Saturday, September 14, 2013

සසර සහ මනුසත


එක දිගට සීරුවට
පේළියට කඩිසරව
දුර ඇදෙන කුහුඹු රැළ
යනු කොයිද නොදැනගෙන
දුර ඇදෙයි දුර ඇදෙයි

නොවෙහෙසව නොවිඩාව.......
එනු කොයින්
යනු කොයිබ
නොදැනගෙන-නොහිතාම
පිපි පිපී පරවෙවී
විඩාවක් නොමදැනී
තව සරයි දුක් විදියි
දුක් විදින බව නොදැන....

No comments:

Post a Comment