Wednesday, December 17, 2014

පාට (ඇති/නැති) වැහි


උස්ව නැගි 
තුගු රුකෙක 
ඉහළම අතු රිකිලි යට
නර්තනයක්ය 
කණමැදිරි..,
පුංචි තරු ඇස් ටිකක්
වළාකුලක් යට 
වැස්සට තෙමෙන 
වෙලාවක...



මේ දවස් වල අපි බිසී ලු ඈ.. (දන්නෝ දනිති ඉතිං) මාස ගාණකිං බුකියට ගියාම කිඹුලි අක්ක මට black and white අභියෝගය ලෝබ නැතිවම දීල තිබ්බ. මූණු පොතට ඒක අලවන ගමන්ම බ්ලොගටත් ඒකම අලෝල දැම්ම. නැත්තං මේකෙ දැකුළු මල් කඩල ඉවරයක් නැති වෙනව... දැං මූණු පොතේ මේක කියවපු ඈයො සද්ද දානව එහෙම නෙවී හරිද... ආයෙත් මේ වගේ අකල් පොද වැස්සකිං හම්බෙන කං ටටා කීව ඕං ඈ....

පිංතූරය අන්තර්ජාලයට එක් කල JEAN YVES JUGUET හට ස්තූතියි...

42 comments:

  1. අකල් පොද්ද වැස්සක අනෝරා වැස්සකට වඩා මිහිරියාවක් ඇත. නැවුම් සුවඳක් ඇත.

    ජය පතමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝ
      ජයවේවා

      Delete
    2. මිනි මිනි පොදේ ලා අදුරේ තෙමි තෙමි ගියදා
      ඉදහිට අදත් සිහිවෙනවා සිරිපොද දැකලා
      ආසිරි මල් වරුසාවේ නැ අපි තෙමුනේ
      වැහි සිරි බලන්නට ඔබ නැ අද කුඩ සෙවනේ
      මිනි මිනි පොදේ...
      මා හෙළු කඳුලැලි පුරවා වැහිකළු ඒවි
      ඔබේ පාමුල මුතු වරුසා ඉසිරී යාවි ..

      ගායනය - නිරංජලා සරෝජනී
      ගී පද - ලුෂන් බුලත්සිංහල

      Delete
    3. ස්තූතියි ඇනෝ සිංදුවක් කියල වටිනකමක් එක් කලාට
      ජයවේවා

      Delete
  2. හිතට වැදුණු පද ටිකක්..!

    කාලෙකිං මාත් අද තමා බ්ලොග් පැත්තෙ ආවෙ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සංචෙ
      කාලෙකිං හරි ආව නෙව
      ජයවේවා

      Delete
  3. කෙනෙකුට පොද වැස්ස.. කෙනෙකුට අනෝරාවක්..ඒ වගෙම තව කෙනෙකුට සතුටට කාරණයක්.. අවන්හලටත් දේශපාලනේ නැතුව පොද වැස්සක් ගෙනාව එක ලොකු දෙයක්..ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. හිහි
      මං සාමාන්‍යයෙන් දේශපාලනේට අකමැතී කියල දන්නව නෙව
      ඒත් මේක දිහ හොදට බැලුවොත් කියපු දේට වඩා නොකියපු දේ දේශපාලන ගතියක් තියේ කියල හිතෙයි
      ජයවේවා

      Delete
  4. Replies
    1. පට්ට බ්‍රා
      හිහි
      ජයවේවා

      Delete
  5. අපිත් බිසිලූ ඈ. මේ නිකම් මුට්ටිය දාලා ගන්න ආපු ගමන්.

    ReplyDelete
    Replies
    1. හිහි හැබැයි මුට්ටිය කුඩු වුනේ නං නෑලු
      හිහි
      ජයවේවා

      Delete
  6. ඔය එක එක පාට වැස්ස වල් නම් ඉතිං ලංකාවට අරුමයක්යැ... නේ? බුසි බුසි ගාන්නෙ.. ඇයි තව බබෙක්ද?

    ReplyDelete
    Replies
    1. බුසි බුසි ගාන්නෙ.. ඇයි තව බබෙක්ද? පිස්සුද මෙයා
      ඔයාට එහෙමද ඈ... හෙක් හෙක්....
      මදාවිය නං කවිය අල්ලගෙන වගේ...
      ජයවේවා

      Delete
  7. අපිත් බිසී , බොරුවට හරි , ඇයි යකෝ

    ReplyDelete
    Replies
    1. ඒක නොවැ ඉවාන් අයියේ නැත්නම් හරියන්නේ නෑ මේ වැඩේ... ;)

      Delete
    2. ඒක වෙන්න ඇති හොයාගන්නත් නැත්තෙ දැං
      හිහි
      දිලිනියො ඒකත් එහෙමද හාකො ඈ
      මං තලා....යි

      Delete
  8. Replies
    1. මෙන්ඩි අයියගේ එක කුස උපන් තවත් සහෝ කෙනෙක්වත්ද? :)

      Delete
    2. පට්ට බ්‍රා නැතෙයි
      මාත් ඕක මං අහන්න හැදුවෙ බං දිලිනියො
      ජයවේවා

      Delete
  9. තුඟු තුර යට
    තනි නොතනි මකනට
    අහස් කුස දෙස බලනා
    ලපටි තුරුහිසක් මත
    භාවනාවකි,
    "කටුසු හදවතක්...

    ReplyDelete
    Replies
    1. අපූරුයි කවිය
      මං හරි ආසයි මගෙ කවියකට රිප්ලයි කමෙන්ටුවක් වැටෙනව නං
      ජයවේවා

      Delete
  10. පින්තූරේ නිසා පදවැල් ටික තවත් දැනුනා කිව්වොත් හරි..

    ReplyDelete
    Replies
    1. හ්ම් එහෙනං මගෙ කවිය වගේම චොයිස් එකත් සාර්තකයි වගේ
      ජයවේවා

      Delete
  11. මල්ලිත් සිරා පොරක්නේ!

    ReplyDelete
    Replies
    1. හම්මේ මෙන්න රයිගං අය්ය අපේ අවන්හලට ගොඩවැදිල
      සාදරයෙන් පිළිගන්නව මෙහෙට ඔයාව...
      ඇයි අනේ එහෙම කීවෙ...

      Delete
  12. Replies
    1. ස්තූතියි මචෝ....
      ජයවේවා

      Delete
  13. මේ කවිය මම මූනු පොතෙන් කියව ගත්තා. ලස්සනයි කවි සිතුවිල්ල..
    මේ ටිකේ වැස්ස ගැන නම් කතා කරන්න එපා.එකාසීරුවට අනෝරා වැස්සක් වහින්නේ.

    ReplyDelete
    Replies
    1. හිහි
      ඔව් ඔව් ඔයාටත් ටැග් කලා ඒ හන්ද දකින්න ඇත්තෙ
      මේක වෙන වැස්සක් හිහි

      Delete
  14. පද පෙළ කියෙව්වෙමි...අමුතුම තැනක නතර උනි. අර පින්තූරයේ දැරිවිගෙ සිනහව මොන තරම් අව්‍යාජ දැයි සිතුනි.

    ReplyDelete
    Replies
    1. සැබැවින්ම මේ පැදියට එය තෝරාගන්නට හේතුවුනේද එයමය..
      ස්තූතියි සිරා අය්ය

      Delete
  15. මහේෂ්...........................

    අපිත් හැමදාම ඔය පොද වැස්සේ තෙමි තෙමි බලා සිටිමු...........................

    ReplyDelete
    Replies
    1. වැඩිපුර නොතෙමී අපිම කුඩයක් හොයාගම්මු කුරුටු

      Delete
  16. හෙන නැති වැහි ප්‍රාර්ථනා කොරමු ඈ....

    ReplyDelete
  17. ඔබ එන්න..............
    ඔබ ඇවිත් යන්න එන්න ..................
    නවතින්න එපා.................................................
    :p :p

    ReplyDelete
    Replies
    1. හා
      නවතින්නෑ හොදේ
      හිහි

      Delete
  18. ලස්සනයි ... ඒ වගේම අර්ථවත් ... හැමදේම සිතිවිලි වලින් පාට කරන්න පුළුවන් නම් මේ ලෝකේ ලස්සන තැනක් වේවි ...

    ReplyDelete
    Replies
    1. හිතුවටම වැදගත් නෑ මචෝ කි්‍රයාත්මක වෙන්නත් ඕන
      ජයවේවා
      දස්තූතියි හොදේ

      Delete