Sunday, February 25, 2024

ඇත්තටම, මේ අතුරුදහන් වෙන කෙල්ලන්ට මොකද වුණේ..

 


    මේධාවී දික්මාදුගොඩ පරිවර්තනය කරපු මේගන් මිරැන්ඩා විසින් රචනා කරන්නට යෙදුණු All The Missing Girls හි සිංහල පරිවර්තනය “අතුරුදන් යුවතියෝ” කියවල හමාර කරල  ටිකක් වෙලා හිටියෙ ඔළුවට වැටිල තිබ්බ ගැටේ ලිහාගන්න කල් ගන්න. ඊට පස්සෙ මේ රිවිව් ඒක ලිව්ව. ඇත්තටම මේක ලියල සෑහෙන දවසක්. ඒත් අද මූණු පොතේ මේධාවි ගෙ අලුත් පරිවර්තතන ගැන දකිනකංම මේක සටහනක් විදිහට පබ්ලිෂ් නොවුණෙ මගෙ තිබ්බ කම්මැලිකමටම තමයි. ඉතිං ඔයාල මේ කියවන්නෙ අද දවසට ගැලපෙන විදිහට වෙනස්කම් කීපයක් කරපු සටහනක්. 
        ඇත්තටම කියනව නං මේකත්  සාමාන්‍යයෙන් ඔබ මම කියවන හෝ කියවපු හෝ සාමාන්‍ය කතාවක්. තේරෙන විදිහට කියනව නං ටිකක් විතර කොමන් ස්ටෝරි එකක්. හැබැයි ටිකක් විතර විශේෂයකුත් තියෙනව. ඒත්,.. ඇයි ඒක සටහනක් ලියන්න තරං වැදගත් වෙන්නෙ.. ඒ ඇයි කියල දැනගන්න කැමති නං මෙතනිං ඉස්සරහට මේ සටහන කියවල බලන්න.

        නික් ෆැරල් එහෙමත් නැත්තං නිකොලට් ෆැරල් කියන්නෙ කූලි රිජ් කියන කුඩා නගරයෙන් වසර දහයකට කලිං ඈත් වෙලා ගිය කෙනෙක්. ඒ ගිහිං තමන්ගෙම කියල ජීවිතයක් පටං ගෙන බොහොම වැදගත් රස්සාවක් කරන, වැදගත් කොල්ලෙක් බඳින්න බලාපොරොත්තු වෙන කෙල්ලක්.  ඒත් එයාගෙ තාත්ත හිමිකම් කියන දේපලක් විකුණල දාන බලාපොරොත්තුවෙන් එයා හැදිල වැඩුණ කූලි රිජ් වලට ආපහු එනව. ඒ ඇවිත් පැය ගාණක් යන්න කලිං කෙල්ලක් අතුරුදහන් වෙනව. හරියටම නික් මීට අවුරුදු දහයකට කලිං කූලි රිජ් අතෑරල යන්න දවස් කීපෙකට කලිං එයාගෙ හොදම යාලුව වුණ කොරින් ප්‍රෙස්කොට් අතුරුදන් වුණා වගේම,

හෝව්.. හෝව්... මොකක්.. අවුරුදු දහයකට කලිං..? නික් යන්න කලිං. දැං එයා ආපහු ආවහම තවත් කෙල්ලක්..? 

ටිකක් අවුල් වගේ නේහ්... ඔව්.. ටිකක් නෙවෙයි හොඳටම.

        කොරින් අතුරුදන් වෙලා අවුරුදු දහයකට පස්සෙ ඇනලීස් අතුරුදන් වෙනව. මේ අතුරුදහන් වීම් දෙකටම නික් ගෙ පැත්තට ඇඟිල්ල දික් වෙනව.. නික්ට විතරක් නෙවෙයි. එයාගෙ හිටපු පෙම්වතාටත්.  ඇත්තටම ඒ කෙල්ලො දෙන්නට මොකද වුණේ.., 

ඒක දැනගන්න නං “අතුරුදන් යුවතියෝ” කියවන්නම වෙනව.

        මේගන් මිරැන්ඩ ලියන ත්‍රාසජනක අභිරහස් ප්‍රබන්ධ ශානරයට අයත් වෙන All The Missing Girls කියන පොතේ සිංහල පරිවර්තනයක් විදිහට අපි ඉස්සරහට එන “අතුරුදන් යුවතියෝ” පරිවර්තනය මෑත කාලීනව කියවපු හොඳ පරිවර්තනයක් විදිහට නම් කරන්න කැමතී. ඒත් ඒකෙ  තේරුම මේ පොතේ එන කතාව හොඳයි මම ඒ ගැනත් එක්කයි මේ කියන්නෙ කියල වරදවා වටහා ගන්න එපා. මේධාවී මේ පොත වෙනුවට වෙනින් පොතක් තෝරගත්ත නං හොඳයි කියලත් හිතුණ. හරි එව්ව පැත්තකට.

        අතුරුදන් යුවතියෝ විශේෂ වෙන්නෙ ඒ නවකතාවෙ ආඛ්‍යාන රටාවට. කතුවරියට අනුව ප්‍රතිවර්තිත ආඛ්‍යාන රටාවක් අනුගමනය කරන නවකතාවක් තමා All The Missing Girls. තේරෙන සිංහලෙන් කියනව නං මේ කතාව අපිට ඉදිරිපත් වෙන්නෙ මුල ඉදං අගට. ඇත්තටම කියනව නං කියවගෙන යද්දි මොළේට සමනල් ගැටේ වැටෙන සයිස්. එහැබැයි ඒකෙත් පොඩි මෙව්ව එකක් තියෙනව. 

           මේධාවි ගෙ භාෂා හැසිරවීමත්, ඇගේ පරිවර්තන දක්ෂතාවයත් නිසා බිම නොතියා කියවන් යන්න පුළුවන් අපූරු පරිවර්තනයක් බිහි වෙලා තියෙනව. මේගන් ගෙ කතාව ගැන මට ලොකු කැමැත්තක් නැති වුණත් මේධාවි ගෙ පරිවර්තනයට නං 4.5/5 වගේ දෙන්න පුළුවන්. (ඒක කියන්න ඉතිං මම කවුද. ඔයාලම පොත කියවල තීරණය කරන්න)

ඉතිං, බයක් නැතිව "මේක කියවන්න ඔයාල ඩිසපොයින්ට් වෙන්නෑ" කියල යෝජනා කරන්න පුළුවන් පරිවර්තනයක් විදිහට “අතුරුදන් යුවතියෝ” නම් කරන්න මම කැමතී.

All The Missing Girls - අතුරුදන් යුවතියෝ

Megan Miranda - මේධාවී දික්මාදුගොඩ

S&S/ Marysue Rucci Books / මියුසස් පබ්ලිෂිං හවුස්

මිල - 1750.00



12 comments:

  1. බුකියේ කියෙව්වා. පොත මතක තබා ගන්නම්. එම කතුවරිය ගැන අහල නැහැ

    ReplyDelete
    Replies
    1. මේක හොඳයි. හොඳයි කියන්නෙ පරිවර්තනය හොඳයි. කතාව නං කොමන්. රිට්න් ස්ටයිල් එක මරු. එතන පොඩි කික් එකක් තියේ.

      ට්විස්ට් එකත් පට්ට.
      කතෘ අලුත්. හැබැයි වැඩේ නියමයි. මම ලේසියෙන් හොදයි කියන්නෑනෙ. හැබැයි මේ වැඩේ මරු

      Delete
  2. Replies
    1. පොතක් කියවහං ඉද හිටල. වැටවල් ම ගහන්නෙ 🤭🤭🤭🙈🙈🙈

      ස්තූතියි නිතර එනවට. ❤

      Delete
    2. බැහ්.🤭 ඉස්සර පැල් බැඳගෙන කියෙව්වා. දැන් ෆිලුම් බලන්නෙත් කොටස් කරලා. අනේ කාලේ වනේ වාසේ!

      Delete
    3. Time Changes..... we are getting old... and being so..... lazy ... Right.. 😁😁😁

      Delete
    4. පුස්කෞල පෞතකද ඔෞක තිබ්බෙ 😁😁😁

      Delete
  3. ඔන්න ඉතින් ඒ ඔත්තුවටනම් පිස්සු වැටුනා අනිවා අරන් කියවන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මියුසස්ල මේ දවස් වල පොත් වලට 25% ඩිස්කවුන්ට් දෙනව කියල දැක්ක. මේ දවස් වල ගන්නව නං ලාබයි
      ස්තූතියි ❤

      Delete
  4. අඩේ.. මහා!
    මේ රිවිව් කියවිල්ල නවත්තල හිටං තියෙන්නෙ. ඇයි බොල ඉතිං පොත ගන්නම ආස හිතෙනවනෙ. පොත් කියවීම මයෙ අන්තිමයි අලේ 🙈🙈🙈

    ReplyDelete