Monday, October 20, 2014

ස්මරණ 13- වධකයෝ...

                                                                      කුඩා වන් නිතරම සිටින්නේ කුතුහලයෙනි. තමන් දකින තමන්ට පෙනෙන ඕනෑම දෙයක් පිළිබඳ හාර හාරාවුස්සා බලන්නට දැනගන්නට උන් කැමතිය. අප ඒ කුතුහලාත්මක කාලය පසුකර  තිබුණද ඒ කාලයේ පුරුදු වූ යම් යම් පුරුදු වලින් අත් මිදෙන්නට හැකි වූයේ අල්ප වශයෙනි. මින් කිසිවකුට හෝ කරදර නො වී යැයි කියන්නට මට නො හැක... අද ද පාරේ යන විට පොඩි උං දකී නම් උං කරන කුමක් හෝ විකාරයක් දෙස නතර වී බලා සිටීමේ පුරුද්දක් මට ඇත. සමහර විට ඒ අපේ ළමා කාලය අප ගෙවූ ආකාරය නිසා වන්නට ඇත.

                                                                       අප ජීවත් වූ පරිසරයේ අනන්තවත් කෘමීන් මෙන් ම විවිධ සතුන්  සිටියෝ ය. ඒ සෑම එකා ළඟට ම යන්නට අපට නො හැකි වුවත් අපට කිට්ටු වූ සතුන්ට නං වෙන දෙයක් උං වත් දැන නො සිටින්නට ඇත...  අද දවසේ වුව ද පොඩි වුන් අතර වඩාත් ජනප්‍රිය බිං කුණ්ඩා ය. අඩුම තරමේ නන්දා මාලිනි ය ට පිං සිදු වන්නට හෝ, ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සිටින පොඩි උන් බිං කුණ්ඩා ගැන දනිති.

                                                                     කුඩා කල අප වාසය කළ නිවසේ පිළිකන්නේ තිබූ බිත්ති කන්ද අපටත් වඩා උස එකක් විය...  මුනින් අතට හැරවූ කේතුවක් මෙන් වූ තාවකාලික නිවාස යන් හි බිං කුණ්ඩන් සිටිය හ. සමහර විට මුන් අනන්තවත් ඉන්නට ඇති වුවද අපට උන් ව අල්ලා ගැනීම නම් බොහෝ දුෂ්කර විය. අප බිං කුණ්ඩ න් ඇල්ලීමේ සමර්තයන්  නොවීමු .අප උන්ව අල්ලන්නට උත්සාහ කලේ උන් වාසය කරන කුඩා වල වටා ඇඟිල්ල ගෙන යමින් සෙමෙන් සෙමෙන් හාරමින් ය.  කොයි තරම් දුරට සාර්ථක වූවා ද යන්න මතකයක් නැතත් බොහෝ විට බිං කුණ්ඩන් අපට වඩා ඇමිඩන් ලා විය. එබැවින් සාර්ථක වෙන තරමට වඩා දස ගුණයක් අප අසාර්ථක විය.  පිළිකන්නේ බිත්ති බැම්ම උඩ ඇණ බා ගන්නා අප වරු ගණන් ඔහේ ඉවසිල්ලෙන් ද නො ඉවසිල්ලෙන් ද උන් ව සෙවීමේ නො තිත් උත්සාහයක යෙදුනෙමු.  මෙලෙස සොයා ගන්නා බිං කුණ්ඩන්  බොහෝ විට අපේ අත්ල උඩ ඇගිල්ල කැරකෙන පසුපස වෙරි වූවන් මෙන් ඇවිදී... අවසන අපට එපා වූ කල උන් ගේ පස්සට වදින පහරකින් උඩිං ගොස් බිම වැටේ... නැතහොත් ගෙට පල්ලෙන් වූ ඇලේ බෝට්ටුවක දමා පා කර හරියි. මේ බෝට්ටු වලට සිදු වූයේ කුමක්ද යන්න නොදනිතත් සමහර දාට ඇලේ පහල තිබී දියබත් වූ බෝට්ටු සුන් බුන් අපට මුණ ගැසෙන නමුත් කවදාවත් අපට ආපහු බිං කුණ්ඩ න් නම් දකින්නට නොලැබුණි..

                                                                      අප අතර තවත් ජනප්‍රිය ව තිබූ ක්‍රීඩාවක් වූයේ දිමි කඩි සටන් ය. දිමි කඩි සටන් බිම තිබූ යේ  මා පෙර කොටසක දී සඳහන් කළ අපේ බෝධිය කන්දේ ය. හැම දාම හවසට පහන තියන්නට යන්නට සිදු වී තිබුණේ මා හට ය. වැඩුම ලා වූයේ මා බැවින් තනියම පහන තියන්නටත් ගාථා කියන්නට ත් මට සිදුවිය. මා පස්සේ වැටී බෝධිය අසලට එන අනික් වුන්ට හිතෙන් බණිමින් මම බුදු කුටිය තුළ තනියෙන් ගාථා කියමි. එය ගාථා සජ්ජායනයක් නම් නොවේ වේගෙන් යන කෝච්චියකි. කියපු දේකුත් නැත හැබැයි නො කීවා කියන්නට ද නො හැක. බෝධිය කන්ද බහුතරයක් ගල් තලාවකින් වැසුණකි. මේ ගලේ එක් පැත්තක කඩි ද අනෙක් පැත්තේ දිමි ද සාමකාමී ව (අපි දකින කං) වාසය කළෝ ය. උන්ගේ සටන් බිම වූයේ ද අප කෙළි බිම වූයේ ද මේ ගල් තලාවේ මැද කොටසයි. මේ ගල් තලාව පාමුල තුත්තිරි ලන්දකි. මෙයින් තුත්තිරි මල් කීපයක් ඇද ගලවා ගන්නා අප අල්ලා ගත් දිමියෙකුට ද කඩියෙකුට ද ගලවා ගන්නා තුත්තිරි මලේ ඇති යුෂ සූරා බොන්නට දෙන්නෙමු. එකෙක් කඩියා හෝ දිමියා අල්ලා සිටින අතර අනෙකා තුත්තිරි මලෙහි මල් ඇති පැත්තේ සිට ඇගිලි දෙකත් ආධාරයෙන් සූරා ගන්නා යුෂය සතාට ළං කරයි. මේවා පෙවීමෙන් උන් වෙරි වුනා ද නැද්ද යන්න අපට වැටහීමක් නොවුණත්  සතුන් දෙදෙනා ලං කර තැබූ විට හොද හැටි සටන් කර ගනී. බැරි වීමකින් හෝ සතාට පදම වැරදුනොත් ඌ ඉබාගාතේ යන්නට  යයි. එවිට යළි ළං කර තැබිය යුතු ය. බොහෝ විට මෙම සටනින් දිනන්නේ දිමියා ය. කඩියා බරපතල තුවාල සහිතව වැතිර සිටියදී උන් දෙදෙනාට කැමැත්තක් කර ගන්නට හැර අප නිවසට එන්නෙමු. මගේ අත් දැකීම නම් මේ සටනින් උන් දෙදෙනාගෙන් එකෙක් වත් වැඩි කලක් ජීවත් නොවන බව ය. ඒ දවස් වල පහන තැබී මෙන් පසුව අපේ ජනප්‍රියම ක්‍රීඩාව වූයේ මේ කඩි දිමි සටන්ය. (ඔව් ඔව් ඔට්ටු වලටත් උං  ෆයිට් කළා.) දැං අහන්න එපා දිමි කූඩ කඩල කඩි ගොඩවල් උඩට දැම්මද කියල අපි ඒව එහෙම කොලේ නෑ ඔන්න.

                                                                        මේ හැරෙන්නට හාවන්ට උගුල් ඇටවීම ද (අහුවුනේ නං නෑ) කුරුල්ලන් ට කැටපෝලයෙන් විදීමද සිදු කලද ඒවා යේ කියන්නට තරම් විශේෂයක් නැති බැවින් මෙහි ලා සඳහන් නො කරමි.

                                                                         වරක් මා පත්තරයක තිබූ කතාවක් කියවා ඒකේ කියා තිබූ ආකාරයට කණාමැදිරියන් අල්ලා ජෑම් බෝතලයකට දමා වැසුවෙමි. හහ් මෙන්න වැඩේ අපූරු යි. නිවෙන පත්තු වෙන පාට පාට උං කාමරයට ගෙනාවේ අමුතු අලංකාරයකි. නමුත් පසුවදා උදේ වනවිට අප පියාණෝ උන් සියල්ලම මට හොරා නිදහස් කර තිබුණි. පහු බහින්න පුළුවයන්යැ. මීළගට මගේ වෑයම වූයේ නව අත්හදා බැලීමක් කරන්නට ය. එදා හවස කඩෙන් බැලුමක් ගෙනවිත් අල්ලා ගත් කණාමැදිරියන් අමාරුවෙන් එකා දෙන්නා ඊට බැස්සුවෙමි. අනතුරුව හුලං පුම්බා කට ගැට ගැසුවෙමි. හහ් ඔය තියෙන්නෙ ලස්සනට. නමුත් වැඩි වෙලාවක් යන්නට පෙර උං බැළුම හපන්නට උත්සාහ කරන්නට විය. බැළුමට දැමූ පොඩි තට්ටුවකින් උන්ගේ වෑයම අසාර්ථක කරන්නට මට පුළුවන් විය. පසුවදා උදෑසන වත්දි උන් සියල්ල ම මියගොස් සිටියෝ ය. එදායින් පසු කිසි දා කණාමැදිරියෙක් ට අනතුරක් කරන්නට මට නොසිතුණි.

                                                                        අවුරුදු කාලයට බල්ලන් නිදා සිටින ඉසව්වක් බලා අහස් කූරු පත්තු කර බිම දිගේ යැවීම අප කල තවත් ක්‍රියාවකි. කණ අසල ම පුපුරන අහස් කූරේ සද්දයට හුවැක් ගා කෑගසමින් ඉවතට පනින උන් ගේ විගඩම් දෙස බලා හිදීම  තරම් වෙන කිසිම විනෝදයක් නැත. එක එක බල්ලා හැසිරෙන්නේ එක එක ආකාරයට ය. සමහර විට පොල්කට්ටක් බාගෙට දෙකට පලා ඈත් කර පූසෙක්ගේ හෝ බල්ලෙක්ගේ වලිගයට දමන අපි උන්  ඒක ගලවා ගන්නට දරණ පරිශ්‍රමය දෙස බලා හූ තියන්නෙමු. නැතහොත් ගලකින් තලා ඇණයකින් හිල් කර නූලක් දමා බැද ගත් සැමන් ටින් එකක් පූසෙකුගේ නැට්ටේ ගැට ගසා උංව නිදහස් කන්නෙමු. ටින් එකේ සද්දයට බියවී දුවන පූසා නවතින්නේ කුමක් හෝ වී ටින් එක ගැලවී ගිය පසුයි.  (දැන් නං මේවා එකක් වත් කරන්නෙ නෑ හොදේ කොළු කමටයි තිබ්බ අවලං කමටයි කලා මිසක්)

                                                                     මේ ළගදී කළ එකම අවලං වැඩය නම් මළ ගෙදරකදී බල්ලෙකුට ගුලියක් කන්නට දීමය. මුලදී අප බල්ලාගේ කිසිම හැල හොල්මනක් නැති විට බලාපොරොත්තු කඩ කරගත්තෙමු. (අපිටත් අමතක වුණා ගුලි වදින්නෙ තැපෑලෙන් කියල). පැයක් පමණ ගත වන්නට ඇත. බල්ලා නොයෙකුත් විකාර කරමින් දගලන්නට වූ විටයි අපට දැනුනේ කළ කාර්යයේ බරපතලකම. (ඒ අස්සෙ අපේ එකෙක්, බල්ලට තව වදින්න එපැයි  පව්නෙ බං හැම දාම නෑනෙ උට මේ වගේ ආතල් එකක් කිය කිය බල්ලට චොකලට් බිස්කට් දෙන්න යනව.. මුං නං අම්මප). විටෙක හූ තබමින් දුවන ඌ විටෙක මළගෙදරට පැමිනෙන අමුත්තන්ට බුරා පනින්නට වූයේ හපා කන්නට මෙනි. (මොන පිස්සුද මූ ආතල් එකක් ඇරං. කට්ටිය මුට බයේ අම්ම මෝ නැතිව දුවද්දි උට පොඩි කික් එකක් එන්න ඇති. මොකෝ ගෙදර පූසට වත බුරන බල්ලෙක් නෙවී ඌ) කෙසේ හෝ තත්වය බරපතල වනවිට පිටියට අවතීර්ණ වුනේ ගෙදර පූස.. මූ මේ මොන උලව්වක් කොරනවද බලන්ට වෙන්නැ. ටිකක් නිවිහැනහිල්ලෙ තමන් කර කර හිටිය විගඩම නවත්තපු මූ හොදට බෙල්ල එහෙම ඇල කරගෙන අර ෂාරුක් ඛාන් අයිස්වර්යට දාන බැල්මක් දැම්ම. වැඩි වෙලාවකට නෙවී. තත්පර කීපයකට විතර. එක පාරටම පූස ඉස්සරහට පැනපු මූ ගත්ත පූසව කටිං... අරං දිව්ව නේද...මෙන්න පැය බාගෙකට විතර පස්සෙ මුගටි පැටියෙක් උස්සං එනව. ( අපිට පූසව හොයන්න දවස් දෙකක් විතරගියා.) කොහොම හරි අපේ සෙට් එකේ හිටපු  පිස්සු මැන්ටලයක් හන්ද වැඩේ මාට්ටු වුනා. කලේ කවුද මොකද වුනේ කියල. ඒ හන්දම අතුරුදහන් වුණ පූසව හොයන්න වුණෙත් මේ වැඩේට පස්සෙ බල්ලට වුණ ඩැමේජ් වලටත් ප්‍රතිකාර කරන්න වුණෙත් අපිටම තමා.

පසු සටහන- මේ සියල්ල කොළු කාලයේ කළ අවලං ක්‍රියා පමණක් වන අතර බොරු සත්ත අවිහිංසාවාදීන් කෙප්ප කොමෙන්ටු අතහැරීමෙන් වළකින්න.  


79 comments:

  1. හපොයි බං බල්ලන්ට පැට්‍රල් දාලා අපේ සැට් එකම දවසක් නෑවා හොද නෑමක්.. හැක්.. මම නං ඔය සත්තුන්ට හිරි හැර කරන්න එදා ඉදලම කැමති නෑ බං..

    ReplyDelete
    Replies
    1. දැං නං මාත් කැමති නෑ... නෑ කියන්නෙ කෝමත් නෑ...
      ඒත් ඉස්සර දන්නැද්ද හැමදේම අවුස්සල බලන්න ඕන වෙල කාලෙනෙව...
      මතක ඇති කාලෙකිං කරපු කුප්ප වැඩේතමා බල්ලට ගුලි දීපු එක
      ඒක ගැනත් අපේ අංට තිබ්බෙ සෑහෙන අවුලක්... මක්ක කරන්නද දීල ඉවරනෙ...
      ඒ හැර අවුරුදු ගාණකිං මොක්තු ජඩ වැඩක් කරල නැ... අඩුම ගානෙ මාළු ටැංකියක් තියාගන්නවට වත් මගේ කැමැත්තක් නැ

      Delete
  2. මචං මහේෂ්,
    1. උඹ ඉස්සෙල්ලම ලෝදිය කටාරමට වැටෙයි.
    2. එතනිං නාගෙන කටු ඉඹුල දිගේ බඩ ගාගෙන වරෙං යම රජ්ජුරුවො ගාවට.
    3. එතෙංදි නඩු අහල උඹේ කාමරේ නියම කරයි.
    4. දැං හිස්ව තියෙන්නෙ 52 කාමරේ. ටිකක් ගිමං නිවාගෙන, එළියට වරෙං.
    5. යම බාර් එකෙන් ලෝදිය බාගෙකුයි ගිනි අඟුරු ඩෙවල් එකකුයි ගනිං.
    6. උඹේ කාමරේට අනික් පැත්තෙ 51 කාමරේ දොරට තට්ටු කරපං.
    මං බලාගෙන ඉන්නවා හරිය!

    ReplyDelete
    Replies
    1. හිහි
      6 වෙනි එක තමා අනික් ඔක්කටම වඩා එක....
      හිහි.....
      පට්ට මචෝ මරු කමෙන්ට් එක...

      Delete
    2. හී....
      ප්‍රියත් ඔය සෙට් එකේද..
      අන්න සොමිය නං ඉනනවලු

      Delete
    3. මචංලා මම 52 වෙනි කාමරේ ඉන්නවා.

      Delete
    4. එතකොට එකේ ගජේ ගහන්ටද වෙන්නෙ හෆොයි.. බ්‍රා මෙන්ඩයි ගුලි රත්තයි සොමි පුතයි.
      හෙක් හෙක්

      Delete
  3. තෝත් නටාපිය මාත් නටන්නම් බින්කුන්ඩෝ බොල බින්කුන්ඩෝ....

    අඩේ බල්ලෙක්ට මාත් ගුලියක් දීල බලන්න ඕනෑ... :v

    ReplyDelete
    Replies
    1. දීල බල දීල බල...
      ප්‍රතිඵලයවාිර්තා කරපං හොදේ...
      පොඩි සමීක්ෂනයක් කරා කියන්නවත් බැරියැ

      Delete
  4. මහේෂයා අවුල් වෙන්න තව සෑහෙන කාලයක් තියෙනවා මං හිතන්නේ , එත් මට මගක් දුර කියවනකම් හිතුනේ අරූ ගේ "අවුල් වෙන්නට පෙර " පොස්ට් එකක් කියවනවා කියලා . අපිනං ඔය නොසන්ඩාල වැඩ කරේ නෑ. ඇත්තමයි , බෝ පැල

    ReplyDelete
    Replies
    1. හම්මේ බෝ පැල....
      ඒ ගැන නං කවර කතාද නේහ්...
      හිහි...
      ජයවේවා

      Delete
  5. අප්පෝ..බං, මේ තොල් ගොඩ අයින් කරහන්කො. මගෙ තණ කොල පිට්ටනිය හොඳයිනේ යකෝ.

    ReplyDelete
    Replies
    1. බෑ යකූ...මගෙ කෙල්ල දීපුවැයින් ඔච්චරයි තියෙන්නෙ...
      හිහි

      Delete
  6. බල්ලට කරපු වැඩේ කියවලා නම් ඉළ ඇදුණා හිනාවෙලා. අපිත් ඔය වගේ පෝරිසාද වැඩ කලා. කාලයක් තිබ්බ, ඉබ්බන්ගෙ පිටේ(කට්ටෙ ) ඉටි පන්දමක් පත්තුකරල හයි කරල ඌව අතාරින. රෑට තමයි ඕක කලේ. හැබැයි කුඹුරු පැහුණ කාල වලනම් කලේ නෑ. හිතාගන්න පුලුවන්නෙ කරොත් වෙන සන්තෑසිය.

    මහේෂ්.. මමත් මේ ළඟදි දැනගත්තෙ, බල්ලන්ට පුංචිම සද්දයක් උනත් දරුණුවට ඇහෙන්වා. ඒ නිසා රතිඥ්ඥාවක හඬ කියන්නෙ බල්ලන්ට බෝම්බ හඬක් වගේ ඇති. ඇත්තටම පවු උන්.

    ReplyDelete
    Replies
    1. බල්ලන්ට ඔය විදියට හොදට ඇහෙන කේස් එකට මොකද්ද නමක් කියනව බං මතක නෑ....
      ඕව ඉස්කෝලෙ කාලෙ අහපුවනෙඊයෙ කාපුව මතක නැති කොට ඔය සතවරුස ගාණක් පරණ ඒව මතක තියේයැ...
      ඒ වැඩේනං කරේ නෑ අවං කවම ඒත් අර අරූ අය්ය කියල තියෙන ඔක්කම කරල තියේ...
      හිහි

      Delete
    2. උන්ට ඇහෙන ශබ්ද පරාසය අපිට වඩා වැඩියි. අවමයත් උපරිමයත් දෙකම අපිට වඩා සෑහෙන පරාසෙකට යනවා. අපිට ඇහෙන අවම ඩෙසිබල් අගයට වඩා අඩු ඒවා උන්ට ඇහෙනවා වගේම අපිට ඇහෙන උපරිම අගයට වඩා වැඩි ඒවත් උන්ට ඇහෙනවා (අතිධ්වනිය කියන්නේ ඒ පරාසයට). උන්ට ඇහෙනවා වැඩි කම හින්දා ඉතින් මේ වගේ නසරානියෝන්ගේ වද විඳින්නත් ඕනේ..:) කොහොමත් උන් අකුණු ගහනකොටත් හෙන බයයි නේ.

      Delete
    3. හ්ම් ඔය තියෙන්නෙ ලෙසටම ටීචම එන්ට ඕන ඕව කියල දෙන්ට...
      ඒක නෙවි ඔයාගෙ බ්ලොග් එකේ මකුළු දැල් බැදිල නේද කඩන්න අයිඩියාවක් නැද්ද...
      ඉස්තූතියි විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීමට හොදේ අමතක වෙච්ච ඒව නෙව

      Delete
  7. මහේෂ් මෙහෙම කතා දාන්නෙ බලාගෙන.අර පිං උතුරන පිංපි ඇනෝ ඇවිත් සත්ව හිංසාව කියල බොටත් බැන අඬගහයි.
    බිංකුන්ඩො ගැන නන්දා මාලනීට ඉස්සෙල්ල සිංදුවක් කිව්වෙ කිංස්ලි දිසානායක.ඒ ඒ අපිත් පොඩි කාලෙ මහේෂ්ල කොහොම දැනගන්නද.පස්සෙ නන්දා මාලනී කියාපු සිංදුවත් ඒ අනුසාරයෙන් හැදුවෙ.පුළුවන් නං පරණ සිංදුව හොයාගෙන අහන්න.

    ReplyDelete
    Replies
    1. හොයාගන්න බලන්නං ඒත් නමක් නොදැන හොයන එක තමා කරන්න බැරි...
      පිංපි නැනෝල මෙහෙ ආවත් සද්ද නෑ...
      ඇනෝ කමෙන්ට් ඩිසේබල්...
      ස්තූතියි හැලපෙ

      Delete
    2. බින්කුන්ඩෝ බොල බින්කුන්ඩෝ//
      තෝත් නටාපිය මාත් නටන්නම්
      බින්කුන්ඩෝ බොල බින්කුන්ඩෝ

      Delete
    3. ස්තූතියි හැලපෙ...
      මං හොයල බලන්නං... හම්බුනොත් ලිංක් එක්කුත් දාන්නං...

      Delete
  8. අර අන්තිම බල්ලට කරපු වැඩේ නම් කියවලා හිනා ඉස්මෝලෙ ගියා බොල. බල්ලට ගිය ගුලි.!!

    තුත්තිරි ගහේ ඉස්ම පොවන එක අපිත් කරා. අපි පෙවුවෙ ඇඹලයන්ට. උන් මත් උනාද කියලා බලන්න බැලුමක් වත් තිබ්බා නම් හොයා ගන්න තිබුනා. :D

    අඩේ අර කණාමැදිරියො බැලුමට දාලා පුම්බත්දි බැලුමෙන් එළියට ඇවිත් උඹේ කටට රිංගුවනම් තමා කෙළියා තාප්පෙට තමා. :D

    ReplyDelete
    Replies
    1. බල්ලට ගුලි ගියෙ අපේ උංට ඊට වඩා කන්න බැරි හන්ද... ඊට වඩා කෑව නං බල්ලට හපං වෙනව...
      හිහි නැත්තං අර පිස්සු කෙලින එකාට චොකලට් බිස්කට් දෙන්න යයියැ..

      ඇඹලයන්ට පොලව දිමිත් එක්කගහගන්න දාන්නයැ බං... කාත් එක්කද ෆයිට් එකට දැම්මෙ

      උං ඇතුලට දැම්මාම එළියට එන්න අමාරුයි බං... ඒ සීන් එක මතක් වෙද්දි අදටත් අප්සට්...
      පිස්සු කාලෙනෙ බං...

      ජයවේවා

      Delete
  9. යකෝ තෝ වගේ පෝරිසාදක් මම මේ දැක්කමයි, සිරාවට බොලා වැස්සකටවත් දහම් පාසලකට ගියේ නැද්ද?

    බොලට කියන්න අපේ පන්සලේ ලොකු සාදු හෙන බලල ගෙඩියෙක්ව ඇති කළා, ඔන්න අපි නම් නෙවේ උගේ නැට්ටේ ශෝපින්ග් බෑග් එකක් ගැට ගහලා කඩේ යැව්වේ හරිය.

    උඹලා බල්ලෝ සර්විස් කරලා තියෙනවද? ගමේ මාමලයි ගෙදර තියෙනවා බල්ලෝ 6ක් 7ක් විතර දාන්න පුළුවන් කුඩුවක්, ගමේම ඉන්න බල්ලෝ ටික අල්ලාගෙන ඕක ඇතුලට පැටව ගන්නවා බිස්කට් දීල, පස්සේ වතුර හෝස් එක අරන් සර්විස් පාරක් දෙනවා, ඒවා ඉතින් පින් අතේ වැඩ, සබන් වතුර ටිකකුත් ගහලා, පස්සේ ලෙහලා වෙලගත්තට පස්සේ හොඳට බත් මාළු දාල වේලක් කන්න දෙනවා. ඒ මාමලාගේ ගෙදර හිටපු කාර්ල් මලාට පස්සේ කරන වැඩ.

    බොලා ඉතින් දිමි ෆයිට් නේ, අපි කරේ ෆයිටර්ලා ෆයිට් ජෑම් බෝතල් වල.

    ඇයි උඹලා මේ වැඩේ කරලා නැද්ද පොල් කඩන කාලේ, වන්දුරන්ගෙන් බේරගන්න, වෑවර යක් කඩලා පොඩි සිදුරක් හදලා පොඩ්ඩක් බීල වඳුරෝ ඉන්න ඉස්සවකින් තියෙනවා, වැඩකාර වඳුරෝ එකා දෙන්න කිට්ටුව දාලා බලනවා මොකක්ද මේ ආගන්තුක වස්තුව කියලා, ඔන්න ඉන්න ලොකුම වැඩකාරයා වතුර ටික බීලා මාරු, ලොඳ කන්න ඇත ඔබනවා ඇතුලට, හරි බදු හෑව්, ඔගේ අතේ ගෙඩිය හිර වෙලා උට බදු බනිස් වෙනවා. (මහා පව්කාර වැඩ බන්, දැන්නම් අපිත් නිවිලා)

    මේ ලඟදි කරපු කුප්ප වැඩේ බොලා හිතන එකක් නැහැ, අපේ ගෙදර ඉන්න මවුලා ඒ කියන්නේ බළලාගේ නම, උ ඇවිල්ල අතුරුදහන් වෙච්ච ශාශාගේ පුතා, ශාෂා ඇවිත් මැරිලා ගිය මාශාගේ දුව. (කොහොමද බළල් පරම්පරාව) මීයෝ අල්ලන ඩියුටිය කරන්නේ නැතිව ඌ රෝන්දේ යන්න ගත්තා, තුන් වෙලා කන්න වාර්තා කරලා, ඕකා මහා එපාම කරපු එකා, අපි මොනවා හරි කද්දී උට කොච්චර දුන්නත් මදි ඕනා අපේ පින්ගානේ තියෙන එකටම වැඩේ දෙන්න, ඌ ඇවිත් හිමීට කකුලට තට්ටුවක් දානවා "අඩෝ මේ මමත් ඉන්නවා" කියන්න වගේ, මහා කුපාඩියා, ඔන්න ඉතින් මගේ පොතක් මියෝ කාල (හොඳ වෙලාවට මැදින් අලි හිලක් විදලා පොත දී ඇරියම මැඩම ස්ටෙප්ලර් පාර තියෙන) ඔන්න මට මල, ඉතින් දවල් කන්න ආපු වෙලාවේ බෙල්ලෙන්ම අල්ලාගෙන පරණ ෆ්‍රිජ් එකේ ඩීප්ෆ්‍රීසර් එකට දැම්ම ෆුල් ෆ්‍රීස් එජස්ට් කරලා විනාඩි එක හමාරක්, (මැරෙයි කියලා බයට 4න් එකෙන් ස්ටොප් වොච් එක දාගෙන කලේ) හරියටම වෙලාවේදී ගත්තා එලියට, මුට නිකන් හොල්මන්ද පොල් කොළ වගේ වෙව්වලනවා, අයෙත් විනාඩියක් එළියේ තියලා එබුවා, ගත්තා
    දැන් ඉන්නවා ජිල් බුවා ගෙදරට වෙලා.

    අඩෝ මේවා කළා වගේ නෙවෙයි බන් මේවා මතක් වෙද්දී බඩ පපුව පත්තු වෙනවා.

    කරන කලට පව් මිහිරිය මී සේ – විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ

    මධුවා මඤ්ඤති බාලෝ – යාව පාපං න පච්චති
    යදා ච පච්චති පාපං – අථ බාලෝ දුක්ඛං නිගච්ඡති
    තම පව් පල නොදෙනා තුරු – තමා කරන පව් පිළිබඳ
    පවිටු බාලයා සිතන්නෙ – මී පැණි සේ මිහිරි ලෙසයි
    එහෙත් අහෝ! යම් දිනෙකදි – පල දෙනවිට එ් පව්කම්
    එවිටයි බාලයා එයින් – බොහෝ දුකට පත්වන්නේ

    ඒ නිසා බන් අර මුගලන් හාමුදුරුවෝ එක ඇතමෙක කරපු කුප්ප වැඩක් නිසා නිල වෙලා තව කරපු කුප්ප වැඩ නිසා ගුටිත් කාලනේ පිරිනි උනේ,

    කමක් නැහැ තවත් නම් හා බලු වැඩ කරන්නේ නැහැ, අපි කරන වැඩ වලට බලු වැඩ කියලා බල්ලන්ටත් අවනම්බු කරන්න බැහැ.

    විසිටරයා කිව්වා වගේ මචෝ උඹේ රූම් එකටම මාවත් එවයි, ගජේ ගහගෙන වත් ඉමු :'(

    ReplyDelete
    Replies
    1. :D අම්මේ මෙහෙමත් අය්යල .... පව් අර පූසා :D

      Delete
    2. අවුලක් නෑ බං. අපි ඔක්කොම අපායෙ ගිහින් එහෙත් බ්ලොග් ලියමු. :D

      Delete
    3. සොමී ඒක නං පට්ට ආතල් ඇ...
      අර පූස නිකං අයිස්ලන්තෙට ගියා වගේ ඉන්නඇති නේහ්.. ලොම් පිම්බිලා දත කට පූට්ටු වෙලා...
      හිහි.......
      පන්සලේ හාන්දුරුවන්ට ඊට වඩා වැඩක් නං කලා... හිහි.. ඒ ගැන පස්සෙ දවසක ලියන්නංකො...
      දහම් පාසලුත් ගියා බං.. ඒ ගිහිල්ල කලෙත් හොද හොද කුප්ප වැඩ... හෙක් හෙක්...
      ඔය තරං බය කරන්න එපා යකූ... අර නොදන්න කාලෙ කරපු පිස්සු වැඩනෙ බං ඕව... අර අරූ අය්ය කියල තියෙන ඒව ලියන්න මට අමතක වුණා ඒව නොලීව එකත් හොදයි නැත්තං මීට වඩා කතා අහගන්නයෙනව...

      අවුලක් නෑ හංසි දැනටඅපි අපායෙ රූම් එකකට වැකේෂ්න යන්න බුක් කරල තියෙන්නෙ...

      හිහි ප්‍රියා එකෙන්ම... මාත් එකක් ලියනව...
      හිහි

      Delete
    4. අඩේ සොමියාත් අපායේ ඉන්න නිසා පාලු නෑ

      Delete
    5. සිරාවට අපි කරපුව විචාරය කර කර හරි ඉදියි...
      හෙක් හෙක්

      Delete
  10. මහේෂ්.. ඉස්තරං ඈ..

    අර පත්තරයටයි, ඉවානයටයි, ප්‍රියා කියන එකාටයි, මනොෂ්ටයි, බෙසියර මෙන්ඩියටයි.. ගුලිය ගුලිය කවන්න ඕන....

    ReplyDelete
    Replies
    1. අඩේ උඹ මැදවච්චි ගිහින් යහතින් ආවද?

      Delete
    2. උඹ කවද්ද බං ආවෙ?

      ගුලි කෑවත් කොල්ලො කෙලින්. හරිය! :D

      Delete
    3. විදානෙ.. බොලොග් ලෝකෙ එකම මළ විකාරයක් වෙයි බංඑහෙම කලොත් දැන් කෙලින පිස්සු ටිකඇති හොදටම... හිහි...
      ස්තූතියි හොදේ...

      මූ මැදවච්චි ගියාද දන්නෙත් නෑ දන්නව නං බෝම්බයක් වත් කව්වල එවන්න තිබ්බ

      කව්වලමබලන්නං ප්‍රියා දවසක... හෙක් හෙක්

      Delete
    4. අම්මට හුදු මුට සිග්නල් හම්බවෙලා

      Delete
    5. අයිෙයා් බාංංංංංංං..ස්ලා (ඉවාන්, ප්‍රියා, මනෝෂ්..)
      මං කියල තියන දේ යටිපෙල අර්ථය වටහා ගන්න උත්සාහ ගනින්කෝ එතකොට බොලා මගේ.. නෑ ඔ්න නෑ..

      බු දු ස ර ණ යි !! !! !!

      Delete
    6. යටි පෙල අර්තය කීව බොලත් අර රහස් පොලිසියෙ කීව එකා වගේද යටි පෙලක් ගැන කියවන්නෙ
      හිහි

      Delete
  11. කඩි දිමි සීන් එකනං අපිත් කරල තියේ... ඉස්කෝලෙදි..

    බල්ලට ගුලි කවපු එකනං හිනා වෙලා පන යනව.. :D

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලෙදි කරන්න ඊට වඩා අට්ටර වැඩ තිබ්බ සුද්ද...
      හිහි...
      දීල බංලපං උඹත් සමාර විට හොද ආතල් එකක් බලාගන්නපුලුවං වෙයි

      Delete
  12. //සමහර විට මුන් අනන්තවත් ඉන්නට ඇති වුවද අපට උන් ව අල්ලා ගැනීම නම් බොහෝ දුෂ්කර විය. අප බිං කුණ්ඩ න් ඇල්ලීමේ සමර්තයන් නොවීමු .අප උන්ව අල්ලන්නට උත්සාහ කලේ උන් වාසය කරන කුඩා වල වටා ඇඟිල්ල ගෙන යමින් සෙමෙන් සෙමෙන් හාරමින් ය. කොයි තරම් දුරට සාර්ථක වූවා ද යන්න මතකයක් නැතත් බොහෝ විට බිං කුණ්ඩන් අපට වඩා ඇමිඩන් ලා විය. එබැවින් සාර්ථක වෙන තරමට වඩා දස ගුණයක් අප අසාර්ථක විය. //

    මහේෂ්......................

    මටත් හොදට මතකයි මේ විදිහට අපිත් බිංකුණ්ඩන් අල්ලන්න උත්සහ කරා. හැමදාම උත්සහ කළත් හොයා ගත්ත එකෙක් නැහැ.... ඒත් ඒ ජීවිතය හරිම සුන්දරයි........

    මේ ස්මරණයත් වෙන ඒවා වගේ ම ඉස්තරම්...

    ReplyDelete
    Replies
    1. උන් ටිකක් රවුම් පොඩ්ඩක් විතර ගෝලාකාර ඉලිප්සාකාර මහ විකාර සත්තු ටිකක් කිසිම කික් එකක් නැති.. ඕ යේස්.. කීවට විස්වාස කරහං කුරුටු අපේ සැට් එකේ හිටිය හොදම කුප්ප ඩෑල්එකක් ඌටතරං කවදාවත් අපිට අහුවුන්නෑ...
      ස්තූතියි හොාදේ

      Delete
  13. බිං කුණ්ඩන්ගෙන් වලවල් දැකලා තිබුනට අදටත් මම බිං කුණ්ඩෙක් දැකලා නෑ....වතාවක් මට වී කුරුල්ලෙක් අලල්ලා දෙන්නං කියලා පොඩි එදා සන්දියෙදි මගේ වයසෙම එකෙක් උන්ගෙ වත්ත පහලට එක්කගෙන ගියා....ඒකා කොහොල්ලෑ ගුලියක් ගහක අත්තක අලවලා ඒක උඩ කුරුල්ලෙක් වහනකං බලාන උන්නා...

    ReplyDelete
    Replies
    1. කොහොල්ලෑ වලින් මැස්සො නං ඇල්ලුව ඒව සැර වැඩි හන්දයි මෙතන නොලීවෙ... ඊට පස්සෙ කියයි රත්නායකය පවු ගහක් කියල...

      Delete
  14. මේවා කියවද්දී මං කරපුව නෙමෙයි අපේ අම්ම කරපුවයි කියල මට කිව්වා ඒවා මතක් වෙන්නෙ ..ඉස්සර ජීව විද්‍යා පාඩමට සත්තු කපල බලන ඒවා තිබ්බනේ අපේ කාලේ නම් එහෙම දුන්නේ නෑ .ඉස්සර අපේ අම්ම ඉස්කෝලෙට සතෙක් ගෙනියන්න ඕනවට පණපිටින් ඉන්න ගෙම්බෙක්ව පොල්කට්ටකින් වහල පහුවෙනිදා උදේ බලද්දී ඌ ස්වර්ගස්ථ වෙලා අන්තිමට ඌව තම්බල අස්ථි වෙන්කරන් ඉස්කෝලෙට අරන් ගියාලු. අර බළලුන්ට පැට්‍රොල් ගහල වෙන දේත් බැලුවාලු :D තවත් දවසක් ඒ නම් මං ඉන්නකොට.කාක්කෙක් ඇවිත් වතුර බොන්න වතුර එන බටේට කට තියන් ඉඳිද්දී අම්ම දුවල ගිහින් වතුර මෝටරේ දාල ඊළඟට මොනාද වෙන්නෙ කියල හිනාවෙවී බැලුවේ නැතැයි කියන්නකො ..විහිලුවට කරත් ඉතින් ඕව පව් වැඩ...ඉස්සර අපේ අය්යයි මමයි බත්කූරන් අල්ලල උන්ගේ නැට්ටට නූල් ගැට ගහල යැව්ව මතකයි ඒ ආයේ දවසක උන් අල්ල ගත්තොත් අඳුර ගන්න.ඔය වගේ චූටි චූටි නරක වැඩ කරලා නැතිවම නෙවෙයි ..දැන් නම් ඉතිං හිංසාවෙන් සම්පූර්ණයෙන් වැලකි සිටිමි :D

    ReplyDelete
    Replies
    1. හිහි අම්ම කරල තියෙන වැඩ වලින් එකක් වත් මං නං කරල නෑ... හිහි...
      බත් කූරන්නෙනූල් ගැට ගැහැවට වඩා පස්ස කැඩුවහම මරු ඈ...
      හක් හෙක්...
      ඒ දවස් වල නං නොතේරුම් කමට කරපුව හංසියෙ දැන්නං ඇත්තමයි සතෙක් ඇති කරන්නෙවත් නෑ...
      හැබැයි බල්ලන්ට කරපු ඒව හන්දමදකොහෙද අදටත්බල්ලො මට කැමති නෑ ටිකක් වත් ඕයේස්
      ජයවේවා

      Delete
  15. පව් අප්පා අහිංසක සත්තු....

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත ඒත් අර නොදන්න කාලෙ තොතේරෙන කාලෙ පව් පිං බැලුවෙ නෑ නෙව
      ඒකනෙ කේස් එක

      Delete
  16. ඔය දිමි කඩි සීන් එක ෆුල් ආතල් බං. අපි මුන්ට තුත්තිරි පොවලා අර චූටි වළට දාලා වීදුරු කෑල්ලකින් වහනවා. උන්ට එලියට එන්න බැහැ. අපිට ෂෝ එක පෙනවා.

    ඉබ්බන්ට ඉටිපන්දම් ගහනවා. දැන් ගහන්න වෙන්නේ පෙට්ටගමේ ඉබ්බට තමයි. උන්ව ඇහට දකින්නවත් නැහැ. බත්කූරන්ට නූල් ගැට ගහනවා, එක් එක්කෙනා වෙන වෙන පාටින් ගැට ගහන්නේ තමන්ගේ කියලා අඳුර ගන්න. උන් මැරෙනවා බං දවස් දෙකකින් විතර.

    උඹල අර ටික්කෝ කියන එවුන්ව දන්නවාද....චූටි කුරුමිණියෙක් වගේ. උන්ගේ පිටි පස්සෙන් පොලවට අල්ලල තදකරපුවාම ටොක් ටොක් කියලා ඔළුව ගහගන්නවා එක දිගට. අපි උන්ව හිස් ටින් එකක් අනිත් පැත්ත හරවලා ඒක උඩ තියලා පස්ස තද කරනවා. ඩ්‍රම්ස් ගහනවා වගේ.

    බල්ලන්ට බොන්න දුන්නට , ඔය ගුලි දුන්න වගේ ගතියක් නැහැ. උන් එහාට මෙහාට පැද්දිලා කාලා නිදාගන්නවා. අඩුම ගානේ සින්දුවක් වත් කියන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අඩේ අපි නං අර ගල් තලාව උඩ එළි මහන් රංග පීඨයක තමා සෙල්ලං පෙන්නවුවෙ... හෙක් හෙක්...
      ඉබ්බො මෙහෙ ඉන්නෙ අඩුවෙන් අල්ලන්න හරි අමාරුයි ඉතිං කොහෙ ගහන්නද
      අරූ අය්ය තාරුකා ඉල්ලො දැකල තියේද මේවර ඉබ්බො කියලත් කියනව...

      බත්කූරන්ගෙ නූල් ගැට ගැහුවෙ නං නෑ... පස්සෙ නැට්ට කඩනව... යනව කියන්නෙ ජෙට් එක වගේ තමා...
      හෙක් හෙක්...
      ටික්කනව අමතකම වුනා නෙව.. ඒ දවස්වල තමා ටික්කො ඇල්ලුවෙ ඕන තරං හිටිය එහෙ... ටික් ටික් ගාල පනි්ද්දි මරු ඈ...
      අඩේ අපිට හිතුන්නෑනෙ සැමන් ටින් එකක් උඩ තියල බලන්න...

      බීපුවාම කෝමත් ගුලියෙ ගතිය නෑ නෙව... හික් හි්ක්...
      බල්ලු ගුලි කෑවම නං බෙබාම තමාආයෙ මාර ආතල් ඈ...

      Delete
    2. තාරුකා ඉල්ලෝ, මේවර ඉබ්බෝ දන්නේ නැහැ මහේෂ්.. නිකං ඉන්න වෙලාවක ෆොටෝ එකක්වත් දාපන්.

      ප.ලි. වෙලා තියෙන විටක මේ බ්ලොග් එකේ ඇති සටහන් කියවන්න.
      පිටස්තරයාගේ ලෝකය

      Delete
    3. අය්යෝ ඒක ඉල්ලො නෙවී ඉබ්බො හොදී පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක්.. මං පිංතූරයක් හොයල දාන්නංකො හොදේ...
      ස්තූතියි ලිංක් එකට... වෙලා හදං හරි කියවන්න බැරියැ ඒක නං
      නැද්ද

      Delete
  17. ස්තූතියි.. ඔබට...

    ReplyDelete
  18. බිඩියට දාලා ගෙම්බන්ට ඡොයින්ට් ගස්සනවා
    බල්ලන්ට අරක්කු පෙවිම මමත් කරා..
    මගේ පොඩි මෙන්ඩියාට කැටපොලයක් හදලා දුන්නා..
    උඔගේ ලිපිය එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ගෙම්බන්ට ජොයින්ට් ගස්සන්නේ කොහොමද මෙන්ඩියෝ.....අඩෝ මම මේ ඇහුවමයි.

      Delete
    2. බිඩියට ඡොයින්ට් එක ඔතලා ගෙම්බව අල්ලගෙන බිඩිය කටට දුන්නහම බස බස ගාලා උරනවා..ඊට පස්සේ ටික දුරක් පැන පැන ගිහින් අනිත් පැත්ත ගහනවා..

      Delete
    3. මෙන්ඩා උඹ නම් පුදුම ගෙම්බෙක් තමයි යකෝ!

      Delete
    4. සිරාවට, මාත් ඔය ඇහුවමයි ගෙම්බන්ට ජොයින්ට් ගස්සනව කියල. තව මොනවද බං උඹල කෙරුවෙ.. කියහන්කො එකක් දෙකක්. :D :D

      Delete
    5. අපි නං ජොයින්ට් ගස්සල නෑ සිගරට් බීඩි නං පොවල තියේ...
      හෙන ජනප්‍රිය සීන් එකක් ඕක අරූ අය්ය...ඔයා නොදැන හිටිය කීවහම සිරාවට පුදුමයි...
      හෙක් හෙක්...
      චන්දන ආයෙ මොනවද කියන්නෙ අප්ප අපිට යන්න හදන්න වෙයි වෙනම අපායක්... හිහි..

      දාන්න මෙන්ඩ පහක්... හෙක් හෙක්

      Delete
  19. මහේෂ් කාලෙකින් මෙහෙ එන්න ලැබුණේ..ඔක්කොම කියවමින් යනවා...කමෙන්ටුව දෙන්නම්...අර ටෙලි නාට්ටි බැලු හැටි ලියන්නේ නැද්ද යකොව්?? :@

    ReplyDelete
    Replies
    1. //පසු සටහන- මේ සියල්ල කොළු කාලයේ කළ අවලං ක්‍රියා පමණක් වන අතර බොරු සත්ත අවිහිංසාවාදීන් කෙප්ප කොමෙන්ටු අතහැරීමෙන් වළකින්න. //
      අනෙ අම්මපා මුං වගේ අවලම්මු! :P
      බල්ලට කළ වැඩේ පව් බං..ඔය උඩ කිව්ව වගේ නෙවෙයි මම බොක්කෙන්ම බල්ලන්ට ලව් නිසයි කිව්වේ..
      බොලා තමයි යකූ එක අතකට ඔරිජිනල් ළමා කාලයක් විඳලා තියෙන්නේ...:)

      Delete
    2. /බල්ලන්ට ලව් නිසයි කිව්වේ../
      අනේ අර ඉවානයයි, පත්තරයයි, මෙන්ඩියයි, මනොෂයයි පව් දෙයියනේ..

      Delete
    3. ඈ බං විදානේ උන් බල්ලෝද? :O පව් යකොව් බල්ලෝ :P

      Delete
    4. ටෙලි නාට්ටි බලපු හැටි ලියනව ... ඒත් ඒකෙත් කියන්න තරං දෙයක් නං නෑ...
      කියන්නං කියල නොකියපු පෙන්ඩින් කතා අටෝරාසියක් තියේ තරුවො...
      ඇයි බං බොක්කෙන්ම බල්ලන්ට ලව් කරන්නෙ කොල්ලො නැතෙයි...
      හිහි...
      මනෝෂය කොහෙන්ද ඕක මැද්දට ආවෙ විදානෙ...
      හිහි.
      කොල්ලන් සමානයි බල්ලන් තරු

      Delete
  20. පරණ ඒව එක්ක ඔක්කොම අදයි කියෙවුවෙ. කොහොම වුනත් අහිංසක සත්තු නම් පව්. ඉලන්දාරි කාලෙදි නොතේරුණාද පහුවෙන්න පහුවෙන්න හදවතින් දුක්වෙන වෙලාවල් තියෙනව ඕවට.

    මොක වුනත් ලිපිය කියවගෙන ගියා මං එකදිගටම. :-)

    ReplyDelete
    Replies
    1. දැං ඕව කරන්නෙ නෑ දිනිති අක්ක අපි ඉතිං දැං සාන්ත දාන්ත කොල්ලො නෙව....
      හිහි
      ස්තූතියි හොදේ

      Delete
  21. මට ආසායි පොඩි මෙන්ඩියාටත් ඔය අත්දැකිම් ටික දෙන්න..උන් ඕවා කරන්න ඔනේ..නැත්නම් ලොකු වුනාහම උන්ට කියන්න දෙයක් බේලොග් එකක් ලියන්නවත් දෙයක් නැති වෙනවා..
    තුන්වෙනි පාරටත් මම ලිපිය කියෙව්වා බං...එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ඒක නං සහතික ඇත්ත මෙන්ඩො...
      උං කවදහරි ලියයි බෙං ටෙං ගැන...
      වෙන මොනා ලියන්නද
      ස්තූතියි මෙන්ඩො අගය කිරීමට...
      ජයවේවා

      Delete
  22. බල්ලට ප්ලේන්ටියක් හදල දෙන්න එපෑ !!! :)

    ReplyDelete
    Replies
    1. චන්දනත් අර අපේ චොකලට් බිස්කට් දීපු එකාගෙ ජාතියෙද...
      අච්චර අර පිස්සු කෙලින වෙලේ මෙන්න මූ යනවබල්ලට චොකලට් බිස්කට් දෙන්න...
      හෙක් හෙක්

      Delete
  23. ගුලි බල්ලන්ට දෙන්න තියා අපිට බෙහෙතටවත් නෑනේ අප්පා...

    ReplyDelete
    Replies
    1. ඇඩ්ඩස් එක දියං එවන්නං...
      හෙක් හෙක්

      Delete
    2. චන්දන අයියගේ එකට එවන්නකො මම ඉල්ලා ගන්නම්කො

      Delete
    3. හිහි හාකො හාකො

      Delete
    4. ඌ බබා කියල මෙන්ඩ දැන්ද දන්නෙ අප්ප

      Delete
  24. චී මුං බල්ලෙක්ටවත් පාඩුවෙ ඉන්න දෙන්නෑනෙ! :D

    ReplyDelete
    Replies
    1. අපෝ කවුද කීවෙ...
      අපි පොඩි අත්හදා බැලීමක් කලේ...
      කතාවක් තියේ නෙව අලුත් අලුත් දේ නොනගන ජාතිය ලොව නොනගී කියල..
      හෙක් හෙක්

      Delete
    2. ඒ වුනාට පොලිසියේ උන් ඕක දන්නේ නෑ පෙට්ටරල් බොම්බ හදපු එකක් අල්ලන් ගියා

      Delete
    3. ඒ වුණාට බං ඔය ටෙලිවිසොමෙ නිතරම කියන්නෙ අලුත් අලුත් දේ කරන්න හදන්න කියල.. ඒ විහිළුවටද
      පව් බං අර නව නිපැයුම් කරුව..
      ඕ යේස්

      Delete