අහුකොනක් අල්ලගෙන
ඕමියක් ගහනකොට
මාරියක් හැපෙයි
වැඩි සීනි ප්ලේන්ටියකුත් පෙවෙයි..
ගිරෙන් පුවකේ රහිනකොට
මටත් පුවක් ජුංඩක් කියනකොට
ගෙඩියට දෙක තුනක් රහිනකොට
මොනතරං සැපයක්ද විටකුත් හපන එක..
අන්තිම දවස වෙනකං
මාළු පිණි හට්ටිය කිරි හොද්දටම බහිනකං
තනි රැක්ක මළ ගෙදර මිනියක් නැති වුණත්...
හත් දොහේ දානෙට කරල හැම වැඩත් අන්තිමට
යන්න යනකොට හට් එකත් ගලවන් ඉවරෙට
ඇහෙයි මිමිණුමක් නතුවුණ සෝබර ස්වරයකට
"බොහොම පිං මල්ලියෙ"
හිත පිරෙයි හීන්සීරුවට.....
ඕමියක් ගහනකොට
මාරියක් හැපෙයි
වැඩි සීනි ප්ලේන්ටියකුත් පෙවෙයි..
ගිරෙන් පුවකේ රහිනකොට
මටත් පුවක් ජුංඩක් කියනකොට
ගෙඩියට දෙක තුනක් රහිනකොට
මොනතරං සැපයක්ද විටකුත් හපන එක..
අන්තිම දවස වෙනකං
මාළු පිණි හට්ටිය කිරි හොද්දටම බහිනකං
තනි රැක්ක මළ ගෙදර මිනියක් නැති වුණත්...
හත් දොහේ දානෙට කරල හැම වැඩත් අන්තිමට
යන්න යනකොට හට් එකත් ගලවන් ඉවරෙට
ඇහෙයි මිමිණුමක් නතුවුණ සෝබර ස්වරයකට
"බොහොම පිං මල්ලියෙ"
හිත පිරෙයි හීන්සීරුවට.....
අත්දැකීම් කතාකරනාවිට, අත්දැකීම් ඇතියවුන් පමණක් වටහාගනියි.
ReplyDeleteමේ වැඩේ ආතල් එක කියන්නේ මළගෙදර අය දන්නේ නැති උනත් මල ගෙදරට ගිහින් ඉන්න එක :p
ReplyDeleteඒ ඉස්සර මල ගෙවල් මචෝ ...දැන් නයිටක් ගහන්න මිනිස්සු සල්ලිවලට ගන්න වෙයි ...
ReplyDeleteසොඳුරු මතකයක් ..
අපේ ගමේ එක හූවකින් එක සැනින් කළ වැඩ කප්පරක්
දිවි ඇති තුරා වෙහෙසී වුණත් කරගන්න අද බැරි හැටි බලන්
වහලෙට නැගීහැඬවූ සැනින් - හූවෙන් රෑළක් ආවා ලෙසින්
අත් දහසකින් හැම දේ වුණා - විස්කම් දෙවිඳු වැඩියා වගේ
හුළු අතු බැඳන් මහ රෑ පවා - දුකබෙදා ගන්නට ආ එවුන්
එළි රැස් නිවා සැඟවී ගොසින් - ගම පුරා කළුවර දවටමින්....
ගී පද : ආනන්ද හේවා රංහිඳගේ
ස්වර : විශාරද කරුණාරත්න විජේවර්ධන.
ගායනය : විශාරද කරුණාරත්න විජේවර්ධන
මාස ගානකින් බ්ලොග් එක මතක් වෙලා තියෙන්නෙ.
ReplyDeleteඅපිට නම් ඉතින් මිනීය නැතුව හරි මළ ගේ තියෙනවා නම් ඇති නයිටක් අදින්න. ලස්සනයි මහේශ්. ඇත්තටම.
ආයෙත් අපේ කොළු කාලෙට ගියා මේ පදටික කියවාගෙන යත්දි , ගියාවිතරක් නොවෙයි ඒ හැඟීම හිතට වගේම ගතටත් දැනෙනවා වගේ, හරිම ලස්සනයි , ස්තුතියි
ReplyDeleteමලගෙවල්, දාන හැම එකේදිම එතෙක් ගේ පිරිලා හිටි සෙනග ඔක්කොම ගිහාම දැනෙනවා අමුතු හිස් බවක් එක්ක අමුතු නිදහසක්.
ReplyDeleteඋඹ කාලෙකට පස්සෙ වුණත් වැඩිය නොකියවෙන සබ්ජෙක්ට් එකක් ගැන වටිනා දෙයක් ලියලා තියෙන්නෙ.
මළ ගෙදරක නිධාන කතාවම කියැවෙනවා මේ අපුරු පද පේලි ටිකෙන්. නයිට ගැහිල්ල පංකාදු පහට වගේම අන්තිම පදයෙන් කියැවෙන හැගුම සුපිරිම තමයි මහේෂ්
ReplyDeleteමහේෂ් කාලෙකිං.කොහොම උනත් කයි පද ටික අපූරුයි.මම වැඩියම කැමති අන්තිම කවියට.එතකොට ගෙදර අයගෙ හිතේ ඇතිවන පාළුවත් හිස් බවත් ලියවුනා නං අගෙයි.
ReplyDeleteනයිට ගහන එකේ තියනවා අමුතු මේකක්.... අදමයි මේ පැත්තේ ආවේ... අයෙත් දිගටම එනවා
ReplyDeleteනියම කයි පද ටික.
ReplyDeleteතාමත් ගම් වල ඔය තත්වය තිබුණත් නගරබදවනං රෑ දොලහ එක වෙනකොට ගෙදර කට්ටිය විතරයි.
අනික දැං පිනට වැඩ කරන එකෙක් ඉන්නෙ බොහොම කලාතුරකින්.
දැන් නයිට් ගැහිලි නැහැනේ බං.මිනිය තියන්නේ මල් ශාලාවේ.උදේ 8.00 අරිනවා.රෑ 9.00 වහනවා.
ReplyDeleteමලගෙදරක නයිටක් ගහනවා කියන ඒක හරි සුන්දර දෙයක්..... මට මතක අැති කාලෙත් මලගෙදරකට ගියොත් මං නිදා ගන්නේ නැහැ...... කැරම් ගහනවා ඒළි වෙනකල්.... ඔ්මි ගහන්නට පුරුදු වුණෙත් මලගෙවල් වලින්..... දැන් නම් වෙලාව නැහැ.. ඒත් සෙට් වුණොත් අතඅරින්නැහැ...
ReplyDeleteමහේෂ් සහෝ කොහෙදැයි ගියේ.................
Deleteගම් පලාත්වල මිනිස්සුන්ට ඔව්ව අගේ උනාට
ReplyDeleteනගරේ මිනිස්සුන් ඔහොම නැහැ හැම විට
එළිවෙනකල් නිදිමැරුවත් සමහර වෙලාවට
තේ එකක් දෙන්නේ නැහැ නිදිමරණ උදවියට
මිනිය උස්සල මාස තුන හතර පිරෙනකොට
මරුන එකා උන්නද මලාද නැති වෙනකොට
මරණ දැන්වීම් උඩින් තව ඒවා අලවෙනකොට
නිදි මරපු එවුන් මතක නැහැ මළගෙදර එවුන්ට
තමගේ මරුන එකා අමතක වෙන කොට කොහොමද අනිත් එවුන් ගැන මතක තියා ගන්නේ
Deleteබ්ලොගේට කවිය දාල තියනවා අදයි දැක්කෙ. දැන් ඉතින් තවත් කවියක් .. තවත් කවියක් ලියමු ... :)
ReplyDeleteනයිටක් ගහන්න තියෙනවනං ඒ කාලේ නොකවත් කමක් නෑ. අන්තිමට හත්දවේ දානෙත් දුන්නට මරුනේ මොකාද කියල දන්නෙත් නෑ
ReplyDeleteලස්සනයි මහේෂ්.. ගම්වල මෙව්වා අදටත් රැකිලා තියෙනවා.
ReplyDeleteමෙකේ ආතල් එක දන්නේ නයිට් ගහපු එවුන් විතරයි බන්!!! මදුරුවෝ කකා විටක් හපන කොට පට්ට!!
ReplyDeleteඔක්කෝම හොදයි අර අන්තිමට අස් කරන්ඩ වෙන සීන් එක තමා බන් අවුල!!
මට වගේ දැන් මෙයාටත් බ්ලොග් එක අමතක වෙලා වගේ ..
ReplyDeleteලස්සනයි කවි ටික මල්ලියෙ.
මහේෂ්ට් කාලේකින් බ්ලොග් එක මතක් වෙලා තියෙන්නේ :)
ReplyDeleteඅන්තිම පද ටික හුඟක් හිතට දැනුනා...
නයිට් අත්දැකීම් ඉතින් කොල්ලොන්ට තමා. එහෙම උනත් අපිටත් දැනෙන විදිහට ලියල තියනවා...
ReplyDeleteමළ ගෙයක්ම කවර් කරල.. ඇත්තටම අගෙයි..
ReplyDeleteකාලෙකට පස්සේ හොද බ්ලොග් එකක් දැක්කා ලිපි පෙළ නම් හොදයි.
ReplyDelete