Friday, September 25, 2015

මතක රසයකි ...

අහුකොනක් අල්ලගෙන
ඕමියක් ගහනකොට
මාරියක් හැපෙයි
වැඩි සීනි ප්ලේන්ටියකුත් පෙවෙයි..

 ගිරෙන් පුවකේ රහිනකොට
මටත් පුවක් ජුංඩක් කියනකොට
ගෙඩියට දෙක තුනක් රහිනකොට
මොනතරං සැපයක්ද විටකුත් හපන එක..

අන්තිම දවස වෙනකං
මාළු පිණි හට්ටිය කිරි හොද්දටම බහිනකං
තනි රැක්ක මළ ගෙදර මිනියක් නැති වුණත්...

හත් දොහේ දානෙට කරල හැම වැඩත් අන්තිමට
යන්න යනකොට හට් එකත් ගලවන් ඉවරෙට
ඇහෙයි මිමිණුමක් නතුවුණ සෝබර ස්වරයකට
"බොහොම පිං මල්ලියෙ"
හිත පිරෙයි හීන්සීරුවට.....
 

24 comments:

  1. අත්දැකීම් කතාකරනාවිට, අත්දැකීම් ඇතියවුන් පමණක් වටහාගනියි.

    ReplyDelete
  2. මේ වැඩේ ආතල් එක කියන්නේ මළගෙදර අය දන්නේ නැති උනත් මල ගෙදරට ගිහින් ඉන්න එක :p

    ReplyDelete
  3. ඒ ඉස්සර මල ගෙවල් මචෝ ...දැන් නයිටක් ගහන්න මිනිස්සු සල්ලිවලට ගන්න වෙයි ...
    සොඳුරු මතකයක් ..

    අපේ ගමේ එක හූවකින් එක සැනින් කළ වැඩ කප්පරක්
    දිවි ඇති තුරා වෙහෙසී වුණත් කරගන්න අද බැරි හැටි බලන්

    වහලෙට නැගීහැඬවූ සැනින් - හූවෙන් රෑළක් ආවා ලෙසින්
    අත් දහසකින් හැම දේ වුණා - විස්කම් දෙවිඳු වැඩියා වගේ

    හුළු අතු බැඳන් මහ රෑ පවා - දුකබෙදා ගන්නට ආ එවුන්
    එළි රැස් නිවා සැඟවී ගොසින් - ගම පුරා කළුවර දවටමින්....

    ගී පද : ආනන්ද හේවා රංහිඳගේ
    ස්වර : විශාරද කරුණාරත්න විජේවර්ධන.
    ගායනය : විශාරද කරුණාරත්න විජේවර්ධන

    ReplyDelete
  4. මාස ගානකින් බ්ලොග් එක මතක් වෙලා තියෙන්නෙ.

    අපිට නම් ඉතින් මිනීය නැතුව හරි මළ ගේ තියෙනවා නම් ඇති නයිටක් අදින්න. ලස්සනයි මහේශ්. ඇත්තටම.

    ReplyDelete
  5. ආයෙත් අපේ කොළු කාලෙට ගියා මේ පදටික කියවාගෙන යත්දි  , ගියාවිතරක් නොවෙයි ඒ හැඟීම හිතට වගේම ගතටත් දැනෙනවා වගේ, හරිම ලස්සනයි , ස්තුතියි

    ReplyDelete
  6. මලගෙවල්, දාන හැම එකේදිම එතෙක් ගේ පිරිලා හිටි සෙනග ඔක්කොම ගිහාම දැනෙනවා අමුතු හිස් බවක් එක්ක අමුතු නිදහසක්.
    උඹ කාලෙකට පස්සෙ වුණත් වැඩිය නොකියවෙන සබ්ජෙක්ට් එකක් ගැන වටිනා දෙයක් ලියලා තියෙන්නෙ.

    ReplyDelete
  7. මළ ගෙදරක නිධාන කතාවම කියැවෙනවා මේ අපුරු පද පේලි ටිකෙන්. නයිට ගැහිල්ල පංකාදු පහට වගේම අන්තිම පදයෙන් කියැවෙන හැගුම සුපිරිම තමයි මහේෂ්

    ReplyDelete
  8. මහේෂ් කාලෙකිං.කොහොම උනත් කයි පද ටික අපූරුයි.මම වැඩියම කැමති අන්තිම කවියට.එතකොට ගෙදර අයගෙ හිතේ ඇතිවන පාළුවත් හිස් බවත් ලියවුනා නං අගෙයි.

    ReplyDelete
  9. නයිට ගහන එකේ තියනවා අමුතු මේකක්.... අදමයි මේ පැත්තේ ආවේ... අයෙත් දිගටම එනවා

    ReplyDelete
  10. නියම කයි පද ටික.
    තාමත් ගම් වල ඔය තත්වය තිබුණත් නගරබදවනං රෑ දොලහ එක වෙනකොට ගෙදර කට්ටිය විතරයි.

    අනික දැං පිනට වැඩ කරන එකෙක් ඉන්නෙ බොහොම කලාතුරකින්.

    ReplyDelete
  11. දැන් නයිට් ගැහිලි නැහැනේ බං.මිනිය තියන්නේ මල් ශාලාවේ.උදේ 8.00 අරිනවා.රෑ 9.00 වහනවා.

    ReplyDelete
  12. මලගෙදරක නයිටක් ගහනවා කියන ඒක හරි සුන්දර දෙයක්..... මට මතක අැති කාලෙත් මලගෙදරකට ගියොත් මං නිදා ගන්නේ නැහැ...... කැරම් ගහනවා ඒළි වෙනකල්.... ඔ්මි ගහන්නට පුරුදු වුණෙත් මලගෙවල් වලින්..... දැන් නම් වෙලාව නැහැ.. ඒත් සෙට් වුණොත් අතඅරින්නැහැ...

    ReplyDelete
    Replies
    1. මහේෂ් සහෝ කොහෙදැයි ගියේ.................

      Delete
  13. ගම් පලාත්වල මිනිස්සුන්ට ඔව්ව අගේ උනාට
    නගරේ මිනිස්සුන් ඔහොම නැහැ හැම විට
    එළිවෙනකල් නිදිමැරුවත් සමහර වෙලාවට
    තේ එකක් දෙන්නේ නැහැ නිදිමරණ උදවියට

    මිනිය උස්සල මාස තුන හතර පිරෙනකොට
    මරුන එකා උන්නද මලාද නැති වෙනකොට
    මරණ දැන්වීම් උඩින් තව ඒවා අලවෙනකොට
    නිදි මරපු එවුන් මතක නැහැ මළගෙදර එවුන්ට

    ReplyDelete
    Replies
    1. තමගේ මරුන එකා අමතක වෙන කොට කොහොමද අනිත් එවුන් ගැන මතක තියා ගන්නේ

      Delete
  14. බ්ලොගේට කවිය දාල තියනවා අදයි දැක්කෙ. දැන් ඉතින් තවත් කවියක් .. තවත් කවියක් ලියමු ... :)

    ReplyDelete
  15. නයිටක් ගහන්න තියෙනවනං ඒ කාලේ නොකවත් කමක් නෑ. අන්තිමට හත්දවේ දානෙත් දුන්නට මරුනේ මොකාද කියල දන්නෙත් නෑ

    ReplyDelete
  16. ලස්සනයි මහේෂ්.. ගම්වල මෙව්වා අදටත් රැකිලා තියෙනවා.

    ReplyDelete
  17. මෙකේ ආතල් එක දන්නේ නයිට් ගහපු එවුන් විතරයි බන්!!! මදුරුවෝ කකා විටක් හපන කොට පට්ට!!
    ඔක්කෝම හොදයි අර අන්තිමට අස් කරන්ඩ වෙන සීන් එක තමා බන් අවුල!!

    ReplyDelete
  18. මට වගේ දැන් මෙයාටත් බ්ලොග් එක අමතක වෙලා වගේ ..

    ලස්සනයි කවි ටික මල්ලියෙ.

    ReplyDelete
  19. මහේෂ්ට් කාලේකින් බ්ලොග් එක මතක් වෙලා තියෙන්නේ :)

    අන්තිම පද ටික හුඟක් හිතට දැනුනා...

    ReplyDelete
  20. නයිට් අත්දැකීම් ඉතින් කොල්ලොන්ට තමා. එහෙම උනත් අපිටත් දැනෙන විදිහට ලියල තියනවා...

    ReplyDelete
  21. මළ ගෙයක්ම කවර් කරල.. ඇත්තටම අගෙයි..

    ReplyDelete
  22. කාලෙකට පස්සේ හොද බ්ලොග් එකක් දැක්කා ලිපි පෙළ නම් හොදයි.

    ReplyDelete