ඈත අහසේ සරනා
වැහිළිහිණියන් දෙස බොහෝ වෙලාවක් තිස්සේ බලාගෙන හුන් ජයලත් මැණිකේ බර සුස්මක් පිට
කලාය. දැන පැය දෙකක් තිස්සේ ම ඈ රෝහල් කොරිඩෝවේ වූ සිමෙන්ති කණුවකට බර දී ගත් ගමන්
තාම එහෙමමය... සාරි පොට දෑතට හිරකරගෙන ඈත
අහසේ සරනා වැහිළිහිණියන් දෙස බලා වුන්නේ උන් දෙස බලා සිටීමට තරම් නිස්කාංසුවක්
හිතේ තිබූ නිසා නොවේ. වානේ බරුවක් තරම්
බරට හිතට එබෙන්නට වූ තනිකම මකාගන්නට අවැසි යැයි සිතුණ නිසාය... ඒ හැගීමට ඈ බියවූ
නිසාය. බණ්ඩාර මහත්තයා අසනීප වී කීප දොහක්
වූවත් මේ තරම් මරණාසන්න වූයේ නොවේ... එහෙව් එකේ හදිසියේම සිදුවූ මේ අබග්ගයෙන් ඈ
හෙල්ලී ගොස් සිටියාය. නෙත් මානයේ සැරි සරමින් වුන් ළිහිණියන් රෑනෙන් එකෙක්
හදිසියේම රැළ බිදගෙන ඈතට පියාඹනවා ඇගේ නෙතට හසුවිය.. ඌ පසුපස තත්පර කිහිපයක් තරම්
යැයි හැගෙනා වෙලාවක් පැන්නූ අනෙකුන්, යළි කිසියක් සිදු නොවූවා සේ නැවතත් පුරුදු පරිදිම අකාසය වටේ කරක් ගහන්නට
විය.. නොබෝ වෙලාවකින්ම අර රැහෙන් මිදී පියාසර කල ළිහිණියා ඇගේ දර්ශන පථයෙන් මැකී
ගියෙන් හිතට තවත් බරක් එක් විය... ඒ මන්දැයි සිතාගැන්මට තරම් නිනව්වක් ඇගේ සිතට
නොවීය...
නාඩි වැටෙන්නෙ
නං නෑ මැණිකෙ....
බණ්ඩාරෙ
මහත්තයාව රෝහලට ගෙන එන්නට සූදානං කර ලෙස්ලිගේ වෑන් රථය පැමිනෙන තෙක් ආලින්දයේ වූ කවිච්චිය
මත බාවා හුන් වෙලාවේ වලව්වට පැමිණි සියාතු අප්පො වෙදා කීවා මැණිකෙට මතකය... නමුත්
ඒවෙලේ සියාතු කෙරේ නොරුස්නා හැගීමක් පහල වූවා විනා ඔහු කියූදේ සිතන්නට නොසිතු බැවි
ඈට මතකයට නැගුණි... සියාතුට හිතෙන්
බනිමින් නගරයේ වූ රජයේ රෝහලට ගෙන නොයා ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට ගෙනාවේ සිත උපන්
ගර්වය නිසා උපන් කේන්තිය නිසාද නැතහොත් ඇත්තටම බණ්ඩාරෙ මහත්තයාව මරණයෙන්
බේරාගැනීමටද කියා ඈට නිච්චි නැත... ලොකු පුතයි පොඩ්ඩයි දැන් මග එනව ඇති... ඈට
එවෙලේම සිතුණි... ඒ සිතුවිල්ලත් සමගම සිත තිබූ යම් කිසි බරක් හෑල්ලු වන්නා සේ ඇයට
දැණුනි.. තමන් අසලට පැමිනෙන බර සපත්තු සද්දයක් නිසා අවධානය මොහොතකට බිදුනු ජයලත්
මැණිකේ ඒ දෙස බැලුවෙන් තමන් දෙසට පැමිණෙන වෛද්‍යවරයා දැක මොහොතකට බලාපොරොත්තු
කන්දකින් සිත පුරවා ගත්තේය..
ඈ අසලටම පැමිණ
නැවතුණ ඔහු ඈ දෙස මද වෙලාවක් බලා සිටියේය...
කොහොමද
මහත්තයට....................? ඈ ඇසුවේය...
අයෑම්
සොරි.... අපිට පුළුවන් හැම දෙයක්ම අපි කළා... ඒත්... ඒත්... ටික වෙලාවකට කලිං
පේෂන්ට් නැතිවුණා... අයිම් එක්ස්ට්‍රීම්ලි සොරි.... හිත හදා ගන්න බලන්න... එන හැම
කෙනාම යන්න ඕන... ඒක තමා සොබාදහමෙ හැටි මිස්ටර් බණ්ඩාර
ගෙනාපු ආයුෂ එච්චරක් වෙන්න ඇති.....
බොරුකාරයො..................
තමන් වෙතින් නික්ම යන දොස්තර දෙස බලා ඈ දත් කූරු සැපුවේ ඔහු කෙරෙහි පමණක් නොව තමන්
කෙරේද හටගත් කේන්තිය නිසාය...
**************
කුෂන් ඔබ්බවා
ෆයිබර් හා වානේ මිශ්‍රව සාදා තිබූ කැරකෙන කාර්යාල පුටුවේ වාඩි ලා ගෙන තමන් අවට
මැවී ඇති ශ්‍රී විභූතිය දෙස සයිමන් මුදලාලි දත් නියවාගෙන වාඩි වී සිටියේය... මිනී පෙට්ටි කඩකාරයෙක් වෙන එකත් නරකම නෑ...
ඔහුට තනියෙන් සිනහ පහල වෙයි...
මුදලාලි....
ඇයි බොල....
සිය කල්පනාවට බාධා කිරීම ගැන උරණ වූ සයිමන් මුදලලාලි කට්ටා ගේ ඇගට කඩා පැන්නේය...
අර මැණික්වත්ත
වලව්වෙ බණ්ඩාර අප්පො නැති වෙලාලු....
තොට කවුද
කීවෙ...
කව්රු කීවත්
ආරංචිය ඇත්තනං එච්චරනෙ මුදලාලි...
හ්ම්..... ආ
මේක තෝ ගං... මේක අර මිනී කාක්කට දීපං...
එහෙමයි....
තමන්ට ලැබුණ
රු.500.00 ත් මාතුපාලට ලැබුණ රු 1000.00 ත් මිට මොලවා ගත් කට්ටා වහාම කඩයෙන් පිට
විය... තමන්ට මුදල් ලැබුනේ ආරංචිය දුන්නාටය... මාතුපාලට ලැබෙන්නේ මිනිය සයිමන්
සාප්පුවට එවීමේ රාජකාරිය ටය.........
ඒ මාතුවො....
ඇයි....
(තමාටම)මේකගෙ
ගණං යකෝ..
මේං... මුදලාලි
උඹට මේක එව්ව...
කියමින් කට්ටා අතේ තිබූ රු.1000.00 මාතුවාට දික්කලේය... කට්ටා අතේ
ගුලිවී තිබූ රු.දහස දෙස අවඥාවෙන් මුත් වසාගත් කෑදරකමකින් බැලූ මාතුපාල තු: විතරක් කියමින් අහක
බලාගත්තේය...
ඇයි තොට මේ
මදිද...
පුහ්.... මගේ
බල්ලගෙ දවල් කෑමටත් මදි බොල.... කියාපං තොගෙ මහ එකාට අළුත් සාප්පුවෙ ෂැල්ටොං
මුදලාලි මහත්තය මට එකදාස් පංසීයක්ම දීල ගියා කියල...
(තමාටම)ඌ
මුදලාලි මහත්තය... අපේ මුදලාලි නිකංම නිකං මුදලාලි... තු: විතරක් මේ වගේ
කාක්කො....
************
කළුවො.....
ඇයි....
මෙහෙ වරෙන්...
බණ්ඩාර අප්පො
මැරිලලු... කොල්ලො ටිකට වඩියක් පොවල හිටං උනුත් එක්ක ගෙහුං තියෙන දෙයක් බලල කොරල
දියන්.... ඔය මොනව හරි පොඩි පොඩි දෙයක් තිබ්බොත් මැණිකෙට කරදර කරන්නෙ එහෙම නැතුව
මෙන්න මේකෙන් පිරිමහ ගන්න බලහං.... එහෙම කියල සුද්ධෝදන වෙන්න ඕන නෑ... තේරුණානෙ...
තමන්ට දික් කල
පන්දහස අතට නොගෙන කළුවා ඇග්නස් දෙස විමතියෙන් කට ඇරගෙනම බලා හුන්නේ
මේ මොන
විපරියාසයක් දැයි සිතමිනි...
මොකද බොල....
මේ..... මේ...
නෑ...
ඇඹරෙන්නැතුව
කියපිය බොල....
නෑ මං මේ
බැලුවෙ කවදාවත් නැතිව ඇගි අක්ක මොකද මේ වෙස්සන්තර වෙලා කියල... අනික බණ්ඩාර අප්පො
අපෙ කව්රුවකුත් නෙවෙයිනෙ...
අපෙ එකෙක්ම
වෙන්න ඕනද බොල මේ ගමේ මනුස්සයෙක්නෙ... මොනව වුණත්... අනේ තෝ වගෙ හරකෙක්... මං
කොල්ලො ටිකත් අරං යන්න කීවෙ බූරු පොල එතෙන්ට ගෙනියන්න තැනක් සුද්ධ කරගන්න තරං
මොළයක් තොට තියේ කියල.. අළුත් කාඩියත් ඇන්න පල... අනේ තෝ වගේ බත් කන හරකෙක්... වැඩිය නොපෙනෙන තැනක හදාගනිං.. මාව එහෙම ගාවන්නවත් බෑ තේරුණානෙ... දන්නවනෙ පොඩි අප්පො ඔය වැඩ වලට ඒ තරං මනාපයක් නෑ කියල... හ්ම් දැං පලයං... හ්ම්..හ්ම්...
ඒකයි එහෙනං
මේ... අමුත් සත්ත කරුණාව... කරුණාවකුත් නෙවේ බලං ගියාම...
කළුවා තමන්ටම
කියා ගනිමින් ඇගි අක්කගේ කඩුල්ල පැන පහල කුරුන්ද දෙසට පියවර මැන්නේය....
***************
මතු සබැදි.......
පසු සටහන----කතාව දිග වැඩි වූ බැවින් කොටස් දෙකකට පළ කිරීමට තීරණය කළෙමි... ඒ හේතුව නිසා ඔබගේ රසවින්දනයට යම් බාධාවක් සිදුවිණි නම් ඒ පිළිබද මාගේ අවංක කණගාටුව පළ කරමි...
දිග නෑ....
ReplyDeleteකථාව කියවං යන විට මට හිතුෙන් "මටත් මිනී කාක්කෙක් වන්නට තිබ්බනං" කියල..
ඉක්මනට දෙක දාන්න..
ජය වේවා!!!
නෑ නෑ... මේකයි... තම කතාව තියේනෙ... ඉතිං ඔක්කම දාන්න ගියා නං කට්ටියට කියවන්න එපා වෙනව... ඒකයි කීවෙ...
Deleteඇත්තටම මිනී කාක්කො තමා අද හම්බ කරන්නෙ... යන්න ඕන මෝචරියට නැත්තං මල් සාලාවට...
ස්තූතියි විදානෙ
දිග වැඩි නං නෑ ලස්සනයි.ඉතුරු ටිකත් ඉක්මනට දාන්න.
ReplyDeleteදානව දානව....ඉක්මණටම දානව.............
Deleteස්තූතියි හැලපය්යෙ
අගෙයි අගෙයි....... ලස්සන කතාවක්.........ඉතිරි ටිකත් ඉක්මනට ම දාන්න.
ReplyDeleteදානව දානව ඉක්මණටම දානව...
Deleteස්තුතියි අගය කිරීමට
කයෝටිලා ගිජු ළිහිණියෝ මතක් වෙන්නේ නැද්ද?
ReplyDeleteඒ අය ලංකාවෙ නැති හිංද තමා මං කාක්කව විතරක් ගත්තෙ... හිහි...
Deleteකතාවනම් හොඳයි.දැනට දිග වැඩිනම් නෑ..ඉතිරියද දිග.බලන්න ඉක්මනට දාන්න.
ReplyDeleteස්තූතියි අගය කලාට...
Deleteනෑ සම්පූර්ණ කතාවම දැම්ම නං දිග වැඩිවයි හිතුණ... ඒකයි චදක්කට කැඩුවෙ
දිගක් තේරුන්නෑ එක හුස්මට කියවන් ගියා. ඒත් දෙකම එකට දාත්දි දිග වැඩිනම් කඩපු එකත් හොදයි.
ReplyDeleteඇත්තටම මෙහෙම මිනිස්සු මිනිස් කමටත් අගෞරවයක් බං. හැමෝම හදන්නෙ මිනියක් විකුණන් කාලා හරි ගාන කඩා ගන්න.
ඒක ඒ මිනිස්සුන්නෙ අසරණ කම කියල මං නං කැමති නෑ ඒක සාධාරණය කරන්න...
Deleteඋඹ හරි බං... මුං නං ඇත්තටම මිනිස් කමට අගෞරවයක්
පසු සටහන කියවනකන් කථාව දිග වැඩියි කියල හිතුනෙවත් නෑ.
ReplyDeleteඑක්කෙනෙක්ගෙ මරණයක් එක එක අයට, එක එක විදිහට දැනෙන හැටි......
එක එක විදියට එක අය ගරාගන්න හැටි
Deleteකතාව හොඳයි මහේෂ්. අනෙක් කොටසත් දාන්නකො.
ReplyDeleteඉක්මණටම දානව
Deleteසමාජයේ එක එක විදියේ මිනිස්සු ඉන්නවා, ඒකනේ අතේ ඇගිලි වගේ කියන්නේ.කොහොම නමුත් ඉතුරු කොටස එනකන් බලන් ඉන්නේ.ලස්සනයි කතාව ලියලා තියන විදිය..
ReplyDeleteඉක්මණටම දාන්නං...
Deleteඑක එක අය එක එක ජාතියෙ නෙව... නැද්ද...
ස්තූතියි
මනුස්සයෙක් මැරෙනකල් කීදෙනක් බලං ඉන්නවද බඩ වඩාගන්න.. දෙවනි කොටස එනතෙක් මඟබලාගෙන සිටින්නෙමි.
ReplyDeleteඑක නං ඇත්ත ඒක මහ හරක් ගෙ දෛනික ජීවිකාව වෙලා
Deleteඉක්මණටම දාන්නං කො
ඒක නෙවෙයි. කෝ මේ අවන්හලේ මං නෑනෙ?
Deleteඅර ඉන්නෙ දෙයියනේ ලස්සනට...
Deleteඔයා කීවෙ බ්ලොග් රෝලද...
ඒකෙ අවුලක් තියේ...
අලුතෙනං ෆලෝ කරල එක බ්ලොගක් වත් අඩ් වෙන්නෙ නෑ...
මං තීම් එක චේන්ජ් කරන්න ඉන්නෙ බලමුකො එතකොට ඈ
ඊළඟ කොටස එනතුරු බලා සිටිමි.
ReplyDeleteමේ සදුද දානව
Deleteමහේෂ්ට කොහොමත් හොඳ ලිවීමේ හැකියාවක් තියෙනවානේ. මේක තමයි සමාජයේ සිද්ධවෙන්නේ. මරණය පවා අදායමක් වෙලා සූදුකාරයින්ට.
ReplyDeleteස්තූතියි අගය කලාට...
Deleteඇත්තටම කව්රු හරි හිතනව නං නිදහසේ මැරෙන්න පුලුවං කියල ඒක වැරදී නැද්ද
දිග වැඩි නෑ බන් අපරාදේ දෙකට කඩුවේ ...කොහොම වුනත් උපහාසයෙන් යතාර්ථය මතුකරලා තියෙනවා අගේට .විශිෂ්ටයි මචෝ
ReplyDeleteස්තූතියි ඉවාන් අය්ය...
Deleteදෙවනි කොටසත් මේ තරම්ම දිගයි ඒකයි...
මොකද දිග වැඩි වුණා නං කට්ටියට එපා වෙනව නේ
ඉතුරු ටිකත් කියවලා බලමුකෝ :)
ReplyDeleteහ්ම් හ්ම්....
Deleteඉක්මණටම දෙන්නං කො
මැරෙන එකත් මහ පන යන වැඩක් නේ..
ReplyDeleteහී............... ඒකනෙ
Deleteඉතුරු කොටසත් ඉක්මනින්ම ලියන්න... ලස්සනයි කතාව..
ReplyDeleteඉක්මණින්ම දෙනව...
Deleteස්තූතියි තුෂානි
ඉතුරු ටිකත් ලියමු බලන්න ....
ReplyDeleteඔන්න දැම්ම
Deleteලස්සනයි කතාව. ඉක්මනින්ම ඉතුරු ටිකත් දාන්ඩෝ. ජයවේවා!
ReplyDeleteඔන්න දැම්මෝ.........................
Deleteආවට ස්තූතියි එන්න බලන්න හැමදාම මෙහෙ..
සාදරයෙන් පිළිගන්නව අවන්හලට
කතාව අගෙයි...දිග වැඩිත් නෑ..ඉක්මනට ඊළඟ කෑල්ලත් දාමු..
ReplyDeleteස්තූතියි අගය කලාට...
Deleteඔන්න දැමිම කියවලාම බලන්නකො