Monday, July 20, 2015

ඉතින් සමුගනිමි මම ...

නොනිදයි නගරය
ඔබ උණුහුමට තුරුළු වී නිදන අතරතුර
ඔබද මාද ඇවිද ගිය මාවත්
නිශ්චලය බෙහෙවින්
ඉඳහිටක පමණක් විදුලි ඇස් දල්වා ගත්
මොටෝ රථයක් තනි මකයි මහ මඟ...

සඳ එළිය යට බැබළෙයි නගරය
නියොන් එළියට නොපරදින සඳකත් කිරණ
සිප ගනී තැන තැන ඔබ මා සිටි නොසිටි සැම තැන

සුසුමක් හෙළමි බරැති
අවසන්  වතාවටත් හැරී බලමි
හිත පුරා දැනෙන වේදනාව බදා වැළද
දුර ගමන් සේවා බසයකට අත දමමි
පැකිළුණ පයට සිතින් දොස් තබමි

හිස් අසුනක් සොයා ගොස්
හිඳ ගන්නට අවැසිය...
අවසන් ඡායා මාත්‍රයද මැකීයන නගරයක
එළිය අඳුර පිරි බිම් තීරය පසුවන තෙක්
මොහොතකට රැදී ඉමි.....






පිංතූරෙ ගත්තෙ මෙතනින්

54 comments:

  1. ඔයා යනවද අයියේ...

    ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. මට අය්ය කියන්නෙ හිතුවද දේශ වගේ මාත් සීය කෙනෙක් කියල හිහි
      පබ්ලිෂ් කරන්න හිටපු එකක් නෙවී දේශ්... ඩ්‍රාෆ්ට් එකේ තිබ්බ සෑහෙන කාලයක්... ඒත් අන්තිමේ බ්ලොග පාළු වෙනව නෙ කියල ඔන්න ඔහෙ පිංතුරයක් දාල හිටං පබ්ලිශ් කලා
      ස්තූතියි ඈ

      Delete
  2. පපුව ඇතුලෙන් හිර කරනවා වගේ හැඟීමක් එනවා කියෙව්වට පස්සෙ. මොකක් හරි හුරු පුරුදු ගතියක් තියෙනවා....

    ReplyDelete
    Replies
    1. එහෙනං ඉතිං ළග අත්දැකීමක් ඇති
      හිහි
      ස්තූතියි අදහසක් එක් කළාට

      Delete
  3. සිරාවටම ලස්සනයි මචං..
    සුපර්බ්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ජෙමෝ...
      ජයවේවා

      Delete
  4. වෙන්වීම මැනෙවින් දැනෙනවා
    ජයවේ මහේෂ්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණෙ... හිතට දැණුන නං සතුටක්
      ජයවේවා

      Delete
  5. පිස්සු කෙලින්න එපා මලයා!

    ඒ විහිළු, මල්ලිත් නියම කුකවියෙක්!

    ReplyDelete
    Replies
    1. මොන වගේ පිස්සු ගැනද කියන්නෙ රයිගං අය්යෙ
      මල්ලිත් නියම කුකවියෙක්!///
      මං කවියෙක් නෙවී කියල නං දන්නව නිකං හිතට එන ඒව පොඩි ලේබලයක් ගහල කුරුටු ගාණව විතරයි... මං ලයන ඒව ගැන වෙලාවකට මටම පැහැදීමක් නැති එක ඇත්ත...
      ඒත් කුකවියෙක් කියන්න තරං ඒව අවුල් කියල නං දැනං හිටියෙ නෑ...
      ස්තූතියි මොනව වුණත් මීට පස්සෙ වත් ට්‍රයි කරන්නං තව ටිකක් හොදට ලියන්න... එදාටවත් බලන්නකො කුකවි ගතිය නැති වෙලාද කියල

      Delete
    2. නැහැ මල්ලි, සිරාවට ඒ කතා දෙකම විහිළු. මුලින් කියුවේ පහල හෙන්රි කියල තියනවා වගේ සමුගන්න (බ්ලොග් ලෝකෙන්) හදන්න ලේස්ති වෙන්න එපා කියන එක. දෙවෙනි කුකවි කතාවත් විහිළුවක්.

      මා කොමෙන්ටුවක් දමන්නේ නැහැ යමක් රස වින්දේ නැත්නම්. මේක මට අල්ලලා ගිය පද වැල් ටිකක්. සිරාවටම කියුවොත්, හිතට ශෝකයක් ජනිත කරන පදවැල් ටිකක්. කෙනෙකුට පද ටිකකින් එහෙම හැඟීමක් දෙන්න හැකි එක ලෙහෙසි කරුණක් නොවේ මල්ලි.

      Delete
    3. හප්පේ මෙයා සීරියස් ඇරං තියෙන තරම... හිහි මං ඔය කියන ඒව ගැන ඒ තරං හිතන්න එපා අනේ.. කවුරු හරි ටිකක් බයිට් කරන්න වගේ හිතුනොත් ඔය වගේ ගොං වැඩක් කරන්න හිතෙනව.. අවුල් ගියා නං ඇත්තටම සොරි හොදේ...

      මා කොමෙන්ටුවක් දමන්නේ නැහැ යමක් රස වින්දේ නැත්නම්//
      ඒ ගැන නං විවාදයක් නෑ මොකද මං දන්නව නෙ රයිගං අය්ය කමෙන්ටු දාන්නෙ කලාතුරකිං කියල...
      ස්තූතියි අගය කලාට
      ජයවේවා

      Delete
  6. ඒක මිසක්. මමත් හිතුවේ උඹත් බ්ලොග වහලා යන්න යනවා කියලා ඡන්දේ ඉල්ලන්න.

    ReplyDelete
    Replies
    1. ආපෝ....... ඡන්දෙ... මම... පොහ්... මම නං යයි....
      හිහි

      Delete
  7. //දුර ගමන් සේවා බසයකට අත දමමි

    හැමදේම අමතක වෙන්න
    හිතත් දුර ගමනක් යන්න ලෑස්තිද
    හරියටම විශ්වාසද ? ... ප්‍රශ්නයක්

    ඔය කිව්වට ඔය හිත් ඔහොම ලේසියෙන් යන්න ලැස්ති නෑ


    හිතට දැනෙන්න ලිව්ව කවියක් .... ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වට ඔය හිත් ඔහොම ලේසියෙන් යන්න ලැස්ති නෑ ///
      ඒක නං ඇත්ත හංසියෙ
      පබ්ලිෂ් කරන්න හිටපු එකක් නෙවී අනේ... ඩ්‍රාෆ්ට් එකේ තිබ්බ සෑහෙන කාලයක්... ඒත් අන්තිමේ බ්ලොග පාළු වෙනව නෙ කියල ඔන්න ඔහෙ පිංතුරයක් දාල හිටං පබ්ලිශ් කලා...

      ස්තූතියි අගය කලාට
      ජයවේවා

      Delete
    2. ඔහොම කවි හංගන් ඉන්න එක නම් ඔට්ටු නෑ ඔන්න. අනෙක් පාර නම් හිත හිත ඉන්නේ නැතිව කවි දාන්න .අපරාදෙනේ මෙහෙම කවි හංගගෙන ඉන්නෙ :(

      Delete
    3. එහෙම වුණොත් මම කවි කෝච්චියක් වෙනව හිහි
      අනිත් කෙනා බ්ලොග් එකේ මකුළු දැල් බැදෙන්න ඇරල තියෙන්නෙ ඒවත් ඔට්ටු නැ ඔන්න...
      ලියන්න අදහසක් නැද්ද ඈ හැබෑටම

      ඒව කවිත් නෙවී අනික මට එහෙම හිතෙන්නෙ නැති එකනෙ අවුල.
      හිටින්නකො පොඩි අයිඩියාවක් තියේ කවි බ්ලොග් එකක් පටං ගන්න
      ඒත් මම විතරක් නොලියන එකක් ටික දවසක් යයි වැඩේට අපි බලමුකො
      ස්තූතියි හොදේ
      ජයවේවා...

      Delete
  8. හ්ම්... මට උනා වගේ දැනෙන්න ලියලා. ලස්සනයි මචෝ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ....
      සමීප අත්දැකීමක් ඇති එහෙනං ඒ තරමට දැනුන නං
      හිහි

      Delete
  9. Replies
    1. එළ ද බ්‍රා මෙන්ඩෙ ස්තූතියි කීව ඔන්න එහෙනං

      Delete
  10. කාලෙකට පස්සෙ ආවෙ මේ පැත්තේ...ඒත් ඉතිං යනවනං ඉතිං මක්කොරන්නද?

    ReplyDelete
    Replies
    1. හම්මේ උඹව දැක්ක කල්
      කොහෙද වහං වෙලා හිටියෙ මලේ
      වෙල්කම් බැක්...

      Delete
  11. කාලෙකට පස්සෙ ආවෙ මේ පැත්තේ...ඒත් ඉතිං යනවනං ඉතිං මක්කොරන්නද?

    ReplyDelete
    Replies
    1. මොකෝ යකෝ මේ පදම වැරදිලාද
      හෙක් හෙක්

      Delete
  12. දුරස් වන්නට සිතන සැමවිට
    තවත් ළං වෙනවා................
    උඹ හොඳ හොඳ නිර්මාණ බ්ලොගේ දාන්නේ නැතුව හංගගෙන ඉන්නව කියලා අදනේ දැන ගත්තේ..

    ReplyDelete
    Replies
    1. දුරස් වන්නට සිතන සැමවිට
      තවත් ළං වෙනවා//
      හිතන්න හිතන්න ළං වෙනව... ඔය කවිය ලියපු කාලෙ ඒක නං මටත් තේරුණ ලෙසටම.. හිහි

      උඹ හොඳ හොඳ නිර්මාණ බ්ලොගේ දාන්නේ නැතුව හංගගෙන ඉන්නව කියලා අදනේ දැන ගත්තේ?//
      මේකටද කීවෙ... මංද හොදයි නං හොදයි.. ඒත් ඔය රයිගම් අය්ය මං කුකවියෙක් කියල තියෙන්නෙත් මේ කවියම කියනව නේද...

      ස්තූතියි කළණෙ

      Delete
    2. දුරස් වන්නට සිතන සැමවිට
      තවත් ළං වෙනවා
      මතක නැතිකර ගන්න සිතු විට
      සිතේ රජ වෙනවා

      සතුට සපිරුණු නැවුම් ලොවකට
      සෙනෙහෙ දම් පිරුවා
      අපට අප නැති ලොවක් පිළිබඳ
      සිතන්නත් බැරුවා

      දුරස් වන්නට සිතන සැමවිට
      තවත් ළං වෙනවා
      මතක නැතිකර ගන්න සිතු විට
      සිතේ රජ වෙනවා

      සිතට සුවයක් ගෙනෙන සැනසුම
      සදන දිව අඳුනක්
      නෙතට එළියක් ගෙනෙන නොනිමෙන
      දොළොස් මහ පහනක්

      ගායනය, සංගීතය - ඉන්ද්‍රජිත් දොලමුල්ල
      ගී පද - දෙල්තොට චන්ද්‍රපාල

      Delete
    3. සිංදු ස්තූතියි මචෝ...
      මටත් සම්පූර්ණ සිංදුව ලියල දාන්න හිතුණ පස්සෙ හිතුණ යකඩෝ සිංදුව ඉන්නවනෙ කියල
      හිහි
      ජයවේවා

      Delete
  13. සිතට දැනෙන මේ ලතැවුල්
    ඉවසන්නම් ඔබේ නමින්
    ජීවිතයේ කෙදිනක හෝ
    සැනසෙන්නට පතා ඔබෙන්

    අද ඔබ නැති බිම තනිවී
    සිත දවනා අඳුරු හැඟුම්
    විඳගන්නම් කවදා හෝ
    ඔබ හමු වේ නම්

    සිතට දැනෙන මේ ලතැවුල්
    ඉවසන්නම් ඔබේ නමින්
    ජීවිතයේ කෙදිනක හෝ
    සැනසෙන්නට පතා ඔබෙන්

    අද තනි යහනක වැතිරී
    ‍රැය නොනිදා නගන සුසුම්
    විඳගන්නම් කවදා හෝ
    ඔබ ළං වේ නම්

    සිතට දැනෙන මේ ලතැවුල්
    ඉවසන්නම් ඔබේ නමින්
    ජීවිතයේ කෙදිනක හෝ
    සැනසෙන්නට පතා ඔබෙන්


    ගායනය - ටී.එම්. ජයරත්න

    ReplyDelete
    Replies
    1. ඔය කවිය ලියපු කාලෙ මගෙ ෆේවරිට්ම සිංදු වලින් එකක්...
      ඒ දවස් වල කී පාරක් නං අහන්න ඇතිද ඒත් ඒකෙන් වුනේ හිත රිදුණ එක විතරයි බං
      ස්තූතියි සිංදුවො
      ජයවේවා

      Delete
  14. ආහ් කවියක් මේක නේද? මං හිතුවෙ මෙයා සමුගන්න යනව කියල...
    හෙ හෙ

    ReplyDelete
    Replies
    1. කවියක් වගේ නෙවීද පෙන්නෙ
      හිහි
      අපෝ නෑ මාත් මේ බ්ලොග් එක අතකෑරල යන්න හිතක් නෑ හිහි

      Delete
  15. මෙහෙම පපුව පත්තු වෙන ටොපික් දාන්නෙ ඇයි රත්නෙ?

    ReplyDelete
    Replies
    1. නැතුව බෑනෙ මෙයි ඉදල හිටල හරි ඒ වගේ දෙයක් කරන්න එපැයි ඉතිං හිහි

      Delete
  16. මේකේ කෑලි අඩුයි නේ බන්??? කොහෙද ගියේ?? මොන බස් එකේද ගියේ? ප්‍රයිවට් එකකද? සි ටී බී එකකද කියලා වත් නෑනේ????

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි අමතක වෙලානෙ බං සොරි හොදේ...
      උඹ කැමති කැමති තැන් වලට කැමති කැමති වචන දාගෙන කියවහංකො මචං
      හරිනෙ වැඩේ ගොඩනෙ හිහි

      Delete
  17. අගෙයි මහේෂ්................. ලස්සන නිර්මාණයක්

    ReplyDelete
  18. අකුරු ටික හරිම බරටයි දැනුනේ... අපූරුයි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි... අගය කිරීමට

      Delete
  19. මේ නගරය ගීතය මතක් උනා අන්තිම හරියට එද්දි...ඔබ කියන ලෙස වෙන් වී ගිය කෙනෙක් වෙන්න ඕනෙ මේ නගරයෙන් යලි අපිට සමීප වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේ නගරය මා ඔබ මුණ ගැසුණ නගරයයි..
      මේ නගරය මා ඔබ වෙන් කෙරුව නගරයයි

      සහතික ඇත්ත... මේක මගෙ පුද්ගලික අත්දැකිමක්... ඒත් මට මේ නගරය සිංදුව නං මතක් වුනේම නැ..
      ස්තූතියි සිරා අය්යෙ

      Delete
  20. මෙහෙමෙ දවසුත් තිබිල තියනවා.
    http://nelumyaya.com/?p=3771

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්... හිතෙනව හිතෙනව..
      හිහි
      ස්තූතියි ඉඩක් හැදුවට ජයවේවා

      Delete
  21. නගරය ඔය වගේ ගොඩක් අත්දැකීම් දෙන හරි පුදුම තැනක්. ගමට වඩා ආදරණීයයි..

    ReplyDelete
  22. අද තමයි මුලින්ම ආවේ ...හරිම ලස්සනයි අයියේ පද ටික .... ;)

    ReplyDelete
  23. ආ............අදනේ මං මහේෂ්ව හොයා ගත්තේ
    සමහරුන්ට ගමට වඩා නගරය රොමෑන්ටික් වගේ

    ReplyDelete
  24. ඇත්තටම ලස්සනයි අයියේ................

    ReplyDelete
  25. හරිම අපූරියි රහයි.....ඔන්න මමත් G+ එකතු උනා.....හැමදාමත් ඇවිත් යන්න මේ පැත්තේ

    ReplyDelete
  26. ඉතාමත් ලස්සනයි, අපි හැමෝම ගිය පාරක් නිසා සංවේදීයි.

    ReplyDelete