නොනිදයි නගරය
ඔබ උණුහුමට තුරුළු වී නිදන අතරතුර
ඔබද මාද ඇවිද ගිය මාවත්
නිශ්චලය බෙහෙවින්
ඉඳහිටක පමණක් විදුලි ඇස් දල්වා ගත්
මොටෝ රථයක් තනි මකයි මහ මඟ...
සඳ එළිය යට බැබළෙයි නගරය
නියොන් එළියට නොපරදින සඳකත් කිරණ
සිප ගනී තැන තැන ඔබ මා සිටි නොසිටි සැම තැන
සුසුමක් හෙළමි බරැති
අවසන් වතාවටත් හැරී බලමි
හිත පුරා දැනෙන වේදනාව බදා වැළද
දුර ගමන් සේවා බසයකට අත දමමි
පැකිළුණ පයට සිතින් දොස් තබමි
හිස් අසුනක් සොයා ගොස්
හිඳ ගන්නට අවැසිය...
අවසන් ඡායා මාත්‍රයද මැකීයන නගරයක
එළිය අඳුර පිරි බිම් තීරය පසුවන තෙක්
මොහොතකට රැදී ඉමි.....
ඔබ උණුහුමට තුරුළු වී නිදන අතරතුර
ඔබද මාද ඇවිද ගිය මාවත්
නිශ්චලය බෙහෙවින්
ඉඳහිටක පමණක් විදුලි ඇස් දල්වා ගත්
මොටෝ රථයක් තනි මකයි මහ මඟ...
සඳ එළිය යට බැබළෙයි නගරය
නියොන් එළියට නොපරදින සඳකත් කිරණ
සිප ගනී තැන තැන ඔබ මා සිටි නොසිටි සැම තැන
සුසුමක් හෙළමි බරැති
අවසන් වතාවටත් හැරී බලමි
හිත පුරා දැනෙන වේදනාව බදා වැළද
දුර ගමන් සේවා බසයකට අත දමමි
පැකිළුණ පයට සිතින් දොස් තබමි
හිස් අසුනක් සොයා ගොස්
හිඳ ගන්නට අවැසිය...
අවසන් ඡායා මාත්‍රයද මැකීයන නගරයක
එළිය අඳුර පිරි බිම් තීරය පසුවන තෙක්
මොහොතකට රැදී ඉමි.....
ඔයා යනවද අයියේ...
ReplyDeleteලස්සනයි..
මට අය්ය කියන්නෙ හිතුවද දේශ වගේ මාත් සීය කෙනෙක් කියල හිහි
Deleteපබ්ලිෂ් කරන්න හිටපු එකක් නෙවී දේශ්... ඩ්‍රාෆ්ට් එකේ තිබ්බ සෑහෙන කාලයක්... ඒත් අන්තිමේ බ්ලොග පාළු වෙනව නෙ කියල ඔන්න ඔහෙ පිංතුරයක් දාල හිටං පබ්ලිශ් කලා
ස්තූතියි ඈ
පපුව ඇතුලෙන් හිර කරනවා වගේ හැඟීමක් එනවා කියෙව්වට පස්සෙ. මොකක් හරි හුරු පුරුදු ගතියක් තියෙනවා....
ReplyDeleteඑහෙනං ඉතිං ළග අත්දැකීමක් ඇති
Deleteහිහි
ස්තූතියි අදහසක් එක් කළාට
ලස්සනයි
ReplyDeleteස්තූතියි....!
Deleteසිරාවටම ලස්සනයි මචං..
ReplyDeleteසුපර්බ්...
ස්තූතියි ජෙමෝ...
Deleteජයවේවා
වෙන්වීම මැනෙවින් දැනෙනවා
ReplyDeleteජයවේ මහේෂ්
ස්තූතියි වර්ණෙ... හිතට දැණුන නං සතුටක්
Deleteජයවේවා
පිස්සු කෙලින්න එපා මලයා!
ReplyDeleteඒ විහිළු, මල්ලිත් නියම කුකවියෙක්!
මොන වගේ පිස්සු ගැනද කියන්නෙ රයිගං අය්යෙ
Deleteමල්ලිත් නියම කුකවියෙක්!///
මං කවියෙක් නෙවී කියල නං දන්නව නිකං හිතට එන ඒව පොඩි ලේබලයක් ගහල කුරුටු ගාණව විතරයි... මං ලයන ඒව ගැන වෙලාවකට මටම පැහැදීමක් නැති එක ඇත්ත...
ඒත් කුකවියෙක් කියන්න තරං ඒව අවුල් කියල නං දැනං හිටියෙ නෑ...
ස්තූතියි මොනව වුණත් මීට පස්සෙ වත් ට්‍රයි කරන්නං තව ටිකක් හොදට ලියන්න... එදාටවත් බලන්නකො කුකවි ගතිය නැති වෙලාද කියල
නැහැ මල්ලි, සිරාවට ඒ කතා දෙකම විහිළු. මුලින් කියුවේ පහල හෙන්රි කියල තියනවා වගේ සමුගන්න (බ්ලොග් ලෝකෙන්) හදන්න ලේස්ති වෙන්න එපා කියන එක. දෙවෙනි කුකවි කතාවත් විහිළුවක්.
Deleteමා කොමෙන්ටුවක් දමන්නේ නැහැ යමක් රස වින්දේ නැත්නම්. මේක මට අල්ලලා ගිය පද වැල් ටිකක්. සිරාවටම කියුවොත්, හිතට ශෝකයක් ජනිත කරන පදවැල් ටිකක්. කෙනෙකුට පද ටිකකින් එහෙම හැඟීමක් දෙන්න හැකි එක ලෙහෙසි කරුණක් නොවේ මල්ලි.
හප්පේ මෙයා සීරියස් ඇරං තියෙන තරම... හිහි මං ඔය කියන ඒව ගැන ඒ තරං හිතන්න එපා අනේ.. කවුරු හරි ටිකක් බයිට් කරන්න වගේ හිතුනොත් ඔය වගේ ගොං වැඩක් කරන්න හිතෙනව.. අවුල් ගියා නං ඇත්තටම සොරි හොදේ...
Deleteමා කොමෙන්ටුවක් දමන්නේ නැහැ යමක් රස වින්දේ නැත්නම්//
ඒ ගැන නං විවාදයක් නෑ මොකද මං දන්නව නෙ රයිගං අය්ය කමෙන්ටු දාන්නෙ කලාතුරකිං කියල...
ස්තූතියි අගය කලාට
ජයවේවා
ඒක මිසක්. මමත් හිතුවේ උඹත් බ්ලොග වහලා යන්න යනවා කියලා ඡන්දේ ඉල්ලන්න.
ReplyDeleteආපෝ....... ඡන්දෙ... මම... පොහ්... මම නං යයි....
Deleteහිහි
//දුර ගමන් සේවා බසයකට අත දමමි
ReplyDeleteහැමදේම අමතක වෙන්න
හිතත් දුර ගමනක් යන්න ලෑස්තිද
හරියටම විශ්වාසද ? ... ප්‍රශ්නයක්
ඔය කිව්වට ඔය හිත් ඔහොම ලේසියෙන් යන්න ලැස්ති නෑ
හිතට දැනෙන්න ලිව්ව කවියක් .... ලස්සනයි :)
ඔය කිව්වට ඔය හිත් ඔහොම ලේසියෙන් යන්න ලැස්ති නෑ ///
Deleteඒක නං ඇත්ත හංසියෙ
පබ්ලිෂ් කරන්න හිටපු එකක් නෙවී අනේ... ඩ්‍රාෆ්ට් එකේ තිබ්බ සෑහෙන කාලයක්... ඒත් අන්තිමේ බ්ලොග පාළු වෙනව නෙ කියල ඔන්න ඔහෙ පිංතුරයක් දාල හිටං පබ්ලිශ් කලා...
ස්තූතියි අගය කලාට
ජයවේවා
ඔහොම කවි හංගන් ඉන්න එක නම් ඔට්ටු නෑ ඔන්න. අනෙක් පාර නම් හිත හිත ඉන්නේ නැතිව කවි දාන්න .අපරාදෙනේ මෙහෙම කවි හංගගෙන ඉන්නෙ :(
Deleteඑහෙම වුණොත් මම කවි කෝච්චියක් වෙනව හිහි
Deleteඅනිත් කෙනා බ්ලොග් එකේ මකුළු දැල් බැදෙන්න ඇරල තියෙන්නෙ ඒවත් ඔට්ටු නැ ඔන්න...
ලියන්න අදහසක් නැද්ද ඈ හැබෑටම
ඒව කවිත් නෙවී අනික මට එහෙම හිතෙන්නෙ නැති එකනෙ අවුල.
හිටින්නකො පොඩි අයිඩියාවක් තියේ කවි බ්ලොග් එකක් පටං ගන්න
ඒත් මම විතරක් නොලියන එකක් ටික දවසක් යයි වැඩේට අපි බලමුකො
ස්තූතියි හොදේ
ජයවේවා...
හ්ම්... මට උනා වගේ දැනෙන්න ලියලා. ලස්සනයි මචෝ...
ReplyDeleteස්තූතියි මචෝ....
Deleteසමීප අත්දැකීමක් ඇති එහෙනං ඒ තරමට දැනුන නං
හිහි
එල ද බ්‍රා
ReplyDeleteඑළ ද බ්‍රා මෙන්ඩෙ ස්තූතියි කීව ඔන්න එහෙනං
Deleteකාලෙකට පස්සෙ ආවෙ මේ පැත්තේ...ඒත් ඉතිං යනවනං ඉතිං මක්කොරන්නද?
ReplyDeleteහම්මේ උඹව දැක්ක කල්
Deleteකොහෙද වහං වෙලා හිටියෙ මලේ
වෙල්කම් බැක්...
කාලෙකට පස්සෙ ආවෙ මේ පැත්තේ...ඒත් ඉතිං යනවනං ඉතිං මක්කොරන්නද?
ReplyDeleteමොකෝ යකෝ මේ පදම වැරදිලාද
Deleteහෙක් හෙක්
දුරස් වන්නට සිතන සැමවිට
ReplyDeleteතවත් ළං වෙනවා................
උඹ හොඳ හොඳ නිර්මාණ බ්ලොගේ දාන්නේ නැතුව හංගගෙන ඉන්නව කියලා අදනේ දැන ගත්තේ..
දුරස් වන්නට සිතන සැමවිට
Deleteතවත් ළං වෙනවා//
හිතන්න හිතන්න ළං වෙනව... ඔය කවිය ලියපු කාලෙ ඒක නං මටත් තේරුණ ලෙසටම.. හිහි
උඹ හොඳ හොඳ නිර්මාණ බ්ලොගේ දාන්නේ නැතුව හංගගෙන ඉන්නව කියලා අදනේ දැන ගත්තේ?//
මේකටද කීවෙ... මංද හොදයි නං හොදයි.. ඒත් ඔය රයිගම් අය්ය මං කුකවියෙක් කියල තියෙන්නෙත් මේ කවියම කියනව නේද...
ස්තූතියි කළණෙ
දුරස් වන්නට සිතන සැමවිට
Deleteතවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා
සතුට සපිරුණු නැවුම් ලොවකට
සෙනෙහෙ දම් පිරුවා
අපට අප නැති ලොවක් පිළිබඳ
සිතන්නත් බැරුවා
දුරස් වන්නට සිතන සැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා
සිතට සුවයක් ගෙනෙන සැනසුම
සදන දිව අඳුනක්
නෙතට එළියක් ගෙනෙන නොනිමෙන
දොළොස් මහ පහනක්
ගායනය, සංගීතය - ඉන්ද්‍රජිත් දොලමුල්ල
ගී පද - දෙල්තොට චන්ද්‍රපාල
සිංදු ස්තූතියි මචෝ...
Deleteමටත් සම්පූර්ණ සිංදුව ලියල දාන්න හිතුණ පස්සෙ හිතුණ යකඩෝ සිංදුව ඉන්නවනෙ කියල
හිහි
ජයවේවා
සිතට දැනෙන මේ ලතැවුල්
ReplyDeleteඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට පතා ඔබෙන්
අද ඔබ නැති බිම තනිවී
සිත දවනා අඳුරු හැඟුම්
විඳගන්නම් කවදා හෝ
ඔබ හමු වේ නම්
සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට පතා ඔබෙන්
අද තනි යහනක වැතිරී
රැය නොනිදා නගන සුසුම්
විඳගන්නම් කවදා හෝ
ඔබ ළං වේ නම්
සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට පතා ඔබෙන්
ගායනය - ටී.එම්. ජයරත්න
ඔය කවිය ලියපු කාලෙ මගෙ ෆේවරිට්ම සිංදු වලින් එකක්...
Deleteඒ දවස් වල කී පාරක් නං අහන්න ඇතිද ඒත් ඒකෙන් වුනේ හිත රිදුණ එක විතරයි බං
ස්තූතියි සිංදුවො
ජයවේවා
ආහ් කවියක් මේක නේද? මං හිතුවෙ මෙයා සමුගන්න යනව කියල...
ReplyDeleteහෙ හෙ
කවියක් වගේ නෙවීද පෙන්නෙ
Deleteහිහි
අපෝ නෑ මාත් මේ බ්ලොග් එක අතකෑරල යන්න හිතක් නෑ හිහි
මෙහෙම පපුව පත්තු වෙන ටොපික් දාන්නෙ ඇයි රත්නෙ?
ReplyDeleteනැතුව බෑනෙ මෙයි ඉදල හිටල හරි ඒ වගේ දෙයක් කරන්න එපැයි ඉතිං හිහි
Deleteමේකේ කෑලි අඩුයි නේ බන්??? කොහෙද ගියේ?? මොන බස් එකේද ගියේ? ප්‍රයිවට් එකකද? සි ටී බී එකකද කියලා වත් නෑනේ????
ReplyDeleteඅප්පට සිරි අමතක වෙලානෙ බං සොරි හොදේ...
Deleteඋඹ කැමති කැමති තැන් වලට කැමති කැමති වචන දාගෙන කියවහංකො මචං
හරිනෙ වැඩේ ගොඩනෙ හිහි
අගෙයි මහේෂ්................. ලස්සන නිර්මාණයක්
ReplyDeleteස්තූතියි කුරුටු
Deleteඅකුරු ටික හරිම බරටයි දැනුනේ... අපූරුයි....
ReplyDeleteස්තූතියි තුශානි... අගය කිරීමට
Deleteමේ නගරය ගීතය මතක් උනා අන්තිම හරියට එද්දි...ඔබ කියන ලෙස වෙන් වී ගිය කෙනෙක් වෙන්න ඕනෙ මේ නගරයෙන් යලි අපිට සමීප වෙන්නෙ.
ReplyDeleteමේ නගරය මා ඔබ මුණ ගැසුණ නගරයයි..
Deleteමේ නගරය මා ඔබ වෙන් කෙරුව නගරයයි
සහතික ඇත්ත... මේක මගෙ පුද්ගලික අත්දැකිමක්... ඒත් මට මේ නගරය සිංදුව නං මතක් වුනේම නැ..
ස්තූතියි සිරා අය්යෙ
මෙහෙමෙ දවසුත් තිබිල තියනවා.
ReplyDeletehttp://nelumyaya.com/?p=3771
හ්ම් හ්ම්... හිතෙනව හිතෙනව..
Deleteහිහි
ස්තූතියි ඉඩක් හැදුවට ජයවේවා
නගරය ඔය වගේ ගොඩක් අත්දැකීම් දෙන හරි පුදුම තැනක්. ගමට වඩා ආදරණීයයි..
ReplyDeleteඅද තමයි මුලින්ම ආවේ ...හරිම ලස්සනයි අයියේ පද ටික .... ;)
ReplyDeleteආ............අදනේ මං මහේෂ්ව හොයා ගත්තේ
ReplyDeleteසමහරුන්ට ගමට වඩා නගරය රොමෑන්ටික් වගේ
ඇත්තටම ලස්සනයි අයියේ................
ReplyDeleteහරිම අපූරියි රහයි.....ඔන්න මමත් G+ එකතු උනා.....හැමදාමත් ඇවිත් යන්න මේ පැත්තේ
ReplyDeleteඉතාමත් ලස්සනයි, අපි හැමෝම ගිය පාරක් නිසා සංවේදීයි.
ReplyDelete