Monday, November 1, 2021

ස්ටවුතියාව - 02 සයුරු තෙර නිවහන

                 
මුදු සුළං දහරාවක පහස විඳින වා කවුළු ආවරණයෝ කෝලයෙන් නර්තන ලීලා පාමිනි. විවර කවුළුව හරහා ඇදෙන මුහුදු සුළ‍ෙඟෙහි සිහිලෙන් පිරිමැදෙන වත සනීපවත් සුවදායී පහසකට නතුවය. සයන ඉරියව්වෙන්ම මුහුණ හරවා මා වම් පස සුවෙන් සැතපෙන්නිය දෙස බලමි. ජනෙල් කවුළු හරහා පෙරී එන උදා ළහිරු ඈ අනාවරිත නැබ සිපින්නේය. ශ්වේත වර්ණී ඈ නැබ මත කෝණාකාරී හැඩ මවන්නේය. ඒ සෞන්දර්යයේ ගිලෙමින් ඒ මායම්කාර නාරිලතාව දෙසම නෙත් අලවමින් උඩුකය උස්සා සයනය මත හිඳි ඉරියව්වට පත් කරමි.  උඩුකුරුව සයනය කරමින් දකුණු ඇලයට මුහුණ අඩකුඹු කරවා නිදන්නී  ඈ හිස වටා විසිර පවතින මුහුලස අඩක් පිපි සූරියකාන්ත කුසුමක් සේ දුලවන්නීය. බඳ හරහා වැටී ඇති පොරෝනාව ඉවත් කර සයනයෙන් බසිමි. හඬ නොනැගෙනා පරිද්දෙන් බැල්කනි ද්වාරය හරහා ගොස් ආවරණ වැටට දෙවැලමිටි තෙරපා බර‍ දෙමි. රළ බිඳින  සයුර විමසමි. වෙරළත මුදු ළවැලි තලාව මත සියුම්ව සලකුණු තබන යුවලකි. ඔවුන් දෙදෙන පමණකි. නිදහස් චුම්බනීය මිහිරක  ප්‍රේමවන්තයා ගිල්ලන්නී ඈ සිනා නගන්නීය. ඔහු තනි කර ඉදිරියට දිවයන්නී මඳක් දුර ගොස් ආපසු හැරී සිය ප්‍රේමවන්තයාට තමන් වෙන එන්නැයි ඉඟිපාන්නීය. මොහොතකින් සයුරු පොරෝනාවේ එතෙමින්  වෙරළත උඩුකුරුව යන ඈ දෝතින් දරා ගන්නා ඔහුද ඈ වෙතම පහත් වෙමිනි. තත්පර කිහිපයක කාලයක් ගතවන්නේ දෙදෙනා ඒක රූපයක් බවට හරවමිනි. මන්ද වේගී චලන රූප රාමුවක් නෙත් අබියස මවමිනි.



උණුහුමද සිහිලසද පිරි දෑතක් බඳ වටා ඇදී ගොස් පපුව මධ්‍යයට වන්නට නවතී. මුදු උණුහුමැති ළයක පහස පිට හරහා දැනෙන්නට වෙයි. ඉසියුම් චුම්බනීය මිහිරක් ගෙල මත තවරන්නී මුදු සැපුමක ලාලසාමය වේදනාවක් අතුරන්නීය.


ඇහැරෙනකොට ළඟ නැතිවෙද්දි මම හිතු‍ව නොකියම ගිහින් කියල.

මවෙතින් මිදෙන ඈ සඳළුතලය ආවරණය කර ඇති වැටට පිටුපා හේත්තුවී මදෙස බලයි.


යන්නෙ කොහොමද මගේ ෂර්ට් එක නැතිව

කමිසයේ මැද බොත්තමක් පමණක් අමුණා ඇඳ සිටින්නිය දෙස බලමින් මම කියමි. අනාවරිත ළය ඉසියුම් ඉංගිතයන් පායි. මම යළි සයුර වෙත නෙත් පාකරන්නට තතනමි.


අහක බලන්නෙ ඇස් විතරයි. හිත් නෙවෙයි.. 

මන්ද්‍ර සිනාවක නැළවෙන්නිය දෙස නෙත් යොමමි. හිස මදක් පහත් කොට මා වෙත මුහුණ උස්සා නෙතඟින් බලන්නී කිංකිණිමය සිනහවක් පා කරන්නීය.


මේක තියල යන්න… ඇය ෂර්ටය පෙන්වමින් කියයි. 


..

ඔයාට මම ඇදං යන්න එකක් දෙන්නං…

..

ඔහොම බලන්න උවමනාවක් නෑ. හැම කෙනාටම කතාවක් තියෙන්න බැරිද.?

ඔයා මේක නිතරම කරනවද.?


අලුකුත්තේරු රිදවුමක සරයක් ඈ වෙත යවමි.


ඔව්.. දෙවුර උස්සා නොසැලකිලිමත් හිතුවක්කාරී ඉංගිතයක් පාමින් ඈ කියයි.


මා වදන් පාරාවළල්ලක්ව හිස මැද්දටම දුන් පහරින් ඇඹරී යන්නෙමි. ඈ උන් අයුර වෙනස් කරන්නී සයුර වෙත මුහුණ පාන්නීය. සුළං රැල්ල හා දඟ කරන මුහුලස එක් මිටට ගත්තී හිස මැදින් උස්සා විලංගු ලන්නීය. 


සොරි..

ච්චහ්. ඈ ප්‍රතික්ෂේප ඉංගිත පාන්නී මා ගොළු වතක හෙලන්නීය.

රිදෙන්න පුළුවන් තරං රිදිල ඉද්දි ආයෙ වචන බාම් ගාල සනීප කරන්න බෑ. 


මෙතෙක් වේලා ගීතිකා ගැයූ සයුර වැළපෙමිනි. බරැති සුසුම් සලමිනි. වේදනා අන්ධකාරයක් පතුරමිනි.


කෝමත් ඔයා මෙතනින් අද යන්නෑ..

ඈ ස්වරයෙහි සීතලක් තැවරෙමිනි. ගත හිරිවට්ටවන සුළුය. ‍ඒකතානී ශෛලමය සීතයකින් ඈ කතාකරන්නට වන්නීය. ඒ මුහුණ සෙල් රුවක මෙනි. හැඟීම් විරහිතය. සාකැසමික ඉඟියක් හෝ  නොපෙන්නමිනි.


මගෙ හිත රිද්දන අයට වෙන්නෙ ඒක.. අර ඇතුලෙ කාමරේක අන්ධකාරෙට වෙලා එළිය පොදක් වත් නැතිව ගල් වෙලා ඉන්න..  ජීවත් වුණත් ගල් වුණා වගේ ඉන්න මිනිස්සුන්ට ප්‍රථිමාවක් වෙලා අන්ධකාරෙ ඉන්න ලැබෙනව කියන්නෙත් දඬුවමක් නෙවෙයි.

වදන් හීසර විඳුම නැවතූ ඈ එක් වනම මා වෙත නෙත් යොමු කළාය. ඒ නෙත් හි ආලෝකයක සේයාවක් හෝ පෙනෙන්නට නොවේ.


මතු  සම්බන්ධයි.




37 comments:

  1. ++++++++
    ප්‍රාජේ ක්‍රමවේදයට අනුව, වැට ගහල යන්න ආවෙ. ආයෙ එන්නං😊👌

    ReplyDelete
    Replies
    1. පැමිණියාට ස්තූතියි.. නැවත එන්න 😃😃😃
      නේහ් ප්‍රා

      Delete
  2. // බැල්කනි ද්වාරය //
    // ඇය ෂර්ටය පෙන්වමින් කියයි. //
    // සාකැසමික ඉඟියක් //

    චූටි නොගැලපෙන වචන කම්බිනේෂන් දෙකතුනක්

    අද කෑල්ල කෙටියි - ඒත් සුන්දරයි

    ReplyDelete
    Replies
    1. අද පීසය කෙටියි එහෙත් බියුටියක් ඇත

      Delete
    2. පීzසා ගෙනාවා කියලානං තිවුන්නෑ නේ ද?

      Delete
    3. නැත. එසේවුවත් ඉමැජිනේෂනය පොසිබල්ය

      Delete
    4. සැර් බූරා
      සමහර වචන වලට ගැලපෙන සිංහල වචන දාන්න හරි අමාරුයි. එතෝට කම්මැලිත් හිතෙන්න ගන්නව 😃😃 ඊට ලේසියි හිතෙනව ඉංගිරිස් වචනයක් සිංහල කරනෙක. බලන්නම් ඊළඟ කොටස් තව ටිකක් සුඛනම්‍ය විදිහට ලියල ගන්ට.
      දෙන සහයට, ඔවදන් වලට හදවතින්ම ස්තූතියි ❤️❤️❤️❤️

      @ප්‍රා.. 😃😃😃❤️🙈🙈🙈

      Delete
    5. // සමහර වචන වලට ගැලපෙන සිංහල වචන දාන්න හරි අමාරුයි //

      බැල්කනි ද්වාරය -> සඳළුතල ද්වාරය
      ඇය ෂර්ටය පෙන්වමින් කියයි -> ඇය කමිසය පෙන්වමින් කියයි
      සාකැසමික ඉඟියක් -> උපහාසාත්මක ඉඟියක්

      මොකෑ බං ඔය පොඩි වචන දෙක-තුන සිංහලට හරවන්න ඔච්චර අමාරු?

      ඉංලිරිසි වචනයක් ඔබපු ගමන් අර කියවන් එන ලාලිත්‍යය බිඳෙනවා.

      Delete
    6. ඊළග කොටස් වලදි ඊට වඩා සැලකිලිමත් වෙන්නංකෝ.. ඒ වචන හිතට නොආවම නෙවී. ඒත් අනේ මංද...
      දන්නැද්ද.. නිකං නුහුගුණහක් වගේ එකක් එනව නේ 🤔🤔🤔

      Delete
  3. අද කෙටියි... කාරුමික දෝෂ නෙ. මී ළඟට තව ටිකක් දිගට ලියන්ඩ ඉඩ ලැබේවා!

    ReplyDelete
    Replies
    1. කාරුමික දෝෂ බරට. ඊළඟ කොටහ දික් කරන්න බලමු 🙂

      Delete
  4. උඩ බුරා කියන විදිහෙ භාෂා මික්ස් එක මාත් කරනව, කියවන්නාට ලේසියෙන් සහ ඉක්මණින් වචනෙ හිතට දැනෙන්න...

    ReplyDelete
    Replies
    1. //වචනෙ හිතට දැනෙන්න..//

      වර්ඩය මයින්ඩ්ගත වෙන්න

      Delete
    2. ඒ වගේ දෙයක්... හෙන්රි වරක් දෙකක් මට දොස් කිව්ව එහෙම ගැළපෙන්නැති වචන දානව කියල.

      Delete
    3. @ ඩ්‍රැක් ඇත්තටම ඒකත් එකක්. අනික පොඩි ෆැන්සි ගතියකුත් එනව.
      සැර් බුරා ඉස්සරා ඕව කියල බැණුං අහන්ට බැරුවා 🙈🙈🙈

      වර්ඩය මයින්ඩ් ගත වීම ස්පීඩ් වෙන්නෙ මහිතේ භාවිතය නිසා. සමහර සිංහල වචන භාවිතාව හරි අඩුයි නේ නේද ප්‍රා.


      හෙන්රි අයිය කෝ ඩ්‍රැක් 🤔🤔🤔🤔

      Delete
  5. මුහුණ අඩකුඹූ කළා කිව්ව ම නං වචනෙ තේරුම එකපාර හිතට එන්නෑ.

    ReplyDelete
    Replies
    1. අර ලිඳ ලඟදි අහුවුනාම බස්තුමාට වුනේ

      Delete
    2. ඒක අඩ කුඹු ද, නැත්තං ධ්වජභංග ද?

      Delete
    3. එතනට හරියන වචනයක් සජෙස් කරනවද. මටත් ඒ වචනෙ නං අවුල්. අඩකුඹු කරන්නෙ කොඩිය නේ. මම හිතෙන්නෙ එතනට ගැලපෙන්නෙම නෑ. 😔😔😔

      බස් තුමා නැති භංග වුණා ද 🙈🙈🙈

      Delete
    4. අඩකුඹු කරන්නෙ කොඩි නේද? හ්ම්...කොඩිගහ ඉස්සිලා තිබ්බ නං ඒ වචනෙත් වැරැද්දක් නෑ.🤔

      Delete
    5. නෑ නෑ... කොඩි ගහ ඉස්සිලා නෑ. ආයෙ එඩිට් කරද්දි හදමුකෝ 🤣🤣🤣

      Delete
  6. මේක මාර ෆැන්ටසියක්. මට මතක් වෙන්නෙ ඉස්සර පාරාදීසය සඟරාවෙ ගියපු ශෘංගාර කළාපය... ඊ ළඟ කොටස එනකං බලං ඉන්නව මහේෂ්, ලස්සනට වෙලාව අරං හොඳට ලියහං...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩ්‍රැකී අගය කිරීමට. හැකි ඉක්මණට ඊළඟ කොටහෙන් හම්බෙමු.
      ❤️❤️❤️❤️

      Delete
  7. සුපිරියක් තමයි ඉතිං ++++

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ටෙකී බ්‍රෝ... ආයෙ එම්මු 🙈🙈

      Delete
  8. නියමෙට නියමයි. අතීතයකුත් මතක් වුනා කීවහම. පින්තුරයක් හංගගෙන තියන් ඉන්නව "එයා" මගේ ෂර්ටයක් ඇඳන් ඉන්නව. ඇත්තටම ඇයි කෙල්ලෝ එහෙම කරන්නේ. හැබැයි ඉතින් බිරින්දෑත් මගේ ෂර්ට් අඳිනවා වෙලාවකට පහසුයි කියල.

    ReplyDelete
    Replies
    1. මේක කියවපු එක් දැරිවියකුත් ඔය කතාවම කිව්ව. 🙈🙈🙈
      ගෑල්ලමයි ෂර්ට් ඇන්දම පොඩි හොට් ලුක් එකක් තියේ නේහ්. 😃😃😃🙈
      ෂර්ට් එක විතරනේ අඳින්නෙ 🙈🙈🙈

      Delete
    2. 😃😃😃😃😃😃
      අජිත්තයිය තමා අජිත්තයිය 🙈🙈

      Delete
  9. හ්ම් ආදරණීයි, කමණීයයි..... මගේ අදහස කියන්නම් තව කොටස් කීපයක් කියවල.

    එතකම් මහේෂ් කිව්ව විදිහට රීඩ් ක්‍රාන්නම්, කමෙන්ට් ක්‍රාන්නම්, ෂෙයා ක්‍රානම්...
    උම්ම්මා එකටනම් හිත හිරි වැටුනා.

    ReplyDelete
    Replies
    1. 😃😃🙈🙈
      අර බුකියෙ තරුඔලට නටන දැරිවිනේ ඕව පුරුදු කරේ.. 🙈🙈🙈
      ස්තූතියි නමී. පුලුවන් ඉක්මණට දෙන්ට බලන්නම්. පොඩියක් අවුල් මේ දවස් වල. ❤️

      Delete
  10. මට මේකෙ මාතෘකාව පේන්නෙ තවුතිසාව වගේනෙ.

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු දැං 40 පැනල. ඒක මෙතෙන්ට අදාල නෑ. හැක්..

      Delete
    2. උත්තරේ ප්‍රසන්නයියම කොටල නේ. ඒක හරි අසාධාරණි අප්පාහ් 😁😁😁😁
      කෝමත් අවන්හල ක් කියන්නෙ තවුතිසාවක් තමා
      නැද්ද හා 😀😀

      Delete