Sunday, March 3, 2024

පිටස්තරයෙකුගේ දිනපොත 02 - සැන්දෑ සක්මන්, චණ්ඩිකම්, බයගුළුකම් සහ තල්ලඩි පාලම දක්වා ගමන - Life In Mannar part 02 - A walk to Thallady Railway Bridge.

         

ගුම්මෝනිං මයිය කොල්ලෝ 😏

න්නාරමට ඇවිත් මාස එක හමාරකට වැඩිය ගෙවිල. මන්නාරං පරිච්ඡේදයෙ පළවෙනි කොටස ලියල මාසයක් ගිහිං. ඊට පස්සෙ මොනවත් ලියන්න තරං දෙයක් නොවුණ වගේම, වැඩිය කොහෙවත් යන්න බැරි වුණා. ඒ වගේම ක දිගට ආව වැඩ, රාජකාරීමය බාධාවන් සහ ඒ රාජකාරී ගමන් වල නීරස බව නිසා මොනවත් ලියන්න තරං උද්දීපනයක් තිබුණෙත් නැති තරම්. නමුත් මේ උත්සාහය මොනවම හරි ගලපන්න. ඒ වගේම පූර්ව මන්නාරං පරිච්ඡේදය සහ ‌ මේ කොටස අතර ඇති කාල පරතරයට සමාව ඉල්ලනව.

        මේ දවස් වල මන්නාරමට තදටම පායනව. ඒත් ඒක එච්චර දැනෙන්නෙ නැත්තෙ හුළං නිසා වෙන්න ඇති. ඒ වුණත් හුළං කඳුලක් නැතිව ගහක කොලයක් හෙල වෙන්නෙ නැතිව ඉද්ද ගැහුව වගේ ගල් බීත වෙලා වගේ තියන වෙලාවලුත් නැතිවම නෙවෙයි. ඒ වගේ වෙලාවට දහදිය ගලන්න පටං ගන්නෙ හොඳට වතුර බැඳල තිබුණ වක්කඩක් එක පාරටම කඩල දැම්ම වගේ. දවල් නොවෙන වෙලාවක නං මම කරන්නෙ බැල්කනි එකට ඇවිත් ඈතින් පේන කලපුව දිහාවෙ බලං ඉන්න එක. පහුණු දවස් වල එහෙම ඉද්දි ගත්ත පොටෝ දෙක තුනක් තමයි ඔය පහළ එල්ලල තියෙන්නෙ.



උඩ යට මාරු වෙලා. හඳ පායද්දි සහ පායලා ටිකකිං

        සමහරක් දවස් වල හවසට අපි ඇවිදින්න යනව. බඩ බහින්නම නෙවෙයි පාලුව යන්න එක්ක. මම ඒ ගමනට කැමති වුණේ අවට පරිසරය බලාගන්න තියන ආසාවට. සමහර දවස් වලට ඔෆිස් කෙන් ලිිියට බැහැල ටවුම පැත්තට යනව වගේම සමහර දවස් වලට යන්නෙ සවුත්බාර් පැත්තට. ඒ කියන්නෙ කෝච්චි ස්ටෝසන් එක පැත්තට. එහෙම ගමන් අතර තුර ඉද හිටක දකින දෙයක  ෆොටෝ ගන්න පුලුවන් වෙනව වගේම හුඟක් එව්ව ෆොටෝ ගන්න තිබුණනේ කියල මතක් වෙන්නෙ සෑහෙන වෙලාවක් ගිහිං.



යන එන ගමං වදින පොටෝ

***********************

        

මේ කොහෙද..? ඔබලම බලන්න..

බූරුවොත් එන්නැති මන්නාරම ඉට්ටේසම

මේ පරණ ගොඩනැඟිල්ල පැරණි ගබඩාවක්ද.?

        ෆිස් එකෙන් ළියට බැහැල අත් දෙකත් වන වන බඩගෙඩියත් හොල්ල හොල්ල සවුත්බාර් එක පැත්තට යද්දි දකුණු අත පැත්තෙන් ලුණු ලේවාය හෙමින් හෙමින් පහු වෙන්න ගන්නව. ඒ අතර මඟ මිනිස්සු වගේම බූරුවොත් අපිට ඇති පදං හම්බෙනව. මේ දවස් වල රටේ තත්වෙ අපේ තත්වෙ වගේම ඔෆිස් එකේ තත්වෙ ගැනත් කතා කර කර පාර දිගේ හම්බෙන දන්න නොදන්න ඔ්න කෙනෙක්ට හිනා වෙලා අතත් වනල, කතා කරන්න නවතින කවුරු හරි ඉන්නව නං කතා බහත් කරල ටිකෙන් ටික ඉස්සරහට යනව. එහෙම ටිකක් දුර ඉස්සරහට යද්දි කෝච්චි පාර හම්බෙනව. කෝච්චි පාර පහු කරල ටිකක් දුර ගියත් මගෙ බලවත් ඉල්ලීමට ආපහු හැරිල න්නෙ තල්ලඩි දු්ය පාලම පැත්තට යන්න පුලුවන්ද බලන්න. මගෙ අදහස වෙන්නෙ කෝච්චි පාර දිගේ යං කියල. උනන්දුව වැඩි කමට ගූගල් කරල දුරත් බලනව. මීටර් හත්සියයි. වැඩි දුරක් නෑ යං නේද කියල මං අහන හින්ද ද කොහෙද ලොක්කත් කෝච්චි පාර දිගේ ටිකක් ඉස්සරහට යනව. ඒත් මහ පාරෙ යනව වගේ නොවෙන හින්ද දෙන්නම ස්ටේෂන් එකේ ප්ලැට්ෆෝම් එකට ගොඩවෙලා ටික ටික ඉස්සරහට යනන්න ගන්නව. ඉර ටිකෙන් ටික බැහැගෙන යනව. මෙහෙම ගියොත් යන්න වෙන්නෑ කියල හිත කියනව. මම බොරු උනන්දුවක් පෙන්නන ගමං බොරුවට ඉස්සරට දුවල වගේ ගිහිං හෙම්ම ආපහු හැරිල පස්සෙන් පස්සටත් දුවන ගමං බොස් දිහාවෙ බලනව. එයාට නං මොකද ආව ගමන ඒ විදිහටම න්නෙ. මමත් පස්සෙන් පස්සට යනේක නවත්තල එයාගෙ පොටෝවක් ගන්නව. ඊට පස්සෙ මන්නාරං ස්ටේෂන් එක මේක කියල පෙන්නං ඉන්න සුදු පාට තඩි බෝඩ් එක ඉස්සරහ කුරුමිට්ටෙක් වගේ හිටං එතනත් පොටෝ ගන්නව. ප්ලැට්පෝම් එක දිගේ ටික දුරක් යනව. අදට ඇති. ආයෙ දවසක යංකො කොල්ලො. බොස්ගෙ කීමට මගෙ මූණ මැලවෙනව. බොසාටත් පේනව ඇති. හරි හරි බං.. තව ඉන්නව නේ.. එක දවසිං ඔක්කම ඇවිදල ඉවර කරන්න ඔ්නයැ. මාත් හිනා වෙලා ඔළුව වනල හා කියනව. තව පොටෝ පහ හයක් තලාගෙන ආපහු එනව.

මැදවච්චිය ඉඳන් තලෛමන්නාරම් තොට දක්වා කිලෝමීටර් 106 ක දුරක් පුරාවට විහිදිල තියෙන මන්නාරම දුම්රිය මාර්ගය, දුම්රිය නැවතුම් පොලවල් 11 කින් සමන්විත දුම්රිය මාර්ගයක්. පැතිර පවතින දුරට සාපේක්ෂව අඩුම නැවතුම් පොල සංඛ්‍යාවක් පිහිටල තියෙන දුම්රිය මාර්ගයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. තලෛමන්නාරං තොට දුමිරිය නැවතුමේ සිට දුම්රිය නැවතුම් හතරක් පසුවෙනකොට හමුවෙන පස්වෙනි දුම්රිය නැවතුම තමයි  මන්නාරම දුම්රිය ස්ථාන නැවතුම. මුහුදු මට්ටමේ සිට මීටර් 2.7 ක උසකින් පිහිටා තිබෙන මෙය මාර්ගයේ ඇති ප්‍රධානම නැවතුම් පොලක්. නමුත් මන්නාරම නගරයේ සිට කිලෝ මීටර් 2.5 ක ආසන්න දුරක් ගෙවාගෙන යා යුතුයි. මේ දිනවල මහව සන්ධිය සිට අනුරාධපුරය දක්වා වන දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණයට ලක්වන නිසා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් අක්‍රිය වෙලයි තියෙන්නෙ.



      

රේල් පාරේ සිට


 

හ්ම්..හ්ම්.. මොනාද මොනාද බලන්නෙ ඉස්සො නෑ.. ඉස්සො නෑ..

        තවත් දවසක, තවත් හවසක සැන්දෑ සක්මනට අපි එළියට බහිනව. පුරුදු විිිදිහටම හම්බෙන හැමෝටම හිනාවෙලා, කතා කරල, නැවතිල, ආයෙ ඇවිදල, අත් වන වන බඩ පද්ද පද්ද අපි ඉස්සරහට යනව. පාර හරහ වැටිල නිදා ඉන්න කෝච්චි පාරෙ මුරට ඉන්න රේල් ගේට්ටුව මට අත වනන දුරදි බොස් එක පාරටම පාරෙං වමට හැරිල හොඳට හදපු පාරක් දිගේ ඇවිදං යනව. අදත් යන්න වෙන්නෑ. මාත් බොස් පස්සෙං වැටෙනව. දේශපාලනය, ආර්ථිකය වගේ බරපතල සාකච්චා අස්සෙ මගෙ ඇස් හතර අතේ කැරකෙනව. පාර දෙපැත්තෙම ගෙවල් තිබුණත් වැඩිපුරම ගෙවල් තියෙන්නෙ පාරෙන් දකුණු අත පැත්තෙ. හැම ගෙදරකම පොල් හිටවල. ඒ විතරක් නෙවෙයි හොඳ සාරෙට හැදෙනව. හුඟක් ගස් වල ගෙඩි පිරිල ඒල්ලෙනව. සමහර ගෙවල් පැත්ත බලපුවම පොල් ගස් නිසාම අදුරුයි වගේ දැනෙනව. ඒත් හීතලක් ඇති. මට එහෙම හිතෙනව. වම් අත පැත්තෙ දිය හිදුණ පහත් බිමක්. බොහෝ විට කලපුවෙ කොටසක්. "මේකෙත් පහුගිය කාලෙ වතුර පිරිල තිබ්බ. දැං පේනවනෙ පිට්ටනිය වගේ." බොස් කියනව. මාත් හූ මිටි තියනව. පොඩි පොඩි ඈයො බෝල සෙල්ලං කරනව. හැබැයි ෆුට්බෝල්. උද්වේගකර අවස්ථාවක් පහුවෙනව. අපි දෙන්නත් නැවතිල බලා ඉන්නව. ප්‍රතිවාදී පිලක ක්‍රීඩකයෙක් ගෝල් නෙට් එක දිහාට බෝලය තල්ලු කරන් යනව. ගෝලී හොඳ අවධානයෙන්. එක පාරටම බෝලය තල්ලු කරන කොලුවගෙ අවධානය කැඩෙනව වගේ දෙයක් වෙනව. පන්දුව තල්ලු කිරීමේ රටාව වෙනස් වෙනව. හදිසි තීරණයක්. බෝලය වේගයෙන් ගෝල් නෙට් එක දිහාට ඇදිල යනවව. අසාර්ථක ප්‍රහාරයක්. ගෝලී බොහොම පහසුවෙන් පන්දුව නවත්තනව. අපි ආපහු අපේ ගමන පටං ගන්නව. දැං මාතෘකාව ක්‍රීඩාව. මෙහෙ ක්‍රිකට් අඩුයි. ඇත්තෙම නැද්ද මංද. වැඩිපුරම දකින්නෙ ෆුට්බෝල් නැත්තං වොලිබෝල්. ක්‍රිකට් ගහනව දැක්කෙ එක දවසයි. මේකම යාපනේ ගිය දවස් කීපයෙත් දක්ක. දකුණෙ සහ උුරෙ වයිබ් එකේ වෙනස. මට හිතුණ. කොල්ලො කැමතිම ෆුට් බෝලය එක්ක පොර බදන්න. සමහර විට පහුණු කාලෙ ජීවත් වෙන්න කරපු අරගල එක්ක බලනකොට ක්‍රිකට් වගේ සෙල්ලමක් උද්වේගකර බව මදි බව දැනෙනව ඇති.(මගෙ උපකල්පනයක්) පිට්ටනිය පහු වෙලා ඉස්සරහට යනව. කඩොලාන අතර බෝට්ටු රැඳිල. පාරත් කලපුවත් අතර තනල තියෙන උස් බැම්මකට නැගල මම ෆොටෝ දෙක තුනක් ගත්ත. මම බැම්ම දිගේම ඉස්සරහට යනව. බොස් පාරෙං යනව.ටිකක් යද්දි පාර ඉවර වෙනව. ඉවර වෙනකොට ටිකක් දුරින් තල්ලඩි පාලම පේනව. ඒ දිහ බල බලම,  "ආපහු යනවද".. මම අහනව. "යමංකො ඉස්සරහට". බැම්මත් පාරත් එක්කම අවසන් වෙන හින්ද බැම්මෙන් පහලට බැහැල  පාරක් ඇති නැති වගේ පේන පාරක ඉස්සරහට ගිහිං ගෙවත්තක වට මායිමකින් වමට හැරෙනකොටම ඉස්සරහ පේන වියළි තෙත් කලපු තීරය හරහා ඇස් යන්නෙ උස් පාදමක් මත දිවෙන රේල් පාර දිහාවට. තල්ලඩි පාලම අත දිගෑරිය වගේ ඉස්සරහ. මට කට පුරෝල හිනාවක් යනව. ඒක දැකල වෙන්න ඇති මටත් පිටට තට්ටුවක් දාගෙනම බොස් ඉස්සර වෙනව. මාත් හතර වටේ බල බල ගිහිං පස් පුරවල උස් කරල හදල තියෙන කෝච්චි පාරට ගොඩ වෙනව. හෙමීට ඉස්සරහ යනව. දැං දෙපැත්තම පේන්නෙ සයුරු බිම. හරියටම කිව්වොත් දකුණු පැත්තෙං විවෘත මුහුද. වම් පැත්තෙං කලපුව. අපිට පිටි පස්සෙං පෙනෙන නොපෙනන මානයේ මන්නාරම දුම්රිය ස්ථානය. කොන්ක්‍රීට් සිල්පර දිගේ  යන ගමං අවට බලනව වගේම පොටෝ කීපයකුත් දුරකථන ගබඩාවෙ තැන්පත් වෙන්නෙ නොදැනිම වගේ. ටිකෙන් ටික පාලම ලොකුවට පේන්න ගන්නව. පාලම ළගට ගිහිං පොටෝ දෙකතුනකුත් ගත්තට පස්සෙ බොස් පාලමෙන් එහා පැත්තට යන්න ඉස්සර වුණා. මමත් ඒ පස්සෙං වැටුණ.

මේ යන්නෙ අදාල පුද්ගලයා...



තල්ලඩි(මන්නාරම) දුම්රිය පාලමේ දර්ශන කීපයක්

            තත්පර ගාණක් යන්න ඇති. සන්තෝසී චණ්ඩිකං හැන්දෑ මන්නාරං හුළඟට වාස්ප වෙලා යන්න තත්පර අරික්කාලක් වත් ගියෙ නෑ. කොන්ක්‍රීට් සිල්පර අතරිං පේන දැවැන්ත ජලකඳ මාව ඉද්ද ගැහුව වගේ නැවැත්තුව. හුලඟෙ සැරට කලපුව දිහ ඉඳං මූද දිහාවට විශාල ජල කඳක් ඇදිල යනව වගේ පේනව. ඒ උඩ පාලම පාවෙන්න වගේ දැනුන. පහළ බලල ඉස්සරහ බලනකොට බොස් ඉස්සරහට යනව. නොයත් බෑ. අමාරුවෙන් හිතට ධෛර්ය ඇරං රේල් පාරට දකුණතිං ඇලුමිනියම් වගේ තහඩුවක් දාල හදල තියෙන පටු තීරයෙ ෆෝන් එකත් කිටි කිටියෙ බදා‌ගෙන, නවතින්නෙ වත් නැතිව, කොහෙවත් බලන්නෙ වත් නැතිව, දත් ඇදි දෙක පූට්ටු කරන් බොහොම අමාරුවෙන් එගොඩ ගොඩට ඇවිදන් යනව. එහා පැත්තට ගියපු බොස් මං එන දිහා වගේ වගක් නැතිව රේල් පාරෙන් ඈත බලා‌ගෙන. හෙමින් හෙමින් එහා පැත්තට ගියපු මං ලොකු හුස්මක් ගත්ත. බයටමද කොහෙද තවත් ඇඹරිල තිබ්බ බොකු බඩවැල් ටික යතා තත්වයට පත්වෙන්න ටික වෙලාවක් යන්න ඇති. ඒ අතර තවත් පොටෝ ටිකක් ඇරං ආපහු එන්න පිටත් වුණා. කලිං වගේම ෆෝන් එකත් බදාගෙන දත් ඇන්ද කිටි කිටියෙ හපාගෙන. හැබැයි මඟ නැවතිල ෆොටෝ දෙක තුනක් තලා ගන්න තරං විලි ලැජ්ජ නැති කමක් තිබ්බ. නැත්තං අර මර බයේ මඟ නැවතිල පොටෝ අල්ලන්න යයියැ.

පාලමේ අනික් කොණේ ඉඳං..

පාලමේ මැද ඉඳං... අන්තිම පොටෝව..

 

 

12 comments:

  1. ඕනම ජාතියක් රස කර උයන්නට
    ඇහැකියි හපන්කම ඇත්නං කෝකියට
    දුරු මිරිස් යොදා පදමට යස රඟට
    හැදුව post එක බැබළෙයි ලස්සනට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදි. බලමු මීළග සැරේ වඩා හොඳට ලියන්න.

      Delete
  2. බලන්න වටින දර්ශණයක් තමා.

    ReplyDelete
    Replies
    1. හවසක ඇවිත් ඉන්නෝන. ලස්සන බැබලෙනකොට පිස්සු වගේ. මාරම ගති

      Delete
  3. ඕං ඔහෙට පිං සිද්ද වෙන්න මන්නාරමත් බලාගත්තා. පොල් හොඳට හැදෙන බව ඇහුවාම පුදුම හිතුනා. තල් එහෙමත් හැදෙනව ඇති නේද? දැණුන විදිහට හුදකලා පරිසරයක්, ඒත් ඒකෙත් අමුතුම මෙව්ව එකක් තියෙන පාටයි.

    මන්නාරමේ කරවල එහෙමත් සාරෙට ඇති නේද? කෑම , බීම ගැනත් පිංතූර එක්ක ලියහන්කො? ඔය ලියන විදිහට ඒකත් හොඳට, දුරු මිරිස් යොදා පදමට ලිව්වාම රහට තියේවි.👌👌💐

    ReplyDelete
    Replies
    1. පොල් හැදෙනව සුපිරියට. ඒකටම හරියන පසක්.තියෙන්නෙ. උතුර කිව්වම තල් නැත්තං වැඩක් නෑ නෙව ආයිබංඩ 😁
      හුදකලයි නං තමා. වෙලාවකට එක බලු කපුටෙක් නෑ.
      ඒව ඒම තමා ඉතිං. හුඟක් මැරිල හුඟක් රට ඇරල ගිහිං.

      මන්නංරං කරවල කියල එන්නෙ පේසාලෙයි කරවල නේ ආයිබංඩ. බඩු සුපිරි.
      කෑම බීම ගැනත් ලියන්නංකො ඉඳහටල ❤

      ආදරෙයි ඉතිං හැමදාම එනවට

      Delete
  4. සොල්ලි වෙල ඉල්ල ....නල්ලම්, නල්ලම්,,

    ReplyDelete
    Replies
    1. நன்றி .. நன்றி..
      திரும்ப வாங்கொ.. ❤

      Delete
  5. අගෙයි අගෙයි..
    මං කිවුවෙ ඔහේ අර පාලම පල්ලෙ පතබෑවුනානං. හැක්..

    ReplyDelete
    Replies
    1. හම්මප ඒම වුණා නං මේම ලියන්න කවුරුත් ඉදියිද කියාන්කො.
      හම්මපා උඹල වගේ යාලුවො ටිකක්
      හැක්..
      ❤❤❤

      Delete
  6. අර පාලම් පින්තූර ටික මාරු. කොක්කු හිටියේ නැත්ද 😀. සෑහෙන රස්නේ ඇති මේ දවස් වල. බොසා කීවේ other half එකට වෙන්න ඇති. මන්නාරම් පිටි වැල්ලේ මදටිය ...දුවිල්ලේ කොන්ඩේ කඩන් තදට ඇදන් .................

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල ෆ්ලෙමින්ගෝස්ල නෑනේ. එයාලගෙ කාලෙ ඉවරයි. දැං ආපහු යන කාලෙ නේද.
      අම්බානෙට රස්නෙයි. උදේට හවසට විතරයි එළියට බහින්නෙ. ඒත් වැඩට නං යනව.

      බොසා ඉන්නව ඔය එක පිංතූරෙක. පාලම උඩ. ඔෆිස් එකේ ලොකු තැන.

      Other Half ගෙදර නෙව. අපි රාජකාරි කරන හැටි තමයි මේ 🙈🙈

      Delete