Wednesday, February 25, 2015

ඒ වුනත් සඳ වත....

අහස් ගඟ තරණය කර
කොයිබට ද යන්නෙ ස නුඹ
ඇති නේද නිවහනක් නුඹටත්
නුඹ එනකං කියල මග බලන
සො පැටව් සතුට උතුරන...

ඉර දෙයියො පවරාපු
රාජකාරිත් බොහොම ඇති
ඔහෙ ඉඳන් හැමදේම
ලස්සනට පේනවා ඇති
සුරංගනා ලෝකෙත්
පහු කරන් එනව ඇති
එහෙත් ඇති මං වගෙම ළදැරියක්
හැම දාම නුඹ දැකල අත වනන වත් ඇති...

දවස තිස් සෙම වැඩ කලත්
මහන්සියක් නැතුවාද
ඔය තරම් හිනැහෙන්නෙ
කොහොමද හැබෑටම...

ඒ වුනත් ස වත
මේ ටිකත් අහන වද
හැම දාම ටිකෙන් ටික
මහත් වෙන සිනහව
කොයි තරම් නම් කැත ද
අටවක දවසක දි නුඹ පාන
මන්දස්මිතයකට වැඩිය....


















**පිංතූරය ගත්තෙ මෙතනින්
***විශේෂ ඉස්කෝතුව ජානි වසන්ති මගෙ බොක්කෙ පිට් එකට මේ පින්තූරෙ උඩ අකුරු ටික ඇලෙව්වට....

55 comments:

  1. අමාවකට නං හිනා උනත් පේන්නෙ අපේ හැන්රියගේ මුන විතරයි..

    ReplyDelete
    Replies
    1. අමාවක...?????
      දේශක තුමාගෙ ස්කුරුප්පු ඇණයක් මොකක් හරි වෙලැයි....
      >:o >:o >:o >:o
      :P :P :P :P
      :o :o :o :o

      Delete
    2. හා.. ඔයැයි එහෙමද හිතන්නේ.. හැක්

      Delete
    3. මේම මේම වෙනකොට ඒම ඒම හිතෙනව නෙව...

      ඉස් ඇට් මේ හරුපෙ තේරුං ගන්න ට්‍රයි කොරමි‍න්

      Delete
    4. අඩෝ මේ දේශක. ඔන්න මං නොකිව්වයි කියන්නෙපා.

      Delete
    5. දැං නෙව මට තේරෙන්නෙ මොකද්ද මේ දේශක කියන්නෙ කියල හිහි

      Delete
  2. අගෙයි............... අද ටිකක් අමුතු කතාවක් ලියලා වගෙයි.... අැයි මොකුත් හිත රිදෙන දෙයක්වත් වෙලැයි????

    ReplyDelete
    Replies
    1. හෆොයි කවුරු හරි කීව ද ඒම...
      නෑ නෑ
      මං ඉන්නෙ මේ යස අගේට...
      හිහි

      අද ටිකක් අමුතු කතාවක් ලියලා වගෙයි///
      හැමදාම එක වගෙම වෙලත් බෑ නෙව නැද්ද හා

      Delete
    2. සඳේ ඔබ ඇයිද මේ යාමේ
      අහස කරා නැඟුණේ
      සිතේ දුක හිරු නිවා දැමුවේ
      නැතුවද ඔබ දන්නේ
      ගිනි හිරු පායා සොමි සඳ බැසලා
      මගෙ ලොව එළිය වෙලා

      ඔබ තරු වටකර හිනැහෙන යාමේ
      ඈ දුර යහන් ගැබේ
      රෑ නොනිදාගෙන වැලපෙන මා හට
      ඔබගේ කිමද පලේ

      සඳේ ඔබ...

      සඳ දෙස බල බල මා පැතු පැතුමන්
      මෙතෙකැයිකියන බෑ
      හිරු මා දැව්වත් මා ලද උණුසුම
      අමතක කරන්න බෑ

      සඳේ ඔබ...

      ගායනය: රූකාන්ත ගුණතිලක

      Delete
    3. අහ් මරු සිංදුවක්....
      ස්තූති බොහෝයි සිංදුවො

      Delete
  3. මොන නිවහනක්ද (නිවනක්ද ) ඔබ වටේ කැරකී කැරකී ඔබත් එක්ක ඉර දෙයියෝ වටේ කැරකෙනවා මිසක්...!!

    ReplyDelete
    Replies
    1. ඒක නං හැබෑ වෙන්නත් පුලුවනි...

      චෙෆාකි ගෙ පළමු අවන්හල් සංචාරය නේද
      සාදරයෙන් පිළිගන්නව මෙහෙට...
      ඔය ඉඩ කඩ ඇදි හැටියට වාඩි වුනා නං
      හිහි

      Delete
  4. අටවක නැමි පනා හැඩට
    ආස උනත් ඉන්නෙ කෝම
    ඉරදෙයියන් පවරපු වැඩ
    සුදු සුරඟන පවරපු වැඩ
    සොඳ සොඳ පැටවුන් බලන්න
    වැඩ කටයුතු වැඩි නිසාම
    ඉදිමුනු මුව මඬලට ඔබ
    සිනහව යයි පවසනකොට
    හිනා නොවී ඉන්නෙ කෝම..?

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද
      මං හිතං උන්නෙ
      දත් තිස්දෙක එලියට දමං
      විරිත්තන්න ඔයැයි
      බොහොම මනාපයි කියල

      හිහි

      කළණෙ
      +++++++++++++++++++ ????

      Delete
    2. පිට කොටුවට ගෑස් පහට
      ගොහින් බලමු රට තොට වග
      'මුට්ට' බරෙන් මිරිකීගෙන
      දත් තිස් දෙක විදහාගෙන
      බර වැඩිකොට සිනා නඟන
      සඳවත් පරදන දන කැල

      (තිස් දෙකක් නෑ... 10ක් 15ක් විතරයි ඒ කට වල් වල ඉතිරිවෙලා තියෙන්නෙ )

      Delete
    3. ඒ ගැන කතා නොකර ඉම්මු... ඒ මනුස්සයන්නෙ දහඩියටත් අපි ණයයි බං

      Delete
  5. අඩේ අප්පා සඳ දැක්ක හැටි. මම උසස් පෙළේ දී “ප්‍රතිභාශක්තිය“ කියල බර වචනයක් ඉගෙන ගෙන තියනවා. ඒ වදන ගැලපෙන්නෙ මේ වගේ අමුතු දැකීම්වලට ගොඩක් රසවින්දා අවන් හල

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඒත් මට නිකං මෙව්ව ක මෙව්ව එක වගේ හිහි
      මොකද ඔය කියන ඒව ගැන අපි දන්නව කියලැයි
      හාකො හාකො

      Delete
  6. අටවක සහ අමාවක අතර තමා ලස්සනම හිනාව. අටවක හිනාව නිකං ඉක්මන් ඩොට් එල් කේ වගේ.

    ReplyDelete
    Replies
    1. පායන සඳ ගැන මොනව හිතන්නද
      හිතුවත් ඒ ගැන මොනව කියන්නද
      කිව්වත් කිසිවෙකු අහන්නේ නෑ
      එයද ආදරය වාගේ​...

      සිතක සිතුම් එක්තැන් කොට අමුණා
      ආදරයේ මහ පොතක් ලියුවෙමි
      මේ ලොව නෙතු දස දහසක් ඇති මුත්
      කිසිම නෙතක් ඒ දෙස හෙළුවේ නෑ​...​

      ගීපොතකින් මා උපුටා නොගතිම්
      මගේම සිතුමන් රසයෙන් එක්කොට
      මා හැමදාමත් හඬගා කියනෙම්
      ආදරයේ.. මහ පොතක් ලියු බව​...​​

      පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
      සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

      Delete
    2. මදාවියො...
      අර හද පායල දවස් දෙකක් විතර යද්දි පේන ලස්සන හිනාව නේහ් ඒකට කියන නමක් දන්නෙ නෑ නෙව බොලං...
      ඉක්සන් එල් කේ නං මරු උපහැරණෙ...

      සිංදුවො හැබෑටම මේ සිංදුව අහල නෑ නෙව....
      කමෙන්ටුවට ගැලපෙන කතාවක් ස්තූතියි එක් කලාට හොයං අහල බලන්න ඕන

      Delete
  7. කන්ද උඩින් අටවක සඳ හිනා වෙනව මෝදුවෙන්ඩ…
    රෑන් පිටින් බට්ටිච්චන් පියාඹනව කූඩුවෙන්ඩ…
    අඬති ළමා වසුපැටියෝ උණුහුමකට ගාල්වෙන්ඩ…
    එන්ඩ පිළට සැනසිල්ලේ ඇහැ ඩිංගක් පියාගන්ඩ..

    පැදුර පුරා රැස් මාලා අටවක දා හීන් හ‍‍ඳේ…
    කටින් පිඹින්නට ඉස්සර හෙමින් නිවෙයි පහන් තිරේ…
    ගොපළුන් පිඹින නළාවේ සුමිහිරි සත්සර පාවේ...

    පිදුරු පියස්සේ තැවරෙන කළාමැදිරි කාන්තියේ…
    නිවී පහන්වී දුරු වෙයි සෝක තැවුල් කාන්සියේ…
    හිම කැට මිදෙන හීතලේ හීතළ නොමැත රෑ පැලේ…

    ගායනය - නන්දා මාලනී
    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය - රෝහණ වීරසිංහ.

    ReplyDelete
    Replies
    1. හම්මේ ඉස්කෝතුයි සිංදුවො
      අපුරු සිංදු එකක් නෙවී තුනක්ම එක් කලාට
      ඒව කොටන්න කොහොම මහන්සියක් වෙන්න ඕ නද ඒ නැතත් ඕන ඕන සිංදුව තෝරගන්න එක

      උඹට වෙනම සම්මානයක් දෙන්න බ ඕන සිරාවටම

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ඒ වුනත් සඳ වත
    මේ ටිකත් අහන වද
    හැම දාම ටිකෙන් ටික
    මහත් වෙන සිනහව
    කොයි තරම් නම් කැත ද
    අටවක දවසක දි නුඹ පාන
    මන්දස්මිතයකට වැඩිය....


    හරිම ලස්සන නොකී කතාවක් කියනවා..

    ReplyDelete
    Replies
    1. මොන වගෙයි බොක්කෙ
      කියහංකො මටත් දැනගන්ට
      ස්තූතියි හොදේ ඔක්කටම

      Delete
  10. මම නම් දැන් වයසයි ලමයෝ..
    සොඳ සඳ පැටවු වදා
    කෙළ කෝටියක් දුක ද විඳ
    යමි මේ ගමන සැඩ හිරු දෙවිඳු සමගින..
    හිනා උනාම මොකෝ
    ඇඬුවාම මොකෝ...

    ඇත්තෙන්ම වැඩිහරියක්
    දුක නැත්නම් කැතම තමයි..

    ඒ වගෙද උඹ..
    මතක ඇතුව පාපන්
    මන්දස්මිතයක්..
    තුමුල කඳු ගැට උඩින්
    පුර හඳ හිනා පානකොට
    ගී ගයඉ කොලු රැල
    තවම උඹෙ මුව මඩලට..

    ReplyDelete
    Replies
    1. ඒක නං පට්ට කවියක්
      නෑ නැ කවි කොමෙන්ටුවක්....
      ස්.තූතියි කළනෙ...

      Delete
    2. හිනාව ලස්සන උඹේ නොවැ හද හාමියො
      හැමදාම පොඩි උං උඹ දිහැ බලං
      ඉල්ලන කිරියි පැණියි නං
      මට කවම දාවත් හම්බ නොවුණත්
      ඔය සොද සිනහවට
      හරි ආදරෙයි මං

      Delete
  11. ලස්සනයි මචෝ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ් අය්ය

      Delete
  12. නිර්මාණශිලී අදහසක් ... ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි....

      Delete
  13. බැබලීම වගෙම බැසයාම අයිති සඳටයි
    පිඹිදීම වගෙම පරවීම අයිති මලටයි..
    හැමදාම වගෙම මම තාම අයිති නුඹටයි

    ‍රැවටෙන්න වගෙම රවටන්න හිතක් නැතී
    හංගන්න වගෙම පෙන්වන්න කිසිත් නැතී
    නුඹ දන්න තරම් මගෙ හිත
    වෙන දන්න කෙනෙකු
    ලොව මට හමුවෙලා නැතී

    හිමිවන්න කියා හමුවන්න හිතක් නැතී
    පිංවන්ත හිතේ විඳවන්න දුකක් නැතී
    අදහන්න නමුත් හැකි වෙද
    නුඹ දුන්නේ නැතත්
    නුඹේ හිත මගෙ ළඟම ඇතී


    කරුණාරත්න දිවුල්ගනේ....

    මගෙ එකේ තිබුන ඇනෝ කමෙන්ටුවක් උස්සාගෙන ආවෙමි.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ සිංදු ඇනෝව වෙන්න ඇති
      වෙන කවුද සිංදු කොටන්නෙ
      තුති බොහෝ වේවා

      Delete
    2. සිංදුවා නෙමෙයි නමක් නැති ඇනෝවෙක්

      Delete
    3. ඔහ් එහෙමත් හරි නෙව හිහි

      Delete
  14. //එදා ඔබ මට සරාසඳ විය
    කවි ඇසින් දුටු සොඳුරු විසිතුරු
    මෙදා ඔබ මට සැබෑ සඳ විය
    විදු ඇසින් දුටු අඳුරු බියකරු//

    ReplyDelete
    Replies
    1. අද නං ගමකට සිංදු හිහි

      Delete
  15. ඒ වුනත් සඳ වත
    මේ ටිකත් අහන වද
    හැම දාම ටිකෙන් ටික
    මහත් වෙන සිනහව
    කොයි තරම් නම් කැත ද
    අටවක දවසක දි නුඹ පාන
    මන්දස්මිතයකට වැඩිය....
    මට නම් වැඩිපුරම හිත ගියේ මෙන්න මේ කොටසට..අද වෙනස් කවක් ..ජයවේවා!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රසවින්ද නම් සතුටක්
      ජයවේවා

      Delete
  16. Replies
    1. ස්තූතියි
      ජයවේවෙ ඔබටත්

      Delete
  17. අපූරුවට ලියනව නොවැ. අමුතු ශෛලියක් අමුතු රසයක්.
    දිගටම ලියන්න.
    ගිමන්හලෙන් අවන්හලට .:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිමන්
      සාදරයෙන් පිළිගන්නව අවන්හලට
      ස්තූතියි අගය කලාට ජයෙන් ජයම වේවා

      Delete
  18. එතකොට හඳ බැහැලා යන්නේ පැටවු ගාවටද?
    අලුත් අදහසක් නියමයි
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණ
      සාදරයෙන් පිළිගන්නව අවන්හල ට
      හැමදම එකම විදියකට දැකල බෑ නෙව නේහ්...
      ජයෙන් ජයම වේවා

      Delete
  19. කළින් වතාවකත් කිව්වා වගේ කවි කියන ජාතිය මගේ වකුගඩුවට එක පාර වදින්නේ නැහැ. හැබැයි දෙතුන් පාරක් මොනිටරේ දිහා බලාගෙන ඉඳලා හිත එකලස් කර ගත්තම මේ කවි පෙළ බොක්කට දාගන්න ඇහැක් උනා...
    ඇත්තටම ලස්සනයි...

    ඉර දෙයියෝ කියල කියන්නේ නැතුව “ඉර” කියන්නේ “හඳ හාමිනේ” ගේ මහත්තැන් කියල කීවානම් “සොඳ හඳ පැටව්” වෙනුවට ඔවුන්ගේ දරුවෝ විදිහට “තරු පැටව්” ටික ගන්න තිබ්බා... හැක් හැක්

    කවි එක්ක මගේ ගණුදෙනුව ඒ තරම් හොඳ නොවෙන්න හේතුවක් තියෙනවා.
    මගේ ගාවත් ඔය කවි හිතක් තිබ්බ කාලයක් තිබුනා. ඒ හිත හතර අතේ සැහැල්ලුවෙන් පියාසර කර කර තිබුනේ.
    නිදහසේ සරපු ඒ කවි හිත හිර කරලා මරල දැම්මේ මම ම නේද කියල හිතෙනවා ආපහු හැරිලා ජීවිතේ දිහා බැලුවම...
    දැන් වැරදිලාවත් කවි ලියවෙන්නේ නැහැ... හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. එහෙම වුණා නං ටිකක් ඒකාකාරියි කියල හිතෙන්නෙ නැද්ද හැමකෙනාම ඉර හදට පට්ටල් කරන හංද තමයි මං ටිතකක් වෙනසක් කලේ... අවුල් වගේද හැබෑටම...

      උත්සාහ කලොත් ආයෙත් ලියන්න පුලුවං වෙයි
      නැති වෙන්ට විදියක් නෑ
      ජයවේවා

      Delete
  20. පිරුණු පුර හඳට වඩා
    කළුවර අහසේ අටවක සඳ ලස්සනයි මගේ හිතට
    පායන තුරු ඉර
    එළිය කරගෙන අඳුරු ලෝකය.

    ReplyDelete
    Replies
    1. හ්ම් අපූරුයි ඒකත් ස්තූතියි රිප්ලයි කමෙන්ටුවට...
      ජයවේවා

      Delete
  21. සුදෝ සුදු වළාවන්ගෙන් බිත්ති බැඳ
    ඒ මත තරු කැකුළු අලවා එළිය දෙන
    නිවහනක් මටත් ඇත අනන්තෙට කිට්ටුව

    එහෙත් එහි කිරි සිනා නැත
    ඉතින් මම එමි හිත පුරෝගෙන
    පුන් පෝය දවසට

    අමාවකට හිත සිඳිලා
    දැකිය නොහැක මාව
    එහෙත් අඳුරු වළා අතර
    හැංගී නුඹ දෙස බලා හිඳිමි මං

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...