Tuesday, June 23, 2015

පොඩීඊඊඊඊඊඊ කතාවක්

                            අපි ඉතිං වානර ය ගෙන් පැවත එන්නන් නො වැ.. ඒත් ඉතිං ඉල හිටල අපි උන්නැහේටත් අපහාස කොරන වෙලාවල් තියේ.., උන්නැහෙ කීවේ අපේ මුතුන් මිත්ත.., ඔව් ඔව්... අර මහා වානරය තමා... ඉතිං අපිත් කියනව නෙ ව වඳුරෙක් එහෙම දැක්කොත් අන්න උඹේ නෑදෑයෙක් කියල මාත් ඔය වචන සෙට් එක අනන්ත අහගෙන ඇති.. අර කතාවටත් කියන්නෙ හැට පැන්නත් වඳුර බිමිං නොයයි කියල... මේ කතාවත් අන්න ඒ වගේ අත් ඇර ගන්න බැරි පුරුද්දක් ගැන.


                                   මං කොහෙ හරි යන්න ලෑස්ති වෙනව කියල අපේ තාත්ත එහෙම දැක්කොත් අහන්නෙ කොහෙද යන්නෙ කියල... ඒත් ඉතිං මනුස්සය දන්නව මොකද්ද හම්බෙන උත්තරේ කියල. ඒත් අහනව නිකං පුරුද්දට වගේ... "පොඩි ගමනක්.." එච්චරයි ඊට පස්සෙ ආයෙ මට අනිවාර්යෙන් ඇහෙන වචන සැට් එකකුත් තියේ.., 
ඔව් ඔව් උඹේ "පොඩි ගමන්" නතර වෙන්නෙ ඉතිං පේදුරුතුඩුව ට ත් ගිහින් තමා... ඒ තමා අපේ තාත්ත ලංකාවෙ ගියපු වැඩිම දුර මං හිතන්නෙ. මොකද මනුස්සය කීවොත් ඉතිං පේදුරුතුඩුවයි දෙවුන්දර තුඩුවයි ගැන තමා.. මං කියල වුණත් ඊට එහා ගිහිං නං නෑ... තාත්ත නං ළගදි ඉන්දියාවෙත් ගිහිං ආව... ඒත් අර කතාවෙ වෙනසක් නෑ... ඒ වගෙම තමා "පොඩි" වැඩක්... "පොඩි" කතාවක්... "පොඩි" ඇක්සිඩන්ට් එකක්... මං මොකක් හරි කීවොත් ඔය "පොඩි" කියන විසේසොන පදේ දාල, අන්න අපේ ගෙදර උදවිය දන්නව එහෙනං තත්වෙ ටිකක් බරපතලයි කියල... බැරි වෙලා හරි මං කීව නං හෙණ පත ඇක්සිඩොං එකක් එහෙම වෙලා කියල අපේ ගෙදර ඈයො ගාණකට වත් ගන්නෙ නෑ.. ඔව් ඔව්... අර යාංගල්මෝදර කෝච්චියයි බස් එකයි හැප්පිච්ච වෙලාවෙත් මං කියල තියෙන්නෙ උදේ පොඩි ඇක්සිඩන්ට් එකක් වුණානෙ..  යංගල්මෝදර දි කෝච්චියකුයි බස් එක්කුයි  හැප්පුණා නෙ කියලලු .. මං දන්නෑ මටත් අපේ අම්ම තමා කියන්නෙ ...

ඉතිං ඔහොම වෙච්ච "පොඩි පොඩි" කතා ටිකක් කියන්න තමා මේ සූජානම...

                                    මේ කියන්න යන්නෙ එ් වගේ "පොඩි" වැඩක් තියේ ගිහිං එන්නංකො කියල ගෙදරින් ගිය කතාවක්.. වෙච්ච කාලෙ නං හරියටම මතක නැතත් බොහොමයක් විට ඒ 2006 නැත්තං 2007 අවුරුද්ද.. අපේ සෙට් එකෙන් ඉස්සිස්සල්ලාම කැඩිල ඉතාලි පැනපු එකා ආපහු ලංකාවට ආපු කාලයක්... මනුස්සයගෙ නම හිෆාස්, ඔය හිෆාස් කියල නම ගැනත් මට කියන්ට පොඩි කතාවක් තියේ නෙව. මං තුමා ඇතුළු හතලිහක විතර ජනතාවක් එක වසරෙ ඉදල හිටියෙ එෆ් පංතියෙ. අපේ වයසෙ හිටපු බැජ් එක ඒ කියන්නෙ 1994 බදවා ගැනීම, දෙසිය පණහක් විතර වෙන්න ඇති. මොකද හැම පන්තියකම හතලිහ හතලිස් පහ වගේ ගාණක් හිටිය. කෝම හරි ඔය එෆ් කියන පංතිය කාලයක් යද්දි ඒ කියන්නෙ, තුන හතර පහ වගේ වසර වල් වලට එද්දි ඉස්කෝලෙ ඈයන්ට හෙණම හිසරදයක් වගේ වුණා... මොකද අපි ඒ තරං හොයි ඒකයි.. ඒ හන්ද පාසලේ ප්‍රධානාචාර්ය තුමා නොහොත් පිනාචාර්ය තුමා නොහොත් හෙඩ් මාස්ටර් නොහොත් අපේ මගුල් ඇතා වහාම තීරණය කරා අපිව කෑලි කරල දාන්න.. අපිව කීවෙ පංතිය හොදේ... ඉතිං ඔහොම සෙට් කඩපු එකෙන් මට සෙට් වුණේ බී පන්තිය. ඒකෙ හිටපු ඩයල් එකක් තමා හිෆාස්.. කෝම හරි මාත් එක්ක පහක් නැත්තං හයක් ඔය පංතියට යන්න ඇති.. ගියාට පස්සෙ අපිව අදුන්නලත් දුන්න. උංව අදුන්නලත් දුන්න. මට ඕකගෙ නම ඇහුණෙ ඉම්පාස් කියනව වගේ. හිෆාසය කතා කරද්දි පොඩි බහ් බහ් ගාණ ගතියක් තිබ්බ., ඒ හන්ද ද දන්නෑ.. කෝම හරි දවසක ඔය මොකේක හරි කොලේක මම මුගෙ නම ලියල ඉම්පාස් කියල.. මම හිතන්නෙ චිත්‍ර වල වෙන්න ඇති දැං ලොකු පන්තියක ඩයල් එකක් ඇවිත් ඉම්පාස් ඉම්පාස් ගානව ම්හු මොන.. මූ මුට නෙවේ වගේ ඉන්නව.. මටත් මොකද.. මට කීවෙ චිත්‍ර කරන අයගෙ නං ලිස්ට් එකක් ලියල දෙන්නනෙ... මම ලීව.. කෝම හරි අර ලොකු අය්ය අපේ එකෙයි අනික් පංති පහේමයි බලල කියල මෙහෙම එකෙක් නෑ කියල.. හෙක් හෙක්.. අන්තිමට වෙච්ච දේවල් ගොඩක් මතක නැතත් පංතියෙ උංගෙ නම දන්නෙ නැතෙයි කියල මම නැව් ගාණට ටොකු කෑව කියල මතකයි. ඉතිං ඔය හිෆාසය ඉතාලි ඉදං ආවම සෙට් කරල තිබ්බ අපිව එක්කං පොඩි පහේ චාරිකාවක් යන්න. කොහෙද අපේ උං මට ඕක හරියට කීවෙ නෑනෙ. මට පණිවිඩේ කිව්වෙ මට මතක විදියට බට්ට. පොල්ගහවෙලට වරකො හිපා ඇවිත් ඉන්නව වැඩක් තියේ උදෙංම වර ඈ කියල එහෙම කෝල් එක කට් කරා.. එච්චරයි.. මටත් මොකද පොල්ගහවෙලටනෙ කියල මාත් "පොඩි" වැඩක් කියල ගෙදරිං ගියා. "පොඩි" වැඩකට ගෙදරිං ආව කොල්ල ගෙදර යද්දි රෑ එකොළහත් පැනල.. "පොඩි"වැඩේ තමා නුවරඑළි යෙ යන එක.. අතේම තිබ්බෙත් සුපියල් සීයක් හරි දෙසීයක් හරි ගාණක්.. ඒක හොයා ගත්තෙත් "පොඩි" පොල් රොබරියක් දීල.. ඒ දවස්වල පොලයක් හතරයි හරි පහයි හරි.. ඉතිං සුපියල් දෙසීයක් ගන්නත් "පොඩි" පහේ පොල් රොබරියක් දෙන්න වුණා... ඒ ටුවර් එක මතක හිට්ටෙත් ඔය "පොඩි" සීන් එක හින්දම තමා..

                                 ඔහොම "පොඩි" ගමනක් යනව කියල එකොළහ වසරෙදි මං හිඟුරක්ගොඩ ගියා. එතකොට නං ඕ ලෙවල් ලියල.. රිසල්ට් එනකං ගෙදර ඉන්න දවස්. පොඩියක් බැණුම් ඇහුවත් එදායින් පස්සෙ ගෙදර අය තේරුං ගන්න ඇති මූ හදන්න බෑ බැනල වැඩක් නෑ කියල.. ඔහොම "පොඩි" ය ට කියන්න ගිහිං ලොකු වුණ කතා නං එමට.. ඒත් ඔක්කම ලියන්න බෑ එකක් විතරක් ලියන්නං...

                                 අපේ මලය, මලය කීවට මූ අපෙ තාත්තගෙ මල්ලිගෙ පුතා. මේ ළගදි විවාහප්‍රාප්ත වුණා.. ඒක කරන්න වුණේ හදිසියෙන් වගේ. අපේ මනුස්සය ට පොඩි හරි හැගීමක් කසාදයක් ගැන තිබ්බෙ නැති වෙලාවක තමයි ගහෙං ගෙඩි එන්නා වගේ උගෙ ප්‍රියම්බිකාවගෙ ගෙදරින් කියල තිබ්බෙ ඉක්මණට වැඩ කටයුතු ටික කරල දාමු කියල.. මේක මටත් වැඩිය අවුරුදු තුනක් විතර බාලයි.. ඉතිං අර වගේ කතාවක් ඇහුණම පිස්සු වගේ වෙන්න ඇති නෙ.. ඉතිං උගෙ පිස්සු ගතිය නැති කර ගන්න කියල කතා කරේ මට. ( ඉටත් වැඩිය පිස්සෙක්ට) මොකද මුට මොනව වුණත් කරදරයක් වුණොත් බාල්දියක් පෙරල ගත්තොත් ඉස්සරෝම කියන්නෙම මට. (දැන්නං නෑ හැබැයි හෙක් හෙක්) අනික්ව නං පරක්කුයි.. හැබැයි ඔය කසාද සීන් එක අහපු වෙලාවෙ ඉදං මනුස්සය ඉදල තියෙන්නෙ නිකං තාරකා යුද්දෙකට මැදි වුණා වගේ තරු විසි වෙවී.. ඉතිං මූ මට කෝල් එකක් ඇරං මුගෙ අදෝනාව දිගාරිනව..

මලය- බලපංකො බං ගහෙං ගෙඩි එන්න වගේ කියනවනෙ බදින්න කියල

මම- බදින්න කව්ද මොකාද මොකද්ද බොල කියහන්කො කියන  ^***^ තේරෙන්න

මලය- *&^ අරකි ගෙ ගෙදරින් කියනව ඉක්මණට දෙන්නව බන්දන්න ඕන කියල...

මම- හරිනෙ ඉතිං උඹට ඕකනෙ ඕන වෙලා තිබ්බෙ ඉතිං බැදපං...

මලය- අනේ මේ නිකං %^** කතා කියන්නෙ නැතිව ඉදපං &^%%$*.. මට මොකක් හරි කියකො

මම- හරි හරි දැං උඹට මොනවද වෙන්න ඕන...

මලය- මට බෑ බං දැංම බදින්න... බ්ලා බ්ලා බ්ලා බ්ලා...( හෙණ අදෝනාව දැං ඈ මටත් එපා වුණා )

මම- හරි හරි බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා (මගෙ පිස්සු කොර ටෝක්ස් ටික හෙක් හෙක්)

මලය- අනේ ^&**( මේ ^&(**&^ ^^%^^ කියන්නෙ නැතිව මොකක් හරි කියකො...

මම- හරි හරි බං දැං තෝ ඕක කවද හරි කරගහන්නම එපැයි... නේද

මලය- ඉතිං

මම- මොන &^%$## ඉතිං කියන්නෙ " පොඩ්ඩක්" බැදල බලකො

මලය- පොඩ්ඩක්" බැදල බලන්න කියන්නෙ ^&&%4 තෝ හිතුවද !@#$%%^&^%^%$#@  පොඩ්ඩක් %^&^&%%$#@#%^&^^%%$$ #$#$$%%^^&^&$$#$###

ටඩිං (දුරකථන ඇමතුම විසංධි විය)


64 comments:

  1. තරු තරු ඒවාත් එක්ක මොනව කියා ඇත්දයි නොතේරේ..

    ReplyDelete
    Replies
    1. අපෝ ඒව ලොකු ළමයිට නෙවී පොඩි ළමයිට විතරයි හෙක් හෙක්

      Delete
  2. "වඳුරා කැලේ වානරයා වරුණ කරයි
    වලිගෙ විස්තරේ
    වඳුරට වස්තරේ නැත ඌට කේන්දරේ
    වලිගෙ විස්තරේ කියයි වනන්තරේ ...."

    ගායනය - ඩෙස්මන් සිල්වා
    මෙන්න

    ReplyDelete
    Replies
    1. ඕ ඕ ඒකත් එහෙමයි හැබැයි ඒ සිංදුව නං ඇත්තටම අද අහන්නෙ
      මෙතන එබුවට තැන්කූ

      Delete
  3. පොඩ්ඩක් බැදලා බලන්න දුන්නොත් හොදට හිටි. ඉතුරු ටික බදින්න වෙන්නෙ වෙන එකෙක්ට.. හක හක.

    ReplyDelete
    Replies
    1. නෑ නැ ඒ ටික ඕන නං උටම බැද ගත්තැකි නැත්තං ඉතිං ඔය මල් කොබ්ස් කීව වගේ කැමති කෙනෙක්ට බැදගන්න බැරියැ
      හිහි

      Delete
  4. ඔය පොඩි ගමං වැල් ඇදෙන එකනං බොහෝ විට වෙන දෙයක්.

    අම්මප පොඩ්ඩක් බැඳල බලන ක්‍රමයක් තිබ්බනං ඒකත් මරු වැඩේ තමා.

    ReplyDelete
    Replies
    1. පොඩි ගමනක් කියල යන්නම හොද නෑ ලොවෙත් ගමන නස්කූනි වෙලා මයි නවතින්නෙ හිහි
      එහෙම නං අද කන්‍යාවියො කියන්නෙ වදවුණ සත්ත කොට්ටාසයක් වෙන්න තිබ්බ නැත්තං අර වර්ජින් ටිෂු එක හදන අය ඕන තරං ඉන්න තිබ්බ හිහි

      Delete
  5. ඒකත් අර පොඩ්ඩක් බෙල්ල කැපුවා පොඩ්ඩක් මැරුණ වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. වදන් පැටලුමක් නෙව හැලපය්යෙ මක්ක කරන්නද හිතල කියපු දෙයක් නෙවී ඒකට උට මළ පැන්න හිහි

      Delete
  6. උබ පොඩි හොරෙක්නේ බං...

    අර බැදපු මලයා දැන් පොඩ්ඩ පොඩ්ඩ *කනවා ඇති නේ?

    ReplyDelete
    Replies
    1. මාත් මේ ඒකමයි හිතුවේ

      Delete
    2. සෑම
      ඔව් බං ඌ පොඩ්ඩ පොඩ්ඩ *කන හින්දද කොහෙද දැං හොයාගන්න වත් නැ

      Delete
    3. @හෙන්රි අය්ය ඉවාන් අය්ය
      හම්මේ ඉතිං නේ අල්ල ගන්න කොණක් තිබ්බ නං ඇති හිහි

      Delete
  7. //ඒ කියන්නෙ 1994 බදවා ගැනීම// මේකා තාම 'පොඩි' කොල්ලෙක්නේ.. හැක්.
    උඹලැයේ 'පොඩි' එකාට උනා වගේ නෙවෙයි ඒත් මටත් 'පොඩි' අවුලක් උනා ඔය වෙඩිං සීන් එකේ. ඒ වෙඩිම 'පොඩියට' ගන්න කියල හිතං වැඩිය ඇඟට ගන්නෙ නැතුව ඉඳල.. අම්මටසිලි.. අන්තිමේ ලබ්බ උගස් තියන්නැතුව යන්තං ගොඩගියේ හෙන අමාරුවෙං. ඔය වෙඩිං කසාද සීන් නම් 'පොඩියට' කරනව බොරු මචෝ..

    ReplyDelete
    Replies
    1. වෙඩිමක් ගැන කියනවා ඇහුනා...... :D

      Delete
    2. කලණෙ ඔව් ඔව් පොඩී කියන්නෙ කොච්චර පොඩිද කියල පේනවනෙ තාම බැදලත් නෑ හිහි
      වෙඩං වගේ දෙයක් පොඩියට ගන්නකියල ෙපාඩ්ඩක් අතේ තියං බෑ නේහ් ඕක මගෙ යාළුවෙක්ටත් වුණා අන්තිමේ මගෙ බයික් එකේ පොත ෆිනෑන්ස් කම්පැණියකට තියල සල්ලි ඇරං දීල තමා ජාමෙ බේරගත්තෙ හිහි

      සමීර ය ඔව් ඔව් කැමරාවක් ඕන වෙයි කියල හිතෙනව නං බොලා ඕන තැනක ඉදියි නේ හිහි
      වෙඩිමක් ඇහෙන්ට බෑ හෙක් හෙක්

      Delete
  8. ලේබලේ මරු හකුරුයි මෝදකයි... හි හි

    ReplyDelete
    Replies
    1. අළුත්ම බ්‍රෑන්ඩ් එක ඔමක්කෙ හිහි

      Delete
  9. පොඩ්ඩක් බඳින්නෙ කොහොමද බං.....?

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් ඒක ගැන නං මං දන්නෙත් නෑ කොහෙද මගෙ කටට බ්‍රේක් නෑ නෙව හිහි

      Delete
  10. අපි o/l කරද්දි පංති කැඩුවා.. ඒක කොලාට වඩා හොඳයි නොකර හිටියනම්... ඉන්න ජඩම එවුන් ටික එක පංතියකට දැම්මා... හෆොයි!

    ReplyDelete
    Replies
    1. අපේ නං කලේ ඒකෙ අනික් පැත්ත හිටපු ජඩම එවුං කඩල දැම්මෙ අන්තිමට අර පංති ඔක්කම මදාවියන්ගෙං පිරිල ගියා හිහි

      Delete
  11. Replies
    1. ගොය්ය ලියන්නෙ නෑ නේහ් දැං මාත් කාලෙකිං නෙව ලීව මචෝ

      Delete
  12. කාලෙකින් ආවෙමි...කොල්ලා පොඩි බව දැනගතිමි.

    ReplyDelete
  13. ග්ලොසරි එකක් දාපං %(^&$ මෙහෙම හිතාගන්න බැරි ^)&#*( දාන කොට. මොන &@!#$ක්වත් තේරෙන්නෙ නෑනෙ අපබ්‍රංශ +%$#@& දානකොට.

    ReplyDelete
    Replies
    1. හරි මචං හෙක් හෙක්
      තිත්ත කුණු හබ්බ ඉතිං දාන්න බෑ නෙව නේ පොඩි උං නරක් වුනොත් හිහි

      Delete
  14. උඹ එතකොට පොඩ්ඩක් බැඳලා බලලද හිටියේ ?

    ReplyDelete
    Replies
    1. දෙතුං පාරක් ට්‍රයි කලා ඉවාන් අය්ය
      පොඩ්ඩක් හරි බැදගන්න කොහෙද හරි ගියෙම නෑ නෙ මං මලය හරි කරයි ද බලන්න උට කීවෙ කොහෙද මූ ඔක්කම බැදගත්තනෙ
      හෙක් හෙක්

      Delete
  15. බදින එකත් පොඩි වැඩක්නෙ?

    ReplyDelete
    Replies
    1. අම්මේ හා... බදින උං දෙන්න ට නං අවුලක් නෑ වටේ ඉන්න අපි කුණ කන්න ගියාම නෙ එපා වෙන්නෙ හෙක් හෙක්

      Delete
  16. පොඩී........... කතාවක් නේද :D මදැයි පොඩි කතාවක් කියවන්න ආවා. මන් මේ හිතුවේ පේලී දෙක තුනකින් කතාව කියල්වලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා...

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් ඒකනෙ කිව්වෙ මගෙ හැම වැඩක්ම පටං ගන්නෙ පොඩියට කියල හිහහි

      Delete
  17. පොඩි චන්දෙකුත් ලඟයි වගේ නේද හිටන්?

    ReplyDelete
    Replies
    1. ඒ වගේ තමයි හිටං හිහි

      Delete
  18. මාත් පොඩ්ඩක් බඳින්න ඉන්නේ...:)
    පස්සේ බැරිය අනේකවත් පොඩ්ඩ පොඩ්ඩ..:D

    ReplyDelete
    Replies
    1. මොකෝ මොකෝ බැරි පොඩ්ඩක් බැන්දම ලේසියි
      මොකද කරදරයක් නෑනෙ වැඩිය හික්ස්

      Delete
  19. පොඩියට එල ද බ්‍රා
    මමත් දැන් පොඩියට බදින වයසේ..පොඩි මෙන්ඩියා මල් කූමාරයට අරගෙන සදු දෙවැනි මනමාලිට ගත්තා නම් හරි නේද බං?

    ReplyDelete
    Replies
    1. වෙඩින් එකේදී සඳූ මනමාලිගේ බෙල්ලමිරිකනවා.එතකොට උඹට ආපහු පරණ මගුලම දෙවනිපාරත් කන්න වෙනවා.ඒනිසා සල්ලි නාස්ති නොකර ඔය විදිහටම හිටපන්....

      Delete
    2. මෙන්ඩො ඔය දීල තියෙන්නෙ කටුස්ස නියමම උත්තරේ හික්ස්..

      කටුසු උපසේද පිළිපැදීමෙන් මෙන්ඩාට සල්ලිත් ඉතුරු වී සනීපත් ඇතිවේ නැද්ද කටුස්සො හිහි

      Delete
  20. වෙඩින් එකේදී සඳූ මනමාලිගේ බෙල්ලමිරිකනවා.එතකොට උඹට ආපහු පරණ මගුලම දෙවනිපාරත් කන්න වෙනවා.ඒනිසා සල්ලි නාස්ති නොකර ඔය විදිහටම හිටපන්....

    ReplyDelete
    Replies
    1. මොකෝ යකෝ ඩබල් ඩබල්...
      අද වැඩි වුණාද හෙක් හෙක්

      Delete
    2. ඒ කතාවත් ඇත්ත...එහනම් ඔන්න බැද ගත්ත බෙරේ දිගටම ගහනවා..

      Delete
    3. හෙක් හෙක්...
      කෝමත් වෙන්නෙ ඕකම තමා
      බුහැක්

      Delete
  21. Replies
    1. හෙක් හෙක් කොයි තරං පස්ට වුණාද කියනව නං මිනිහ ආයෙ මට කතා කලේ නෑ උපදෙස් ගන්ට හිහි

      Delete
  22. Replies
    1. මේ මොකද බොල මේ
      අද වැඩු වෙලාද
      අර කටුස්ස කොලුවට ත් වැඩි වෙලා දෙන්නම එක බෝතලෙන්ද මංද ගහල තියෙන්නෙ හිහි

      Delete
  23. බලන් ගියාම 'පොඩි ' අය්යෙක් ගෙ 'පොඩි ' වැඩ ගොඩායි .කාලෙකින් බ්ලොගේට ආව එකේ එහෙනම් 'පොඩියට ' ම ලියමු :D

    ReplyDelete
    Replies
    1. හිහි
      ෙපාඩියටම ලියන්න තමා හදන්නෙ හිහික්
      බලන් ගියාම 'පොඩි ' අය්යෙක් ගෙ 'පොඩි ' වැඩ ගොඩායි//

      කින්ඩියට ද මංද හෙක්

      Delete
  24. හීහී පොඩ්ඩක් බදිමු එහෙනම්... අදමයි මේ පැත්තට ආවේ... ඉදිරියටත් ලියන්න ඔබට සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. බිනරි අක්ක
      සාදරයෙන් පිළිගන්නව අවන් හලට
      පොඩ්ඩක් හරි බදින්න කෙනෙක් හොය හොය තමා ඉන්නෙ අය්යෝ...
      ඉඩ පාඩු වෙලාවක ආයෙත් ඇවිත් යන්න එන්නකෝ
      ජයවේවා

      Delete
  25. ඔක නේ ඉතින් බැරි මම ඔයාට අක්කද

    ReplyDelete
    Replies
    1. හී. ඒක සේෆ් මූඩ්
      කොහෙද මං හිතුවෙ:-)60පැනල හොටත් බිම ඇනිල ඇති කියල
      හෙක් හෙක් හී

      Delete
  26. පොඩ්ඩක් පොඩ්ඩක් අවුල් වගේ නේද??
    පට්ට ආතල්....
    '94 ඉස්කෝලේ ගිය පොඩි එකෙක් නේ ???

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පේ අවුල්.
      රූපය මට වඩා වැඩුමල්ද බොල
      යකෝ බොට පුත්තලං බූරුවො කීයකගෙ වයසද

      Delete
    2. ඇයි අප්පේ අවුල්.
      රූපය මට වඩා වැඩුමල්ද බොල
      යකෝ බොට පුත්තලං බූරුවො කීයකගෙ වයසද

      Delete
  27. පොඩි වුනාට නරකමත් නැහැ....

    ReplyDelete
    Replies
    1. පොඩි වුණාට කරන්නෙම නසරාණි වැඩනෙ දිනිති අක්ක හිහි

      Delete
    2. පොඩි වුණාට කරන්නෙම නසරාණි වැඩනෙ දිනිති අක්ක හිහි

      Delete
  28. අපිත් මේ පොඩ්ඩක් බැඳලා තමා ඉන්නේ..

    ReplyDelete