Sunday, October 18, 2015

තනියො... මේ අහපන් නෑ තවත් තරහක්

මේනකා මට මතකයි උඹෙ හිනාව
තනිය ඇවිදින් හොරකං කරන් ගිය

මම නැතත් ළඟ අපෙ සුවඳ සවියට ඉන්නැතී
සඳ තුරුළු කර නුඹ සුවෙන් නින්දේ ඉන්නැතී
මා නොමැති බව කේලමක් කියලා වෙන්නැතී
තනිය ඇවිදින් වී අටුව හෙව්වා වෙන්නැතී

 පහුනු කන්නේ හේන පැත්තේ නොගිය එක දවසක
අනාරාධිතවම ඇවිත් තිබුණා තුන් දෙනෙක් කුඹුරට
වියැට ගෙඩියක් වත් නොම තියා බරු ගසා යායම
අටුව හිස් තිබ්බෙ ඒ හින්දමයි නොවෙයි වෙන තරහට...

මේනකා මගෙ මායියා උන්දැ උන්නේ කිරි බරින්
ඈට විතරක් වී ටිකක් කෙටෙව්වා   ණය බරින්
කියන්නට අමතක වුණා යැයි මා එක්ක විරසකෙන්
ඇයිද තනියෝ බින්දෙ ගේ උඹ මගෙ හුස්ම උදුරන්

මුදුන් යට ලීය ඇගෙ බද සිපගන්න ඇති  ආදරෙන්
තුන්හිතක වත් නොම තියෙන්නැති ගන්න පණ උදුරන්
ඒ වුණත් මොන මොනවා වී දැයි දන්නෙ නෑ ඉතකින්
සඳ තබා තනියට ඇය නික්ම ගොස් තිබුණ ඒ විගසින්...












ප.ලි. --- මේ කවිය ලීවෙ පොඩි කතාවක් ලියන ගමන්. ඇත්තටම ඒකට පූර්විකාවක් වගෙයි මේක. ඒත එහෙම නොවෙන වගත් මේක නිකංම inspired කවියක් බවත් සලකන්න.  බ්ලොග් එකට නොදාන්න හිටියත් මේ උණ විකාරෙන් තව දවස් කීයක් ඉන්න වෙයිද දන්නෑ කියල හිතුණ හන්ද ජංගමෙන් ඇවිත් අතාරිනව.

40 comments:

  1. නාක නෑ... නියමයි මහියෝ

    ReplyDelete
    Replies
    1. හම්මේ ශානු අක්ක වෙල්කං බැක් කීව ඇ...
      ස්තූතියි ස්තූතියි බොහොම ස්තූතියි....

      Delete
  2. බොහොම සංවේදියි! වල් අලියෙක්ගෙ රූපයක් දාපං.

    ReplyDelete
    Replies
    1. වල් අලි කියල ජාතියක් නැ කියන්නෙ බං
      හෙව්ව හෙව්ව හම්බුනේ නැනෙ
      පංසල් අලි නං ඉන්නව හැක්

      Delete
    2. කොහොමත් දැන් ඉන්නේ "වන" අලිනේ හිටං.

      Delete
    3. මූ හොඳද බලපං.
      http://www.reuters.com/article/2008/03/20/us-srilanka-war-elephants-idUSCOL19752420080320

      Delete
    4. මනෝජ් ඉදල හිටල "වණ" අලිත් ඉන්නව "ලු"හොදේ...

      මදාවී ස්තූතියි මචෝ... ආයෙ එඩිට් කරනවද කියල මේ කල්පනා කොලේ... බෑත් වගේ... හිහි
      ස්තූතියි කෝම වුණත් මං වෙනුවෙන් මහන්සි වුණාට

      Delete
  3. මෙවන් ජීවිතත් අප සමාජයේ ජීවත් වෙයි

    ReplyDelete
    Replies
    1. යැස්... ඇන් දිසිස් අ ටෘෘ ඉට්ටෝරි

      Delete
  4. hmmm... වන අලින්ට වල් අලි කියන්න එපා කිව්වම ප්‍රශ්නේ විසඳෙයි කියලයි මම හිතුවේ

    ReplyDelete
    Replies
    1. මේ ඊට කලිං කතාවක් අඩුම අවුරුදු විස්සකට පරන කතාවක්
      ඒ දවස් වල වන අලි නෑ වල්ලලි හිටියෙ හිහි

      Delete
  5. හිතට බරට තදට දැනෙනවා කතාවත් ඉක්මනින් දැම්මමා නම් .....

    ReplyDelete
    Replies
    1. කතාවත් දානව මචෝ හුග දවසකින් උඹව දැක්කෙ
      ස්තූතියි ඈ

      Delete
  6. හිතට බරට තදට දැනෙනවා කතාවත් ඉක්මනින් දැම්මමා නම් .....

    ReplyDelete
    Replies
    1. මොකද බොල මේ
      ඩබල් ඩ්‍රෑම් ගැහුවද

      Delete
  7. Replies
    1. ලියමි.. ටික දවසකින් පබ්ලිෂ් කරමි
      ස්තූතියි මෙන්ඩො

      Delete
  8. සංවේදී රූප පේලියක් මැවුනා...

    ReplyDelete
    Replies
    1. සමාන්තර සිතුවිලි තියෙනව එහෙනං හිහි

      Delete
  9. පූර්විකාව මෙහෙමනම් කතාවත් සුපිර්වෙයිනේ මචෝ ..........

    ReplyDelete
    Replies
    1. මම සත්‍යම සංවේදි සිදුවීමක් ලියන්න කියලා හිටියත් කාලය මදි....
      මට වෙලාව මදි වුනොත් මම ඒක උඹට කෙටියෙන් මේල් කරන්නම්..

      Delete
    2. කතාව ගැන නං තාම මං මොනවත් කියන්නෙ නැ.. හිහි
      මේල් එක ඉක්මණට දාහන් බලන්න සමහර විට මොකක් හරි ගැටයක් ගහන්නතු පුලුවං වෙයි හිහි

      Delete
  10. අැත්තට ම මාර මාතෘකාවක්..... දෙපැත්තම හරි කතාවක්..... ඒ වගේ ම දෙපැත්තම වැරදි කතාවක්......

    ReplyDelete
    Replies
    1. දෙපැත්තම හරියන්නත් දෙපැත්තම වරදින්නත් විදියක් නැ කුරුටුටො
      එහෙම හිතෙන්නෙ නැද්ද.. මේක අවුරුදු විසිගාණකට කලිං වුණ කතාවක්... ඒත් ඒ ගැන වැඩිය කියන්නෙ නැ ටිකක් ඉවසල බලන්නකො..
      අර කිය්නෙ
      සිදුවුණා එවිපතා නොදනිමි කාගෙ දොසා... නෙහ්
      ස්තූතියි කුරුටු

      Delete
  11. ඒ සත්තුන්ට ජීවත් වෙන්න තියෙන කැලෑව මිනිස්සු අල්ලගත්තම උංට වෙන මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ.
    අනේ මංද මේකෙදි කවුරු වැරදිද කියල. නමුත් වැඩි හරියක් මැරෙන්නෙ අලි තමයි.

    ReplyDelete
    Replies
    1. අද වෙද්දි මැරෙන්නෙ නං අලි තමයි සමහර පිංතූර දැක්කම පව් කියල නෙවී පපුව දාල යනව...
      මේ කතාවෙ හරි වැරැද්ද තීරනය කරන්න තාම කල් වැඩී ඒත් එහෙම කියල දේකුත් නැ හිහි

      Delete
  12. මේනකා මගෙ මායියා උන්දැ උන්නේ කිරි බරින්
    ඈට විතරක් වී ටිකක් කෙටෙව්වා ණය බරින්
    කියන්නට අමතක වුණා යැයි මා එක්ක විරසකෙන්
    ඇයිද තනියෝ බින්දෙ ගේ උඹ මගෙ හුස්ම උදුරන්

    කදිමයි මහේෂයෝ
    ජයවේවා..!

    ReplyDelete
  13. මහියෝ..කවිය ගැන කියන්න අවංකවම මට වචන නැත්තෙ පට්ට කියන වචනෙට වඩා වැඩි යමක් මගෙ ඔළුවට මේ අවස්ථාවෙ නො එන නිසායි.ඒත් ඊටවඩා ප්‍රශංසාවක් උඹට ලැබෙන්න ඕන.
    අර කියුවත් වගේ බ්ලොග් රෝලේ නම දැක්කම මම බයවුණා මම මක් කළාටද යකෝ මේ කියලා..අවහම නෙව තේරුණේ අලි හුටපටයක් කියලා..කතාවත් ලියහන්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ මේක නිකං ලියවුන එකක් ඔහෙ දාල ඇරිය
      කතාවත් ඉක්මනට කියන්නංකො ඉවසං හිටින්කො... හිහි
      මඩ නේ.. මඩ... මං සාමාන්‍යෙයන් මඩ ගහනව අඩුයි හැබැයි ගහද්දිත් ලොරියක් විතර අන්ලෝඩ් කරනව හැක්

      Delete
  14. ආත්මාර්ථකාමී කතාවක් වෙන්න පුළුවන්.හැබැයි ඔය අලින්ට වඩා මිනිස් ජිවිත වටිනවා.හරියට ක්‍රියාත්මක වෙන අලි වැටවල් නැහැ.වග කිවයුතු නිලධාරීන් බිරි අලි වගේ ඉන්නවා.ජනතා නියෝජිතයෝ කියන උන් කොහොමත් සුදු අලිනේ.අසරණ මිනිස්සු අලින්ගෙන් බැට කනවා.

    ReplyDelete
    Replies
    1. මිනිස් ජීවිත වටිනව ඇත්ත.. ඒත් මිනිස්සුන්ට වැඩිය අලි මැරෙනව මචෝ.. මිනිස්සු ඉක්මණට බෝවෙනව.. අලි ඉක්මණට වද වෙනව...
      ඒ ගැන අපි කතා නොකර ඉම්මු.. මොකද අලි සහ මිනිස්සු කියන්නෙ දෙගොල්ලක් නෙවී බං එක සමාන සත්ව කොට්ඨාශයක්

      Delete
  15. තනි අලියටත් සමහර විට මේ වගේම කතාවක් කියන්න තියනවද කියල කවුද දන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි නේන්නම්.... ඒ සතාගෙ හිතේ තියන දුක කොයි වගේද දන්නේ නෑ ..අපි කාටවත් ඒ ගැන හිතිලම නෑනෙ ...නියමයි පරිකල්පන වෙනස්ම පැතිකඩකින් බලල

      Delete
    2. තනියට .... ඔව් තියෙන්නත් පුලුවං.. හංසිය කියන්නැහෙ ඒකත් වෙනස් පැත්තක් තමා...

      හංසි... එකෙන්ම

      Delete
  16. මේ කවිය දැන් කියවන්නේ තුන්වෙනි පාරට වෙන්නැති කියවන්න කියවන්න ලස්සනයි. මහේෂ් අය්ය පහුගිය ටිකේ ලිව්ව විරහ කවි එක්ක බලද්දි මේ කවිය උඩින්ම ... ඒක නෙවේ කෝ කතාව??? ..ඉක්මනට දාන්නෝ ..............

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ අගය කළාට...
      කවියට කතාව නං ටිකක් පරක්කුයි.. ඒත් හැකි ඉක්මණට දෙනව
      ස්තූතියි ගොඩක්

      Delete
  17. දුක හිෙතන කවියක් මල්ලි. මේකෙදි දෙපැත්තම වගකියන්න ඕනි. අපි කැලැ එලි කරද්දි සත්තු අසරණ වෙනව. සත්තු ගම් වැදෙද්දි මිනිස්සු අසරණ වෙනව. මෙහෙම ඛේදවාචක කොයිතරම් ඇතිද?
    මල්ලි ඒක සියුම්ව රිදෙන තැනක් බලල ගලපල. ඒක කියවන්නා තුල ශෝකයක් උපදින තරමට.

    ReplyDelete
    Replies
    1. ඒත් ඔය දෙපැත්ත ගාණට බැලන්ස් කරන්න පුලුවං සුදු අලි ජාතියක් ඉන්නව නේද දිනිති අක්ක බලධාරීන් කියල... උන්නැහේල රාජකාරිය හරියට කරන්නෙ නැති එකනෙ අවුල...
      ස්තූතියි අක්ක.. මම මට දැනුන විදියටම තමා ගලපන්න උත්සාහ කලේ... අක්කල ඒක අගය කරනව කියන්නෙ මගෙ උත්සාහය යම් තරමක් සාර්තකයි කියල හිතෙනව..
      ස්තූතියි ගොඩක්.. මාව දිරිමත් කරනවට

      Delete