වසන්තය නික්මුණේ
පැදුරටත්
නොකියමය
මහ නියං
පැමිණියේ
මහ දොරත් බිඳගෙනය...
කේඬෑරි වැහි ඇඟිලි දෙක තුනක්
ඉඳ හිටක ඇද හැලුණ වග ඇත්තය
මුදුන් ලීයත් උගුලුවන් ගිය
කුණාටුව ආවෙ ඒ එක්කමය...
අතින් අල්ලා බදා ගන්නට
ඉතිරි කිසිවක් නොවුණ හන්දා
ඔච්චමක් කර දමා ගිය
මතක සුන්බුන් ඇහිද ගත්තා
තරු දෑස් යුග නුඹ සොයන සද
සඳ ගෙනෙත් දෙමි කොයිබින්දා
තුරුළු කර කෙලෙසක කියන්නද
දුර ගියපු වග උන් මඟ හැර දා...
පණ ගැහෙන සිරුරත නුඹ ගසා ගිය
සෙනෙහසක ඉතුරුව මතක ඇණ විතරය
මියෙන්නට හිත නැත්තෙ ඒකය
ඒ සෙනෙහෙ විතරක් තවම ඉතිරිය....
****කවියෙ රසයට බාධාවක් නොවෙයි කියල හිතනව නං විතරක් පහළ
තියෙන පේළි ටිකත් හයිලයිට් කරල කියවල බලන්න...****
ඔහු මගේ මිතුරෙකි... දන්නා කල සිට මිතුරෙකි... හෙතෙම වසර
කීපයකට පෙර විවාහ විය. ඒ කෙටි කාලීන ප්‍රේම සම්බන්ධයකිනි. ඔවුන්ගේ විවාහයෙන් පසුව අප
මිතුරු දම සීමා සහිත වුවද නොබිදී පැවතුණි. විවාහයට පෙර ඇය ඔහු රාජකාරි කළ ස්ථානයේම
සේවය කළාය. නමුදු විවාහයෙන් පසුව ඉන් ඉවත් විය. විවාහයෙන් වසරක හෝ දෙකක පමාවෙන්
වන්නට ඇත, ඔවුන්ට නිවුන් දරුවන් ලැබුණි. ඉයිනික්බිති ඇයට යම් වැඩ කොටසක් එම
කුටුම්භය තුළ හිමි වීද එයින්ද ඇය නිදහස් කරන්නට මගේ මිතුරා ක්‍රියා කළේය. ඉවුම්
පිහුම් වලදී ඇර ඇය යමක් නොකළ තරම් බව මම හොදාකාරවම දනිමි. පොඩි උන් දෙදෙනා පාසල් යන වයසටත් එළැඹිණි. උන්
දෙදෙනා පාසල් ගෙන යන්නේ ඇයය. ඒ මා මිතුරාට වැඩ රාජකාරි අධික වීම නිසාය. පොඩි උන්
දෙදෙනා පාසල් යන්නට ගෙන වසරක් ගෙවෙන්නේ මෙම දෙසැම්බරයටය. එහෙත් දැන් ඇය නැත. දන්නා
හදුනනා යම් අයෙකු සමග හාද වූ ඈ ඔහු හා වහං ව ගියාය. ඒ නික්මී මෙ න් ඉක්බිති ගම්මුන්
නොසෑහෙන කට කතා දෙඩුයෝ ය. උහු ඉන් නොබිඳුනා ම නොවේ. නමුත් වෙර විරියෙන් පොඩි උන්ද
සමග ජීවත් වෙයි. ඈ ගැන තවම විපරම් කරයි. පොලිසියටද ඈ සොයා ගන්නට හැකියාවක් නොවිණි.
දින කිහිපයකට ප්‍රථම මා හට හමුවූ ඔහු ආගිය තොරතුරු කතා කරමින් උන්නේය. එහිදී ඈ
ගැනත් ඔහුට කියවුණේය. හිතේ ඇති දේ කියන්නට හැර මම අසා සිටියෙමි. ඒ මට කරන්නට
පුලුවන් වූ උපරිමය ය. මේ පද්‍ය ලියන්නට අනුභූතිය සැපයුනේ එහිදීය.. අරූට හරි හමං
රස්සාවක් වත් කරන්න බැරි එකේ සුදු හාමිනේ
ට කොහොම කන්න අදින්න දෙනවද දන්නෑ බං... මා ඔහුගේ ඇස් වල දුටුයේ අපරිමිත සෙනෙහසයි..
සන්තාපයයි.. යි. මේ කවිය ලියවෙන්නේ ඔහු
නොකී ඒ හැගීම් වලින් මා සසලව ගිය හෙයිනි. ආදරය ඔහුව ප්‍රීතිමත් කර තැබීය එම ආදරයම
ඔහුව බිඳ දැමීය.. එහෙත් ඔහු තවමත් ඈට ප්‍රේම කරයි.. මනුස්ස සන්තානයේ සැටි යැ යි
සිතා මට සැනහෙන්නට නොහැකි ඒ හින්දාය.
ප.ලි-
සංස්කරණය කරන්නෙ නැතිව අමුවෙන්ම දැම්මෙ මේ මට ඇත්තටම දැනුන විදිය
කියල හිතුණ හින්ද. කවිය අවුල් කියල හිතෙනව නං බැනල ගියත් කමන් නෑ..
කවිය කෙසේ වෙතත් බෝම උස මිනිහෙක් බං උඹගේ යාලුවා.
ReplyDeleteකතන්දරේ පේනේනේ බැලුවම විතරයි වෙන්ට ඕන. වෙනස් කරන්න නං එපා පුතෝ පාට එහෙම දාලා. හැක්
Deleteකවිය කෙසේ වෙතත් බෝම උස මිනිහෙක් බං උඹගේ යාලුවා.///
Deleteමටත් එහෙම හිතුණ දේශෝ... ග්‍රේට් කොල්ලෙක්...
නෑ නෑ නෑ පාට ගාල වෙනස් කරන්නෙ නෑ... එහෙම වුණොත් වැඩක් නෑනෙ හිහි.
ස්තූතියි දේශ තුමා.
සිදුවීමට හොඳින් ගැළපෙනවා කවි ටික
ReplyDeleteස්තූතියි වර්ණ...
Deleteසිදුවීම දාලා තියෙන විදිහයි අමුතු.... සුපිරියි
ReplyDeleteස්තූතියි කරුටු...
Deleteපාඩි වෙනසක් කරන්නත් එපයි
කෑම වගේද ලෑම කිව්වලු
ReplyDeleteහැම කෙනාම ඔය කතාව ං කියනව ඉයන්
Deleteමචෝ...ග
ReplyDeleteකයි ලියන්න බැරි අපිට උඹ මහා සම්පතක්...
ජජජ
ජජජ
ජජජ
ජ ය වේ වා !!
විදානේ මොනව කියනවද මංද...
Deleteතැංකූ බොක්ක
වදින තැන්වලට රිදෙන්නම වැදුනා.
ReplyDeleteඑහෙනං දැන් අතගාගනින්
Deleteනිමෝ...
Deleteහිහි.. මං නං මොකුත් කියන්නෙම නෑ මයි..
ඉවාන් අය්ය.
අයඩෙක්ස් ටිකක් දෙන්නෙි හික්ස්
ජීවිතේ මහා පුදුමාකාරයි බං. පිනක් නැති ගෑනියෙක්
ReplyDeleteඑකෙන්ම ඉවාන් අය්යා... ඒ වගේ කොල්ලෙක් එක්ක ජීවත් වෙන්නත් පිනක් තියෙන්ට ඕන...
Deleteයාලුවට වැරදුනේ කොතනද අනේමන්ද හිතා ගන්න බැහැ .කතාව කියෙව්වට පස්සේ කවිය හොඳටම දැනුන .
ReplyDeleteයාළුවට වඩා අර ගෑණු කෙනා වැරදුණා කියල හිනේනෙ නැද්ද
Delete...//මා ඔහුගේ ඇස් වල දුටුයේ අපරිමිත සෙනෙහසයි//....
ReplyDeleteමගේ යාලුවෙකුටත් මේ දේම වුනා.මමත් මගේ යාලුවාගෙන් දැක්කේ ඔහුතුල පැවති අපරිමිත සෙනෙහසමයි.මගෙත් එක්ක කීවා එයා කොතනක හරි හොදින් ඉන්නවනම් මට ඒ ඇති කියලා....
කවිය නිසා සිදුවීම තවත් ත්‍රිව වෙලා හැගෙනවා
නඹ සතුටින් නම මගෙ සතුටද එයමයි කියල සිංදුවක කෑල්ලකුත් තියෙන්නෙ මනෝ...
Deleteජයවේවා
උඹේ යාළුවා බොහොම හොඳ එකෙක් බව පෙනෙනවා... හැබැයි උඹ දකින්නේ, අපිට පෙනෙන්නේ මේ කතාවේ එක පැත්තක් විතරයි. සුදු හාමිනේ උඹට හම්බ උනොත් එයාගේ කතාවත් අහලා අපිට කියපන්. ජයවේවා........
ReplyDeleteහම්බුනොත් දවසක..
Deleteඅනිවා ඒ කතාවත් ලියනව බණ්ඩො...
ස්තූතියි
කවි තේරෙන්නේ නැති හන්දා කතාව ලස්සනයි. ආදරේ කරන්ට දන්න පිරිමිත් ඉන්නවා නේ? :P
ReplyDeleteඇයි අප්පේ.. ආදරේ කරන්ට දන්න ගැහැණු ත් ඉන්නවද... :P :P :P
Deleteසිද්ධිය සුප්පා..
ReplyDeleteකවිය දෙවරක් සුප්පා !
කමෙන්ටුව ඊටත් සුප්පා... හිහි
Delete:P :P :P
මොකක්ද බන් බොට තියෙන හදිස්සිය? ආශා නිරාශාවේ විරහව මැකෙන්නත් ඉස්සර තවත් විරහවක් ගෙනත් මේකට දැම්මේ? බොලා විරහා උල්පතක්ද?
ReplyDeleteකවිය අමුවෙන් කියවපු හින්දා විරහවක දුක දැනෙනු ගත්තා
කවිය යට වූ කතාව දුටුවම කවිය කොතනද සොයා බැලුවා
පැදුරටත් නොකියාම ගිය වසන්තය සිතේ කොතනද රැඳී තිබුනා
තරු කරට දෙකක් ළඟ පියෙක් වසන්තය එන පෙර ගමන් බැලුවා
ගෙදරට සවිය මුදුන් ලීයත් හිමිහිට හිමිහිට ඇද ගහන්න ගත්තා
කනිමඩල ගැන සිතු ඔහු හට එහි ඇදයක වගක් නොපෙනී තිබුනා
පෙරදිග සුලන් කල් යල් බලා එන කුණාටුවක පෙර ලකුණු කීවා
කුණාටුව යට ලීය ගත්තා වැටෙන කැණීමඩලට තව මුක්කු කුමටා
මතක කුරුසයේ ඔහුව සතපා නුඹ යදම් ඇන ගසා තිබුනා
කුරුසේ පාමුල නුඹේ පුදසුන වෙනදා නැතිවට හිස්ව තිබුනා
කඳුළු බීලා වේදනාවෙන් බර පාස්කු කාලය ඔහු ගෙවා තිබුනා
මරණේ පරදා නැගිටි ඔහුහට දරුවො ළඟ ජීවිතේ සුව රැඳී තිබුනා
පට්ටයි මචන් අමුවෙන්ම රහයි, මාත් ඔන්න අමුවෙන්ම අත්හැරිය. ජවවෙවා සහෝ.
උඹේ කවියත් ගති සොමියො.. සමාවෙන්න ඕන රිප්ලයි කවියක් ගොතන්න ැර වෙචිච එකට...
Deleteජයවේවා
ටියුබ් ලයිට්... ආයෙත් ඇවිත් බලන්න ඕන..
ReplyDeleteහිහි හාකො හාකෙ..
Delete:P :P :P
කයිය ඉස්තරම් මහියෝ
ReplyDeleteස්තූතියි ශානු අක්කා
Deleteමට හිතෙන්නෙ ආදරෙන් හිටපු දෙන්නෙක් රණ්ඩු වෙලා, කුණාටුවක් වගේ අනික් කෙනාව විනාශ කරගෙන යන්න ගිහින්.ඒත් කවියා තවමත් අර ගිය කෙනාට ආදරෙයි
ReplyDelete."මිය යන්නට හිත නැත්තේ ඒකය සෙනෙහෙ පමණක් තවම ඉතිරිය " කියන්නෙ ඒකයි. මේක ඇත්ත අත්දැකීමක්ද ...?
ඇත්ත අත්දැකීමක්.. මට නං නෙවී මගෙ මිතුරෙකුට
Deleteයටින් ලියල හංගල තියෙන කතාව දැක්කෙ නැතෙයි...
හ්ම්,දවසක අර සුදු හාමිනේ තේරුම් ගනීවි තමන්ට වැරදුනු බව.උඹේ යාළුවා නියම පිරිමියෙක්.
ReplyDeleteඋඹේ යාළුවා නියම පිරිමියෙක්.///
Deleteඒ හින්ද මයි මේ කවිය ලියවුණේ කියලත් හිතෙනව මනෝජ්
ස්තූතියි
ම්ම්ම්
ReplyDeleteපණ ගැහෙන සිරුරත නුඹ ගසා ගිය
සෙනෙහසක ඉතුරුව මතක ඇණ විතරය
මියෙන්නට හිත නැත්තෙ ඒකය
ඒ සෙනෙහෙ විතරක් තවම ඉතිරිය....
ඇණයක් වගේ හදවත පසාරු කරගෙන ගියා ඒ වචන ටික නම්......
ස්තූතියි අගැයුවාට
Delete.කවිය ලියල තියෙන්නෙ හරියට කතා නායකයා ඔබ වගේ. හරිම සන්වේදියි.
ReplyDeleteහයිලයිට් කරන්න ගිහින් හරි කට්ටක් කන්න වුනානෙ.
හයිලයිට් කරන්න ගිහින් හරි කට්ටක් කන්න වුනානෙ.///
Deleteඇයි අප්පේ මකැයි වුණේ..
අනුන්ගේ අත්දැකීමක් තමන්නේ වගේ දැනෙන්න ලියන්න පුලුවං නං මාත් හොදයි ල.. හිහි
ස්තූතියි අගය කලාට
ඒ මනුස්සයා ඇත්තටම ආදරය කරලා තියනවා. වෙන කෙනෙක් නම් ඔය අවස්ථාවට පත් වුනාම වයිර බැඳගනී කියලා හිතෙනවා. නිර්මාණය නියමයි.
ReplyDeleteහොඳම කොටස " අරූට හරි හමං රස්සාවක් වත් කරන්න බැරි එකේ සුදු හාමිනේ ට කොහොම කන්න අදින්න දෙනවද දන්නෑ බං " කියන එක. ඔක්කොම කතාවම ඒකෙන් කියවෙනවා කියලා හිතෙනවා .
නියමයි. සංවේදී මෙව්වා එකක් .
බොහෙම ස්තූතියි විමුක්ති..
Deleteමං හිතන්නෙ නෑනෑ වෛර කරන්න දන්න එකෙක්ය කියල එහෙම වුණා නං මෙ කතාව මෙහෙම නොවෙන් ගොඩක් ඉඩ තිබ්බ නෙහ්...
බොහොමත්ම ස්තූතියි අගය කලාට
යාලුවා ගැනනම් මොකවත්ම කියන්නෙ නෑ..ඒත් මල්ලි කවි පෙල නම් ඉස්තරම්....:)
ReplyDeleteරවි අය්යා..
Deleteසාදරයෙන් පිළිගන්නවා අවන්හලට...
බොහොමත්ම ස්තූතියි මේ අගය කිරීම රවි අය්යා...
හොස්පිටල් ඉද්දි පත්තර බැලුවා කවදාවත් නොබලපු තරම්. දයා ද අල්විස් මහත්මියගෙ ලිපියක තිබුණා ‘සඳ කැන් වැසිලා‘ ගීතයේ යටින් දුවපු සත්‍ය කතාව. මේකත් ඒ වගේමයි. උඹ උඹේ මෙහෙවර හරියට කරලා තියෙනවා. අර සැමියාටත් මගේ ආචාරය.
ReplyDeleteබූන්දියේ මේ ලිපියත් වටිනවා බලන්න.
http://www.boondi.lk/article.php?ArtID=1338
අගය කළාට ස්තූතියි මධුවො..මම ඒ ලිපිය බැලුව.. ලල ඇවිත් තමා මේ කමෙන්ට් කරන්නෙ... මං කැමති සිංදුවක්.. ඒක සෑහෙන්න හොදට රසාස්වාදය කරල තියෙයි...
Deleteජයවේවා
ලස්සන කවියක් මචන්.....
ReplyDeleteජය වේවා...
ස්තූතියි සමන්ත
Deleteසාදරයෙන් පිළිග්නව අවන්හලට
ජයවේවා
පිවිතුරුය..පළමු පෙම..
ReplyDeleteබිහිසුණුය..බිඳුණු දින..
ලෙන්ගතුය..සුවඳ ඔබ..සුදු හාමිනේ..
තනිකඩය..තවම මම..
හැක්..
Deleteසුදු හාමිනේ ඔබ කොතැනද අද දවසේ...
උඹේ යාළුවා විරල ගණයට වැටෙන මනුස්සයෙක් බන්.. එත් ඕනවට වඩා ආදරේ කරන්න ගියාම , ඕනවට වඩා ගරුකරන්න ගියාම, ඕනවට වඩා අහින්දක වෙන්න ගියාම පාරේ යන බල්ලොත් කකුල උස්සන කාලයක් මේක.
ReplyDeleteඋඹ හරි මචෝ ඒත් සමහර අය ඉන්නවා ඒ අය හරිම වෙනස් බං.. හරියට අපේ යාළුව වගේ.. ඌ පව්.. එච්චරයි අපිට කියන්න තියෙන්නෙ නේද..
Delete