Monday, February 16, 2015

එන්න පුළුවන් ද වෙලාවක....

රිදෙන හිත පිරි මදින්නට
හිත කියන කවි අසන්නට
මද නලක දැවටී හෝ
එන්න පුළුවන් ද වෙලාවක....

 නුඹ දකින එක ම  තත්පරය ද
වරුවක් තරම් දිගට දැනෙනා බැව්
නුඹ දකින හැම විටම
කාලය ද මොහොතකට නවතිනා බැව්
නොම දන්නවා ඇති නුඹ...

කොහේ හෝ ඔබ ඉන්නා ඉසව්වේ හි
ඇදී එන මුදු මද සුළඟේ පවා
නුඹෙ සුවඳ තැවරි ඇති බව දැනෙන හැම විට
හිත කියන කවි පද අහන්නට
පමා වෙන්නට පෙර සැදෑවට
එන්න පුළුවන් ද වෙලාවක...





පින්තූරය--ෆේබියන් පෙරේස් ගේ තෙල් සායම් සිතුවමකි

71 comments:

  1. මොනා කියනවද මිතු ඔයා
    හැම මොහොතකම එන්නම්
    මා ඔබ සොයා

    ලස්සන සිතුවිල්ලක්

    ReplyDelete
    Replies
    1. ස්තූතිියි වැව්
      ගොඩක් ස්තූතියි අගය කලාට
      ජයවේවා

      Delete
  2. තනි අන්ඩට කිරි එරියන්
    ළගට ඇවිත් ගස්සාපන්
    බ්රේක් නැතිව හිත හොයපන්
    කොල්ල ඇවිත්... උඹ දුවපන්

    ReplyDelete
    Replies
    1. දේශකයා මොකද බ්ලොග් අප්ඩේට් වෙන්නේ නැත්තේ දැන්.

      Delete
    2. කම්මැලි කම ඇව්ත් නේ අජිත්.. හැක්

      Delete
    3. දේශා කොමෙන්ට් කවි ටික එකතු කරලා පොස්ටුවක් දාමු?

      Delete
    4. http://sinhala.lankanewsweb.net/features/cyber-wall-lankanewsweb/15838-2015-02-17-19-08-30

      Delete
    5. දේශ ඒක නං මාරයි ඈ....හිහි දේශට වෙච්චි දෙයක්ද දන්නෑ නේද
      අපේ දේශක තමාටත් හිතෙන දේවල් නැද්ද වැව්...
      හිහි..............

      @ අජිත් අය්ය දේශට මේ දවල් වල වැඩලු (අපි නොදන්නවැයි)
      @දේශක තමා.... හැබෑට ම ද ඈ....හිහි....

      @ දිලිනි ඔන්න අජිත් අය්ය කරල තියෙනව....

      ස්තූතියි අජිත් අය්ය ආයෙමත් මගෙ කවියක් තෝරාගත්තට...
      ජයෙන් ජයම වේවා

      Delete
    6. ඒකෙනෙ නේද දිලිනියො...
      ඇත්තටම ඒක නං අපූරු වැඩක්

      Delete
  3. Replies
    1. බල්ලට පොල්ලෙන් ගහනවා වගේ පට්ටම පට්ට සරළව කියන කවි ඇරෙන්න මේ දවස්වල මොළේට කිසි දෙයක් වැටෙන්නේ නැහැ සහෝ.
      ඒකයි පොඩි අකුරක් දෙකක් කොටලා මාරු උනේ.. හෙහ් හෙහ්

      Delete
    2. ඇවිත් කියෙව්වනම් ඒකෙන් සතුටටක් ලැබුව නම්
      ඊට වඩා වෙන සතුටක් මට නෑ සහෝ...
      ඒ තරං හිතන්න එපා.............

      Delete
  4. රිදෙන හිත පිරි මදින්නට
    හිත කියන කවි අසන්නට
    පමා වෙන්නට පෙර සැදෑවට
    ඒවි ඉක්මනින්ම ඔබ ලඟට .... :)

    ReplyDelete
    Replies
    1. ඈ ගිහින් දුර
      යළි නොඑන්නම
      ඒ වුණත් දවසක
      එනව නං මා ළගට
      ඒ තරං සතුටක් නෑ තවත් මට....

      ස්තූතියි තුශානි ජයවේවා

      Delete
  5. මේන් ආවා.....!!!!

    ReplyDelete
    Replies
    1. චෙෆා, ප්‍රා
      දෙකක් දාලා මුන් තුන් දෙනාට බනිමු.

      Delete
    2. @ නිමෝ එළ....
      විදා මොනවද බං ගියෙ....

      @ ඉවාන් අය්ය
      හා එහෙනං....

      @ මෙන්ඩ දෙකක් දාන්ටම ඕන නැති වෙයි තාම මූඩි පෑගුන ගමන් නේද...

      Delete
  6. නියමයි.අද පට්ට.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කටුසු
      ජයවේවා.........

      Delete
  7. එන්න පුළුවන් වේවා! :-) අපූරු යි කව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු පැතුමටත් අගය කලාටත්....
      ජයවේවා

      Delete
  8. ලස්සනයි අපූරුයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරිදු.............
      ජයවේවා

      Delete
  9. Replies
    1. කැමති කෙනෙක් ගැන හිතාගත්තට මගෙ තරහක් නෑ නෙව හිහි
      ජයවේවා

      Delete
  10. අපූරු නිසඳැසක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලේ...
      ජයවේවා

      Delete
  11. උඹ දැන් කම්මැලි වෙලා , කතාවක් ලියනේ මැ නෑ වගේ,

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත...
      කතා මහ ගොඩක් තියේ මග නවත්තපු ඒත් ලියන්න හිතෙන්නෙ නැති
      අනේ මංද බං ඉවාන් අය්යෙ

      Delete
  12. ගති.. පින්තූරේ මරු.. මට ඒකට කතාවල් ලියන්න හිතුනා..

    ReplyDelete
    Replies
    1. ලියන්ට ලියන්ට
      දිනේෂ් අය්ය ලීවොත් නං පට්ටෙට ලියයි

      Delete
  13. හොද පෙම් කවියක්.

    ReplyDelete
    Replies
    1. විරහ කවියක් හිහි
      ස්තූතියි අජිත් අය්ය

      Delete
  14. මා එනු ඇතැයි බලාගෙන
    අගුළු නොලූ දොර දුටිමි...

    පුයර සුවඳක් හෝ හමාගෙන
    එන්න ඇරි කවුළුව දුටිමි....

    ඔබ උන් කුටියේ දොරත්
    කවුළුවත් මගහරිමි..
    යලි පුයරද හරිමි.

    අන් මග ගියෙන් අප
    අහම්බෙන් වත් හමුනොවන්නට
    පරිස්සම් වෙමි,
    සුවඳින් හෝ
    ඔබ නොරිදවමි..



    ~~~ නපුරු කෙල්ල ~~~

    ReplyDelete
    Replies
    1. උපෙක්ෂගේ පිළිතුරු කවියත් ලස්සනයි.

      Delete
    2. මගහැර ගියත් නොපෙනෙන්නට
      දවසක දුටුවොතින් නුඹ දුරින් මගහැරිය වග
      බිදෙයි ඒදාට මේ හිත
      ආයෙමත් හදන්නට බැරි ලෙස.....

      අපූරුයි උපේක්ෂා..... ඇත්තටම ලස්සනයි....
      ජයෙන් ජයම වේවා.......

      උපේක්සත් හොද කවිකාරි නැද්ද අජිත් අය්ය
      හිහි

      Delete
  15. එනවා... දානවා... යනවා... ඇඩ්‍රස් නෑ ඊට පස්සෙ.
    මෙහෙමවත් එනවා මදෑ...

    ReplyDelete
    Replies
    1. ඒ හැටි නෙව මට ඉතිං කවදාවත් ඇඩ්ඩස් තිබ්බ පොරක් යැ...
      මදාවි නෝනෙ
      ජයවේවා

      Delete
  16. ඇවිත් ගියා ඔන්න.
    ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නව අවන්හල ට
      ස්තූතියි ප්‍රසන්න අය්ය ආයෙත් දවසක ගොඩ වැදෙන්න
      ජයෙන් ජයම වේවා

      Delete
  17. එල ද බ්‍රා.
    අපේ බුට් කාරයෝ ටික මේ නිසදැස දැක්කා නම් ගල් බෝතලයක් හලනවා උඔගේ කටේ ..ඔි යේස්.

    ReplyDelete
    Replies
    1. හිහි..................
      ස්තූතියි මෙන්ඩො බොක්කෙ කතාවක්.....
      ජයෙන් ජයම වේවා

      Delete
  18. රිදෙන ඔය හිත පිරිමදින්නට
    නිල් නෙතේ ලා රත මැකෙන්නට
    හනික විත් නුඹ මානයේ හිඳ
    වයමි වෙණ තත් හඬ මැකෙන්නට

    උරහිසේ මගෙ හිස හොවන්නට
    නෙතින් විතරක් රහස් කියනට
    පපුතුරේ හදගැස්ම අසනට
    හඳ එළියෙ සැඟවී මැවෙන්නද ?

    ReplyDelete
    Replies
    1. එහම වත් එනව නං
      නොනිද ඉන්නං නුඹ මැවෙන කං...........

      අපූරුයි දිලිනියො... පට්ට....
      ජයෙන් ජයම වේවා

      Delete
  19. Replies
    1. ඒක නෙව
      උඹව මේම වත් දකින්ට නෑ නෙව
      ඒකනෙ ලොකුම අප්සට් එක....
      සෙද්ද ලියපං හරිද තියනව වෙඩි.....
      හිහි
      ජයවේවා

      Delete
  20. ලස්සන වචන ටිකක්.... ඒවි ඒවි බලන් ඉන්නකො... :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුසී.....
      සුසී ගෙ පළමු ගොඩ වැදීම නේද මේ අවන්හල ට
      සාදරයෙන් පිළිගන්නව මෙහෙට....
      ජයවේවා

      Delete
  21. ට්‍රැෆික් එකට හිර වෙලා ඇති :D

    ReplyDelete
    Replies
    1. කියන්ට නං බෑ....
      හිහි
      :D :D :D :D

      Delete
  22. හරි ලස්සනයි මහේෂ්. උපේක්ෂට වගේ මගේ හැඟිම කවියෙන් කියන්නට බැරිව ලතවෙමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාරිකා...
      උත්සාහ කලොත් බැරි වෙන එකක් නෑ... ඒ නැතත් මේ ගොඩවැදෙන එක හරි මදෑ...
      ජයෙන් ජයම වේවා

      Delete
  23. Replies
    1. යන්න බැරිව හිරවුනේ එහෙම නෑ නෙව
      හිහි

      Delete
  24. Replies
    1. ඒනං කමන් නෑ....
      වෙන මොකුත් ඕන නෑ

      Delete
  25. අතුරු කතාවක්..

    එන්නම්.. පුරුදු ආදරය..
    දෙනවාද..
    පොකට් එකේ ගානිංවත්..
    ඩෙනිම් කලිසමේ දිස්නෙන්වත්.
    ඔලුවේ දාන ඇස් කණ්නාඩියෙන්වත්
    නාසෙ අඬවන විලවුන් සුවඳින්වත්
    නෙවෙයි..
    අර ඉස්සරම ඉස්සර වගේ
    හදවතින්.. පතුලෙන්ම..

    මේ ඔයාගෙම..

    ReplyDelete
  26. අපූරුයි කලණ යො...
    අපූරු පිළිතුරු කවියක්....
    ස්තූතියි ඈ....
    ඒකට උත්තරයක් දෙන්ට තරං නිදිහස් මනසක් නෑ කණගාටුයි ඒගැන...
    ජයෙන් ජයම වේවා...

    ඇයි යකෝ නොලියන්නෙ

    ReplyDelete
  27. බූට් මාසයට ගැලපෙන කයියක්...එන්න කියලා අපි කොච්චර කිව්වත් එයාලා නොඑන එක නොවැ පුරස්නෙ...

    ReplyDelete
    Replies
    1. එනව නං කොයිතරං හොදද...
      නැද්ද සිරා අය්යෙ
      ස්තූතියි ඇ....
      ජයෙන් ජයම වේවා

      Delete
  28. සිංදු ලියන්න එහෙම අදහසක් නැද්ද? හරිම ලස්සනයි හතට ඇවිත් තියෙන සිතිවිලි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අගය කලාට
      මං හිතන්නෙ තාම ඒ තත්වෙට එන්න තරං කල් වැඩී කියල...
      ජයවේවා

      Delete