Friday, April 11, 2014

පුර පසෙක නොවී නුඹ අවපසෙක සද වුණා....


                                                                             
 පැය බාගෙකට වැඩි වෙලාවක් තිස්සෙ මන්දාරම් කර කර තිබ්බ කුරුණෑගල අහස එක පාරටම මොර ගෙඩි වගේ ලොකු වැහි බිංදු වලින් ඇතුගල්පුරයට පහර දෙන්න පටන් ගත්තෙ හරි හෙමිහිට... ඒත් විනාඩි දෙකක් වත් ගෙවෙන්න කලින් ඇතුගල පේන්නැති වෙන තරමටම වැස්ස හයියෙන් වහින්න ගත්තෙ මාස ගාණක් තිස්සෙ නොවැහැපු එකටත් එක්ක වාඩුව අල්ලන්න වගේ... ක්ලාස් එකෙන් කලිං පැන්නෙ මහ මෝඩ කමකට කියල හිතුණෙ ඒ වෙලාවෙ... ෂොපින් කම්ප්ලෙක්ස් එකේ දෙවනි තට්ටුවවෙ පාර පැත්තට වෙන්න කඩවල් දෙකක් අතර තිබ්බ හිස් ඉඩකට වෙලා මං ඈතින් නොවුණත් හරි ඈත වගේ පේන ඇතුගල දිහා බලන් හිටිය... යාන්තමට ඡායාවක් වෙලා තියෙන ඒ රුවත් එක්කම මට මැවිල පේන්න ගත්තෙ නුඹෙ රුව.. අවුරුදු දෙකක් තරං ඈත අතීතෙක හිත කිමිදෙන්න ගද්දි මගෙ හිත පුරාම මැවුණෙ ඇගෙ රුව... ඔව් මීට අවුරුදු දෙකකටත් කලිං මාව දාල ගිය ඇගෙ රුව... දිලිසෙන ඇස්වලින් මං දිහා බලාගෙන මගෙන් සමුගෙන යන්න අහන නුඹෙ රුව... ඒ ඇස් එදා දිලිසි දිලිසි තිබුණෙ සතුටටද දුකටද කියල මට එදා තේරුණෙත් නෑ... අදත් නෑ.. ඒ ඇයි කියල මං තාම දන්නෙත් නෑ... කිසි දෙයක් කතා කරගන්න හිතක් නැතිව මගෙ අතින් නූල කඩාගෙන ඈතට පාවෙලා ගියපු සරුංගලයක් දිහා ඔහේ බලා ඉන්නව වගේ කිසි දෙයක් හිතාගන්න බැරිව මං ඔහේ එයා යන දිහා බලන් හිටිය... ඒ මූසල දවස අදටත් එක රූප රාමුවක් වත් නොඅඩුව මතකයි...


මහී............

හීනෙන් වගේ එයා කතා කරනව ඇහෙනව.... පිස්සු හැදෙන්න එනවද මන්ද...

මහී...

ඇත්තටම එයා ළ හිටියනං...

මහී....

ඈ මගෙ පිටිපස්සෙන්ඉදන් කතා කරනව වගේ දැනුන හිංද මං ඇතුගලෙන් ඇස් අහකට අරන් පිටිපස්ස හැරිල බැලුව.. අනේ මගෙ ළඟ ඉන්නව නං කියන සිතුවිල්ලෙන්....

මහී....

දෙයියනේ .... එයා... ඇත්තටම මං ඉස්සරහ...

ශා..නි..... ඔයා.....
මෙහෙ කො..හෙ..ද...??


                             මම අමාරුවෙන් වගේ වචන ගැලපුව... ඇත්තටම මීට අවුරුදු දෙක්කටත් කලිං බැදල හිටන්, ගමයි එයාගෙ අම්මලයි විතරක් නෙවේ හැමදෙයක්ම දාල කොළඹ පදිංචියට ගිය මගෙ ආදරණීය සුරංගනාවි මගෙ ඇස් ඉස්සරහ... කෙට්ටු වෙලා කළු වෙලා... ඒ ලස්සන හේදිලාම ගිහින්...

 වෙනද ඔයා මං එනකං මෙතනට ඉන්නව නේද කියල මතක් වුණා... මට එතන බලන්න ඕන වුණා... එතන මං එනකං ඉන්න ඔයාව බලන්න ඕන වුණා... ඒත් මං හිතුවෙ නෑ ඔයා ඇත්තටම මෙතන හැබැහින් මට දකින්න පුලුවන් වෙයි කියල...

                          ඒ මුව දොඩමළු වෙන්න තතනයි. මම තාමත් දිලිසෙන ඒ ඇස් දිහාම බලාගෙන ගල්වෙලා වගේ මොකුත්ම නොකිය එයා ඉස්සරහ හිටගෙන... ඒත් මට තාමත් බැරි ඒ ඇස් අඩනවද හිනාවෙනවද කියල අහන්න... ශානිගෙ ඇස් වල ඇරෙන්න ඒ සකල සරුවාංගෙම ජීවයක් රැදිල තියෙනව කියල මට හිතුණෙ නෑ.. දිලිසෙන ඇස් තියෙන මගෙ සුරංගනාවි....... අනේ.... මට හීල්ලුනා...

ඇ..යි... මොකද මේ ඔයාට වුණේ...

                       වෙන අහන්න කිසි දෙයක් නැතිව වගේ මගෙ කටින් එළියට පැන්නෙ ඒ ප්‍රශ්නෙ...ඒත් මං වගෙම ඒ ප්‍රශ්නෙත් මෝඩයි කියල හිතෙන්න මට තත්පර තුනක් වත් ගියෙ නෑ... ඒ එයා දුකෙන් වගේ මූණ බරකරගත්ත හින්ද...

මට ඔයත් එක්ක කතා කරන්න ඕන ....

රන්රස...

එයා ඔලුව වනල හා කීව...

                    ෂොපින් කම්ප්ලෙක්ස් එකෙන් බස්ටෑන්ඩ් එක පැත්තට ඇවිත් මුණසිංහ එක ළගින් පහලට බැහැල එයාගෙ කුඩේ යටින්ම රන්රස එක පැත්තට ආවෙ හුග කාලෙකින් නොවිදපු ඒ උණුහුමට ගුලිවෙලා... මේ වැරැද්දක් කියල හිතුණත් එයත් මොනවත්ම නොකියපු හින්ද මාත් ඒ උණුහුමට ලෝබ කමින්ම ඈව තවත් තුරුළු කරගත්ත...

රන්රසට ඇතුල් වෙලා ඇතුලෙම තිබුබ මේසෙක ඈව ඉන්දෙව්ව... 

රයිස් එකක් දාන්නද... එපා කියල ඈ ඔළුව වනනව... මං සීරුවට ඒ ඇස් වලට එබිල බැලුව...

ඔයා ඉන්නෙ බඩගින්නෙ නෙ අපි කමු...

නෑහ්...

බොරු කියන්න එපා... මං දන්නව ඔයා බඩගින්නෙ කියල...

ඈ සිනාසුණාය....

ඔයා නං වෙනස් වෙලා නෑ මහී... එදා වගේමයි....
                                                                     ***************

                                දින කිහිපයකට කලින්  ඈ කියූ සියල්ලක්ම මට සිහිනයක් සේම විය... ඇය නැතිව මේ දෙවසර පුරාම දුක තද   කරන් නොහඩා හඩා ගෙවූයේ නැවත ඈ මුණ නොගැසෙන බලාපොරොත්තුවෙන්මය.. ඈ වෙනුවෙන් සිතේ උපන් ආදරයක් නොතිබුණා නොවේ... නමුත් නොලැබෙනා ප්‍රේමයක් වෙනුවෙන් හඩ හඩා සිටියා ඇති යැයි සිතා සත හදා ගත්තා පමණය...

                                පුරා දෙවසරකට වඩා මගෙන් සැගවී සිටි මා සදවත නැවත මට මුණ ගැසුණේ මහා මුරුගසං වරුසාවකය... ඔහුද ඈද දැන් දිවි ගෙවන්නේ වෙන වෙනමය... ඈ සිය මාපියන් කරා නැවත පැමිණ ඇත. සිය ජීවිතයට සිදුවූ සියල්ලට ඈ දොස් නොතබන්නීය.. ඒ සියලු සිදුවීම් ඇගේ දෛවයයි ඈ අදහයි... මගේ ආදරය අහිමි වීම ගැන පමණක් ඈ කිසිවක් නොකියයි... නැවත සකසා ගන්නට හැකිව තිබූ සිදුවීමක් සිය වරද නිසාම වැරදුණායයි ඈ අදහයි... ඇයට පමණක් දෙස් දෙවොල් තබන්නට මට හිතකු නැත... ගන්ධබ්බයෙකු සේ මා බලා නොසිට එදා ඈව නතර කරගත්තා නමි................................................!!!!!!


                               මගේ නොවුණද මට ඈට පිටු පාන්නට කෙසේවත් නොහැක... නමුත් ලෝකයා අපට එක් වන්නට දෙන්නේද නැත... අප අතර අදෘශ්‍යමාන පවුරක් ගොඩනැගී තවම අප දෙපැත්තකට කර තබන්නේය... ඒ පවුර බිද එක් වීමටතරම් මට හෝ ඇයට ශක්තියක් නැත්තේ මන්දැයි මම තවම සිතමි



32 comments:

  1. සිරාවටම ගීතයක් නිදහසේ අහලා ඒකෙ සියුම් තැන් ස්පර්ශ කරන එක ලේසි පහසු කාර්‍යක් නෙමේ.

    නියමයි බං.

    මේ 20වෙන්දට එන්න හම්බවෙන්නැත්ද?

    ReplyDelete
    Replies
    1. නෑ ප්‍රියා නිවාඩු නෑ

      Delete
    2. හ්ම්ම් මුලින්ම අපි උඹව රිදෙවුවා නම් සිරාවටම සමා වෙයන්. මේක උඹෙම කතාවයි කියලා මටනම් නිකමටවත්හිතුන්නෑ. පුළුවන්නම් ඔය අගින් තියෙන සිංදුව අයින් කරපන් ඕක නිසයි කියවන ඔක්කොටම වැරදි වැටහීමක් ගියෙ.

      උඹේ හිත රිදුනා නම් ආයෙත් පාරක් සමා වෙයන්.

      Delete
    3. ඒ තරං හිතන්න එපා මචෝ..... මාත් හිතන්නෙ නැතුව කියනව තමා....
      ඕවට අපේ හිත් හොල්ලන්න බෑ බං...
      හරි මං සිංදුව අයින් කරන්නං

      Delete
    4. ඕවා ගනං ගන්නවද බං? :) උඹ ඒ සිංදුව අයින් කල එක හොදයි.

      Delete
    5. මඩ ගහනව කියල ඕමත් මඩ ගහනවද....
      හිටහං හිටහං අයින් කරන්න මට ඒක අමතක වුණා

      Delete
  2. මාරම ලස්සන පද වැලකට ලස්සන වචන වලින් ආලෝකයක් දීලා :)

    ReplyDelete
    Replies
    1. @ප්‍රියා, ශාශා,චන්දන, මානවිකාවී, දිලිනි,උමේෂ්,දිනේෂ්, විදානෙ,තුෂානි,හැලපෙ ,මධුරංග, අයාල්....

      මේක කතචාවක් කියලමද හිතෙන්නෙ...
      මේක කතාවක් නෙවී...
      මගෙ පෞද්ගලික අත්දැකීමක්....
      ඒ හින්ද මං ඔයාලගෙ කමෙන්ට් වලට මොනාත් කියන්නෙ නෑ
      මොකද මට මේක ලස්සන කතාවක් නොවෙන හංද....
      අදටත් මේ හංද මං විදින හංද

      Delete
  3. කතන්දරේ ලස්සනයි සින්දුව වගේම.

    ReplyDelete
  4. ලස්සන සින්දුවක්, සංවේදී සටහනක්, ස්තුතියි බෙදා ගත්තාට

    ReplyDelete
  5. ගීතයට වචනවලින් රූප රචනයක් කරල වගේ. අපූරු යි.

    ReplyDelete
  6. කවිය කතන්දරයට පෙරලල තියෙන විදිය පට්ට මචෝ..

    ReplyDelete
  7. කවියයි කතාවයි දෙකම ලස්සනයි බං..

    ReplyDelete
  8. ලස්සනයි ?ඇයි මේ එකම විදියකට ලියාගෙන යන්නෙ ,හිතලා කතාවක් ගෙතුවා නම් හොදයි නේ මේ සිංදු කැලි ඔබන්නෙ නැතුව ?මං දන්නෙ නෑ කතාව සේදෙනවා මට නම් අවසානේ සිංදුවයි රූපයි නිසා ..

    ReplyDelete
    Replies
    1. මේක කතාවක් නෙවී සහෝදර තුමා මගෙ සත්‍ය ජීවිත අත්දැකීමක්...
      ඔබේ සොදුරු විවේචනය පිළිගන්නව....
      මීළග පාර ඉදන් ඒ වැරැද්ද නොකරන්න බලාගන්නං

      Delete
    2. මහේෂ් ඇත්තකතා ලියන කොට මටත් ලොකු ප්‍රශ්නයක් තිබුණා දැන් නම් නෑ ,කියවන කෙනාට ඕන හරය විතරයි මං හිතන්නෙ ,එහෙම හිතලා ඇත්ත කතාව එඩිට් කරලා දැන් ලියන්නෙ :))

      Delete
    3. එඩිට් කරන්න තමා තේරෙන්නෙ නැත්තෙ හිතෙන දේ පොඩ්ඩක් එහෙ මෙහෙ කරල ලියනව විතරයි...
      අනේ මංද

      Delete
  9. සුපිරියි.. ගීතය දෑසින් බැළුවා මෙනි..

    ජය වේවා!!!

    ReplyDelete
  10. අපූරු චිත්ත රූප පෙලක් මැවුනා... ලස්සනයි..

    ReplyDelete
  11. සිංදුවයි සටහනයි හරිම ලස්සනයි මහේෂ්.

    ReplyDelete
  12. ලස්සන ගීයකට ලස්සන කතාවක් ලියලා... :)

    ReplyDelete
  13. සමහරු ඉතිරි කරලා යන මතකයන්...............

    ReplyDelete
  14. මහේෂ්.. අඩු වැඩි වශයෙන් අපි කාගෙත් ජීවිතවල ඔයවගේ කඳුලු කතා තියෙනවා. කවදාවත් අත්තරින්න එපා බං. උඹ දන්නවනෙ. සරුංගලයක් අල්ලන් ඉන්නවට වඩා හුඟාක් අමාරුයි, අතෑරියට පස්සෙ ආයෙ අල්ලගන්න. ඒ නිසා ළඟ තියෙන දේ ඇස් වගේ පරිස්සම් කරගනින්.

    සුබ අලුත් අවුරුද්දක්!

    ReplyDelete
    Replies
    1. ඒත් පරිස්සං කරගන්න බැරි වෙනව නං මං මොකද කරන්නෙ... නේද.... දුකයි බං කරන්න දෙයක් නෑ....
      ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  15. //ඔයා ඉන්නෙ බඩගින්නෙ නෙ අපි කමු...
    නෑහ්...
    බොරු කියන්න එපා... මං දන්නව ඔයා බඩගින්නෙ කියල...//

    හිතට දැනුනම දෙබස..... (Y)

    ReplyDelete
    Replies
    1. මට හැමදාම එයාගෙ මොකක් හරි අවුලක් තිබුණ නං දැනුන... ඒකයි ඇත්ත... ඒත් එයා මට නැති වුණ එකයි මට හිතාගන්න බැරි

      Delete
  16. Replies
    1. හ්ම්...
      ස්තූතියි මෙහෙ ආවට....
      එන්න පුලුවං නං හැමදාම

      Delete
  17. මගේ කතාවට ගොඩක් සමීපයි....
    ලස්සනට් ලියනවා..

    ReplyDelete
    Replies
    1. අපි හුග දෙනෙක් ගෙ කතා සමානයි මචෝ
      ස්තූතියි

      Delete
  18. අපි හැමෝටම සමුගැනීම් යලි හමුවීම් තියෙනවා ජීවිතේ..ඒවා සහේතුකව වෙන්නත් පුළුවන්..සංවේදී පෞද්ගලික අත්දැකීමක් නිසාත් ඉන් තවමත් ඔබ විඳවනා බව කියා ඇති නිසාත් කුමක් කිව යුතුද කියා හිතාගන්නට අපහසුයි..

    ReplyDelete