Monday, January 25, 2016

අවර්ණ...

මරණය
නුඹ ඉක්මණින් පැමිණෙන්නේ නම්
මා කැමැත්තෙමි
මරණයේ මිහිරි ගීතය
සවන් අද්දර කොඳුරනවා
නම් කැමැත්තෙමි
නුඹ පැමිණි කල
දෙවරක් නොසිතාම
පිළිගන්නෙමි
නුඹ තුළට කිඳා බැස
දියව යන්නෙමි...


අඳුරු සෙවණැලි අතර සැඟවී
සිනා සෙන්නට වුවමනා කිම
අවැසි විට නුඹ ළග නොමැති කල
මරණයෙන් වුව පලක් වෙද...

මරණයක් මිහිරි වන්නට
වයසක් වුවමනා වෙද
නුඹෙන් මම ඇසුවොත්
පිළිතුරක් ලැබේවිද
වෙතත් ඒ කොහොම
අද රෑම නින්ද අතරතුරම
නුඹට එන්නට හැකිද
මිහිරි සිහින අතරම
හුස්ම පොද සඟවන්න
හැකිය මට එතකොට...


 පිංතූරය ගත්තෙ මෙතනින්

35 comments:

  1. සුන්දරයි මහේෂ්.................

    මරණය වේදනාවට වඩා ලේසි වේවි නේද????????

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු..
      මරණය සියල්ලටම වඩා ලේසියි මං හිතන්නෙ කුරුට්ටො

      Delete
  2. මරණය අමිහිරි වෙන්නේ 'හිතවතුන්ට'..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්......

      Delete
    2. ගොඩක්ම වේදනාව දැනෙන්නේ හදිසියේම මිය ගියොත්.

      Delete
    3. @කමී. @භාග්‍යා @මහේෂ්
      බෞද්ධයන් වුණත් අපි අල්වා ගන්නවා වැඩියි ඉතින් වේදනාත්මකයි
      නැද්ද.. බැදීම් තොර වෙන තරමට ජීවිතේ සුන්දරයි

      Delete
  3. සේකර ස්ටයිල් එක වාගේමයි ..පට්ට ..

    මැරෙනතුරා ඔබ
    බලා සිටිමු අප
    අවසාන ගෞරවය කරන්නට.
    එතෙක් මතක තබා ගන්න.
    මැරෙන ලෝකයේ නොමැරෙන නාමය.
    අයි.ඕ.යව්දිව් සිල්වා
    මන්ගල - අවමන්ගල අද්යක්ෂක.
    ටුන්….

    (නොමියෙමි- මහගම සේකර )

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිංදුවො
      ඒ අගය කිරිම හයියක් මට
      මං ඒ තරං පට්ට නොවුණත්
      ජයවේවා

      Delete
  4. තනියම එන අපි තනියම යන්නෙමු
    නැත මෙහි නවතින්නේ...
    කොපමණ තිබුණත් කල හොද නරකයි
    යන කල ගෙනියන්නේ...
    තනියම එන අපි තනියම යන්නෙමු
    නැත මෙහි නවතින්නේ...

    සටනට වැදුනේ ලෙන් සෙලවූයේ
    අපමණ දිවි නැසුණේ.....
    මිතුරන් නැති විය සතුරන් ඇති විය
    මොනවද ඔබ ලැබුවේ...
    මොනවද ඔබ ලැබුවේ...
    තනියම එන අපි තනියම යන්නෙමු
    නැත මෙහි නවතින්නේ...

    පුතු සැනසෙව්වද බිරිදට සැනසුම
    දුන්නද සැමියෙකු සේ....
    ජීවිතයම ඔබෙ ඔබට බරක් විය
    තනිවුනි මෙලොව කුසේ....
    තනිවුනි මෙලොව කුසේ....
    තනියම එන අපි තනියම යන්නෙමු
    නැත මෙහි නවතින්නේ...

    ඔකම හදක් ඔබ සතුටු කලෙයි නම්
    ඉන් ඇත හිතට සුවේ....//
    ඔහෙම දෙයක් නැත ඔබට මැරෙන්නත්
    නිදහස නොමැත ලොවේ....

    ගායනය - මොහිදීන් බෙග්

    ReplyDelete
    Replies
    1. අන්න මං කැමති ජාතියේ එකක්...
      උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාාාාාා

      Delete
  5. මොකෝ බොලං මේ...!

    (ඒ උනාට පට්ටයි.)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දැණුන දෙයක්
      ඇයි මංද
      ස්තූතියි නිමෝ
      ඇයි නොලියන්නෙ දැං

      Delete
  6. ආවොත් ඔහොමම කියයිද?

    ReplyDelete
    Replies
    1. ඒ බලාපොරොත්තුවෙන් තමා ලිවෙ
      ඉතිං උත්තරේ ඔව්

      Delete
  7. තමන්ටත් අනුන්ට මයිත්‍රී කොරනකන් මරණෙට බයක් දැනෙන්නෙත් නෑ කියනවානෙ
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අන්න දවසේ කතාව ලබ්බෙ
      ජයවේවා

      Delete
  8. ලස්සනයි මචන්.

    ReplyDelete
  9. අවොත් යන්නම ඕනේ.එත් ඉතින් මරණය ගැනම බලන් ඉන්නේ නැතුව කරන්න තියෙන වැඩ ටික කරන් ඉවර කරගන්න පුළුවන් නම් මරණය අවුලක් නැතුව වැලඳ ගන්න පුළුවන් වේවි.

    ReplyDelete
    Replies
    1. අනිවා...
      කළකිරීම වෙනයි බං
      ස්තූතියි මනෝ

      Delete
  10. කෙල්ල නැතිවුනා කියලා මැරෙන්න එපා බං.එතකොට ඒකිට ජීවිතකාලයම විඳවන්න වෙයි.
    ජයවේවා.....

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ.. මේක ගෑල්ලමයිට අදාලම නෑ...
      අනික කෙල්ලක් නැතිවුණාට අපි මක්කට මැරෙන්නයි කටුස්සො.. නැද්ද හා...
      ජයවේවා

      Delete
  11. මරණයට
    ජිවිතය බාර
    දෙන්නට පෙර
    නොමියෙන්න
    දෙයක් කළ යුතුය
    මහ පොළවට

    ReplyDelete
    Replies
    1. කරනවාමයි දවසක
      මැරෙන්නට
      තත්පරයකට හෝ පෙර

      ස්තූතියි දිනිති අක්කා

      Delete
  12. උප්පත්තියා සහෙවේදං මරණං ආගතං සදා....

    කවුරු අපිව දාලා ගියත් අපිව මරණයා සදා කල්හි අපි පසුපස පැමිනෙමින් අපිව අත්නොහැර හැමදාම අපෙත් එක්කම ඉන්නවා කියලා බුදුන් වහන්සේ කියලත් තියෙන්නේ ඒකනේ.

    ලස්සන පබැදුමක් මචෝ...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල
      ස්තූතියි මනෝ...
      ස්තූතියි මේ වගේ හරබර කොමෙන්ටු කොටන එකට

      Delete
  13. මචෝ මගෙත් අන්තිම පොස්ට් එක මරණය ගැන.. ඉන් පස්සේ බ්ලොග් එකම මියැදිලා ගිහිල්ලා වගේ..

    කයි පද ටික මනරම් ඈ.. උඹගැන ඉර්සියා හිතෙනවා හිටං

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම බයක් නං තියේ මොකද එන්න එන්නම කාලය මියැදෙනව

      ඉස්කෝතුයි විදානේ
      ඉරිසියා කොරන්න එපා සත්තලනේ හැක්...
      මං දන්නව බොලං එහෙම නැති බොක්කෙ ෆිට් එකක් කියල
      ජයවේවා

      Delete
  14. මොකද බං මේ මරණයක් අල්ලන්.
    කොහොම උනත් කවි සැට් එක නම් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. නිකං දිනේෂ් අය්යා
      ස්තූතියි හොදේ

      Delete
  15. මහගම සේකරයන්ට පසුව ..........! බොහොම වටිනා නිමැවුම්ක්

    ReplyDelete
    Replies
    1. ඒ තරං හොද නැතත් (මට දැනෙන විදියට) ඒ වගේ ඇගයුමක් ලැබෙනව කියන්නෙම සතුටක් ස්තූතියි ගුණසිංහ මහත්මයා
      ජයවේවා

      Delete
  16. අස්ථිර ලෝකයේ ස්ථීර එකම දෙය මරණය පට්ට මචන් නිර්මාණය

    ReplyDelete