Saturday, June 3, 2017

එයා මැරුණෙ නෑ.

                                              මං යනව... කොහෙ හරි අන්තර්ධාන වෙලා වගේ ඉදල එක පාරටම හුඟ දවසකට පස්සෙ මාව හම්බ වුණ පළවෙනි දවසෙම ඔහු කිව්ව වචනය. ඒත් ඒ ගැන හිතන්නෙ නැතිවම  කොහෙද..? මං ඇහුවෙ එච්චරයි. දන්නෙ නෑ තාම. ඒත්  මාව එක්ක යන තැනට... කවුද.. ? ඔහු හිනාවුණා. ඒක හරි ගුප්ත හිනාවක්.. ඔයාට තේරෙන්නෙ නෑ... ඒත් මං යන්න ඕන.. ඔයාට ඕන මාව අතාරින්නද.. එහෙම ඕන නං කියන්න.. ඔයා වෙනුවෙන් මගෙ හිතේ අනන්ත ආදරේ තියෙනව ඔව්.. ආදරේ වෙනුවෙන් ආදරේ අත්අරින්ඩ තරම් ආදරේ තියෙනව.. ඔයා කවදාවත් තේරුම් නොගත්ත තරං. එහෙනම්... ඔහු මං දිහාවෙ බැලු‍වෙ පුදුම බැල්මක්.. ඒ විදියට මං දිහ කවදාවත් බලල නෑ ඒක මට කියන්න පුලුවන් ඕන තැනක.. අත්අරින්න... ඔහු කිව්වෙ එච්චරයි.
ඒත් අර පුදුම බැල්ම ඒ  ඇතුලෙ ආදරේ තිබ්බ මට ඒක කියන්න පුලුවන්..  අත්අරින්න.. ඔව්.. අත් අරින්න.. ආදරේ වෙනුවෙන් ආදරේ අත්අරින්න... ඔයාගෙන් මාව නිදහස් කරන්න... මට ඔයාව අත් අරින්න පුලුවන් ඒත් මට ඔයාගෙන් නිදහස් වෙන්න බෑ. ආදරේ කියල මම ඒ තරම් ආදරේ නැතිව ඇති ඒ හින්ද වෙන්න ඇති. ඒත් මට ඔයාගෙන් නිදහස් වෙන්න බෑ... ඔයා විඳවයි... මම හිනාවුණා... මං දන්නව.. ආදරේ වෙනුවෙන් මිනිස්සු ඕන තරං දේවල් කරල තියෙයි.. මට පුළුවන් ඔයා එනකං බලන් ඉන්න වුණත්.  වෙන්න ඇති... ඒත් ආදරේ කියන්නෙ සතුටින් ජීවත් වෙන එක.. අනෙක් කෙනාගෙ සතුටට ඉඩ දෙන එක විතරක් නෙවෙයි... මං කිව්ව කිසි දෙයක් ගණන් ගන්නෙ නැති තාලෙන් ඔහු කිව්ව. කියල නැඟිට්ට.. නැගිටල අඩියක් දෙකක් නැත්තං තුනක් ඉස්සරහට තිබ්බ. ආයෙත් ආපහු හැරුණ.. හරියට දෙයක් මතක් වුණා වගේ. මං ළඟට ඇවිත් මගෙ නළල ඉම්බ..ඒක හරි සීතල හාදුවක්.. ඒ තරම් උණුසුම් හැන්දෑවෙ වුණත් මට ඒක අයිස් ව‍ගේ සීතලට දැනුණ..
උපේක්ෂා...
ම්ම්ම්...
ආදරේ කරන්න ආදරේ වෙන්න.. ඒත් මට නෙමෙයි.. ඔයාට...
මම මට ආදරේ වුණා නම් ඔයාට යන්න දෙන්නෙ නෑ නිසල්...  කිසි හේතුවක් නාහ.. කිසි වචනයක් නොකිය.. ඒක ඔයාට ‍තේරුම් ගන්න බෑ නිසල්.. උපේක්ෂ කියන්නෙ මන්ද්‍රි කෙනෙක් වත් යසෝදරා කෙනෙක් වත් නෙමෙයි උපේක්ෂට..
මම ඒ ටික කියද්දි එයා මගෙන් ඈතට යන්න ගිහිං මං කිව්ව කිසි දෙයක් අහන්නෙ නැතිවම.
එදායින් පස්සෙ හුඟක් දවස් මං හිටියෙ හැම කෙන‍ාගෙන්ම ඈත් වෙලා.. තව කෙනෙක්ට එන්න බැරි තරම්  හැම සිදුරක්ම වහල දාල.. ඒත්.. එක දවසක ඕපදූප කුරුල්ලෙක් මට හොයාගන්න බැරි වුණ  පුංචිම සිදුරක් හොයාගෙන ඇවිත් මගෙ කන් පෙත්තක වහල බලෙන්ම මට කතාවක් කිව්ව...  ඔහු ගැන... ඒ ඔහු මට නොකියා කියපු කතාව ඔහුගෙ නික්ම යාම ගැන.. ඒක සදාකාලිකයි.  ඔහු මාව දාල ගිය ඒ දවසට පස්සෙ පළවෙනි වතාවට මාව එලියට ගන්න ඒ ඕපදූප කුරුල්ලට පුළුවන් වුණා.. මට අඬන්න ඕන වුණා ඒත් කඳුළු ගල් වෙලා. මම එළියටම ආව. දොරකොඩ සෝබරිත මල් වඩම් මුහුණු පොදිකනව. ඔහු වෙනුවෙන් නොවෙයි මං වෙනුවෙන්.. මට ඕන වුණේ ඒ හැම මූණක්ම තලල චප්ප කරල දාන්න.. ඒත් ඒ වෙනුවට...?????

අඳුරුම තැනක වී
නතරව හිඳින්නෙමි
ආලෝකය ඈත නොවෙයි
යන්න සිත් නොදෙයි

ලොව ඇති සෑම නපුරක්ම
සියල්ලම එක විටම
මවෙතට කඩා පනිතැයි දැනෙයි
බියක් නොම දැනෙයි

 අඳුර මා වෙලා ගනිතියි
හිත බියක් නොවන බව
ඔබට කෙලෙසක කියන්නද

දනිමි ... දනිමි මම
ඔබ නොතේරුම් සහිත වග
දොසක් නොම කියමි
ඔබේ නොදැනීමට අනුකම්පා කරමි

අවැසි මට අවසානය වග
තාමත් නොතේරුම් ගන්නා
ආලෝකය වෙතට එන්නැයි
දෑතින්ම අල්වා ආයාචනය කරන ඔබට....
ඔබටම පමණක්
තවමත් ප්‍රේම කරමි
ඔබ තුළ දියවී වේදනා දෙන
මගේ මතකය පිළිකුල් කරමි

මා කැඳවා යාමට පැමිණි
ඔහු හා සටන් වැද
නොමැකෙන කැලැල් ගත්
ඔබේ පරාජය දැක
දුක් ගනිමි...


33 comments:

  1. මට ඕන වුණේ ඒ හැම මූණක්ම තලල චප්ප කරල දාන්න..

    මටත්...

    ReplyDelete
  2. කාලෙකින් ලියලා... ලස්සන කතාව... හිතට දැනුනා.. අත් හරින එක කියන තරම් ලේසි නෑ.. මොකද මතකය නැති වෙන්න නම් මැරිලා ඉපදෙන්නම වෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලේ
      ඒක ඇත්ත. ඒත් අත්හැරීම් වේදනාකරයි.
      දිගටම ලියන්න අදහස
      බලමුකෝ

      Delete
  3. හිත ගියේ කතාවටත් වඩා කවියට ..කවිය හීනයට හිත අස්සට ගිහින් රිදවනව. පිළිතුරු කවියක් ලියන්න හිතුවත් වැස්සට මේ හිත පෙඟිල කවි හිත තෙත බරිත වෙලා අලුත් පදවැල් ලියලන්න අමාරු පාටයි. ඒත් මේ කතාවක් ගැටගහගන්න දඟලනව. බලමු :) මහේෂ් අය්ය ආයෙම පෝස්ටුවක් දැම්ම එකටනම් ඉහලින්ම මනාපයි :D

    ReplyDelete
    Replies
    1. හිහි. ස්තූතියි ස්තූතියි
      බලමු දිගටම ලියන්න
      කවියක් ලිව්ව නං මං මනාපයි ඉතිං

      Delete
  4. මියැදෙන්නට අවැසි මුත්
    මියැදෙනු නොහැකි
    කමකට නැති පරාජිතයකු
    මතකයෙන් දවාලනු මැනවි

    හැකිනම් කඩා වදිනෙමි
    පුරැදු මාවත් සරනෙමි
    නුඹෙ මතකයෙ මා සොයාලමි
    රිදුමක් නොවන ලෙස
    මරාලන්නට වෙහෙසෙමි

    රිදුම් එක දෙක දැවෙමින් මුදාලමි
    ඉන් නු⁣ඹ සිතෙහි මා චිතකය තනමි
    මල් වඩමක් ගෙනාවෙමි
    අත්ලෙහි ගුලිකරන්
    බුහුමනක් අවැසියයි
    හැඟුනෙමි එහෙයින්

    වෙහෙසයි තවත් නොහැකියි
    චිතකයද සදා අවසන්
    දවාලනු මැනවි
    අලුද දැවී යනමෙන්

    අවසන මල්වඩමද
    පරාජිතයෙකු උ⁣⁣⁣ගෙම
    මලගමට ගෙන ආ

    ReplyDelete
    Replies
    1. ඒක පට්ටයි මචං. සුප්ප ඈ
      උඹත් පටං ගනිං ලියන්න
      ඉස්කෝතුයි කවියකිං පෝස්ට් එක පාට කලාට

      Delete
  5. mathakayan amathaka wenne naa ned, aththa kathaawa
    Kaalekin රස post ekak

    ReplyDelete
    Replies
    1. මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
      ඔබ එපා යැයි හිත කිව්වත් එපා වෙන්නේ නෑ
      හිහි
      ස්තූතියි භාගි

      Delete
  6. නිසඳසට කතාවක් ලියල ද නැත්නම් කතාවට නිසඳසක් ලියලද කියල මට තේරුම් ගන්න අමාරුයි. ඒත් අත හැරලා ගිහින් තියෙන්නේ තරුණිය. අත හරින්න එපා කියන්නේ මතකය. හරිද. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. කවියටයි කතාව ලියවුනේ ඒත් ඒක අසාර්තක උත්සාහ යක් කියල හිතනව
      තරුණිය නෙවෙයි තරුණයයි අත්අරින්නෙ :-)
      අනික් කාරණාව සම්බන්ධව අජිත් අයිය හරි :-)

      Delete
  7. අහ් මේක අර කෝච්චියට පැන්න දරුවා ගැන ලියවුනා කියලත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. නෑ නෑමේක ශකවර්ෂ ගාණක් පරණයි :-D :-D

      Delete
  8. අමුතුම විදියේ ගැඹුරු ලස්සන කතාවක්. ගැඹුරු වැඩි හින්දද මන්දා අර ඕප කුරුල්ලාගේ ටික මට තේරුනේ නෑ

    ReplyDelete
    Replies
    1. ඔක්කමත් හරි සයුරි අක්කගෙ නක්කල් පාර නේ වැඩේ 😂 😂 😂
      පව් නැද්ද මං..
      ඇත්තටම වරද මගෙ සයුරි අක්කා. කවිය විතරයි මුලින් තිබුණෙ. පස්සෙ කවිය විතරක් දාන්න බැරි නිසාපොඩිෝට් එකක් දැම්මෙ. දැං හිතෙනව වැඩේ චා වුණා කියල.
      ස්තූතියි අදහසට :-) :-)

      Delete
    2. හයියෝ නෑ නෑ මලයෝ එහෙම හිතන්න එපා. මට කොහොමත් පොඩි අවුලක් තියනවා ඔහොම ඒවා නොතේරෙන. :) කවිය සිරා. කතාවත් තව පොඩ්ඩක් විතර පැහැදිලි උනානම් සුපිරියි.

      Delete
    3. අැත්තටම නොතේරුණ එකත් හොදයි කියල හිතනව. ඒකෙන් කවිය රස විඳින්න පුලුවන් නේ..
      කතාව නං ඉතිං වැඩිය දෙයක් නෑ. එච්චර වැදගත් දේකුත් නැති තරං කියල හිතෙනව.
      ආයෙ මම මොට්ට වැඩනොකර ඉන්නම් :-)

      Delete
  9. ඒක නියමයි අයියෙ...දැනුණා ඒක.

    ReplyDelete
    Replies
    1. හෙහේ.. ඉස්කෝතුයි මලේ...
      සාදරයෙන් පිළිගන්නව අවන්හලට

      Delete
  10. කතාව හරිම අපූරුයි..
    අනේ දෙබස් වලට ඔය නිල් පාට දාන්න එපා.. ඇහැට අමාරුයි වගේ... මගේ ඇහේ දෝෂයක්ද මන්දා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. සාදරයෙන් පිළිගන්නව මෙහෙට..
      හරි මමඊලග පාර වෙනස් කරන්නං

      Delete
  11. හරිම ලස්සන කතාවක්. කවිය හිතට වැදුනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කටකාරි
      සාදරයෙන් පිළිගන්නව

      Delete
  12. කවියත් ලස්සනයි .කතාවත් ලස්සනයි . දැනුණා හිත පත්ලටම ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි
      සාදරයෙන් පිළිගන්නව අවන්හලට

      Delete
  13. හඳිසි නොවි ලිවුව නම් තව රහට ලියන්න තිබ්බා මල්ලියෙ. කොහොම වුනත් උත්සහාය අගය කරන්නම ඕනි.

    ReplyDelete
    Replies
    1. දන්නවනෙ ඉතිං කවදාවත් මගෙ වැඩක් පිළිවලට නෑ කියල
      ස්තූතියි හොයල බලනවට. දවසක හෙමිහිට එකක් ලියන්නම් කෝ :-)

      Delete
  14. අපුරුයි.මන් හිතන්නෙ මන් ගොඩ වැදුනේ මුල් වතාවට

    ReplyDelete
  15. මට හිතුනේ කොල්ල මොකක් හරි මැරෙන ලෙඩකින් ඉන්න හංද කෙල්ලගෙ හිත හදන්න දාල ගියාද කියල..අනේ මංද..සුපිරි

    ReplyDelete
  16. හත් දෙයියනේ අදනෙ බ්ලොග් එකක් තියෙනවා කියලා හොයා ගත්තේ. ඔන්න ඉතින් ආවා මේ පැත්තට. මටනම් කතාවට වඩා කවිය දැනුනා. නිසල් කියන නමත් දැනුනා මොකද මම ඕලෙවල් කරන කාලේ මගේ ආදරේ ඉල්ල ඉල්ල පස්සෙන් ආව පිරිමි ලමයෙකුටත් ඔය නම ම තිබුනා.

    ReplyDelete
  17. දොසක් නොම කියමි....ඒත් මම නම් අනුකම්පා නොකරමි.. මොකද ප්‍රේමය නිසාම.. ලස්සනට ලියලා

    ReplyDelete