![]() |
| මේ ඉන්නෙ මම දෝ මන්ද |
මේ දවස් ටිකේම දිගටම කළේ චිත්‍රපටි බලන එක. ඒවත් අලුත් එව්ව නෙවී. එකේක කාල වල හැදුන එකේක අධ්‍යක්ෂක වරුන් විසින් අධ්‍යක්ෂණය කරන්නට යෙදුණ ඇක්ෂන් ෆිල්ම්ස්. ඔක්කම ඇක්ෂන්. ඒ මම වැඩියෙන්ම ප්‍රිය කරන රොමෑන්ස් ඩ්‍රාමා වගේ කැටගරිස් සියල්ලම මගෑරල.
පොත් තියෙනව කන්දක් කියවන්න. ඒත් අතට ගන්නව පෙරලනව, ආපහු තිබ්බ විදිහටම තියනව. පොතක් කියවන්න, සටහනක් ලියන්න හිතෙන්නැති තරං. බ්ලොග් එක ආපහු පාලු වෙයි කියලත් බයයි. පේජ් එක නං ලත් තැනම ලොප් වුණා වගේ. ඒකට නං හුගක්ම හේතුව CM Tool එක. අතෑරලම දැම්ම වගේ වුණා.
මේ ඔක්කටම හේතුව ඔළුවට අනවශ්‍ය බරක් වැටීම කියල හිතනව. මාව ස්ට්‍රෙස් වෙලා වගෙද කියලත් හිතෙනව. ඔළුව ඇතුලෙන් තද කරනව වගේ වේදනාවක් දැනෙනව. ඒ වෙලාවට කා එක්ක හරි කතා කරන්න තියේ නං ඒ ගතිය මගෑරෙනව කියල තේරෙනව. ඒත් හැම වෙලේම මිනිසසු ඉන්නවැයි කතා කර කර ඉන්න. ඒ අයටත් වැඩ නෙව. අනිත් කාරණේ හුඟක් අයට වල් පල් කතා කරනවට වඩා ෆෝන් එකේ වැදගත් රාජකාරි තියෙයි නෙව.
ඉතිං පොත් කියවන එක ඒකට විසදුමක් නොවේ කියල තේරුණා. මොකද අර ඔළුවෙ බර ගතිය වැඩි වෙන්න ගත්ත පොත් කියවන්න ගත්තම. ෆිල්ම් බැලුවත් එන්ටර්ටේන් ගතිය වැඩි ෆිල්ම්ස් වලට හිත ගියාම ඒ ගතිය මගෑරෙනව වගේ තේරුණා. ඉතිං ඒ නිසාම නිතරම මිනිස්සු බණිනව වුණත් දකුණු ඉන්දියානු චිත්‍රපට කියන්නෙත් හොද බේතක් වගෙයි. විසේසයෙන්ම බාලායියා (NBK) ගෙ ෆිල්ම්ස්. ආයෙ සුපර් හීරෝල ඔන නෑ මෑන්ස් ඉන්නව නං.
පහුණු දවස් ටිකම ගෙවුනෙ ඕ විදිහට. වෙලාවකට හිතෙනව පිස්සු හැදිලද කියලත්. කවුරු හරි එක්ක බලෙං කතා කරන්නත් හිතෙනව. බැරි නිසා මාව එන්ටටේන් කරන්න හොදම විදිහ ඇක්ෂන් මසාලා මූවීස් 😃😃 යූ ටියුබ් ෂෝට්ස්, වැඩියෙන්ම කොමඩි
අපි ඒ තරමට හුදකලා වෙලාද නැත්තං විහිං කොන් වෙලාද කියලත් හිතෙනව. ( මම කෝමත් වැඩිය කතා බහට කැමති කෙනෙක් නොවන නිසා මට ඒක තදට දැනෙනව ඇති)
ඔයාලට එහෙම ආතතියක් දැනෙනකොට මොකද කරන්නෙ.?? කියාගෙන යමුද? බැරිද?
නැත්තං මට වගේ එපා වෙලාත?..🤭🤭

මට හිතෙන්නෙ ක්ලැසික් ඩිප්‍රෙෂන් කියලයි. අඩු-වැඩි වශයෙන් අද සමාජයේ අපි හැමෝටම වගේ තියනවා. වැඩිම අය සල්ලි දීලා "ශෙෂන්ස්" ගන්න යනවා. එතන ඉන්න ඩොකා "හපෝයි තව එකෙක්ගෙ අඳෝනවා අහන්න වෙනවා. සල්ලි දෙන හින්දා මිසක්..." කියල හිතෙන් සාප කරනවා. අඩු වෙන්න මොකක් හරි පෙත්තක් දෙනවා.
ReplyDeleteඅපි වගේ හුදී ජනයාට, තමන්ම හොයා ගත්ත අත් බේත් තමා හොඳම කියලයි හිතෙන්නෙ. පොත් වුනත් බලෙන් කියවන්න යන්න එපා. ගොන් පාට් ටැමිල් මූවි වුනත්, කික් එකක් එනවා නං එච්චරයි. සම්භාව්‍ය එව්ව බැලුව කියල ආයෙ මොන ලබ්බක් ලැබෙන්නද? මම නං, ඇනිමේ, Reddit එකේ අනුන් ගෙ ඕප-දූප, ඉඳලා හිටලා රොම්-කොම් මූවීස්, මිඩ්-නයිට් අලි-එක්ස්ප්‍රස් ගැජට්(ලාභ) ෂොපින් වගේ එව්ව වලින් තමා ගොඩ යන්නෙ.
සමහර වෙලාවට, අපේ ඩිප්‍රෙෂන් වැඩි වෙන දේ වලට ඇදිලා යන "සාපයක්" වගේ එකක් තියනවා. ඒකෙන් සම්පූර්ණයෙන්ම මිදෙන එක ටිකක් අමාරුයි. ගුඩ්-ලක්, ඕල් ද බෙස්ට්.
ස්තූතියි බසූ. මගෙ තියෙන නරකම දේ තමයි මංඥං වැඩි වෙද්දි කන්ඩ හිතෙන එක. කොච්චර කෑවතත් හිතට ෆිට් එක්කුත් නෑ. නිකං පිස්සු හැදල වගේ කැවෙන්නෙ.
Deleteඅන්තිම වාක්‍ය නං ඇත්තම ඇත්ත.
ඇත්තටම සවුත් ඉන්ඩියන් මූවි බලද්දි අර ප්‍රශ්න අමතක වෙනව ඈ 😃😃😃 අඩුම ගුරුත්වාකර්ෂණ බලපෑමක් තියන කලාපයක් නෙව 🙈
මම කරන දේවල් දෙක තුනක් තියනව ඔය වගේ වෙලාවට . පිළිවෙලට නෙමේ ලියාගෙන යන්නම් . කිලෝමීටර් 6-7 තනියම හෝ වයිෆ් එක්ක ඇවිදින්න යනවා. ඊට පස්සේ සෞනා එකකට යනවා . (ලංකාවේ තියනවද දන්නේ නැහැ ) ඉන් පස්සේ හොඳ මසාජ් එකකට යනව . ඒ කියන්නේ ඔය ලංකාවේ හෙම තියෙන ෆුල් සේර්විස් මගුල් නෙමේ . නියම ස්විඩිෂ් හරි තායි හරි ඩීප් ටිෂු මසාජ් එක හොඳයි . හොන්දට් රිලැක්ස් වෙනවා . ඔහොම සතියට දෙපාරක් වගේ කරනවා . ඇවිද්දේ නැත්නම් ස්විමින් ගිහිල්ල ආයිත් ඔය රුටින් එක
ReplyDeleteකියවන එක නම් මගෙත් තියනවා වෙලාවකට මම තනියෙනුත් කියවනවා වැඩේ කියන්නේ මේ අපි කියවන ඒවා අහගෙන ඉන්න කෙනෙක් නෑනෙ. අන්න ඒකනේ ප්‍රශ්නෙ 😃😃😃
Deleteස්තූතියි අයියා 🥰🥰🥰
දෙවෙනි කරන දේ තමා හොඳ ෆිල්ම් සීරි එකක් දිටම බලනවා බින්ජ් වොචින් කියන්නේ . පීකි බ්ලයින්ඩර්ස් , ඩ්‍රොප් ඔෆ් ගෝඩ් පන්නයේ
ReplyDeleteමට බින්ජ් වොචිං සෙට්වෙන්නෙ එහෙමත් වෙලාවකට. ෆැන්ටසිස් තමා. නැත්තං මිනි සීරිස් තමා කැමති.
Deleteදැං තියන සමහර එව්ව බර වැඩියි. ආතල් නෑ. එම වෙද්දි අමාරු වැඩියි
තුන්වෙනි එක හෙඩ් ඕන් ඩිප්රේෂන් ගැන ෆිල්ම් බලනව . The Perks of Being a Wallflower (2012): Focuses on a teenager dealing with anxiety, depression, and PTSD.
ReplyDeleteThe Skeleton Twins (2014): A realistic look at the ups and downs of depression.
Little Miss Sunshine (2006): A dark comedy about a family navigating various mental health struggles.
Prozac Nation (2001): Focuses on a young woman's struggle with major depression.
The Hours (2002): Explores the complex, isolating nature of depression across three generations of women.
Melancholia (2011): A metaphorical look at how depression affects relationships during a crisis.
A Single Man (2009): Deals with grief and inability to cope following loss.
බලල නෑ.
Deleteමේව බර වැඩි නැත්ද.??
අමතක වුනා ලියන්න අර ෆ්‍රෙන්ඩ්ස් කියන සීරිස් එක හෝ ශේල්ඩන් ගේ එක වගේ කොමඩි බලනවා එක දිගට - ඔය සෙට් එක කරන කොට ආපහු නෝමල් වෙලා .
ReplyDeleteBBT එකයි යංග් ෂෙල්ඩන් එකයි නං මාරෙට සෙට් 😃😃😃
Deleteෆ්‍රෙන්ඩ්ස් බලන්න පටං ගන්නෝන.
මට නං දැනිල නැහැ ඔය වගෙ ගති පාළු
ReplyDeleteදවසත් මදි වගෙයි වැඩවලටම යාළු
එක වැඩකටම හිර නොවෙනා එක හොඳලු
ඉවුම් පිහුම්, වතු වැඩ එහෙමත් ත්‍රිල්ලු!
රස්සාවම ඒකාකාරියි නේ. කිසි සැටිස්ෆයි එකකුත් නෑනෙ.
Deleteඋපදෙස් ගොඩක් ලැබිල තියෙන්නේ! මට නං හිතෙන්නේ තමන් කැමතිම විනෝදාංශයේ යෙදීම තමා හොඳම
ReplyDeleteම්ම්ම්... පොත් කියවද්දි පිස්සු වගේ. කියවෙන්නෙම නෑ. එකයි ෆිල්ම් බලන්න සෙට් වුනේ. ඒකත් බාලයිය වගේ එව්ව. හිනාවුනා අමතක කලා 😃😃
Delete