Sunday, June 9, 2019

නාඳුනන තුවක්කුකරුවාගේ කතාව

🖇️නාඳුනන තුවක්කු කරුවාගේ කතාව කියැවීමි. එහි වන සිදුවීම් පිළිබඳව මා තුළ ඇත්තේ මිශ්‍ර හැඟීම ක් බව කිව යුතුමය. වරෙක ප්‍රතිකූල හැඟීම කි න් පීඩා විදි මා වරෙක ශෝකී හැඟීම කි න් වෙලී ගියෙමි. පොතක් කියවීමෙන් ලබන ප්‍රහර්ෂාත්මක තෘප්තිය නොලැබීමි. ඒ කර්තෘ ගේ ඉදිරිපත් කිරීමක අවුලක් නොවේ. හුදු හැගීම් මත ඇති වූ අවුලක් බව සිතමි.

🖇️මෙය කියවන්නට ප්‍රථම මා බලාපොරොත්තු වූයේ ගිණි අවි සහ ගිණි කෙළි මොඩලයේ සත්‍ය සිදුවීම් කිහිපයක් අලලා ලියැවූ ප්‍රබන්ධාත්මක කෘතියෙකි. එහෙත් එම බලාපොරොත්තු ව බිඳ වැටුණේ පොල් ගෙඩිය ලෙලි ගසා පොල් ගා කැමති නං සම්බෝල හදාගන්නත් කැමති නම් මිරිකා කිරි ගන්නත් කතුවරයා අපට පොල් ගෙඩිය පිටින්ම දී තිබීම නිසාය. එහි ඉදිරිපත් වන සිදුවීම් අනුව එලෙස බලාපොරොත්තු වීම ද අසාධාරණ බව සිතෙයි. 
🖇️තමන් දිවි හිමියෙන් අදහන මතයක් වෙනුවෙන් දිවි පරදුවට තබා ක්‍රියාකාරී වූ , අනුන්ගේ ද දිවි පරදුවට තැබූ විටෙක තමන්ගේ ජීවිතය කැප කළ විටෙක අනුන්ගේ ජීවිතය උදුරා ගත් මිනිසුන් කිහිප දෙනෙකු පිළිබඳ අඳුරු කතාවක් ලෙස නාඳුනන තුවක්කුකරුවාගේ කතාව දකිමි. 
🖇️කෙසේ වෙතත් නාඳුනන තුවක්කුකරුවාගේ කතාවෙහි කතා නායකයා වන ශාන් හෝ ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂය පිළිබඳ සලකා බැලුව හොත් එදා මෙන්ම අද වුව ඔවුන්ගේ ඉදිරියක් ඇති බවක් නොපෙනේ.. 

📎කෘතිය - නාඳුනන තුවක්කුකරුවාගේ කතාව
📎කර්තෘ - හෙන්රි වර්ණකුලසූරිය 
📎ප්‍රකාශනය - සුරස
📎මිල - 350.00
📎පිටු - 144

2 comments:

  1. මුකුත් දැන්ම කියන්න බෑ

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඩ්‍රැක් 😏😏😏😏

      Delete