Thursday, January 29, 2015

සඳ ආයෙත් නොනැගෙන බැව්.....

පුර හට හැකි ද සැවෙන්න
අහස් ඉම කොතැන
පසලොස්වක දවසකට...

සුව මලක ට හැකි ද සැවෙන්න
තුරු පත් අතර
බඹරුනට නො පෙනෙන්න...

කඳුළකට හැකි වේද සැඟවෙන්න
නෙත් පියන් කොන
දෙ කම්මුල් නො තලා ඉන්න...

නුඹට හැකිවුණි ද කෙලෙස
නුඹ ව ම සිතන සිතකට
මේ තරම් දුක් දෙන්න...

50 comments:

  1. හම්මේ ආපු එකම මදෑ අමාවක ඉවර කරල.. ජය

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒකනෙ
      පුලු පුලු වං වෙලාවට ඇවිත් බ්ලොග් බැලුවට පෝස්ට් දාන්ට වෙලාව දැං දැං අඩුයි
      ඇත්තටම කම්මැලියි
      හිහි
      ස්තූතියි දේශක තුමා

      Delete
  2. අවන්හලකට හැකිවේද සැඟවෙන්න
    කුසගිනි දරණ අප නෙත් තලාවෙන්..

    නිර්මාණය අනර්ඝයි මචෝ..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒකනෙ....

      ඇත්තටම මොකද්ද කීව තේරුන්නෑ නෙව

      හිහි
      ජයවේවා මනෝ

      Delete
  3. පුරහඳ විටෙක සැඟවෙන
    අමාවක ඇත දුක්බර

    මලක කෙමි සඟවන
    නොමැති අරුණලු දිනකර

    වැටෙන විට පාරන
    කඳුළු ඇත ඇසිපි සිරකර

    මගෙම හිත උදුරන
    විටෙක පැනයමි පොඩිකර

    ReplyDelete
    Replies
    1. අපූරුයි උපේක්ෂා...
      මගෙ කවියට වඩා අපූරුයි...
      කවියට පිලිතරක් කවියෙම්ම ගොතන්ට වෙලාව මදි එක ගැන කනගාටුයි
      අමනාප නොවෙයි හිතනව
      ජයෙන් ජයම වේවා

      Delete
  4. ලස්සන නිර්මාණයක්.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොබා....
      මේ පළවෙනි ගොඩ වැදීම නේද
      සාදරයෙන් පිළිගන්නව අවන්හලට
      ජයෙන් ජයම වේවා

      Delete
  5. පුරහඳට..
    සුවඳ මලකට..
    කඳුලකට බැරි උනත්..
    පුළුවන්ලු ගැහැණියකට..

    ReplyDelete
    Replies
    1. ඒක නං හැබෑව කළණ...
      ජයෙන් ජයම වේවා

      Delete
  6. පුරහඳට හැකිය සැඟවෙන්න වළාකුල් අතර
    මලකට හැකිය සැඟවෙන්න අනෙක් මල් අතර
    කඳුලට හැකිය සැඟවෙන්න මුදු පවන් රැල් අතර
    නුඹටත් හැකිය දුක් දෙන්න යන්න යනකල තනිකර

    ආවා මදෑ... දැන් ඔහොම්ම ඉන්න.

    ReplyDelete
    Replies
    1. හ්ම් ඒකත් නරක නං නැ.... ඒත් එහෙම කරන්ට හිතාගන්නවත් බැරි කොට වෙන මොනව කරන්ටද...
      ස්තූතියි මදාවියො
      ජයෙන් ජයම වේවා

      Delete
  7. නියමයි . මේ වගේම සිංදුවක් තිබ්බා . මතක් වෙන්නේ නෑ . මතක් උනොත් කියන්නම් . :p

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ තාම මතක් වෙලා නැතිව ඇති
      හිහි

      Delete
  8. නියමයි . මේ වගේම සිංදුවක් තිබ්බා . මතක් වෙන්නේ නෑ . මතක් උනොත් කියන්නම් . :p

    ReplyDelete
    Replies
    1. දෙක දෙක කොටල තියෙන්නෙ දෙකක් දාගෙනමදච ආවෙ මෙහෙට
      හිහි

      Delete
  9. පුර සඳ ද සගවනා වළා පෙල සතර අත
    බඹරුන්ට විණ කටින බාඳුරා පිපෙණ ලොව
    වැඩිවෙනා දුක නිසා කඳුළ නෙත සිඳෙන කල
    ගැහැනියයි දන්නවද මගේ නම චපලකම

    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. ගැහැණිය එක්කම එකට යාවී
      කොනක කොහෙ හරි තියෙන්නට ඇති
      ඒ වුණත් නොදකින්ට ඇති
      හමුවෙන කම්ම දුක ඒ චපලකම

      අගෙයි කටුසු
      ජයෙන් ජයම වේවා

      Delete
  10. //නුඹට හැකිවුණි ද කෙලෙස
    නුඹ වම සිතන සිතකට
    මේ තරම් දුක් දෙන්න...// මෙතන ‘‘නුඹ ව ම“ වුණොත් හොඳ යි නේ ද?

    ReplyDelete
    Replies
    1. ඌප්ස්
      පොඩි මිස්ටේක් එකක් මේ දැං හැදුව
      තැංකිව් කුරුටු
      ජයවේවා

      Delete
  11. //නුඹට හැකිවුණි ද කෙලෙස
    නුඹ වම සිතන සිතකට
    මේ තරම් දුක් දෙන්න...//

    හ්ම්ම්...පිළිතුරක් ලියාගන්න බැරි කවියක්..:)
    උඹ දැන්වත් දෙයියනේ කියලා ලියනවද? ප්ලීස් මචං..:)

    ReplyDelete
    Replies
    1. ලියනව ලියනව මචං...
      ටිකක් හිටපං මේ අවාරෙ...
      හිහි
      ජයෙන් ජයම වේවා මචී

      Delete
  12. එල ද බ්‍රා..
    ලස්සනයි මචං

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙන්ඩ මචෝ...
      ජයවේවා

      Delete
  13. ආදරේ වැඩි වුනාම පුංචි දේකින් වුනත් හිත රිදෙනවලුනේ. කොහොම වුනත් පද පේලි ටික නම් අපූරුයි...

    ReplyDelete
    Replies
    1. පුංචි නෑ යන්නම ගියාම දැනෙන දුක
      නැද්ද
      ස්තූතියි අගය කලාට
      ජයෙන් ජයම වේවා

      Delete
  14. මේකනම් නියම සින්දුවක් කරන්න පුළුවන් එකෙන්ම , පට්ට

    ReplyDelete
    Replies
    1. එච්චර නං හොද නැතිව ඇති....
      අගය කලාට ස්තූතියි
      ජයවේවා

      Delete
  15. ලස්සන කවියක්. දේශකයා ඇතුළු අපේ බ්ලොග් ජනතාවගෙනුත් හොඳ ප්‍රතිචාරයක් තිබෙනවා. ලංකානිව්ස්වෙබ් හි පල කිරීමට ඔබේ අකමැත්තක් නැතැයි සිතමි.
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15578-2015-01-30-19-41-04

    ReplyDelete
    Replies
    1. ආයෙ අහන්ටත් දෙයක් යැ අජිත් අය්ය
      ඕන වෙලාවක....
      ස්තූතියි මං බැලුව ගොහින්....
      ජයෙන් ජයම වේවා

      Delete
  16. ඔන්න ඕක අල්ලල දාපං බං... වරෙං යන්න අඩියක් ගහන්න.

    ReplyDelete
    Replies
    1. එදායින් පස්සෙ දැක්කෙ නෑ ආයෙ කොහෙ අඩි ගහන්ටද
      බොගෙ බොගට මක්කවෙලාද ලියවෙන්නැ නැත්තෙ දැං

      Delete
  17. නියමයිනේ කවි සිතුවිල්ල !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධුරංග අය්ය

      Delete
  18. අනේ මන්දා සුදෝ...මමත් මේ දවස් වල වේදනාවෙන්...ඔහොම සිද්ධියක් තමයි ඒකත්...

    ReplyDelete
    Replies
    1. හිත හදාගන්ටය් මේ වෑයම සිරා අය්ය
      අපිටත් දවසක හද පායයි සිරා අය්ය

      Delete
  19. පට්ට ම පට්ට මචං...

    ReplyDelete
    Replies
    1. ස්තූතිම ස්තූති මචං
      ජයවේවා

      Delete
  20. පුරහඳත් සගවන දවස්
    කළු වලාකුළු දන්නවා ඇති
    නුඹ හදත් නැති වුනත්
    හුස්ම ගන්නට මං දන්නවා ඇති..

    දැනුණ මල්ලි කවිය..

    ReplyDelete
    Replies
    1. අක්කගෙ කවියත් හරි අපූරුයි අක්ක....
      ස්තූතියි අගය කලාට
      ජයෙන් ජයම වේවා

      Delete
  21. Replies
    1. කියන දේ දැනුන නං ඒ ඇති නොවැ සාරි....
      සාදරයෙන් පිළිගන්නව අවන්හලට

      Delete
  22. මහේෂ්ගෙ නිර්මාණ කාලයක සිටම රසවින්දා ඒත් මේ තාක්ෂණයේ නුහුරු බවත් මේල් එකවුන්ට් එකක්වත් හදනවාට ගෙදර විරුද්ධ වීමත් නිසයි මෙච්චර පමා වුනේ. රසවිඳින්න පුළුවන් වුනත් කවි හදන්න බැරිකම ගැන පසු තැවෙම්න් මෙහි කොමෙන්ට දැමූ වෙනත් අය ගැනත් ඉරිසියාවෙන් තමයි මේ ලිව්වෙ.

    ReplyDelete
    Replies
    1. හැකි හැකි දෙයක් කියල දෙන්නං විමසුවොත් උදව් කරන්නට හැකියි ඕන වෙලාවක...
      බවත් මේල් එකවුන්ට් එකක්වත් හදනවාට ගෙදර විරුද්ධ වීමත්////
      ඇයි අප්පේ ඒ.... මංද සමහර ගෑල්ලමයින්නෙ ගෙවල් වලින් ඉන්ටනෙට් ටුව කියන එක සලකන්නෙත් අයිසිස් කාරයෙක්ගාට ඒ හන්ද වෙන්ටැ හිහි

      උත්සාහ කලොත් බැරි වෙන එකක් නෑ නෙව...
      උදව්වක් ඕන නං මට මේල් කරන්ට නැත්තං හැන්ගවුට් කරන්න පුලුවං විදියට කොරංඤං
      maheshrmx@gmail.com

      ජයෙන් ජයම වේවා

      Delete