උණුහුමද සිහිලසද පිරි දෑතක් බඳ වටා ඇදී ගොස් පපුව මධ්‍යයට වන්නට නවතී. මුදු උණුහුමැති ළයක පහස පිට හරහා දැනෙන්නට වෙයි. ඉසියුම් චුම්බනීය මිහිරක් ගෙල මත තවරන්නී මුදු සැපුමක ලාලසාමය වේදනාවක් අතුරන්නීය.
ඇහැරෙනකොට ළඟ නැතිවෙද්දි මම හිතුව නොකියම ගිහින් කියල.
මවෙතින් මිදෙන ඈ සඳළුතලය ආවරණය කර ඇති වැටට පිටුපා හේත්තුවී මදෙස බලයි.
යන්නෙ කොහොමද මගේ ෂර්ට් එක නැතිව
කමිසයේ මැද බොත්තමක් පමණක් අමුණා ඇඳ සිටින්නිය දෙස බලමින් මම කියමි. අනාවරිත ළය ඉසියුම් ඉංගිතයන් පායි. මම යළි සයුර වෙත නෙත් පාකරන්නට තතනමි.
අහක බලන්නෙ ඇස් විතරයි. හිත් නෙවෙයි..
මන්ද්‍ර සිනාවක නැළවෙන්නිය දෙස නෙත් යොමමි. හිස මදක් පහත් කොට මා වෙත මුහුණ උස්සා නෙතඟින් බලන්නී කිංකිණිමය සිනහවක් පා කරන්නීය.
මේක තියල යන්න… ඇය ෂර්ටය පෙන්වමින් කියයි.
..
ඔයාට මම ඇදං යන්න එකක් දෙන්නං…
..
ඔහොම බලන්න උවමනාවක් නෑ. හැම කෙනාටම කතාවක් තියෙන්න බැරිද.?
ඔයා මේක නිතරම කරනවද.?
අලුකුත්තේරු රිදවුමක සරයක් ඈ වෙත යවමි.
ඔව්.. දෙවුර උස්සා නොසැලකිලිමත් හිතුවක්කාරී ඉංගිතයක් පාමින් ඈ කියයි.
මා වදන් පාරාවළල්ලක්ව හිස මැද්දටම දුන් පහරින් ඇඹරී යන්නෙමි. ඈ උන් අයුර වෙනස් කරන්නී සයුර වෙත මුහුණ පාන්නීය. සුළං රැල්ල හා දඟ කරන මුහුලස එක් මිටට ගත්තී හිස මැදින් උස්සා විලංගු ලන්නීය.
සොරි..
ච්චහ්. ඈ ප්‍රතික්ෂේප ඉංගිත පාන්නී මා ගොළු වතක හෙලන්නීය.
රිදෙන්න පුළුවන් තරං රිදිල ඉද්දි ආයෙ වචන බාම් ගාල සනීප කරන්න බෑ.
මෙතෙක් වේලා ගීතිකා ගැයූ සයුර වැළපෙමිනි. බරැති සුසුම් සලමිනි. වේදනා අන්ධකාරයක් පතුරමිනි.
කෝමත් ඔයා මෙතනින් අද යන්නෑ..
ඈ ස්වරයෙහි සීතලක් තැවරෙමිනි. ගත හිරිවට්ටවන සුළුය. ඒකතානී ශෛලමය සීතයකින් ඈ කතාකරන්නට වන්නීය. ඒ මුහුණ සෙල් රුවක මෙනි. හැඟීම් විරහිතය. සාකැසමික ඉඟියක් හෝ නොපෙන්නමිනි.
මගෙ හිත රිද්දන අයට වෙන්නෙ ඒක.. අර ඇතුලෙ කාමරේක අන්ධකාරෙට වෙලා එළිය පොදක් වත් නැතිව ගල් වෙලා ඉන්න.. ජීවත් වුණත් ගල් වුණා වගේ ඉන්න මිනිස්සුන්ට ප්‍රථිමාවක් වෙලා අන්ධකාරෙ ඉන්න ලැබෙනව කියන්නෙත් දඬුවමක් නෙවෙයි.
වදන් හීසර විඳුම නැවතූ ඈ එක් වනම මා වෙත නෙත් යොමු කළාය. ඒ නෙත් හි ආලෝකයක සේයාවක් හෝ පෙනෙන්නට නොවේ.
මතු සම්බන්ධයි.
++++++++
ReplyDeleteප්‍රාජේ ක්‍රමවේදයට අනුව, වැට ගහල යන්න ආවෙ. ආයෙ එන්නං😊👌
Hmm
Deleteපැමිණියාට ස්තූතියි.. නැවත එන්න 😃😃😃
Deleteනේහ් ප්‍රා
// බැල්කනි ද්වාරය //
ReplyDelete// ඇය ෂර්ටය පෙන්වමින් කියයි. //
// සාකැසමික ඉඟියක් //
චූටි නොගැලපෙන වචන කම්බිනේෂන් දෙකතුනක්
අද කෑල්ල කෙටියි - ඒත් සුන්දරයි
අද පීසය කෙටියි එහෙත් බියුටියක් ඇත
Deleteපීzසා ගෙනාවා කියලානං තිවුන්නෑ නේ ද?
Deleteනැත. එසේවුවත් ඉමැජිනේෂනය පොසිබල්ය
Deleteසැර් බූරා
Deleteසමහර වචන වලට ගැලපෙන සිංහල වචන දාන්න හරි අමාරුයි. එතෝට කම්මැලිත් හිතෙන්න ගන්නව 😃😃 ඊට ලේසියි හිතෙනව ඉංගිරිස් වචනයක් සිංහල කරනෙක. බලන්නම් ඊළඟ කොටස් තව ටිකක් සුඛනම්‍ය විදිහට ලියල ගන්ට.
දෙන සහයට, ඔවදන් වලට හදවතින්ම ස්තූතියි ❤️❤️❤️❤️
@ප්‍රා.. 😃😃😃❤️🙈🙈🙈
// සමහර වචන වලට ගැලපෙන සිංහල වචන දාන්න හරි අමාරුයි //
Deleteබැල්කනි ද්වාරය -> සඳළුතල ද්වාරය
ඇය ෂර්ටය පෙන්වමින් කියයි -> ඇය කමිසය පෙන්වමින් කියයි
සාකැසමික ඉඟියක් -> උපහාසාත්මක ඉඟියක්
මොකෑ බං ඔය පොඩි වචන දෙක-තුන සිංහලට හරවන්න ඔච්චර අමාරු?
ඉංලිරිසි වචනයක් ඔබපු ගමන් අර කියවන් එන ලාලිත්‍යය බිඳෙනවා.
ඊළග කොටස් වලදි ඊට වඩා සැලකිලිමත් වෙන්නංකෝ.. ඒ වචන හිතට නොආවම නෙවී. ඒත් අනේ මංද...
Deleteදන්නැද්ද.. නිකං නුහුගුණහක් වගේ එකක් එනව නේ 🤔🤔🤔
අද කෙටියි... කාරුමික දෝෂ නෙ. මී ළඟට තව ටිකක් දිගට ලියන්ඩ ඉඩ ලැබේවා!
ReplyDeleteකාරුමික දෝෂ බරට. ඊළඟ කොටහ දික් කරන්න බලමු 🙂
Deleteඋඩ බුරා කියන විදිහෙ භාෂා මික්ස් එක මාත් කරනව, කියවන්නාට ලේසියෙන් සහ ඉක්මණින් වචනෙ හිතට දැනෙන්න...
ReplyDelete//වචනෙ හිතට දැනෙන්න..//
Deleteවර්ඩය මයින්ඩ්ගත වෙන්න
ඒ වගේ දෙයක්... හෙන්රි වරක් දෙකක් මට දොස් කිව්ව එහෙම ගැළපෙන්නැති වචන දානව කියල.
Delete@ ඩ්‍රැක් ඇත්තටම ඒකත් එකක්. අනික පොඩි ෆැන්සි ගතියකුත් එනව.
Deleteසැර් බුරා ඉස්සරා ඕව කියල බැණුං අහන්ට බැරුවා 🙈🙈🙈
වර්ඩය මයින්ඩ් ගත වීම ස්පීඩ් වෙන්නෙ මහිතේ භාවිතය නිසා. සමහර සිංහල වචන භාවිතාව හරි අඩුයි නේ නේද ප්‍රා.
හෙන්රි අයිය කෝ ඩ්‍රැක් 🤔🤔🤔🤔
මුහුණ අඩකුඹූ කළා කිව්ව ම නං වචනෙ තේරුම එකපාර හිතට එන්නෑ.
ReplyDeleteඅර ලිඳ ලඟදි අහුවුනාම බස්තුමාට වුනේ
Deleteඒක අඩ කුඹු ද, නැත්තං ධ්වජභංග ද?
Deleteඑතනට හරියන වචනයක් සජෙස් කරනවද. මටත් ඒ වචනෙ නං අවුල්. අඩකුඹු කරන්නෙ කොඩිය නේ. මම හිතෙන්නෙ එතනට ගැලපෙන්නෙම නෑ. 😔😔😔
Deleteබස් තුමා නැති භංග වුණා ද 🙈🙈🙈
අඩකුඹු කරන්නෙ කොඩි නේද? හ්ම්...කොඩිගහ ඉස්සිලා තිබ්බ නං ඒ වචනෙත් වැරැද්දක් නෑ.🤔
Deleteනෑ නෑ... කොඩි ගහ ඉස්සිලා නෑ. ආයෙ එඩිට් කරද්දි හදමුකෝ 🤣🤣🤣
Deleteමේක මාර ෆැන්ටසියක්. මට මතක් වෙන්නෙ ඉස්සර පාරාදීසය සඟරාවෙ ගියපු ශෘංගාර කළාපය... ඊ ළඟ කොටස එනකං බලං ඉන්නව මහේෂ්, ලස්සනට වෙලාව අරං හොඳට ලියහං...
ReplyDeleteස්තූතියි ඩ්‍රැකී අගය කිරීමට. හැකි ඉක්මණට ඊළඟ කොටහෙන් හම්බෙමු.
Delete❤️❤️❤️❤️
සුපිරියක් තමයි ඉතිං ++++
ReplyDeleteස්තූතියි ටෙකී බ්‍රෝ... ආයෙ එම්මු 🙈🙈
Deleteනියමෙට නියමයි. අතීතයකුත් මතක් වුනා කීවහම. පින්තුරයක් හංගගෙන තියන් ඉන්නව "එයා" මගේ ෂර්ටයක් ඇඳන් ඉන්නව. ඇත්තටම ඇයි කෙල්ලෝ එහෙම කරන්නේ. හැබැයි ඉතින් බිරින්දෑත් මගේ ෂර්ට් අඳිනවා වෙලාවකට පහසුයි කියල.
ReplyDeleteමේක කියවපු එක් දැරිවියකුත් ඔය කතාවම කිව්ව. 🙈🙈🙈
Deleteගෑල්ලමයි ෂර්ට් ඇන්දම පොඩි හොට් ලුක් එකක් තියේ නේහ්. 😃😃😃🙈
ෂර්ට් එක විතරනේ අඳින්නෙ 🙈🙈🙈
ඒකනම් ඇත්ත
Delete😃😃😃😃😃😃
Deleteඅජිත්තයිය තමා අජිත්තයිය 🙈🙈
හ්ම් ආදරණීයි, කමණීයයි..... මගේ අදහස කියන්නම් තව කොටස් කීපයක් කියවල.
ReplyDeleteඑතකම් මහේෂ් කිව්ව විදිහට රීඩ් ක්‍රාන්නම්, කමෙන්ට් ක්‍රාන්නම්, ෂෙයා ක්‍රානම්...
උම්ම්මා එකටනම් හිත හිරි වැටුනා.
😃😃🙈🙈
Deleteඅර බුකියෙ තරුඔලට නටන දැරිවිනේ ඕව පුරුදු කරේ.. 🙈🙈🙈
ස්තූතියි නමී. පුලුවන් ඉක්මණට දෙන්ට බලන්නම්. පොඩියක් අවුල් මේ දවස් වල. ❤️
hm...........
Delete😀😀😀😀😀
Deleteමට මේකෙ මාතෘකාව පේන්නෙ තවුතිසාව වගේනෙ.
ReplyDeleteඔවු ඔවු දැං 40 පැනල. ඒක මෙතෙන්ට අදාල නෑ. හැක්..
Deleteඋත්තරේ ප්‍රසන්නයියම කොටල නේ. ඒක හරි අසාධාරණි අප්පාහ් 😁😁😁😁
Deleteකෝමත් අවන්හල ක් කියන්නෙ තවුතිසාවක් තමා
නැද්ද හා 😀😀