Wednesday, February 14, 2024

රැහැයියෙකු ගෙන ආ තෘප්තිමය ආනන්දය - කාලාන්තරාව - THE DRAGONFLY EFFECT

             


        රැහැයියාගේ (බ්ලොගර්ල දන්න විදිහට හෝබෝ ටික්කාගෙ) අලුත් පොත මේසය උඩට පියාඹා විත් බොහෝ දිනක් ගත විය. නව ස්ථාන මාරුව හේතුවෙන් මේසය කොණකට වී ලැග් ගැහෙමින් උන් එය ට කාලතරණය කළ හැකි නම් නැවත එයට හිමි නියමිත තැනටම යනවා ඇත. කොහොම හරි පොත කියවා අවසන් කළේ ඊයේ හවසය. මේ සටහන ලියන්නේ අදය. මොළයට වැටී තිබූ සමනල ගැට ටික ලෙහාගන්නටම බොහෝ වෙලාවක් දෙන්නට සිදු වූ නිසාය.

    විද්‍යා ප්‍රබන්ධමය වියමනක් වූ "කාලාන්තරාව" අමාලි අනුපමා මල්ලවාරච්චිගේ නවතම පරිකල්පනිය ප්‍රයාමයයි. ඇැගේ පූර්ව කෘතිය වූ "දං පඳුරට ආ රැහැයියා" එකට කැටි කොට  ගෙන ආ වියමන් කිහිපය මා තෘප්තියට පත් කළා වූ මතකය කාලාන්තරාව කියවීමට මා  පෙළඹවීමට තරම් උත්තේජනයක් සැපයුවේ ය. සැබැවින්ම "කාලාන්තරාව" මා බලාපොරොත්තු කඩවීමකට ඇද දමන්නට තරම් සැහැසි නොවීය. අමාලි ඇගේ මනස් සෘෂ්ටිය නියමාකාරයෙන් වචන බවට පෙරළා ඇත. ඇය ඇගේ බුහුටිමය වදන් වියමනෙන් පාඨකයා සිය කෘතිය තුළට ඇඳ බැඳ තබා ගැනීමට සමත් වී ඇත. එහෙයින්, "කාලාන්තරාව" අතට ගන්නා ඔබට මා අනතුරු අඟවන්නට කැමැත්තෙමි. ඔබ මුලපුරන්නේ වචන වලින් නිමවන ලද ජිග්සෝ පසලයක් විසඳීමටය. එය විසඳා ගන්නේ නම් ඔබ අපුර්ව විද්‍යාප්‍රබන්ධමය මනස් සෘෂ්ටියක ගිලෙන්නේය.

    එක පෙළට පෘථිවිය පෙලන්නට වූ වසංගත රැල්ලක් හේතුවෙන් එක්තරා විද්‍යාඥවරියක් විසින් ප්‍රතිවෛරසයක් නිර්මාණය කරයි. ඒ ප්‍රතිවෛරසයෙහි ක්‍රියා කාරීත්වය ඇය විසින්ම සාදා ගන්නා ලද කාල ප්‍රශස්තකරන යන්ත්‍රයක් හරහා විමසා බලන ඇයට එකී ප්‍රතිවෛරසය නිසා අනාගත පෘථිවිය ජෛවීය සංහාරයකට මුල පුරන වගත් ඒ හේතුවෙන් මළ නොමළ වුන්ගෙන් පෘථිවි තලය  පිරී යන බවත් සොයාගනියි. ඇය සිය පර්යේෂණ පත්‍රිකා සහ සිය පර්යේෂණාගාරය විනාශ කරයි.

    සැබැවින්ම සිදුවන්නේ කුමක්ද..? ඇය සාර්ථක වේ ද..? සිය පර්යේෂනය විනාශ කරන්නට ඇයට හැකිවීද..? අනාගත පෘථිවිය සොම්බි ග්‍රහණයකින් බේරී ඉතිරිවේද..? ඔබට ඒ දැනගැනීමට අවැසි නම් "කාලාන්තරාව" කියවිය යුතුම යැයි මම යෝජනා කරමි.ඉතා අල්පයක් වන ලාංකේය විද්‍යාප්‍රබන්ධ සාහිත්‍යය තුළ කාලාන්තරාව ද නොමැකෙන ලකුණක් තබන්නට තරම් සුදුසු බව මගේ හැඟීමයි.

    විද්‍යාප්‍රබන්ධයක ලිහිල් අගිසි ඇතැයි කීම නිෂ්ඵල කාරියකි. එහෙත් සිදුවන යම් යම් සිදුවීම් කෙරේ සාධාරණීය ප්‍රවේශයක් තිබුණේ නම් සතුටු වෙමි. ධර්මා ගේ මනස ඩිජිටල් අවකාශයේ ඉතිරිවීම එකකි. මීරියම් ගේ සහ ඇගේ සහයෝගය හැල් සහ ඩේවිඩ් බෝමන්මය හැඟීමක් ගෙන ඒමට සමත් වුව ධර්මා සිය මනෝමය සිරුර ඩිජිටල් අවකාශයේ නික්ෂේප කිරීම පිළිගැනීමට තරම් සාධාරණ හේතුවක් කතුවරිය අපට ඉදිරිපත් නොකරයි. බ්‍රයන් අත් දකින සෑම සිදුවීමක් සිහිනයක් ලෙස හෝ ඔහු මනසේ තැන්පත් වේ නම්, එවන්ම සිදුවීම් බෙදාහදාගන්නා කාලගේ මතකයෙන් ඔහු අත්විඳින සිදුවීම් විතැන් වන්නේ කෙසේද යන්න මට නැඟි තවත් ගැටළුවකි.

    නමුත් පාඨකයාට ඉදිරියට නොයාමට තරම් එම සිදුරු බලවත් නොවේ. කියවන්නා කතාවේ අවසානය තෙක් තෙක් නොයිද සිදුවන සියළු සිදුවීම් ගලපමින් පටලවාගනිමින් කතාව ලෙහා ගන්නට උත්සාහ ගැනීම් අතර සිදුවන පූර්ව නිගමන වැරදී යාම පිළිබඳ ඇතිවන, තමා වෙතම සිනාසෙන්නට සිදුවන අයියෝමය සාකැස්මික හැඟීම උපරිමයෙන් අත්විඳින්නට වීම පිළිබඳ ව වන තෘප්තිය බොහෝ කාලයක් මනසේ ඉතිරි වන බව නම් ඒකාන්තය.

කාලාන්තරාව

කර්තෘ - අමාලි අනුපමා මල්ලවාරච්චි

ප්‍රකාශනය - එස්. ගොඩගේ සහ සමාගම

මිල - රු.900.00

පිටු - 184

ඇගයීම - 4/5

 

19 comments:

  1. Replies
    1. මොනා හරි ලියපං.
      මට කිව්වෙ එච්චරයි 😂😂

      Delete
  2. හ්ම්ම් හොද ඔත්තුවක්...හොයාගෙන කියවන්න වටිනවා

    ReplyDelete
    Replies
    1. ගොඩගේ තියේ. ඔන්ලයින් ත් තියේ. හම්බුණොත් බලන්න. පොත්තයිතිකාරය බ්ලොගර් කෙනෙක්

      Delete
  3. ඉස්සර ආතර් සී ක්ලාක් ගේ විද්‍යා ප්‍රබන්ධ 2010, තුන් ඈදූනු පොත් ටික, විදුසර පත්තරේ ගිය විද්‍යා ප්‍රබන්ධ කෙටිකථා ටික පිස්සුවෙන් වගේ කියෙව්වෙ...ඒත් පස්සෙ කාලේ වෙනකොට විද්‍යා ප්‍රබන්ධ කියවන්න කම්මැලි ගතියක් එන්න ගත්තා..

    මං හිතන්නේ ඒ අසාව නැති වෙන්නෙ හේතු උනේ සමහර විද්‍යා ප්‍රබන්ධ හින්දම තමයි..
    ගොඩක් විද්‍යා ප්‍රබන්ධවල ඉන්නේ ෆ්ලැට් චරිත..ඒ චරිත හරියට ගොඩ නගලා නෑ...සමහර චරිත වල අදාලත්වයක් නෑ...

    සමහට ප්‍රබන්ධ වල කතා සැකිල්ලා සහ ගලා ගෙන යන වේගය අවුල්...

    තවත් සමහර එවාගේ කිසි ගැඹුරක් නෑ...ඕය වගේ හේතු හින්දා මට ඉස්සර පිස්සුවෙන් වගේ කියවපු විද්‍යා ප්‍රබන්ධ කියවන එක එපාම වෙලා ගිහින් තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. අයිසැක් ඇසිමොෆ් කියෙව්වෙ නැද්ද?

      Delete
    2. ඒ දවස් වල විදුසරේ ගිය අයිසෙක් ඇසිමොව් ගේ ඒවා නම් කියෙව්වා..ඒවත් හොදයී..

      Delete
    3. මයියා
      Foundation Series එක බලහං. ඒකත් ඇසිමොව්ගෙ ඒනමින්ම තියෙන පොත් පෙළක ටීවි ඇඩැප්ට් එක

      ප්‍රා ඔයා කියල තියෙන්නෙ මම කියන්න ආව එක 🙈🙈😂

      Delete
    4. මාත් බැලුව. ඒක පට්ට. මං ළඟ පොත් සීරිස් එකම තියෙනවා. ආයේ කියවන්න ඕනේ. දැන් කතාව හරියට මතක නැහැ

      Delete
    5. ඒව නිතරම කියව්වත් පාඩු නෑ. පට්ට තමා ☺️☺️❤

      Delete
  4. +++++++++++++++++++++++++++++++++++++++++++++=

    ReplyDelete
  5. සොයන්නට සිතුනි පොත කියවා ඔබෙ ලිපිය
    ජාලය පෙන්නුවේ වෙන වෙන ජවුසන්ය
    ප්‍රකාශනය කාගෙද කිව්වොත් හොඳය
    එතකොට ගන්න කෙනෙකුට පොත ගත හැකිය

    ReplyDelete
    Replies
    1. අඩා... ඒක දාල නැනේ.. ඇඩ් කරන්නං. ගොඩගේ ගොඩගේ 🙈🙈

      Delete
  6. කතාව හොඳයි වගේ. නමුත් වෙස්ට් එකේ සෑහෙන්න ලියැවෙන සහ චිත්‍රපටි කතාවක් ඔය සොම්බි කතාව. Z නේෂන් කියන එකත් ඔය වගේ. තව බොබ් ගේ කතාව. - Bob vs The Selfie Zombies
    Bob vs The Selfie Zombies is a very funny time travel adventure that has a serious message about the consequences of one’s actions. Bob has discovered that he has the ability to time travel and he has travelled forward several times and has met the future versions of himself and his friends and family.
    Most remarkable, he has learned that his arch enemy Eno has invented a selfie stick that has led to a future zombie apocalypse.

    ReplyDelete
  7. කොපියක් වගේ වෙන්නත් - අනේ මන්ද- Zombie Virus -by Carla de Oliveira Sampaio Sanches (Author)- The story takes place in the year 2027, when a virus ravages the world, and a biomedical doctor in training manages to discover a vaccine, but at the same time discovers an even worse virus.
    While her childhood friend, obsessed with time travel, takes her on a trip to the future, in an apocalyptic world, where she has to learn to fight against zombies, the most powerful ones rule, she meets someone who protects her with tooth and nail, and even with life itself, because she is humanity's hope to get rid of the zombie virus, and maybe even cure it... will she make it... follow me on this adventure and we'll see together where it takes us lead to...

    ReplyDelete
    Replies
    1. මෙ කමෙන්ට් දෙකටම උත්තරයක් කියල මොකක් දෙන්නද කියල බැලුවෙ.

      සමහර විට අපි දන්න කතාවල සැඩෝ එකක් මේකෙ තියෙන්න පුළුවන්. නමුත් කොපියක් කියලා හරියටම කියන්න අමාරුයි නේද හරි අපි මෙහෙම කරමුකෝ. අජිත් අයියා ලංකාවට ආපුවහම අපි පොත කියවලා බලමු. ඊට පස්සේ කියමු.

      මේක බ්ලොගර් කෙනෙක් ලිව්ව එකක්. ඒකයි හුඟක්ම මේක ගැන ලිව්වෙ. ඒක මෙන්ෂන් කරල නැති එක මගෙ වරදක්.

      අජිත් අයිය මේක කියව්වම අදහස තරමක් වෙනස් වෙයි කියල හිතනව. ☺️☺️☺️

      Delete
    2. මම දැක්ක දෙයක් තමයි අපි දන්නා කතා අරගෙන වෙනස් කරලා ලියනවා. ඒවා නිර්මාණ තමයි. නමුත් ඔරිජිනල් අදහස කතා සැකිල්ල ගත්ත එකක්. මට වෙච්චි නිසා මම දන්නවා. සමහැරු කියනව ඔරිජිනල් එකට වැඩිය මේක හොඳයි නේ කියලත්. වැරදිකාරය වෙන්නේ කියන මිනිහ. දැන් ඔර්වෙල් ගේ 1984 ත් කොපියක් එක්තරා දුරකට. අපි ඒක සඳහන් කරන්නේ නැහැ, ඔර්වෙල් ම පස්සේ කාලෙක පිළිගත් නිසා තමා අපි දන්නේ. එතකොට මෑත කාලයේ තව ලංකාවේ ඉතා ජනප්‍රිය වෙච්චි පොත් කිහිපයක එකක් මමත් කියෙව්වා. කියවන කොට හුරු පුරුදු ගතියක් දැනුන. කියවන යනකොට තේරුණා බලල තියෙන කතාවක් නේද කියල. මම කියන්නේ ගියේ නැහැ. අපි ඉරිසියාවට කියනව කියල හිතනවා එකක්. අනික ෆෑන් බේස් පිලි ගන්න කැමති වෙන එහෙකුත් නැහැ.

      Delete
    3. එහෙම අවශ්‍ය නෑ. මම නං කියන්නෙ මේක අසවල් පොතේ කොපියක් කියල කියන්න ඕන. නැත්තං එකෙන් බලපෑමක් තියනව කියල වත් කියන්න ඕන. අමාලි සමහර විට z nation බලල ඒකෙ සමහර තැං ඇඩැප්ට් කලා වෙන්නත් පුලුවන් ඒක මම 100% නොබලපු නිසා මොනවත් කියන්න මට බෑ. ඒකයි මම කමෙන්ටුව කෙටියෙන් දැම්මෙත්.

      අයියට පොත කියවන්න යෝජනා කලෙත් ඒකයි. මම ලියන රිවිව් බලන්නකො. කවදාවත් ඒ රිවිව් එකක් කතෘගෙ පැත්තට නෑ. මට දැනෙන හැඟෙන දේ මම කියනව. තරහත් වෙලා තියේ සමහර අය.
      අපි සල්ලි ගෙවල නං ගන්නෙ ඒ පොතට හානියක් නොාවන ඕන දෙයක් අපිට කියන්න අයිතියක් තියේ
      නැත්ද හා

      Delete