Friday, January 3, 2014

ඇගෙ ෂොපිං

ඇවිද ඇවිද
හතර අත
පෙරල පෙරල
හැම තැන
සොයන් සොයන්
පුර හැම අත
මිලදී ගත්තීය
ඈ අවසන
අරුංගල් ජෝඩුවක්
සුදු යකඩ......

12 comments:

  1. හී හී... කන්දක් විලිලා මී පැටවකු වැදුවාක් මෙන්.....!!

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නං කතා කරල වැඩක් නෑ.... ඇත්තමයි එපා වෙන කෝස් 1ක්

      Delete
  2. එහෙම තමා ඉතින් තෝරලා තෝරලා එපැයි හොද එකක් ගන්න :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔයාල නං කියයි අපි එපෑ කටු කන්න...හපොයි සංසාරෙ

      Delete
    2. අපි කොච්චර හොද එකක් තෝරලා දුන්නත් ඔයාලට ඒක හොද නෑ නෙව

      Delete
    3. ඒක නං ඇත්ත. අපි දෙයක් පෙන්නුවද මූණ ඇඹුල් වෙනව. එයා ගන්න එකකට අපි අකමැති උනොත් ඉතං සොරිම තමයි. ආයෙ කං දෙක හෝ ගායි දෙවරුවක් විතර

      Delete
  3. කරන්න දෙයක් නෑ සහෝ.. ඉවසන්නම වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒක තමා සෑහෙන කාලයක් කළේ. ඒ දවස් වල ඒ වගේ ඒවට අනං මනං කීවට අද මට ඒ ගැන මතකයක් විතරයි ඉතුරු බං. මොනා උනත් මං ෆුත් ජොලියෙ හිටපු කාලයක් තමයි ඒ

      Delete
  4. හප්හප්..

    මම කීවනං මෙහෙමයි..


    උදේ පාන්දර
    කනිපින්දං ගසා
    මාවත් කැන්දා
    රැගෙන ඈ.. රට වටේ
    ඇවිදිමින් නොයෙක් කඩ
    පෙරලමින් සියළු දෙය
    අවසන..
    කිසිත් නොගෙන..
    ඉර බහින යාමයේ
    මාද රැගෙන
    ඇය ගෙදර ගියාය

    ReplyDelete
    Replies
    1. මට වෙච්ච දේ ටිකක් හරි හොදා... අඩුගානෙ සුදු යකඩ කරාබුවක් වත් ගත්ත. පව් අය්යෝ දෙශක තුමා

      Delete
  5. මේ කතාව නම් 100% සහතික ඇත්ත ,ඔක්කොම බඩු අතගනවා අවසානේ ගන්නෙ පොඩි දෙයක් ලැජ්ජාවෙ බෑ ,ඊටත් වඩා ඉවසන එක තමා අමාරු .දවසක්ම යනවා පොඩි දෙයක් ගන්න මම හිතුවේ මට විතරයි මේ අවුල කියලා ,හික් හික් ,ඉවසමු ඉවසමු වෙන මොනවා කරන්න ද ???

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම ඔකකටම එකම සෙතේ. ඉවසමු ඉවසමු වෙන මොනවා කරන්නද නේද... මොකෝ බෑය කායල නිකං ඉන්නයැ.
      ස්තුතියි මේ පැත්තෙ ආවට.. පුළු පුළුවං වෙලාවට ගොඩවෙලා යන්ට

      Delete