Monday, March 14, 2016

ඉදින් සසර තව දුර ඇවිදිමු දේවී....

ඇඟිලි තුඩු අගිස්සෙන් නළල මිරිකා
ඉතිරි වී තිබු එකම හීනෙත්
තුට්ටුවක් ගෙන විකිණුවා
ඒ වුණත් අදටයි හෙටටයි මිසක්
ඇතිද අඩු ගාණෙ සතියකටවත්
ඇහෙන නෑහෙන තරමින්
යසෝදරාවිය මොනවද  කියන්නී....

කුසගින්න ළය මෙළවී
රාහුල හඩනකොට දේවි උකුළේ
උන්ට දෙන්නත් කිරි බිදක්
ළැම නැතැයි මැසිවිලි කියයි...

එනව නං ඔබ අප ළගට
මුසාවාදා පාට කරනට
හොද ගාණක් පුළුවන් හොයන්නට
ඔබතුමා  දස්ස නෙ  ලියන්නට
තණ්හා ඇවිදින් කියන්නී
සිනාවෙන් මායම් හලන්නී...

ෆුප් ඒසි මැදුරක
නියොන් එළිය යට
සිනා නොමසෙන
දසන් දක්වා
මාර තෙම වෙයි
මාර දූරු මැද..

විකුණමුකො ඔය අදහස්
ආයෙ මොන ජාතියක් ද
ආයෙ මොන ආගමක්ද
මං අහන්නෙ ඔයාගෙන්
කොලේ එයිනං
කොහොම කොහොම හරි..,
බල්ලො මැරුවත් මොනා වෙනවද
සල්ලි බුහ් බුහ් ගානවද
යසෝදරාටත් සතුටු නොහිතෙද
රාහුලටත් හැකිවේය දවසක
යන්න ලොකු ඉස්කෝලෙකට
හිතනවකො ඒ ගැන ටිකක්
තඩි බඩත් හොල්ලගෙන
මාර තෙම විලිස්සයි
කහවණුත් පසෙකින් හිඳ විරිත්තයි..

මේ නුඹට හිමි තැන නොවෙයි
දුෂ්කර ක්‍රියා කරනට කාලයයි
නික්ම යනු මැන වහා මෙතනින්
සසර කෙටි කර ගන්නට හැකියි
පිරුවටට හැදගත් මගෙම කයකින්
දෑත් එක්කොට කියයි...
දේවිගේ උවනත මතක් විය
රාහුලගෙ සිනහව ඇසෙන්නට විය
සේද සළු පිළි ගත වසාගත්
උන් සිනා  හඩ ඇසෙනු මෙන් විය
නැගිට එන්නට දිරිය මද විය
සසර ඉම තව තවත් දික් විය....



61 comments:

  1. හපොයි තේරුණේ නෑ...:O

    ReplyDelete
    Replies
    1. නොතේරීමත් එක්තරා විදියක තේරුම් ගැනිමක් කියනව නෙ
      හිහි

      Delete
  2. ඔහ්! පට්ට මචන්.. අපි ඔක්කොම මේ සංසාරේ දික් කරගන්නේ යශෝධරාලා රාහුලලාගේ මුණු බල බල තනි මතේට සසරින් එතෙර වෙන්න බැරිකමට තමයි.. එළමකිරි!!!

    ඒක නෙවෙයි කෝ මොණරාගල ගැන පෝස්ට් එක?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමී..
      ඒක නං ඇත්ත කියල හිතෙනව මට ඒ අය ගැන පොඩි සානුකම්පිත දෘෂ්ටියකින් බලන්නයි ඕන වුනේ
      හිතුව තරං සාර්ථකදැයි දන්නෙ නෑ...

      ඒ අදහස අතෑරිය.. මොකද දැං පරක්කු වැඩී

      Delete
    2. දැන් මේ අපේ ගම ගැන දාන පොස්ට් එක මොකක්ද?

      දාල බලන්නකො... හැබැයි බොරු කියල අහුවෙන්නෙ නෑ හරිය..

      Delete
    3. අප්පත්තියේ බොලං මොනරාගලය... හිහි
      ඒක මහ තඩි මඩ පෝස්ට් එකක්..
      වෙලාවට නොදා හිටියෙ.. නැත්තං ගුටි කාල ඉවරයක් නැතිවෙනව මෙතන ඔව් ඉදගෙන හිහි

      Delete
  3. බල්ලො මැරුවත් මොනා වෙනවද
    සල්ලි බුහ් බුහ් ගානවද
    යසෝදරාටත් සතුටු නොහිතෙද
    රාහුලටත් හැකිවේය දවසක
    යන්න ලොකු ඉස්කෝලෙකට
    හිතනවකො ඒ ගැන ටිකක්
    තඩි බඩත් හොල්ලගෙන
    මාර තෙම විලිස්සයි
    කහවණුත් පසෙකින් හිඳ විරිත්තයි..


    මිනිස්සු අසරණ වුනාම , ඔහොම් වෙන්න හිතෙනවා, එක වරදක් නෙවෙයි . කොහොම උහුලන්නද පොඩිඋන් අඬනකොට බඩගින්නේ

    ReplyDelete
    Replies
    1. ඇතැමුන් මොනවා කිව්වත් මාත් එකග වෙනවා.

      Delete
    2. ඔව් සහ නෑ කියන දේ කියන්න පුලුවං සාපේක්ෂව..
      දැනට කියන්න පුලුවං එපමණයි ඉවාන් අයියා...

      සාලිත ඔබටත් එයම කීවට අමනාප නොවෙතියි සිතනවා

      Delete
  4. විප්ලවීය අදහස් කියන්නේ මේවට. සුපිරියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ් අයියා

      Delete
  5. "විකුනමුකෝ ඔය අදහස්.. ආයේ මොන ජාතියක්ද .. මොන ආගමක්ද .." යශෝදරාවන් , රාහුලයන් පෙන්වා විකිනේනෙට ඇරයුම් කරන පාරිභෝගික ලෝකය... (නියමයි...)

    ReplyDelete
    Replies
    1. හැම තැනම වෙන්නෙ ඒක නේද...
      ඒ රාමුවෙන් මිදෙන්නට නං බැදීම් වලිුත් වියුක්ත වෙන්ට වෙනව. කරන්න බැරි දෙයක් නෙවී. ඒත් අපි ඇවිල්ල පුද්ගල බද්ධ ජීවීන් කොට්ඨාෂයක් නෙව
      ස්තූතියි කවිදු

      Delete
  6. පට්ට පද ටික...... සුපිරි ලියැවිල්ල....

    ෆුල් ඒසී විදිහට වෙනස් විය යුතු බව හිතනවා....

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු.. හිතා මතෘම දීර්ඝ පිල්ලම නොයෙදුවෙ දැං හිතෙනව එය අඩුවක් කියල
      සකසන්නම් කියල හිටියත් අමතක වුණා...
      නිවැරදි කරන්නම්
      ස්තූතියි

      Delete
  7. නියම පද පේලි ටික

    ReplyDelete
  8. මහගම සේකරයන්ගේ ප්‍රබුද්ධ කාව්‍ය මතක් වුණා. ගැඹුරුයි. තේරුම් ගැනීමට අපහසුයි.

    ReplyDelete
    Replies
    1. තේරුම් ගැනීමට අපහසුනම් ගැඹුරුයි. එහෙමද? :P

      Delete
    2. ඒ තරං සම කරන්නට බැරිව ඇති කියල හිතෙනව.
      හැබැයි පොඩි සතුටක් නොදැනුනා කියන්නත් බෑ...
      ප්‍රබුද්ධ කියන්නෙ නිවිහැනහිල්ලෙ කියවන්න ඕන කාව්‍ය ආඛ්‍යානයක්. එහි බරපතල විදියට ගැඹුරක් නැති බවයි මගෙ නං අදහස..
      ස්තූතියි සුජීවා අක්කා..

      ජේමිසෝ.. එක එක්කෙනාට දේවල් දැනෙන ආකාරය වෙනස් නෙ. දෙදෙනාට දෙවිදියකට අවබෝධ වීම
      මේ පැත්තෙ ගොඩ වදිනව කියල දැනගන්න ලැබිමත් සතුටක්

      Delete
    3. ෆේස් බුක් එක හිමීට අත ඇරලා බ්ලොග් ලෝකයට හිමීට එන්ටර් වෙන්නයි කල්පනාව. දිගටම එන්නම් මචන්. ජය !

      Delete
    4. ඒක හොදයි. බුකිය නරක නෑ. ඒත් ඇබ්බැහිය මග හරවා ගන්න එක හොඳයි.
      නැවත එන එක අහන්නත් සතුටුයි...
      ජයවේවා

      Delete
  9. //නික්ම යනු මැන වහා මෙතනින්
    සසර කෙටි කර ගන්නට හැකියි

    මං හිතන්නෙ මට ලාවට වගේ සෙන්ටර් උනා

    ReplyDelete
    Replies
    1. හා හා
      බොලංට නෙවී කීවෙ ඉතිං හිහි

      Delete
    2. මට තමයි කිව්වෙ :) මං විතරයි එ්ක දන්නෙ :)

      Delete
    3. මට තමයි කිව්වෙ :) මං විතරයි එ්ක දන්නෙ :)

      Delete
    4. දෙපාරක්ම කියල තියෙන්නෙ ඒ හින්ද වෙන්ට ඇති නේ
      හිහිි

      Delete
  10. කැමැත්ත අකමැත්ත අතර දෝලනය වෙන අපේ හීන අකමැත ලග නතරවෙන අවස්තා වැඩී..අකමැත්ත ලග නතරවෙන්නෙ අපේම උවමනාවට නොවුනත්...ඒක අපේම නොවන අපේම උවමනාවක්...හැබැහින්ම පට්ට මචෝ....ඒ පද පේලි ටික....අපි හැමෝගෙම කතාව වගේ.....ස්තූති සංග්‍රහයට...කාලෙකින් බඩ පිරෙන්ඩ කෑව..

    ReplyDelete
    Replies
    1. හිතට තදටම දැනුන නම් එපමණයි...
      හෛාම ස්තූතියි රසික.... අපි කිහිප දෙනෙක්ට හෝ සමීප අත්දැකිමක් විය හැකී නෙව නේ
      ජයවේවා

      Delete
  11. මේක නම් පට්ටයි. මේක මහේෂ් අය්ය ලිව්ව කියන්න බැහැ වෙනස්ම ශයිලියක් ..මම දෙපාරක්ම කියෙව්ව. මේකට නම් ආයේ පිළිතුරු කවි ලියන්නෙ නැහැ ලියන්නත් දෙයක් නැහැ .පරණ ඇරියස් ඔක්කොම කවර් කරල තියෙන්නේ.සතුටුයි :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හංසියෙ...
      පරන කවියක්... නොදා ඉන්නයි හිතුවෙ මොකද මේ වගේවට ඒ තරං ප්‍රතිචාර නැති නිසා
      නමුත් නරකත් නෑ
      ජයවේවා

      Delete
  12. කවිය නං අනේ මන්ද ....
    හැබැයි අර මාර්ක් ට්වෙයින් ගොයිය කියපු කතාව නං පට්ට ඇත්ත .....

    ReplyDelete
    Replies
    1. ට්වේන් කියන්නෙ හොද උත්ප්‍රාස කතා රචකයෙක් නෙව...
      ස්තූතියි මුද්දා

      Delete
  13. ඇස් පනාපිට ඕක පෙනෙනකොට මක්දෑ කොරන්නෙ?
    ගස්ලබ්බටත් ඉන්නම බැරි උන වෙලාවක කිව්ව මෙහෙම..
    http://gaslabba.blogspot.com/2015/07/blog-post.html
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ලබ්බේ
      ඒත් එකම සිදුවීමට දෙපැත්තක් තියේ නෙව නේද
      අපිට ඉතිං සමහර වෙලාවට සමහර දේවල් ඉවසන්න සිද්ධ වෙනව...
      ඒ ලබ්බෙගෙ කවියත් පොඩි නැති ලොකු කතාවක් කියන්නෙ
      ලෝක දෙකක වෙනස නේහ්

      Delete
  14. ඔච්චර කියන එකේ ඔන්නොහෙ විකුණල දාමු. හැක්..

    නියම කවිය.

    ReplyDelete
    Replies
    1. විකුනන්ටයි ඉන්නෙ හැක්
      ස්තූතියි ප්‍රසන්න අයියා

      Delete
  15. කාලෙකින් දැකපු හොඳම කවියක්...

    ReplyDelete
    Replies
    1. තිසරටත් එහෙම දැනුන කියන්නෙ ඇත්තටම හොදයි කියල පිළිගන්නම වෙනව
      ස්තූතියි තිසර...
      මේ පැත්තෙ ගොඩ වදිනව කියල දැනගන්න ලැබුන එකත් සතුටක්
      ජයවේවා

      Delete
  16. ගොසින් බුදුව එන්නට නොහැකිය දේවි..))

    ReplyDelete
    Replies
    1. ඉදින් නොවී සොව හිටපන් දේවී

      Delete
  17. සිදුහත්ලා, යසෝදරලා කොච්චරනම් අසරණවෙලා ඉන්නවද රාහුලලා නිසා.හැම දෙමාපියෙක්ම ඔහොම තමයි බං.ළමයි නිසා නිවන් දකින්න බයේ ඉන්නවා.

    කවිය ගැන - වදන් නැත.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත කටුසු
      ඒ වගේ අය ගැන මට බලන්න පුලුවන් විදියටයි මම මේ ක ලීවෙ
      හිතුව තරම් නැතත් යම් සාර්තකත්වයක් ඇති කියල හිතෙනව
      ස්තූතියි කටුසු

      Delete
  18. ගොඩාක් ගැඹුරු අර්ථවත් පැදි පෙළක් සහෝ,මටත් මහගම සේකර මහත්තයා මතක් වුනා,මගක් කියවද්දි,
    ජයෙන් ජය සහෝ,

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රස්තෙ
      සතුටක් මට අගය කරනකොට
      ජයවේවා

      Delete
  19. තව දෙතුන් පාරක් කියවන්න වෙයි වගේ!

    ReplyDelete
    Replies
    1. කියෙව්වය ඉතිං හිහි

      Delete
  20. ලස්සන කවි ටික මචං.

    සිදුහත් යශෝදරා,රාහුලව ගිහිගෙයි දාලා ගියා තමන්ගේ තාත්තා රජ්ජුරුවෝ නිසා එත් මට එහෙම ගිහිගේ දලා යන්න බැහැ උඹලා නිසා කියලා කියන රත්න ශ්‍රී ගේ ද කොහේද ලස්සන කවි පන්තියක් එහෙමත් තියෙනවා නේද ?මට අන්න එකත් මේ පැදි පෙළ අස්සෙන් එහෙන් මෙහෙන් මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං...
      රත්න ශ්‍රි ගෙ එකක්
      එහෙං හොයාගන් බලන්න ඕන...
      මං කියවල නෑ මචං...
      ජයවේවා

      Delete
  21. අපිටත් තේරෙන්ඩ ලියාපන්කෝ,,හෙක් හෙක්,,ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. නොතේරුනා නං ලස්සන වෙන්නෙ කෝමෙයි ලලියො
      හෙක් හෙක්

      Delete
  22. ප්‍රතිපත්තිය සහ අසරණකම අතර ගැටුම...

    ReplyDelete
    Replies
    1. යැස්...
      අන්තිමට ප්‍රතිපත්තිය පරදිනව
      ඒක සාමානයයි නේහ්

      Delete
  23. එන්න වෙලාවක් තිබ්බේ නැහැ. හොඳ කවි පෙළක්.

    ReplyDelete
    Replies
    1. මෙහෙම හරි ආව නෙව... ඒ මදැයි.. අජිත් අයියලා බිසී නෙව කෝමත්
      අහිතක් නෑ..
      ඉද හිටල හරි ගොඩ වෙනව කියල දකිනකොටත් සතුටුයි...
      ස්තූතියි

      Delete
  24. සහතික ඇත්ත කතාවක් කියල තියෙන්නෙ කියල දෙතුන් වතාවක් කියෙව්වම තේරුණා.

    හැබැයි වැඩිය මුකුත් කියන්න නම් දන්නෙ නෑ. අර්ථවත් කවි පෙළක්.

    ReplyDelete
    Replies
    1. ඒත් ඒ තරං බැලන්ස් වෙන්ට බැරිවුනා... ඒත් තනූජලයි කමෙන්ට් දකිද්දි ඒ අඩුව පිරෙනව වගේ හිතෙනව
      ස්තූතියි තනූජා.. අගය කළාට..
      ජයවේවා

      Delete
  25. සේකරගෙ පප්‍රබුද්ධත් මතක් වුණා හීනියට.... විශිෂ්ටයි අයියණ්ඩි !

    ReplyDelete
  26. අනෙ අප්පෙ මට නම් ටිකක් වෙලා ගියා තේරුං ගන්න... හැබැයි පට්ට කවි ටික මහේෂ්.... එළ...!

    ReplyDelete
  27. හ්ම්ම්, මිනිසුන්ව අසරණ නොකරන්න කොතනද හැදෙන්න ඕන කියන එක හිතන කොට රවුමට රවුමට යනව මිසක් හරි උත්තරයක් හිතෙන්නෙ නැ, අසරණකමටම අනිත් හැමදේම අමතක කරලා ජිවිතේ ඇදගෙන යන්න ඕන නිසාම දුවන අය දැක්කම මොන දෙයක් කරල හරි ගැලවීමක් හොයල දෙන්න හිතුනු තැන් තියනව.
    ඒ අතරේ විසඳුම් හොයල දුන්නත් ඒ දුකේම විඳවන අයත් එළියට එන්න ඕන කමක් නැති අයත් ඉන්නව. ලියල තියන විදිහ හරි අපූරුයි.

    ReplyDelete
  28. තිඹිරිගෙයි ඇවිදිද්දි හොයාගත්තා ඕං බ්ලොග් පිටුව. කොමෙන්ටුවෙ නම තිබ්බට මොකද, හොයං එන්න පාරක් ඉතුරු කරල තිබ්බෙ නෑනෙ. ගොඩවුණා හරිය... ජයවේවා.

    ReplyDelete