Tuesday, July 26, 2016

පොතක් කියවන එක වැරැද්දක් තමයි..!!

ඔයාට ඉක්මණට තරහ යනවනෙ
මේ අහන්නකො ඉතිං
ඔහොම නං බැරිවෙයි ඉන්න
අමනාපයෙන් අහක බලං
මූණත් මුක්කන් කරං...

 හරියට බබායිගා නපුරු ආච්චි වගේ ..
පොතක් කියවන එක ඒ තරං වරදක්ද
බෝල බෝල පොඩි පොඩි
කුරුමිණි අකුරු අස්සෙ අතරමං වෙන එක
කොහොම තේරුං කරන්නද මම...

රාජ උද්‍යානයකට වෙලා ප්‍රේමයෙන් පසුවෙන්න
කැමති කැමති භෝජන වලින් සප්පායම් වෙන්න
රිසි තරම් උයන් කෙළියෙ යෙදෙන්න
කවද කරන්න හිතපුවද නේද..???

ඒ විතරක්ද කැමති නං යුද්දෙකට වුණත් මැදිවෙන්න
කාගෙන් කියල තහනමක්ද කියන්න
නපුරු මායා කාරයොත් එක්ක වෙන්න පුළුවන්
එහෙම නැත්තං පුරාන ග්‍රීක දෙවි කෙනෙක්
සමහරක් විට කුරුමිට්ටො හමුදාවක්
කවුරු එක්ක කොහොම වුනත් මොකද
යුද්ධෙන් දිනන්නෙ මම නං කාටද ඒකෙන් පාඩුවක්....     

හිතුණ වෙලාවක මකරෙක්ගෙ පිටේ නැඟල
ලෝකෙ වටේ රවුමක් වුණත් යන්න
සීතලම හිම කුනාටුවක තනිවෙන්න
කාන්තාරෙක වැලි කුණාටුවකට මැදිවෙන්න
ඕනම නං මහ කැලේක දඩයමේ යන්නත්
කාගෙන් කියල තහනමක්ද..

මං අහන්නෙ පොතක් කියවන එක
වැරැද්දක් වෙන්නෙ කොහොමද...???

ඔයාට වුණත් තේරෙයි දවසක
පොතක් ඇතුළෙ ඉඳං ලස්සන කුමාරයෙක් හම්බ වුණොත්
ජිවිත කාලෙටම ඔයාටම විතරක් ආදරය කරන
ඔයාගෙම මාළිගාවකට වෙලා ඉන්න...

මොකක් ඇහුව..
කුමාරියෙක්..??? මේ මට??
ඔයා ඇර වෙන කුමාරියන්ට ඉඩක් නෑ අනේ
ඇරත් ගෙම්බන්ට කුමාරියො ආදරේ කලේ ඉස්සර
අයියෝ.. නෑ.. නෑ.. ඔයාට ගෙම්බියෙක් කිව්ව නෙමෙයි අනේ
ඔය ඉතිං ඕකනෙ කියන්නෙ...!!!

හරි හරි ඉතිං ඔයා හරි වස්තුවේ
පොතක් කියවන එකම මහම මහ වැරැද්දක් තමයි...!!!




54 comments:

  1. මම බඳිනව පොත් ගුල්ලෙක්ව :D හි හී ... අමුතුම තාලේ කවියක් ^_^ ඒකෙ අමුතු ගතියක් තියේ :) :)

    ReplyDelete
    Replies
    1. ගුල්ලියක් ගුල්ලෙක්ව බැන්ඳම පෝස්ට් ප්‍රඩක්ෂන් එකත් ගුල්ලෙක්ම තමයි
      හැක්.. :D
      ඉස්කෝතුයි

      Delete
    2. aparade mama ikman wadiwuna wage kiyala hithenawa..
      mamath hoda poth gulleck thamai..

      Delete
  2. පොත් කියවන එකත් හීනයක් දකිනවා වගේ කියලයි මට හිතෙන්නේ. මේ නිර්මාණය කවියක්ද, නිසදැසක්ද, කථාවක්ද කියලා හිතන්න වෙනවා. ඒත් අපූරු ගැලපීමක්.

    ජයවේවා!!!

    ReplyDelete
  3. පොත් කියන්නේ අත්හරින්න බැරි ඇබ්බැහියක්..ඒක තේරෙන්නේ ඒ වගේම ඇබ්බැහියක් තියන තව කෙනෙකුට විතරයි...මේකත් නිකන් පොතක තියන දෙබසක් වගේ...

    ReplyDelete
    Replies
    1. හිහි. කැමති කෙනෙක්ට කැමති විදියකට කියවන්නයි ලිව්වෙ නිම්නා..
      ස්තූතියි ඒකයි ඒ විදියටම දැනෙන්නෙ.. සතුටත් මගෙ ඒකයි

      Delete
  4. පොත් කියවන එක වැරැද්දක් තමයි. වහාම ඒ වැරැද්දෙන් මිදෙන්න ඕන. හැක්..

    නියමයි.

    ReplyDelete
    Replies
    1. යැස් යැස්... අනිවා
      හිහි

      Delete
  5. ගෙනියල පෙන්නන්න ඕනේ ගෙදර උන්දැට.. පෙන්නන්න කියුවට ඉතින් ලඟට වෙලා කියන්න වෙනවා.. මොකද බලන්න වෙලාවක් නෑනේ ඒකවත්.. මැද කියෝනකොට මුල අමතක වෙයිද දන්නේ නෑ.. කියෝලා තෙරුන් කරලා දෙන්න බැරි කවියක්..

    ReplyDelete
    Replies
    1. කියවන්න දෙන්ට.. හිහි එතකොට තේරෙයි ලු..
      හිහි
      ස්තූතියි කමියෝ....

      Delete
  6. වැරැද්දක් උනත් අතාරින්න බැරි පුරුද්දක්.... නියමයි මේක... අවංකව ම නියමයි....

    ReplyDelete
    Replies
    1. ස්තූතිය ආර්යන්...
      ආරි දැන් ලියන්නෙ නැතෙයි

      Delete
  7. 'රතු රුවල්' වගේ පොතක් අරන් දීලා බලන් ඉන්ට කියහන් කුමාරයා එනකන්.එතකන් උඹ පොත් කියෝහන්.. සිම්පල් ප්ලෑන්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අඩේ කියවල නෑනේ රතු රුවල්.. විස්තර ටිකක් දෙන්ට පුලුවන්ය.. පබ්ලිෂර් ඕතර් ප්‍රයිස්
      පීස් මචෝ

      Delete
    2. http://www.bookcity.lk/index.php/books/rathu-ruwal-detail

      Delete
    3. තැංකූ පසන්න අයියා...

      Delete
  8. පොත් වලින් තොර ලොවක් මට නෑ ......

    ReplyDelete
  9. මං දන්න ගොඩක් තැන්වල දෙන්නගෙන් එක්කෙනයි පොත් ගුල්ලෙක් හෝ ගුල්ලියෙක් වෙලා තියෙන්නෙ. මට හිතෙන්නෙ ඒක තමා හොදම ගැලපීම.

    පොත් කියවන එක නෙවෙයි, තැනක් වෙලාවක් ඉවසිල්ලක් නැතුව පොත් කියවන එක නරක පුරුද්දක්. ඒත් ඕක කියවන්න ඇබ්බැහි වෙච්ච හැමෝටම තියෙන පුරුද්දක්

    ReplyDelete
    Replies
    1. ඔය උඩිං කියල තියෙන කතාව කීප දෙනෙක්ම කියල තියෙයි ඒ වගේ එක්කෙනෙක් හම්බුණත් එක්ක තනිකරම අන්තවාදියෙක්.. ‍ෙෂ්ප් එකේ මං මාරු වුනා... අදටත් පාරක තොටක හම්බුාම රවල බලල යන්නෙ
      හැක්...

      ඒ පුරුදු නැති කරගන්න තමා බැරි හිහි

      Delete
  10. අපොයි පොත් කියවිල්ල නං මහා නරක පුරුද්දක්. කොහොම හරි ඕකෙන් ඈත් වෙමු.

    ReplyDelete
    Replies
    1. අන්න අන්න හිහි.. හැලපෙ අයිය මට වඩා පොත් ගුල්ල නෙවද.. හැක්

      Delete
  11. බොහොම රහට ලියල තියනවා පොත් කියවිල්ල ගැන මහේෂ්...සමහර නරක පුරුදු අත් නොහැරියට කමක් නැහැ...

    ReplyDelete
    Replies
    1. අතරින්නත් හිතෙන්නෙ නෑ කියන්නකො
      ස්තූතියි පොකුරු
      ජයවේවා

      Delete
  12. කවියක් වගේ උනාට ඒක නිකං කතාවක් වගේ .
    මමනම් කැමති ඉතින් පුස්කොල පොත් කියවන්න තමයි :)

    ReplyDelete
    Replies
    1. ටිකක් විතර ඒ හැඩ හුරුව තමයි. හැමදාම එකම කරලත් බෑනෙ වයෝ...
      හිහි
      අපි දන්නෝ පංසල් වල පොත් ගුල් අස්සෙමයි කියල
      හැක්

      Delete
  13. හි..හි.. පොත් ඇතුලේ කිඳා බැහැගෙන කියවනකොට කියන ඒවා වෙන වෙන විදිහට ඇහෙන එක නම් බරපතල වැරැද්දක්...

    නියමයි ....

    ReplyDelete
    Replies
    1. එහෙමමයි මට නං ඔන්න..
      හැක්...

      Delete
  14. අතාරින්නම බැරි ඇබ්බැහියක් පොත් කියන්නෙ

    ReplyDelete
    Replies
    1. අපි වනාහි පොත් ගුල්ලන් ගුල්ලියන් වන්නෙමු
      හී........................

      Delete
  15. අමුතු කවියක් මනෝජ්...අපූරුයි. මටත් තියෙනව පොත් උණක්. ඒත් පොඩිකාලෙ අපෙ අප්පච්චි මට බනිනව මෙලෝ සිහියක් නැතුව පොත් වල එල්ලිල ඉන්නව, පාඩම් වැඩක් කරගන්නෑ කියලත්. අන්තිමේ තර්ජනේ කෙරුව පොත් උස්සන් එන්නෙපා කියලත්. ඒත් සනීප වුණෙ නෑ කියමුකො

    ReplyDelete
    Replies
    1. මනෝජ්.......ආආආඅ......ආඅ...කව්ද මනෝජ්...

      Delete
    2. මාත් මේ අහන්න හැදුවෙ බං... හැක්...

      ස්තූතියි ලේ පාට හීන

      Delete
  16. එල...අපිත් කරන වරදක්..

    ReplyDelete
  17. පොත් කියන්නේ ඇතැර යන්නට බැරි බැදීමක් ඇත්තෙකිය.

    ඒ කවිය වින්දා මල්ලි. මොකද මමත් පොත් පිස්සෙක් නිසා

    ReplyDelete
    Replies
    1. පොත් කියන්නේ ඇතැර යන්නට බැරි බැදීමක්///

      එකෙන්ම අක්කා.... පොත් සික්.. හිහි

      ස්තූතියි දිනිති අක්කා... අපි ඔක්කම පොත්ගුල්ලො සතුටුයි

      Delete
  18. අමුතුම හිතුවිල්ලක්!

    ReplyDelete
    Replies
    1. ටිකක් විතර හිහි
      ස්තූතියි මෙඩූසා...
      සාදරයෙන් පිළිගන්නව අවන්හලට

      Delete
  19. පොත් ගුල්ලෙකුත් පොත් ගුල්ලියෙකුත් ආදරය කරන එක තරම් අපූරු දෙයක් තව නැත.. අත්දැකීමෙන් කියමි.. ඕක ගැන මං මෙහෙම කවියක් ලියා ඇත.

    පොතක් අස්සේ ගැඹුරින්
    හුස්ම ගන්නා ස්වරයෙන්
    භවය නොව මුළු සසර ම
    එක් ව ඉන්නත් පිළිවන්..!!

    පැබ්ලෝ නෙරූඩා ගැනත්, මාරි කොරෙලි ගැනත් කතා කර කර ඉන්න පුළුවන් පෙම්වතෙක් හෝ පෙම්වතියක් යනු ලොතරැයියකි..!!

    ReplyDelete
    Replies
    1. පැබ්ලෝ නෙරූඩා ගැනත්, මාරි කොරෙලි ගැනත් කතා කර කර ඉන්න පුළුවන් පෙම්වතෙක් හෝ පෙම්වතියක් යනු ලොතරැයියකි..///

      ඒ ලොතරැයිය මට නං තාම ඇදිල නෑ.. ඉද හිටල සෙට් වුණ අයත් සුජීවට හිත ගිය අය හිහි. උපහාසයක් නෙවෙයි ඒත් ඒ පොත් වලට ඇබිබැහි වුණ කෙනෙක්ව වෙන ශානරයක පොතක් කියවන්න පොළඹවන්න හරි අමාරුයි
      වැසි ගෙ කවියත් ලස්සනයි
      ජයවේවා

      Delete
  20. පොත් කියවිල්ලට එච්චර බරයක් නැහැ,බ්ලොග් කියවිල්ලට තමයි බර බරේ.

    ReplyDelete
    Replies
    1. හිහි.. මට නං තාම මෙහෙම බර බර දාන්න කෙනෙක් නෑ
      ඒත් හිතුණ අනාගතේ මෙමෙද කියල හිහි

      Delete
  21. පොත් කියවිල්ල ගැනනන් මගේ රසබර මතක ගොඩාරියක් තියනව....පොත් කියවල ගුටිකාල පවා තියනව...හැක් හැක්.....

    පාඩම් කරන වෙලාවට අහලපහල පොතක් දැක්කොත් බුදු සරණයි...එක පාරක් ඒක කියවල තිබ්බත් ආය කියවනව....

    මම නොදන්නවයැ මහේෂ් අයියගෙ පොත් කියවිල්ල...හැක් හැක්...

    ලස්සනය කවිය/නිසදැස (ගැලපෙන එකක් දාගන්ඩෝ...මට ඕව ගැන එච්චර වැටහීමක් නෑ...:D)

    ReplyDelete
    Replies
    1. මාත් පොත් හිංද ගුටි කාල තියෙයි අම්බානෙක
      හැක්
      ඒව නං රස නෙවී මා්දමික මතක
      හැක් හැක්
      විභාගෙ කරගනිං මලේ හොදට
      ජයවේවා

      Delete
  22. " ඔව්.ඔව්. වස්තුවේ, පොතක් කියවන එක වැරැද්දක් තමයි." මාත් ඉස්සර ඔහොම කියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හුටා...
      ඇත්තටම.. හිහි....
      හයියෝ මානෙල් හැක්

      Delete
  23. අපූරු කවිය. අපේ නිවසෙත් පොත් ගුල්ලෝ ටිකක් තමයි ඉන්නේ.

    ReplyDelete
  24. මුතූගේ පන්හිඳෙන් ලියවුනු..
    කතා සිත්තම් රසවිදින්නට...
    ඔබට ඇරයුම්...
    http/:muthugepanhida.blogspot.com

    ReplyDelete
  25. http://funny-pics-site.blogspot.com/

    ReplyDelete
  26. එහෙනම් ඉතින් පොත් කියවන්නෙ නැතුව බ්ලොග් කියවනවා හොදයි... සුබ nawa වසරක් වෙවා මහෙෂ්

    ReplyDelete