Monday, October 26, 2015

ආශා නිරාශා මැවූ ඈ ස්වප්න මායාවෙකී...

                                                       
                                                                         වැව් බැම්ම මතින් දිවෙන මාවතේ අතුරල තිබ්බ සිමෙන්ති වලින් තනාපු කැට වල යම් තරමක සිතල තෙත් ගතියක් දැවටිලා තිබ්බ. ඒ උදේ වරුවම පිරිල තියෙන සීතල ගතිය හින්ද වෙන්න ඇති. ඉර එළියත් වෙනදට වඩා සෞම්‍ය විදියට ඔහුට දැනුණෙ.  ව්‍යායාම් මංතීරුවක් විදියට සකස් කරල තිබුණ ඒ මාවතේ එක් තැනෙක ඔහු බොහොම සාමාන්‍ය විදියට වාඩි වෙලා හිටියෙ ඒ වෙන කොටත් තැනින් තැන පිහිටුවල තිබුණ බංකු වල වාඩි වි තමන්ගේ ම ලෝක වල සිටින පෙම්වතුන් ගැන සැලකිල්ලකින් තොරව. තවත් මොහොතකින් තමන් වගේම මාවත දෙපැත්තෙ වාඩිලාගත්ත පෙම්වතුන් ගෙන් මං තීරුව දෙපස පිරෙන වග ඔහු අත්දැකීමෙන් දැනගෙන හිටිය. වෙනසකට තිබුණෙ ඔහු තනිකඩයෙක් වීම පමණයි. සමහර විට ඒ  තව මොහොතකට පමණක් විතරයි.. ඒ හැගීම ඔහුව තෘප්තිමත් සිතුවිල්ලකින් පුරවා හැරිය. ඔහු උන්නෙ වැව් තලය දිහාවෙම බලාගෙන. විටින් විට ඉල්පෙන, කැළතෙන, රැලි සරැළි නංවන වැව් දිය දිහාවෙම බලාගෙන. අනිමිස ලෝචනයක හිරවෙමින්, ගැස්සි ගැස්සි, විටින් විට බඩ පපුව දාල යන බයකුත් එක්ක. ඇත්තටම ඒ බයක්ම නෙවෙයි.. මද කෝල ගතියක්.. හා හා පුරා කියල වැව් දියෙන් උඩට ඉල්පිල වැවේ සිහින් රැළි එක්ක ඒ මේ අත පැද්දෙන නෙළුම් මල වගේ ඔහුත් උන්නෙ එකෙළ මෙකෙළ වෙමින්. අද ඔහු හිතං ඉන්නෙ ඇයට තමන්නෙ හිතේ මේ වැව තරම්ම ඈ වෙනුවෙන් පිරිල තියෙන ආදරේ ගැන කියන්න.


                                                                    වැව ඉවුර දිගටම තැනින් තැන හිටවල තිබුණ මාර ගස් වල තැනින් තැන පොඩි පොඩි රෝස පැහැ මාර මල් පිපිල තිබුණ. ගොඩක් නෙමෙයි බොහොම පොඩ්ඩක්. ඉද හිටල හමන සුළගට කීකරු වෙලා ඉන් මලක් දෙකක් වැව් දියට වැටිල පාවුණේ  හරියට  තවත් මලකට තැනක් දෙන්න තියෙන ආසාවට වගේ කියල ඔහුට හිතුණ. මන්ද සුලගකට සෙමින් පාවෙලා ආව මාර මලක් ඔහුගෙ උරිස්සෙ දැවටුණා. බිමට වැටෙන්නට නොදී බොහොම පරිස්සමෙන් අතට ගත්තු මල ඔහුගෙ හිතේ සියුම් කවි හැගීමක් මෝදු කළා. . ඒ වුණත් ඔහු කවියෙක් ම නෙමෙයි. ඒ වුණත් ඔහු දෑස් පියාගෙන කවියක් මනසේ ගෙත්තම් කලා... තව මොහොතකින් එය අමතක ව වග දන්නව වුණත් එය ලියාගන්න තරම් වුවමනාවක් ඔහුට දැනුනෙ නෑ. ඒ දැනෙන හැගිමට ඔහු ආස කළා පමණයි.  දෑගිලි තුඩු අගිස්සට හිරවෙලා තිබුණ රෝස පාට මාර මල මතින් ඔහු ට ඇගෙ රුව මැවිල පෙනෙන්න පටන් ගත්ත. ඒ හැගීම ඔහුව දින කිපයක් අතිතයට ඇරන් ගියා.

මම එන්න ටිකක් විතර පරක්කු වෙයි.. කමක් නෑ නේද..

ජංගම දුරබණුව හරහා ගලා එන ඇගෙ කිංකිණි ස්වරය ඔහුට ගීතයක් වුණා...

කමක් නෑ ...

ඔහු එය කීවෙ බොහොම ආයාසයෙන්... ඇය දකින එක තවත් තත්පරයකින් හරි ප්‍රමාද වෙන වග හිතෙද්දි ඔහුට දරාගන්න බැරි හැගීමක් දැනුණ වග ඔහුට මතකයි.

                                                                        ඇය මුලින්ම ඔහුට හමුවෙන්නෙ මුහුණු පොතෙන්.. පළවෙනි පාරට ඒක බොහොම සාමාන්‍ය සංවාදයක්..

හායි...
හෙලෝ..
මේ... ප්‍රශ්නයක් අහන්න ඔයා තරහ වෙනවද..
මුහුණු පොතේ සංවාද කොටුව තුළ දිගහැරි පෙනු වචන පෙළ ඔහුට චකිතයක් ඇති කළා..
අහන්නකො බලන්න...
ඔයා ෆේක් නේද... අහස් කවිකාර.. ඒක හරි අන්යූෂුවල් නේම් එකක්.. ඒකයි ඇහුවෙ..
ඔව්...
ඔහු තනි වචනයකින් උත්තර දුන්න.. මද නිහැඩියාවකින් ඇගෙන් නැවත පණිවිඩයක්..
ඔයා තරහද...
ඒ මොකටද...
නෑ ඉතිං මං මං එහෙම අහපු එක හරි නෑ කියල හිතුණ..  ඔයා ලස්සනට ලියනව...
තැන්ක් යූ.. හිතේ තියං ඉන්නවට වඩා අහන එක හොදයි නෙ...
ඔයාගෙ ඇත්ත නම මොකද්ද...
ඒක දැනගන්න එක ඒ තරම් වැදගත් නෑ නේද...  මං ලියන ඒව තරං..
හ්ම්....

                                                                      එදායින් පටන් ගත්ත සංවාද මුහුණු පොතෙන් ජංගමයට මාරු වෙන්න ගියෙ බොහොම සුළු කාලයක්.. ඇය කවදාවත් ආපහු ඔහුගෙ නම නෑසුව වගේම අහස් කියන්නෙ ඔහුගෙ නම නොවේ කියන එකත් ඔහුටම අමතක කළා.. නමුත් ඇය ගැන ඔහුගෙ හිතේ දැවටෙන හැගීම් ඇයගෙන් වසංගන්න ඔහු බොහොම පරිස්සම් වුණා. එහෙම වුනොත් ඇය තමන් ගෙන් දුරස් වේවි යැයි ඔහු බියෙන් පසුවුණා.. අහස් පවා ඇයව දැක තිබුනේ නැහැ. මේ ගත වුණ වසර දෙක පුරාවටම ඇය ඔහුගේ ඡායාරූපයක් වත් ඉල්වා නොසිටියේ එය සාධාරණ ඉල්ලීමක් නොවෙයි කියල සිතුන නිසාමයි. අද මේ මොහොත වෙනකම් ගෙවුණ එක දවසක් වත් ඔහු ඇය කතා නොකල දවසක් නොතිබුණ තරම්.. ඔහු ඇයට ගත් ඇමතුමකට පවා ඇය ප්‍රතිචාර දැක්වුවෙ ඔහුගෙ  ඇමතුම විසන්ධි කරල නැවත ඔහුට ඇමතුමක් ගැනීමෙන්. ඉන් ඈ මහත් ප්‍රීතියක් ලැබූ වග ඔහුට තේරුණ නිසා  කිසිම දිනයක ඇයට කිසිවක් නොකියා ඉන්න ඔහු පරිස්සම් වුණා..

                                                                          ඇගෙ දෑත් අල්ලගෙන ඒ ඇස් දිහා බලාගෙන මුළු ලෝකෙම අමතක කරල ආදරේ මුමුණන්න ඔහුට ඕන වුණා. හරියට හින්දි ෆිල්ම් එකක වගේ.. ඒ ඇස් දිහා බලද්දි මුළු ලෝකෙම අමතක වෙන වග අහස්ට විස්වාසයි. සංගීත භාණ්ඩයක් නැතිව වුණත් ඉසියුම් සංගිතයක් සිය සවන් පත් හරහා ගලා යන වග ඔහුට දැනුන. ඒ අත් අල්ලගෙන වළාකුළක් තරම් සැහැල්ලුවෙන් ඔහුට පාවෙන්න වුවමනා වුනා.. මොහොතකින් ඔහුට සිය මිතුරා පෙර දින කියූ වදන් සිහිවී සිනහවක් නැගුණ..

ඔය කියන කෙල්ල උඹ දැකල වත් නැත්නම් යකෝ ෆොටෝ එකක් වත් ඉල්ලපංකො.. කොහොමද උඹ ඒකිව අදුරගන්නෙ.. අවුරුදු දෙකක් පොල් ගෑවද  බං...

මං කෝමද යකෝ එහෙම ඉල්ලන්නෙ අඩුගාණෙ මගෙ ෆොටෝ එකක් වත් දිල නැතුව. අඩුම ගානෙ එයා මගෙ නම වත් දන්නෙ නෑ...  එයාට මං ඇදන් එන ෂර්ට් එක්ක පිංතූරයක් යැව්ව මාව අදුන ගන්න කියල.. එයත් ලස්සන කහපාට සල්වාර් එක්ක පිංතූරයක් එවල තිබ්බ..

හරි . හරි.. උඹ වගේ මැටි හරකෙක්ට දෙයක් තේරුම් කරන්න මං දන්නෙ නෑ... ඒත් ඔය කියන කෙල්ල ඒකිගෙ නම තරං ලස්සන නැත්තං.. වැඩිය ඕන නෑ ඔය උඹ කියන තරං කටහඩ ලස්සන නං ඒකි කැත වුණොත් උඹ මොකද කරන්නෙ... කියපං බලන්න...

මචං.. මං ඒකිට ආදරේ වුණේ ඔය ලස්සනට අරකට මේකකට නෙමේ.... ඒකිගෙ අදහස් වලට... ඒ කතාවට.. ඒකි හෙන අවංකයි බං... මට ඒ ඇති...

තෝ වගේ හරකෙක්... මොකක් හරි බාල්දියක් පෙරළන් ඇවිත් පස්සෙ කුණු කුණු ගාන්න එපා හරි... මං නෑ එතකොට..

කාව්‍යා සත්සරණි.. කෙල්ලත් ලස්සන ඇති.. නම වගේම.. ඔහු මිමිණුව... ඔහුගෙ ඇස් මත මුළු මහත් වැව් යායකම මල් පිපුණ වගේ කාන්තියකින් දිලිසෙමින් තිබුණ..

අහස්....

විශ්වයම තත්පර කිපයකට එක තැන නතර වුනා වගෙයි..  අවුරුදු දෙකක් තිස්සෙ ජංගමයෙන් විතරක් ඇහුණ හඩ අද ඔහුගෙ සවන් පත් ළග ජීවමාන වෙලා... ඔහුට එක වරම ඈ දෙස බලන්න බැරි ගතියක් දැනුණ...

අහස්.... අහස් නේද මේ...

ඇය ආයෙමත් අහනව. ඔහු නෙත් කොණින් කහ පාට සල්වාර් එක දකිනකොටම මේ ඈ කියල අදුන ගත්ත. ඔහු නැගිට්ට ... නැගිට්ට නෙවේ නැගිටුණා කිවොත් හරි.. මෙච්චර වෙලාවක් වැව දිහා බලන් හිටපු ඔහුගෙ ඇස් ප්‍රථම වතාවට දකින ඈ දෙස බලන්න හැරුණ.. හරියට චිතුපටයක ස්ලෝ මෝෂන් දර්ශනයක් වගේ.. ඒ මොහොතෙම විදුලි එළි දහසක් තමන් වට කරගෙන නටනව වගේ හැගීමකින් ඔහු නිලංකාර වෙලා ගියා.. ඔහු ගැස්සුණා.. තුංග රුක්ෂයක් මහ සුළි කුණාටුවකට අහුවුණා වගේ ඔහු ඇඹරිලා ගියා...

අමන්දා....

චූටි කුමාරිහාමි... ඒ සුදු මූණ මොහොතකින් රතු වෙලා ගියා.. දෙය්යනේ...    එතකොට කාව්‍යා කියන්නෙ කන්දෙ වලව්වෙ චූටි කුමාරිහාමිද.. කෙමෙන් කෙමෙන් ඉමහත් කේනිතියක කළු වළාකුළු ඒ මුහුණ විරූපි කරල දාන හැටි අහස් බලං හිටියෙ ගල් ගැහිල. ඒ කේන්තියට මුහුණ දෙන්න බැරි අහස් බිම බලාගත්ත.

ත..ත... තමුසෙ.... තමුසෙද එතකොට අහස් කියන්නෙ.... තමුසෙ මහ බොරුකාරයෙක් ඕයි... මේ අවුරුදු දෙක තිස්සෙම අහස් අහස් කිය කිය මාව රැවැට්ටුව.. මේක තමුසෙගෙ ප්ලැන් එකක් නේද.. අපේම ඉදුල් කකා අපිටම කොකා පෙන්නන්න නේද හැදුවෙ..   හිටපං.. හිටපං ... උඹට ... උඹට.. උඹට මං යහතින් ඉන්න ඉඩ තියන්නෙ නෑ...


ඒ වේගයෙන්ම ආපසු හැරුණ ඇය වේගයෙන් වේගයෙන් යන්නට ගියා.. ඈ පස්සෙන්ම සුළි කුණාටුවකුත් ඔහුට විරිත්තමින් ඇදි ගියෙ හිටපංකො තොට කියන්නාක් මෙන් හැගීමකින්.. ඈ යන දෙස බලා ඉන්න ඔහුට  ඇගෙ කටහඩ  අකුණු ගහන්නාක් මෙන් දෝංකාර දෙමින් ඔහුගෙ දෙසවන් පාරා  දමන සෙයක් දැනුණ. ඔහු ඈ යන දෙස සියල්ල පරාජය වුණ හැගිමකින් අන්ත අසරණව බලාන සිටියේ අද කුමකින් කුමක් වේදැ යි සිතාගත නොහැකිවය.
-ඉවරයි-

65 comments:

  1. අපේ හැමෝම කතා ලියන්න හොද දක්ෂයොනේ....
    ඉදහං තව පාරක් කියවලා දාන්නම් දිග කොමන්ටුවක්...

    ReplyDelete
    Replies
    1. තාම මනොව කමෙන්ටුව ලියනවලු.. :-P :-P :-D :-D

      Delete
    2. අද අපේ උන් ඔක්කොම පෝසට් දාලා තියෙන්නේ එකටනේ බං....ඒ හැම එකකටම යන්නත් එපැය නෑදෑ ගෙවල්වල යනව වගේ...ඒ අස්සේ මාත් පෝසට් එකක් දැම්මා...ඔන්න ඔහොමයි දිග කොමන්ටුව දාන්න වෙලා ගියේ....

      නොහිතපු දෙයකින් සියල්ල හමාර වෙනවා.වැවත් එක්ක උපමා ගලපලා ලස්සනට පටන්ගෙන තියන විදියනම් සුපිරියි...මෙන්න මෙතන එක අකුරක් අඩු වෙලා මචං....

      ...//ඔහු තනි වචනයකින් උත්ත දුන්න//... උත්තර ..ර අඩුයි නේද.

      Delete
    3. හරි මචං ස්තූතියි පෙන්නුවට.. මං ඒක හදන්නං...
      මං පොඩි පහේ විහිළුවක් කලෙ මනෝ.. ඒ තරං සීරියස් ගන්නෙපා.. ඇවිත් කියවල සප් එකත් දෙන එකම ඇති...

      Delete
    4. පිස්සුද මචෝ...
      උඹ තරහ උනත් මම තරහා වෙන්නේ නැ...
      මට එහෙම සීරියස් දැනෙන්නෙත් නැ බං...

      Delete
    5. අන්න ඒක නං සෑහෙන්න වැදගත් කතාවක්
      ඕන විහිළුවක් කරල ඉන්න පුලුවං කොල්ලන්ට අපි හරි මනාපයි...
      ජයවේවා මනෝ

      Delete
    6. //අද අපේ උන් ඔක්කොම පෝසට් දාලා තියෙන්නේ එකටනේ බං // මල පනිනවා බං.

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. මදාවියාගේ එක හැරුනුම අනිත් බිලොග් ඔක්කොම බලනවා....
      ඕකගේ එකේ එක කොමන්ටුවක් වත් දාලා නැ මම තවම...මෙලෝ රහක් නැති බිලොග් එකක් බං...(මදාවියාගේ පෝස්ට් බලලා මට දැන් තනියම හිනායන ලෙඩක් හැදිගෙන එන්නේ)

      Delete
    9. මුං හරියන්නෑ නේද මදාවියො.. හැක්..
      මනෝ..ඒව බලල හිනා යනව කීව... කුචි කවන්ද... හැක්...
      (සිරාවටම මටත් බං... ඕ කාට කිය්න එහෙම එපා ඕං...)

      Delete
  2. එකම වැකියක් හෝ
    එකම පැදියක් හෝ
    නොමැති සුවිසල් ගතෙක වූ මඟ අසා
    කියවා
    මෙදිගු ගමනේ යෙදෙන්නෙමු අපි
    සියපතින් සැරසී
    සුනිල ගඟබඩ අසල නතරව
    ගිම් නිවා
    පියාපත් ලබන්නට මිනිස් නෑසියන්ගේ
    විරාමය මෙතැනදෝ
    එකම වැකියක් හෝ
    එකම පැදියක් හෝ
    නොමැති ඒ විසල් වූ පොතේ
    මොහුගෙ රූපය තිබුනා
    එසේ නම් මේ කෞ‍තුක වූ
    මන්දිරයයි මේ තියෙන්නේ
    අප දෙනෙත් අභියසේ මහා වන ගැබේ
    මගේ දිවි සිහිනේ
    සැබෑ වේ.

    ගායනය – ප්‍රදීපා ධර්මදාස සහ පිරිස
    පද රචනය - කපිල කුමාර කාලිංග
    සංගීතය - සේන වීරසේකර

    ReplyDelete
    Replies
    1. කොහෙන්ද බං මේ.. සිරාවටම යටින් ගායනය පද රචනය දාල තිබ්බෙ නැත්තං නිසදැසක් කියලමයි හිතන්නෙ.. අහල තියා හීනෙං වත් ඇහිල නෑ..
      ස්තූතියි සිංදුවො....

      Delete
  3. හැක් හැක්.. අහස් උඹ පරිස්සමින් හිටු. ඔය කුමාරිහාමිලා හරිම කටු අතු.. හැක් අවසානය කුමාරිහාමු කෙනෙක් නොවනත් අහල පහල එකක් කියල නං හිතුනා.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. අහල පහල එකෙක් කියල නං හිතුණ.. /// ඒක නං අහලම දැනගන්න වටින කතාවක් වගේ.. ටිකක් මංඥං වුණා... ලු ඈ...

      Delete
  4. Replies
    1. බ්‍රා පිට බ්‍රා... මෙන්ඩා බ්‍රා... හිහි

      Delete
  5. ඉවරයි නේන්නම්.

    කතාව සරලයි. ඒ වගේම ලස්සනයි .

    ReplyDelete
    Replies
    1. ඉවරයි කියන්නෙ ඔක්කම ඉවරයි. හිහි
      ස්තූතියි මෙතූ වො...

      Delete
  6. මහේෂ්..............

    අර බුකියේ රූපය දාලා තියෙන ඒක දැක්කා ම බය හිතෙනවා..... අම්මේ මරුසිරා වගේනේ..

    ReplyDelete
    Replies
    1. No bro.. that is his big boss... :-D :-D :-P

      Delete
  7. මචං.. මං ඒකිට ආදරේ වුණේ ඔය ලස්සනට අරකට මේකකට නෙමේ.... ඒකිගෙ අදහස් වලට... ඒ කතාවට.. ඒකි හෙන අවංකයි බං... මට ඒ ඇති

    එයාගේ තියෙන්නේ මාර අදහස් නේ...

    ReplyDelete
    Replies
    1. අන්න ඉයන නිලයක් ඇල්ලුව.. ඒත් තව දකින්න දෙයක් තිබ්බ.. ඒකත් දැක්ක නං හරි..
      මූ මහ ගොං වස්සෙක් කියල ද හිතුණෙ... හිකිස්

      Delete
    2. ....//කෙල්ලත් ලස්සන ඇති.. නම වගේම//...
      මට ඒ ඇති කිව්වට ලස්සන ඇති කියන බලාපොරොත්තුවක් තියාගෙනයි ඉන්නේ...

      Delete
    3. ඔව්... එහෙම නැත්තං යන්නෙත් නෑනෙ මනෝ.. කටිං මක දෙඩුවත් යටි හිතෙං අර බලාපොරොත්තුව තියනව...

      Delete
  8. ෂික් දැන්කාලේ ලව් කරන උන් .....ඔන්න ඕකයි කොල්ලනේ නොදැක ලව් ඉලව් වෙනවා කියන්නේ....ඒ දාස් වල මගේ පොඩි මෙව්වා එකක් තිබුනා දැකලා නැති,අදහස් ගැලපෙන කෙනෙක් එක්ක...මුණ ගැහුනේ ටවුමේ එකවුන්ට් ක්ලාස් ඉන්ටර්වල් එකේදි.... මායි,යාළුවෙකුයි ගියේ මුණ ගැහෙන්න....පලවෙනි දවසේ මායි යාළුවයි කූල් පැකට් කෑවා..එයාටත් අරන් දුන්නා හැබැයි එයා ඒ කූල් පැකට් එක ඒ කඩේ ලග හිටිය හිගා කන ලමයෙක්ට දුන්නා....අදහස් ගැලපුනා ඒත් මගේ යාළුවෝ හොයලා බලලා කිව්වේ ගමේ හැම කෙල්ලටම ලයින් කියලා...ඒ අපි මුණ ගැහුන පලවෙනිත් ,අන්තිමත් පාර..... මට ඒ දවස් වල ඉදන් බොරැ පෙරන උන් පේන්ඩ බෑ ගොඩක් කතන්දර අවසාන උනේ බොරැව නිසා....දවසක ලියන්නම් ඒ විස්තර...... උඔත් මොනා හරි ලිව්වොත් මගේ මතකේ අවුස්සනවා

    ReplyDelete
    Replies
    1. හම්බ නොවී කතා නොකර ආශ්‍රය නොකර කරන ලව් ඉලව් වෙන්න තියෙන චෑන්ස් එක වැඩී.. ඒ රිස්ක් එක දෙපැත්තටම සමෝසමේ බෙදිල යනව...
      ශානුඅක්කටත් ඒ ගැන කතාවක් ලියන්න බැරි කමන් නෑ හැබැයි ඔන්න...
      ඒත් ලියන්නෙ නැති එකයි දුක.. :-( :-( :-(

      Delete
  9. මාර මලක් වැටෙද්දී හිතුව මාර කෙල්ලෙක් දැන් දැන් එයි කියල කොහෙද කෙල්ලට මාරයා ආවේශ වී ගෙනමනේ ඇවිත් තියෙන්නෙ.හපෝ මම හෙන ආදර කතාවක් බලාපොරොත්තු උනේ .කොහෙද චූටි කුමරිහාමි ඇවිත් දුෂ්ටය පාර්ට් එක දැම්මනෙ. :/ කමක් නෑ හැම කතාවක්ම එකම විදිහට ඉවරවෙන්නෙත් නෑනේ නේද කතාව ලස්සනයි මහේෂ් අය්යෙ හිතට එකඟව කිව්වොත් අර චූටි කුමාරිහාමි එන කොටසින් උඩ මුළු කතාවටම මම ආසයි

    ReplyDelete
    Replies
    1. හංසියෙ ඔන්න පොඩ්ඩි අක්ක ඒකට උත්තරයක් දීල තියෙයි යටිං.. ඒ හිංද චූටි කුමාරිහාමි ගැන කතාවට මං මොනාත් කියන්නෙම නෑ.. :-D :-D :-D
      මාර කෙල්ලෙක් තමයි ආවෙ... හැබැයි මාරය වගේ කෙල්ලෙක්.. හැක්..
      ස්තූතියි හංසියෙ ...

      Delete
  10. චැක්... නල්ලමලේ කුමාරිහාමිලා ඕමමයි. බලමු තව මොනවහරි ලියලා ආපහු ශේප් කරගන්නත් බැරි වෙන එකක් නෑ....

    ReplyDelete
    Replies
    1. ආපහු නං මේ කතාව ගෑවිල මොනාත් ලියන්නෙ නෑ මයි.. පෙතිචාර ගොඩයි බණ්ඩො.. හැක්...
      තැන්කූ වේවා...

      Delete
  11. මාර සීන් එකක්නේ . අප්පට බොල. එකනේ කියන්නේ කුමාරිහාමිලා භයානකයි ;), හැක හැක

    උඹ නියමෙට ලියලා කතාව මෙහෙම අවසානයක් තියෙයි කියලනම් හිතුවේ නෑ කීයටවත්

    ReplyDelete
    Replies
    1. හැම කුමාරිහාමිම ඒම නැල්ලු ඔන්න.. මං නං නෙවී.. පොඩ්ඩි අක්ක ලු කියන්නෙ හිහි...
      ස්තූතියි ඉවාන් අය්ය.. අගය කලාට බලමු දවසක ඉවාන් අය්ය වගෙ හොද කතාවක් ලියන්න තමයි ට්‍රයි එක..

      Delete
  12. තවමත් අපේ සමාජයේ ඔය වර්ගයේ උදවිය ඉන්නවා.

    1. මේ ලෝක අවබෝධයක් නැතුව කරන්නන්වාලේ පෙම් කරන්නෝ.

    2. තත්වය නම්බුව සියල්ලට පෙරටුකොටගත් වන්සේ කබල්ගාන්නෝ

    ReplyDelete
    Replies
    1. ඇත්ත විචාරක තුමා...
      පළවෙනි කොට්ඨාශය නං හම්බෙලා නැති තරං... ඒ කිව්වෙ කොල්ලො..
      දෙවනි කොට්ටාසය එක්ක මගෙ කතාවක් තියනව.. සමීප කතාවක්..

      Delete
  13. මම හිතුවේ නෑ අපේ කතාව ඔයා මෙහෙම ප්රසිද්ධියේ කියයි කියලා…:D:D (kidding )

    හැම කුමාරිහාමිම ඔහොම නෑ හොඳේ...:P

    කතාව හරිම ලස්සනයි. ටිකක් විතර බයකුත් දැනුනා

    ReplyDelete
    Replies
    1. පූර්ව අවසරයක ගනන බැරි වුණාට සොරි වෙන්ටෝන. හිහි :-D :-D :-D

      කුමාරිහාමි කෙනෙක්මකියනහිංද අහන්නංකො ඈ... හික්ස්

      ස්තූතියි පොඩ්ඩි අක්කා... අර බය ගැන නං දන්න හිංද මොනාත් කියන්නෑ ඔන්න
      :-) :-) :-)

      Delete
  14. මොනා උනත් //ඒකි හෙන අවංකයි බං//............
    කෙලෝලම ගයෙ යන්න එකපාර............

    මෛ්ක ලස්සනම ලස්සනයි අයියා............ ඇත්තමයි..............

    ReplyDelete
    Replies
    1. යේස්.. නොදන්න අයට පෙම් කොරන්න ගියාම වෙනාලු මේ විදියට..
      ස්තූතියි ආර්යන්...

      Delete
  15. හැක්.. ඔය කෙලල තියෙන්නෙ නියමෙට.
    අවංක කුමාරිහාමි

    ඊටපස්සෙ අරූ වැවට පැන්නද?

    ReplyDelete
    Replies
    1. තාම නෑලු... හිහික්...
      ස්තූතියි ප්‍රසන්න අයියා

      Delete
  16. කතාව මුල තියන පරිසර වර්ණනාව නම් මාරයි...."ඉදහිට හමන සුළඟට කීකරු වෙලා ඉන් මලක් දෙකක් වැව් දියට වැටිලා පා වුණේ ....." මම කැමති ඒ ටිකට....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පියුමි... සමහර විට මාර ගහක් හින්ද වෙන්ට ඇති.. හිහි.. :D:D kidding
      ගොඩක් ස්තූතියි අපිව අගය කරනවට...
      සාදරයෙන් පිළිගන්නව අවන්හල ට...
      ජයවේවා...

      Delete
  17. චිහ් බං,මම හිතුවෙ ලස්සන ආදර අන්දරයක් ලියාගෙන එනව කියලනෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ නේ හැලපය්යෙ.. ඕම කලාට නං කිප දෙනෙක් මට ආඩපාලි කිවලු හිහි...
      ස්තූතියි ...

      Delete
  18. හම්මේ,,,,

    මේ මොකක්ද බන් වුනේ...

    මොනා වුනත් කෙල්ල හරි අවංකයි වගේ බන්,,,

    ReplyDelete
    Replies
    1. වෙන්න තියෙන දේවල් ඔක්කම වුණාලු විභී...
      කෙල්ල අවංකයි කියන්නෙ පස්ට අවංකයි... ඒ අතිං කොල්ල නං හරි නරකයි නේ
      හැක්....

      Delete
  19. වෙස් මූණු ගැලවෙන්න මහ වෙලාවක් යන්නෙ නෑලු

    ReplyDelete
    Replies
    1. මහ වෙලාවක් නෙවී සුට්ට වෙලාවක් වත් යන්නෑලු..
      ස්තූතියි පරිකල්පන

      Delete
  20. නියමෙට ලියල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉන්දරේ....

      Delete
  21. අද අවන්හලේ කෑම නම් පංකාදු පහයි ම‍තෝ!
    මේ වගේ පෝස්ට් ලියන්න අද්දැකීම් තියෙන්න ඕනි.... මම හරිද වැරදිද?

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් ස්වල්පයක් සමග පත අටට හි්දල ලිව්වෙ මචං... අර විචාරක තුමා කීව ජාතියෙන් දෙවනි කොටසේ අත්දැකිමක් මටත් තිබ්බ ඒකත් මේක මෙහෙම වෙන්න බලපාන්න ඇති...
      ස්තූතියි රොහාන්....
      ජයවේවා

      Delete
  22. Ahasa kada wete! Mata mathak une kurulu niskalankawa 😁

    ReplyDelete
    Replies
    1. කුරුල්ල නං මේකෙ අහස් තරං බොළඳ නෑ මට හිතෙන්නෙ.. හැක්..
      ෆෝන් එකෙන් හරි ඔට්ටු වෙලා කියෙව්ව එකම මදෑ කමියො...
      තැන්කූ හොදේ..

      Delete
  23. අචින්‌තිතම්‌පි භවති, චින්‌ති තම්‌පි විනස්‌සති;
    න හි චින්‌තාමයා භොගා, ඉත්‌ථියා පුරිසස්‌ස වාති.

    ඉහත ගතාවට හරියන උපමා කතාවක් වගේමයි. පෙම්වත්හු ආදරයෙන් මුලාවේදෝ ආදරවන්තයෝ ප්‍රේමයෙන් මුලා වේදෝ කියා නොදනිමි, නමුත් කෙසේ හෝ ඔවුන් කිසියම්ම මුලාවකට හසුවෙති. මුලාවන් හරහා සිහින ලෝක තමන්ගේම කරගනා ඔවුන් බලාපොරොත්තු නම් වූ විඩාවන් හිසමත තබා ගනිති. සිහින හා බලාපොරොත්තු එකින් එක ගිලිහී යන මත්තෙහි බර අඩුවීදෝ සැකයෙන් තවත් නැවුම් ඒවා හිස මතම පටවා ගනී, කඩා හැලෙන සිහින ලෝකයට මුක්කු ගසති. එකෙක් දිනැති, තවකෙක් පරදෙති. නමුත් සියල්ලන්ම පරාජිතයන් වී හමාරය. අවසාන විරහව හා දුකම පමණක් ඉතුරුවෙති.

    ප්‍රේමතී ජායතී සෝකෝ ප්රෙමතී ජායතී භයං ප්‍රේමතෝ විප්පමුත්තස්සෝ නත්ති සෝකෝ කුතෝ භයං

    කතාව සසර සාගරය මත නගන රැලි සේ වැවහි නැගී බිඳෙන රල හරහා මිනිස් සිතක දෙගිඩියාව මතුකොට ප්‍රේමනීය වූ පරිසරයක් ඊටම ගලපා දෙමින් මිතුරු සුළඟ මාර මල් පෙති පෙම්වතිය එන පෙරමගට ඉසින සඳ කවිකාර නොවූ පෙම්වතෙකු තුල කවිකාරත්වය මතු කොට දක්වන අරුමයක නන්නාදුනනා පෙම්වන්ත්යින් අතරට පනිනා දනා හඳුනන වැඩකාරයෙකුයි වලව් කුමාරි හාමි කෙනෙකුයි ප්රෙමන්යීය වූ සළුපිලි උනා දමා ක්‍රෝධය නම් වූ මුර්ග ගතියෙන් බන අන්දගහා ගන්නා කල නෙලුම් විලක පිපි සුළඟටත් ඔහේ එහෙට මෙහෙට වනේනා නෙලුම් පොහොට්ටුව මලකඩ වන්නට මත්තෙන්ම පෙති ගිලිහී පරව ගියෙන් එලෙසින්ම කතාවද නිමා විය.

    ශුබ පැතුම් සහෝදරයා. නිර්මාණය උඹේ කලින් ඒවාට වඩා නම් බොළඳයි වගේ හැඟෙන්නේ, එත් රසයේ අඩුවක් නම් නැහැ. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ යකා ආයේ ඇවිල්ලා.....

      Delete
    2. යා යා යකා ආයේ ආවා, අයි වෙලාව තියෙන විදියට සයිබරයේ කැරකෙනවා.

      Delete
    3. @ සොමී...
      හම්මේ මචං.. උඹ සිරා එකට කතාවට ජීවයක් දීල තියෙනව මචෝ... ඇත්තම්ම කියන්නද උඹ ගියාට පස්සෙ මේ වගේ කමෙන්ට් දාන කවුරුවත් මෙහෙ නැති තරං... ඉඳ හිටල එක්කෙනෙක් දොන්නෙක් කඩං වැටෙනව.. නිශ්ක්‍රීය බ්ලොගර්ල එච්චරම තමා...
      මට මේ කියල තියෙන දේට කියන්න දෙයක් නැතත් බොක්කෙන්ම ස්තූතියි කියන්න පුලුවන්..
      ආයෙත් ලියහං සහෝ...
      ජයවේවා...

      @ විදානෙ..
      අනික් යකත් ඇවිල්ල තියෙන්නෙ ඔය..

      @ සොමී..
      පුලු පුලුවං විද්යට බ්ලොග අප්ඩේට්කරහං.. කතාව නං ටිකක් ඕලාරිකයි තමයි... ඒත් මට හිතුණ ටිකක් සරල වෙන්න.. ඉඳ හිටල හරි මේක ඇතුලෙ ඉන්න පැණියට ත් චෑංස් එකක් දෙන්න එපැයි

      Delete
  24. ඉවාන්ලාගේ අභාෂය මේ කතාවේ තේමාවේ තියෙනවා. ඒ අතරෙ උඹ උඹට අනන්‍ය භාෂාවක් යොදාගෙන කතාව නියමෙට ගොඩනගලා තියෙනවා. හොඳ වෙනසක්. ආයි ලියපං මේ වගේ ඒවත්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධු වො.. හුග කාලෙකින් ලීවෙ මෙහෙම කතාවක්. ඇත්තටම මේ අවුරුද්දටම ලියපු එකම කෙටි කතාව.. අනෙක ලියාගෙන යනව.. ඒකත් දෙන්නංකො ඉස්සරහට.. ගොඩක් ස්තූතියි මාව අගය කලාට...
      ජයවේවා

      Delete
  25. සමාජයක හොඳයි නරකයි කියා දෙකක් තියෙන්නෙ ඔන්න ඕකට තමා මල්ලි.
    නරක දේ නොතිබුණා නම් අපට හොඳ දේ තෝරගන්න බැරිවෙනවනෙ.
    කතාව දිගටම කියවගෙන යන්න පුලුවන් විදිහට මල්ලි ලියල. හරි අපූරුයි.

    ReplyDelete
    Replies
    1. අක්ක හරි... ඒත් සමහරක් වෙලාවට... තේරෙනවනෙ නේහ්... අනාගන්න එකමයි කරන්නෙ අහස් වගේ.. හිහි
      ස්තූතියි දිනිති අක්කා

      Delete
  26. අපූරුයි.. නියම කතා ශෛලියක්... තව ටිකක් ඇදල ලියන්න තිබ්බෙ බං...ඉක්මනට ඉවර උනා වගේ දැනුන... කිව්වට මොකද, මටත් තිබ්බ ඔහොම මෙව්ව එකක් කාලෙකට කලින්...

    ReplyDelete
    Replies
    1. තව ටිකක් අදින්න තිබ්බ.. ඒත් මේ ඇති හිතුන... ටිකක් එහෙ මෙහෙ වුනා නං අවුල් යනව කියල හිතුණ...
      සජ්ජට විතරක් නෙවි සජ්ජො.. හැක්.. මූූණු පොතට පණිවුඩ කීපයක්ම ආව.. හිහි
      ස්තූතියි මචෝ මාව අගය කලාට
      ජයවේවා

      Delete
  27. Very nice stroty...sinhala font nehe ban mata..lol...Kawuda me comment daanne..batchaala, batchila set ekak wage

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...