Friday, September 6, 2013

අහිමි කවිය....

අකුරු වැල් අතරේ
පද පේළි අස්සේ
ඇහින්දා මං ජීවිතය
සෙව්වා නුඹෙ ආදරය......
හොයන හොයන තරමට
මගෙ හිතත් රිදෙයි හරියට
නුඹට මං ලියපු
නුඹෙන් මං අහපු

කවි පේළි අතර
අතරමං උනා මම
මගෙ හිතත් නොදැනිම.......
සොයනවා සොයනවා මම
රිදෙනවා රිදෙනවා හිත
රිදෙන තරමට පිරෙනවා නෙත
කදුළු ගුලි ගැසී පිට පනිනවා.....
අනන්ත කවි අකුරු මැද
අතරමං වෙලා ආදරය
මමම විතරයි
මගෙ හිතත් විතරයි
නුඹත් නැති නිසා
වැරදිලා මේ ජිවිතය.....

3 comments:

  1. lassanai hodai thawa liyamu balanna

    ReplyDelete
  2. වැරදිලා මේ ජීවිතය..ගොඩක් දේවල් වුනාට පස්සේ එහෙමත් හිතෙනවා එක මොහොතකට..අපූරු නිර්මාණයක් මල්ලි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරාන් අය්යෙ

      Delete