Wednesday, February 9, 2022

ස්මරණ 19 - කැලෑ කුමාරි , කහ කුරුල්ලෝ, පාං බාග සහ කලම්බෝ රයිඩර්

මේ පිංතූර ඔක්කොම ගත්තෙ ශ්‍රී ලංගම බස් වියුණුවෙං. ලිංකුව මැද ඇති

        
1998 වසර විය යුතුය. පාසැල් වෑන් රියෙන් පාසැල් ගිය ගමන අතැර ගමෙන් ටවුමට යන බස් රථයේ පාසල් යන්නට පටන් ගත්තේ 98 වසරේ වග මගේ මතකයයි. 1998 මට කෙඳිනක හෝ අමතක නොවන මතකයක් ඉතිරි කළ වසරකි. මා හිතාදර චූටි මාමා ජයසිකුරු මෙහෙයුමෙන් අප හැර දා යන්නේ ඒ වසරේ ය. එහෙත් මේ කතාව ඒ ගැන නොවේ. මේ බස් කතාවකි. කොටින්ම කියනවා නම් ලංකාවේ හුදී ජනයා බස් ආගමක් සේ අදහන්නට පටං ගත්තේ මේ යුගයෙන් පසුව බව මගේ අදහසයි.

            අප පාසල් යන විට ගමේ පාර එතරම් හොඳ තත්වය‍ක නොතිබුණි. කතාවට කියන්නේ නම් අලි නාවන වළවල් අඩුවක් නැතිව තිබූ ග්‍රාමීය මාර්ගයක් එකල අප හා අප අවට ගම්වාසීන්ට උරුමව තිබුණි. මේ පාරේ ගමන් ගත් බස් රථ දෙකකි. එකක් උදේ 6.45 ට පාසැල් ළමුන් ද රැගෙන පොල්ගහවෙලට යන අලව්ව ඩිපෝවේ බස් රථයයි. එය නැවත ගමට එන්නේ 7.30 ට වන අතර නැවත 9.45 ට කුරුණෑගල දක්වා ධාවනය වේ. කුරුණෑගලට ගමනාන්ත වන බස් රථයක් ගමට අවශ්‍ය නොවූවද මා සිතනාකාරයට එය අප ගමත් පොල්ගහවෙලත් අතර සීසන් ටිකට් මත පදනම්ව පමණක් ධාවනය වන බසයට යම් ආදායමක් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද්දකි. එය නැවත කුරුණෑගල සිට අලව්වට ගොස් නැවත පොල්ගහවෙලට පැමිණ 12.15 ට ගමට පැමිණෙයි. නැවත 1.45 ට නගරයට ද, 2.20 ට ගම බලාද ධාවනය වන එය ආපසු 4.20 ට යළි පොල්ගහවෙලට ගොස් 5.15 ට ගම කරා ධාවනය වී සිය දවසේ සැරිය අවසාන කරයි. අනෙක් බස් රථය ද අලව්ව ඩිපෝවට අයත් බස් රථයක් වූ අතර එය පෙරවරු 8.20 ‍ට කෑගල්ල බලා ධාවනය වන අතර 10.00 නැවත ගම කරා පිටත් වේ. මගේ කතාව දිවෙන්නේ පෙර කී පොල්ගහවෙල කරා ධාවනය වූ බස් රථය හා සමගාමීවය.

            වද්දෙණිය - පොල්ගහවෙල බසයට අප සහෝදර පාසල් සිසුන් දුන් නම කැලෑ කුමාරි ය. එය නිත්‍ය ලියාපදිංචි නාමයක් ලෙසින් ප්‍රසිද්ධ ව තිබිණ. ඒ ඇරෙන්නට දූවිලි කුමාරි, ටකරං කුමාරි ආදී නොයෙක් සුරතල් නාම තිබූ බව මතකය. ගමේ පාරේ තත්වය කෙලෙස වුව, යම් කිසි කාර්මික දෝශයක් පැන නැඟි අවස්ථාවලදී පවා වෙනත්  බසයක් ඩිපෝවෙන් ගෙන අවම වශයෙන් පාසල් වේලාවට හෝ ධාවනය කරන්නට එවකට එහි කාර්යය කළ රියැදුරු, කොන්දොස්තර මහතුන් කටයුතු කළෝය. ඉදින් එවක අපගේ ප්‍රමුඛ දුෂ්ටයෝ වූයේ ඔවුන් බව නොකියා සිටිය හැකිද. මන්ද යත් යම් කිසි දිනෙක උදෑසන බසය නොතිබීම යනු සතිය මැද ලැබෙන නිවාඩුවක් වන නිසාය. එහෙත් අදටත් දුටුවිටක ඔවුන් අප හා හිතවත්ව කතා කරන්නෝය. එකල අප වෙත තිබූ ළමා ගතිකත්වයන් ගැන අද ලැජ්ජාවක් මුසු හාස්‍යයක් අප ගැනම දැනෙන්නේය.

            මුල් කාලයේ කැලෑ කුමාරි එක්ස්ප්‍රස් දිව්වේ පාන් බාග බස් කටුවකි. අසෝක් ලේලන්ඩ් තනි දොර බස් රථයක් වූ මෙහි ඉඳගන්නට අසුනක් ලැබුණේ බස් රථය ආරම්භ කරන තැනින් බසයට නඟින්නන් හටය.පොල්ගහවෙල බසය ඒ දවස් වල රාත්‍රියට නවතා තැබූයේ මේ වන විට අව්වට වේලී, වැස්සට තෙමී, දිරා මළකඩ කා ඇති තඩි සැලුන් කාර් රථයක් මෙන් පෙනෙන එහෙත්, එකළ මනා දිස්නයකින් යුතුව සේම  පුරාජේරු පැහැයකින් යුක්ත වූ නිළමේ වළව්ව ඉදිරිපිට බිම් කඩකය. පොල්ගවෙල කරා යන බොහෝ දෙනෙක් උදෑසනට එතැනට විත් පෝලිමේ හිදින්නේ කෙසේ හෝ ආසනයක් ලබාගෙන උජාරුවට පොල්ගහවෙල කරා යන්නටය. එහෙත් සෑම සියල්ලන්ටම එලෙස වාසනාවක් ලැබෙන්නේ නැත. හවසට වුව එසේ ය.  පෝළිමකට වී සිටිය යුතුමය. පෝළිමක නොසිටින තාක් කිසිවකුට බසයට නඟින්නට නොලැබේ. ඒ කාලයේ හැටියට කැලෑ කුමාරි එක්ස්ප්‍රස් හි දැං පාර්ලිමේන්තුවට වඩා හොඳ නීතියක් විනයක් තිබුණ බව උජාරුවෙන් කියන්නට හැකිය.

            ඉදින් මේ අසෝක් ලේලන්ඩ් පාං බාගේ ගමනාරම්භ කර කිලෝමීටර ‍තුනක් හතරක් යන්නට පෙර පාසැල් ළමුන්ගෙන් සේම ඉඳ හිටක ටවුමට යන වැඩිහිටියන්ගෙන් ද පිරී යයි. එහෙත් අත්‍යාවශ්‍යම හේතුවකට විනා කිසිම දවසක උදේ බස් එකේ පාසැල් සිසුන් නොවන අය යන්නට ඉමහත් අකමැත්තක් දැක්වූ බව ඉත්තේරුවෙන්ම කිව හැක. මේ තත්වය තවත් අවුල් යන්නේ වේරගොඩ සිට පැමිණෙන උදෑසන බස් රථය නොමැති වුවහොත්ය. එදාට බස් එකේ පිටිපස්සේ ඇති වහළයට නඟින ඉණිමගේද කවුරුන් හෝ එල්ලී සිටින්නේමය. 

            එකල බස් රථය තුළ ජැක් පප්පලා ගැන මැසිවිලි නොවූ බව මතකයයි. කාට හෝ එවන් මැසිවිල්ලක් නගන්නට නොහැකි වූයේ එදිනවල ජැක් ගැසීමේ කලාවේ නිපුණයන් නොවීමද, නැතහොත් ඇඟිල්ලක් ගහන්නට ඉඩක් නැති එහි කා හට හෝ චෝදනා කරන්නට බැරි වීමද නැතිනම් ජැක් ගැසීමක් ගැන උන් නොදැන සිටීමද යන්න හරියටම කිව නොහැකි වුවවත් එලෙස කවුරුන් හෝ සිටියා නම් ඔහුට හෝ ඇයට කැලෑ කුමාරි එක්ස්ප්‍රසය තව්තිසාවක් වන්නට ඇති බව කැට තබා කිව හැක. ඊටත් එකල අප කුඩා අවධියේම බැවින් ඒ ආකාර වූ කාරණා අප මනසට විශය නොවීමද සිදු වන්නට ඉඩ නැතිවා නොවේ.

            පාං බාගෙන් කැලෑ කුමාරි නිල නාමය උදුරා ගත්තේ කහ කුරුල්ලා ය. ලටෙක් වර්ගයේ බස් වලට ඒ දවස් වල කොල්ලන් තැබූ සුරතල් නම කහ කුරුල්ලා ය. පසුව ආණ්ඩු මාරුවෙන් පාට වෙනස් වූවාට ලටෙක් බසය දිනාගත් ඒ අන්වර්ථ නාමය උදුරාගන්නට ආණ්ඩුවට හැකියාවක් නොවීය. තවම සීටීබී බස් රතු වර්ණයෙන් වර්ණ ගැන්වී තිබුණද ඉඳ හිටක ලටෙක් තඩියක් දකින විටක, පරණ තාලේ කඩයක් දකින වාරයක් පාසා ඩෙල්ටා ටොපී මතක් වෙන්නා  සේ හිත ඇදෙන්නේ ම එකල තිබූ මනරම් කහ පැහැති වර්ණයෙන් පාට ගන්වා තිබූ කාලයටම ය. අදටත් කුඩා අතුරු මාර්ග වල කහ කුරුල්ලන් සිය මුල් වර්ණයෙන්ම පියා සැරියෙහි යෙදෙනවා ඇතියි යන්න මට සිතුණේ රුවන්වැල්ලේ සිටියදී අමිතිරිගල දක්වා ධාවනය වන සැබෑ වර්ණ කහ කුරුල්ලෙක් දකින විටදීය.

මේ තියෙන්නෙ ඒ අමිතිරිගලදි දැක්ක බස් එක. ගූගල් කරද්දි හම්බුණේ.
ඔය පිංතූරෙ අයිති වෙන්නෙ මෙන්න මේ බස් පිස්සට.. 😍😍

            කහ කුරුල්ලා කැලෑ කුමාරි ලෙස අභිසෙස් ලබන විට අප සිතූයේ බස් රථයේ ප්‍රමාණය අනුව ඉඩ කඩ ඇති විය හැකි බව වුවත් සිදුවූයේ අනෙකකි. බසය සිය ගමනාරම්භය වෙනස් කරන ලදී. පෙරට වඩා කිලෝමීටර් කිහිපයක් දුර වැඩි කරගත් කැලෑ කුමාරි සුපුරුදු කොලු කුරුට්ටන්ට, කුරුට්ටියන්ට අමතරව අලුත් මුහුණු කිිපයක් ද සමඟ නගරය බලා ඇදෙන්නට වන්නීය.

සැබැවින්ම කතාව ආරම්භ වන්නේ එතැන් සිටය. ප්‍රේම කතා ජැක් කතා ඇනුම් පද ගුටි කෙලි ද ආරම්භ වන්නේ කහ කුරුල්ලාගේ ආගමනයත් සමඟය.


මේ කලම්බො රයිඩරයක්. මේකත් එතනිංමයි ඉස්සුවෙ

මේ ඩීමෝ නැව් ටයිප් කියල අපි කිව්ව ජාතිය. මේකත් අපේ බස් පිස්සගෙන්මයි



            කහ කුරුල්ලා වීදි බට සමයේම ඩීමෝ නැව් මොඩල් බසයද කලම්බෝ රයිඩරයද සබයට ආවද කලම්බෝ රයිඩර් මොඩලයේ සීටීබී මේ පෙදෙසට සුලබ නොවූ නිසා එවන් බසයක යාමට සෑහෙන කාලයක් පෙරුම් පුරන්නට සිදුවිය. එහෙත් පාසැල් ඇරී නිවසට යන්නට බස් නැවතුම්පලට ගොස් පෝලිමේ ද සිට ගෙදර යන්නට බසය නැති වග දැනගත් පසු පොල්ගහවෙල සිට ‍මඟක් දුර ගොස් ඉතිරිය පයින් යන ගමනට ඩීමෝ බස් රථයක් එනතෙක්ම බලා සිට ඩීමෝ බසයකම ගිය බැවින් ඒ පැද්දෙන සුව පහසු ඩීමෝ නැව් ගමනේ ආශ්වාදය විඳින්නට අප සමත් වීමු.

වලි බර, සොමි බර, ආතල් බර, ජැක් බර කතා ඊළඟට. මැච් එක ගහන්න පිට්ටනිය හදන්ඩ එපැයි ආයිබංඩ.

37 comments:

  1. පිට්ටනිය තැනිල්ල නං, ඔය කරල තියෙන්නෙ යස අගේට? චන්ද පොරොන්දු වගේ නැතුව, ඉතිරියත් මේ ලෙසම සුපිරියට දෙයි කියල බලාපොරොත්තු වෙනවා.🙏👌😊

    ReplyDelete
    Replies
    1. ඉක්මණටම දෙන්නයි අදහස ...
      චන්ද පොරොන්දු නොවේ... 😃😃😃

      Delete
  2. මේ ඔහෙලා මාර කට්ටක් නෙව කාලා තියෙන්නෙ ඉහෙන ගන්න. ඔහොම මහ පාන්දර ගිහින්, බස් එක ඇතා,නැතා හැන්දෑවෙ ගෙදර එනකොට , කෑවෙ බිව්වෙ කොහොමද?

    හ්ම්..අපේ ගමේ ඉඳලා නගරෙ ටව්මෙ ඉස්කෝලෙට තිබ්බෙ හැතැම්ම 31/2 යි. වෑන් එකේ ගිය පහල පන්නි වලදී, පාසැල කලින් ඇරුනත්, ඉහල පන්ති ඇරිලා වෑන් එක එනතෙක් ඉන්න උනා. ගෙදර එන්නෙ යකෙක් කන්න තරම් බඩගින්නකින් වෙව්ල, වෙව්ල කියල මතකයි.

    ReplyDelete
    Replies
    1. චරිතව දැක්කාමත් වෙවුලුවද?

      Delete
    2. @ බසූ..
      ඒව ලොකු කතා. උත්තර දෙන්නං කෝ ඉස්සරහට පෝස්ටුවකින්ම..
      ඒ දවස් වල හැටියට මේක කට්ටක් විදිහට හිතුණෙම නෑ මාර ආතල් ඒ දවස්. අනික දැං කාලෙ ඉස්කෝල යන උංට වඩා ඒ දවස් වල ඉස්කෝල ළමයි ට පොඩි මේව එකක් තිබ්බ. අනික දකින හැමේකාටම නැන්ද මාමේ කියල කතා කරනව නෙ. ඉතිං පයිං ගියත් සෙට් එකක් නැත්තං පුස් බයිසිකලයක් හරි තියේ එල්ලෙන්න 😃😃

      @ප්‍රා අර අඹතලේ...??? 😂😂

      Delete
    3. @ වැටාධිපති
      එකම හොඳේ අඹතලේ නිසා....එක්කො මොකටද නිකං ඉල්ලගෙන කන්නෙ🤔?

      @ ඔහොම හාදයෙක් අපේ මැලියං තුමාට මාමා කියල, අහගත්තා
      මාත් නොදන්න බෑනො ලොකු කෙලීද, පොඩි කෙලීද කියලා.🤣😂

      Delete
    4. 😂😂😂😂 පොාඩිදවස් නේ.. අනික ගමේ නේ. ඇන්ටි අංකල් සීන් අදටත් ලොකුවට නෑ. මේ පැති වල

      Delete
  3. ලුණුගල ඉන්න කොට පයින් ඉස්කෝලේ ගියා . බස් නැහැ. සුන්දර කාලයක්. කොළඹ ඇවිත් පාසල් බස් රතේ තමා ඉතින්. ලොකු දිග රතු - 138 හෝමාගම යන බස් එක. හැබැයි මම වැඩිය කැමති අනිත් කොල්ලෝ කුරුට්ටෝ , නංගිලා අක්කල එක්ක 113 ජුබිලිකනුව බස් එකට. අපූරුයි කතාව

    ReplyDelete
    Replies
    1. ගමේ ඉස්කෝලෙට ගියෙ නැතිි නිසා පයිං ඉස්කෝලෙ යන්න තිබ්බ අවස්ථාව නැතිව ගියා. ඒත් ඒකට හරියන්න සමහර දවස් වල ඒ වගේ හතර ගුණයක් විතර පයිං ඇවිද්ද 😃😃😃

      අජිතයියත් ලියන්නකෝ ඒ බස් කතා දෙක තුනක්. 😊😊😊

      Delete
  4. ඔබේ ලංගම බස් ලිපිය මගේ මතකත් බොහෝ තැන්වලට ගෙනගියා. පාසැල් බස් රථ කිහිපයක වගේම, කාර්යාල බස් අතරේත් ඒ මතක අතරේ ගොඩක් දේවල් තව ලියන්න පුළුවන් කියලත් හිතෙනවා. බස් වලට වගේම, කැපවීමෙන් අගනා සේවයක් කල ඒවායේ රියැදුරු මහත්වරුන්ටත්, කොන්දොස්තර මහත්වරුන්ටත් කියූ විකට නම් වගේම ඒ කාලෙ දුන්නු වද ගැනත් මතකයට ආවා. බොහෝ ගැටළු මැද්දේ ලංගම සේවක පිරිස් කල සේවය ගැන අඩුවෙන් කථා කරන කාලයක ඔබේ මේ සටහන හරිම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බස් වල වැඩ කරපු අයට නං එකේක නං හදල තිබ්බ. ඒවත් ඉස්සරහට ලියන්නංකෝ. 😃😃
      ඇත්තට ගමට ප්‍රයිවෙට් බස් එකක් තිබ්බෙ නැති නිසා අපිට තියෙන්නෙ CTB කතා විතරයි. ඊටත් ප්‍රයිවෙට් වල යන්න සල්ලි තිබ්බෙ නෑනෙ

      Delete
  5. ඉස්කෝලෙ යන කාලෙ නම්, ස්කූල්බස් හා ඒක නැතිවුනාම ටවුන්හෝල්වලට පයින් යන මතක තමයි.
    උසස් අධ්‍යාපනය කාලෙ නම් ඊට වඩා විවිධ, වයිවර්ණමතක තියනව

    ReplyDelete
    Replies
    1. ඒව ලියන්න බැරිය.. 😃😃
      මම වරද්ද ගත්ත තැනකුත් ඔතන තියේ. ඒ ලෙවල් කරන්න හිටිය ඉස්කෝලෙ න් අයින් වෙලා සෙන් මේරිස් නොගිය එක තමා ජීවිතේ කරපු පට්ට ගොං කම ඒම වුණා නං ජීවිතේ අංශක 360 කින්ම වෙනස් වෙන්න තිබ්බ

      Delete
  6. පිටිය තනිල්ල නම් හොඳා.. මැච් එක කවදා බලාගන්ට පුළුවන් වෙයිද ගොයියෝ.
    මමනම් පයින්, බසයෙන්, වාහනයෙන් වගේ හැමආකාරෙකටම ඉක්කෝලෙ ගියා.

    ReplyDelete
    Replies
    1. ඉක්මණින් ලියන්නංකෝ.
      බස් නැති දවස් වලට නං වැලි ලොරි වලත් ගියා ඕං. වැලි පාරුවලත් ගියා 😃😃🙈

      Delete
    2. අප්පුච්චියෝ පාරු වල යන්ට ගං තිබ්බේ නෑනෙ අපට.... ඒ ආතල් එක මිස් උනා

      Delete
    3. ආන්නේකයි මිතුර... 😃😃 ඒ කාලෙ ගියාට පස්සෙ ආයෙ යන්න රස්සාවට යනකං ඉන්නම වුණා.කතන්දර තමා. පුලුවන් කාලෙක කියන්නංකෝ 😃😃

      Delete
  7. Replies
    1. ආවට ස්තූතියි ටෙකී.. ❤️

      Delete
  8. කෝ කතාව ඉතිං ලත් තැනම ලොප් නෙ.

    අවුරුදු 13 ම පයින් ඉස්කෝලෙ ගිය අපිට මොන බස්ද?
    මස්කඩේ ගොම ගෑව වගේ අර කහපාට බස් රතුපාට කරන්නැතුව ඒ විදියටම තිබ්බනං කොච්චර හොඳයිද.

    ReplyDelete
    Replies
    1. ගොඩක් එක දිගට ලියන්න වෙලාව නෑ ප්‍රසන්නයියා
      පයිනුත් ගියා අපි. බස් නැති දවස් වලට 😃😃😃
      //මස්කඩේ ගොම ගෑව වගේ අර කහපාට බස් රතුපාට කරන්නැතුව ඒ විදියටම තිබ්බනං කොච්චර හොඳයිද.//
      මේකට නං 100% එකඟයි.

      Delete
  9. ඔය ලටෙක්, ඩිමෝ බස්වලට කලිං ආව සුදුපාට ඔටෝ බස්එකක්, මතකද?

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ ECR 500 වෙන්න ඇති. ඒකෙ කිසි ගතියක් නෑ ඕයි ඇන්ජිමේ සද්දෙ බස්සෙකේ ඇතුලෙ යන අයට ඇහෙන්නැති නිසා.

      Delete
    2. ආන්න හරි. ඒක තමා. අපට තිබුණු ලොකුම මැජික් එක තමා ඔටෝ වැහෙන දොර.

      Delete
    3. ඒව දැක්කෙ ඩ්‍රැක් ඒ ලෙවල් වලට කුරුණෑගල යන්න ගත්තම. අර සුනාමි බස් කියල ජපානෙන් දුන්නෙ ඔටෝ ඇරෙන වැහෙන දොර තියන බස්.
      ඊට කලිං නං දැකල නෑ අම්මාපා. අර බස් බ්ලොගෙත් නෑ ප්‍රසා. හිටාල්ලකො ගූගල් කරල බලන්න

      Delete
    4. http://sltbbus.blogspot.com/2013/01/sltb-isuzu-ecr-500-buses.html

      Delete
  10. https://drackey.blogspot.com/2014/01/blog-post_22.html

    ReplyDelete
    Replies
    1. ඒ කවි හැමේකක්ම අහල පුරුදු කවි වල ෂැඩෝ එකක් ගන්නවද මංද 😃😃😃
      මං බැලුවෙ ඒ කාලෙ බ්ලොග් ලියපු වහුකුණෝ ටික ගැන. එකාපතයෙක් නැති හැටි 😃😃😃

      Delete
  11. https://thattayagekolama.blogspot.com/2018/09/92-buzz.html
    ඔන්න ඕකටත් ගොඩ වැදිලාම යන්න! බස් කියන්නේ සංස්කෘථියක්. ඒ කාලේ ගමේ බස් එකට තිබ්බ සැලකිල්ලක්. අවුරුදු කාලෙට නත්තල් කාලෙට ඒ ඒ පලාත් බදව ඔවුනට තෑගි භෝග ලැබුනා! ගමේ බස් එකේ ඩ්‍රැයිවර් උන්නැහැ, කොන්දොස්තර උන්නැහැ අවුරුදු කාලෙට ගමේ මේ නොනෙන් ඇතුළු උනාම අනිත් කොනේං එළියට යන්නේ කාගෙ හරි කර පිටිං! ඒ තරං සැළකිලි! ආයේ එහෙම කාලයක් එන්නේ නෑ අප්පා!

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ආයෙ එන්නෑ. 😃😃😃
      අර පානදුර කැටවත්ත බස් එකට නං තාම ඒ සැලකිල්ල තියේ නේද

      Delete
  12. බස් ගැන සිංදුවක් කියනව අලීෂා, අපි නොදන්න ලයිව් එකක ඒකට ගැළපෙන විඩියෝ එකකුත් එක්ක දැම්මා කාලයකට කලින්. ඒක හොයාගන්ඩ නෑ යූටියුබ් එකේ. මේ තියෙන්නෙ ඉංදියාවෙන් හදපු වීඩියෝ එක.
    https://www.youtube.com/watch?v=MjS5k02AgPo

    ReplyDelete
    Replies
    1. මාත් ඇත්තටම හිතුවේ බස් ගැන හදපු සිංදුවක් කියලා. බැලින්නම් බස් කියලා තියෙන වෙන මොකක්දෝ ඔටුුලබ්බක් නේද හැබැයි අපි නොදන්න live ලයිව් ල කරානම් ඒ වීඩියෝ එක තියෙන්න ඇති ආයේ ඉතිං රම්පෙට පොරි පොකුරු වෙන්න

      Delete
  13. කරුමෙක මහත යැයි කියලා හිතුණි මට
    යන්නට වෙලා නෑ බස්වල පාසලට
    බදුලු මහරගම දෙකේම ඉන්නකොට
    පයින් යන දුරකි තිබ්බේ පාසලට!






    ReplyDelete
    Replies
    1. බස් එහෙක නිකමට හරි ඉස්කෝලේ ගිහිල්ලා නෑ කියන්නේ කියන්නේ ඒකෙත් චූටි මෙව්වා එකක් තියෙයි. හැබැයි පයින් යන එක හොඳයි. අවුරුදු 13 ම ඉස්කෝල වෑන් එකේ යනවා වගේ පාපයක් නොකර

      Delete
  14. ඉතුරු කොටස එනතෙක් බලං ඉන්න මම...🦉🤔

    ReplyDelete
  15. මහේෂ් අපේ ගමට මෙච්චර ළඟක ඉඳල තියෙන්නෙ කියල අද නෙව දන්නෙ. අපේ ගම මහපල්ලේගම. නෙලුන්දෙණිය-ගලපිටමඩ පාරේ. ඒ පාරේ බස් ගැන නම් කතා නොකර ඉමු.

    ReplyDelete