Friday, June 14, 2019

ඉතින් ආයෙම.. සිනහවෙන්..

නොරිස්සුම් දහසකි
සිනහවන් අල්පයකි...

කරන්ට්ටෙක යයි ටැංකියට වතුර ගහන්න
කීපාරක් කිව්වද ඔයාට කෝ ඇහුවද
පොඩ්ඩව ටිකක් බලාගන්න
තුවාල කරගනියි කිව්වට ඇහුවද
මේ ලයිට් බිල.. ගෙවල නෑනෙ
බලන්න මේ ඇඳුම්
ඇදල දාපු තැන්වලම
සපත්තු තැන තැන...

කියෙව්වට වැඩක් නෑ නිතරම
කෝ මහලොකුවට ඔය ලියන එව්ව
ගෙදර වැඩක් කලානම් මොකද
මටම පුලුවන්ද ඉවසන්න මේ හැටි
මං යනව යන්න ගෙදර
බලමුකො කරන හැටි...

නොමනාපකම්ය විසිවෙන
කොස්සටත් හසුනොවෙන
ගෙයි අදුරුම අහුකොන් වලට
දුක්ඛයන්මය නිතරම එබෙන
හිත් රිදවුම් ම ය නැඟෙන...

ළිඳෙන් ඇදල නාවන්ඩද
ඇඳුම් ටිකත් හෙමීට හෝදමු ඉතිං
හවස යංකො ටවුම පැත්තෙ
නැත්තං පොඩ්ඩ එක්ක ෆිල්ම් එකක් බලන්න
එන ගමං මොනාහරි කාලම එමු
එහෙම හොදයි නේද..

ම්ම්ම්ම්....
අයිස්ක්‍රීම් එක්කුත් ඕන
පොඩ්ඩ කැමතිම චොක්ලට් එව්වට..

9 comments:

  1. එහෙම තමයි කරන්න ඕනේ.

    ReplyDelete
  2. අනේ ආයේ දැකීම සතුටක්

    ReplyDelete
    Replies
    1. සමීප ඥාතියෙක් දැක්ක වගෙද හිහි

      Delete
  3. හම්මේ මේවා....!!!
    කොහොමද කවියන් ආඩපාලි කියන හැටි...

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. හෙහෙ.. ස්තූතියි අගය කිරීමට

      Delete
  4. රිදුම් දෙන රුදු තියුණු කටු තුඩු රළු ඉපල් රැල් සහසකි
    සුවඳ විහිදන සිනා පුබුදන සුමුදු මල් දස දහසකි
    විටෙක සහසම පරයමින් දස දහස නුබ නැගෙනා සැටි
    සිතා ගන්නට බැරිය මේ තුඟු මහරු අසිරිය අරුමැති

    :D :D :D

    ReplyDelete