![]() |
| කල්පනා කරන්න ඕනවට ප්‍රශ්න දාගන්නවද මංද |
අපි එකාකාර ආසාවන් තියෙන මිනිස්සු නෙව. නේද.? අන්න ඒ වෙනස හින්ද සහ මිනිස්සු විවිධාකාර හින්දනේ අපිට එකිනෙක හා සහජීවනය නැත්නම් (community living) (වචනේ හරිද දන්නෑ) interesting වෙලා තියෙන්නේ. ඒත් සමහර වෙලාවට මිනිස්සු කරන සමහර දේවල් ගැන මට තියෙන්නේ, මේ මොන බුල්ෂිටක්ද වගේ හැඟීමක්. I am not being judgemental (මම අනෙකාව විනිශ්චය කරනවා නොවේ) හුදෙක්ම මාගේ මනෝ විකාරී ප්රශ්නකාරී හැඟීමන් ප්‍රකාශ කරනවා පමණයි.
මේ කියන්න යන දේ කියන්න ඕන කියල මට හිතුණෙ අපේ අසල්වැසියන්, අපේ අවට ජීවත් වෙන අය කෙරේ අප දක්වන ආකල්පය කොයි තරං පුදුමද කියල පෙන්නන්න. මොකද අපි නිතරම අනුන්ට අපේ ඔළුව එයාල පැත්තට හරෝනව එයාලගෙ කුණු අපේ ඔළුවට දාන්න කියල. එයාලගෙ නරක හැසිරීම්, විපරීත ප්‍රතිචාර, එයාල ඇති කරන විවිධ අවුල් ජාල වලට අපේ ඔළුව අවුල් කරගන්නව. ඒක නිකං අපි අපේම හිත් (Minds කියන එකට මීට වඩා සුදුසු සමාන වචනයක් කියනවද ) එයාලගෙ නරක පුරුදු එකතු කරන ඩස්බින් එකක් කරගෙන වගේ. (ඇත්තටම මට කියන්න ඕන දේ හරියටම කියවුණාදත් සැකයි)
පහු ගිය දවසක මෙහේ, ඒ කියන්නේ මම මේ වෙනකොට ජීවත් වෙන ප්‍රදේශයේ උපන්දින සාදයක් තිබුණා. ඒ සාදය පැවැත්වුණේ දරුවෙකුගේ උපන්දිනයක් නිමිතිකොට ගෙන. ඒ දරුවාගේ අම්මයි ඒ දරුවයි විතරයි ගෙදර ඉන්නේ. පියා (සුළු පියා) පිටරට. ඔහු තමයි සාදයට වියදම් කළේ. මේ සාදයට ගමේ බොහොමයක් දෙනෙකුට වගේම ප්‍රදේශයේ ප්‍රභූන් කිහිප දෙනෙකුටම ආරාධනා කරලා තිබුණා වගේම, ආහාර මත්පැන් සහ සංගීතයට බොහෝ සෙයින් වියදම් කරලා තිබුණා . එක එක ඕපදූප කාරයෝ කියපු විදිහට බොහොම බර වියදමක්. මත්පැන් උනත් බොහොම හොඳම බ්‍රෑන්ඩ් එකකින් තමයි තිබුණේ. දැන් ඔයා මගෙන් අහයි උඹට පාන්ද බන් කාලා ඇදලා හිටියට කියල. නැත්තං උංට චූන් නං උඹට මොකද කියලා. ඇත්තටම කාර් එක එයාලගෙ නං පෙට්‍රල් ගහන්නෙත් එයාලා නං රියදුරක් එයාලගේම නං මට නං වැඩක්ම නෑ. මට එකම එක ගැටලුවක් ආවා. ඒ තමයි ඒ අම්මයි දරුවයි ඉන්න නිවස නිසි ආකාරව නිම කරපු නිවසක් නෙවෙයි. බ්ලොග් ගල් වලින් අර්ධ වශයෙන් බැඳලා සෙවිලි තහඩු තාවකාලිකව හෙවිල්ලලා තිබෙන ඒ නිවසේ ඉදිරි කොටසෙ බවුන්ඩේසම (Foundation) විතරයි තියෙන්නේ. මට ආපු එකම ප්‍රශ්නේ අර නිවසේ වැඩකටයුතු යම් ප්‍රමාණයක් අවසන් නොකර ලක්ෂ ගණනින් ගණනය වෙන මුදලක් වියදම් කරලා උපන්දින සාදයක් ගත්තු එක. ලංකාව කියන්නේ පළමු ලෝකයේ රටක් නම් මම මේ ගැන නොහිතයින්ට ඉඩ තිබුනා. නැත්නම් මම ඕක දැක්කත් නොදැක්කා වගේ එන්න ඉඩ තිබුන. නමුත් තුන්වෙනි ලෝකයේ රටක් විදිහට ආවස්ථික පිරිවැය බොහෝම ඉහළ රටක් විදිහට ඒ අවස්ථාව මට සැබැවින්ම ප්රශ්නකාරී මොහොතක් විදිහට තමයි පෙනුනේ.
අනිත් කාරණාවත් ඊට ටිකක් සමානයි ද කියලා මට හිතෙනවා. ඔයාලා දැකලා ඇති සාදයකට, බණ ගෙදරකට, නැත්තං වෙනයම් ආකාරයේ සුවිශේෂී අවස්ථාවකට, ඒ කටයුත්ත සිදුවන අදාල නිවසට අහල පහළින් එන හිතවතුන්ට, නෑදෑයන්ට ආහාර පිළිගන්වනවා. මේ වෙනකොට ඒ ආහාර පිළිගැන්විල්ල එක්තරා ආකාරයක තත්ත්වය පෙන්වීමේ වේදිකාවක් බවට පත්වෙලා තියෙනවා. ඉතින් බුෆේ එකක් දාලා තමයි තමන්ගේ හිතවතුන්ට, ඥාති හිතමිත්‍රාදීන්ට ආහාර පානාදියෙන් සංග්‍රහ කරන්නේ. මේ වගේ වෙලාවක මම දැකලා තියෙන දෙයක් තමයි තමන්ට අනුභව කරන්න බැරි තරමේ කෑම පිඟානක් බෙදාගෙන නොකාම විසිකරල දානෙක. මේ ළඟදි, මම සහභාගී වුණ මංගල උත්සවයකදි මම මේක උදේ තේ මේසයේ ඉඳලා අත්දැක්කා. කිරිබත්, කේක් ඒ වගේම ලොකුම කෙහෙල් ගෙඩියෙ ඉඳලා ආස්මී වගේ විසිතුරු කෑම වර්ග බොහොම පොඩි තසිමක තියෙගෙන ගිහිල්ලා මේසවල වාඩිවෙන හිතමිත්‍රාදීන් මේ ආහාරපාන වලින් බොහොම කුඩා කොටසක් පමණක් අනුභව කරලා අර සම්පූර්ණ කෑම ප්‍රමාණයම ඉතුරු කරනවා. සමහර වෙලාවට ඒ බෙදාගන්න කැවිලි පෙවිලි සමහරකට අතවත් තියල නෑ. ඊට පස්සේ ඔන්න එනවා දිවා ආහාර වේලාව. ඒ වෙලාවටත් බුෆේ එකේ තියෙන සියලූම කෑම වර්ග හැකිතාක් තමන්ගේ පිඟානට කොත ගහලා බෙදාගන්නවා. ඒ බෙදා ගන්නේ කන්න පුළුවන් කමකටම නෙවෙයි. ඒ බෙදාගන්න ආහාර ප්‍රමාණයෙනුත් කටවල් කිහිපයක් කාලා අර ඉතුරු කොටස එහෙම්මම මේසය උඩ ඉතුරු කරලා නැගිටලා අත සෝදන් කරල dessert table එකට යනවා. ඒ ඩෙසර්ට් මෙනු එකටත් අර සන්තෑසියම තමයි.
මේ වගේ කරපු කෙනෙකුගෙන් මම නිකමට ඇහුවා ඇයි ඒ තරම් කන්න බැරි ප්‍රමාණයක් ඔයා බෙදා ගත්තේ ඇයි කියලා. එතකොට එයා මට දීපු උත්තරෙන් මම ඇත්තටම හෙල්ලිලා ගියා කියලා කිව්වොත් හරි. මගේ ප්‍රශ්නයට පිළිතුරක් විදිහට බොහොම සැහැල්ලුවෙන් හිනා වෙවී එයා දුන්න උත්තරේ තමයි, මේ වගේ වෙඩින් එකකට දවසකුත් නාස්ති කරගෙන ඇවිල්ල පුද පඬුරු විදිහට බොහොම ඉහල මුදල් ප්‍රමාණයකුත් දීල මේ තරම්වත් අලාභ හානියක් නොකර ගියොත් ඒක එයාගේ හිතට හරි නෑ කියලා. උතුර දකුණ මාරු වෙන්නැතිද ඉතිං.
මෙතනට අදාල නොවුනත්, මීට සමාන ඒත් බොහොම පිළිකුල් සහගත කතාවක් කියන්ඩ මට හිතුනා. එක දවසක මත්පැන් සාදයකට මට ආරාධනාවක් ලැබුණා. එහෙම අවස්ථාවල් ඒ තරම් සුලභ නොවන නිසා මාත් බොහොම කැමැත්තෙන් ම එම අවස්ථාවට සහභාගී උනේ, මත්පැන් කියන දේ මට ආගන්තුක නොවුනත් අර වගේ අවස්ථාවක සහභාගී වන යම් පුද්ගලයන් දැන හඳුනා ගන්න, ආශ්‍රය නිස්රය කරන්න ලැබෙන අවස්ථාව දුලබ නිසා. කොහොම හරි මේ සාදයෙන් මම බලාපොරොත්තු වුණ දේ නොලැබුණා වගේම ම කවදාවත් නොහිතපු ආකාරයේ අප්‍රසන්න සිදුවීමකට මට මුහුණ දෙන්න සිද්ධ වුණා. එතන පුද්ගලයෝ කිහිප දෙනෙක් හිටියා වගේම බොන්න තිබුන බ්‍රෑන්ඩ් එකත් විදේශීය මත්පැන් කියන කැටගරි එකට අයත් වෙන බොහොම උසස් වර්ගයේ මත්පැනක් කියලා අපි කියමුකෝ. සාදයේ අවසාන අර්ධයේ අවසාන මොහොතට ළං වෙන්න ඔන්න මෙන්න අවස්ථාවක එක්තරා පුද්ගලයෙක් බීම මේසයෙන් නැගිටලා පැත්තකට ගිහිල්ලා තමන්ගේ ඇඟිලි ආධාරයෙන් බලහත්කාරයෙන් ම වමනය කරලා ස්වල්ප වේලාවකින් ආපහු ඇවිත් අර බීම මේසේම ඉඳගෙන ආපහු බොන්න පටන් ගත්තා. පස්සෙ දැනගත්ත විදිහට ඒ බොන්න තියෙන ඕනකමටම හිතා මතා කරගන තියෙන්නෙ. ඇත්තටම මට ඒ වගේ ඇටිටියුඩ් එකක් ගැන හිතාගන්නවත් තවම බෑ. ඒ වගේම ඒක මට එදා දවසෙ දි පළමු වතාවට අත්විඳින්න ලැබුණට සමහර අයවළුන් අතර සාමාන්‍ය දෙයක් බව දැනගන්න ලැබුණා.
මේ වගේ අනවශ්‍ය ප්‍රශ්න රාශියක් මගේ ඔළුවේ පැත්තක ගොඩගැහිලා තියෙනව ඇත්තටම ලිපියක් නෙවෙයි ලිපි සීරීස් එකක් ලියන්න තරම් මේ වගේ විකාර දේවල් තියෙනවා කියලා කියන්න පුළුවන්
දැන් ඔයාලට වගේම මටත් හිතෙන දේ තමයි කරන්න අච්චර වැඩ තියදදි මේ වගේ කුණු කන්දල් ගැන කල්පනා කර කර කාලෙ කන්නෙ මොටද කියලා. ඇත්තටම මටත් ඕකම හිතුනා. ඔයාලට මොකද හිතෙන්නේ. කමෙන්ට් එකක් දාගෙනම යන්න.

එක හුස්මට කියෙව්වා. විකාර කියල හිතුනෙම නෑ, හොඳ සමාජ නිරීක්ෂණයක්. කෙමෙන්ට් වැටුනාම ආයෙ ඉන්නම්.
ReplyDeleteමට ඔය වගේ දේවල් නිතරම පේන එකනේ වැඩේ. නිකං මම අනුන්නෙ දේවල්ම හොයනව වගේ. 😂😂😂
Deleteඇත්තටම වෙන්නෙ ඔහෙ පාඩුවෙ ඉඳගෙන ඉද්දි වටේ පිටේ වෙන ඔය වගේ දේවල් පේන එක.
බුල්සිටක් තනිකර 😂😂😂
මංඥද සික්ස්ටි නයින් 🤭🤭
"පාඩුවෙ ඉඳගෙන ඉද්දි වටේ පිටේ වෙන" දේ ගැන ඇහැ දාගෙන ඉඳහං. ඒක අපේ බ්ලොග් ලිපි වලට ප්‍රයෝජනයි. 👌
Delete😂😂😂😂😂
Deleteහරියට හරි. මට යාලුවෝ දෙතුන් දෙනෙක් හිටිය අපේ ගෙදර එනකොට බොන්න හොඳ වටින විස්කි , කන්යක් වගේ බීම ගේන . මං ලඟත් තියනව . ඉතින් මම ඒවා දෙනවා . හැබැයි අරුන් තමන් ගෙනා බෝතලයත් ඉවර කරනවා . එකක් තමන්ට වැඩි බව දැන දැනම එයා ගෙනාපු බෝතලේ ඉතුරු ටික බීල දැම්ම . ලෝභ කම. හැබැයි ඉතින් උන්ට පුළුවන් බෝතලේ අරන් යන්න වුනත් . මම මුකුත් කියන්නේ නැහැනේ . එහෙම ගෙනියන්නෙත් නැහැ. අවුල් තමා
ReplyDelete"මේ කොඤැක් එකට වියදං කලේ අපි අපි ඒක බොන්ඩ ඕන. තව කාටවත් බොන්ඩ ඉතුරු කරල යන්නෙ මොටදෑ" කියල හිතලද?
Deleteනැත්තං බෝතලයක් දෙන්ඩ ගෙනාව එකේ ඕකෙ කොටයක් දීල යනේක හරි නෑනෙ. ඒ හින්ද ඒ ටිකත් අපිම බොනව කියල හිතලද දන්නෑ 🤭🤭🤭
මට ඔය cognac සද්ද වෙන විදිහ ප්‍රශ්ණයක්. මාත් හිතුවෙ කොඤැක් වගේ ඤාව් සද්දක ඇති කියලයි ප්‍රංශ නම නිසා. මේං ගූගල් කියනවා "කෝනියැක්" කියලා🤔.
Deleteකෝනියැක් / කොන්යැක් කොඥැක් මොකක් වුණත් අන්තිමට වෙන්නේ වෙරි වෙන එක. නැද්ද. 😂😂😂
Deleteඔය ප්රංස කාරයන්ගේ මගුල් කියවනවට වැඩිය හොඳයි නොකියවා ඉන්න එක 🤣🤣🤣 නැද්ද මං අහන්නේ.
ඕක අර තියෙන්නේ කන්දේ රාජධානිය කිව්වහම් kandy කිව්ව වගේ තමා . වයින් වල මව්බිම හැටියට සැලකෙන්නේ ජෝර්ජියාව . එහෙ කියන්නේ කනියැක් , කන්යක් කියල . ප්‍රංශ කාරයෝ උන්ගෙන් කොපි කලේ . හැබැයි ඔතන ඤ යන්නක් නැහැ
Deleteඔය එකෙක් බෝතලේ ඉතුරු ටික ඔක්කොම බිල අපේ ගෙදර වැටිලා හිටිය . ඊට පස්සේ මම කිසිම පාටියකට එන්න කිව්වේ නැහැ . මගේ ගෙදර ඕන තරම් ඩ්‍රින්ක්ස් තියනව . අපි බෝතල් තියන නිසා බොන්නේ නැහැ .
Delete//ඔය එකෙක් බෝතලේ ඉතුරු ටික ඔක්කොම බිල අපේ ගෙදර වැටිලා හිටිය//
Deleteහෙහ්, හෙහ් තැනකට ගියාම හැසිරෙන්න දන්නෙ නැත්නම්, ඒ යාළු කමෙන් වැඩක් නෑ තමා.🤔
ඊට පස්සේ මම කිසිම පාටියකට එන්න කිව්වේ නැහැ///
Deleteආයෙ එන්න කියන්න හිතුනොත් තමා පුදුම 🤭🤭🤭
මොන දේ කරන්නත් ගෙදර අය ඉස්සරහ රෙද්දක් ඇදං ඉන්නෙපැයි. නැද්ද හා
පරෙස්සමෙන් බලතොත් හෙම විමසාලා
ReplyDeleteතව පෙනේවි හැටි අපගේ අයියාලා
මෝඩකමට නැත බෙහෙතක් යයි කියලා
ඉවසමු මෙහෙව් වැඩ රත්නේ දත් කාලා
ඇත්තටම ලියන්න පුලුවන් ඒ වගේ ඒව නැවකට. ඒත් කියවන්න ගිහිං මට බැණුං අහන්ඩ වෙයිද දන්නවෑ. ඒකයි මේ දෙක තුන ඉතරක් ලියල නිකා හිටියෙ. 😁😁😁
Deleteඅපි වගේ තනියෙන් බිව්වනං ඔය අනවශ්‍ය ප්‍රශ්න නෑනෙ.
ReplyDeleteඅන්න ජංසං... ඒත් තනියම බොන එක මහ මෙළෝ රහක් නැති වැඩක් අප්පා.
Deleteලියමනට ස්තුතියි මහේශ්. මමත් සමහර වෙලාවට ජජ්මෙන්ටල් වෙන දෙයක් තමා අනවශ්‍ය ලෙස කෑම බෙදාගෙන අහක දැමීම. නමුත් අර ඔයාගෙ යාලුවා කියපු කතාව අහල මට නිකන් ඔරේමන්දන් උනා. මම මෙච්චර කල් හිතන් හිටියෙ මිනිස්සු එහෙම කරන්නෙ කෑමට තියෙන පෙරේත කමට කියල. පෙරේත කමට බෙදාගෙන අහක දාන එකාට නං පොඩි සමාවක් හරි දෙන්න පුලුවන්.. ඒත් අරූට නං හොම්බට දෙකක් අනින්න හිතෙනව.
ReplyDeleteහුගක් අය හිතන්නෙ ඒ මිම්මෙන් කියලයි මට හිතෙන්නෙ. දෙන ගාණට හරියන්න කරන්න ඕන කියන එකයි ඔළුවල තියෙන්නෙ.
Deleteමෙහෙ මගුල්, අවමගුල්, පාර්ටිවලට පොහොසත් රටවල සාමාන්‍ය මිනිස්සු වියදම් කරනවට වඩා හුඟක් වියදම් කරනවා, කරදර වෙනවා
ReplyDeleteඔව්. ඒම කරන්නෙ හුඟක්ම අනිත් අය ඉස්සරහ තමන් හෑල්ලු වෙයි කියල බයට. ඒ නොකර සම්මතයට එහායින් සරලව කරන අයට ප්‍රසිද්ධියෙ අනං මනං කියන ඒත් අන්න අරූ තමා පොර කියල කියන අය අපිට හම්බෙලා තියේ. කරන්න ආසයි. ඒත් බයයි. හයිය මදි.
Deleteඕක තමා ඉතිං
අපි තරු පන්තියේ හොටෙල් වලට ගිය ට්‍රිප් වලදි ඒ හෝටල් කාමර වල නාන කාමරයේ තිබුන ටැම්පන් කියන කාන්තා සනිපාරක්ශක උපාංග සාක්කුවේ දාගෙන අපු උන් හිටියා. ඇහුවාම කිවුවේ අපි ගෙවලනේ තියෙන්නේ කියල .
ReplyDeleteසිරාවට.. 😂😂😂 අඩුම ගානෙ ඒකෙන් මොකද්ද වෙන්නෙ, මොකද්ද කරන්නෙ කියල වත් හිතන්නැතිව 😂😂😂.
Deleteමරු තමා
අපූරු නිරීක්ෂණ. මනුස්ස හැසිරීම්. මං ආසම මාතෘකාවක්. මිනිස්සු මනස තදින් අල්ලාගෙන ඉන්න තැන් වල විවිධත්වය නේද ඉතින්. දියුණු, නොදියුණු රටවල් කියල වෙනසක් නෑ, සමහර මිනිස්සු තමන්ව අනික් අය මනිනවා කියල හිතන් ඉන්නේ මේ ලෝකයේ කෘතිමව හදාගෙන තියන හෞතික පොහොසත්කම් මනින නිර්ණායක වලින්. ඒකයි මිනිස්සු තමන්ගේ මූලික අවශ්‍යතා පිරිමහගන්න තියන මුදල් වලින් අනිත් අයට කන්න බොන්න දීලා සමාජ තත්වය මේන්ටේන් කරන්නේ නේද? ඔයා බලන්නකෝ “පට්ටි ගෙදර” නාටකේට පාදක වෙලා තියන බිත්ති පිරියම් නොකළ, ජනෙල් පලු නැති ගෙදර ලොකු රුපවාහිනියයි, සුව පහසු පුටුයි තියනවා. මිනිස්සු ජීවත් වෙන්නේ තමන්ට ඕනේ කරන ඒවා එක්ක මිසක් අත්‍යවශ්‍ය දේවල් එකින් එකට ප්‍රමුකත්වය දීල ඒවා පරිහරණය කරලා නෙවෙයි. එයාල ඒ එක්කම තමන්ට ඒ මට්ටමේ ඉන්නවා කියල හිතන් ඉන්න අනික් කෙනාට වඩා යමක් තියනවා කියල ලෝකෙට කියන්න උත්සාහ කරනවා. ඒක තමයි බහුතරයක් උදවියගේ හැටි. මිනිස්සු ජීවත් වෙන්නේ ලෝකෙට පේන්න මිසක්, තමන් සන්තෝසෙන් ඉන්න නෙවේ. ඔය හැමතැනම කියවෙන්නේ අවශ්‍යතාවයයි, ඕනෑකමයි, ආසාවයි අතර වෙනස නොදන්නා පෘතග්ජන මිනිස්සු ගැන. ඒ මිනිස්සු නිසා තමයි මේ ලෝකේ ආර්ථිකය, අසනීප, බෙහෙත්, කොටින්ම අපි හැමෝම පවතින්නේ. අපි අපේ හිත දිහා ටික වෙලාවක් බලන් හිටියොත් අපිට හිතෙන දේවලුත් අඩු වැඩි වශයෙන් අල්ලාගැනීම් තමා, බොහොම විසිළුජනකයි. :)
ReplyDeleteලංකාවෙ අයගෙ ගෙවල් මොන තත්වයෙ කොහොම තිබුණත් අනිවාර්යෙන් තියන දේවල් දෙකක් තමා ඔය ටෙලිවිසොං එකයි සෝපා එකයි. මම නිතරම ගෙවල් ගාණෙ යැවෙනව නේ. (රස්සාව නිසා) දකිනව. ඒ ඇර සමහර දේවල් තියේ ඇයි කියල හිතෙනව. ඒ කියන්නෙ කිසිම තේරුමක් ඇතිව කරපු වියදං නෙවී. ඒක එයාලගෙ හැටි, ඒ අයගෙ කැමැත්ත කියල ඉන්නව මිස අපිත් ඔහේ නොදැක්ක වගේ එන එකයි කරන්නෙ.
Deleteඅපි අපේ හිත දිහා ටික වෙලාවක් බලන් හිටියොත් අපිට හිතෙන දේවලුත් අඩු වැඩි වශයෙන් අල්ලාගැනීම් තමා, බොහොම විසිළුජනකයි///
එකඟයි. සමහර කරන වැඩ ගැන නැවතිල්ලේ කල්පනා කරල බැලුවොත් හිතෙනව මේ මොන බුල්සිටක්ද අපි මේ කරගෙන.තියෙන්නෙ කියල 😂😂😂🤭
මිනිස්සුන්ගේ හැසිරීම්, ඒ මිනිස්සු අනික් ඇය ගැන හිතන විදිය, මිනිස්සුන්ගේ ආකල්ප ගැන හොදට දැනගන්න පුළුවන් වෙලාවල්.
ReplyDelete