Sunday, February 4, 2024

පිටස්තරයෙකුගේ දින පොත - Life In Mannar

                 ද හතර වෙනිද. මම මෙහාට ඇවිත් අදට දවස් දහ නමයක් වෙනව. මෙච්චරක් දවසක් තිස්සෙම මොන මොනව හරි ලියන්නං,ලියන්නං කියල හිටියත් එකේක වැඩ නිසා මඟෑරිල යනව. අද නිදහස් දවස. ඒ නිසා අද නිදහසේ මේක ලියනවමත් නෙවෙයි. අදත් වැඩ. ඒත් මොනවහරි ලියන්න වෙනදට වඩා ඔළුවට නිස්කාංසුවක් දැනෙනව.

හොඳට බැලුවොත් ඈත මන්නාරං පාලම පෙනේවි. මේ ඔපීසිය ඉස්සරහ ඉදං..

    

මන්නාරම දූපත ප්‍රධාන ගොඩබිමත් එක්ක යා කරන පාලමත්, ඒ පාලමේ එහා මෙහා යන වාහනත් ඔෆිස් එකේ බැල්කනියෙ ඉදං බලනකොට ඈත පේනව. පාට පෙට්ටියක් තරං කුඩාවට. පහුණු දවස් වල සමහර වෙලාවට ඉර බැහැගෙන යන වෙලාවට මම බැල්කනියට වෙලා ඒ පැත්ත බලං ඉන්නව.  මන්නාරම දූපත පහුකරගෙන මැදවච්චිය දිහාට යන වාහන පේනකොට දැනෙන්නෙ අසීමත ලෝබ කමක් දැවටුණ හුදකලාවක්. මෙතන ඉදං කිලෝමීටර් දෙසිය අසූවක් විකර දුරකින් හිතේ සැනසිම, නිදහස තාරකා ඇස් දෙකක් වගේ දිලිහීගෙන හිනාවෙවි එයාගෙ අම්මත් එක්ක හුරතල් වෙවී ඉන්නව කියල මතක් වෙනකොට දැනෙන්නෙ පපුව කඩා හැලෙනව වගේ හැඟීමක්. ඒත් ඉතිං ඒ ඇස් හිනාවෙන්නත්, මළානික නොවී තියෙන්නත් මේ රස්සාව හේතුවක් කියල මතක් වෙද්දි ලොකු හුස්මක් කලපුව දිහාට නිදහස් කරල හිත හයිය කරගන්නව.

සවුත්බාර් පාර දිගේ ඩියුටි ඔ්ෆ් වෙලා යන ඉර මාමා

    අවුරුද්දෙ මුල දවස් නිසාත්, ක්ෂේත්‍ර රාජකාරි වලට වඩා මූලික රාජකාරියට තැන දීමට සිද්ද වෙන නිසාත් තවම හරි හමං විදිහට එළියට යන්න බැරිවුණත් දෙතුන් වතාවකට වඩා නොගිය ගමන් වලදි නිරන්තරෙන්ම දැක්කෙ හුදකලාව විතරයි. ඒකත් අපිට තවම පත්තියං නොවුණ භාෂාව හින්දමයි කියල හිතෙනව. එහෙම ගිහිං හම්බෙන චරෝ බරෝ ගගා කියවන අය දිහා බලද්දි එයාල මං දිහා බලන්නෙ ඔයාටත් අපිව තේරෙනව නං කතා කරන්න, අහං ඉන්න, අපිව තේරුං ගන්න පුළුවන් නේ වගේ බැල්මකින්. සමහරු නං කැඩුණ සිංහල වචනෙකිං දන්න දෙයක් කියනව. නැත්තං ගම හරි අහනව. කෑගල්ලෙ කිව්වම ඇස් ලොකු කරන් බලං ඉන්නව. මෙච්චර දුර ආවෙ ඇයි කියල අහනව. කෑගල්ල තියෙන්නෙ කොහෙද කියල වත් නොන්න අය ඉන්නව. මාත් දන්න විදිහට මගෙ අණ්ඩර දෙමළ බාසාවෙන් උත්තර දෙනව. සමහර ඒවට එයාල හිනාවෙනව. මොනවද වැරදුණේ නොදන්න මාත් සැහැල්ලුවෙන් හිනාවෙනව. මෙහෙ මිනිස්සු අපි එදිනෙදා ඇසුරු කළ සමහර මිනිස්සුන්ට වඩා ගොඩක් හදවතින් හොඳ බව තේරුණේ ඉඳ හිට ගිය ඒ ගමන් වලදිමයි. සමහර දේවල් ගැන අපි මවාගෙන ඉන්නෙ පරිපූර්ණ චිත්‍ර නෙවෙයි කියල නිවාඩුවට වගේ ගියාවුරුද්දෙ  යාපනේ ගිය සංචාරෙදියි මෙහෙදියි තේරෙන්න ගත්ත.

වංකාලෙයි හුළං මෝල පාරට පේන හැටි. වාහනේ යන ගමං....

    මන්නාරම පහුකරල මැදවච්චිය දිහාට යද්දි අතර මැදින් හැරිල නානාට්ටාන් වාංකාලෙයි පැත්තට යද්දි ඉස්සරෝම හම්බෙන්නෙ කාන්තාරයක් වගේ පේන දිය හිදුණ කලපුවෙ කොටසක්. ඒ පහුකරල යද්දි වාංකාලෙයි හුළං මෝලත් ඇරුණ කොට දැක්කෙ අවට ඉඩ කඩ ලෝබ නැතිව පුරවන නාඹ තල් ගස් විතරයි. මන්නාරං එනව කිව්වම බාප්ප කිව්ව, එයාල යුද්ධ කරන දවස් වල නාපු වාංකාලෙයි දිය බුබුළ නං දැක්කෙ නෑ. වාංකාලෙයි පහු කරල අස්සෙ පස්සෙ පාරවල් වලිං ගිහිං මුරුන්කන් සිලාවතුරෙයි පාරට ආවෙ රාජකාරි වැඩකට. ඒ එද්දි දැක්ක දෙයක් තමා පාරවල් වල තත්වය. මෑතකදි හැදුව වුණත් සමහර තැං ගිලා බැහැල වාහනේ යනකොට උඩ විසි වෙවී තමා යන්න තියෙන්නෙ. ඒ ගමනෙදි තම්බපු තල් අල කන්න හම්බූණා.

    මෙහෙ තල් රා තැබෑරුම් ඕසෙට තිබුනත්, අපි දකුණෙන් ඇවිත් තල් රා හොයල බිව්වත් මෙහෙ උදවිය වැඩිපුරම කැමති මාරවිල, නාත්තණ්ඩිය, මාදම්පේ පැත්තෙං එන පොල් රා බෝතල් වලට. තල් රා වලට වඩා ගණං වැඩි වුණත් දවසට බෝතල් දෙකක් හොඳටම ඇති කියලයි කියන්නෙ. තල් රා වල තියෙන මිහිරි පැණි රස අහලකිං වත් ගියා නං ඒ කිතුල්ගල, මල්වත්ත, දුනුකදෙණිය පැත්තෙං බිව්ව කිතුල් රා වල විතරයි. රස වල වගේම මත් බවෙන් වුණත් වෙනස් වර්ග දෙකක් වුණත් පොල් රා වලට වඩා මිහිරි බව නං කියන්නම ඕන.

යෝධ වැවට තනිරකින තනි ගහක්

යෝධයගෙ පැනොරමාවක්

    ගිය අවුරුද්දෙ හත්වෙනි මාසෙ අග යාපනේ යන ගමං මන්නාරම පැත්තෙං යාපනේ යද්දි දැක්ක, කර වෙන්න වේලිලා හිඳිල තිබුණ යෝධ වැව නිල්ල ගහන්නෙ දැං කෝමද මගෙ ලස්සන කියන්න වගේ. වැස්ස පායපු අලුතම නිසා තවම කොළ පාට රැඳිල තියෙන පරිසරය ඇස් වලට ගේන්නෙ සුපුරුදු ලා තෙත් සෞම බවමයි. ඒත් මාර්තු පහු වෙනකං විතරයි. ඊට පස්සෙ මන්නාරම, නැත්තං උතුරු පළාත කියද්දි අපිට මැවෙන සුපුරුදු චිත්ත රූපයට අවතීර්ණ වෙන්න පටං ගන්නව.

    ඔෆිස් එක තියෙන, සවුත් බාර් පාර නැත්තං ස්ටේෂන් පාර දිගේ මුහුද දිහට ගියාම මන්නාරම දුම්රිය නැවතුම් පල පහුකරල ටිකක් යද්දි ආමි කෑම්ප් එක පහුවෙනව. ඊට පස්සෙ නාවික හමුදා අනුඛණ්ඩය හමුවෙනකොට පාර දක්ෂිණාවර්තව උතුරු පැත්තට හැරෙන්නෙ මෙතනිං එහා තියෙන්නෙ මූද. ඕන නං අර පැත්තට යන්න කියන්න වගේ. වම් අත පැත්තෙන් අනන්ත සමුද්‍රය පෙනෙන කොට දකුණු අත පැත්තෙං පේන්න තියෙන්නෙ වැට කම්බි ගහල කොටු කරන් අයිති කරන් තියෙන දැවැන්ත පරිමාණයෙ හිස් ඉඩම්. බහුතරයක් මුස්ලිම් ජාතිකයන්ට අයිති ඒ ඉඩම් වල,  අනාගත මන්නාරම් සංචාරක ව්‍යාපාරය රැදිල තියෙයි කියල හිතනව. මන්නාරම කියන්නෙ තවම ලන්දේසි බලකොටුවටයි අර පතරංග බාඕබැබ් ගහටයි තිරුකේතීෂ්වරන් කෝවිලටයි විතරක් සීමා වෙච්ච ළදරු අවධියේ පසුවන සංචාරක ප්‍රදේශයක්. සමහර විට ඉස්සරහට යාපනේ වගේම මෙහෙත් හොඳ වෙළඳපලක්, සංචාරක නැවතුම් පලක් වෙයි. ඒ කොච්චර කාලෙකින්ද කියල උපකල්පනය කරන්නවත් ලකුණක්  පේන හෝ මානයක නැති එක හිතට ගේන්නෙ සියුම් කණගාටුවක්.

මේ ඔක්කම කීරි බීච් එකේදි ගත්තුව



මේ පෙන්නෙ මන්නාරං හුළං මෝල් තඩියා.. ලංකාවෙ ලොකුම එකලු..

    සවුත් බාර් පාරෙන් ගිහිං දිගටම යන්න පුළුවන් අපූරු වෙරළක් තියේ. වැඩිය මුහුද කළබල නොකරන කාලයක් වෙන මේ දවස් වලට නං හවසට නාන්න අපුරුයි. ඒත් අවුරුද්ද පුරාම නං එහෙමයි කියල කියන්න බෑ. වාරකන් කාලෙට අතිශය රළුවෙන මන්නාරම් වෙරළෙ නාන්න තියා මුහුදට බහින්න වත් හොඳ නෑ කියලයි අපේ රියදුරු මහතා කිව්වෙ.

    මෙහෙ වැඩිපුරම හොයාගන්න පුළුවන් ජාති තුනයි තියෙන්නෙ. වැඩියෙන්ම ඉන්නෙ බූරුවො. මෙහෙ පුත්තලමට වඩා ඉන්නද මංද. ඊළගට තල් රා.. අන්තිමට මාළු. හොඳ අලුත් ගණං අඩු මාළු මෙහෙ වාඩියකට ගියානං ගන්න පුළුවන්. ඒත් පෙර හැදුනුම්කමක් නං ඕන වෙයි. නැතිනම් පල්ලිමුනෙයි මාළු මාකට් එකෙනුත් ගන්න පුළුවන්. බූරුවො රට පටවන්න වුණත් පුළුවන් තරං ඉන්නව වුණත් අර මැරුණ මහත්තයගෙ ඥාති සනුහරේ මොකක් කියයිද කියල දන්නැති හින්ද අපිට සද්ද නැතිව ඉන්න වෙනව.

    මන්නාරම පහු කරන් තලෙයිමන්නාරම පැත්තට ගිහිං යන්න පුළුවන් වුණේ තවම පේසාලෙයි වලට විතරයි. අපූරු මූදු වෙරලක් තියෙන බව හිතුණත් බලන්න යන්න බැරි වුණ නිසා මොනවත් තවම කියන්න බෑ.ධිවර වරායකුත් තියන පේසාලේ කරවල වගේම මාළු ගණං අඩුයි කියල තමා කිව්වෙ. (බලන්න බැරිවුණා)

    පහුණු දවසක කීරි බීච් එකේ නාන්න යන්න අවස්ථාවක් හම්බුණා. එදා ගත්ත පොටෝ ටිකක් තමා ඔය එල්ලල තියෙන්නෙ. ඒ ඇර නිරන්තර විවේකීව ෆොටෝ අල්ලන්න අවස්ථාවක් නැති නිසා සහ මට ෆොටෝ ගහන්න අමතක වෙන නිසා එල්ලන්න වැඩි ෆොටෝ නැති එකට කණගාටුයි. පුලුවන් අවස්ථා වල පුළුවන් විදිහට මොනා හරි දකින්න සලස්වන්න බලන්නම්.

ආ.. තව එකක්, ප්‍රෙඩිය අපි පොඩි කාලෙදිම කෙලල තියෙන්නෙ හෙනම කෙප්පයක් කියල දැං තමා තෙරෙන්නෙ.

අදට ඇති එහෙනම්.

51 comments:

  1. ඒ පින්තූර වල ලස්සන...වැඩිය පොටෝ අල්ලන්න අකමැති වුනාට මතක් කරලම මෙහෙම ලියනකොට අපිට බලන්න පින්තූරත් එල්ලන්න වැඩි වැඩියෙන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..
      බලමු.. වැඩිය පොටෝ නොගන්න කෙනෙක් නිසා අවස්ථාව පහු වුණාම තමා මතක් වෙන්නෙ අපරාදෙ පොටෝවක් ගත්ත නං කියල.
      වීඩියෝ තියේ අප්ලෝඩ් කරන්න ඩේට පස්න 🙈🙈🙈
      බලමු ඉස්සරහට.. ස්තූතියි අදහසට

      Delete
    2. වීඩියෝ වලට ඩේටා නාස්තිකර නොගෙන හොඳ පොටෝ ටිකක් තිබ්බ නං හොඳටම ඇති.

      Delete
    3. නාස්ති කරන්න ඩේටත් නෑ ඒයි. පොටෝ උඩුගත කිරීමේ අවුලකුත් තියේ. සිග්නල් ටිකක් වීක්. (එයාටෙල් නිසා වෙන්න ඇති)
      නෙක්ස්ට් ටයිම් අයි විල් ට්‍රයි බසූ ☺️

      Delete
    4. යකූ ලංකාවේ තියෙන්නෙ එයාටෙල් ව්තරක් නෙමෙ හිට 🤭

      Delete
    5. එච්චර ලාබ නෑ අනික්ව ඒයි

      Delete
  2. ඇති යාන්තං ලියලා. ලස්සන ලිපියක්.
    ඇයි ඔහේ කුණ්ඩුමනීලා නැහ්ද? මන්නාරම් වැල්ල පිටි වගේ නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. හෙනම පාලු පරිසරයක් වගෙයි පොටෝ වලින් පේන්නෙ. ඒත් ඒකෙත්
      වෙනම දුක්මුසු ආතල් එකක් තියෙන පාටයි. තල් රා එහෙමත් තියේ නං, බැදපු මාලු කූරියෙක් හාමු කරලා ගත්තාම .......
      අර පේන හුලං මෝල් වලින්ද කරන්ට් එක දෙන්නෙ? ඔෆිස් එකේ බැල්කනිය කිව්වට තේරුනේ නෑ. ඕක තට්ටු ගොඩනැගිල්ලක්ද?

      Delete
    2. ඒ කුණ්ඩුමනි කතා ඒ සිංදුවෙ තියන කතා පස්සෙ ලියන්නං වෙනම 😁😁😁 ( මට හිතෙන දේවල් විතරයි ෆැක්ට්ස් පුලුවන් තරං හොයාගෙන)
      ඔව් ජනගහනය අඩුයි. මන්නාරම කියන්නෙ දඩාර ඒරියා එකක් සාපේක්ෂව මිනිස්සු නෑ. ඒ ගැන ලියන්නං.
      තල් රා එක්ක ග්‍රිල්ඩ් ෆිෂ් හරියයිත දම්නෑ නේත. 🙈🙈
      හුළං මෝල් වලිං මෙහට්ට කරන්ට් එක දෙන්නෑය කියන්නෙ. මෙහෙ තියෙන්නෙ ලස්සපානෙ කරන්ටෙකලු. මේකෙ අග මුල හොයා ගන්න ඕන මොකද්ද කියල 😂😂😂
      ඔව් යට ඔපිස්සිය. උඩ තමා අපි නැවතිල ඉන්නෙ. ඔපිස්සියෙ පොටෝ දාන්න විදිහක් හොයා ගන්නංකො. නැත්තං ඔය මොකක් හරි කරන්ට බලන්නංකො 😁😁

      Delete
    3. ආන්න ජංසන්. කොහොම හරි දාහං, තව දාහක් වටිනවා.🙏

      Delete
    4. හී... ජංසන් ටිකක් දාමුකෝ.. ඔක්කටම කලිං එහෙ මෙහෙ ට්‍රැවල් කරන්න විදිහක් හොයා ගන්න ඔ්න 🙈

      Delete
  3. මේක මරු. ඒ පරිසරයට ගියා වගේ දැනුනෙ. දිගටම ලියන්න එක එක කතා, අත්දැකීම් හම්බවේවා. ආ තව එකක්.... බූරුවො කෑ ගහද්දි හරිම මිහිරී නේද 🤭🤭

    මට මතක විදියට ආදම් ඊව සොහොන කියලත් තැනක් මන්නරම තියනව. අය්ය හොයල බලන්නකො. තව හොඳ ෆොටෝ සෙට් එකක් කුරුල්ලො එන කාලෙට අලවන්න 😍

    ReplyDelete
    Replies
    1. පුලුවන් විදිහට පුලුවන් තරමට ලියන්නංකෝ.. වැඩේ කියන්නෙ වැඩිය එහෙ මෙහෙ යන්න වෙන්නැති එක. 🙈🙈

      බූරු සද්දෙ තරං මනරම් සද්දයක් අහල තියේ නං ඒ මොනරගෙන් විතරයි. හැබැයි මොනරටත් එච්චර කිට්ටුවට එන්න බෑ 😂😂😂😂

      සොහොන් කතාව අලුත්. හොයල බලන්නං ❤❤
      ස්තූතියි හංස

      Delete
    2. කාටවත් කියන්නෑ! කව්ද බං හංසි? (රහසින්)

      Delete
    3. බ්ලොගර් කෙනෙක්. අපි උඹැහෙ වාගෙම. 😂😂
      ස්වොන් තෝට්ස් ලිව්වෙ උන්දැ. දැනට අක්‍රීය වියුණු අඩවිකාරිනියක්
      ලිංක් එක එවන්න විදිහක් නෑ. බ්ලොග් එක ඩිලිට් කල නිසා.

      මගෙ එකේ සයිට් සෙටිංස් සහ මේ පේන ඇපියරන්ස් එක (බැනර් එක ඇතුලුව හදල දුන්නෙ ඒ ඇත්ති තමා)

      Delete
    4. ඉතිං දෙයියනේ ආයෙ ලියන්න කියහංකො!

      Delete
    5. අහ්.. ඒම නොලියන කොච්චර ඉන්නවද. ඒ කවුරුවත් ආය ලියන්නෑ. මගේකෙ ඔය තාම තියාගෙන පැත්තක් දීල තියෙන්නෙත් කවද හරි ලියන්න හිතුනොත් ලියන්න කියල 🤭🤭 උන්දල ලියන්නෑ මෙයා.

      සිතූල, රූපෙල, හංසිල, තරිඳුවා, සඳරුවා, ද බොසා, රසිකයා(ඌනං පේන්නත් නෑ) කී දෙනෙක් ඉන්නවද තව. ඒක ඇවිත් මේ මඟුලෙ හොඳම කාලෙ.කියන්නෙ නිකංයැ. 🤭🤭 අම්මෝ බ්ලොගර්ල කැටිය 🙈🙈

      Delete
    6. This comment has been removed by the author.

      Delete
  4. මේ කවුද මේ හංසි!?

    උඹ ගැන ඊයේ හවහත් කථා කලා ඩ්‍රැකී එක්ක!
    මාළඟ තියෙනවා උබට ඉටු නොකල පොරොන්දුවක්! ඒක උඹ ආයේ මේ පලාතට ආවාම ඉටු කරණ්නම්! මට මේ ඇහෙනවා වගේ උඹ මට කුණු හබ්බෙන් බනින හැටි!

    මම බොහෝ තැන්වල උඹව හඳුන්වන කොට පළමු වැකිය අවසානයේ එක් කරන විශේෂණයක් තියෙනවා. ඒක උඹට මම කියන්නම්. මොකද උඹ හරි මම හරි මලාම කවුරුවත් දන්නේ නෑනේ! ඒක තමයි "හොඳ කොල්ලෙක්!" කියන එක! (උඹ ඔතන තියෙන මේසයක් හරි ඇඳක් හරි අල්ලන් හිටපං! උඩ ගිහිං සීළිමේ කැරකෙන හුලං පෙත්තට බෙල්ල ගලෝලා යයි!)

    ඔය ඔක්කෝම මනස්ගාත පැත්තක තිබ්බත් උඹ ලියපු එක ගැන මෙන්න මගේ හද පත්ලෙන්ම නැගෙන මෙව්ව එක! කොහොම උනත් හරිම සුන්දර ලිවීමක්! මම රට වටේ සයිකලයෙන් ගිය ගමනේදී මන්නාරම හරහා ආවා! ඒත් ඔය සුන්දරත්වය දකින්නට බැරි උනා. අර සේකර ලියා අමරදේව තුං මං හංදියේ ගැයුවා වාගේ "සොබා සොඳුරු සිරි මෙලොවේ - ඔබේ ඇසිනි මා දුටුවේ . . . "

    (ඩේටා, හොට්ස්පොට්, රවුටර් වලට මොනවද කර ගත්තේ!?)

    ReplyDelete
    Replies
    1. අනේ ඔහේගෙ පොරොන්දු ඒයි 🤭🤭🤭

      මේ දැං සීලිමෙන් බැස්සෙ අම්මප හොඳේ 😂😂😂
      අපි අහුවෙයි ඔව්වට. 🤭🤭
      ජනවාරි ඉදං මාර්තු ාව
      නකං බලන්න පුලුවන් ඊට පස්සෙ මෙහෙ ඉන්නෙකත් අමාරුයි.

      පුලුවන් විදිහට පොටෝ අල්ලන්නංකො

      එයාටෙල් සිම් එක තියෙන්නෙ. සිග්නල් වීක්.
      අනික්ව මොනවත් නෑ. 🤷🤷🤷

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  5. යෝධ වැව තියෙන්නේ මන්නාරමට සෑහෙන්න මෙහා නේද? මට මතක එහෙමනේ. පාරට අහුවෙන තඩි බම්ට් එක ඉස්සරහා කුඹුරුයාය මැද්දෙන් යන්න ආමි එකේ රෙස්ට් එකක් තිබ්බා ඉස්සර. රියෝ අයිස්ක්‍රීම් ( මම හිතන්නේ ඒ රියෝ) ඉස්සල්ලම කෑවෙත් මන්නාරමෙන්. ත්‍රීවිල් එකක විකුණද්දි.

    ඔය රා මොන රහයිද බං? හිත හදාගන තාමත් බොන්න බැරිවුන බීමක් ඕක. තලෙයිමන්නාරමේ රා බාර් එකක් තිබුනා පාර අයිනෙම. වාහනේ බැට්‍රියේ අවුලක් ගිහින් තල්ලු ස්ටාර්ට් කරන්න නොදන්න කාලේ ඒක ස්ටාර්ට් කරලා දුන්නේ ඒ බාර් එක ඉස්සරහා ගෙදර මනුස්සයා.රට ඉඳලා ඇවිත් බස් දෙකක් අරගන ඒ පැත්තේ රූට් එකකට දාලා ආතල් එකේ හිටිය හෙන ෆන්කි ඩෑල් එකක් ඒ කාලෙනම්.

    එහේ ඉන්න කාලේ මමත් පෝස්ට් එකක් ලිවුවා. හොයලා බලන්න ඕන. අනිත් එක උඹ දාලා තියන සිංදුවත් වැරදියි. මන්නාරම කිවුවාම මතක්වෙන්නේ රශ්මි සංගීතාවයි ආමි කෑම්ප් එකකින් අල්ලලා අවුලක් නිසා ගෙනියන්න බැරුව පුපුරෝන යුද්ධ ටැංකියයි.

    ඔබ නැතුව ගියේ මටමයි
    මේ රටට නෙමෙයි
    මහ පොළවට මිස මිනිස්කමට
    පෙම් නොකරන රටට නෙමෙයි

    සිංදුවේ විශුවල් පටන්ගන්නේ අර පුපුරෝන යුද්ධ ටැංකියෙන්.

    https://katusuhadawatha.blogspot.com/2016/03/blog-post_11.html?m=0

    ReplyDelete
    Replies
    1. ඒ සිංදුවෙ ලිංක් එකක් දාන්න තිබ්බෙ නැද්ද උඹට.
      රස්මි සංගීතා කවුද
      මන්නාරමට ටිකක් මෙහා තියෙන්නෙ. මුරුන්කන් පහු වුණාම. ලොකු දුරක් නෑ කට්ටුක්කරෙයි කුලම් කියල මෙහෙ උං කියන්නෙ.

      මෙහෙ උං හරි හොදයි. අතරිං පතර නාහෙට නාහන උං ඉන්නව තමා.
      එත් තාමත් යුනිෆොම් එක දැක්කම උං අපෙං දුරස් වෙනව.
      නොපෙනෙන බ්‍රිජ් එකක් තියෙනව කියල නොහිතුනාම නෙවී. පහු කරල යන්න පුලුවන් වුණත් නොයන. හෝ යන්න බය. නැත්තං පැකිලෙන. මොකක් හරි.

      තල් රා ටිකක් මෙහෙ ඉදලත් බීවෙ නැත්තං වැඩක් නෑ. පට්ය රහයි යකෝ.. වෙරි වෙන්නෑනෙ. බීල බලන්න තිබ්බෙ.

      උඹේ පෝස්ට් එකට තෑන්ක්ස්


      Delete
  6. උඩ හංසි කියලා තියන ආදම් ඒවා සොහොනට අල්ලි රාණිගේ සොහොන කියලත් කියනවා. ඩොරික් බංගලාවටත් අල්ලි රාණිගේ මාලිගාව කියලා කියනවා. කුවේනිගේ නංගිලු. ඒත් ඕක හරියටම සුෆී පූජකයෙක්ගේ මම අහලා තියන විදිහට.සුෆී අයගේ ඔයවගේ සොහොන් අනිත් සෙට් එක කඩලා බ්ඳලා දාපු කතාත් පහුගියකාලේ තිබ්බා. ඕකගැන හරියටම අහන්න, කියන්න ප්‍රා ඕනෙමයි. ඩොරික් බංගලාවෙත් ප්‍රා ආවහම නතරවෙන්න කාමරයක් වෙන්කරලා තියන කතාවකුත් තියනවා.

    නිකමට හිතපන්කෝ ක්‍රිස්ටීන් ස්පිට්ල්ගේ බ්‍රේවු අයිලන්ඩ් ලයින් එකෙන් අරිප්පුවයි, මුතු කඩන කාලෙට මන්නාරම කොච්චර බිසී වෙන්න ඇද්දයි කියලා. තනිකර කානිවල් එකක් වගේ තියෙන්න ඇති. උඹ එන්න කලින් ඔහෙන් මුතු බෙල්ලෝ වඳවෙන්න හේතුව කාගෙන් හරි හොයාගන වරෙන්. මට ඕක මාර ප්‍රශ්නයක්

    මේන් අර සිංදුව.ඒත් ඔර්ජිනල් වීඩියෝ එක හොයාගන්න නෑ
    https://youtu.be/Pni4CtFpgPY?si=1xI0poO7phcJhDUT


    ReplyDelete
    Replies
    1. ප්‍රේමකීර්ති රණතුංගගෙ මුතු වසන්තය කියවහං. 😁😁

      ප්‍රාට කතා කරන්න ඕන මේ ජංසන් ටික අහගන්න.

      අරිප්පු ටොඩි ටැවර්න් එකක් තියේ. යන්න වුණාම බලන්නං ටිකක්. වැඩේ කියන්නෙ මෙහෙ මිනිස්සු හරියට යමක්.දන්නව අඩුයි. බලමු යමක් දන්න කවුරු හරි හමිබෙයිද කියල

      තෑන්ක්ස් බ්‍රෝ.. පෝස්ට් එකේ වටිනකාම වැඩි වෙන කමෙන්ට් එකක් මේක 🤭🤭

      Delete
    2. @ ප්‍රා හොහ් හිහි

      Delete
  7. එළම !. ෆොටෝ ටිකත් ඉස්තරම්. ඊළඟ ට්‍රිප් එක මන්නාරමේ තමයි

    ReplyDelete
    Replies
    1. මතක ඇතිව ජනුවරි වගේ ආවොත් මරු. අවුරුද්දෙ මැද නං අවුල්. අග වෙද්දි වැස්ස. හොඳම ජනවාරි ඉදං මාච් තමා
      ස්තූතියි ☺️

      Delete
  8. ලස්සන පින්තූර ටික. යාපනේ යද්දීවත් යන්න හිතුනා. ඒත් බැරිවුනා, මේ පාර ආවහම උඹව බලන්න එනවාමයි මල්ලි . ගිය සැරෙත් මිස් වුන නිසා . මේ ඔහේ වැල්ලේ ධිවර ජනතාවක් ඉන්නවා. මගේ දුප්පත් යාලුවෝ දෙන්නෙක් හිටිය විජේ හා සෙල්වම් කියල. ඩයිනමයිට් දාල මාළු මරපු ඈයෝ. නවත්වන්න උත්සාහ කළා හරිගියේ නැහැ, උන්ට ජිවත් වෙන්න විධිහක් නැහැ. උන්ට සල්ලි හම්බ වුනහම කොළඹ ඇවිත් ෆිල්ම්ස් බලනවා බොනවා. උන් සිංහල දෙමල මිශ්‍ර. සිංහල සහම දෙමල දෙකම කතා කරනවා . ඒ දවස් වල පොලිසියෙන්, ආමි එකෙන් ගුටි කනවා. පස්සේ LTTE එකෙනුත් ගුටි කනවා. මැරුම් කාලා තියනවා උන්ගේ උන් දෙපැත්තෙන්ම උන් දෙන්න නම් කුරුණෑගල පැත්තට ගිහින් සිංහල කෙල්ලෝ බැඳලා ඉන්නවලු. හම්බ වුනේ නැහැ , අන්න උන් ගැනත් පුලුවන්නම් ලියන්න. අවධානයක් නැති ජනතාවක් .

    ReplyDelete
    Replies
    1. උන් ගැනත් පුලුවන්නම් ලියන්න. අවධානයක් නැති ජනතාවක් x 2 💔🙏

      Delete
    2. එන්න එන්න. හම්බෙමු. ඇවිදිමු.
      මෙහෙ මිනිස්සු ගැන නං කතා කරන්න.කවුරුවත් නෑ තමා. එයාල එයාල එකේක සමිති සංගම් හදාගෙන ඉන්නව. ඒවගෙන් වැඩක් කරගන්නව.
      බොන එක නං ආගමක් වගේ. ගසනව ඇද වෙන්නම. 🙈🙈
      බලමු හෙමීට, කතා කරන්න කවුරුහරි හම්බෙනව ද කියල. ☺️☺️
      ඉස්සරහට යන්න හම්බෙන විදිහට පුලුවන් යමක් ලියන්නංකො
      @බසූටත් එක්කම ❤

      Delete
  9. මන්නාරමේ උනත් මොකද ඔය අගේට ලියල තියෙන්නෙ.

    විස්කි බ්‍රැන්ඩිම බීල දැං වෙනසකටත් එක්ක තල් රා බොන එක හොඳයි. හැක්..

    ReplyDelete
    Replies
    1. විස්කි නං මොනාත මෙයා. හැමදාම බොන්නෙත් එව්වනේ.

      තල් රා මරු. දවසයි බිව්වෙ. සුප්ප. බඩ පිරෙනව ඉක්මණට. අනික්වට වැඩියෙන්

      Delete
    2. විස්කි නං මොනාත මෙයා. හැමදාම බොන්නෙත් එව්වනේ.

      තල් රා මරු. දවසයි බිව්වෙ. සුප්ප. බඩ පිරෙනව ඉක්මණට. අනික්වට වැඩියෙන්

      Delete
  10. අපූරු විස්තරේ
    කවදාවත් ගිහින් නැති, යන්න ආස වුනෙත් නැති, ඔය පැත්තේ යන්න හිතුනනේ
    ....................අනේ හැබෑට රා ඉස්සර වෙන හැටි

    ReplyDelete
    Replies
    1. ඉතිම් එන්ට. මෙහෙ නරක නෑ. ඒක වෙනම විනෝදයක්.

      රා නැති තැනක අපි කොහොම කිතුලෙ නඟින්නයැ මෙයා.

      Delete
  11. ඇයි මන්නාරමට ඇතුලු වෙන කොටම තියෙන ලන්දේසී බලකොටුව පැත්තේ රවුමක් දැම්මේ නැද්ද..

    ගියපාර යාපනේ යන කොට ගියේ මැදවච්චියෙන් හැරිලා ඔය පැත්තෙන් ....ඒ පැත්තට යන කොට හැන්දා වෙලා තිබ්බ නිසා මන්නාරම ටවුම කිට්ටුවයි, අර ලෝකේ මහතම ගහයි විතරයි බලන්න යන්න උනේ...පේසාලේ පැත්තටවත්, තලෙයි මන්නාරම පැත්තටවත් යා ගන්න වෙලාවක් මදි උනා...

    මන්නාරම ලන්දේසී බලකොටුව ප්‍රතිසංස්කරණය කරනවා..හැන්දෑව ගත කරන්න හොදම තැනක්.

    අපි මන්නාරම ටවුම පැත්තෙන් හොද ඉස්සො ඩෙවෙල් වගයක් ගත්තා... මිල නම් ලොකු අඩුවක් තිබ්බෙ නෑ...හැබැයි සුපිරියටම තිබ්බා..

    ReplyDelete
    Replies
    1. තාම කල් තියේ නේ. පයිං යන්න නං පුලුවනි. ඒත් කම්මැලී. බලකොටුව විතරක් නෙවී. තව තැං තියේ. යන්න ඕන වෙලාව ලැබෙන හැටියට.

      බාඕබැබ් එක නං නෙවී ලෝකෙ තඩිම ගහ ඔන්න 🤭🤭 ජැපා යන ගමං තලෙයිමැනා යන්න නං මෙහෙට වෙනම දවසක් ඕන.
      මෙහෙ කිසි දෙයක් නෑ ලාබයි කියන්න. බඩු ගිණි ගණං.

      Delete
    2. ඔන්න මං මගේ එක්ස්පීරියැන්ස් එකත් මගේ බ්ලොගේම කෙටුවා...මහේශ්ටත් ස්තූතී කරලම

      https://maiyyagelokaya.blogspot.com/2024/02/blog-post.html

      Delete
    3. කියවන්නම්. ස්තූතියි ❤

      Delete
    4. කියව්ව කමෙන්ටුවක් දාන්න බැරි වුණට සොරි ඒයි.

      Delete
  12. නත්තල් කාලෙ ගියා එහෙ. මස් රොටි රහයි

    ReplyDelete
    Replies
    1. මයිය නං කියල තිබ්බ සී ෆුඩ් එකත් රහලු. දැනට කීප වතාවක් තැන් කීපයකින් කෑව. මොලා් රහක් ඇති තැං සෙට් වුනේ නෑ. බලමු ඉදිරියට

      Delete
  13. ලිපියත් පොටෝ ටිකත් පංකාදුයි, භාෂාව නොදන්නාකම නිසා වෙන්න ඇති යුද්දෙකුත් ඇති උනේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.
      යුද්ධෙ නං තනිකරම ස්වාර්ථය සහ පරපීඩාකාමීත්වය නිසා ඇති වෙච්ච දෙයක් කියලයි මට හිතෙන්නෙ

      Delete
  14. ලස්සන සටහනක් . ආසාවෙන් කියෙව්වා. මන්නාරමට සහ මඩු පල්ලියට එක වතාවක් ගිහින් තියෙනවා. ඒත් එය කලේ යුද්ධය තිබුණු කාලෙ හින්ද යන්න පුළුවන් තැන් වල සීමා තිබුනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.
      ලංකාවට එන ‌ොවක හ්කලං කරන්න. අපුරු තැං තියේ

      Delete
  15. දැන් ඉතිම් කාන්සිය, මානසිය, තනිකම යන්නත් එක්කල... දියටම ලියන එකයි තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. බලමු බලමු නමී. බ්ලොග් ලිස්ට් එක වත් කියව ගන්න වෙලාවක නෑ. ෆුල් ජංජාල

      Delete