුංජයෝ කඩා හැලෙන්නට විය. මතක බරින් හිත බරවෙන්නට විය.
මහී...
ම්...
මොනාද අනේ..
ඇයි..
හැම වෙලේම
හූම් හූම් ගාන්නෙ...
බස්සෙක් ඉතින්
බස්සි හම්බවුණාම හූම් ගානව තමයි...
අ...නේ.....
නුඹ නෝක්කාඩු
ගත්තීය... ඉතින් කියන්නකො.... මම නුඹේ ගෙල පිටුපසින් අත යවා වම් කම්මුල
පිරිමදිමින් අසමි...
ඔයාට මේ ලෝකෙ
වැඩියෙන්ම වටින්නෙ කාවද...?
නුඹ බොළද
වෙයි... සැබෑය.. සෙනෙහස අබිමුව විදග්ධ වන්නෙකු නැත.
ම්.... මං
ආදරේ මගෙ පණට......
හුග්....
මහී...
තරු ඇස් නෝක්කාඩුවෙනි. ඇස් අගිස්සට කදුළු උනාගෙන එයි...
මහ
ආත්මාර්තකාමියෙක් තමුසෙ...
ඇය විස හීසර
වදනක් මුවාත් කොට මා දෙසට විද්දාය... මා මොහොතකට අඩපණ වී ගියෙමි... නැත ඇයට තරහා
ගන්නට යමක් කියවුණේ නැත
සදූ....... මේ
අහන්නකො.... ඉතු..
මට කිසි දෙයක්
අහන්න ඕන නෑ... හැමදාම ඔහොමමයි... මං මොකක් හරි කීවොත් හිනාවෙයි... නැත්තං උඩ බලං
ඉදියි... එක දවසක්..... එක දවසක්.. මං කියන දේකට මට හිත හැදෙන්න දෙයක් කීවද..? මං
ඉන්න පුලුවං තරං ඉවසං හිටිය... නෑ... කවදාවත් නෑ... තමුසෙ හැදෙන සතෙක් නෙමෙයි...
මට කිසිත්
නොකියන්නට මදකුදු ඉඩක් නොදී ඈ කියාගන ගියාය... අහස තෙමේ කිසිත් සිතාගත නොහී බලා
සිටියේය... තරු ඇස් රතු වන්නට රතු වන්නට ඈ වියරු විය... මා කෙදිනක හෝ ඈ කියනා
ලෙසින් හැසිර නැත... නොදැනුවත්ව හෝ ඒ හිත පාරා නැත...
සදූ ... සදූ
අහන්නකො..
මොනවද
.......මොකුත් එපා...... ආයෙ මොකුත් එපා.. මේ හොදටම ඇති...
මවෙතින්
මිදුනු ඈ මා කියනා කිසිවක් නාසාම ඈතට දිව ගියාය... සැබැවින්ම මා කියනා කිසිත්
අසන්නට ඇයට උවමනාවක් නොතිබුණා සේය... මා කියන්නට ගිය දේ කියා අවසන් කරන්නට නුඹ
ඉඩක් දුන්නානම්..
“මං ආදරේ මගෙ
පණට... මගෙ පණ තමයි ඔයා....”
මට කියන්නට
අවැසි වූයේ එපමණකි. නමුදු අවසානයක් දකින්නට නුඹ වර නොදුන්නාය... සැබැවින්ම මම මා
දෙවැන්නෙහි ලා නුඹට ආදරය කළෙමි.. මා වටහා ගන්නට නුඹට නොහැකි වූවාට මම පසු
තැවෙමි...
මතකයි
දවසක
ඔයා ඇහුව
ඔයාට වැඩිපුරම
වටින්නෙ
කාවද....?
මගෙ ජීවිතේ...
මං කිව්වම
මුකුත්ම
නොකියපු ඔයා
අමනාප ඇස්
හංගන්
යන්න ගියා....
දන්නෙ නැතුව
මගෙ ජීවිතේ
ඔයා කියල....
***************
ඉර ගිනි
ගනිමින් කඩා වැටී නිවී ගිය එක මොහොතක අහසින් බැසි සදවත මා සොයා ආවාය. අහස් තෙමේ
සුපුරුදු ලෙසම නෙත් සිත් යොමා බලා සිටියේය. අමනාපකම් මවා නික්මන් කළ කල්පයක් වන්
කාලයකට පසු මා ඈව දුටුවාමය.. ඇගේ සුවද දැනුනාමය..
පෙරදිනෙක කියා අවසන් කරන්නට අවැසි වූ දේ කියන්නට මට අවැසි විය.. නමුදු ඇයට
ඊට අවැසි තාවක් නොවිණ... දෙවන වතාවටද මා ඒ ඇස් අබිමුව පැරැදුණෙමි.
තාත්ත මට ප්‍රපෝසල්
එකක් ගෙනත්...
ඔයා කැමති
නෑනෙ... ඇසුවේ හිත පමණි... මුවග ගොලුව බලා හිදී...
අපේ කසින් වෙන
කෙනෙක්... එයා ගාඩ දවසක ඉදල මට කැමැත්තෙන් ඉදල තියෙන්නෙ... ගෙදර අය ලව්ව අපේ
තාත්තගෙන් අහල..
හිත කොණකින්
සියුම් රිදුමක් නැගෙන්නට වූවේ ඇයිදැයි මට නොවැටහුණි... යමක් අහිමි වන්නට යන විට
දැනෙන බියකට සමාන බියක් හිත ඇතුලාන්තයේ සිටවිත් පපුවම හිර කරන්නා සේය.. මා හැර,
අන් හැමදාම මෙන් නුඹම පමණක් කතා කරයි... මා අසා උණිමි... අහසද වික්ෂිප්තයෙනි...
තාත්තල කැමතී
මං එයාව බදිනව නං... මට බෑ තාත්තලගෙ වචනෙට පිටිං යන්න.... මං හිතුව මගෙ කැමැත්ත
දෙන්න...
හදිසියේම
අහසින් පොළවට ආ සඳවතියක් රතුරෝස
මලෙක පෙති එකින් එක ඇද සිද දමන්නට විය. රිදී වැටෙන මල් පෙත්තක් ගානේ ආදරයක්
වැලපෙමින් මියැදෙන්නට විය... අවසන්ම මල් පෙත්තත් කඩා හලා මල අහිමි නටුව හිත් පිත්
නැත්තියක සේ විසිකර දමා වියරු සිනාවක් පෑවාය. කිසිත් නොදෙඩූ ඈ කිසිත් අසන්නටද
බලාපොරොත්තු නොවීය... මල් පෙති අහිමිව හඩන නටුව සොයා පාගා පොඩිකරලූ ඈ ආපසු හැරී නොබලාම
නික්මුණාය. කළුවර ගණදුර පමණක් සුසුම් සුළගක් මැද තනිව ඉකිබින්දේය...
සීතල සුසුම්
සුළගක් වා ගැබ සිසාරා ඇදුණි... බස්සාගේ හැඩීමද නැවතී ඇති සෙයකි.. කලා පුරන්නටැයි
අහසට නැගි සඳ ද වේලාසනින්ම
සමුගෙන ඇත්තා සේය... අහස පමණක් සිය සුපුරුදු බැල්ම යොමා නිහඩව බලා හිදියි...
මම නම් මාත් එක්ක ඉන්න එකට ලව ,නැතුව අනේ පනේ කිය කියා පස්සෙන් යන්නෙ නෑ ,මොකටද එහෙම යන්නෙ ,ඉන්න එක ගියොත් වෙන එකක් සෙට් කර ගන්නවා වෙන නතුව ඈ ,ඉන්නෙ ඕන තරම් ,,,,හැක් හැක්
ReplyDeleteමල් කතා රසයක් මට දැනෙන්නේ මම නම් මේ වගේ කතා වලට වැඩිය කැමති නෑ ඕන් ..
ඒත් ආදරේ කියන දේ නැතිව පැවැත්මකුත් නෑ නේද සහෝදර තුමා... මට හිතෙන්නෙ අපි ආදරෙයි ආසාවයි වෙලාවකට පටල ගන්නව. එහෙම උනාමත් ඔය වගේ අදයස් එනව.
ReplyDelete//මල් කතා රසයක් මට දැනෙන්නේ මම නම් මේ වගේ කතා වලට වැඩිය කැමති නෑ ඕන් ///
මේ ගැන නං මට කියන්න තියෙන්නෙ මේම දෙයක්.. අපි හැම කෙනාටම එක පාරම නැගිටින්න බෑනෙ තාම නැගිටින්න පටන් ගත්ත විතරයි. ඉතින් ශක්ති ප්‍රමානෙන් පුලුවං හොදට ලියන්න උත්සාහ කරා.. බලමු නේ ඉස්සරහට... අනිත් එක මල් කතා කියල කීවෙ මේක ආදර කතාවක් හින්ද වෙන්නැ. ඒත් මං පුලුවං තරං භාෂාව මට දැනෙන විදියට භාවිතා කරා. බලමු ඉස්සරහට. මේ පළවෙනි උස්සාහය නෙව
ඔන්න හොට පටලන්
Deleteමල් කතා කියල කීවෙ මේක ආදර කතාවක් හින්ද වෙන්නැ.////
මම කියන්න හැදුවේ ලිවිල්ල හොදයි එත් අර සුජිව කරයා වගේ අනෙ පනේ නිකන් තොදොල් වෙන එවා වැඩිය දාන්න එපා .
සිද්ධිය හිතා ගන්න ඉඩ තියහන් ,මේ වර්ථාකරන ගතිය වැඩි .කියන්න යන්න එපා අපි හිතා ගන්නම් .කතා රසය ගැන හිතන්න ,
ස්තුතියි උවදෙසට. හැකිතරම් උත්සාහ කරන්නම්. තව ටික කාලයක් ලියන කොට මගෙ තියෙන වැරදි අඩුපාඩු හැදෙයි. ඔයාලගෙ සහය තමා අවශ්‍ය.
Deleteකණගාටුයි හිත් රිදීමක් වුණා නං... හැබෑවටම මං හොට පටලං වගේ
වචනයෙන් නොකිවුවට හුඟක් දෙනෙක්ට තමන්ගේ ආදරේ තමන්ගේ ජිවිතේම තමයි.. ඒක දැනෙන්නේ ඒ අයටම තමයි.. මේ මම වුනත් එහෙමයි..
ReplyDeleteඒක ඇත්ත කවුරු කෝම කීවත් ආදරේ විදිනකොට ඔය ලොකු කතා ඔක්කොම කැලේ එහෙම ඒව කීවද කියල වත් අමතකයි
Deleteඅනේ මන්ද බං ආදරේ එක්පයර් වෙච්චි හින්දද මන්දා මට නං දැං ඕවා අරහං.. හැක්.. ලිවිල්ල හොදයි..
ReplyDeleteආදරේට එස්පයර් ඩේට් තියේ කියල දන්නෙ අදනෙ.. හිහි...
Deleteස්තුතියි දේශක තුමා... මං පුලුවං තරං හොදට ලියන්න තමා ට්‍රයි 1. බලමු ඉස්සරහට... මීට වඩා වෙනස් දේවල් ලියන්න පුලුවං වෙයි
තමන් තමන්ට වැඩියෙන්ම ආදරේ කරන ගමන් තමයි අනිත් හැමෝටම ආදරෙයි කියන්නේ. ඔය මට හිතෙන හැටි.
ReplyDeleteහුගක් අය එහෙමයි... අරූ.. අපි කොයිතරං ආදරේ කලත් සමහර වෙලාවට ඒක අනෙක් කෙනාට ඒක නොදැනෙන එකයි දුක
Deleteතමුන්ට ආදරේ නැති එකා කොහොමද අනුන්ට ආදරේ කරන්නේ . ඒ සරල සත්‍යය නොතේරෙන ය ඒමට ඇත
ReplyDeleteඒ නං ඇත්ත ඉවාන් අය්ය... හුගක් අය අනුන්ට තියා තමන්ටකෝමට වත් ආදරේ නෑ....
Deleteගොඩක් ස්තූතියි මේ අහට ගොඩවැදුනට... පුලුවං හැම වෙලේම ඇවිත් යන්න
කාලෙකට පසුව විසි කර දමන්නට යන පත්තර කෑල්ල වන දැන්වීමක් වගේ අහම්බෙන් කියවිනි. ඹ සහ බ අනේ මන්දා යැයි සිතා උඩින් පල්ලෙන් කියවීමි. කියවීමේ රුචිය ඉහවහා යන්නට විය. පසුව මුල සිට අගට කියවිය යුතු යැයි ඉටා ගෙන කියවන්නට විය. මෙවන් ඉස්තරම් වචන තව කියවීමේ පිපාසයක් මසිත තුළ මවා ඔහු නැවතීමේ තිත තබා ගොස් ඇත.
ReplyDelete