කිව්වට කලාබර
නො වෙයි කලාවට බර
වංස හතර ම අඳුරන
හේරත් ය උප්පැන්නෙ නම ......
කුට්ටමේ කොල පනස් දෙක
නෑයන්ටත් වඩා අඳුරන
ළඟ නැති වෙලාවට
ඒ වුනත් ඉඳහිට
ඉණ නැති විටදි කුට්ටම
දෙකක් දා ගෙන ලාවට
කියයි හේරා බූරුවා මම ....
කාටවත් නො වුණාට බර
ඇද්ද හැම කෙනාගෙ ම බර
තිබුනත් කර මත
නො දැණුනා වාගෙයි මහමෙර
කන්දට නගින අඩිපාර ළඟ
උඹේ ගෙදරට හැරෙන තැන ටැංකි ළිඳ
දිය මත පාවෙවී රෑ තිස් සෙම
උන්නෙ ඇයි මාමේ දයාබර
තාමත් මතක් වෙයි මට
කළු රැවුල මැදින් පායන හිනා හද
නෝක්කාඩු කීව ම මම නොයෙක් වර
ඉන්නවා නං ඇහෙන මානෙක
අහපංකො මාමෙ මං කියන එක
දවසක ඇවිදින් ටැංකි ළිද ලග
ඉන්නවද මං එන්න හවහක……
ලියූ කවියකට ටිප්පණි ලිවීම මගේ සිරිත නොවේ. එහෙත්
ලිවිය යුතු ම වේ නම් නො ලියා සිටිය නො හැකි ය. හේරත් මාමා මියගියේ මිට වසර පසළොසක
තරම් අතීතයේ දී ය. එවකට මට වසර දහයකි. මා හා බෙහෙවින් කුළුපග මේ මිනිසා මගේ මතකයේ කොනක
රැඳී ඉන්නේ දිය යට එබ්බ වූ රබර් බෝලයක් මෙනි. කාලයකට අනායාසව ම දිය යට සැඟව යන
ඔහුගේ මතකය ඉඳහිට හිත මත් තේ හොල්මන් කරයි. නිතර නො කැපූ රැවුලෙන් යුතු ඔහු උඩු කයට
ඇදුමක් ඇද සිටිනවා මා කිසි දිනයක දැක නැත. එසේම අඩි හයකටත් වඩා උස් ශරීරයකට
හිමිකම් කියූ ඔහු යම් තරමක කාල වර්ණයෙන් යුක්ත ය. ඇඟ පුරාම මයිල් ය. එක් අතක නිතරම
පිහිය කි. ඉනේ පැත්තකට වන්නට කාඩ් කුට්ටම ය. එය නැති දිනක් වේ නම් ඒ මද පමණ ට සප්පායම් වූ දිනෙ කය. නිතරම
කාඩ් කුට්ටම අතේ ඇති බැවින් කලාබර හේරා යැයි සගයන් විසින් ඇමතූ එහෙත් ඉඳහිට මද
පමණට සප්පායම්ව තමන්ට ම හේරා බූරුවා කියා ගන්නා ඔහු මිය ගියේ ඔහුගේ නිවසට යන තැන කඳු පාමුල
පිහිටි ටැංකි ළිඳට වැටීමෙනි. මරණයට හේතුව වූයේ මත්පැන් ය.
සිය නිවෙස කරා යා යුතු මග වූයේ අප නිවසට යාර
කීපයක් තරම් පිටුපසිනි. එහෙත් ඔහු නිතරම සිය ගමන් බිමන් සදහා තෝරා ගත්තේ අප මිදුල
මතින් වැටී තිබූ නොනිල පාරයි. හැම දාම හවසට අප මිදුල දිගේ ගොස් නිවෙසට යන ඔහු සිය දරුවන් දෙදෙනාට ද මට ද නංගීට ද
කුමන හෝ රස කැවිල්ලක් ගන එයි. විටෙක අප හා එක්ව සෙල්ලමේ යෙදෙයි. අපේ ක්‍රිකට් වලට
අලුත් අලුත් විකාර නීති එක් වන්නට ද හේරත් මාමා හේතු වූ බව මතකයයි. නිරන්තර වම අපට
අලුත් අලුත් ක්‍රීඩා වන් හඳුන්වා දුන්නේ ද ඔහු බව මගේ මතකයයි. ඉද හිට අප ද හේර බූරුවා
කියමින් ඔහු ඇවිස්සුව ද දුප් යන්න කියමින් පන්නා ගත්තා මිස අපට වචනයක් හෝ නො කීවේ ය.
ඉඳහිට වත්තේ කාගේ හෝ නිවසක පොල්ලතු වහන්නට ගසක
ඇති මීයක් කඩා ගන්නට හදිසියට ගසකට නැග ගන්නට හෝ වෙනත් ඕනෑම කාර්යයක් සදහා ඔහු
නැතිවම බැරි වූ අයෙක් වග මට මතකය. ඔහු ඒ ඒ දේ කර දුන්නේ මුදලකට හෝ වෙනත් ප්‍රත්‍යුපකාරයක්
බලාපොරොත්තුවෙන් නොව හුදු විනෝදය උදෙසා මය. වරක්
අප නිවස ඉදිරිපස තිබූ සියඹලා ගසේ රදවා තිබූ කලයක වූ මීයක් කඩා ගන්නට ඔහු
ගසට නැග්ගේ නිතරම මුවග දැල්වෙන සැර දුමක් සහිත සුරුට්ටුවත් ගස් ලබු බටයකුත් සමග
පමණක් බව මට මතකය. මී මැස්සන් පස් හය දෙනෙක් දෂ්ට කර තිබුණා හැර අන් හානියක් කරන්නට
මී මැස්සන් අසමත් ව තිබිණි. ඔහුගේ අනුභාවයෙන් අපට ද සූප්පු කර කර ඉන්නට පිලවුන්
සහිත වද කීපයක් ලැබුණි.
ඔහු මියයාමට පෙර අවුරුද්දක සිංහල හින්දු අළුත්
අවුරුදු කාලයක සිදූවූ සිදුවීමක් මට මතකයට නැගේ. සිය පුත්‍රයාට ද මට ද රතිඤ්ඤා
පෙට්ටිය බැගින් ගෙන විත් දුන් ඔහු මට තෑගි ලැබුණ පෙට්ටියෙන් එක් කරලක් ඉල්ලා සිටියේ
ය. හනුමා රතිඤ්ඤා රෝලක් වූ එය විවෘත කර ඔහු වෙතට පෑවේ අවැසි තරමක් ගන්නට හැකි වන
ලෙස වුවද එක ම එක් කරලක් පමණක් ගත් හෙතෙම මිදුල මැද්දෑවට ගොස් රතිඤ්ඤා කරලේ අගිස්සෙන් තදින් අල්ලා සේව නූලට
සිය මුවග දැල්වෙමින් තුබූ සුරුට්ටුවෙන්ම ගිනි තැබීය. රතිඤ්ඤය පුපුරා ගියේ ඔහු අතේම
ය. නමුත් ඔහුට හානියක් සිදු නො වූ බව මට හොඳ හැටි මතකය. රතිඤ්ඤයේ අග ඇති මැටි ගුලි
ය කොටසෙන් තදින් අල්ලා ගත් විට අතට හානියක් නොවන වග පසු කලක මට වැටහුණ ද එවන් වූ
කාර්යයක යෙදීමට තරම් මම නිර්භීත නො වීමි.
පසු සටහන-- පසුගිය දිනෙක ඔහු වෙනුවෙන් දානමය පිංකමක් සූදානම් කර තිබුණි. එයටද සහභාගී වී එන අතර තුර හිතට දැනුන සිතුවිල්ලක් කවියක් ලෙස කුරුටු ගෑවෙමි. මුලදී කවිය පමණක් සටහන් කරන්නට සිතුවද එය ප්‍රමාණවත් නොවේ යයි සිතූ බැවින් අවසන මෙවන් සටහනක් ද එක් කරන්නට සිතූයෙමි.
//කුට්ටමේ කොල පනස් දෙක- නෑයන්ටත් වඩා අඳුරන//
ReplyDeleteසරල නිර්ව්‍යාජ ජීවිත නේද? පැදියත් ගැදියත් එකවගේ රසවත්.
ස්තූතියි මදාවි නෝනෙ....
Deleteසරල අහිංසක මිනිස්සු එකම වැරැද්ද හිතුවෙ අද විතරයි...
හෙටක් නෑ... නැත්තං හේර අදත් ජීවත් වෙනව
//මදාවි නෝනෙ//
Deleteඅහුවෙද්දෙංකො, ගහන්නෙ කුඩේ කුඩු වෙනකම්.
මං කුඩු වෙනකං ගහනව කියලද කීවෙ නැත්තං මදාවි නෝනෙගෙ කුඩේ කුඩු පට්ටං වෙනකං ගහනව කියලද කීවෙ...
Deleteඔයාගෙ කුඩේ කඩා ගන්න එකා අනේ පවුනෙ ඔයා
හිහි
ලස්සන ජීවිත කතාවක්...
ReplyDeleteසුඛාන්තයකින් නොව දුඛාන්තයකින් කෙළවර වූවක්
Deleteසමාජයට, පවුලට 'කාලකන්නි' කියා සිතෙන මිනිසුන්ගේ ඇතුලාන්තයේ තිබෙන ඒ සුන්දර තැන් ගොඩක් දුරට ස්පර්ශ කර ඇත්තේ කුඩා දරුවන්. ඒකෙන් මම අදහස් කරන්නේ නැහැ ඔබේ මේ මාමා කාලකන්නියෙකු විදියට ( ඔබ පටු විදියට එහෙම හිතයි කියලා මම අදහස් කරන්නේ නැහැ) ගොඩක් බේබදු, වැඩකට නැති යයි සමාජයේ හඳුන්වන මිනිසුන් අවස්සනයේදී මියගියාම තමයි අපි 'ඇත්තටම' ඒ පුද්ගලයා අඳුනා ගන්නේ. ඔහුට සවන්දෙන කෙනෙක් හමුවන්නෙම නැති තරම්. උදාහරණ ඕනේ තරම්!
ReplyDeleteඑකෙන්ම එකග වෙනව උපේක්ෂට...
Deleteමේ වගේ අයව බාහිරින් බලල තීරණ ගන්න අය ගොඩක් වැඩියි...
මට කිසිම සම්බන්ධයක් ඇත්තටම නෑ කොටින්ම දුර ඥාතිත්වයක් හෝ නෑ ඒත් පොඩි කාලෙ මම විදපු දැකපු දේ එක්ක මට මෙයාව සෑහෙන්න හිතට වැදුණ...
සමහර විට ඒ උපේක්ෂ කියන සිදුවීම නිසා වෙන්නත් පුලුවන්...
ස්තූතියි උපේක්ෂා
උපේක්ෂාගේ මේ කමෙන්ට් එකට මමත්100%ක් එකඟයි!!!
Deleteඒක නං ඇත්ත නේහ් අරු අය්ය
Deleteසරල මිනිස්සු..
ReplyDeleteවිය හැකි දෙයක්
Deleteගොඩක් හිත හොද මිනිස්සු අදුරගන්නකොට පරක්කු වැඩියි.....!!!!
ReplyDeleteනෑ අදුන ගත්තත් අදුන නොගත්ත වගේ ඉන්න කැමතී ඒත් ඒ මනුස්සයගෙන් වැඩක් තියේ නං ඒක නං කෝම හරි ගන්නව...
Deleteඒ මං හිතන්නෙ අපේ උංදැලගෙ හැටි
මහේෂ්..................
ReplyDeleteගද්‍යය පද්‍ය තව තවත් විස්තර කරා තමයි. ඒත් පද්‍යය ඒ අදහස මොනවාට විස්තර කරා කියලයි මටනම් හිතුනේ....... අැත්තට ම ලස්සනයි පද ටික... රටාව හරිම සිත් අැදගන්නා සුළුයි..... ඒ වගේම සුන්දර මතකයක් අකුරු කරලා තියෙන විදිහත් නියමයි.. හිතේ තිබුණ බරක් සැහැල්ලු වෙන්න අැති..... අගෙයි...........
ස්තූතියි කුරුටු ඒත් මට හිතුණ තමා මේ විස්තර ලිව්ව වැඩි කියනෙක...
Deleteකමන්නෑ දැං ඉතිං ලියපු එක නෙව...
ආයෙ මකන්නෑ...
ස්තූතියි කුරුටු...
ජයෙන් ජයම වේවා
කවියද..කවියට හෙතු වු කතාවද එල ද බ්‍රා ලෙසටම ලියලා තියනවා..
ReplyDeleteනිවන් සුව නොපතා අප අතරම ඉපදෙවෙවායි පතමු
ස්තූතියි මෙන්ඩො...
Deleteමාත් කැමතී මෙන්ඩ කීව දේ වෙනව නං ඇත්තටම...
ජයවේවා
කවියත්, විස්තරයත් නියමයි. දරුවො දෙන්නා පුංචි කාලෙදිමද නැති වුණේ?
ReplyDeleteහුටා
Deleteඅශාන් ට තේරිලා නැතිවා වගෙයි දරුවො දෙන්න ගැන නං මෙතන කීවෙ නෑ නෙව...
කීවෙ වෙනම දෙයක්..
බලන්න තව පාරක් කියවන්න ට්‍රයි එකක් දීල...
නෑ නෑ මං ඇහුවෙ දරුවො දෙන්නා පුංචි කාලෙදිමද හේරත් මාමා නැති වුණේ කියලා?
Deleteඔවු බං...
Deleteසෑහෙන්න පොඩියි මටත් වඩා බාලයි නෙව එතකොට මටත් දහයක් නැත්තං එකොලහක් ඇති
මහගම සේකර ගෙ, තුම්මන්හන්දිය නව කතාවෙ, ලොකු මාමත් මේ වගේ චරිතයක්..
ReplyDeleteකාල බීල, හැමෝගෙම වැඩ කරල දීල, සමහර වෙලාවට බැනුම් නුත් අහල, තනියමම, නොකියාම, නික්ම ගිහිපු....
කොමෙන්ටුව නං අපූරුයි...
Deleteමානවිකා කියන දේට මමත් එකගයි
මටත් බූරුවා ගහන්න ගහන්න හිතෙනනව මහේස්..
ReplyDeleteඅවයාජ අහිංක මින්න්න්ිසු2ක..
ිජ යනෙවව ාව !!!
විදානයගෙ යුනිකෝඩුත් ළඟකදි ඉඳන් විදානය වගේම දෙකක් දාගත්තු ගමන්මද කොහෙද..
Deleteවිදානෙ....
Deleteබූරුව ගහන්න නං යන්නෙපා...
අසංක
ඇත්ත කතාව මචෝ ඒක නං
අහන්න බැරි වුණා
Deleteඇයි විදානෙ ලියන්න නැත්තෙ දැං
පට්ටයි ඈ....
ReplyDeleteස්තූතියි ඈ
Deleteසුන්දර ඒත් යම් තරමක ශෝකයක් කැටි වුණු ස්මරණයක්. අපට මේ කෙටි කාලය තුල මුණ ගැසෙන එවැනි මිනිසුන් අප වෙතින් නික්ම යන්නේ සිත් වල සදාතනික මතකයන් ඉතිරි කරමින්..
ReplyDeleteඇත්ත චන්දන අය්ය අමතක නොවෙන මිනිස්සු මතක් කරන්න ඕන නෑ මොකද හැමදාම ඒ අය අපේ මතකෙ ජීවත් වෙනව
Deleteකවිය නම් නියමයි ..
ReplyDelete//කන්දට නගින අඩිපාර ළඟ
උඹේ ගෙදරට හැරෙන තැන ටැංකි ළිඳ
දිය මත පාවෙවී රෑ තිස් සෙම
උන්නෙ ඇයි මාමේ දයාබර
මෙන්න මේ පද පේලි ටික තදටම හිතට දැනුන ........
ස්තූතියි හංසියෙ...
Deleteජයවේවා
කවියත් කතාවත් හිතට මාර සමීපං මචං..
ReplyDeleteඔයාගෙ හිතට දැනුන නං සතුටක්...
Deleteඔය වගේ හරි සරල චරිත අපි හැමෝගෙම ජීවිත අවට තියෙනවා.
ReplyDeleteඒත් අපි ගණං ගන්නෙ නෑ නේද විභීෂන
Deleteඒකනම් කදිම ස්මරණයක් මහේෂ්. මෙවන් සංවේදී සිදුවීම්ද ඔබේ ස්මරණ චාරිකාවට ඇතුලත් විය යුතුමයි. මෙවන් මතක පිරි මිනිසුන් අපි තුලත් ඉන්නවා. මෙම සහෘදයා නිසා ඔවුන්ද සිහි වී නෙතඟ කඳුලු පිරවීමට ඔබේ ලිවීම සමත් උනා.
ReplyDeleteපට්ටයි..
ස්තූතියි මනෝ...............
Deleteඇත්තටම හේරත් මාමා සොඳුරු මිනිහෙක්.මෙවන් සොඳුරු චරිත හැම ගමකම හිටපු බව මට මතකයි.අවාසනාවකට වගේ එවන් පුද්ගලයන් දැන් සදහටම වඳ වෙලා ගිහිං.ඔහුගේ වියෝවෙන් අවුරුදු පහළොවකටත් පස්සෙ ඔබ අතින් ලියවුනු මේ කව් පෙලත් සටහනත් ඔහුට උපහාරයක්ම වේවි.
ReplyDeleteවඳ වෙලා නෙවී වඳ කරල හැලපෙ...
Deleteමොකද ඒ වගේ අයව ගණං ගන්නෙ නෑ නෙව
මෙහෙම මිනිස්සු සදා අමරණීයයි.ජීවත්ව ඉන්න කාලෙට වඩා අපි අතර නැති උනාම දැනෙන වටිනාකම ගොඩක් වැඩියි..
ReplyDeleteඒක නං ඇත්ත බං...
Deleteඅපි තේරුං ගන්නෙ නැ ඒ වගේ මිනිස්සු නැත්තං තේරුං ගන්නනෙ පරක්කු වෙලා
හේරත් මාමා ගැන කවියයි ඒ සොඳුරු සරළ ජීවිතේ ගැන විස්තරෙයි දෙකම හදවතට ගොඩක් සමීප වුනා..
ReplyDeleteහිතට දැනෙන්න මං ලියල තියෙනව කියල හිතෙද්දි සතුටුයි මටත්
Deleteබොලාගෙ කවිය බොහොම පංකාදුයි මලයො.
ReplyDelete/කන්දට නගින අඩිපාර ළඟ
උඹේ ගෙදරට හැරෙන තැන ටැංකි ළිඳ
දිය මත පාවෙවී රෑ තිස් සෙම
උන්නෙ ඇයි මාමේ දයාබර
මේ කොටස මගේ හිතට තදින් වැදුනා. අපේ පැත්තෙත් හිටියා නිතරම මධුවිතෙන් කරටිය පාත්කරගත්ත චරිතයක්...ඔහුත් රතිඥ්ඥා අතේ තියාගෙන පත්තු කරපු කෙනෙක්...මට ඔහුවත් මතක් උනා....මිනිහත් අද අප අතර නෑ.
ආයෙ ඒ වගේ මනුස්සයෙක් හම්බනේනෙ නෑ සිරා අය්යෙ
Deleteඇත්තමයි ආයෙ මට ඒ වගේ කෙනෙක් හම්බෙලත් නෑ
මහේෂ්.......මේ වගේ මිනිස්සු ආපහු හම්බවෙන්නේ හරිම කලාතුරකින්. අව්‍යාජ පොරවල්. බොරු බයිලා, නාඩගම් නැහැ. ඉස්සර ගම්වලත්, නගරවලත් එවැනි අය හිටියා.
ReplyDeleteඋඹ බූරුවා කුට්ටම මතක් කරපු නිසා මටත් අපේ තාත්තගේ යාළුවෙක් මතක් වුනා. නම චූස් චන්දරේ...කුට්ටම කොයි වෙලාවෙත් කලිසමේ පිටිපස්ස සාක්කුවේ.
මෙයා නං සරං කාරයෙක් ඉනේ මයි කුට්ටම... කෙහෙ ගියත් ඒක වරදින්නෙ නෑ...
Deleteඒත් අපිට නං අල්ලන්න වත් දීල නැ
පොඩිඅංට හොද නෑ කියල තමයි කියන්නෙ
කොහොමද බන් මෙ පෝස්ට් එක මට මිස් උනේ.. දැනුත් මේ බුකියෙන් දැකල ආවේ..
ReplyDeleteකුරුටු පවුර කිව්ව වගේ මටත් අමුතු විස්තරයක්නම් ඕනෙ උනේ නෑ.. සුපිරියටම තියනව කවි සෙට් එක.. හේරත් මාම මගෙත් මාම වගේ උනා.. උඹට දැනෙන ඒ දුක දැන් මටත් මිනිහ ගැන දැනෙනවා..
දිගටම කවි ලියපන්.. ජය ශ්‍රී!
පරක්කු වෙලා හරි ආව නෙව කලණ මිත්‍ර.. ඒකම මදෑ...
Deleteස්තූතියි ඇගයීම ට...
ජයෙන් ජයම වේවා
පරක්කුයි වගේ හොඳටෝම (කෝපි බීලා!)
ReplyDeleteඅඩේ, උඹත් බූරුගැහුවා නේද?
ඔය තියෙන්නෙ කවි...ටොපේ ටොප්
අහ් බොලත් කෝපි බොන්න ගියාද
Deleteකෝපි කෝ යකෝ කියල එහෙම ඇහුවෙ නෑ නේද...
හිහි
මට බූරුව ගහන්නත් බෑ ගහලත් නෑ....
ස්තූතියි අගය තලාට
\\කාටවත් නො වුණාට බර
ReplyDeleteඇද්ද හැම කෙනාගෙ ම බර//
මටනම් ඔය වචන දෙක සුපිරියටම වැදුනා අයියේ...
ලංකාවේ ගොඩාක් මිනිස්සු ඉන්නවා ඔය වගේ අය...
හැබැයි කාටවත් ඒවානම් තේරෙන්නේ නෑ.....
ලස්සනයි අයියේ....
කියලා වැඩක් නෑ....
ස්තූතියි දසුන් මචෝ...
Deleteහයියක් මට උඹලගෙ දිරිගැන්නුම...
ජයෙන් ජයම වේවා