සිව්වන දිගහැරුමට
"ඕහ්.. මම ශාරදා... අනික එයා බැන්දෙ ඔයාව නෙවීනෙ. අර මූකලං බස්ස නේ.. මොනවට හිතනවද. ඊටත් සත්‍ය ප්‍රේමවන්තයෙක් වගේ හැසිරෙන්න ඕන නං එයාගෙ හිත හැදෙයි කියල වත් හිතල ඔයා මේක කරන්න ඕන..."
ඈ උවනත බරපතල ස්වරූපයක් ආරූඪ ව ය. හාස්‍යමය සේයාවකුදු නොමැත්තීය. මා දෙස නෙත් අලවා බලා උන්නී මොහොතකින් ගිනිකඳුමය සිනාවක් අවකාශය පුරා පා කරමිනි. මා ආකූල ව්‍යාකූල කරමිනි.
පිස්සුද අනේ.. ඔය තරං සීරියස් වෙන්න. එයා බැන්ඳ... බඳිනව බලන්න එන්න කීවා. ඒ් කීවෙ නිකං කියලද හිතන්නෙ. මං වගේ ගිණි කිකිළියක් නැති වෙන එක බල බල හූල්ලපං අඬපං කියල... විකාර නැතිව ඉන්නව අනේ...
සදැල්ලේ වාරුව මත දෑත් තබාගෙන මා රාත්‍රිය දෙස බලාගෙනය. ඈ මා දෙස බලාගෙනය. මා නිහැඬියාවකට ඉඩ දෙමින් මදක් තත්පර වෙමිනි. වචන අහුලමිනි.
එයාව බඳින්න බෑ කිව්වෙ මම... ඉන්විටේෂන් එක එවපු වෙලාවෙ මම කතා කළා හම්බෙන්න එන්න පුලුවන්ද අහල.. ඒ වෙලාවෙත් එයා කිව්වෙ එක දෙයයි...
මා ඈ දෙස බලමි.. ඒ මුහුණේ හැඟීමක් කියවන්නට අපහසුය...
එනව නං සදහටම...
නිශ්ශබ්ද මොහොතකට පසුව මුදු අතක උණුහුමක් මඅත දැවටෙණු දැණුනි.
එහෙනං ඔයා ඒක කරන්නම ඕන...
ඈ වදන් තෝරා බේරා ගත නොහී මම විපිළිසරව යමි. ඈ උවනේ උපහාසී සලකුණකුදු නැත.
ඔයා මොකක්ද කියන්න හදන්නෙ..
ඔයා ගැන එයාගෙ හිත බිඳවන්න ඕන...
මො...මොක...
ඔයා එයාට ආදරේ නං ඒක කරන්න. නැත්තං එයා යන්න ගියපු පාරෙ එයා යන්නෙ දෙගිඩියාවකින්. ආපහු හැරෙන්න බලාගෙන. නැත්තං තුංමං හංදියක් හරි හම්බෙයි කියල හිතාගෙන. ඔයාට එච්චර ආදරේ කරපු කෙනෙක්ට ඒ තරං විඳවීමක් බර වැඩියි. ඒත් දැන්ම ඒ හිත බිඳුණොත් එයාට මලින්ද එක්ක ඒ ගමන යන්න ලේසියි. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඒ පාර තෝරගත්තෙ එයා නං බරක් නැතිව එයාට යන්න දෙන්න. ඔයා එයාට ඇත්තටම ආදර් නං ඒක ඔයාගෙ වගකීම.
මම නිහඬවම ඈ දෙස බලා හිඳිමිනි. ඈ කියන දෑ අසමිනි. හදවතට කිඳාබස්වමිනි. ඈට අවනත වන්නට සිතමිනි. එනමුදු හදවත ඇය කියන්නකට නොනැමෙමිනි. මා ඈ දෙස බලමි. අසීරු සිනහවක් පාමි. එය කළ යුතුයැයි හදවතට අණවමි.
ඒකත් හරි එහෙනං...
ඇය යළිඳු සැහැල්ලු වේශයට සම්ප්‍රාප්ත වෙමිනි. සඳළුතල ආධාරකයට දෑතින් තාලයට තට්ටු කරමිනි.
ඔයා දඹුලු යන ගමං මම තලගොයෙකුත් මරා ගන්නං...
ඈ සිනාව කෙළිලොල්ය... ඒ සිනහවෙන්ම මා දෙස බලමිනි. දඟකාරකමක් කරන්නට අර අදින දැරියක මෙනි. එහෙත් දෑස... ඒ දෑස තුළ නොපෙනෙන අදිටනකි...
අපි එහෙනං දඹුලු යං. ඒත් ඊට කලිං ....
ඈ ම අත වූ හිස් බඳුන දෙස බලමින් ඉඟි මරන්නීය...
දෙයියෝ.. මේක නං ඉවර වෙන්න යන්නෙ හොඳ විදිහකට නෙවී වගේ... එක්වනම මහදවත කෙඳිරි ගාන්නා සේය. ඒ වන විටත් ඈ පෙරටු වෙමින් මධු සාදය දෙසට පිය නඟමිනි. එහෙත් තවම මා එයට සූදානම් නැතිවය. නමුදු මා දෙපා මට අවසඟ වෙමිනි. ඈ පසුපස ඇදෙමිනි.
තත්පර ගණනාවකට පසුව ඈ ද මා ද මත්පැන් කවුන්ටරය අබිමුවය. පහසුකම් සලසන්නා වෙත ඇණවුම දෙමිනි. විස්මපත් දෙනෙතකින් වුව මුවින් නොබැණ ඇගේ ඉල්ලීමට කන් දෙමිනි.
එකක්..
තව එකක්
ඒ සැනින් තව එකක්...
ඇති යැයි මා සංඥා කළෙමි. මගේ එකට ඇගේ අනුපාතය තුනකි. වතුර හෝ අයිස් රහිතවම. ඇය වේටරයා දෙස තවත් බලා හිදියි. ඇති යැයි හඟවමින් මා ඈ එතැනින් රැගෙන යමි.
මට තව බොන්න ඕනෑ යි පෙරැත්තයකි. ඇතියැයි කියමින් මා ඈ කැටුව ශාලාව දෙසට පා නඟමිනි. අවට පිරිස් ගැන අවධානයක් හෝ අවධානයක් යොමන්නට උවමනාවක් නැත්තීය. මා වමතට බරව මදක් පා පැටළෙමින් ද පැකිලෙමින් ද යන්නී ස්වල්ප වේලාවකදී හිස කෙලින් කර මහේශාඛ්‍ය ලීලාවක් ආරූඪ කර ගත්තී, මා හා වෙළී මනාළ යුවල වෙත පා නඟන්නට විය. මනාල යුවළ අසල කැමරාකරු හැරෙන්නට කිසිවකු හෝ නොමැති බව දුටු මහිස් අභ්‍යාන්තරයෙන් මවෙත අනතුරු සංඥාවක් නිකුත් කරන්නට විය. ප්‍රමාදය.
මලී... මා..යි ... ක්..කන්..ග්‍ර..ජු..ලේෂන්ස්...
ම අත අත හැරි ඈ දෑත විදා යුවළ දෙසට දිව යන්නී මනාලයා වෙත එළැඹ ඔහු බඳා වැළඳ සුබ පතන්නට වීය.
මා උන් තැනම ගල් ගැසී යමිනි. ඈ උවන ඔහු දෙස නොව මදෙසට හැරී ය. මා කියවන්නට යත්න දරමිනි. පාට වත්සුණු පිරි ඒ මුහුණ හැඟීම් නොපෙන්නන්නටම අලුතින් සෑදුවාක් වැන්න. ශාරදාවෝ යළි මා අසලට පියනඟන්නී.,
මලී..
අඳුනගන්න මේ තමා ...
ඈ මා අතින් ඇද ඔවුන් කරා යන්නී මා ඔහුට හදුන්වා දෙන්නට තැත් කරන්නීය.
මේ තමා ඔයාගෙ වයිෆ්.... මගත ගිණි වැදුණි. ඔහු මුහුණ ඉරිතැලිණ. ඈ නෙත් විසල්ව ගොසිනි.
ඔයාගෙ වයිෆ් වගේ... මට හම්බුණ.. මගෙ ලව්වෙක.. හැන්ඩියි නේ...
ඈ මත්බවින් සැහැල්ලුවෙන් එසේ කියන්නීය. ඔහු මුහුණ ඇද කරවමිනි. මසිත ඇවිලි ගින්න තවම නිවන්නට අදහසක් නැත්තා සේය.
සෝ...ග්... ඔයාගෙ නෝ..න අඳුන්නල දෙන්නැද්ද ...
මලින්ද පත්ව ඇති අපහසුව පමණට වඩා යැයි මට සිතුණි. ඈ තවත් මා දෙසම බලාගෙනය. තවම මට ඒ මුහුණ කියවිය නොහැකි ම ය. මම ඈ හා සිනාසෙන්නට තැත් කළෙමි. තොල්පට විස්තාරණය වන්නට වඩා දෙයක් සිදු විනැයි නොසිතමි. ඈ නෙත් මවෙතින් ශාරදා දෙසට පා වෙයි. යළිඳු මා දෙසට හැරෙයි. අනතුරුව සුසුමක් සළා හිස මදක් සැලෙයි. හරියන්නෑ... ඈ ඉංගිතය මා කියැවීමි. ශාරදා තවම මලින්ද ගේ අත අල්වාගත් වනමය. ඔහුට ඈ වෙතින් මිදෙන්නට උවමනා වූ සේය.
මලින්ද සුබ පැතුම්.. පංචලී.. දෙන්නටම.. සහ සමාවෙන්න.. එයාට ටිකක් වැඩි වුණා …
මා ඔවුන් හට සුබ පැතූවේ, මා ඈ අතින් අල්ලා ශාලාවෙන් ඉවතට ගෙන යන්නටය. ඔහු සේම මා ද පත්ව ඇති අපහසුතාවයෙන් ගොඩ යන්නටය. ඈ නිවන්නට ය. එහෙත් ඔහු මුහුණ ඇදි සාවඥ සිනහව මා තුළ මෙතෙක් නොයිඳි කේන්ති කාරයෙක් එළියට අදින්නට සමත් වී ය . මා හිතා මතාම ශාරදා ගේ අත වැරදීමකින් මෙන් අත හළෙමි. ඇය යළිදු ඔහු වෙතට පැන්නේ,
අපිට ෆොටෝ ඒකක් ගන්න ඕනෑ යි මහ හඬින් කියමිනි.
කැමරාකරු කැමරාව එක් අතක රුවා, අනික් අතෙන් මටත් කිට්ටු වෙන්නටැයි කියයි. ඈ වහා මලින්ද අසලය. ඔහු සිරුර ගෑවෙමිනි. නොගෑවෙමිනි. මා පංචලී අසලට ගොස් හිට ගතිමි. ශාරදා මලින්ද පිටුපසින් එබී මා වෙත ඇසක් ඉඟිමරන්නීය. තවත් ගිණි ගෙඩියක් වගේ.. සැණෙළි දහරාව අපව නෑවීය. කැමරාකරු වික්ෂිප්තව ගොස් ඇති සේය. ශාරදා සැහැල්ලුවෙන් උන් තැනින් ඉවත් වෙන්නී කැමරාකරු එය හොඳ ඡායාරූපයකැයි තහවුරු කරන්නටත් පෙරමය.
එහෙනං ඩාලිං.. අපි යනව.. මගෙ කොල්ලව හොඳට බලා ගන්න ඕනේ ... යැයි ඈ උවනත හාදුවක් තවරමිනි. ඈ පංචලියට කුමක් හෝ කියුවායැයි හැඟුණද ඒ අසන්නට කල් නොවන බව සිතමින් මා ඈව ද ඇදගෙනම ශාලාවෙන් ඉවතට පියමනිමි.
උත්සව ශාලාවෙන් පිටතට විත් වැව ඉවුර ඔස්සේ වැටුණ පෙත් මඟට පැමිණෙන තාක් ඈ නිහඬවම මා සමඟ පියමැන්නී ය.
ඔයා ෆොටෝ එකක් ගන්ඩ ඕන කීයල නටපු ජවුසම මොකක්ද..
හදිසියේ මහ හඬින් සිනාසෙන්නට වූ ඈ ...,
ඔයා දන්නවද මම මොකද්ද කළේ කියල..
..
මම ෆොටෝ ඒක වදිනකොටම මලින්දව කිස් කළා... අපරාදෙ ෆ්‍රෙන්ච් කිස් එකක් දෙන්න පුලුවන් වුණා නං මරු..
ඒම වුණා නං ගුටි කන්නත් තිබ්බ..
ඈ සිනාව නතර නොවන්නා සේය..
මේ කිස් එක එයා වෙනුවෙන්...
මොකක්..
මඅත අතහැරි ඈ මහ හඬින් සිනා සෙන්නට විය.
මම ඒහෙමයි පංචලීට කිව්වෙ.. ඒ් වෙලාවෙ කෙල්ලගෙ මූණ දකින්නයි තිබ්බෙ.
ශාරදා... ඔයා ඔය.. ඇත්තටම නෙවෙයි නේ...
නෑ..හ්.. ඇත්තටම..
ඔයා නං...
ඈ සිනා වැව් දිය මතින් ඈතට ඇදී යන්නාක් මෙනි.
හදිසියේම ඈ නිහඬ ව්‍රතයක ගිලෙමිනි. ගමන් මඟ පසෙක වූ උද්‍යාන බංකුවක් මතට වාරු දෙමිනි. මදක් නුදුරින් වන එළිය කණුවක් මන්ද්‍ර ආලෝකයක් අප සිටින තැනට පතිත කරමිනි. ඈ නැවී අසුලා ගත් ගල් කැටයක් වෑ දිය වෙත විසි කරන්නී බරැති සුසුමක් පාකරන්නීය.
මං දන්නෑ මොකද කරන්න ඕන කියල..
ඉස්සරහට යන්නෙ කොහොමද කියලවත් හිතාගන්න බෑ… මලින්ද අද මේ විදිහට දකින කං මට කිසිම හැඟීමක් තිබ්බෙ නෑ ඒ ගැන. ඒත් අද .. එයා එහෙම දැක්කම මට වාරු නැතිව ගියා.. පංචලී ඉන්නෙ මම ඉන්න ඕන තැන නේද කියල හිතුණ.. ඒක අසීමිත තෘෂ්ණාවක්.. දරාගන්න බැරි ලෝබකමක්.. පංචලි ගැන පපුව පැලෙන ඊර්ෂ්‍යාවක්..
ඈ කියමිනි. ඒ නෙත් කඳුළු උල්පත් මවමිනි. මා ඈට කියන්නක් කියන්නට ඉඩ හරිමින් නිහඬ බව රකිමිනි. එහෙත් ඈ හදිසියේ පටන් ගත්තා සේ ම හදිසියේම නිහඬ ව යන්නීය. හිත් හදන්නට යාම ප්‍රෝඩාවකි. එබැවින් මා නිහඬවම ඇය අසලම රැදෙන්නට තනමිනි. කියන්නට යමක් සිතමිනි. ඇයට නොදැනෙන්නට රිද්දවා ගනිමිනි. ප්‍රේමයක මහ බරක් පපුව මත්තේ දරමිනි..
මඋරිස්සට වාරු වූ ඈ ගත රිද්මයකට අනුව ගැස්සේ. ඇය හඬන්නී ය.
මා නිහඬවම ඇයට ඉඩ දෙන්නෙමි.
බොහෝ වේලාවක් තිස්සේ දුර ඈතකින් ඇසෙමින් තිබූ සංගීත රාව වියැකී ගොසිනි. සාදය හමාර බවට සලකුණකි. නිහැඬියාවේ සැලෙන සුස්මකි.
අපි යං...
ඇය එක්වනම කියන්නීය. මා කිසිත් නොපිළිවිසමි. නැගිටීමි. ඈ හා එක්ව ඒ පාළු පෙත් මඟේ පිය මනිමි. ඈ උවන මඋරිස්සට බරවය. මෙතුවක් වේලා මා ගෙළ රැඳි ස්කාෆය ඈ දෙවුර වසාගෙනය. ඈ අත වූ ගැහැණු අත් බෑගය මා උරයකය. පිණි බිදිති මුහුණු සිපිති. සීතලක් නොවන උණුසුමක් නොවෙන හැඟීමක සිරකරමිනි.
වැව් ඉවුර මතින් වැටි පෙත්මඟින් අතුරු මඟකට හැරුණ ඈ අනුවම මා ද පිය තබමිනි. යන ඉසව්වක් හෝ යන්නේ කොහේදැයි නොවිමසමි. අතුරු මඟ දිගේ බොහෝ දුරක් පිය මනින්නට අවැසි නොවී. විදුලි එළියක් හෝ නොවූ දෙමහල් නිවස්නයක් ඉදිරිපට වූ ගේට්ටුවක් අබියස ගමන කෙළවර කරමිනි. කිසිත් නොකියා අඳුරෙහිම අතපත ගාන්නී කිරි කිරි හඬ නඟන අගුල සොයාගත්තී, එය පැන්වූ ඈ මා අත අත නෑරම ඉන් ඇතුළු වී ගේට්ටුව වසා අඟුළු ලන්නීය.
මම..
අම්මලයි තාත්තලයි නුවර ඉන්නෙ.. මෙහෙ මං විතරයි..
කිසිත් පිළිවිසින්නට හෝ පෙරාතුවම ඈ හැඟීම් නැත්තියක් සේ දොඩන්නීය.
ස්වල්ප මොහොතකින් අප ඈ කුටිය තුළය. මනරම් ය. ස්ත්‍රී ලාලිත්‍යයය කුටිය පුරා අධිපතීත්වය පතුරුවමිනි. ස්ත්‍රීමය පුස්ඹක නැහැය ගිල්වමිනි. පෙණහළු පුරා ඈ සුවඳ විඳිමිනි. ඈ මා වතට බරව ය. නිහඬව ය. ඒ හද ගැස්ම මපපුතුරට පවා දනවමිනි.
හද ගැස්ම වුව නැවතිය හැකි නිහඬතාවයක් ගෙවී යමිනි...
ඈ දෙතොල් ම දෙතොලට ආකර්ශනය වෙමිනි. ගත උණුහුම්ව යමිනි. සෙමෙන් ළං වන ආගන්තුක දෙතොලකි. නුරා පිරි දෑසකි. හදිසියක් නැතිවා මෙනි. නොයිවසිලිමත් දෙතොල් ඈ නාදලු ස්පර්ශය සොයන සෙයියාවකි. පුරුෂ බලහත්කාරය පතුරුවන්නට යැයි බල කරමිනි. එනමුදු ඉවසිලිවත් වෙමිනි. ඈ සුසුම් උණුහුම කොපුල් පුරා වෙළෙමිනි. ඒ ස්ත්‍රී සිරුරෙහි උණුහුම කය පුරා දනවමිනි. තෘෂ්ණාභරිතව වෙළෙන්නට බල කරමිනි. මා දෑත් ඈ නිතඹ තුළ ගිලෙන්නට නොයිවසිලිමත් අවකාශ සොයමිනි.
මොහොතකි….
වැසී ගිය නෙත් වලට පවා දනවන චලිතයකි. ලිහිල් ග්‍රහණයෙන් ලිස්සා ඉවතට හැරෙන්නී, මවෙතින් දුරස් වන්නීය.
ඔයා යන්න..
සිහින් ස්වරමය තියුණු අකුණක් සවන් යුග සිසාරා පතිතව යන්නේ, ප්‍රේමාන්විත මොහොතක් බිඳ දමමිනි.
-මතු සම්බන්ධයි.-.
මූකලං බස්සෙක්මි. සෑහෙන කාළෙකින් දඹුලු නොගියෙමි. තලගොයා වෙනුවට හෝතම්බුවා ආදේශ කලහැකිදැයි දන්වනු මැනවි.
ReplyDeleteචැහ්.. මේ බස්ප මුල් තැන ගත්තානෙ
Deleteයකෝ මමයි ඉස්සෙල්ලම මේකට කොමෙන්ට් කළේ. මේ වලවෙට්ටුව ඒ පෝස්ට් එක අයින් කරල.
Deleteවෙච්චි දේට එන්න සෙයියදු නයා... ගණන් නොගන්නට
Deleteගිනිකදුමයයි
Delete@බසූ.. බෑ නේහ් 😃😃😃😂
Delete@එකට හිටියෙ නයා. පොඩි මිස්ටේක් එකක් වුණා කියන්නකො 🙈🙈
@ප්‍රසන්ණයා 🙈🙈🙈 සොරි වෙන්ඩෝන. සූටි අවුලක් ගියා කියන්නකො
@නමී. ප්‍රසා පව් නේ ඒ වුණාට 😃😃😃
@ප්‍රා වෝල්කැනෝමය 🙈🙈🙈
දෙයියෝ.. මේක නං ඉවර වෙන්න යන්නෙ හොඳ විදිහකට නෙවී වගේ.. - මතත් එහෙම හිතේ
ReplyDeleteනමී.. මටත් දැං දැං හිතෙනව ඕං 🙈🙈😃
Deleteහ්ම්...
Delete😃😃😃😃 හ්ම්ම්ම්ම් 😃😃😃😃🙈
Deleteමම කමෙන්ට් කරපු පෝස්ටුව ඉවත් කිරීම හෙලා දකිමි.
ReplyDeleteඔවු හිටගෙන තමයි.
දෙමල නයන්න මහතාට එසේ වීම ගැන අපේ බලවත් කණගාටුව- මූකලන් බස්සා සහ සමාගම
Delete@ප්‍රසා... හෙලා නෝන රැග්නරොක් වලිං එළියට පැන්නය කියන්නෙ 😃😃😃🙈🙈
Delete@අජිතයියා... පොඩි අවුලක් වෙලා පෝස්ට් එක අයින් කරන්න වුණා. ඒ ටිකට ප්‍රසා අයිය කමෙන්ට් කරල.
අප්සට් ඉතිං 😒😒😒
තොල්වල උණුහුමක් ලැබූ කාලයක මතකයක් නෑ මහා
ReplyDeleteඇන්ටාටිකාවෙය ඉන්නෙ අහස් 🙈🙈🙈😃
Deleteමේ කොටස අතිශයින් රසාලිප්තයි.
ReplyDeleteස්තූතියි අජිතයියා... 😍😍😍❤️
Deleteමගේ යාළුවෙක් හිටියා. උගේ උපදේශ වලින් එකක් තමා මේක. "මචං මඟුල් ගේක මළ ගෙදරක යනවනම් කොල්ලගේ පරණ කෑල්ල , මැරුණු එකාගේ හොර කේස් එකක් තියනවද කියල හොයපන්. පොඩ්ඩක් අවුල් එකේ ඉන්න එක්කෙනෙක් හොයා ගන්න පුළුවන්. අනිත් අයගෙන් අයින් වෙලා පැත්තකට වෙලා ඉන්න ඩයල් එකක්. එයා එතනට ආගන්තුකයි. උඹ ගිහිල්ල උරහිස දීපන් අඬන්න.ෂුවර් ඇන්ඩ් ෂොට් හොටෙල් එකට ගෙවල නැත්නම් ඊළඟ උදේ වෙනකන් ඉන්න තැන සෙට්. (වෙන අතුරුපසත් එක්ක)."පොර ජිවිතේ අන්තිම කාලේ වෙනකන් බැන්දේ නැහැ. හොඳට බිව්වා. ඌට ඕන විධිහට ජිවත් වෙලා මැරිලා ගියා. ලිවර් කේස් එකක්.
ReplyDeleteබයි එනි චෑන්ස්, යාළුවගෙ තාත්තා ගිජුලිහිණියෙක් වත්දෑ?🤔😂
Delete@අජිතයියා අත්දැකීං තියේ වගේ.. 😃😃😃
Delete@බසූ.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කියන්නෙ 🙈🙈🙈
@බසු දන්නේ නැහැ බසු. හැබැයි තාත්තත් අම්මගෙන් වෙන් වෙලා හිටි නිසා වෙන්නත් පුළුවන්.
Delete@මහේෂ් එච්චරම තනිකමක් තිබ්බේ නැහැ. ඔහොම කරන මිනිස්සු තනියි වගේ මට හිතුනේ (lonely)
එහෙම කරන බහුතරයක් තනිකඩව ඉන්න කැමතියි. ටිකක් සෙල්ලක්කාර යි කියල පෙනුනට ඇතුලෙන් අඳුරු ජීවිතයක් තියෙයි කියල හිතෙනව වෙලාවකට. මම ගොඩ දෙනෙක් දන්නෑ. දෙන්නෙක් තුන් දෙනෙක් විතර
Deleteමහේසය ගුලි කාල නිදිද තාම.
ReplyDeleteපොඩි අවුල් ටිකක් ප්‍රසන්නයියා. හරි අමාරු දවස් ටිකක්. 🙂🙂
Deleteසමාවෙන්න ඕන ප්‍රමාදයට. ඒ වගේම කලිං පෝස්ට් එක ඩිලිට් වුණාට.
පුරුදු රිද්මයට ඉක්මණින් එන්නයි බලන්නෙ ටික දවසක් යයි ඒත් 🙂🙂🙂❤️
ස්තූතියි හොයල බලනවට ❤️
ඉට්ස් ඕකේ මෙයා.
Delete❤️❤️❤️❤️
Delete@ප්‍රා ජේ මයා සැර් බුරා මයා නොදුටුවෙහිද.
ReplyDeleteපාලුයි අයියෝ...
සැර් බුරා ගේ කමෙන්ටුවක් නැතිව නිකං හිතටත් හරි නෑ වගේ 🙂🙂❤️
හරි වෙනස් ලියමන් රටාවක්. ලස්සනයි. කියවන්ඩෝනෙ මුළ ඉඳං.
ReplyDeleteස්තූතියි. කියවල බලල අදහස් කියන්නකෝ. ජය
Deleteහතරයි පහයි දෙකම කියෙව්වෙ අද. අඩෝ කොහොමද බං මේ තරං වින්දනාත්මකව ලියන්නෙ? හෙණ මානසික විවේකයක් ඔ්නෙ වෙයි නෙ මෙහෙම ලියන්ඩ.
ReplyDeleteබයි ද වේ, නයියට කෙළවීම ගැන සතුටුයි. ඒ කොන්ත්‍රාත් එකේ පොරොන්දු වෙච්ච රුපියල් පන්සීය ලබන සතිය වෙද්දි එවන්නං ඈ...
ස්තූතියි ඩ්‍රැක්.ටිකක් අපහසුයි වෙලාවකට ගලපන්න. නමුත් බැඳගත්ත බෙරේ ගහනව.
Deleteස්තූතියි ඇගයුමට.
ප්‍රසා තරා වෙලාද මංද 😂😂😂
හැඟීම් අතර අතරමං වෙවී කියෙව්වෙ. කෝ හය? මාස 4ක්ම ගිහින්නෙ.
ReplyDelete