Monday, November 10, 2014

හිණිපෙත පාමුල ට වී මොහොතක්...........

                                                                                       ද උදෑසන ම ම වෙත අපූරු පාර්සලයක් ලැබිණ. ශ්‍රී ලංකා ගොළුබෙලි තැපෑලට පිං සිදු වන්නට පසුගිය මස තිස් වෙනිදා දින තැපැල් කරල ලද එය ම අතට පත් වූයේ අද ය. එහි වූයේ කවි පොතකි. හරි අපූරු කවි පොතකි. මගේ ඉල්ලීම නිසාම නුවන්  තොටවත්ත යන් විසින් එය ම වෙත එවා තිබිණි. අතට ගත් සැණින් ම පසෙ කට වී එය කියවන්නට වූ මට දැනුණේ හරි අපූරු හැඟුම් සමුදායකි කෙදිනක හෝ පොතක් කියවූවා මිස විචාරයක් හෝ ඒ පොත ගැන සටහනක් තබන්නට උත්සුක නො වූ මට හිණිපෙත පාමුල සොඳුරු බලපෑමක් සිදු කලේ ය. මුහුණු පොතේ සැරිසරන්න වුන් නම් නුවන්තොටවත්ත කවියා ගැන නො දැන සිටින්නට අවස්ථාවක් නොමැති බව මගේ හැඟීමයි. කවියෙකු වෛද්‍යවරයෙකු ලෙස විනා මා ද ඔහු පිළිබඳ ව දන්නා අන් යමක් නැති තරම් යැයි කිව හැක. මීට පෙර කැළුම් විජේරත්න සහෘදයා විසින් සිය මිතුරා වෙනුවෙන් ඔහුගේ වියුණු අඩවියේ සටහනක් තබා තිබිණි. එපමණකි...


                                                                                  කාලයට අනනුගතව ඉන් ඔබ්බට, සරලවම පවසනවා නම් වැල යන අතට මැස්ස නො ගහා තමන් අභිමතය පරිදි සිය දිශානතිය වෙනස් කරගත්තෙක් ලෙස ය මට කවියා ව හැඟුණේ.. මට සිළුටු සිංහල අකුරු අමුණා අපූරුවට කවි කර පත් ඉරු අතර මුහු කළ හිණිපෙත පාමුල සැබැවින්ම අපූරු කාව්‍ය සංග්‍රහයකි. වරක් එස්. ටී. කොල්රිජ් නම් බටහිර කවියා විසින් කවිය සම්බන්ධයෙන් අපූරු ප්‍රකාශනයක් කළේය. කවිය වනාහී හොදම වචන හොදම පිළිවෙළට ලිවීමයි.. යනුවෙන් ඔහු දක්වයි. සැබැවින් ම හිණිපෙත පා මුලදී එය යථා වක් , සත්‍යයක් ලෙස මට පසක් විය.

                                                                                   සිය කැරලි ගසන හැඟුම් විටෙක සුමට වත් විටෙක හාස්‍යාත්මක වත් විටෙක රළු සැ පරුෂ වත් යොදා ගන්නා කවියා සිය සකල වූ නිර්මාණ යන් හි අවසන දී අප ව වෙනස් ම මානයකට කැඳවා ගෙන යයි... එලෙසින් අපූරුවට ගෙත්තම් කළ කවියක් ලෙස කඩු ගෑ ගල පද්‍ය නිර්මාණය හැදින්විය හැක...


නුඹත් දිලිහෙයි මාත් සුමටයි නිතර මුහුණට මුහුණ                මැදිලා
තැනූ උන් නුඹ යෙහෙන් වැජඹෙති අතින් ගත් උන් ය තිය      මැරිලා
ඇතත් මනු ලේ විලක් ඉදීවි නැතිය පැතු සුර පුරය                   මැවිලා
නමුත් නෙත් හැර බලන් හිතවත නුඹත් ගෙවිලා මාත්             ගෙවිලා


මනු සමාජය නොතිත්ව වෙලාවත් බල අරගලය දෙස කවියා සියුම් ඇසකින් බලා ඇති අයුරු අපූරුය . එමතු නොව ඉන් ඔහු හෙලන සමාජ දෘෂ්ටි වාදය සදය උපහාසාත්මක ය. බැරෑරුම් ය. විවේචනාත්මක ය. අවි ගත්තෝ අවියෙන් ම නසිති යන්න යළිත් අපට මෙනෙහි කර දෙන්නාක් සේම අවි ගන්නට පෙළඹවූවන් අවි ගත්ත වුන්ගේ කර මතින් උන්ගේ ලේ දාඩිය කදුළු මතින් රජ කරන හැටි පවසා ඇති අයුරු විශිෂ්ට නොවන්නේද...??

                                                                                සදාතන පීතෘ අරගලයේ ළ සෝ ගීතය සිය දරුවන් වෙනුවෙන් ම වෙහෙසෙනා උන්නේ කඳුළු ගීතය සිංහබාහු ලෙසින් කවි කර ඇති ආකාරය කරුණා හැඟුම් දනවන්නට සමත් වේ..

කුහුඹු උගුලක දියට ගොඩවී
රුවල් ඔරුවක නැගී යන්නෙමි
මේස කකුලේ නැගුරම් ලා
ඉහළ නැග වටපිට බලන්නෙමි

එහා පුටුවේ කකුල සෙවණේ
හිඳින සොුර ට සිනාසෙන්නෙමි
සීනි ඇටයක් රැගෙන මා එන
මග බලන දරුවන් සොයන්නෙමි

කුහුඹු විසකට රස කැවිලි යැයි
රැවටි පොඩි පුතු නොම සොයන්නෙමි
උගුල තුළ දිය සිදුණු දිනයක
සිනාසෙන යුරු සිහි කරන්නෙමි

මකුළු දැලකින් සෙමෙන් රිංගා
තියුණු පිහි මග පසු කරන්නෙමි
පුංචි උන්ගේ සතුට සිර කල
බෝතලය දැක සුසුම් ලන්නෙමි..

පියන තදකර නැතැයි පතමින්
විසල් බෝතලයට නගින්නෙමි
දහක් අතරින් එකම ඇටයක්
රැගෙන ඔරු බ ළගට එන්නෙමි

මටත් ඔහුටත් ඉඩ නොමැති බව
සීනි ඇටයට කියා දෙන්නෙමි
දූට බෝ ආදරේ බව
ඇයට නො කියන ලෙස කියන්නෙමි

එ දරු පෙම පැණි රසට පෙරළා
සීනි ඇටයේ මැද තබන්නෙමි
සීරුවෙන් එය ඔරුව තුළ ලා
එහා ඉවුරට පා කරන්නෙමි...

සිය කැදැල්ලේ සතුට සැනසුම සොයා ඒ නිසා සිය දිවි අරමුණු ද ආසාවන් ද පසෙක ලා උන්නේම බඩ සා ගින්න වෙනුවෙන් කැප වෙන පියෙකුගේ අපුරු දාරක ස්නේහය මෙන්ම සිය පියම්බිකාව ට ඇති ස්නේහයද මැනවින් විදහා පාන අපූරු නිර්මාණයක් ලෙස සිංහබාහු අරුත් දැක්විය හැක. උදේ රැයින් වැඩට යන පියා යළි නිවෙසට එන්නේ දරුවන් නින්දට යන වෙලාවට ය. පියා නිවෙසේ ඇති වෙලාවක දරුවන් නැත... ඒ නූතන තාත්තාත් සිංහබාහු පද්‍ය ය තුල කාල්පනික ව ජීවත් වන කුහුඹු තාත්තාත් අතර වෙනසක් ඇත් දැයි සෙවීම නිෂ්ඵල යැයි හැඟේ.  සකල පියවරුන් සැමියන් නිරන්තරයෙන් ඇප කැප වන්නේ සිය කුටුම්බය උදෙසා බව සිංහබාහු අප මනස තුල අපූරුවට ගම්‍ය කරයි.

                                                                           ක් සහ හදක් යනුවෙන් නම්  ලද පද්‍ය නිර්මාණය නූතන සමාජයේ වෙසෙන මිරිඟුව ම නිති ලුහු බදින දියණිවරුන්ට ද සොයුරියන්ටද ලියූ අපූරු පද්‍ය නිර්මාණයක් ලෙස හැගෙයි...

බිහි කළ නටුව අමතක කර සම පැතූ
මලකට එළිය මිස සඳ නොම වේය නතූ
දක්නා නිසා ලද හැකි යැයි සිතා මතූ
හදකට මිස ක හඳකට පෙම් නොකළ යුතූ

ලද හැකි දේ ද නො ලද හැකි දේ ද සිහියෙන් වටහා නො ගන්නා අය සමාජයේ බොහෝ වෙත්. ඉන් වඩාත් ම අපේක්ෂා භංගත්වයට පත් වන්නේද සිය ජීවිත අකාලයේ විනාශ කර ගන්නේ ද කාන්තාවන් ය උපදේශ කාව්‍යයක් ලෙස සේ ම සිහින් තරවටුවක් කරන කවියක් ලෙස ද ක් සහ හදක් කවි නිමැවුම සැලකිය හැකි යැයි සිතමි...

                                                                        එලෙසින් ම ලියැවුණ සර්පයා පද්‍ය නිර්මාණය ද ලොකු ඉස්කෝලෙ මහත්තයා නිර්මාණය ද සිතන්නට යමක් ඉතුරු කළ අපූරු නිමැවුම් ලෙස හැඟේ...

                                                                        සිය පුළුල් ප්‍රතිභාව සමාජය දෙසට ම උන්ගේ හැසිරීම වෙතට ම සීමා නො කරන කවියා පරිසර යට තමන් තුළ ඇති නිසඟ ප්‍රේමය ද පරිසර සංහාරය ගැන චෝදනාත් කව ද නිර්දය ලෙස ද සිය කවිය ඔස්සේ විවරණය කරයි. ඳුන් යැයි නම් ලද පද්‍ය එයට හො ම උදාහරණයයි.

සිඳින මඩින කලට
හුන් නිසා සුවඳ දී
කිලෝ වක් දහසකට
රුපියලෙන් මිල තැබී
පව් කාර සුවඳ නැති
වුනා නම් ගත රැදි
ඇසුරුමක නොවේ මා
අදත් මිහි මත හිදී.....


                                                                                 විටෙක හැගීම්බර විටෙක සැඩපරුශ විටෙක දාර්ශනිකයෙකු වන කවියා විටෙක සිය කවිය ඔස්සේ සිය හදවතු තුළ සැගැව ඇති දෝමනස්ස යෝ පුද්ගලානුබද්ධ ආත්මීය පාපෝච්චාරණයක් ලෙසට එළි දක්වයි...

අතිතය නම් පද්‍ය යේ,
පෙර කල මතක සිත පතුලේ තබනු නො දී
සීතල සුළඟ සළු රවටා හදෙහි වදී
උණුහුම නැතත් එළි නො දෙතත් එකල විදී
කළුවර හදට ගිනි පුපුරත් ඉරකි රිදී

උපාධිය නම් කවියේ,
රළු කළු ගලෙක මල් කැටයම් කරන්නට
සරසවි වම් ලැබ පෙරුමන් පිරූ විට
අච්චුව කියන ලෙස ගඩොලක් කපන්නට
හුරු කල උපාධිය නුඹ කුමකට ද මට


                                                                            සිය හැඟීම් වලට නිර්දය ලෙසට එළියට පනින්නට ඉඩ ලබා දෙන කවියා එය එලෙසින් ම නොව අපූරු කවියක් ලෙස සංයමයෙන් යුක්ත ව අප හමුවට ගෙනෙනා යුරු මනරම් ය... ඩෙංගු , මී මැස්සාගේ පැනය , නිහැඬියාව , වැදි රජෙකුගේ සෙනෙහස නම් ලද කවි පන්තීන් ද අප සිත් තුළට අපූර්ව වූ හැඟුමක් එක් කරන කවි වන බව සේ ම මෙහි දක්වන්නට අපහසු අනෙකුත් කවි ද  නිහඬව කියන්නේ  කවියාගේ දක්ෂතාව නො වේද... අපූර්ව වස්තු නිර්මානක්ෂමා ප්‍රඥා ( අපූර්ව වස්තු නිර්මාණයට සමත් වූ ප්‍රඥාව ප්‍රතිභාව යි ) යනුවෙන් සංස්කෘත ආචාරීන් පැවසූ වදන් නුවන් තොටවත්ත යන් ගේ කවි වදන් අබිමුව සත්‍ය වන්නේ යැයි හැඟෙයි. එකකට එකක් වෙනස් කාව්‍ය නිර්මාණ හතළිස් තුනකින් සමන්විත හිණිපෙත පාමුල සැබැවින් ම අපූරු කාව්‍ය සංග්‍රහයක් බව පවසමි.


46 comments:

  1. අපූරු කවි කිහිපයක් වගේම අපූරු විචාර සටහනක්... සොයාගෙන කියවන්නට ඇත්නම් යැයි සිතුණා...

    ReplyDelete
    Replies
    1. සමහර විට සරසවියෙ ඇති බලන්න...
      කස්සප සෑහෙන කාලෙකින් දැක්කෙ....
      මොකෝ ලියන්නෙ නැත්තෙ දැං

      Delete
  2. කියෙව්වේ නෑ වෙලාව මදි.. හෙට හමුවෙමු..

    ReplyDelete
    Replies
    1. බාලගිරි දෝසය අද නෙවී හෙට නේද දේ ශා?......

      Delete
  3. දයාබරයෙකුගේ අතපත ගෑමෙන් තව තවත් පිබිදෙන කවි රස සුන්දරයි..

    ReplyDelete
    Replies
    1. ඒ තරං දෙයක් මට කරන්න බැරි වග ඔයා දන්නවනෙව මේ වගේ පොඩියට ලීවට මේකත් හරි නෑ කියලමයි හිතන්නෙ
      මොනව වුණත් ස්තූතියි අගය කිරීමට

      Delete
  4. පොත කියවලා නෑ.. මේ ටිකේ නං පොත කියවන්න වෙලාවක් නෑ..

    ReplyDelete
    Replies
    1. හම්බුණ වෙලාවක බලන්ටකො එහෙනම් ඈ

      Delete
  5. ආදරණීය සහෘදයෙකු ගැන ආදරණීය සටහනක් ......ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. පොත කියෙව්වම ලියන්න ම ඔන කියල හිතුණ...
      කැළුම් අය්ය මට කලිං ලීව නෙව

      Delete
  6. පොත කියවා නොමැති නමුත් අපූරු කවි ටිකක් නං තියනව කියල දැනෙනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පට්ට කවි ටිකක්ත තියේ හම්බුනොත් බලාන්

      Delete
  7. හොඳ කවි ටිකක් තියන පොතක් වගෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම් ලස්සන අපූරු කවි ටිකක්

      Delete
  8. මෙන්න නියම කවි ..කියවද්දි ආස හිතනවා .... සරසවියේ ඔය පොත නැද්ද දන්නේ නෑ .යන වෙලාවක අරගෙන යන්න.බලමු ආයෙත් දවසක පොතක් ගන්න යන්න හිතන් ඉන්නෙ මේපාර එහෙනම් කවි පොතක් ගන්නව :) ...මේ විදිහෙ ලිපියක් ලිව්වට ස්තුතියි ..මේ කවි ටික ආසාවෙන් කියෙව්ව

    ReplyDelete
    Replies
    1. සරසවියෙ ඇති ඒත් කුරුණැගල නං නැ හංසිය කොහෙද කියල දන්නෙත් නෑ නෙව බලන්න හම්බවෙයි
      ස්තූතියි

      Delete
  9. කවිපොත් කියවන්න, මේ වගේ ලියන්න අය ඉන්න එකත් සතුටට කරුණක්!

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං කවි පිස්සො කියල දන්නව නෙව...
      හිහි

      Delete
  10. කවි කියන්නෙ ඉතිං රස ගුලාවක්...වෙලාව අරගෙන නිදහස් මනසින් රස විදිය යුතු දෙයක්...පොතේ කවරයට මගේ හිත ගොඩාක් ඇදී ගියා...ලස්සනයි නේද ඒක..

    ReplyDelete
    Replies
    1. නිදහසේ විදින්න වෙලාවක් අවොත්
      කවරෙ නං අපුරුයි තමා

      Delete
  11. විචාරයනම් මනරම්! පොත් කියවන්න වෙලාවක් නැතත් මේ කියෙව්ව ටිකේ පුදුම රසයක් තිබුණා. උපුටා දැක්වීම ගැනත් ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මං ඒ හැටි විචාරකයෙක් නෙවී නෙව මට හිතුණ දේ කියෙව්ව එච්චරයි....
      උදව්වක් වුණා නං සතුටුයි

      Delete
    2. //සිය කැරලි ගසන හැඟුම් විටෙක සුමට වත් විටෙක හාස්‍යාත්මක වත් විටෙක රළු සැඬ පරුෂ වත් යොදා ගන්නා කවියා සිය සකල වූ නිර්මාණ යන් හි අවසන දී අප ව වෙනස් ම මානයකට කැඳවා ගෙන යයි.//
      //මනු සමාජය නොතිත්ව වෙලාවත් බල අරගලය දෙස කවියා සියුම් ඇසකින් බලා ඇති අයුරු අපූරුය . එමතු නොව ඉන් ඔහු හෙලන සමාජ දෘෂ්ටි වාදය සදය උපහාසාත්මක ය. බැරෑරුම් ය. විවේචනාත්මක ය. //
      මේවා මනරම් නොවේදැයි මද (වශයෙන්) කිපී ප්‍රශ්න කරමි.:D

      Delete
    3. මද කිපුණය කීව...
      මළා....
      අහල පහල හස්ථිරාජයෙක් වත් නැද්ද බලාං මධු මාධවියෙ... :D :D :D :D :D :D
      හපොයි....
      හිහි

      Delete
  12. කවි ටික නම් නියමයි.... ඇත්තට ම කියැවීමෙන් අපිත් ටිකක් වෙනස් විදිහට හිතන්න ඕනේ කියලා හිතුණා.. ඇත්තට ම නියමයි මහේෂ්....................

    ReplyDelete
    Replies
    1. යමක් දැනුන නං හැගුණ නම් සතුටක් කුරුටු
      ස්තූතියි

      Delete
  13. කවි කවි කවි.. මනරම් කවි...
    ස්තුතියි ඔත්තුවට

    ජ ය ෙව් වා !!

    ReplyDelete
    Replies
    1. අහුවුණොත් බලන්ට විදානෙ විදානෙත් ඉද හිටල කයි කියෝනව නෙව හිහි
      ජ ය වේ වා . . . . . !!!

      Delete
  14. මුනිදසුන්ලා, සේකරල, කුඩලිගමල තාමත් අපි අතර. පුදුම සතුටක් දැනෙනවා. මහී..ඔබත් අනර්ඝ විචාරකයයෙක්. ඔබේ විචාරයන් සමඟ කවි ටික තවත් වින්දා.

    පොතක් හොයාගන්නවා කියන එකනම් කලුනික හොයනව වගේ තමයි බං. මාත් දැන් අවුරුද්දක විතර ඉඳල පොතක් හොයනවා. තාම හොයාගන්න බැරිවුනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝ ඒත් ඔය කියන තරං මගෙ සටහන නං හොද නැතිව ඇති හොයන්නාට හම්බවෙි කියනව නෙව බලන්න හම්බෙයි දවසක

      Delete
    2. මනෝෂ්, සුපුරුදු ජැක ගසමි ඈ...
      මහේෂ් මචං මෙතන සිංහබාහු කිව්වට පුතෙක් ගැන කියවෙන්නෙ නෑනෙ? එක අතකට සිංහයා කියලා නම දාන්නයැ. තාත්තා කෙනෙක් විදිහට සිංහබාහු කියන්නෙ පුතාව එළවගත්ත පොරක්. හැබැයි පුතාත් පිස්සු කෙලලා තමා එහෙම වුණේ. අපේ සමහර පුත්තු ඉන්නවා ‘අඩක් හිස මුඩු කොට පිටුවහල් කල යුතු‘. ආ...එක්කො ඕන්නෑ උන්ම මුඩු කරගෙන ඉන්නෙ. (අනේ සමාවෙයං වැල් වටාරං කියෝනවට.) කවි ටික පස්ට ඈ...

      Delete
    3. පුතා මැරිල නෙව බං....
      කුහුඹු විසකට රස කැවිලි යැයි
      රැවටි පොඩි පුතු නොම සොයන්නෙමි
      උගුල තුළ දිය සිදුණු දිනයක
      සිනාසෙන යුරු සිහි කරන්නෙමි////

      බලහං අනිත් කවි ටික විසිටරයො සිංහබාහු ත් බැලුවෙ කෝම හරි තමන්නෙ පවුල ආරක්ෂා කරගන්න ඒත් සිංහබා ගෙ පවුලට ඒක තේරුණෙ නෑ සිංහබා අසාර්ථක වුණා මේ සිංහ බා ට පුතාව බේරගන්න බැරිවෙනව ඒත් හිත හදන් තම පවුල රකින්න තමා බලන්නෙම...
      මේ මතුපිට අතගෑම නෙව මට දැනුන විදියට මේ කවිය විවිරණය කරන්නෙ නෑ මොකද අපි අපි එක එකාගෙ කියවීම් වෙනස් හංද මේකට වෙනම විවිරණයක් දෙනව කියන්නෙ කවිය නිදහසේ කියවන්න බාධාවක්

      Delete
  15. හ්ම්.. කවි වල නැවුම් බවක් තියෙනවා. ඒත් ඒවායේ තියෙන සමහර යෙදුම් පිළිබඳව මා අකමැතියි..

    ReplyDelete
    Replies
    1. මං නුවන් අය්යගෙ මූණු පොතේ ලිංකුව දීල තියෙනව නෙව දේශො.... ඔබතුමාට දැනෙන දෙයක් පවසන්න පුලුවන් නුවන් අය්ය සන්තෝස වෙයි එයාගෙ කවි විවේචනය කරනවට...
      ජයවේවා

      Delete
    2. දෙන්නංකෝ ඉස්ම යන්න. පොරගේ ලේ ගමනාගමනය හොදයි කියල උඹට සුවර් නේද?

      Delete
    3. ඔව් ඔව් ඩොක්ට කෙනෙක් නෙව අවුලක් ඇත්තෙම නැ...............
      හිහි

      Delete
  16. කවි පොතක් නම් කියවන්න කියලත් හිතුනා.. ඒත් ඉතින් උඹට වගේ අපිට කවුරු තැපෑලෙන් එවන්නද..

    ReplyDelete
    Replies
    1. ආනේ මගේ කට. අනිත් ඔක්කෝම තැපැලෙන් එවන්න හොදයි. පොතක් එව්වම නරකයි..

      Delete
    2. හරි හරි මට පොතක් හම්බුණොත් මං ඇරං එවන්නං හරි නෙව මේක නං දෙන්න බෑ ඕං දැංම කිව හිහි

      දාන්න දේශ පහක්....

      Delete
  17. කවි ලස්සනයි. මේ සටහන ලියලා තියෙන්නේ බොක්කෙන්ම විඳලා කියලා හිතුනා. ඇත්තටම මහේෂ් මම ඊට වඩා වින්දේ සහ අගය කරන්නේ උඹේ සිංහල භාවිතය. ආඩම්බරයි!!!!!!

    ReplyDelete
    Replies
    1. කවි ටික නං ඇත්තටම පට්ට අරු අය්ය කොහෙ හරි හම්බුනොත් නිකමට ඇරං බලන්න... ඇත්තටම මීට කලිං මේම ලියන්න ඕන කියල හිතුණෙ මීළග මීවිත කියවල ඒත් ඒකට ඒ දවස් වල ඕනවට වඩා විචාර තිබ්බ හන්ද අතෑරිය. ඊට පස්සෙ පොත් අම්බානෙක කියෙව්වට මේක තරං වැදුන්නෙ නෑ... ඇත්තටම බොක්කෙන්ම විඳලා කියන එක නං හරි...
      මට ඒ තරං සිංහල බෑ අරු අය්ය තාම ඉගෙන ගන්නව ඒත් ස්තූතියි මාව අගය කලාට.. අරු අය්ය වගේ කෙනෙක් එහෙම කියද්දි මටත් පුංචි කික් එකක් දැනෙනව...
      ජයවේවා

      Delete
  18. කවියෙන් තියෙන පෝස්ට් වල අප්සෙට් එක තමයි, කවියෙන් කමෙන්ට් කරන්න බැරි මං වගේ උන්ට හීන මානයක් ඇතිවීම. :D

    ReplyDelete
    Replies
    1. හිතන්නෙපා අය්යෝ මටත් බෑ නෙව.................
      හිහි...
      ඇවිල්ල බලල යනේකම වටිනව නෙව

      Delete
  19. ෂාහ්.... නියම කවි ටික.. බරපතල නෑ., හරිම සරලයි., කියවන්නෝන කොහොම හරි හොයන්...

    තව එකක් අවන් හලට ගොඩවුනේ මන් අදනේ... දැන් ඉතින් හැමදාම එන්නෝන තේ එකක් හරි බීලා යන්න.. :)

    ReplyDelete
    Replies
    1. සුසීව සාදරයෙන් පිළිගන්නව අවන්හල පැත්තට...
      එන්ට එන්ට තේ විතරක් නෙවී තව තව ඒව ගොඩයි...
      පේනවනෙ ඔය මෙනු එක....
      හිහි.........................................
      ජයෙන් ජයම වේවා

      Delete
  20. ස්තුතියි.... හැමෝටම..

    ReplyDelete