Saturday, May 18, 2024

සඳ දෙව්ඳුව ‌නොගියේ ම යි කිසි දාක..

 

"කවියක් වී තොල් පෙති මත මුමුණන්න

හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න.."

මන්ද්‍ර ස්වරයකින්.., අලුත් කටහඬකින් ඇහෙන පරණ පුරුදු සිංදුව මාව විස්මපත් කළා. ඒක හරියටම එයා කැමති විදිහමයි. ඒ තාලෙමයි. මම හිටියෙ කාර් එකේ කෑගල්ලෙ ඉඳන් නුවර හරහා අත්‍යාවශ්‍ය ගමනක යෙදෙන ගමන්. හරියටම බෝගම්බර වැව රවුමෙ. හීන් පොද වැස්සක් වැටෙන වෙලාවක. මට ඉබේටම වම් අත පැත්තෙන් පේන බෝගම්බර වැව් දිය දිහාවෙ බැලුණ. වැහි බිංඳු හරි අපූරුවට වෑදිය මතට හාදු දෙමින්, දිය වෙමින් උන්න.


මේ සිංදුව කියවෙන්න තිබ්බෙ මෙහෙම නෙවෙයි...

අපි හිටියෙ  එයාගෙ කාර් එකට වෙලා. මහ වැස්සක මැද්දෑවෙ.තේරුමක් නැතිව කොහේදෝ යන ගමං, මොකද්දෝ පාරක් අයිනෙ තිබුණ වැවක් අයිනෙ නතර කරගෙන. අපි හිටිය තැනට හොදටම වැස්ස වැව මත්තට ඇද හැලෙනව පේනව. මම හිටියෙ ඔක්කම අමතක කරල අසංකගෙ සිංදුව ඇතුලෙ කිමිදෙන ගමන් වැස්සට තෙමෙමින්. එයා එක පාරටම දමල ගහපු වචන බාල්කෙන් මාව, මගෙ මනෝ ලෝකෙ කුඩු සංසාර කරල දැම්ම.

මොකද්ද.. මම ආයෙ ඇහුව.

මේ සිංදුව කියවෙන්න තිබ්බෙ මෙහෙම නෙවෙයි...

මම පුදුම වුණේ නෑ. හැම වෙලාවෙම මොකක් හරි දෙයක් ගැන එයාට තිබ්බෙ වෙනස් දැක්මක්..

ඇයි එහෙම කියන්නෙ. මෙච්චර රොමෑන්ටික් සිංදුවට මේ බීට් එක ෆාස්ට් වැඩී. ස්ලෝව් බීට් එක්කිං ඇහුණ නං බොක්කටම වදිනව. එහෙම වුණා නං වඩ්ඩව කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ හීන කුමාරයෙක් වෙන්න තිබ්බ.

එයා වඩ්ඩ කිව්වෙ අසංක ප්‍රියමන්තට. ඒ අපහාසයකට නෙවෙයි. ආදරේට. එයාගෙ කැමතිම ගායකයන් අතලොස්ස අතරෙ උඩම හිටිය ගායකයෙක් තමයි අසංක. මහ වඩ්ඩ හරි උජාරුවෙන් අසංක ගැන කතා කරන්නෙ.

 මහ වඩ්ඩ = ඒ එයාගෙ තාත්ත... එයා‌ගෙ තාත්තත් වඩු වැඩ කාර්මික ශිල්පියෙක්.. අමාරුවෙන් දියුණු වුණ ලොකු මුදලාලි කෙනෙක්.

මට හිනා ගියා..

ඔයාට ජෙලස්...

ඔව් ඇයි.. මගෙ තාත්ත මොකටද වෙන මනුස්සයෙක් ගැන එච්චර ආඩම්බර වෙන්නෙ.. විකාර. ඒ ස්වරයෙ නොරිස්සුමක් තිබුණද නැත්ද කියල මට හිතාගන්න බෑ...

මට හයියෙන් හිනා ගියා..

ඒත් ඔයත් කැමතියි නෙ අසංකට..

ඉතිං.. මට එහෙම බැයිද.. පිස්සෙක්..

 ඒ මට...

වාහන වල හෝන් සද්දෙට මාව උඩ විසිවෙලා වැටුණ.. ඒ ගැන හිතන්නෙ නැතිව මගෙ පාඩුවෙ මම වාහනේට ඉස්සරහට යන්න දුන්නෙ මගෙ වැරැද්දක් නෑ කියන්න වගේ.කල්පනාව වාහනේ ගමන මන්ද්‍ර චලිත කරල තිබුණ.

"කඳුළු තාම නෙතු අද්දර නොදැනේද

බිඳුණු දාක  මට තරවටු නොම වේද

රිදුම් එපා පෙම් කළ සිත කිසිදාක

ඉන්න ළඟින් සඳ දෙව්දුව හැම රෑක.."

යන්න ගිය ගමන වෙනස්  කරල දළඳා මාළිගාවෙ වාහන අංගනයට කාර් එක හැරෙව්ව හේතුවක් ඇතිව නෙවෙයි. කාර් එක නවත්තල ටිකට් කඩන මනුස්සය දිහාවෙ බලල හිණාවුණා..  ඉක්මණට ඒනව නේද..ඒකටත් මම හිනාවක් දාල මාළිගාව දිහාට හැරුණ. ඉස්සරහට යද්දි පිච්ච මල් කඩ වල කොල්ලො පස්සෙං පන්නනව.පුරුදු විදිහට පර්ස් ඒකට අතදාල දාහක් ගද්දි මතක් වුණේ එයා ළඟ නැ නේද කියල. ඒත් පරක්කු වැඩියි. දාහ වාශ්ප වෙලා ඒ අත උඩට පිච්ච මල් වට්ටියක් වැඩල තිබුණ.

 

"..දිනෙක අපිටත් වැරදිලා ඇති

ඉතින් යළි හමුවෙන්නෙ නෑ

නුඹම ඇවිදින් නුඹම හැරගිය

මාව මතකද දන්නෙ නෑ.."

අලුත් ගායකයෙක්ගෙ මේ දවස් වල නිතරම ඇහෙන සිංදුවක කෑල්ලක් මුමුණගෙන මම මාළිගාව දිහාවට ඇදුණ.කොච්චර කාලෙකින් මාළිඟාවට ආවෙ නැද්ද කියල මතක් වෙද්දි පපුවෙ කොහෙ හරි හිර වෙලා තිබ්බ ලොකු හුස්මක් හීල්ලිල්ලක් එක්ක බෝගම්බර වැව දිහාට ඇදිල ගියා.

පොඩි පොඩි මල් වට්ටි එළියෙ මල් ආසනේක තනිවෙද්දි මගෙ අතේ තිබුණ පිච්චමල් වට්ටිය දැකපු කපු මහත්තුරු දෝතින්ම පිච්ච මල් වට්ටිය ඇරං ඇතුලට ගියා.

හිත කිළිටි කරගන්න එපා. මිනිස්සු එහෙම තමා. කහ පාට කොල පාට කොල දිලිසෙනව නං කොතනත් එහෙමයි.. එයා ඔය කතාව කිව්ව කී වෙනි පාරද.. ඒත්.. ඒක එහෙම වෙන්න ඔ්නද..

අර අහිංසක උපාසකම්මල කොයි තරං ශ්‍රද්ධාවෙන්ද ඔය පුංචි මල් වට්ටිය හරි ඇරං එන්නෙ. ඇයි එව්වත් මල් නෙවෙයිද... ඇයි ඒ මල් වට්ටිත් ගන්න ගන්නබැරි..

හා.. හා.. එයාල කරන දේවල් එයාලට.. ඔයා කට වහන් යං.. මටත් පව් පිරෙනව..

මම අතැඟිලි බැඳල හදවතින්ම නමස්කාර කරල එයාවත් මතක් කරගෙනම එතනිං ආවෙ තවත් ඉන්න බැරිතැනමයි.. සුදු ඇඳගත්ත ආරක්ෂක මහත්තුරු බොහොම සුහදව හිනාවෙද්දි අහිංසක උපාසකම්මලාගෙ විමතිය කළකිරීම පිරුණ මූණවල් දිහ බල බල මට තවත් එතන ඉන්න බෑ. ඊටත්.. එයා.. මට කෝමත් ඉන්න බෑ..

පිටවීමෙන් එළියට ඇවිත් උඩුමාලට වෙලා එකා දෙන්න වගෙම පිරිවර පිටිනුත්, යුවල විදිහටත් දළඳා මාළිගාවට එන අය දිහාවෙ මම බලා හිටියෙ හිස් බැල්මෙන්..

ඔයා දන්නවද.. එයා ඇහුවෙ පහළ දළදා මාලිගාවට ඇතුල් වෙන අටෝරාසියක් පිරිවර දිහ බලන ගමන්.

මොකද්ද..

මිනිස්සු විදිහට ඉපැදුණත් ඒ ඉපැදීමේ ප්‍රතිඵලය ලබාගන්න පුළුවන් කීයෙන් කී දෙනාටද..ආයෙ මනුස්සාත්මයක් ලැබෙන්නෙ කීයෙන් කී දෙනාටද.. ලැබුණ ජිවිතේ සම්පූර්ණ කරන්න පුළුවන් කීයෙන් කී දෙනාටද.. පිං කළාට මදි. පිං  ඵල දෙන්නත් හේතු වාසනාවක් තියෙන්න ඔ්න..

රෙද්දක් කියවන්නෙපා නේත්‍රා.. පිං පව් කියල ____ක් නෑ. සාධාරණය අසාධාරණය මිසක්.

අනේ ඔය කට මහ ගන්නවද.. මටත් පව් සිද්ධ වෙනව.

මම සද්ද නැතිව උන්න කියල ලෝකෙ වෙනස් වෙනවද නේත්‍රා..

නෑ.. මම දන්නව.. ඒත් මගෙ සැනසීම ඉතුරු වෙනව..

මම නිස්සද්ද වුණා.. අපි හරි ආත්මාර්තකාමියි නේත්‍රා.. මම මටම කියාගත්ත මිසක් වචන කලේ නෑ..

ඈ නිසකාංසුවෙ මම උරේට ඉස තද කරන් උන්න.. ටිකකට කලිං අපිට හිතවත් විදිහට හිනා වුණ ආරක්ෂකයෙක් ඇවිත් අපිව පන්නන කං..

තාත්තී....

බොහොම ඈතින්.. සමහරවිට අනන්තයක් දුරින්.. වගේ නේත්‍රා ගෙ කටහඬ මට ඇහෙන්න වගේ වුණා..

තාත්ති...

ආයෙමත්..

මම ඇස් පියාගත්ත..

තාත්ති..

බොහොම ළඟින්..

මම ඇස් ඇරිය.. කටහඬ ඇහුණ දිහාවට හැරුණෙ නිකංම.. ඉවකිං වගේ.. නැත්තං අදෘශ්‍යමාව බලවේගයකින් මාව හිතාමතාම මෙහෙයවුවා වගේ..

නේත්‍රා...

නෑ.. වෙන්න බෑ.. මේ නේත්‍රා නෙවෙයි.. මේ නේත්‍රාමයි.. ඒත්.. ඒත්.. මගෙ නේත්‍රා ගෙ පොඩි ප්‍රතිරූපයක්..., ?

මම ඔලුවට තදින්... බොහොම තදින් ගහගත්ත..

තාත්ති.

දිලිසෙන තාරුකා  ඇස් දෙකක් මම දිහා බලන්..අවට හැමදේම බොඳවෙලා ගිහින් වගේ.. මට පේන්නෙ නේත්‍රාව මයි.. .ඒත් ළදැරි ස්වරූපයකින්.. තත්පර කීපෙකින් මට හැමදේම පැහැදිලිව පේන්න ගත්ත. නේත්‍රාගෙ තාත්ත.. එතකොට මේ ඉන්නෙ..

....

කල්ප...

මම කටහඬ ආව දිහාවෙ හැරිල බැලුව.. අසරණ ඒත් ස්ථිරසාර බවක් ඒ මූණෙ තිබුණ..

ඔයාගෙ දුව කල්ප.. අම්ම කියල පිංතූරයක් වත් දැකල නැති, ඒත් තාත්ත .. තාත්ත කිය කිය රෑටත් හීනෙක් කියෝන..  හැමදාම උදේට තාත්තී... කියාගෙන ඇහැරුණ,අම්ම කියන්නෙ කවුද කියලවත් දන්නෙ නැති.., සීයයි ආච්චිවයි විතරක් දැක්ක ඔයාගෙ දුව කල්ප.. හැමදාම ඔයාවම විතරක් අහන.. ඔයාගෙම දුව කල්ප..

මේත් නේත්‍රා කල්ප.. මේත් නේත්‍රා..

තාත්ති..

හරියටම නේත්‍රා මං ඉස්සරහ ඉනන්ව වගේ.. ඒත්.. ඇගෙම කුඩා ස්වරූපයකින්.. අපේ දුව.. දෙයියනේ.. අවුරුදු ගාණක් තිස්සෙ මඟෑරිය මගෙම දුව..නේත්‍රගෙ මරණෙත් එක්ක මම එපා කියල දාල ආව මගෙම ලේ.. කොටින්ම නේත්‍රගෙ මරණෙට අද වෙනකං එකම චූදිතය වුණ අහිංසකී. මගෙ දණිස් පණ  නැති වෙලා මම ඒ වාරු නැති දණිස් මත්තෙම කඩා හැලුණ.. මටත් නොදැනිම මගෙ දෑත් ඉස්සරහට දික් වුණා..

එක පාරටම මුලු ඇන්ටාටිකාවක්ම දිය කරල අරින්න පුලුවන් උණහුමකින් මාව, මගෙ පපුව පිරිල ගියා.. සිඟිති අත් දෙකකින්, සිඟිති උණුහුමකින් මාව වෙළිල ගියා..


මගෙ මිණිබිරී මව මරා උපන් කුමාරියක් නෙමෙයි කල්ප. නේත්‍ර දැනං උන්න එයා මැරෙනව කියල. ඔයාගෙන් හැංඟුව එකම දේ ඒක විතරයි. ඒත් එයාට ඔ්න වුණා ඔයාට තනියක් නොදැනෙන්න .. නේත්‍රගෙ හෙවණැල්ල ඔයා ළඟ තියෙන්න.. දරුවෙක් හම්බුණොත් එයා මැරෙන්න පුළුවන් කියල දැන දැනත් නේත්‍රාට ඔ්න වුනේ ඔයාගෙ හීනෙ හැබෑ කරන්න.. ඒ නැතත් ඔයාට එයා නැති අඩුව නොදැනෙන්න..

මේ ඒ හෙවණැල්ල කල්ප.. උඹේම දුව පුතේ.. උඹේම දුව..

 

 

28 comments:

  1. අවසානය තෙක් කුතුහලය රැඳෙන විදියට ලියවිලා තියනවා.

    ReplyDelete
    Replies
    1. මේක එඩිට් කරන්න වෙලාවක් තිබුණෙ නෑ. ඊයෙ හවස ලියවුණා. එහෙම්ම අප්ලෝඩ් වුණා. වෙනද නං සතියක් දෙකක් වත් බල බල වෙනස් කං කර කර අඩුපාඩු හදනව. දැං කම්මැලි
      ස්තූතියි අදහසට සහ අගය කිරීමට

      Delete
  2. කතාව අසංකගේ වචන වලින්ම කිවුවොත්

    සීත රැයේ එන විසිරෙන සිසිලේ
    ඔබ ළමැදේ ඒ නම්
    නොසැලෙන ඉදි ඇසිපිය යට රහසේ
    සිහිනය වෙන්නම් මං

    (මල් වැහි සේ)

    නිදි නැති රැය නිදිකරවූ
    හීනයක්ද හීන්සැරේ ඔබ එනවිටනම්
    රෑ අඳුරට ලොල් බඳිමින් පායන හිරු වසන්කරන්
    ඉන්න හිතේමයි

    (හිටි හැටියේ ඔබෙන් ලැබෙන)


    ළය මත පිපුණු උණුසුම්‌ සුසුමක සුවඳ
    සෝදා හල හැකිද ගැරහුම්‌ රළ ගාව
    කඩඉම ළඟ ඉඳන්වත්‌ නුඹ හැමදාම
    මට අත වනාපන්‌ නළියන නල සේම

    (සඳ දිය)

    ඒ කතාවම නිලාර්ගේ....

    ReplyDelete
  3. නියමයි. ලස්සනට ලියලා.👌💐

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් බොස්..
      බට් මේක වෙනස් විදිහකට කියවයි මම මේ අයිස් ටික.කඩාගත්තොත්

      Delete
  4. කඩා වැටිණි හිත දොම්නස් සයුරකට
    හඬා වැටෙයි හිත තාමත් ඒ දුකට
    කඩා වැටෙන වැස්සෙන්වත් එක දිගට
    හේදිල යයිද යැයි කියල හිතෙයි මට

    ReplyDelete
    Replies
    1. අපූරුයි නිමල් අයියා..
      බොහොම ස්තූතියි කවියට. ඒක නිකං මේ පෝස්ට් එකේ එල්ලපු තරුවක් වගේ ❤

      Delete
    2. තරුවක් වගේ- ප්‍රශංසාවට ස්තුතියි මහේෂ්!

      Delete
    3. ඒක මට කරපු ප්‍රසංසාවක් විදිහටයි මම දකින්නෙ ❤❤☺️

      Delete
    4. නිදි ලොක්කෙ කයියක් මසුරං !

      Delete
    5. ආයෙත් අහල. නිදිගෙ.කවියක් පෝස්ට් එක්කට ආවෙ නැතිවමත් ටිකක් අවුල් අවුල් වගේ 😁😁

      Delete
  5. ආව්ස්..මේක මරු...ඩ්‍රැකීගෙ අඩවියෙන් අසංගගේ සඳ දිය අහල මෙහෙට එද්දි මෙහෙත් එයා.

    ReplyDelete
    Replies
    1. කොහෙත් එයා.. අසංක කියන්නෙ නාසික්‍ය ස්වරයෙන් සිංදු කියවන අපූරු මනුස්සයෙක්

      Delete
  6. මේ කතාව ලියවෙන්න තිබ්බෙ මෙහෙම තමයි.
    නැතුව ඉතිං කෙලෙස ලියන්නද.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං කෝම ලියන්නද 😁😁

      Delete
  7. Replies
    1. අම්මට උඩූ... උදාරයි උදාරයි..උදාරම උදාරයි..

      පත්තර මල්ලි කියල දැක්කත් ඇති ඔයි.. ☺️☺️

      ආදරෙයි

      Delete
    2. මගේ යාලුවෙක් දැක්කත් ඇති වෙලා මළා.

      Delete
    3. හික්..සබාපතිතුමා 😋

      Delete
    4. මගෙ යාලුවෙක් ඇතිවෙන්න දැකලා මළා

      Delete
    5. මගෙ යාලුවෙක් ඇතින්නකට යට වෙලා මළා 😂😂🤭

      Delete
    6. මෙවන් අකල් මරණ කිෂිදා සිදු නෞවෙ වා!

      Delete
    7. නොවේවා... නොවේවා.. ඒස්වාහ් පුහ් 😁😁

      Delete
  8. මන්නාරම් මුහුදේ ගොර හඬ මැද්දේ
    තද අව්වේ පාලමේ ඇන්ද අල්ලාගෙන
    බොසා ඉස්සරහින් යද්දී, මුහුද දිහා බලාගෙන
    මේ වගේ පට්ට කතා ලියැවෙන එකට තුති

    ReplyDelete
  9. මරැ!
    වෙනස් විදියෙ ප්ලොට් එකක්

    ජයින් ජයම වීවා ✌

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුදා... ජයින් ජයිම වීවා.. උම්ම්මාහ්..

      Delete