Friday, June 24, 2016

ජීවිතය තුළින් ජීවිතය සොයා යාම...



                                                            මන්ගෙ ජීවිතේ තමන්ට හිතෙන විදියට ගත කරන හැම අතින්ම නිදහස් කොල්ලෙක් කෙල්ලෙක් ඔයාට හමු වුණොත් ඔයාල එයා හඳුන්වන්නෙ මොන නමකින්ද.. පිස්සෙක් නැත්තං පිස්සු කෙල්ලෙක්.. ඇත්තටම අපිට ඒ වගේ අය හම්බෙලා තියෙනවද.. සමහර විට ඔව් නෑ කියන අය අතර ආපෝ එහෙම උනුත් ඉන්නවද.. හීනෙන් තමයි කියන අයත් ඉන්නව.. හැබැයි මම ඉත්තේරුවෙන්ම දන්න එක දෙයක් තියෙයි.. ඒ තමයි අපි විහින් බැඳගෙන ඉන්න මේ බැඳීම් නැත්තං අපි හුරු වෙලා ඉන්න සිතීමේ රටාව අපිට වෙනස් කරගන්න පුළුවන්නං මං හිතන්නෙ ඒ වගේ කොල්ලෙක් කෙල්ලෙක් හමුවෙන එක අරුම දෙයක් නොවෙන්න පුළුවන්.  මම කියන්න යන්නෙ ඒ වගේ කතාවක්.. (කෝමත් මම කීවොත් මොකක් හරි පිස්සු කතාවක් ගැන හිංද ඒ ගැන ඒ තරං හිතන්න දේකුත් න)

                                                      ඇය. ටෙසා.. නිතරම තමන්ගෙ නිදහස ගැන හිතන තමන්ට කැමති විදියකට ජීවත් වෙන්න ආස කෙනෙක්.. තමන් අකමැති ජාතියෙ කෙනෙක්ව තමන්ට බන්ඳන්න යෝජනා කළ හිංද ඒ මනමාලයටත් ගහල ගෙදරිනුත් පැල යන, තමන් කර කර හිටිය රස්සාවත් අතෑරල දාල තමන්ගෙ නිදහස හොයාගෙන යන කෙල්ලෙක්.. තමන්ගෙ ජීවිතේ තමන්ට ඕන විදියට ජීවත් වෙන්න ඕන කියල හිතෙන නිදහස්කාමිනියක්.. ඇය ට ඔහු ගැන දැනගන්න ලැබෙන්නෙ ඇය නිවසින් පැනල ගියාට පස්සෙ නතර වෙන තැනින්.. ඒ ඔහු නතර වෙලා හිටපු තැන.. ඇය නවාතැන් ගන්නෙ ඔහු හිටපු කාමරයෙ... ඔහු විසින් ඇඳ අවසන් නොකළ චිත්‍ර කතාවක් නිසා..


                                                             ඔහු...??? සැබැවින්ම ඔහු ප්‍රශ්නාර්ථයක්.. නමුත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස්කාමියෙක්. නමුත් අනෙක් සෑම කෙනෙක්ම සිනා වෙලා ඉන්න ඕන කියල හිතන කෙනෙක්.. මුළු ලෝකෙම හිනාවෙලා ඉන්නව නං හොඳයි කියල හිතන කෙනෙක්.. එක තැනක එක විදියකට ඉන්න අකමැති නිතරම තැනින් තැන ගමන් කර අනික් අයත් එක්ක හිනාවෙලා ඉන්න හුළඟ වගේ ඇවිත් හුළඟ වගේ නික්මිලා යන අපූරු චරිතයක්.. ඒ වගේම තමන් යන යන තැන සුවබර මතකයන් ඉතිරි කරල නික්මෙන බහිරවයෙක්.. (ඒ මේ කතාව පුරාවටම ඔහු ඔහුව හඳුන්වා ගන්නා නම)

                                                           ඇය, ඔහු විසින් අඳින ලද චිත්‍ර කතාව බැලීමෙන් අනතුරුව එහි ඉතිරි අඩ කුමක්ද..??  අවසානය කුමක් වේද..??? මේ චිත්‍ර කතාව ඇන්දෙ කවුද ...??? යන කුතුහලය නිසා ඔහු  සොයා යෑමේ ප්‍රතිඵලයක් ලෙස ඇගේ දෘෂ්ටියෙන් සේ,ම ඇයට ඔහු ගැන පවසනා අයගේ දෘෂ්ටියෙනුත් ඔබට ඔහු ගැන සොයාගන්න පුළුවන්.. නමුත් ඇයට කතාව පවසන්නන් ගේ කතාවන් තුල මිස ඔබට ඔහු හමුවන්නට නම් ඉවසීමකින් රැඳෙන්නට වෙනවා. ටෙසා විසින් ඔහුව සොයා යෑමේ කතාව සැබැවින්ම ඔහුව සොයා යාමකට වඩා සැබෑ සතුට , ජිවිතය සොයා යෑමක් විදියට මට හැගුණ මේ චිත්‍රපටය එහි සම්පූර්ණ ධාවන කාලය තුළ සැබැවින්ම එයටම සිත අලවා තබන්න සමත් වූ රමණීය නිර්මාණ කාර්යයක් බව පැවසූවොත් නිවැරදියි.

                                                           එක් කතන්දරයක් තුළ අන්තර්ගත කතාවන් ගණනාවක සම්මිශ්‍රණයක් ලෙස හදුන්වා දිය හැකි වුණත් අපට නොපෙනෙන්නට සිටිනා ඔහු ඒ සෑම කතාවකම ප්‍රධාන චරිතය බවට පත් කරමින් මුළු මහත් චිත්‍රපටය පුරාම නොපෙනෙන දැවැන්ත සෙවණැල්ලකින් ඔහුගේ ආධිපත්‍යය දක්වන්නට සමත් වී තිබීම අධ්‍යක්ෂක වරයා ගේ සේම තිර පිටපත් රචකයා ගේ සුවිශිෂ්ට දක්ෂතාවය බව නොපවසා සිටිය නොහැකියි. එසේම ඔහු සොයා යෑම පමණක් නොව අපට නොකියනා කතාවක, අපට හඟවනා කතාවක හිමිකාරිය වෙමින් ප්‍රේක්ෂකයා තුල ජීවමාන වන්නට ටෙසා ගේ චරිතයට හැකියාවක් ලැබෙන්නේ ඇගේ චාරිකාව අතරම ඈ ලෙසින්ම අපවද පුදුමයට පත් කරමින්..

                                                            සැබැවින්ම චිත්‍රපටයක ජීවමාන වන චරිතයකට නමක් අවැසිමද.. මේ කතාවේ අධ්‍යක්ෂක වරයා අපෙන් නොඅසා අසන බව මට හැඟුණේ කතාවේ අවසානයේදි.. මුළු මහත් කතාව පුරාම ප්‍රධාන චරිතය වෙමින් නමුත් ප්‍රේක්ෂකයා හමුවට නොඑන ඔහුගේ නම පවා අප නොදන්නා බව අපට හැගෙන්නේ කතාව අවසානයේදී... එසේම කතාව තුළ අපට හමුවෙන ඩේවිඩ්  මාරියම්  කානි සත්‍යා උස්මාන් ආදීන් අපට නොකියා කියන කතාවන් ගැනත් ඔබට යමක් හිතන්න ඉතුරු වෙයි කියල මම විස්වාස කරනව.


අගය 7.7 ක් ලෙසින් හිමි කරගෙන ඇති මෙම චිත්‍රපටය Martin Prakkat ගේ අධ්‍යක්ෂණයක්. එසේම තිර රචනය Martin Prakkat ගේ සේම Unni R. ගේ සම්මිශ්‍රණයක්. රංගනයෙන් Dulquer Salmaan චාලි ලෙසින්ද ,ටෙසා ලෙසින් Parvathy ද, සහාය චරිතයක් වන ඩොක්ටර් කානි ලෙසින් Aparna Gopinath ද විශිෂ්ට රංගනයක නිරත වෙති. 2015 දෙසැම්බර් මස 42 දින තිරගත විම ඇරඹි මෙම චිත්‍රපටය මුල් දින දෙක තුළදී බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා අතරට එක් වන්නට සමත් වූ අතර 46 වෙනි කේරල සිනමා උළෙලේ දී හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම චිත්‍රපටය, ඇතුළුව සම්මාන අටක් දිනා ගැනිමට සමත් වුණා...
ඔබට චිත්‍රපටයමෙතනින් බාගත කරගත හැකියි.(700MB Direct Link)
ඔබට චිත්‍රපටයමෙතනින් බාගත කරගත හැකියි (550MB Torrent Link)

සිංහලඋපසිරැසි මෙතනින් බාගත කරගත හැකියි.

(මලයාලම් චිත්‍රපටයක් නිසා මුලින්  නුහුරක් වගේ දැණුනත් ඔබට එය ඉක්මණින් අමතක ව බවට සැකයක් නෑ)

34 comments:

  1. //මුළු ලෝකෙම හිනාවෙලා ඉන්නව නං හොඳයි කියල හිතන කෙනෙක්// ඔක්කොම එහෙම උනොත් ලෝකය ‍කොච්චර සුන්දර වෙයිද.

    ReplyDelete
    Replies
    1. සමහරවිට කිසි ගතියක් නැති වෙන්නත් පුලුවං... හිහි... මං හිතන්නෙ ඒ හිංදම තමා විලන් කැරැට්ටර් කීපෙකුත් මවල තියෙන්නෙ. දෙයියන්ටත් කම්මැලි හිතෙන්න ඇතිනෙ ඔය මවපු මුල් කාලෙ. මුං පට්ට හැපි යෙ ඉන්නව ඉන්නව විතරය් ගහ ගන්නෙ වත් නෑ කියල හිහි

      Delete
  2. Replies
    1. ආයෙත් අහල.. සුප්පා...

      Delete
  3. ටෛාරන්ට් තහනං නේ බං..

    ReplyDelete
    Replies
    1. දීල තියෙන්නෙ ටොරන්ට් ලිංක් එකක් නෙමෙයි.. ඩිරෙක්ට් බාන්න පුලුවං. මං දීල තියෙන ලිංක් එක උඩ ක්ලික් කලා නං ඇති. ඔටෝ ඩවුන්ලොඩ් වෙනව...

      Delete
    2. මොකක්ද බං ටොරන්ට් තහනං කතාව.

      Delete
    3. ඔෆිස් වලට ටොරන්ට් සයිට් බ්ලොක් හිහි.. ඒක වෙන්නැ කියන්නෙ... ඇයි මුං හොරෙං බානවනෙ... බුහැක්

      Delete
  4. Replies
    1. sirawata ma saho... mula idanma kisi kammeli kamak nethiwa balanna puluwan Film ekak..

      Delete
  5. බා ගත්තා.. බලන්න බෑනේ.. ආකයිව් එකේ එරර් එකක් කියනෝ..

    ReplyDelete
    Replies
    1. එරර් එක මොකද්ද කළණෙ... මාත් බෑවෙ ඕක.. ඒකයි මම ෆුල් ෂුවර් එකෙ දුන්නෙ.. මාර සීන් එක...

      Delete
  6. ස්තුතියි !

    ReplyDelete
    Replies
    1. සතුටක් මට මෙතුවො... එක්සෑම් හින්ද ඒ අහ එන්න වෙලාවක් නෑ.. තරහ ගන්නව හෙම නෙවෙයි ඔන්න.. ;-) ;-)

      Delete
  7. උඹ ඔය ෆිල්ම් බලනවද පාඩම් කරනවද

    ReplyDelete
  8. උඹ ඔය පාඩම් කරනවද ෆිල්ම් බලනවද

    ReplyDelete
  9. //තමන්ගෙ ජීවිතේ තමන්ට හිතෙන විදියට ගත කරන හැම අතින්ම නිදහස් කොල්ලෙක් කෙල්ලෙක් ඔයාට හමු වුණොත් ඔයාල එයා හඳුන්වන්නෙ මොන නමකින්ද?

    ලඟපාත ඉන්නකොට පාලුවක් නැති ජොලි කෙල්ලෙක්! අත්දැකීමෙං කියන්නෙ :D

    ReplyDelete
    Replies
    1. ඉරිසියයි අලියො... මට ඔය වගේ කෙල්ලක් සෙට් වෙලාම නෑ
      සිරාවට

      Delete
  10. //අගය 7.7 ක්//
    මොකක්ද අයියෙ ඒ කියන්නෙ...?

    ReplyDelete
    Replies
    1. අයි එම් ඩී බී කොටස හැලිල කියහන්කො
      සොරි හොදේ

      Delete
  11. අයියා දැන් වැඩේට බැහැලා වගේ, ෆිල්ම් බලන්න හැක හැක.

    ReplyDelete
    Replies
    1. නෑ බං පාඩං කරනව ඒ කරන ගමං රිලැක්ස් එකට වගේ සතියට එකක් දෙකක් බැලෙනව.. මේ වගේ රිලැක්ස් මයින්ඩ් එක්කින් බලන්න පුලුවං ෆිල්ම් එකක් කියන්නෙ පාඩමටත් පොඩි බැකප් එකක ව්ගේ බං

      Delete
  12. මේක නම් බාගෙනම බලන්න ඕන කියල හිතුන.ආස හිතෙන කතාවක් වගේ.ඔක්කොමත් හරි ෆිලුම් එකක් බාල ඉවර වෙනකන් ඉවසන් ඉන්න එකනේ බැරි කවුරු හරි බාපු කොපියක් තියනවනම් අන්න නියමයි ;)

    ReplyDelete
    Replies
    1. බලන්ට බලන්ට
      ලස්සන කතාව... ජයවේවා

      Delete
  13. කාලෙකින් බං මේ පැත්තෙ ආවෙ. ඒ අස්සෙ මගුලක් ලියල. ආයේ මොකටද බලන්නං අනං මනං කියල බොරු කියන්නෙ. මං ඕව බාන්නෙත් නෑ, බලන්නෙත් නෑ. වෙලාවක් නෑ බං මේ ටිකේ.. බ්ලොග් කට්ට ආයේ පොලිෂ් කරල ගන්න වෙලාව හොයාගන්නෙත් අමාරුවෙන්...

    ReplyDelete
  14. බොහොම ස්තූතී මහේෂ් අයියා...

    ReplyDelete
  15. බොහොම ස්තුතියි මහේෂ් ඔත්තුවට...

    ReplyDelete
  16. I don't have sinhala font. please sorry about that. i also really enjoyed with that movie. it made me to think who am I. i really like to be a that kind of person .

    ReplyDelete