Monday, June 13, 2016

“ඇය” වන්නට කැමති ඔහු සහ “ඔහු” වන්නට කැමති ඇය




"ඇය- ඇත්තටම මට දැනගන්න ඕන හැම දෙයක්ම තියෙන කෙනෙක්ට තියෙන හීන මොන වගේද කියල'..??

ඇය- කියන්න....??

ඔහු- මට මගේ අම්ම වගේ වෙන්න ඕන...

ඇය- මොකද්ද කිව්වෙ..??

ඔහු- මට.... මගේ... අම්ම වගේ වෙන්න ඕන..!! "

                                                       ක ටිකක් අමුතු කතාවක් වගේ නේද... මුලින්ම ඒ වගේ කතාවක් අහන ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන් එක්කො මුට පිස්සු .., නැත්තං මූ තනිකරම පිරිමි නැකතින් ඉපදු ගෑණියෙක් තමා කියල... ඇත්තටම ඔයා කවදහරි ඒ වගේ කතාවක් කාගෙන් හරි අහල තියේද.. නැත්තං ඒ වගේ තත්වෙකට ඔයාට මුහුන දෙන්න වුනොත් ඔයාට මොන වගේ දැනෙයිද..?? මේ සටහන කියවන එක නවත්තල ඇත්තටම ඒ ගැන ටිකක් හිතල ඉම්මුද...

                                                              හරි ඒ ඇති.. දැං ඔබට හිතෙන්න පුළුවන් ඇත්තටම මේ මොන විකාරයක් ද කියල.. ඇත්තටම අපහැදීමකින් බැළුවොත් විකාරයක් වගේ තමා.. ඒත් ඇත්තටම මේ තියෙන්නෙ මොකද්ද කියන කුතුහලයකින් බැලුවොත් ඔබට පොඩි පැහැදීමක් ඇති වෙන්න බැරි කමක් නෑ... ඇය කියා ඔහු කබීර්... ඔවුන් දෙන්න ඉන්නෙ දිල්ලියෙ.. ඇත්තටම කීවොත් සෙලෝලයිඩ් සිනමාව ඇතුලෙ... කාන්තාවක් වගේ වෙන්න කැමති පිරිමියෙකුයි.., ජීවිතේ ගැහැණියකට තියෙන සාමාන්‍ය තහංචි බිඳ ගෙන ඉස්සරහටම යන්න කැමති කෙල්ලෙකුයි අතර සිද්ධ වෙන දේවල් ගැන කියවෙන සාමාන්‍ය ඒත් අමුතු සිනමාපටයක් තුලින් තමයි ඔවුන් අපිට හමුවෙන්නෙ...

(චිත්‍රපටය ගැන වත් එහි කතාව ගැනවත් වැඩි යමක් ඔබට කියන්න මම උත්සාහ කරන්නෙ නැහැ. ඒ වගේම කියන්න ඕන ඔබ සම්භාව්‍ය සිනමා පට ඇම්මකින් පෙලෙන කෙනෙක් නං මේ සටහන නොකියෙව්වට පාඩුවකුත් නැහැ. මන්ද මෙය සාමාන්‍ය වාණිජ සිනමාපටය ක් නිසා.. නමුත්  වෙනසක් සොයන කහටකින් තොරව යමක් අගයන්න පුළුවන් කෙනෙක් නම් මේ සටහන නොකියෙව්වත් චිත්‍රපටය බැලුවට වරදක් නැහැ. )


                                                              කියා ට කබීර් හමුවෙන්නෙ ගුවන්යානයකදී.. චන්දිගර් සිට දිල්ලියට පැමිණෙන විට. ඔහු අම්ම මතක් වෙලා අඬන ගමන්. ඇය සිය ව්‍යාපාරික කටයුත්තකට සිත යොමා ඉන්න ගමන්. සුපුරුදු පරිදි ලස්සන ගැහැණු ළමය දැක්කම කතා කරන්නෙ පිරිමි ළමය කියලද ඔබ හිතන්නෙ.. නෑ.. ඇය තමයි ඉක්මන් වෙන්නෙ..  කවුද මේ ගැහැණු ළමයෙක් වගේ  අඬන පිරිමි ළමය කියල බලන ඇය  ඔහු හා කතාවට වැටෙනව.. පිරිමි ළමයි ගැන කිසි පැහැදීමක් නැති ඇය ඔහු හා කතාවෙන් ඔහු ගැන පැහැදෙනව. මේ අමුතු පුද්ගලය ගැන කැමැත්තක් ඇති වෙනව. ඊට පස්සෙ ඇගේ ඇරයුමෙන් ඈත් සමගම බාර් එකකට යන ඔහු දෙන්නත් එක්කම විස්කි වඩියක් තොල ගාන ගමන් තමන්ගෙ අමුතු කතාව කියන්න පටන් ගන්නව. මුල ඉඳන්ම ඔහු ගෙ අමුතු දැක්මෙන් අපව මවිතයට පත් කරන්න ඔහු සාමාන්‍ය උත්සාහයක් ගන්නව.

"ඔහු- තාත්ත වගේ වෙන එකේ ප්‍රශ්නයක් නැත්තං අම්ම වගේ වෙන එක ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද..?? දෙන්නම අපිව ඉපැද්දුවනේ...
ඇය- මිට කලිං කිසිම පිරිමියෙක් ගේ කටින් අහල නෑ එයාට එයාගෙ අම්ම වගේ වෙන්න ඕන කියල
ඔහු- රාජීව් ඉන්දිරා වගේ උණේ නැත්ද රාහුල්ට සෝනියා වගේ වෙන්න ඕන වුණේ නැද්ද..?
ඇය- කවුද ඔයාගේ අම්ම එයා මොන රටේ අගමැතිද..?
ඔහු- ඇය කලාකාරියක්...!
ඇය- සින්දු කීවද පිළිම ඇඹුවද නැටුවද...??
ඔහු- ගෘහණියක්...!! "

දැන් නම් ටිකක් කුතුහලයක් ඇති වෙනව නේද..?? 


                                                           මේ වගේ අමුතු කතාවක් අපට කියන්නෙ ආර් බල්කි කියන ඉන්දීය අධ්‍යක්ෂක වරයා. චිත්‍රපටය KI & KA (ඇය සහ ඔහු) නමින් තරගත වන මෙම චිත්‍රපටය IMDB අගය 5.7 ක් තරම් ප්‍රමාණයක් හිමි කර ගත්තත් කතාවෙ රසය හෝ සිනමාත්මක භාවිතාවේ එතරම් අඩු පාඩුවක් කියන්නට නොහැකි තරම්... අමෙරිකානු ඩොලර් මිලියන තුනක වියදමක් යොදා නිශ්පාදනය කළ මෙම චිත්‍රපටය එහි සමස්ථ ආදායම ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 15 ක ආදායමක් එනම් ඉන්දිය රුපියල් බිලියන 1.02 ක් උපයාගන්න සමත් වෙනව.  මෙහි කියා ලෙසින් විශිෂ්ට රංගනයක නියැලෙන කරීනා කපූර් සැබැවින්ම සිනමාවේ තේමාවේ කියැවෙනා ලෙසම අර්ජුන් කපූර්ගේ රඟපෑම අභිබවා යන්නට සමත් වෙනව. ඒ වගේමයි කියාගේ මව ලෙසින් රංගනයේ නිරත වන ස්වරූප් සම්පත් සහ කබීර් ගේ පියා ලෙසින් රංගනයේ නිරත වන රජිත් කපූර් ගේ රඟපෑමත් එක්තරා අන්දමක ප්‍රශස්ත මට්ටමකින් පවතිනව.

                                                               චිත්‍රපටය පටන් ගන්නෙ සාමාන්‍ය හින්දි සිනමා පටයක් පටන් ගන්න විදියටම තමා. නැටුම් ගැයුම් සපිරි විවාහ මංගල්‍යයකින්. නමුත් ඇත්තටම සිනමා පටය පටන් ගන්නෙ ඉහත කි සිදුවීමෙන් බව ඔබට නොහිතුණොත් එහි පුදුමයක් නැහැ. සිනමා පටයේ සාමාන්‍ය සිනමා භාවිතාව ගැන කතා කරනවා නම් එහි යම් යම් දෝෂ නැතුවා නොවෙයි. නමුත් සාමාන්‍යෙයන් පිට පැන කතාව කියන්නට බල්කි විසින් ගත් උත්සාහය පැසසිය යුත්තක්. ගුවන් යානයේදී ඇය ඉදිරිගාමී වි ඔහු හා සංවාදයට මුල පුරන්නා සේම මුලින්ම ඇයව හඳුන්වා දිමට යොමු කරන්නට අධ්‍යක්ෂක වරයාට හැකි වුවා නම් සහ සුපුරුදු පරිදි පිරිමියා විසින් ගෙනෙන විවාහ යෝජනාව කාන්තාව විසින් පිරිමියාට ඉදිරිපත් කළා නම් හොද බව සිතෙයි.

                                                           ඒ හැරෙන්නට සාමාන්‍ය පවුල් සංස්ථාවක සිදුවන ගැටුම් ඉන් එහා මානයකට ගෙන යන්න ඔහු විසින් දරණ ලද උත්සාහයත් අර්ජුන් කපූර්ට නැතහොත් කබීර් හට නියම කාන්තා ගතිකත්වයක් දෙන්නට ගත් උත්සාහයත් යම් කිසි කූට ප්‍රාප්තියකට ගෙන එන්න ඔහු යම් උත්සාහයක් දරල තිබෙනව. එසේම කාන්තාව තුළ මෙන්ම පිරිමියා තුළද ඇතිවන ඊර්ෂ්‍යාව අනෙකා අබිබවා යාමේදී ඇති වන ගැටුම් මනා සිනාමාත්මක භාවිතාවකින් ඉදිරිපත් කොට තිබෙන අයුරු පැසසිය යුතුයි. කතාවේ අවසානයට ළං වන විට ඇය තුළ ඔහු කෙරේ ඇති වන ඊර්ෂ්‍යාවත් ඒ හරහා මෙම ආදර්ශවත් කුටුම්භය බිඳවැටෙන්නට ඇති ඉඩත් කතාවේ වෙනසක් ගැන ඉඟි කලත් සාමාන්‍ය පරිදි සුඛාන්තයකින් කෙළවර කරන්නට ඔහු උත්සාහ ගෙන තිබීම පෙන්වන්නේ සාමාන්‍ය හින්දි චිත්‍රපටයක අවසානයකට එහා ගිය කුටුම්භයක පැවතිය යුතු නම්‍යශීලිත්වය බව මගේ අදහසයි..





මේ බොහොම කලබලයකින් තැබූ සටහනක්. මින් එහා ගිය සටහනක් තබන්නට අවැසි වුවත් කාල වේලාව පිළිබඳ ගැටළු නිසා චිත්‍රපටය රස විදීමෙන් පසු ඒ කාර්යය කරගන්නටම ඔබටම ඉඩ හරින්න මම කැමතී...

44 comments:

  1. මේ විභාග අස්සේ පාඩම් නොකර කරන වැඩද ඔය ? හැක්...
    කතාව බලලාම තමයි අදහසක් ගන්න වෙන්නේ මහේශ්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පාඩම් කරන අස්සෙ රිලැක්ස් එකට කරන වැඩ...
      බලන්නකෝ
      ජයවේවා

      Delete
  2. බලන්න ඕනෙ ඒක..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බලන්න බලන්න බැලුවට පාඩුනෑ

      Delete
  3. ෆිල්ම් මේනියා.....හැක් හැක්.....හෙමීට බලනව...

    ReplyDelete
    Replies
    1. බල බල ඔයරිලැක්ස් එකට වගේ

      Delete
  4. කියෙව්වට පස්සේ බලන්නම හිතුනා...එල...

    ReplyDelete
    Replies
    1. සින්බෑඩ් තරං මට වේ වගේ පෝස්ට් ලියන්න බෑ ඒත් කියෙව්වම බලන්න හිතෙන ටයිප් එකේ තියේ කියල දැනගත්ත එක සතුටුයි
      ජය

      Delete
  5. ඩවුන් ලෝඩ් කරල බලන්න ඕන. හොඳ ෆිල්ම් එකක් වගේ

    ReplyDelete
    Replies
    1. බලන්න බලන්න හොඳයි දුකා ඇත්තටම

      Delete
  6. 3 idoits එකේ වගේ exam ලං උනාම කොල්ලොන්ව වල දාන පොරක් අවන්හලේ අයිතිකාරයටත් ඉන්නවා වගේ.හැක හැක.

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ ඒත් මං නං ඕ වැඩේ කරනව
      ක්ලාස් කට් කරවං ෆිල්ම් බලන්න එක්කයන හිහි

      Delete
  7. මහේෂ් අය්ය විභාගයට පාඩම් කරන හැටි නම් පේනව :P වෙනස් කතාවක් වගේ.ඉඩ තියන වෙලාවක බලන්න ඕන :)

    ReplyDelete
    Replies
    1. හිහි.. අපි එහෙමයි.. දන්නවනෙ ආයෙ...
      බලන්න බලන්න ලස්සන කතාවක්

      Delete
  8. බොහොම ස්තුතියි මහේෂ්, රසවත් සටහනට සහ ඉඟියට...

    ReplyDelete
    Replies
    1. නිකං ඉන්න වෙලාවට බලන්න පොකුරු... නියම කතාවක්

      Delete
    2. කතාව බැලුවා. හරිම ලස්සනයි. ගැඹුරු තේරුමක් තියන රස විඳින්න පුළුවන් නිර්මාණයක්. බොහොම ස්තුතියි නැවතත්.

      Delete
    3. මගේ සටහන සාර්ථක වුණා කියන සතුට ලබා දුන්නට ඔබටත් බොහොම ස්තුතියි පොකුරු

      Delete
  9. විභාගයක් අතළඟ තියාගෙන පාඩම් කරන එක හැර වෙනත් ඕනෑම වැඩක් කරන්න හිතෙන එක බහුතරයකට පොදු ලක්ෂණයක්..ජය !!!

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ ඒක නං සැටිපිකේට් ටෘෘ
      ඒත් මං දෙක බෝම අමාරුවෙන් බැලන්ස් කරනව හිහි

      Delete
  10. මට අවුරුදු දෙකක් ගියත් හරියට හින්දි කථා කරන්ඩ බෑ, ලංකාවේ ඉන්නකොට හින්දි ෆිල්ම් බැලුවනම් මෙහෙම වෙන්නේ නෑ ....

    ReplyDelete
    Replies
    1. හින්දි කතා කිරීමත් චිත්‍රපටයත් අතර සම්බන්ධය ??????

      Delete
  11. අමුතු විධිහේ කතාවක්. මේකේ සබ් තියනවද? හින්දි දන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. අජිත් අයියට දැනටමත් උත්තරයක් දීල තියෙන නිසා ආයෙත් කියන්නෙම නෑ මයි හිහි

      Delete
  12. බලමු බලමු. කතාව බලලම ඉන්න එක හොඳයිනෙ.

    ReplyDelete
    Replies
    1. අනිවා ප්‍රසන්න අයියෙ නිකං ඉන්න වෙලාවට බලන්න ලස්සන කතාවක්

      Delete
  13. මෑතකදී රස විදින්න පුළුවන් ඒකාකාරි බවෙන් මිදුන කතාවක් ... හැබැයි අස්වාභාවික ෂොට් නොතිබුනාම නෙවේ ඒත් ගැහැණු අයට විවාහයෙන් පස්සේ ඉගෙන ගත් දේවල් ,රස්සාව,විනෝදාංශ අත අරින්න වෙන විදිහට පිරිමි කෙනෙක්ට ඒ දේවල් අත අරින්න උනොත් කියන තැන ඉදන් හිතන්න යමක් ඉතුරැ කරපු සිනමා සිත්තමක්.. අපේ සමාජේට බොහෝ සෙයින් වැදගත් නැති වුනත්.... ඉන්දියන් සංස්කෘතිය උඩු යටිකුර කරලා පෙන්වන්න ගත් උත්සහය අගේ කල යුතුමයි

    ReplyDelete
    Replies
    1. ඇති යන්තං මටත් කලිං චිත්තරපටිය බලපු කෙනෙක් හම්බුනා... මාර ෆිට් එකක් ආවෙ ඈ...
      හැබැයි අස්වාභාවික ෂොට් නොතිබුනාම නෙවේ///
      මටත් අවුල් ගිය තැං තිබ්බ හැබැයි බොරු කියන්න ඕන නෑ ඒ අබූත ගතිය නැති වෙලා යන්න තරං කොලිටියකුත් තිබ්බ ඈ

      Delete
  14. බලල ඉන්න වෙනවනෙ ඉතින්..

    ReplyDelete
  15. බැලුවට නං පාඩුවක් නෑලු..
    ලිංක් එකත් දීල තියෙන එකේ ඔන්න ඔහෙ බලල දාන්න හිහි

    ReplyDelete
  16. ඇත්තටම වෙනස් විදිහේ අමුතු කතාවක්... මේ චිත්‍රපටය ගැන කියුවට ස්තුතී මහේශ්...

    ReplyDelete
  17. බලන්නනං ආසයි....... වෙලාව.........

    ReplyDelete
    Replies
    1. උවමනාවක් ඇතොත් වෙලාවද ඇත හිහි

      Delete
  18. Ki & Ka.. I thought Kiya & Kabir's short forms.
    Feel good. Need to find a time now.

    ReplyDelete
    Replies
    1. yep.. you can say so but not only.. Ki & Ka means Ladki & Ladka that means girl and boy

      If you have time please .. It's nice one

      Delete
  19. චිත්‍ර‍පටි බලන්න මම ආසම නෑ බං...මම දුර්ලභ ගනයෙ එකෙක්...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. කියන්න දෙයක් නෑ
      මං හිතන්නෙ නර්මදා ත් ඒ හිංද වේන ඇති කමෙන්ටුව ඩිලීට් කලේ හිහි

      Delete
  20. Replies
    1. ස්තූතියි අජිත් අය්යා..
      ඒ කියන්නෙ පිච්චර්එක හිතට අල්ලන්න ඇති නෙව හිහි

      Delete
  21. මං වගේ අැනිමේෂන් ඒවා බලහන්... ඒවායේ ප්‍රශ්න අඩුයි!

    ReplyDelete
    Replies
    1. පැය දෙකක් නාස්ති කරගෙන ඒව බලනවට වඩාඋඹ දිය බැලුව නං ඇති බං
      හැක්...
      වෙල්කං බැක් කිව්වා

      Delete
  22. ස්තුතියි !

    ReplyDelete