Warning - Minor spoiler Aleart.
පහුගිය දවසක අර නිදිගේ පංච තන්තරේ ලියන නිදි මහත්තයා මට පොඩි දෝස්මුරයක් දැම්ම නෙව. ඒ ජායි භීම් චිත්‍රපටය ගැන මගේ අදහස් ටික එක්කාසු කරල අවන්හලේ දිගෑරියට පස්සෙ. එතුමා කිව්වෙ මම ටිකක් දරදඬු විදිහට ඒ තරං සංවේදී චිත්‍රපටයක් විවරණය කළා කියල. ඉතිං මම හිතුව එතුමාගේ අදහසටත් කන් දෙන ගමන් ටිකක් වෙනස් විදිහකට චිත්‍රපටයක් ගැන නැතත් පොතක් ගැන හරි ලියන්න උත්සාහ කරන්න ඕන කියල. බලමුකෝ කොයි තරං සාර්ථකයි ද කියලා.
ඔක්කටම කලිං මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නද ?
හිටිහැටියෙම කාල තරණය කරල මොනයම්ම හෝ රජ කෙනෙක් ගෙ රාජ සබාවට යන්න පුලුවන් වුණොත් ඔබ මොකද කරන්නෙ.?
(උත්තරේ කමෙන්ටුවක් විදිහට දාල යන්න කැමතී නම්)
හරි එහෙනං මේකයි කතාව. ඔළුවට වැදෙන පාරක් නිසා හය වෙනි සියවසට, එහෙමත් නැත්තං ආතර් රජ්ජුරුවන්ගෙ රාජ සභාවට හෑන්ක් මෝගන් කියල මහ නාහෙට නාහන යැංකියෙක් ටයිම් ට්‍රැවල් කරනව. දැං අහන්ඩෙපා ඔළුවට යකඩින්නකිං පාරක් වැදුණ ගමං ටයිම් ට්‍රැවල් කරන්න පුලුවන්ද කියල. එක මේ පොත ලිව්ව මාක් ට්වේන් මහත්තය ගෙන්ම තමයි අහන්ඩ තියෙන්නෙ.
ඔය මාක් ට්වේන් ගොයිය ගැන දන්නව නෙව. මහ නාහෙට නාහන මනුස්සයෙක් කියලයි ඒ මහත්තැං ගැන සඳහන් වෙන හැම තැනකම ලියවිලා තියෙන්නෙ. ඒ විතරක් යෑ හරි විනෝදකාමියෙක්. එතුමාගෙ වැඩ කොයි තරං හොඳයිද කියනව නං එතුමාගෙ පුත්‍ර පරම්පරාවට කියවන්න කියල ලියපු පොත්, එතුමගෙ හාමිනේ අතිං කැපිල කෙටිල අහවර වුණාට පස්සෙයි ඒ පොඩි ඈයොන්ට කියවන්න පුලුවන් වෙලා තියෙන්නෙ. මොකද ඒ හුඟක් කතන්දර එතුමා ලියන්නෙ තමන්ගෙ පුද්ගලික අත්දැකීම් මත පදනම්ව. හිතාගන්න පුලුවන් නේද තරම. ඒ මහත්තැන්ගෙ ඇත්ත නම වෙන සැමුවෙල් ලැංග්හෝන් ක්ලෙමන්ස් කියන උප්පත්තියෙන් හම්බෙන නම වෙනස් කරගෙන මාක් ට්වේන් නැත්තං "බඹ දොළහ" කියන අන්වර්ථ නාමය ඇරගන්නෙ රස්සා බර ගාණක් කරල අන්තිමට කපිතන් කෙනෙක් විදිහට නැව් වල යාත්‍රා කළාට පස්සෙයි කියලයි කියන්නෙ. ඒ නම ඇරගන්නෙත් නාවුක ක්ෂේත්‍රයෙන්මයි. මොකද ට්වේන් මහත්තය ඔය නාවික ක්ෂේත්‍රයට බොහොම මනාප අයෙක් විදිහටයි සඳහන් වෙන්නෙ. ඔය ටොම් සෝයර්, හක්ල්බරි ෆින් කියන්නෙත් උන්නැහේගෙම ළමා කාලෙ වෙච්ච සිදුවීම් කලවං කරල ප්‍රබන්ධ කරපු පොත්ය කියනව නේ. හකල්බරි ෆින් එදා මෙදා තුර අමෙරිකානු සාහිත්‍යයේ ලියැවුන හොඳම පොතක් විදිහටත් සැලකෙනවා වගේම මාක් ට්වේන් ලියපු හොඳම පොත විදිහට පිළි ගැනෙන්නෙත් හක්ල්බරි ෆින්. ඒ විතරක්යෑ ඒක ලියපු මාක් ට්වේන් මහත්මයා අමෙරිකානු සාහිත්‍යයේ පියා විදිහටත් බොහෝ දෙනෙකු විසින් සලකනව.
කොහොමත් විනෝදයට බර කෙනෙක් විදිහට සැලකෙන මාක් ට්වේන් මහත්මයා එතුමගෙ පොත් වලත් හාස්‍යය බොහොම සූක්ෂ්මව ඉදිරිපත් කරල තියෙයි. හැලීගෙ වල්ගා තරුව පායන 1835 ඉපදෙන එතුමා ආයෙත් හැලීගේ වල්ගා තරුව පායන 1910 දිම අභාවප්‍රාප්ත වෙන්නෙ තමන් ගත කළ ජීවිත කාලය තුළදි ලෝක සාහිත්‍යයට අග්‍රගණ්‍ය කෘති පෙළක් දායාද කර දුන්නට පස්සෙ.
එතුමන් ලියන පොත් වල හාස්‍යයට තැනක් දුන්නයි කියල මම සදහන් කළත්, ඒ හාස්‍යෝත්පාදක සිදුවීම් පොත් වලට ඇතුලත් කරන්නෙ සමාජයෙ මුල්බැසි ගිය ඇතැම් නුගුණ, දුර්මත වලට පහර ගහන අදහසින් බව ඔහු විසින් ලියන්නට යෙදුණ පොත් කියවද්දි අපිට පැහැදිලි වෙනව
ඒ වගේ එක පොතක් තමයි අද අපි මේ කියන්න හදන 1889 දි ලියැවෙන A Connecticut Yankee in king Arthur’s court කියන්නෙ.මේ පොත සිංහලයට පරිවර්තනය කරන්නෙ අපිට ඉන්න දක්ෂතම පරිවර්තිකාවක් වන රාණි සේනාරත්න රාජපක්ෂ මහත්මිය විසින්. ඒ ඈත අතීතයට ගිය ඇමරිකානුවා නමින්.
ඉතිහාසයේ සිටියායැයි නිශ්චිතව තහවුරු නොකළ ආතර් රජු ගේ පුරාවෘත්තය ඔහු මේ පොත ලිවීමේදී බොහොම රළු සහ හාසයජනක විදිහට භාවිතා කරනව. ආතර් රජුගේ පුරාවෘත්තය ඔබ කිසිවෙක් අසා නැතියැයි මම සිතන්නේ නැහැ. ඔහු ගැන සඳහන් වන සෑම අවස්ථාවකම ඔහු ධීර, වීර, ශ්‍රේෂ්ට රජකේ විදිහටයි සඳහන් වෙන්නෙ. නමුත් ඔහු ජීවත් වූ කාලය, ඒ කියන්නෙ හය වන සියවසේ එංගලන්තය ගැන තහවුරුව ඇති ඓතිහාසික සාධක කියන්නෙ වෙනත් කතාවක්. එංගලන්ත ඉතිහාසයේ අඳුරුතම කාලයක් විදිහට ඒ කාලය සලකනව. දුෂ්ට බැරන් වරු, ප්‍රාන්ත රජවරු, පල්ලිය වගේම වංශවත් පරම්පරා වල තාඩන පීඩන වලට යටත් වන ජනතාව සිටින කාලයක ආතර් වැනි රජෙකුගේ ශ්‍රේෂ්ටත්වය හුදු හිතලුවක්, පුස්සක් බව බොහොම උපහාසාත්මකව අපිට කියන්නට කතුවරයා විසින් උත්සාහ ගෙන තියෙනව. ආතර් වුණත් ශ්‍රේෂ්ටයෙක් වෙන්නෙ තමන්ගේ වර්ගයාට මිස රට වැසියාට නොවන බවක් අපට කියනව. ඒ වගේම වංශාධිපතියන් විසින් ජනතාව පෙළා දමමින් කරන ක්‍රියා වලටත් රජුගේ අනුග්‍රහයක් තිබිය යුතු වගත්, නොඑසේ නම් එවන් අකටයුතුකම් සිදු නොවනු ඇති බවටත් කතුවරයා අපට කියන්නේ බොහොම ශක්තිමත් පදනමක් තනමින්.
තේරුමක් නැති බේගල් ඇදබාන වීරයන් යැයි කියාගන්නා නයිට් වරුන් යන වික්‍රමාන්විත ගමන් ගැන කථකයාට තියෙන්නෙ උපහාසාත්මක ආකල්පයක්. ඕන බොරුවක් ඇත්ත වගේ විස්වාස කරන ළදරුවො රැසකට ආතර් රජු සහ ඔහුගේ වීරෝදාර නයිට්වරුන්ව සමාන කරන කථකයා, රජුගේ අණින් තමා යෙදෙන වීර ක්‍රියාවක් ගැන අපට කියන්නෙ අප හාස්‍යමය සයුරක සයුරක කිඳවමින්. වීර ක්‍රියාව විදිහට ඔහුට ලැබෙන්නෙ දුෂ්ට යෝධයො තුන් දෙනෙක් සිර කරන් ඉන්න කන්‍යාවො රැළක් බේරගන්න. ඒත් එතනට ගියාම ඔහු දකින්නෙ මොකද්ද..!! හැඩි දැඩි ගොවියො තුන් දෙනෙකු විසින් පාලනය කරන ඌරු කොටුවක්. ගොවියන්ට සල්ලි දීල ඌරු ටික මුදවගන්න ඔහුට සිද්ධ වෙන්නෙ ඔහු සමඟ පැමිණෙන ඔහුගෙ සහායිකාව විසින්, යම් කිසි මායා බලයක් මඟින් හෑන්ක් ගෙ දෘෂ්ටිය වෙනස් කර ඇති බවක් තදින්ම විස්වාස කරන නිසා. ඒ වගේම ඒ ඉන්නෙ ඌරො නොව කුමාරිකාවන් පිරිසක්ය හා ගොවියන් නොව යෝධ රාක්ෂයන් තුන් දෙනෙක් බවත් ඈ තදින් විස්වාස කරනව. ඉතින් මේ වීර චාරිකාව අවසාන කරන කොට ඌරො රැළකටත් අභය දානය දෙන ගමන් හෑන්ක්ට අන්තිමේදි බ්‍රේක් නැති කටක් තියෙන ඔහුගෙ ගමන් සහායිකාව විදිහට පත් වෙන සැන්ඩි නැත්තං ඇලිසාන්ද් ටත් කරගහන්න සිද්ද වෙනව “ඔන්න ඔහොමයි ආතර් රජ්ජුරුවන්ගෙ නයිට්වරු යෙදෙන වීර ක්‍රියා” ඔහු අපිට කියන්න හදන්නෙ එහෙම කතාවක්.
දහනම වන සියවසේ ඉදං හය වන සියවසේ එංගලන්තයට අහසිං කඩං වැටෙන මේ යැංකියා තමන් සැබැවින්ම ජීවත් වෙන යුගයේ සාමාන්‍ය තාක්ෂණික කාරණා වලින් ආතර් රජු ප්‍රමුඛ මුළු රාජ්‍යම රවටන්නෙ එකම බොස් තමන් කියමින්. ඔහුගෙ චරිතය ක්‍රියා කරන ආකාරය ගැන හිතද්දි හෑන්ක් කියන්නෙත් තක්කඩියෙක් මිස සාමාන්‍ය ජනතාවගෙ පිනට පහළ වෙන පුද්ගලයෙක් නොවෙයි කියල හිතෙනව.
ඇත්තටම මේ පොත කියවද්දි හිතුණ දෙයක් තමයි සිරි ලංකාව අද තියෙන්නෙත් හය වන සියවසේ එංගලන්තය තිබ්බ විදිහටමයි කියල. ඒ තරම්ම පාලක පැලැන්තිය ගැන ජනතාවගෙ තියන වහල් ආකල්ප වෙනස් කරන්න බැරි තරං. ඉන්න හිටින්න තැනක් නැතත්, රදලයාගෙ වගා බිම් වගා කරගන්න ගමන් ඔහුගෙ සහ පාලක වගේම පූජක පැලැන්තියෙනුත් තමන්ට සිද්ධ වෙන තාඩන පීඩන ඉවසා දරා ගනිමින් ඒ පීඩනය තමන් වෙත යොදන පංතියටම පක්ෂපාතී, කිසිදු ප්‍රතිලාභයක් නැතිවම තමන්ගේ වර්ගයා වුණත් ක්ෂණයකින් පාවා දෙන එවන් ජනතාවක් මට මතක් කරන්නෙ එක්තරා දේශපානල පක්ෂයක අනුගාමිකයන් රැසක්.
ඔබට හුරුපුරුදු ඔබ ප්‍රිය කරන චරිත රැසක් ඔබට මේ තුළින් හමුවෙන්න පුලුවන්. ඔබ සිතා ඉන්නවට වඩා හාත්පසින්ම වෙනස් බොහොම විහිළුකාර විදිහට. උදාහරණයක් විදිහට අග්‍රගණ්‍ය මායාකාරයෙක් විදිහට සැලකෙන මර්ලින් කියන මායාකාරයා ඔබට හමුවෙන්නෙ නිකංම නිකං සෙප්පඩ විජ්ජා කාරයෙක් විදහට. ඔහු ඇදන් නාන හැටි ඔබ කියවලම විඳින්න ඕන කියල මම හිතනව.
ඇත්තටම හාස්‍ය තුළින් බරපතල දේශපාලන කියවීමක් කරන මේ ප්‍රබන්ධය ඔබේ මනසට එල්ල කරන පහර සුළුපටු නැහැ කියල මම කියන්න කැමතියි. කවදත් ඉතිහාසය කියන කාරණය ප්‍රබලයා අත මිස දුබලයා අත නැති බැවින් ඉතිහාසය ලියැවෙන්නේ ඔවුන්ට ඕනා විදිහට. ඉතිං මේ ආතරියානු ප්‍රවාදයත් එවන් පුස්සක් කියලයි ට්වේන් අපිට කියන්නෙ. ඒකත් හරියට හය වන සියවසේ ජීවත් වුණ ආතර්ගෙ මායාකාර මර්ලින් ස්ටෝන්හෙන්ජ් හැදුව යි කියන කතාව වගේ.
ඔබ හාස්‍යෝත්පාදක කතා වලට ප්‍රිය කරන්නෙක් නම් ඈත අතීතයට ගිය අමෙරිකානුවා අනිවාර්යයයෙන් කියවිය යුතුයි කියල මම යෝජනා කරනව.
අතීතයට ගිය ඇමරිකානුවා
මාක් ට්වේන් - පරිවර්තනය - රාණි සේනාරත්න රාජපක්ෂ
ප්‍රකාශනය - විදර්ශන ප්‍රකාශන
පිටු - 464
මිල - 750.00
ගාස්තු රහිතවනම් ඔන් මන් කැමති.. එක්කන් එන්නත් ඕන හොඳේ ගොයියො
ReplyDeleteඑක්කං එන එක ෂුව කරන්න එපා. පෝල් වෝකර් ගෙ ටයිම්ලයින් බලල තියේද
Deleteනෑ මහේෂ් කොලුවො... මේ දවස්වල් රටුට්ර් නැති නිසා බාගතකර ගැනීම් ඔක්කොම ඇනහිටලා
Deleteආතරුත් රොබින්හුඩ් වගේ. අයිතිහාසික චරිත කීපයක් හා ප්‍රවාද කීපයක් එකතුවෙලා හැදුන කතාවක්.
ReplyDeleteආතර් කියල ප්‍රාන්ත රජ කෙනෙක් හිටි කතාවකුත් පසුව එය ප්‍රවාදයන් එකතු වී සාහිත්‍යික කැරැක්ටරයක් බවට පත් වී ඇති බවටත් කතාවක් තියේ නේ.
Deleteකෝන්වෝල් වල තියෙන ආතර් පිළිමය නං ලස්සනයි. (නෙට්ටෙකෙන් තමා දැක්කෙ තිං 😃😃)
https://en.m.wikipedia.org/wiki/Ambrosius_Aurelianus
Deleteතෑන්ක්ස් ප්‍රා.. නිදහසේ කියවල බලන්ඩෝන විස්තරයක්.. 🙂
Deleteකෝන්වෝල් වල ආතර්ගෙ පිළිමයක් තියනවද? අපි නං දන්නෙ, අර කමෙන්ට් මකන්න එන "ආතර්" විතරමයි.🤔
Delete😂😂😂😂😂
Deleteකොන්වෝල් වල තමා 😊😊😊
ස්තූතියි මොට්ස්
https://www.youtube.com/watch?v=abETrgYZZvQ
ReplyDeleteමේක Alternative Version එකක් වගේ. බලන්න ඕන
Deletehttps://www.youtube.com/watch?v=_mIyegz458E
ReplyDeleteමේක තමා මේකත් බලන්න ඕන. ඒත් විනාඩි කීපයක් බැලුව. පොත කිට්ටුවට ගන්න බෑ. රාණි සේනාරත්න මහත්මියගේ පරිවර්තනය ඒ තරං සුපිරියි.
Deleteමාටින් ලෝරන්ස් ගෙ ඔය වගේ ම ෆිල්ම් එකක් තියෙනව...
ReplyDeletehttps://www.youtube.com/watch?v=CQW5rOZdKUw
හොඳයිද. නිකංම කොමඩියක් විතරද. අරක තරං ගැම්මක් තියේද
Deleteබලන්න, ස්පර්ෂ කරන්න...
Deleteබලමි... ස්පර්ශ කරමි. තුති වෙමි. 😃😃
Deleteපොත කියවලා නම් නැහැ. අරගෙන කියවන්න ඕන. ඔත්තුවට ස්තූතියි. මාක් ට්වේන් මගේ කැමතිම රචකයෙක්. එයා ලිව්ව ආදම් සහ ඒවගේ දිනපොත මම පරිවර්තනය කරා කාලෙකට කලින්.
ReplyDeleteකියවන්න වෙලාවක් තිබුණොත්.මිථිල ආස වෙයි. හරි අපූරු පොතක්. අනික පරිවර්තනය ත් විශිෂ්ට යි.
Deleteආදම් සහ ඒවගේ දිනපොත මම පරිවර්තනය කරා කාලෙකට කලින්.///
කොහෙ හරි පබ්ලිෂ් කලාද. ලිංක් තියේද 😃😃
කොටස් තුනක් තියෙනවා. https://wasithaya.blogspot.com/2019/07/1.html?m=1
Deleteඔය පලවෙනි කොටස. ඒකේ යට ඊලඟ එකට ලින්ක් එක දාලා තියෙන්නේ.
කියෙව්වා. ලස්සන පරිවර්තනයක්. ස්තූතියි මිථිල
Deleteස්තූතියි බස්සා.. ❤
Deleteවාසිතය - කියවන්ට එන්නම්කෝ..
Delete@මිථිල ඒක නියමයි... ❤️❤️❤️
Deleteමෙන්න මාක් ට්වේන්...
ReplyDeletehttps://www.youtube.com/watch?v=5cfVJh6QZPw
මේක බලන්න ඕන..
Deleteබලන්ඩෝන.. 😂😂😂 ස්තූතියි
Delete+++++++++🙏👌😊
ReplyDeleteවැට ගහල යන්න ආවෙ. ආයෙ එන්නං. හුටා! වැටාධිපතිත් කමෙන්ට් එකක් කොටලා.😂🤣
වැට ගහල ගිහිං විතරක් හරියන්නෑ ඕං😃😃😃
Deleteරෑ වුනා වැඩියි. උදේට එන්නම්.🤔
Deleteහෙහේ... මං හිතුවෙ බස්සන්ට ඇස් පේන්නෙ, බස්සෝවැ ඩ කරන්නෙ රෑට කියල. 😂😂😂😂
Deletepost එක කියවීම නවත්තලා 'රජ සභාවකට යන්න ඇහැක් වුණොත්' කියන ප්ර්ශ්නයට උත්තර දීලා ඉන්න හිතුවා.
ReplyDeleteඑහෙම ඉඩක් ලැබුනොත් මම නම් කරන්නේ උන්ගේ හුලගක්වත් නොවදින තරම් ඈතට යන එක. ඒ තරමටම රජ ගොල්ලෝ එපා වෙලා ඉන්නේ...
හෙහේ... රජ ගොල්ල නං ඕන නෑ තමා.. පේන්නැද්ද නමට රාජ කියල තියන කට්ටියක් කරන වැඩක් 😂😂😂
Deleteමේ තියෙන්නේ ලෙසටම ලියලා ලිපියක්
ReplyDeleteලෝබ නැතිව පුද කරනෙමි ස්තුතියක්
මේක මම තවම කියවල නොමැති පොතක්
ගෙන්වා ගන්න ඕනෑ ලද විගස ඉඩක්
කියවන්නම ඕන කියල හිතෙන පොතක්. හමුවුනොත් කියවල බලන්න. 🙂 මරු
Deleteමේ වගේම මධ්‍යකාලීන (දැනුත් එච්චර තමා) කතෝලික පල්ලියේ බලපෑම (අනිත් ආගමුත් එච්චර තමා) දරුණුවට උපහාසයට ලක් කරමින් මාක් ට්වේන් ලියාපු පොතක් තියේ The Mysterious Stranger කියලා. ඒ පොතත් රාණි සේනාරත්න රාජපක්ෂ අතින් පරිවර්තනය වුනා අද්භූත ආගන්තුකයා කියලා. කියෝලා බලන්න, මහේෂ් බොහොම කැමැති වෙයි.
ReplyDeleteපල්ලියෙන් කරන බලපෑම බොහොම දරුණුවට ඒ කාලෙ මිනිස්සුන්ට දැනෙන්න ඇති. ඒත් ඊට විරුදධ වෙන්න කවුරුත් නෑනෙ. මේ පොතෙත් ඒ වගේ තැන් කීපයක්ම සදහන් වෙනව.
Deleteඑක තැනක් තියේ ආතරුයි හෑන්කුයි වෙස් වළාගෙන යද්දි වසූරිය රෝගීන් හමුවෙන තැනක්. පල්ලියෙන් ඔවුන් ළඟට වත් කාටහරි යන්න තහනං කරල. ඒ විතරක් නෙවී නිකංම බඩගින්නෙ මැරෙන්න ඇරල. තව ඒ වගේ තැං කීපයක්ම තියේ කිසිම ශිෂ්ටසම්පන්න බවක් නොපෙන්වන.
අතීත යූරෝපීය කතා කියවද්දි ඒක හොඳටම දැනෙනව
සැර් බුරා කිව්වට පස්සෙ මම ඒ පොත හොයල බැලුව. ඒක දැං මුද්‍රණයේ නැති බවකුයි දැනගන්න ලැබුණෙ. කරල තිබ්බෙ විදර්ශන එකෙන් නිසා මම ජනක මහත්මයගෙන් අහල බැලුව. ලබන වසර මැද භාගයේ මුද්‍රණය කරන්න හිතාගෙන ඉන්න වගක් සඳහන් කළා. ඒක ඒ කියපු විදිහටම මුද්‍රණය කළොත් කියවන්න ලැබෙයි කියල හිතනව.
දැනට
ටොම් සෝයර්
හක්ල්බරි ෆින්
ඈත අතීතයට ගිය ඇමරිකානුවා
රජ පැටියා සහ හිඟන පැටියා විතරයි කියවල තියෙන්නෙ. තව පරිවර්තනය වුණ ඒව තියේද දන්නෑ. මා ළඟ තියෙන්නෙ ඔපමණයි
අන්තර්ජාලය කියන විදිහට
Deleteදැරියකගේ ප්‍රයාමය
ආදම් ගේ දිනපොත (කෙටිකතා)
කියලත් පොත් දෙකක් තියේ
The Mysterious Stranger is a novel attempted by the American author Mark Twain. He worked on it intermittently from 1897 through 1908. Twain wrote multiple versions of the story; each involves a supernatural character called "Satan" or "No. 44". All the versions remained unfinished.🤔😮
Deleteජම්බර ජං ජබර ජබර, &$@*!@???
Deleteහුකා බොල, දැන් කොයි එකද කියවන්.....නේ?🤔
ආ හරි, Z library යෙන් බෑවා නොම්බර 44. ඒක විතරයි කියන්නෙ, ඉවර කරලා තියෙන එකම වර්ශන් එක.
Deleteඔහෙලට කියන්න, මට පේන්න බෑ කතන්දර කුට්ටි කරන, බාගෙට ලියන එවුන්ව.🤔😊
ඔහෙලට කියන්න, මට පේන්න බෑ කතන්දර කුට්ටි කරන, බාගෙට ලියන එවුන්ව/// කාට කාටද ඔය කියන්නේ 😂😂😂😂
Deleteහ්ම්. අපූරු පොතක් වගේ. ස්තූතියි මෙය ගැන ලිව්වට
ReplyDeleteසතුට මගෙයි අහස්... 😊😊😊❤️
Deleteඅපගේ සින්ඩියේ ඔබට ඉඩක් වී ඇත! ගොඩවී බලන්න - කැටපත් පවුරේ!
ReplyDeleteමේ දැනට ක්‍රියාත්මක වැඩිම වපසරියක් තුල පැතිරුණු සින්ඩියයි. බ්ලොග් 1150 ක්!
අළුතින් බ්ලොග් ලියන්නන් සඳහා වෙන්වුනු "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමට ගොඩවී දුහුනන්ගේ මැවුම් සඳහා දිරි දෙන්න අමතක කරණ්න එපා!
අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය මගින් ප්‍රචාරණයක් ලබා දීමට කාරුණික වන්න!
නිතරම ගොඩවෙමි. නව පුවත් කියවමි. 😊😊
DeleteHTML කෝඩයක් සදාගත හැකිනම් පහසුවක් එය. සින්ඩි වලට මගෙන් ප්‍රචාරණයක් දී ඇත. සඳකඩපහණ එක් කිරීමට ප්‍රමාද වන්නේ ඉමේජයක් ලිංක් කිරීමට නොදන්නා නිසායි. Html කෝඩයක් තිබුණා නම් පහසුයි
කියවල නැහැ. පස්සේ බලමු
ReplyDeleteමුල ටික කියවද්දිම මතක් උනේ සර් හා වර්තමාන ලංකාව. පොර ගැන අනාගතයෙ නෙවෙයි දැන් ඉඳන්ම වීරයා විදියටනෙ ලියවෙන්නෙ.
ReplyDelete