Friday, February 20, 2026

මඟ නොදැන - In the event of confusion, what is the next course of action?

 

මේ මම.. මම නිකං ඉන්නකොට

                  මම ලියන ලිපි වලට, අපි හැමෝටම තේරෙන විදියට කියනවනම් පෝස්ට් වලට වීව්ස් තියෙන්නේ ඉතාම අඩුවෙන්. මට ඇත්තටම ඒ ගැන මම ලියන්න පටන් ගත්ත මුල් කාලේ තිබුණේ හරි ශෝකාකූල හැඟීමක්. නැත්තං කලකිරීමක්. හරි හමන් විදිහට නොමේරපු එකෙක් විදිහට ඒ දවස්වල මම හිතන් හිටියේ මට හොඳට අනිත් අයට තරම්ම ලියන්න පුළුවන් කියලා. ඒත් කොච්චර දුක හිතුනත් නොවැටි හිටිය ඒ කාලේ මම මොන මොනවා හරි ලියන එක දිගටම කරගෙන ගියා. හැමදේම එකම විදිහට තියෙන්නේ නෑ කියනවා වගේ මටත් හති වැටුණ කාලයක් ආවා. ඉතින් මම අතින් ලියන එක මග ඇරුන. නැත්තං මම නොසලකා හැරිය කියලත් කියන්නත් පුළුවන්.

Monday, February 9, 2026

අපි අපේ වෙලා එක මොහොතක් උයනක් වෙරළක

             


ලබලකාරී ඒ නගරයෙන් මදක් දුරින් නිස්කාංසුවේ පිහිටා තිබූ ඒ රෙස්ටොරන්ටුවේ වීදුරු කවුළු වලට එපිටින් මහ වැස්සක් ඇද හැලෙමින් තිබිණ. බොහෝ දිනක් දැඩි අව් රශ්මියෙන් පීඩාවට පත් වී වියළී මළානික වී උන් තුරුලතාවෝ ඒ වරුසාවෙන් සිත්සේ නිවෙමිනි. සැනහෙමිනි. රෙස්ටොරන්ටුව ඇතුලේ සිට වරුසාව දෙස බලාගෙන නිහඬව සිටි යුවළකි. ඔවුන් දෙදෙනගේම මුහුණු උතුරා ගලා යන්නට තරම් පිරී තිබූ හැඟීම් ගොන්නකි. නමුත් ඒ වීදුරු කවුළු වලට ඔබ්බෙන් වැටෙන වරුසාවෙන් නෙත් මුදවා ඔවුනොවුන් දෙස බලන මොහොත තෙක් පමණි. දෙදෙනගේ නෙත් යුග එකිනෙක ගැටුණ පළමු තත්පරයේ දී ම දෙදෙනගේ මුහුණු අමුතු ජීවයකින් පිරී ඉතිරී ගියේය. ඔවුනොවුන් මොහොතක් එකිනෙකා දෙස තවත් තත්පර කිහිපයක් බලා සිටියෝය. ඔවුන් මුණ ගැසුණේ හදිසියේම ය. ඒ දින ගණනාවක කෙටි පණිවිඩ එහා මෙහා යාමක ප්‍රතිඵලයක් ලෙසිනි. එය අහම්බයකින් ඇරඹුණක් විය. ඔවුන්ගේ මේ හමුවීම ඒ අහම්බයේ ප්‍රතිඵලයකි. එසේම කෙටි මුත් දිගු කතාවකි. 

Friday, February 6, 2026

සඳ මංඥං වුණාම මොකද කරන්නෙ.? - What do you do when you are depressed?

 

මේ ඉන්නෙ මම දෝ මන්ද

මේ දවස් ටිකේම දිගටම කළේ චිත්‍රපටි බලන එක. ඒවත් අලුත් එව්ව නෙවී. එකේක කාල වල හැදුන එකේක අධ්‍යක්ෂක වරුන්  විසින් අධ්‍යක්ෂණය කරන්නට යෙදුණ ඇක්ෂන් ෆිල්ම්ස්. ඔක්කම ඇක්ෂන්. ඒ මම වැඩියෙන්ම ප්‍රිය කරන රොමෑන්ස් ඩ්‍රාමා වගේ කැටගරිස් සියල්ලම මගෑරල.